බර්ලින්හි ඊජිප්තු කෞතුකාගාරය

විකිපීඩියා වෙතින්
(බර්ලිනයේ ඊජිප්තු කෞතුකාගාරය වෙතින් යළි-යොමු කරන ලදි)
නෙෆර්ටිටි උඩුකය මූර්තිය

බර්ලින්හි ඊජිප්තු‍ කෞතුකාගාරය (ජර්මන්: Ägyptisches Museum und Papyrussammlung) ලෝකයේ වඩාත් වැදගත් පුරාතන ඊජිප්තු පුරාවස්තූන් එකතු සඳහා නිවහන සපයයි. මෙම එකතුව න්‍යුවස් කෞතුකාගාරයේ කොටසකි.

ඉතිහාසය[සංස්කරණය]

කෞතුකාගාරය සම්භවය වූයේ 18වන සියවසේ ප්‍රෂියානු රජවරුන්ගේ රාජකීය කලා එකතුව ඇසුරෙනි.[1] ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ඩ්ට් විසින් ඊජිප්තු අංශයක් නිර්මාණය කළ යුතු බවට නිර්දේශ කළ අතර, 1828 IIIවන ෆ්‍රෙඩ්රික් විල්හෙල්ම් යටතේ පළමු පුරාවස්තු බර්ලිනයට රැගෙන එන ලදී. දෙවන ‍ලෝක යුද්ධයෙන් පසුව ඒ වනවිටත් දැඩිව හානියට පත්ව තිබූ කෞතුකාගාරය නැගෙනහිර සහ බටහිර බර්ලිනය අතර බෙදා වෙන්කරන ලදී. නමුත් ජර්මනිය යළිඒකාබද්ධ කිරීමට පසුව එයයළි එකතු විය.[1]

එකතුව[සංස්කරණය]

මෙහි එකතුවේ ඇතුළත් පුරාවස්තු අතර ක්‍රි.පූ. 4000 (පූර්වරාජවංශික යුගය) සිට රෝම පාලනය පැවති සමය දක්වා කාලයට අයත් අංග වේ. මින් බොහෝමයක් පුරාවස්තූන් අක්නාටන් (ක්‍රි.පූ. 1340 අවට) රාජ්‍ය සමයයට අයත් ය.[2]

ප්‍රදර්ශනයට තබා ඇති වඩාත් සුප්‍රකටම කෞතුක භාණ්ඩය නම් හොඳින් සංරක්ෂිත සහ විචිත්‍රවත් නෙෆර්ටිටි රැජිනගේ වර්ණාලේපිත උඩුකය මූර්තියයි. 2005දී මෙහි එකතුව චාර්ලට්න්බර්ග් සිට ඇල්ටෙස් කෞතුකාගාරය වෙත ගෙනගිය අතර, 2009 ඔක්තෝබර් මස එය බර්ලිනයේ කෞතුකාගාර දූපතේ ප්‍රතිසංස්කරණය කළ නියුවස් කෞතුකාගාරයේ යළි තැන්ප්ත කෙරිණි.

මේවාත් බලන්න[සංස්කරණය]

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 "Egyptian Museum and Papyrus Collection". Encyclopaedia Britannica. සම්ප්‍රවේශය 24 April 2010.
  2. "Egyptian Museum and Papyrus Collection". Staatliche Museen zu Berlin. සම්ප්‍රවේශය 24 April 2010.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Museum Island, Berlin ඛණ්ඩාංක: 52°31′13″N 13°23′52″E / 52.520239°N 13.397741°E / 52.520239; 13.397741