මහා රාජකීය බිරිඳ

විකිපීඩියා වෙතින්
M23N41
X1
wr
t
මහා රාජකීය බිරිඳ
රූපාක්ෂර වලින්
හට්ෂෙප්සුට් රැජින IIවන තුත්මෝස්ගේ මහා රාජකීය බිරිඳ වූවා ය. අනතුරුව ඇගේ සුළු පුත්‍රයා වූ IIIවන තුත්මෝස් වෙනුවෙන් අනුරාජයා ලෙස කටයුතු කළා ය. (බොස්ටන් ලලිත කලා කෞතුකාගාරය)

මහා රාජකීය බිරිඳ නැතහොත් රජුගේ ප්‍රධාන භාර්යාව (පුරාතන ඊජිප්තු: ḥmt nswt wrt) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ පාරාවෝවරයාගේ ප්‍රධාන භාර්යාව හැඳින්වීමට භාවිතා වූ යෙදුමයි. ඉහත යෙදුමම, සරල කොට මහා බිරිඳ යන ස්වරූපයෙන් අප්‍රිකාවේ නූතන රාජ්‍යවල රාජකීය බිසෝවරුන් හැඳින්වීමට ද යොදාගත හැක. (උදා: ස්වාසිලන්තයේ මැන්ට්ෆොම්බි ඩ්ලාමිනි, සූලු රජුගේ ප්‍රධාන බිසව).

හැඳින්වීම[සංස්කරණය]

පුරාතන ඊජිප්තුවරුන් බහුතරයක්ම පාහේ ඒක විවාහ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද, පාරාවෝවරයාට මහා රාජකීය බිරිඳට අමතරව සුළු භාර්යාවන් සහ උප භාර්යාවන් පත් කරගැනීමට හැකියාව තිබිණි. මෙම සම්ප්‍රදාය අනුව, පාරාවෝවරයාට පුරාතන රජවරුන්ගේ පිළිවෙත අනුගමනය කරමින් හිතවතුන්ගේ දියණියන් සමග උපාය මාර්ගික විවාහයන් සිදුකරගැනීමට හැකි විය.[1]

අතීතයේ පුරාතන ඊජිප්තුවේ අනුප්‍රාප්ති අනුපිළිවෙල රාජකීය කාන්තාවන් මගින් ඉදිරියට ගෙනගියේ යැයි විශ්වාස කෙරිණි. උරුමකාරිය පිළිබඳ මතය යනුවේන හැඳන්වුණු මෙම තර්කය 1980 දශකයේ සිට ප්‍රතික්ෂේප වූ අතර, එය වර්තමාන ඊජිප්තුවේදීන් විසින් පිළිගනු නොලැබේ.[2][3] එකල සිහසුන බොහෝවිට පාරාවෝවරයාගේ වැඩිමහල්ම ජීවත් වන පුත්‍රයාට හිමි වූ බව පෙනේ. මෙම උරුමකරුගේ මව සෑමවිටම මහා රාජකීය භාර්යාවක නොවිණි. නමුත් පුත්‍ර පාරාවෝවරයා සිංහාසනාරූඪ වූ පසු, රජුගේ මෑණියන්ට සෙසු පදවි නාමයන් සමග මහා රාජකීය භාර්යා නාමය පිරිනැමිය හැකි විය. මෙයට උදාහරණ ලෙස IIIවන තුත්මෝස්ගේ මව වූ ඉසෙට්,[4] IVවන තුත්මෝස්ගේ මව වූ ටියා[2] සහ IIIවන අමෙන්හොටෙප්ගේ මව වූ මුටෙම්වියා[5] වැන්නියන් දැක්විය හැක.

IIIවන සෙනුස්රෙට්ගේ ප්‍රධාන භාර්යාව වූ මෙරෙට්සෙගර් රැජින මෙම පදවි නාමය සහිතව හමුවන පළමු රැජිනිය වේ. එසේම සිය නාමය කාර්ටුෂයක සටහන් පළමු බිසව ද ඇය වේ.[6] කෙසේනමුත්, ඇය පිළිබඳ සඳහන් වන්නේ නව රාජධානි සමයේ ය.[7] එම නිසා මෙම පදවිය කාලව්‍යතික්‍රමයක් විය හැක. ඇතැම්විට මෙම පදවි නාමය ඉසිලූ පළමු තැනැත්තිය දෙවන අන්තර්මධ්‍ය යුගයේ නු‍බ්ඛාඑස් විය හැක.

මහා රාජකීය භාර්යාවන්ට ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරදුන් යුගයක් ලෙස හට්ෂෙප්සුට් රැජිනගේ යුගය හැඳින්විය හැක. ඇය ඇගේ අර්ධ-සොයුරා වූ IIවන තුත්මෝස්ගේ මහා රාජකීය භාර්යාව වූවා ය. මේ කාලයේම හට්ෂෙප්සුට් අමුන්ගේ දෙවියන්ගේ බිරිඳ (කාර්නැක්හි අමුන් දෙවොලේ ඉහළම ධුරය ඉසිලූ පූජකවරිය) යන පදවිය ද උසුලා ඇත. සිය සැමියාගේ මරණින් පසු, ඇය සිය සුළුපුත්‍රයාගේ කුඩා කාලයේ අනුරාජයා ලෙස කටයුතු කළා ය. මෙම සුළුපුත්‍රයා එකම පිරිමි උරුමකරු (ඉසෙට් හට උපන්) වූ අතර, පසුකලෙක IIIවන තුත්මෝස් ලෙස සිහසුනට පත් විය. ඔහු ඒ වන විට ඉතා ලාබාල වූ හෙයිව් හට්ෂෙප්සුට් පාරාවෝ ලෙස අභිෂේකවූවා ය. ඇය සාර්ථකව වසර ගණනාවක් පුරා පාලනය මෙහෙයවූවා ය. ‍ඇයට පෙර තවත් කාන්තාවන් ඊජිප්තුව පාලනය කොට තිබුණ ද, පාරාවෝ යන නාමය ආරූඪ කරගත්පළමු කාන්තාව ඇයයි. එයට හේතුව පාලකයා සඳහා යෙදුණු මෙම නව වදන දහඅටවන රාජවංශයට පෙර භාවිත වී නොතිබීමයි. පාරාවෝ බවට පත්වූ පසු, ඇය සිය දියණිය වූ නෙෆරුරේ, අමුන්ගේ දෙවියන්ගේ බිරිඳ ලෙස පත්කොට පූජකවරිය ධුරයෙහි කටයුතු ඇයට භාරකළා ය. ඇගේ දියණිය ඇතැම්විට IIIවන තුත්මෝස්ගේ මහා රාජකීය භාර්යාව වන්නට ඇත. නමුත් මෙම විවාහය සනාථ කෙරෙන පැහැදිළි සාධක හමු නොවේ.[8]

කුෂ් සහ පුරාතන අප්‍රිකාවේ ප්‍රධාන රාජ්‍යවල පාලකයින් බොහෝවිට සිය භාර්යාවන් ද ඉහත ක්‍රමයට සමාන ක්‍රමයකින් හැඩගස්වාගෙන තිබේ.

වර්තමාන මහා භාර්යාවන්[සංස්කරණය]

මහා භාර්යාවන් පත් කරගැනීමේ ක්‍රමය වර්තමානයෙහි ද දක්නට ලැබේ. වර්තමාන අප්‍රිකානු රාජකීයයන් සිය වඩාත් ජ්‍යෙෂ්ඨ බහු විවාහික භාර්යාවන් මහා භාර්යාව යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලබයි. සුලුවරුන්ගේ රැජිනට අමතරව, යොරුබාලන්තයේ වාර්ගික නායක ඉයාෆින් සහ ස්වාසිලන්තයේ අනාගත න්ඩ්ලොවුකාටි විසින් ද මෙම ධුරයන් භාවිත කරන බව පැවසේ.

උදාහරණ[සංස්කරණය]

මධ්‍ය රාජධානිය[සංස්කරණය]

රාජවංශය නම සැමියා සටහන්
12වන රාජවංශය මෙරෙට්සෙගර් සෙනුස්රෙට් III මෙම පදවි නාමය දක්නට ලැබෙන පළමු තැනැත්තියයි. නමුත් එය ඇගේ සමකාලීන මූලාශ්‍රවල නිශ්චිතව සඳහන් නොවේ.

දෙවන අන්තර්මධ්‍ය යුගය[සංස්කරණය]

රාජවංශය නම සැමියා සටහන්
13වන රාජවංශය නුබ්හොටෙප්ටි හොර්
13වන රාජවංශය නුබ්ඛාඑස් සොබෙක්හොටෙප් V, සොබෙක්හොටෙප් VI හෝ වහිබ්‍රේ ඉබියාවු
13වන රාජවංශය ඉනෙනි මෙර්නෙෆෙරේ අයි
13වන රාජවංශය නෙහිට් ? ස්කැරබ් මුද්‍රා දෙකකින් පමණක් හමුවේ.
13වන රාජවංශය සට්සොබෙක් ? තනි ස්කැරබ් මුද්‍රාවකින් පමණක් හමුවේ.
13වන රාජවංශය සතතොර් ? තනි ස්කැරබ් මුද්‍රාවකින් පමණක් හමුවේ. නාමයේ කියැවීම සම්පූර්ණයෙන් නිශ්චිත නැත.
16වන රාජවංශය මෙන්ටුහොටෙප් ඩ්ජෙහුටි
16වන රාජවංශය සිට්මුට් මෙන්ටුහොටෙප් VI (?)
17වන රාජවංශය නුබෙම්හට් සොබෙකෙම්සෆ් I
17වන රාජවංශය සොබෙකෙම්සෆ් නුබ්ඛෙපෙරේ ඉන්ටෙෆ් නොහඳුනන රජකුගේ සොයුරියකි. එඩ්ෆුහි භුමදානය කර තිබේ.
17වන රාජවංශය නුබ්ඛාඑස් සොබෙකෙම්සෆ් II
17වන රාජවංශය ටෙටිෂෙරි වැඩිමහල් Iවන ටාඕ අභීත IIවන ටාඕගේ මෑණියන් ය.
17වන රාජවංශය ආහොටෙප් I අභීත IIවන ටාඕ Iවන අහ්මෝස් සහ අහ්මෝස්-නෙෆටාරිගේ මෑණියන් ය.

නව රාජධානිය[සංස්කරණය]

රාජවංශය නම සැමියා සටහන්
18වන රාජවංශය අහ්මෝස්-නෙෆටාරි අහ්මෝස් I Iවන අමෙන්හොටෙප් සහ අහ්මෝස්-මෙරිටාමොන්ගේ මෑණියන් ය.
18වන රාජවංශය සිට්කාමෝස් අහ්මෝස් I (?)
18වන රාජවංශය අහ්මෝස්‍-හෙනුට්ටමෙහු අහ්මෝස් I (?) ඉන්හාපි රැජිනගේ දියණියයි.
18වන රාජවංශය අහ්මෝස්-මෙරිටාමොන් අමෙන්හොටෙප් I
18වන රාජවංශය අහ්මෝස් තුත්මෝස් I හට්ෂෙප්සුට් රැජිනගේ මෑණියන් ය.
18වන රාජවංශය හට්ෂෙප්සුට් තුත්මෝස් II ඇගේ පියා වූ Iවන තුත්මෝස්ගේ දෙවන මහා රාජකීය භාර්යාවයි.[තහවුරු කර නොමැත] පසුව පාරාවෝවරිය බවට පත් ඇය සිය දියණිය වූ නෙෆරුරේ මහා රාජකීය භාර්යාව ලෙස පත්කළා ය.
18වන රාජවංශය ඉසෙට් තුත්මෝස් II ඇගේ පුත්‍රයා වූ IIIවන තුත්මෝස් විසින් මෙම පදවි නාමය පිරිනමන ලදී.
18වන රාජවංශය නෙෆරුරේ (?) තුත්මෝස් III ඔවුන්ගේ විවාහය පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු නොවේ.
18වන රාජවංශය සාටියා තුත්මෝස් III
18වන රාජවංශය මෙරිට්‍රේ-හට්ෂෙප්සුට් තුත්මෝස් III IIවන අමෙන්හොටෙප්ගේ මෑණියන් ය.
18වන රාජවංශය ටියා අමෙන්හොටෙප් II ඇගේ සැමියාගේ මරණින් පසු ඇගේ පුත්‍රයා වූ IVවන තුත්මෝස් විසින් මෙම පදවි නාමය පිරිනමන ලදී. සිය කිසිදු භාර්යාවකගේ නම් වාර්තා නොකිරීමෙන් IIවන අමෙන්හොටෙප් රාජකීය පෙළපත බිඳ දැමීමට උත්සාහ දරා ඇත. එම භාර්යාවන් රාජකීයයන් නොවන්නට ඇත. ටියාගේ නාමය පමණක් හමුවන්නේ පසුව ඇගේ පුත්‍රයාගේ වාර්තාවකිනි‍.
18වන රාජවංශය නෙෆටාරි තුත්මෝස් IV
18වන රාජවංශය ඉයාරෙට් තුත්මෝස් IV
18වන රාජවංශය ටෙනෙට්ටෙපිහු තුත්මෝස් IV? ෂැබ්ටි සහ අවමංගල ප්‍රතිමාවකින් හඳුනාගැනිණි. IVවන තුත්මෝස්ගේ කාලයට අයත් යැයි නිර්ණය කෙරේ?
18වන රාජවංශය මුටෙම්වියා තුත්මෝස් IV ඇගේ සැමියාගේ මරණින් පසු ඇගේ පුත්‍රයා වූ IIIවන අමෙන්හොටෙප් විසින් මෙම පදවි නාමය පිරිනමන ලදී.
18වන රාජවංශය ටියේ අමෙන්හොටෙප් III අක්නාටන්ගේ මෑණියන් ය.
18වන රාජවංශය සිටාමුන් අමෙන්හොටෙප් III IIIවන අමෙන්හොටෙප් සහ ටියේගේ වැඩිමහල් දියණියයි.
18වන රාජවංශය ඉසෙට් අමෙන්හොටෙප් III IIIවන අමෙන්හොටෙප් සහ ටියේගේ දියණියයි.
18වන රාජවංශය නෙබෙට්නෙහට් හඳුනාගෙන නැත කැනපික කැබලි අතර කාර්ටුෂයකින් ඇය පිළිබඳ අනාවරණය විය. 18වන රාජවංශයේ මැද සිට අග කාලය දක්වා කාලය තුළ ජීවත් වී ඇත.
18වන රාජවංශය නෙෆර්ටිටි අක්නාටන් මෙරිටාටන් සහ අන්ඛෙසෙනමුන්ගේ මෑණියන් ය. ආයිගේ දියණියක විය හැක.
18වන රාජවංශය මෙරිටාටන් ස්මෙන්ඛ්කරේ අක්නාටන් සහ නෙෆර්ටිටිගේ දියණියයි.
18වන රාජවංශය අන්ඛෙසෙනමෙන් ටූටන්ඛාමෙන් අක්නාටන් සහ නෙෆර්ටිටිගේ දියණියයි.
18වන රාජවංශය ටෙයි ආයි
18වන රාජවංශය මුට්නෙඩ්ජ්මෙට් හොරෙම්හෙබ් ආයි සහ ටෙයිගේ දියණිය විය හැක.
19වන රාජවංශය සිට්රේ රැම්සෙස් I Iවන සෙටිගේ මෑණියන් ය.
19වන රාජවංශය ටුයා සෙටි I IIවන රැම්සෙස්ගේ මෑණියන් ය.
19වන රාජවංශය නෙෆටාරි රැම්සෙස් II
19වන රාජවංශය ඉසෙට්නොෆ්‍රෙට් රැම්සෙස් II මෙරෙන්ප්ටාහ්ගේ මෑණියන් ය.
19වන රාජවංශය බින්ටනැත් රැම්සෙස් II IIවන රැම්සෙස් සහ ඉසෙට්නොෆ්‍රෙට්ගේ වැඩිමහල් දියණියයි.
19වන රාජවංශය මෙරිටාමෙන් රැම්සෙස් II IIවන රැම්සෙස් සහ නෙෆටාරිගේ දියණියයි.
19වන රාජවංශය නෙබෙට්ටාවි රැම්සෙස් II IIවන රැම්සෙස් සහ නෙෆටාරිගේ දියණියයි.
19වන රාජවංශය හෙනුට්මිරේ රැම්සෙස් II IIවන රැම්සෙස්ගේ සොයුරියක හෝ දියණියකි.
19වන රාජවංශය මාට්හොර්නෙෆරුරේ රැම්සෙස් II හිටයිට් කුමරියකි.
19වන රාජවංශය ඉසෙට්නොෆ්‍රෙට් II මෙරෙන්ප්ටාහ් ඇගේ සැමියාගේ සොයුරියක හෝ ලේලියක විය හැක.
19වන රාජවංශය ටවොස්රෙට් සෙටි II පසුකාලීනව පාරාවෝ බවට පත්වූවා ය.
19වන රාජවංශය ටඛට් සෙටි II? IIවන සෙටිගේ භාර්යාව ලෙස (අයත් කරගත්) ප්‍රතිමාවක දක්වා ඇත. ඇතැම්විට අමෙන්මෙසේගේ මව විය හැක?
20වන රාජවංශය ටියේ-මෙරෙනිසෙට් සෙට්නැඛ්ටේ IIIවන රැම්සෙස්ගේ මෑණියන් ය.
20වන රාජවංශය ඉසෙට් ටා-හෙම්ඩ්ජෙර්ට් රැම්සෙස් III IVවන රැම්සෙස් සහ VIවන රැම්සෙස්ගේ මෑණියන් ය.
20වන රාජවංශය හෙනුට්වැටි රැම්සෙස් V විල්බර් පැපිරසයේ සඳහන් රැජිනකි.
20වන රාජවංශය නුබ්ඛෙස්බෙඩ් රැම්සෙස් V පසුව අමුන්ගේ දෙවියන්ගේ බිරිඳ බවට පත් අයිසිස් කුමරියගේ මෑණියන් ය.
20වන රාජවංශය බැකෙට්වෙර්නෙල් රැම්සෙස් IX
20වන රාජවංශය ටයිටි රැම්සෙස් X Xවන රැම්සෙස්ගේ භාර්යාවක් විය හැක. QV52 සොහොන්ගැබේ භූමදානය කොට තිබේ.
20වන රාජවංශය අනුකෙටෙම්හෙබ් නොදනී KV10 සොහොන්ගැබේ ටඛට් රැජිනගේ භාවිතයට ගැනුණු මිනීපෙට්ටියේ සහ කැනපික බුජම්වල මුල් අයිතිකාරියයි. 19වන හෝ 20වන රාජවංශයේ විසූ රැජිනකි.

තෙවන අන්තර්මධ්‍ය යුගය[සංස්කරණය]

රාජවංශය නම සැමියා සටහන්
21වන රාජවංශය නොඩ්ජ්මෙට් හෙරිහොර් Iවන පිනෙඩ්ජෙම්ගේ මෑණියන් විය හැක.
21වන රාජවංශය මුට්නෙඩ්ජ්මෙට් ප්සුසෙන්නස් I
23වන රාජවංශය කරෝමමා ටැකෙලොට් II IIIවන ඔසොර්කොන්ගේ මෑණියන් ය.
25වන රාජවංශය ඛෙන්සා පියේ
25වන රාජවංශය පෙක්සාටර් පියේ
25වන රාජවංශය ටකහටෙනමුන් ටහර්කා
25වන රාජවංශය ඉසෙටෙම්ඛෙබ් ටනුටාමොන්

පසුකාලීන යුගය[සංස්කරණය]

රාජවංශය නම සැමියා සටහන්
26වන රාජවංශය මෙහිටන්වෙස්ඛෙට් ප්සාම්ටික් I IIවන නෙචෝගේ මෑණියන් ය.
26වන රාජවංශය ටක්හුයිට් ප්සාම්ටික් II වහිබ්‍රේගේ මෑණියන් ය.

මේවාත් බලන්න[සංස්කරණය]

IIවන රැම්සෙස්ගේ මහා රාජකීය භාර්යාව වූ නෙෆටාරි රැජිනගේ රුවක්; මෙය ඔහු විසින් ඉදිකළ අබු සිම්බල්හි දක්නට ලැබේ. මෙහි ඇය සිස්ට්‍රමයක් සහ පූජනීය නෙළුම් මලක් දරා සිටියි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ෂෝව්, ගැරී ජේ.; ද ෆේරෝ, ලයිෆ් ඇට් කෝට් ඇන්ඩ් ඔන් කැම්පේන්, තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2012, පි. 48, 91-94.
  2. 2.0 2.1 ඕ'කොනර් සහ ක්ලයින් (සංස්කාරකවරුන්); අමෙන්හොටෙප් III: පර්ස්පෙක්ටිව්ස් ඔන් හිස් රීන්, පිටු 6
  3. ජී. රොබින්ස්; අ ක්‍රිටිකල් එක්සැමිනේෂන් ඔෆ් ද තියරි දැට් රයිට් ටු ද ත්‍රෝන් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ට් පාස්ඩ් තෲ ද ෆීමේල් ලයින් ඉන් ද එයිටීන්ත් ඩයිනාස්ටි. GM 62: පිටු 67-77
  4. ඕ'කොනර් සහ ක්ලයින්; තුත්මෝස් III: අ නිව් බයෝග්‍රැෆි,2006
  5. ජොඈන් ෆ්ලෙචර්: ඊජිප්ට්'ස් සන් කිං – අමෙන්හොටෙප් III (ඩන්කන් බෙයාර්ඩ් ප්‍රකාශකයෝ, ලන්ඩන්, 2000) ISBN 1-900131-09-9, පි. 167
  6. ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන්: ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2004, ISBN 0-500-05128-3, පිටු. 25-26
  7. එල්. හෝල්ඩ්න්; තුළ: ඊජිප්ට්'ස් ගෝල්ඩන් ඒජ්: ද ආට් ඔෆ් ලිවිං ඉන් ද නිව් කිංඩම්; 1558-1085 B.C., බොස්ටන් 1982, S. 302f.
  8. ටිල්ඩෙස්ලි; ක්රෝනිකල් ඔෆ් ද ක්වීන්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්; පිටු. 110

සැකිල්ල:Ancient Egyptian royal titulary

"https://si.wikipedia.org/w/index.php?title=මහා_රාජකීය_බිරිඳ&oldid=414788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි