හට්ෂෙප්සුට්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හට්ෂෙප්සුට් (/hætˈʃɛpsʊt/;[4] හෙවත් හට්චෙප්සුට්; අරුත වංශවත් කතුන් අතර ප්‍රමුඛ තැනැත්තිය;[5] ක්‍රි.පූ. 1508–1458)[6] යනු ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ පස්වැනි පාරාවෝවරයායි. ඇය ඓතිහාසිකව සනාථ කළ දෙවන පාරාවෝවරිය ද වේ. පළමුවැන්නිය සොබෙක්නෙෆරු නැමැත්තියයි. (හට්ෂෙප්සුට් රැජිනට පෙර තවත් බොහෝ කාන්තාවන් ද පාරාවෝ ලෙස රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි පැවසේ. ඇයට වර්ෂ 1500කට පමණ පෙර සිටි මර්නීත් ද එවැන්නියකි.) ඇය වර්ෂ 22ක් පුරාවට රාජ්‍ය පාලනය සිදුකළා ය. නිල වශයෙන් ඇය දෙවන වියේදී රජකමට පත්කෙරුණු ළදරුවකු වූ IIIවන තුත්මෝස් සමග හවුල් පාලනයක් ගෙනගියා ය. හට්ෂෙප්සුට් යනු IIIවන තුත්මෝස්ගේ පියා වූ IIවන තුත්මෝස්ගේ ප්‍රධාන බිසවයි. ඊජිප්තුවේදීන් පවසන පරිදි ඇය ඊජිප්තුවේ වඩාත් සාර්ථකම පාරාවෝවරුන් අතරින් අයෙකි.[7] ඇය දේශිය ඊජිප්තු රාජවංශයක වැඩිම කලක් රාජ්‍ය පාලනය කළ කාන්තාව ද වේ. ඊජිප්තුවේදියකු වූ ජේම්ස් හෙන්රි බ්‍රෙස්ටඩ්ට අනුව, "අප දන්නා ඉතිහාසයේ හමුවන පළමු ශ්‍රේෂ්ඨතම කාන්තාව ඇය" ලෙස හඳුන්වා ඇත.[8]

මුල්කාලීන දිවිය සහ විවාහය[සංස්කරණය]

ක්‍රි.පූ. 1508 අවට කාලයේ උපන් හට්ෂෙප්සුට්, Iවන තුත්මෝස් සහ ඔහුගේ ප්‍රධාන බිසව වූ අහ්මෝස්ගේ දියණිය විය. ඇය මුලින් කාර්නැක්හි ජීවත් වූ අතර, පසුව අධිරාජ්‍යයේ අගනුවර වූ තීබ්ස්හි ජීවත්වූවා ය. පීටර් රොබර්ට්ස් අදහස් දක්වන්නේ ඇගේ ළමාවිය ඇගේ පියාගේ යුධ ව්‍යාපාර මාලාවක් මධ්‍යයේ යුධමය පසුබිමක ගෙවෙන්නට ඇති බවයි.[9]

ඇගේ සැමියා වූ IIවන තුත්මෝස්, Iවන තුත්මෝස්ට දාව ඔහුගේ දෙවන බිසව වූ මුට්නොෆ්‍රෙට්ට උපන් පුත්‍රයා විය. මුට්නොෆ්‍රෙට් රජුගේ දියණිය යන නාමය ඉසිලූ අතර, ඇය ඇතැම්විට Iවන අහ්මෝස්ගේ දියණියක වන්ට ඇත. රොබර්ට් පවසන්නේ IIවන තුත්මෝස් රාජකීය කුමරියකගේ පුත්‍රයකු නොවූ බවත්, ඔහුගේ රාජ්‍යත්වය නීත්‍යානුකූල එකක් බවට පත්කිරීම සඳහා ඔහු හට්ෂෙප්සුට් සමග විවාහ වූ බවත් ය.[10] හට්ෂෙප්සුට් සහ IIවන තුත්මෝස්ට නෙෆරුරේ නැමැති දියණියක ද විය. IIවන තුත්මෝස් හා ඔහුගේ දෙවන බිසව වූ ඉසෙට්ගේ පුත්‍රයායි IIIවන තුත්මෝස්.

ගොනුව:G2996.jpg
සෙනෙන්මුට්, හට්ෂෙප්සුට් සමග රමණයේ යෙදෙන අයුරු නිරූපණය වේ යැයි විශ්වාස කෙරෙන කටුසටහනක්[11] මෙහි මෛථුන්‍යයට ලක්වන තැනැත්තිය (nkkw) ඇයයි. මෙහි ඇය දුර්වල සහ පිරිමියකු මෙල්ල කරගැනීමට අපොහොසත් අයුරින් දක්වා ඇත. මෙම සම්බන්ධතාවයේ පැවැත්ම අදටත් මතභේදාත්මක ය: සෙනෙන්මුට් අවිවාහක, දරුවන් නොමැති අයකු සේ නිරූපණය වේ. ඔහු සිය ගෙබෙල් එල් සිල්සිලා දෙවො‍ලේ සිය බිරිඳගේ ස්ථානය (ඔහුට බිරිඳක් සිටියේ නම්) හට්ෂෙප්සුට්ගේ රූ වලින් සරසා ඇත.[12]

ඇමරිකානු හාස්‍යෝත්පාදක පුද්ගලයකු වූ විල් කපි හට්ෂෙප්සුට් පිළිබඳ රචනයක් ලියූ අතර, එය ඔහුගේ මරණින් පසු ද ඩික්ලයින් ඇන්ඩ් ෆෝල් ඔෆ් ප්‍රැක්ටිකලි එව්රිබොඩි ග්‍රන්ථයෙහි ප්‍රකාශයට පත් විය. ඇගේ බිතු ලේඛනයක් පිළිබඳ සලකා ඔහු ලියා ඇත්තේ,

ඇගේ වෘත්තියෙහි එක් අවධියක දී හට්ෂෙප්සුට්ගේ සාමාන්‍ය ස්වරූපය පිළිබඳ අදහසක් ලබාගැනීමට අප මෙම බිතු ලේඛනය උපකාර කොට ගෙන ඇත. එහි සඳහන් වන්නේ "ඇය දෙස බැලීම සෑමදෙයකටම වඩා අලංකාර ය; ඇගේ අසිරිය සහ ඇගේ ස්වරූපය දිව්‍යමය එකකි." යනුවෙනි. ඇතැමුන් සිතූයේ එමගින් නිරූපණය වන්නේ පාරාවෝවරිය පනස්වියේ පසු වූ දැඩි තැනැත්තියක වන්නට ඇති බවයි. එමගින් ඇයට වසර තිස්-පහක් ආපස්සට සිදු වූ සිදුවීම්, IIවන තුත්මෝස් සමග විවාහ වූ අයුරු ආදිය පමණක්ම නිරූපණය නොවන බවයි. "රූමත්, සමෘද්ධිමත් තරුණියකි ඇය" යනුවෙන් රූපාක්ෂර දිවෙයි. අපට ඒ පිළිබඳ සැක කිරීමට හේතුවක් නැත. ක්‍රි.පූ. 1515දී යමකු දිස් වූ ආකාරය ලෝකයට පැවසීමෙන් සැබැවින්ම හානියක් සිදු නොවේ.[13]

‍ඩේවිඩ් ඩබ්. ‍ඩෙල් ටෙස්ටා අනුව, ඇගේ විශ්වාසවන්තම නිලධාරියා වූ සෙනෙන්මුට් හට්ෂෙප්සුට්ගේ පෙම්වතා වන්නට ඇත. ඔහු තමන්ව රජකු කරන මෙන් ඇයට බලපෑම් කළ අතර, නාමික රජකු වීමට අවශ්‍ය විය. 1465දී, ඇයගේ ඔහු කෙරෙහි තිබූ ප්‍රේමය හදිසියේම කෙළවර වූයේ ඇගේ සොහොන්ගැබෙහි ඇතුළු ද්වාරවල ඇගේ නාමය වෙනුවට ඔහුගේ නාමය යොදා ඇති බව දැනගැනීමෙන් පසුවයි.[14] නමුත් බ්‍රැඩ්ලි පවසන්නේ ඇය විසින් ඇගේ දේවස්ථානයේ ඔහුගේ නම කෙටීමට අවසර දුන් බවත්, ඇයගේ සොහොනට සහ ඇගේ රාජකීය මීනීපෙට්ටියට සමාන අයුරින් සොහොන්ගැබක් සහ මිනීපෙට්ටියක් ඔහුට සාදාගැනීමට අවසර ලබා දී ඇති බවටත්, සාධක ඇති බවයි.[15] ඒඩ්‍රියන් කේර් පවසන පරිදි සෙනෙන්මුට්ගේ බලපෑම ක්‍රමයෙන් හීනවීමට හේතුව හට්ෂෙප්සුට්ගේ දියණිය වූ නෙෆරුරේගේ මරණයයි. (සෙනෙන්මුට් එම දැරියගේ ගුරුවරයා වූ අතර, ඇතැම් කතුවරුන් දක්වන්නේ ඔහු දැරියගේ පියා වන්නට ඇති බවයි.[16][17])


රාජ්‍ය සමය[සංස්කරණය]

සෙසු රටවල් සමග වෙළඳාම යළි ස්ථාපිත කෙරිණි; මෙහි පුන්ට් දේශයේ නැවකින් ප්‍රවාහනය කෙරුණු ගස් ඊජිප්තුවේ රෝපණය කිරීම සඳහා වෙරළට රැගෙන එන අයුරු නිරූපණය වේ—හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානයේ ඇති උන්නත කැටයමකි

ඇගේ රාජ්‍ය සමය හා සමකාලීන ඓතිහාසික මූලාශ්‍රවල ඇය පිළිබඳ වෙනස් වාර්තා අන්තර්ගත වුවත්, මුල්කාලීන නූතන විද්වතුන් සැලකූයේ ක්‍රි.පූ. 1479 සිට 1458 දක්වා ආසන්න කාලයේ හට්ෂෙප්සුට් උපරාජයකු ලෙස පමණක් සිටින්නට ඇති බවයි. ඇගේ රාජ්‍ය සමයේ හත්වන සිට විසි එක්වන වර්ෂය දක්වා කාලය මුලින් හඳුනාගෙන තිබුණේ IIIවන තුත්මෝස්ගේ රාජ්‍ය සමය ලෙසයි.[18] නමුත් වර්තමාන ඊජිප්තුවේදීන් එකඟ වී ඇත්තේ හට්ෂෙප්සුට් පාරාවෝ තනතුරට පත්ව ඇති බවයි.[19][20]

පුරාතන කතුවරුන් විසින් හට්ෂෙප්සුට් රැජිනට වසර 22ක රාජ්‍ය කාලයක් පැවති බව සඳහන් කොට ඇත. ජොසෆස් සහ ජුලියස් ඇෆ්රිකානස් යන දෙදෙනාම මැනතෝහි රජුන්ගේ ලැයිස්තුවෙහි සඳහන් ඇමසිස් හෙවත් අමෙන්සිස් යන කාන්තාව (පාඨය අනුව) හට්ෂෙප්සුට් බව හඳුනාගෙන ඇත. ජොසෆස්ගේ කෘතියෙහි ඇගේ රාජ්‍ය සමය වර්ෂ 21ක් සහ මාස නවයක් බව සඳහන් වේ.[21] නමුත් ඇෆ්රිකානස් පවසන්නේ එය වර්ෂ විසිදෙකක් බවයි. ඉතිහාසයේ වාර්තා අනුව අනතුරුව හට්ෂෙප්සුට් යුගයේ අවසානය සනිටුහන් වන බව පැවසෙන්නේ IIIවන තුත්මෝස්ගේ 22වන වර්ෂයේ පළමු විදේශ යුධව්‍යාපාරය සිදු වූ කාලයේයි. මෙය පාරාවෝ ලෙස හට්ෂෙප්සුට්ගේ ද 22වන වර්ෂය වන්නට ඇත.[22]

ඇගේ රාජ්‍ය සමයේ ආරම්භය කාලනිර්ණය කිරීම බෙහෙවින් අපහසු කටයුත්තකි. ඇගේ රාජ්‍ය සමය පිළිබඳ දිගු සහ කෙටි අනුමාන කිරීම් අනුව ඇගේ පියාගේ රාජ්‍ය සමය පිළිවෙලින් ක්‍රි.පූ. 1526 හෝ 1506 යන දෙකෙන් එකක දී ආරම්භවන්නට ඇත.[23] Iවන තුත්මොසිස් සහ IIවන තුත්මොසිස්ගේ රාජ්‍ය සමයන් ද නිශ්චිතව නිර්ණය කිරීම අපහසු ය. කෙටි රාජ්‍ය සමය පිළිබඳ මතයට අනුව, හට්ෂෙප්සුට් සිය පියා වූ Iවන තුත්මොසිස්ගේ සිංහාසනාරූඪයෙන් වර්ෂ 14කට පසු සිහසුනට පත්වන්නට ඇත.[24] දිගු රාජ්‍ය වර්ෂ අනුව ඇගේ බලයට පත්වීම Iවන තුත්මොසිස්ගේ සිංහාසනාරූඪයෙන් වර්ෂ 25කට පසුව සිදු වූ බව පැවසේ.[23] මේ අනුව හට්ෂෙප්සුට් ක්‍රි.පූ. 1512 වැනි මුල්කාලයක දී හෝ ක්‍රි.පූ. 1479 වැනි පසුකාලයක දී බලයට පත්වන්නට ඇත.

හට්ෂෙප්සුට් පාරාවෝවරිය ලෙස කටයුතු කළ බවට මුල්ම සාක්ෂිය රාමෝස් සහ හැට්නොෆර් යන්නවුන්ගේ සොහොන්ගැබ්වලින් ලැබේ. මේවායේ සොහොන් කුටීරය තුළින් තනි මැටි බඳුනක් හෝ බුජමක් වැනි අවමංගල භාණ්ඩ හමු වී ඇත.—මේවායේ දිනය වර්ෂය 7 යනුවෙන් සටහන් කොට ඇත.[25] එම සොහොනෙන්ම ලැබුණු තවත් බුජමක—1935-36 මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ගවේෂණයකදී තීබ්ස් අසල කඳුකර පෙදෙසකින් හමු වූ—"දෙවියන්ගේ බිරිඳ හට්ෂෙප්සුට්" යනුවෙන් මුද්‍රාවක් සහිත වූ අතර, තවත් බුජම් දෙකක යහපත් දෙවඟන මාට්කරේ යන මුද්‍රාව ද දැකගත හැකි විය.[26] මේ අතුරින් "සෙනෙන්මුට්ගේ සොහොන්ගැබේ සුන්බුන් අතරින් [සොහොන්ගැබේ] භූමදාන කුටීරය තුළට මුද්‍රා තැබූ" බුජම පිළිබඳ සැකයක් නොමැති අතර, එහි සඳහන් පරිදි හට්ෂෙප්සුට් සඳහන් කොට ඇත්තේ රජකු ලෙස ඒත්තු ගැන්වෙන පරිදි බවත්, රැජිනක් ලෙස නොවන බවත් ය. එහි ඇගේ ඊජිප්තුවේ 7වන රාජ්‍ය වර්ෂය නිරූපණය වේ.[26]

ප්‍රධාන කාර්යභාරයන්[සංස්කරණය]

වෙළඳ මාර්ග ස්ථාපනය සහ යුධ ව්‍යාපාර[සංස්කරණය]

හට්ෂෙප්සුට් දේවස්ථානය ඉදිරිපස ඇති ගසක්, හට්ෂෙප්සුට්ගේ ගවේෂණය අනුව පුන්ට් දේශයෙන් රැගෙන ආ බව පැවසෙන මෙය ඇගේ දේවස්ථාන බිත්තිවල ද කැටයම් කොට ඇත

දෙවන අන්තර්මධ්‍ය යුගයේ දී හික්සොස් බලපෑම හේතුවෙන් විනාශ වී තිබූ වෙළඳ ජාලයන් යළි ස්ථාපිත කළ හට්ෂෙප්සුට් රැජින දහඅටවන රාජවංශය ධනය අතින් සමෘද්ධිමත් කළා ය. පුන්ට් දේශය වෙත දූතගමන් සඳහා අනුග්‍රහ දැක්වූවා ය. මෙම පුන්ට් වෙත වූ වෙළඳ ගවේෂණ හට්ෂෙප්සුට්ගේ නවවන රාජ්‍ය වර්ෂයේ දී සිදුවන්නට ඇතැයි දළ වශයෙන් අනුමාන කෙරේ. ඇගේ නාමය යටතේ එහිදී නැව් පහක් පිටත් කරහැරුණු අතර, ඒ සෑම එකක්ම අඩි 70ක් දිගැති (21 m) රුවල්වලින්වලින් යුත් අතර, නාවිකයින් සහ පදවන්නන් 30කින් ද, මිනිසුන් 210කින් යුක්ත විය. බොහෝ වෙළඳ භාණ්ඩ පුන්ට්වලින් මිලදී ගැනුණු අතර, ඒ අතර කට්ටකුමංජල් සහ සුවඳ ලාටු වර්ග වැදගත් විය.

හට්ෂෙප්සුට්ගේ නියෝජිතයින් පුන්ට් සිට පැමිණියේ ලාටු නිපදවීමට යොදාගන්නා සජීවී කලුවැල් ගස් 31ක් රැගෙන ය. චාරිකාවේ දී ඔවුන් ඒවායේ මුල් ප්‍රවේශමෙන් භාජනයක බහා රැගෙනවිත් තිබිණි. විදේශීය ශාක රෝපණයට ගත් ලොව ප්‍රථම උත්සාහය ලෙස මෙය සැලකේ. හට්ෂෙප්සුට් විසින් මෙම ශාක ඇගේ මතකාගාර දේවස්ථාන සංකීර්ණයේ අංගනයේ රෝපණය කළ බව වාර්තා වේ. මීට අමතරව ඊජිප්තුවරුන් පුන්ට් දේශයෙන් ත්‍යාග ද රැගෙන ආ අතර ඒ අතර කට්ටකුමංජල් ද විය.[27] හට්ෂෙප්සුට් මෙම කට්ටකුමංජල් දවා අඹරා ඇස්වල තවරන අඳුන් සකස් කරවා ගත්තා ය. මෙම රෙසිනය භාවිත කළ ආකාරය පිළිබඳ පළමු වාර්තාව මෙයයි.[28]

හට්ෂෙප්සුට්ගේ මෙම ගවේෂණය ඩේර් එල්-බහ්රිහි කැටයම්වල නිරූපණය කොට ඇත. එසේම මේ අතර පුන්ට් දේශයේ රැජින වූ, අටි රැජින තාත්වික අයුරින් නිරූපණය කොට ඇත.[29] මෙහි පුන්ටියානු රැජින සාපේක්ෂව උස අයුරින් දක්වා ඇති අතර, මුහුණේ සෙමිටික් ලක්ෂණ දක්නට ඇත. ඇගේ දේහලක්ෂණ සමානුපාතික අයුරින් නිරූපණය කොට ඇති අතර, විශාල පයෝධර සහ සිරුර මේද තට්ටු සහිතව දක්වා ඇත. ඇගේ පසුභාගයෙහි ඇති මේද සංචිත අනුව, ඇයට මේදාතීසාරය වැනි රෝගයක් පවතින්නට ඇතැයි කල්පිතයන් පවතී. කෙසේනමුත්, ව්‍යාධිවේදී මාක් ආර්මන්ඩ් රෆර් පවසන්නේ මේදාතීසාරයෙන් (steatopygia) පෙළෙන කාන්තාවකගේ මූලික ලක්ෂණ වන තට්ටම් පෙදෙස් සහ කලවා පෙදෙස්වල අසමානුපාතික ප්‍රමාණය අටි කෙරෙන් දක්නට නොලැබෙන බවයි. ඒ වෙනුවට ඇය විශාල උඩුකුදයකින් හෝ කශේරුවේ පහළ කොටසේ වක්වීමක් නිසා ඇති වූ සාමාන්‍ය ස්ථූලතාවයකින් පෙළෙන්නට ඇති බව පැවසේ.[30]

පුන්ට් ගවේෂණයෙන් මඳකලකට පසු හට්ෂෙප්සුට් බිබ්ලොස් සහ සිනායි වෙත ආක්‍රමණ දියත්කළා ය. මේ ආක්‍රමණ පිළිබඳ ඇත්තේ තොරතුරු ස්වල්පයකි. බොහෝ ඊජිප්තුවේදීන් පවසා ඇති පරිදි, ඇගේ විදේශ ප්‍රතිපත්ති බොහෝදුරට සාමකාමී නමුත්,[29] ඇය නුබියාවට සහ කනාන් පෙදෙස්වලට එරෙහිව යුධ ව්‍යාපාර මෙහෙයවූ බවට සාක්ෂි ඇත.[31] පළමු නුබියානු යුධ ව්‍යාපාරය හට්ෂෙප්සුට් විසින් පෞද්ගලිකවම මෙහෙයවූ අතර, මමේ පිළිබඳ ඇගේ භාණ්ඩාගාරිකයා වූ ටිය් විසින් නිර්මාණය කළ පුවරු ලිපියක ඇයව පිරිමි මෙන්ම කාන්තා ස්වරූපයෙන් ද යුක්තව සඳහන් කොට ඇත:[32]

මා විසින් අනුගමනය කළ යහපත් දෙවි, ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ මාට්-කා-රේ [හට්ෂෙප්සුට්] ඇය වැජඹේවා! ඇය නුබියානු දුනුවායන් පරාජය කළ අයුරුත්, ප්‍රධානීන් සිරකරුවන් ලෙස ඔහු වෙත රැගෙන ආ අයුරුත් මම දුටුවෙමි. ඔහු නුබියාව විනාශ කරනු මම දුටුවෙමි. මා ඇගේ අනුගාමිකයකු වීමි.

ඉදිකිරීම් ව්‍යාපෘති[සංස්කරණය]

ඩේර් එල්-බහ්රිහි හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථාන සංකීර්ණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඩ්ජෙසර්-ඩ්ජෙසරු ගොඩනැගිල්ලයි. මෙය සැලසුම් කළේ ඇගේ අමාත්‍යවරයා වූ සෙනෙන්මුට් විසිනි. විශිෂ්ට සමමිතියකින් හෙබි මෙය පාතිනන් ගොඩනැගිල්ලට බොහෝ පෙරකාලයක ඉදි වූවකි. ඇය විසින් තේරූ භූමියක ඉදිකළ පළමු ගොඩනැගිලි සංකීර්ණය මෙය වූ අතර පසුකලෙක එම භූමිය රජුන්ගේ නිම්නය නමින් ප්‍රකට විය.

පුරාතන ඊජිප්තුවේ බොහෝ වැදගත් ගොඩනැගිලි ඉදිකළ පාලකයින් අතරින් අයෙකි, හට්ෂෙප්සුට්. ඇය ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව පුරාම ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති සියගණනක් මෙහෙයවූවා ය. ඇගේ ගොඩනැගිලි ඇයට පෙර මධ්‍ය රාජධානියේ සිටි පාලකයන්ගේ ගොඩනැගිලි සියල්ලටම වඩා විශාල අතර, සංඛ්‍යාවෙන් වඩාත් බහුල ය. පසුකාලීන පාරාවෝවරු ඇගේ ඇතැම් ව්‍යාපෘති සිය ව්‍යාපෘති ලෙස නම්කිරීමට උත්සාහ දැරූහ. ඇය යටතේ විශිෂ්ට ගෘහනිර්මාණ ශිල්පියකු වූ ඉනෙනි සේවය කළ අතර, ඔහු ඇගේ පියාට, ඇගේ සැමියාට සහ රාජකීය අමාත්‍ය සෙනෙන්මුට් හට ද සිය සේවය සලසා ඇත. ඇගේ රාජ්‍ය සමයේ දී, ප්‍රතිමා නිර්මාණ විශාල සංඛ්‍යාවක් නිමැවුණු අතර ඒවා අදවන විට ලෝකයේ සෑම ප්‍රධාන කෞතුකාගාරයකම පාහේ දක්නට ලැබෙයි. උදාහරණයක් ලෙස නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇති හට්ෂෙප්සුට් කාමරය ඇගේ සමයේ නිර්මාණවලටම පමණක් වෙන්කර ඇත.

බොහෝ පාරාවෝවරුන් අනුගමනය කළ සම්ප්‍රදාය අනුව යමින්, හට්ෂෙප්සුට් කාර්නැක් දෙවොලේ ස්මාරක ද ඉදිකළා ය. ඇය කාර්නැක්හි ඊජිප්තුවේ පුරාතන මහා දෙවඟන වූ මුට්ගේ භූමිභාගය යළි ස්ථාපනය කළා ය. මෙය හික්සොස් ආක්‍රමණිකයන් විසින් විනාශ කොට තිබිණි. නමුත් පසුකලෙක සෙසු පාරාවෝවරුන් විසින් මෙය විනාශ කොට සිය වෙනත් ගොඩනැගිලි ඉදිකිරීමට එහි කොටස් රැගෙන ගොස් ඇත. ඇයට ඔබලිස්කයන් (ශිලා ස්තම්භ විශේෂයක්) ද්විත්වයක් තිබිණි. එය එකල ලෝකයේ උසම ඔබලිස්කය වූ අතර, එය දෙවොලේ පිවිසුමෙහි සිටුවා තිබිණි. ඉන් එකක් අදටත් නැගී සිටින අතර, එය පෘථිවියේ නිරුපද්‍රිතව පවතින උසම ඔබලිස්කය වේ. අනෙක් කුළුණ කොටස් දෙකකට කැඩී ඇදවැටී ඇත.

වෙනත් ව්‍යාපෘතියක් වන කාර්නැක්හි රතු දෙවොල හෙවත් චැපෙල් රූජ්, බාක් දේවස්ථානයක් ලෙස භාවිත වන්නට ඇති අතර, එය ඇගේ ඔබලිස්කයන් දෙක අතර පිහිටුවා තිබෙන්නට ඇත. හට්ෂෙප්සුට්ගේ ජීවිතයේ වැදගත් අවස්ථා නිරූපිත කැටයම්වලින් එය සරසා ඇත.

පාරාවෝ ලෙස සිය 16වන වර්ෂය සැමරීම සඳහා ඇය පසුකලෙක තවත් ඔබලිස්කයන් දෙකක් ඉදිකිරීමට නියෝග කොට ඇත. ඉන් එකක් ඉදිකිරීමේ දී කැඩීගොස් ඇත. ඒ හේතුවෙන් එය වෙනුවට සිටුවීමට තෙවැන්නක් ද නිමැවිණි. කැඩුණු ඔබලිස්කය අස්වාන්හි එහි ගල්වැඩපලෙහි, තවමත් දක්නට ඇත. මෙය නිමනොකළ ඔබලිස්කය ලෙස හැඳින්වෙන අතර, එමගින් ඔබලිස්කයන් නිමැවුණු අයුරු පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.[33]

හට්ෂෙප්සුට් දේවස්ථානයේ කුළුණු ආකාර නිමැවුම

පැඛෙට් දේවස්ථානය හට්ෂෙප්සුට් විසින් මින්යා ප්‍රාන්තයෙහි දකුණු අල් මින්යා ප්‍රදේශයේ බෙනි හසන් නම් ස්ථානයේ ඉදිකරන ලද්දකි. පැඛෙට් යන නාමය බැස්ට් සහ සෙඛ්මෙට් යන සිංහධේනු යුධ දෙවඟනන් දෙදෙනාගේ නම්වල සංකලනයකි. මෙය ඔවුන්ගේ ඇදහීම්වල උතුරු සහ දකුණු සීමා වෙන්කරන මායිමක ඉදිවූවකි. නයිල්හි නැගෙනහිර පෙදෙසේ කඳුගැටයක් තුළට හාරා සකස් කෙරුනු ඇගේ භූගත දේවස්ථානය ග්‍රීකයන්ගේ ඇගයුමට ලක් වූ අතර, එය ග්‍රීක ටොලමියානු රාජවංශයේ පාලන සමයේ දී ස්පියොස් ආර්ටිමිඩොස් ලෙස හඳුන්වන ලදී. ඔවුන් මෙම දෙවඟන ඔවුන්ගේ දඩයමට අධිපති ආර්ටෙමිස් දෙවඟනට අනුරූපව සලකා ඇත. මෙම දේවස්ථානය අදට දක්නට නොලැබෙන වඩාත් පැරණි දෙවොල් ආසන්නයේ ඉදිකර තිබෙන්නට ඇතැයි සැලකේ. මෙම දේවස්ථානයේ හට්ෂෙප්සුට් විසින් සිදුකළ ප්‍රසිද්ධ හික්සොස් චෝදනාව සඳහන් දිගු බාල්කයක් දක්නට ඇත. මෙය ජේම්ස් පී. ඇලන් විසින් පරිවර්තනය කොට ඇත.[34] හික්සොස්වරුන් විසින් ඊජිප්තුව අල්ලාගත් කාලයේ විශාල සංස්කෘතික පරිහානියක් සිදු වූ අතර, එය හට්ෂෙප්සුට් විසින් යළි නගා සිටුවීමට නව නීති සහ නිර්මාණ ඇතිකරන ලදී. මෙම දේවස්ථානය පසුකලෙක නොයෙකුත් වෙනස්කම්වලට ලක් වූ අතර, හට්ෂෙප්සුට්ගේ නාමය වෙනුවට සිය නාමය යෙදීමට සිතූ දහනවවන රාජවංශයේ Iවන සෙටි එහි වූ අලංකාර මෝස්තර කැටයම් ඉවත්කොට ඇත.

බොහෝ පාරාවෝවරුන්ගේ සම්ප්‍රදාය අනුව, හට්ෂෙප්සුට්ගේ ගොඩනැගිලි නිර්මාණ අතර අග්‍රගන්‍ය නිර්මාණය, මතකාගාර දේවස්ථානයක් විය. ඇය ඩේල් එල්-බහ්රිහි ඇගේම දේවස්ථාන සංකීර්ණයක් ඉදිකළා ය. නයිල් ගංගාවේ බටහිර ඉවුරේ එය සැලසුම්කරණය කොට ඉදිකරන ලද්දේ සෙනෙන්මුට් විසිනි. ඇගේ සංකීර්ණයෙහි අසිරිය දැක පසුකාලීන සියලු පාරාවෝවරුන් මෙහි සිය මතකාගාර ගොඩනැගිලි ඉදිකළ නිසා මෙය පිහිටි භූමිභාගය අද රජුන්ගේ නිම්නය ලෙස හඳුන්වයි. එම භූමියෙහි ඉදිකළ පළමු විශාල ගොඩනැගිලි ඇගේ ගොඩනැගිලි වේ.

වැදගත්ම කරුණ නම් මෙහි ඇති ඩ්ජෙසර්-ඩ්ජෙසරු හෙවත් "උත්කෘෂ්ටයන් අතර උත්කෘෂ්ට" නැමැති, විශිෂ්ට සමිමිතියකින් යුත් කුළුණු ආකාර ව්‍යූහය පාතිනන් ගොඩනැගිල්ල ඉදිවීමටත් වසර දහසකට පමණ පෙර නිර්මාණය කොට තිබීමයි. ඩ්ජෙසර්-ඩ්ජෙසරු පිහිටා ඇත්තේ කලක් සාරවත් උද්‍යානවලින් සමන්විත වූ මළුවක් මතයි. ඩ්ජෙසර්-ඩ්ජෙසරු පිහිටා ඇත්තේ තීව්‍රව පිහිටි කඳුගැට මුහුණතක් මත ය. ‍ඩ්ජෙසර්-ඩ්ජෙසරු සහ ඩේර් එල්-බහ්රි සංකීර්ණයේ පිහිටි හට්ෂෙප්සුට්ගේ සෙසු ගොඩනැගිලි වැදගත් ගෘහනිර්මාණ ගුණාංගවලින් සමන්විත ය. ඇගේ ප්‍රධාන ඉදිකිරීම් අතර තවත් ප්‍රධාන ඉදිකිරීමක් ලෙස හට්ෂෙප්සුට් හිඳ (ග්‍රැනයිට් ඔබලිස්ක ලෙස ද හඳුන්වයි) ද දැක්විය හැක.

නිල වර්ණනාව[සංස්කරණය]

අතිශයෝක්තිය ඊජිප්තු ඉතිහාසයේ සෑම රාජකීය ‍ශිලාලේඛනයකටම පොදු දෙයකි. සියලු පුරාතන නායකයින් සිය ජයග්‍රහණ වර්ණනා කොට තිබුණත්, ඒ අතරින් වඩාත් කාර්යසාධනීයම පාරාවෝ ලෙස හට්ෂෙප්සුට් සැලකේ.[35] මෙය ඇය පාරාවෝවරියක ලෙස සිටි සමයේ ඉදි වූ අති දැවැන්ත ගොඩනැගිලි ව්‍යාපෘති තුළින් වටහාගත හැක. ඉන් ඇයට තමන්ව වර්ණනා කර ගැනීමට බොහෝ අවස්ථා හිමිවුණත්, ඇ‍ගේ ප්‍රතිපත්ති සහ පරිපාලනය මගින් ඊජිප්තුවට හිමි වූ ධනය සහ සාර්ථකත්වය ඇය මෙම ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දැක්වීමට යොමු වීමට හේතු විය.

හට්ෂෙප්සුට් පාරාවෝවරියගේ මුහුණවර ඇති විශාල ග්‍රැනයිට් ස්ෆින්ක්ස් රුවක්. මෙහි පාරාවෝ ලෙස ඇය සතු බලය සංකේතවත් කෙරෙන සම්ප්‍රදායික ව්‍යාජ රැවුලක් ද සහිත ය.—මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය

පුරාතන ඊජිප්තුවේ ස්ත්‍රීන්ට සාපේක්ෂව ඉහළ තත්ත්වයක් හිමි වූ අතර, ඔවුනට දේපල හිමිකරගැනීමේ අයිතිය ද පැවතිණි. නමුත් කාන්තාවක් පාරාවෝ බවට පත් වූ අවස්ථා විරළ ය. කෙසේනමුත් සොබෙක්නෙෆරු සහ ඇතැම්විට Iවන ඛෙන්ට්කෝස් සහ නිටොක්‍රිස්[36] යන තැනැත්තියන් පමණක් තහවුරු කළ මූලාශ්‍ර අනුව ඇයට පෙර තනිව රාජ්‍ය පාලනය සිදුකළ බව පැවසේ. මෙහි අවසානයට සඳහන් කළ පාලිකාව පිළිබඳ නොයෙකුත් මතභේද ඇති අතර, එය පිරිමි රජකුගේ නාමයක වැරදි පරිවර්තනයක් විය හැකි යැයි සැලකේ. දහනවවන රාජවංශයේ අවසාන පාරාවෝවරයා වූ ට්වොස්රෙට් රැජින ඇතැම්විට හට්ෂෙප්සුට්ගෙන් පසු ‍ස්වදේශික පාලකයින් අතරින් රාජ්‍යත්වයට පත් එකම තැනැත්තිය විය හැක. ඊජිප්තු ඉතිහාසය තුළ "රාජ්‍යකරන රැජින" (Queen regnant) සඳහා නිශ්චිත වදනක් නොතිබූ අතර, "රජු" යන වදන පුරාතන ඊජිප්තුව තුළ ලිංග භේදයකින් තොරව භාවිත කරන්නට ඇත. ඇගේ සමයේ දී පාලකයා සඳහා පාරාවෝ යන වදන භාවිත විය. හට්ෂෙප්සුට්, රජ යන තනතුර අනන්‍යව භාවිත කළ බව නිශ්චිත නැත. හට්ෂෙප්සුට්ට රාජවංශ හයකට පෙර රාජ්‍ය පාලනය සිදුකළ සොබෙක්නෙෆරු රැජින ද ඊජිප්තුව පාලනය කරන විට එසේ සිදුකොට ඇත. පාරාවෝගේ දියණියව සිටි කාලයේ සිට හට්ෂෙප්සුට් සිය වගකීම් නිසි ලෙස ඉටුකොට ඇත. ඇගේ පියාගේ සමයේ ඇය විසින් බලවත් ධුරයක් වූ දෙවියන්ගේ බිරිඳ යන ධුරය හොබවා ඇත. ඇය ඇගේ සැමියාගේ රැජින ලෙස ශක්තිමත් කාර්යභාරයක් ඉටුකළ අතර, ඇය පාරාවෝ බවට පත් වූ පසු, සි රාජධානියේ පරිපාලනය ද හොඳින් මෙහෙයවන්නට ඇත. ඇගේ මරණය තෙක්ම ඇගේ නායකත්වයට කිසිදු අභියෝගයක් එල්ල නොවූ අතර, ඇගේ හවුල්-පාලකයා අප්‍රධාන තනතුරක් ලෙස ඇය හා මිත්‍රශීලීව ඇගේ බලවත් හමුදාව මෙහෙයවමින් කටයුතු කොට ඇත. මෙම තනතුර ඔහුට ලබා දී තිබුණේ ඔහු විසින් ඔහුගේ නියම ස්ථානය හිමිකරගැනීම වැළැක්වීමටයි.

හට්ෂෙප්සුට් සියලු රාජ්‍යආභරණ ලබාගත් අතර, පාරාවෝ තනතුරෙහි සියලු සංකේත සහිතව ඇයව නිලවශයෙන් නිරූපණය කොට ඇත: ඒ අතර ඛාට් නම් හිස්වැස්ම, එයට ඉහළින් පැළඳි යුරේයස් ආභරණය, සම්ප්‍රදායික ව්‍යාජ රැවුල, සහ ෂෙන්ඩිට් නැමැති දණහිස තෙක් වැටෙන කෙටි සාය වැනි සංකේත ද වේ.[35] ඇගේ බොහෝ ප්‍රතිමාවල ඇයව ස්ත්‍රී වස්ත්‍රවලින් මෙන්ම රාජකීය උත්සව ඇඳුම්වලින් ද නිරූපණය කොට ඇත. සොබෙක්නෙෆරු රැජිනගේ ප්‍රතිමා ද සම්ප්‍රදායික ස්ත්‍රී මෙන්ම පුරුෂ ප්‍රතිමා ලක්ෂණවලින් යුක්තව නිමවා ඇති අතර සමහරවිට එය හට්ෂෙප්සුට්ගේ ප්‍රතිමා සඳහා ද බලපාන්නට ඇත.[37] මෙම සංක්‍රාන්ති යුගය අවසාන වුවද, කෙසේවුවද බොහෝ නිල නිරූපණයන්හි හට්ෂෙප්සුට් සියලු පාරාවෝ රාජභාණ්ඩ සහිතව රාජකීය වස්ත්‍රවලින් නිරූපණය කොට ඇත.

ඇගේ මතකාගාර දේවස්ථානයෙහි පාරාවෝවරයාව මළවුන්ගේ ලෝකය වෙත ප්‍රවාහනය කරන ඔසිරියානු ප්‍රතිමාවල, පාරා‍වෝවරයා ඔසිරිස් දෙවියන් මෙන් නිරූපණය කොට ඇති තැන්හි වස්ත්‍ර සම්ප්‍රදායිකව නිරූපණය කොට ඇත. නමුත් ඇය පාලනය කළ රාජ්‍ය දෙක සංකේතවත් කළ යෂ්ටි ද්විත්වය දෑත්හි දරා දෑත් හරහට තබාගෙන සිටීම නිසා ඇගේ ළැම අපැහැදිළි ය. මේ අවමංගල ප්‍රතිමාවන්හි සාමාන්‍ය සම්ප්‍රදාය සලකා බොහෝ විද්වතුන් මත පලකොට ඇත. මේ ප්‍රතිමාවලින් සංකේතවත් වන දැය වටහා ගැනීමට ආගමික සංකේතනය වටහා ගැනීම අවශ්‍ය විය. මේ පිළිබඳ මුල්කාලීන අර්ථකථනයන් රැසක් පැවති අතර, ඒවා පදනම් වරහිත මතභේදාත්මක ඒවා විය. බොහෝ චාරිත්‍රානුකූල ප්‍රතිමාවල ඇගේ පයෝධර දක්වා නොතිබීමට හේතුව මුල්කාලීන ඊජිප්තුවේදීන් අතර විවාදයට හේතු විය. එසේවූයේ ඔවුනට ආගමික සංකේත භාවිතය සහ චාරිත්‍ර වටහාගැනීම අපහසු වූ නිසායි. පුරාතන ඊජිප්තු කලාව තුළ නිරූපිත බොහෝ ස්ත්‍රීන්ගේ සහ දෙවඟනන්ගේ රූපවල පියයුරු සටහන්කිරීම සිදුවූයේ කලාතුරකින් වීම මෙයට හේතුවන්නට ඇත. පාරාවෝවරයාගේ භෞතික ස්වරූපය, එනම් පාරාවෝවරයා ස්ත්‍රියක් ද, පුරුෂයකු ද යන්න කලාවට බලපෑමක් ඇතිකොට නැත.

හට්ෂෙප්සුට්ගේ සොහොනේ ඇති ඇගේ ඔසිරියානු ප්‍රතිමා, මේවා දැවැන්ත කුළුණු සෑම එකකම දක්නට ඇත. සිරුරේ පහත කොටස සහ පාද වසා ඇති මමීකරණ වස්ත්‍රයත්, ඔසිරිස් හා සම්බන්ධ හෙණ්ඩුව සහ කසය මෙහි පැහැදිළිව දැකගත හැක—ඩේර් එල්-බහ්රි

කෙසේනමුත් නූතන විද්වතුන්, පාරාවන්ගේ බලයේ සංකේතයන් පිළිබඳ අදහස් පලකොට ඇත. හට්ෂෙප්සුට් "රජුගේ මහා බිරිඳ" හෝ අගබිසව වීමට වඩා රැජිනක් ලෙස ප්‍රකාශ කිරීමට ඇය උත්සාහ දැරූ අයුරු ඉන් නිරූපණය වේ. පාරාවෝවරයාගේ ලිංගය නිල නිරූපණයන් සඳහා බාධාවක් වී නැත. එපමණක් නොව සමාජයේ තත්ත්වය අනුව පිරිමින් පවා අලංකෘත ව්‍යාජ රැවුල සමගින් නිරූපිත අවස්ථා ඇත.

මීට අමතරව, හට්ෂෙප්සුට් රැජිනගේ ඔසිරියානු ප්‍රතිමා—සෙසු පාරාවෝවරුන්ගේ මෙන්—මියගිය පාරාවෝවරයා ඔසිරිස් දෙවියන්ගේ ස්වරූපයෙන් රාජආභරණ සහ දේහය සහිතව නිරූපණය කොට ඇත. හට්ෂෙප්සුට්ගේ සොහොන්ගැබෙන් හමු වූ සෙසු ප්‍රතිමා සියල්ල එම සම්ප්‍රදාය අනුව නිමවා ඇත. ඔසිරිස් වන්දනය අනුව මරණින් පසු අවදිවීමක් පිළිබඳ කියැවේ. කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තබා ඇති මේ ආරෙන් යුතු හට්ෂෙප්සුට්ගේ ප්‍රතිමා බොහෝ ප්‍රමාණයක් ඇති නිසාත් ඒවායේ පින්තූර පුළුල්ව ප්‍රසිද්ධියට පත්ව ඇති නිසාත්, මේවායේ නිරූපිත ආගමික වැදගත්කම පිළිබඳ අවබෝධය අඩු පුද්ගලයින් මේ පිළිබඳ වරදවා වටහා ගත හැක. හට්ෂෙප්සුට්ගේ මුහුණ හැරෙන්නට සෙසු සෑම අතකින්ම මෙම ඔසිරිස් ප්‍රතිමා සෙසු රජවරුන්ගේ ප්‍රතිමාවන්ට සමානත්වයක් දක්වයි.

හට්ෂෙප්සුට්ගේ බොහෝ නිල ප්‍රතිමාවල ඇයව ශෛලිගත සම්ප්‍රදායයෙන් මිදී, වැඩි වශයෙන් ස්වභාවික අයුරින් එකල විසූ වංශවත් කාන්තාවන්ගේ වස්ත්‍රයෙන් සැරසුණු අයුරින් නිමවා ඇත. මීට අමතරව රාජකීය ආභරණ ලබාගත්ත ද, හට්ෂෙප්සුට් ඇයව රූමත් කාන්තාවක අයුරින් විස්තර කොට ඇත. බොහෝ අවස්ථාවල කාන්තාවන් අතර රූමතිය යනුවෙන් හඳුන්වාගෙන ඇත. ඇය සිය පියාගේ බොහෝ නාමයන් ආරූඪ කරගත්ත ද, ඇය "ශක්තිමත් ගවයා" (සම්පූර්ණ නාමය, ඔහුගේ මවගේ ශක්තිමත් ගවයා), මෙමගින් පාරාවෝවරයා අයිසිස් දෙවඟන, සිහසුන, සහ හාතොර්, (පාරාවෝවරුන්ට උපත දී ආරක්ෂා කළ එළදෙන) කෙරෙහි බැඳුණු අතර—ඔහු ඇගේ සිහසුන මත හිඳින පුත්‍රයා—යන නාමය ඇයට නුසුදුසු එකක් වූ හෙයින්, හට්ෂෙප්සුට් එම දෙවඟන තමන් ලෙස හඳුන්වා ගත් අතර, මෙය කිසිදු පිරිමි පාරාවෝවරයකුට සිදුකළ නොහැකි වූවකි. ඇය තමන්ව පාරාවෝවරුන් සාමාන්‍යයෙන් සිදුකළ පරිදි පිරිමි අමොන්-රා දෙවියන්ට වඩා හාතොර් ලෙස හඳුන්වා ගැනීමට ප්‍රියකළා ය.[38] ශක්තිමත් ගවයාට වඩා, හට්ෂෙප්සුට් ඇගේ රාජ්‍ය සමයේ මුල්කාලයේ සාර්ථක රණකාමියකු ලෙස කටයුතු කොට ඇත. එහිදී ඇය ඊජිප්තු දේවසභාවේ ප්‍රධාන යුධ දේවතාවිය වූ සෙඛ්මෙට් සිංහධේනුව හා සම්බන්ධව දක්වා ඇත.

මේ සියලු සංකේත සහ නාමයන් සමග ආගමික සංකල්ප බැඳී පැවතිණි. හට්ෂෙප්සුට්ගේ සමය වන විට, මේ දේවතාවියන් දෙදෙනාම පාරාවෝවරුනට උපත දී ආරක්ෂා කරන්නට ඇති බව යන සංකල්පය පිළිගැනුණු බව පෙනෙන්නට ඇත. ඔවුන් ඒකාලයේ එකිනෙකා මාරුකොට ඇදහිය හැකි විය. මීට අමතරව හට්ෂෙප්සුට් ඊජිප්තු දේවසභාවේ ආදි මව් දෙවඟනක් වූ මුට් දෙවඟනව ද සිය පෙළපතට සම්බන්ධ කොට ගත්තා ය. මෙමගින් ඇයට ඇගේ පියා, මුත්තණුවන් වැනි මරණින් පසු දේවත්වයට පත් වූ පාරාවෝවරුන් මෙන් තවත් දෙවඟනක් ඇගේ පූර්වජයකු ලෙස සැලකිය හැකි විය.

හට්ෂෙප්සුට්ව, ව්‍යාජ රැවුල වැනි පිරිමි පාරාවෝවරුන් පැළඳි ආභරණ සහිතව නිල නිරූපණයන්හි දක්වා තිබුණත්, ඇය සෙසු පාරාවෝවරුන් මෙන් එවැනි උත්සව ආභරණ පැළඳියේ ද යන්න සැකසහිත ය. මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇති ප්‍රතිමාව වැනි ප්‍රතිමාවල ඇඟට ඇලුණු වස්ත්‍රයක් හැඳ, නිමස් කිරුළ පැළඳ සිටින අයුරින් ඇයව නිරූපණය කොට ඇති අතර, මෙය ඇය රාජමාලිගයේ දී සැරසී සිටි ආකාරය නිරූපණය වේ යැයි සැලකිය හැක.[39]

මෙසේ රජුව නිරූපණය කිරීමේ නිල සම්ප්‍රදාය වූ දැඩි සංකේතාත්මක නිරූපණය එක් පිරිමි පාරාවෝවරයකු පමණක් අත්හළේ ය. ඔහු එම දහඅටවන රාජවංශයේ පාරාවෝ IVවන අමෙන්හොටෙප් (පසුව අක්නේටන්) ය. ඔහුගේ බිරිඳ වූ නෙෆර්ටිටි ද සිය සැමියාගේ මරණින් පසු රාජ්‍ය පාලනය කරන්නට ඇත.

පාරාවෝ හට්ෂෙප්සුට්ගේ උකුසු ලාංඡනය—ලුක්සෝර් දේවස්ථානය

හට්ෂෙප්සුට් පිළිබඳ වඩාත් ප්‍රසිද්ධම ජනප්‍රවාදය ඇයගේ උපත පිළිබඳ පුරාවෘත්තයයි. මේ පුරාවෘත්තයට අනුව, අමුන් දෙවිඳුන් Iවන තුත්මෝස්ගේ වේෂයෙන් ප්‍රසන්න සුවඳක් විහිදුවමින් අහ්මෝස් රැජින වෙත ගොස් ඇත. ඒ අවස්ථාවේ අමුන් ජීවයේ සංකේතයක් වූ අන්ඛ් යන සලකුණ අහ්මෝස්ගේ නාසයේ තැබූ අතර, ඒ අවස්ථාවේ අහ්මෝස්ට හට්ෂෙප්සුට්ව පිළිසිඳ ගැනිණි. මිනිස් දරුවන්ගේ සිරුරු නිර්මාණය කරන ඛ්නුම් දෙවිඳුට අනතුරුව ඇගේ සිරුර නිර්මාණයට උපදෙස් ලැබුණු අතර, කා හෙවත් ජීව බලය ද නිර්මාණය කරන ලදී. ජීවයේ සහ සශ්‍රීකත්වයේ දෙවඟන වූ හෙකෙට් සහ ඛ්නුම් එක්ව අහ්මෝස්ව සිංහධේනු සයනයක් වෙත රැගෙන ගිය අතර ඇය එහිදී හට්ෂෙප්සුට් බිහිකළා ය. මේ කථාවේ සෑම පියවරක්ම කාර්නැක් සහ ඇගේ මතකාගාර දේවස්ථානයේ කැටයම් කොට ඇත.

අමුන්ගේ දිවැස් දෙවොල ප්‍රකාශයට පත්කළේ හට්ෂෙප්සුට් පාරාවෝ බවට පත්වීම අමුන්ගේ කැමැත්ත බවත්, ඔහු ඇගේ තනතුර ශක්තිමත් කරන බවත් ය. අමුන්ගේ සහාය පිළිබඳ පුනර්වාචනය කළ ඇය අමුන් දෙවිඳු පැවසූ බව කියැවෙන මෙම ප්‍රකාශය ඇගේ ස්මාරකවල සටහන් කරවූවා ය:

පිළිගනිමි මගේ ප්‍රිය දියණිය, මාගේ ප්‍රියතම, ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ, මාට්කරේ, හට්ෂෙප්සුට්. නුඹ භූමිද්විත්වය හිමිකරගනිමින් පාරාවෝ තනතුරට දස්කම් පෙන්වාවි.[40]

තමන් සිය පියා විසින් අදහස් කළ අනුප්‍රාප්තිකයා බව පැවසූ හට්ෂෙප්සුට් ඊජිප්තුවේ අනුප්‍රාප්තිකයා බවට පත්වූවා ය. එසේම ඇය විසින් තමන් IIවන තුත්මෝස් සහ IIIවන තුත්මෝසගේ සමයන්හි හවුල්-පාලකයකු හෝ පාරාවෝවරයකු ලෙස කටයුතු කළ බවත් සඳහන් කොට ඇත. අදවන විට සියලු විද්වතුන් පිළිගන්නේ මෙය ඓතිහාසික විවේචනයක් ලෙසයි. එයට හේතුව හට්ෂෙප්සුට්ගේ පියා වූ Iවන තුත්මෝස්ට දාව මුට්නො‍ෆ්‍රෙට් බිසවට උපන් පුත්‍රයා වූ IIවන තුත්මෝස් ඔහුගේ අනුප්‍රාප්තිකයා වීමයි. මීට අමතරව, සිය දියණිය වූ හට්ෂෙප්සුට් සිය පුතුට වඩා වැඩිකාලයක් ජීවත් වේ යැයි Iවන තුත්මෝස් අපේක්ෂා නොකරන්නට ඇත. මඳකලෙකින් IIවන තුත්මෝස්, හට්ෂෙප්සුට් සමග විවාහ වූ අතර, පසුව ඇය ඔහුගේ ජ්‍යෙෂ්ඨ රාජකීය බිරිඳ සහ මාලි‍ගයේ බලවත්ම කාන්තාව බවට පත්වූවා ය. IIවන තුත්මෝස්ගේ සමයේ ලියැවුණු ශිලාලේඛනයක ඇති ඇගේ සුළු නාමයන්වලින් මේ බව පැහැදිළි වේ.[41] චරිතාපදාන කර්තෘ එව්ලින් වෙල්ස් ද, හට්ෂෙප්සුට් ඇය සිය පියාගේ අදහස් කළ අනුප්‍රාප්තිකයා ලෙස කළ ප්‍රකාශය අනුමත කොට ඇත.[42] කේපල් සහ මාර්කෝ පවසන්නේ IIවන තුත්මෝස් උපදින්නට පෙර ඇගේ පියාගේ අවසාන සමයේ මෙය ප්‍රකාශ වන්නට ඇති බවයි.[43] ඇය පාරාවෝ බවට පත් වූ විට, හට්ෂෙප්සුට් තමා සිය පියාගේ අනුප්‍රාප්තිකයා බවට වූ ප්‍රකාශය ඇගේ මතකාගාර දේවස්ථාන බිත්තියේ කැටයම් කොට ඇත:

රාජෝත්තමයාණන් වහන්සේ ඔවුනට පැවසූයේ: "මගේ මෙම දියණිය, ඛනුමෙටාමුන් හට්ෂෙප්සුට්—වැජඹේවා!—මා ඇයව මාගේ සිහසුනේ උරුමකරු ලෙස පත්කොට ඇත... ඇය මාලිගයේ සෑම තරාතිරමකම ජනයාව මෙහෙයවාවි; සැබවින්ම ඇය ඔබට මගපෙන්වාවි. ඇගේ වදන්වලට අවනත වන්න, ඔබ ඇගේ නියෝග සමග එක්වී ක්‍රියා කරන්න." රාජකීය වංශවතුන්, උසස් පදවි දරන්නන්, සහ ජනතා නායකයින් ඔහුගේ දියණියව ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ මාට්කරේ ලෙස පත් කළ මෙම ප්‍රකාශය ශ්‍රවණය කළහ.—ඇය සදා වැජඹේවා.[44]

මරණය, භූමදානය සහ මමීකරණය[සංස්කරණය]

හට්‍ෂෙප්සුට් රැජිනගේ ශෛලමය ප්‍රතිමාවක්

හට්ෂෙප්සුට් මියගියේ ඇගේ මැදිවියට ළඟාවෙමින් සිටි අවධියක ඇගේ විසිදෙවන රාජ්‍ය වර්ෂයේ දී ය.[45] මෙම හට්ෂෙප්සුට් මියගිය නිශ්චිත දිනය—එසේ නැතහොත් IIIවන තුත්මෝස් ඊජිප්තුවේ ඊළඟ පාරාවෝ බවට පත් වූ දිනය— ඇගේ සමයේ වර්ෂය 22, II පෙරෙට් දිනය 10 ලෙස ආර්මන්ට්හි සිටුවා ඇති ශිලාස්තම්භයක සඳහන් වේ.[46] නැතහොත් එය ක්‍රි.පූ. 1458 ජනවාරි 16 ලෙස දැක් වේ.[47] මෙම තොරතුර සමගින් මැනෙතෝහි රජවරුන්ගේ ලැයිස්තවේ මූලික නිරවද්‍යතාවය තහවුරු වේ. එහි සඳහන් වන පරිදි හට්ෂෙප්සුට්ගේ බලයට පත් වූ දිනය I ෂෙමු දිනය 4[48] (ඒ අනුව හට්ෂෙප්සුට් රජු ලෙස සිය 22වන වර්ෂයට මාස නවයක් ගතකොට මියගොස් ඇත. මැනෙතෝ සිය සංග්‍රහයෙහි ලියා ඇත්තේ ඇගේ රාජ්‍ය කාලය වසර 21ක් සහ මාස නවයක් බව ය) ඇගේ මරණය හා සමකාලීන වෙනත් මූලාශ්‍ර හමු නොවේ. ඇතැම් ඉතිහාසඥයින් ඇයව IIIවන තුත්මෝස්ගේ අණ අනුව මරා දැමුණු බවට ඇති මතයක් සඳහන් කොට ඇත.[49] ඇගේ මමියේ මෑතකාලීන හඳුනාගැනීම (පහත බලන්න) නිවැරදි නම්, වෛද්‍යවිද්‍යාත්මක සාක්ෂි අනුව ඇය දියවැඩියාවෙන් පීඩාවිඳ ඇති අතර, ඇය මියගොස් ඇත්තේ පනස්වැනි වියේදී ඇගේ මුළු සිරුර පුරාම දිවුණු අස්ථි පිළිකාවක් හේතුවෙනි.[3][50] ඒ අනුව ඇයට පර්වදාහය (ආර්ත්රයිට්ස්) සහ දන්ත රෝග පැවතී ඇති බව යෝජනා වී ඇත.[3]

හට්ෂෙප්සුට් සොහොන්ගැබක් ඉදිකිරීම ආරම්භ කළේ ඇය IIවන තුත්මෝස්ගේ මහා රාජකීය බිරිඳව සිටි කාලයේයි. මෙහි විශාලත්වය පාරාවෝවරයකුට නොගැ‍ළපෙන නිසා, ඇය සිහසුනට පත් වූ පසු තවත් සොහොන්ගැබක් නිර්මාණය කෙරිණි. ඒ අනුව KV20 සොහොන්ගැබ මුලින් නිර්මාණය කෙරුණේ ඇගේ පියා වූ Iවන තුත්මෝස් සඳහායි. මෙය රජුන්ගේ නිම්නයේ පළමු රාජකීය සොහොන්ගැබ විය හැකි අතර, ඇය නව භූමදාන කුටීරයක් සමග එය පුළුල්කළා ය. එසේම හට්ෂෙප්සුට් ඇගේ පියා වෙනුවෙන් යළි භූමදානයක් සංවිධානය කළ අතර, KV20 සොහොන්ගැබ ඇය සහ Iවන තුත්මෝස් යන දෙදෙනාගේම භූමදානය සඳහා උචිත පරිදි සකස් කළා ය. එවිට ඇය මියගිය විට (ඇගේ විසිදෙවන වර්ෂයට පසුව නොවේ), ඇයට සිය පියා සමග මෙම සොහෙනේ භූමදානය විය හැකි විය.[51] කෙසේනමුත් IIIවන තුත්මෝස්ගේ සමයේ Iවන තුත්මෝස් සඳහා නව සොහොනක් (KV38) සහ භූමදාන අංග සපයන ලදී. අනතුරුව ඔහුගේ දේහය නියම සොහොන්ගැබෙන් ඉවත්කොට වෙනත් ස්ථානයක තැන්පත් කරන ලදී. එම කාලයේම හට්ෂෙප්සුට්ගේ මමිය ද, සොහොන්ගැබෙන් ඉවත් කොට එය ඇගේ කිරි මව වූ සිට්රේ-රේගේ සොහොන්ගැබ වූ KV60 තුළට ඇතුළු කරන ලදී. IIIවන තුත්මෝස්ගේ දෙවන බිසවකගේ පුත්‍රයකු වූ IIවන අමෙන්හොටෙප් විසින් සිය අනිශ්චිත රාජ්‍යත්වය තහවුරු කරගැනීම පිණිස මෙසේ සිදු කරන්නට ඇතැයි සිතිය හැක. 1903දී හොවාඩ් කාටර් විසින් KV20 සොහොන්ගැබ පිරිසිදු කිරීමේ දී හමු වූ දෑ වලට අමතරව, හට්ෂෙප්සුට්ට අයත් වෙනත් අවමංගල දැවභාණ්ඩ සොයා ගෙන ඇත. මේ අතර සිංහධේනු "සිංහාසනය" (මෙය වියලක් බඳු ය), සෙනෙට් ක්‍රීඩා පුවරුවක් සමග සිංහධේනු-හිසැති කැටයම් කළ රතු සූර්යකාන්ත පාෂාණයෙන් නිම වූ ඇගේ පාරාවෝ නාමය දරන ක්‍රීඩා භණ්ඩ, මුද්‍රාව සහිත මුදුවක්, ඇගේ නාමය දරන කුඩා ෂැබ්ටි ප්‍රතිමාවක කොටසක් ද වේ. DB320හි රාජකීය මමී කුටියෙන් හට්ෂෙප්සුට් නාමය කොට ඇති ඇත්දත් කැනපි මංජුසාවක් හමු වූ අතර, එය තුළ මමීකරණය කළ අක්මාවක් හෝ ප්ලීහාවක් සහ චාර්වක දතක් හමු විය. විසි එක්වන රාජවංශයේ ද ඇගේ නාමයම සහිත රාජකීය ආර්යාවක් ජීවත් වී ඇතත්, එය හට්ෂෙප්සුට්හට අයත් වූවකැයි සිතිය හැකි විය.[52]

1903දී, හොවාඩ් කාටර් විසින් රජුන්ගේ නිම්නයෙන් සොහොන්ගැබක් (KV60) සොයාගත් අතර, එය කාන්තා මමී දෙකකින් යුක්ත විය. ඉන් එකක් හට්ෂෙප්සුට්ගේ කිරි මව ලෙස හඳුනාගැනුණු අතර, අනෙක හඳුනාගත නොහැකි විය. 2007 වසන්ත ඍතුවේදී, හඳුනා නොගැනුණු දේහය ආචාර්ය. සාහි හවාස් විසින් සොහොන්ගැබෙන් ඉවත් කොට පරීක්ෂණ සඳහා කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරය වෙත‍ ගෙන එන ලදී. මෙම මමියේ දතක් නොමැති වූ අතර, හනුවේ ඇති හිදැස DB320 සොහොන්ගැබෙන් හමු වූ කැනපි බඳුනේ වූ හට්ෂෙප්සුට්ගේ දතට හොඳින් ගැලපිණි.[53][54] අනතුරුව ඇගේ මරණය පාරාවෝ සතුව පැවති පිළිකාකාරක චර්ම ආලේපන දියරයක් නිසා ඇති වූ අස්ථි පිළිකාවක් හේතුවෙන් ඇති වූ බවට මත පල විය. බොන් විශ්වවිද්‍යාලයේ ඖෂධ ආයතනයේ හෙල්මට් වීඩ්න්ෆෙල්ඩ් අනුව "මේ කල්පිතය පිළිබඳ පවසන අය බොහෝ ඇත". "රැජිනට නිදන්ගත චර්ම රෝගයක් පැවති බව ඔබ සිතන්නේ නම්, ආලේපන මගින් ඇය කෙටිකාලීන සහනයක් ලබා ගත්ත ද ඇය ඉන් වසර ගණනාවක් පුරාවට විශාල අවදානමකට මුහුණපාන්නට ඇත."[55]

පිළිගැනීම වෙනස්කිරීම[සංස්කරණය]

IIIවන තුත්මෝස්ගේ අවසාන සමය සහ ඔහුගේ පුත්‍රයාගේ රාජ්‍ය සමය අතර කාලයේ හට්ෂෙප්සුට් නාමය ඇතැම් ඓතිහාසික සහ පා‍රාවෝ වාර්තාවලින් මකාදැමීමට උත්සාහ ගෙන ඇති බව පෙනී යයි. මෙම අතුගා දැමීම බොහෝ වාච්‍යාර්ථ ක්‍රමවලින් සිදුවන්නට ඇත. ඇගේ කාර්ටුෂ් කලංකරණයන් සහ රූප ඇතැම් ගල් බිත්තිවලින් ඉවත් කෙරිණි. ඒවායේ හට්ෂෙප්සුට්-හඩැති හිස්තැන් දැකිය හැක.

ඩේර් එල්-බහ්රි දේවස්ථානයේ තිබූ හට්ෂෙප්සුට් ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් විනාශ කොට පෙනුම වෙනස්කොට වළදමා ඇත. කාර්නැක්හි ඇගේ ඔබලිස්කයන් ඉවත් කිරීමට උත්සාහ දරා ඇති බව පෙනී යයි. IIIවන තුත්මෝස්ට ආසන්න සමයක මෙම හට්ෂෙප්සුට් ඉතිහාසය නැවත ලියවා ඇති බව පැහැදිළි ය. නමුත් එසේ කිරීමට හේතුව පැහැදිළි නැත. ඇතැම්විට මෙය පාරාවෝ හා පාලකයින් අතර පැවති තමන් උසස් කොට සැලකීමේ සම්ප්‍රදාය නිසා හෝ IIIවන තුත්මෝස්ගේ භූමදානය සඳහා මුදල් ඉතිරි කරගැනීමට නව ස්මාරක ඉදි නොකොට ඇගේ ප්‍රධාන ඉදිකිරීම් ප්‍රයෝජනයට ගැනීමට අදහස් කිරීම මෙයට හේතු වූවා විය හැක.

IIIවන තුත්මෝස්ගේ පුත්‍රයා වූ IIවන අමෙන්හොටෙප් සිය පියාග් අවසාන රාජ්‍ය සමයේ හවුල්-පාලනයක් ගෙනගොස් ඇති අතර, වඩා වියපත් පාරාවෝවරයාගේ අවසන් කාලයේ ඔහු විසින් මෙම විනාශයන් කරන්නට ඇතැයි සැක කෙරේ. ඔහු එයට පෙළඹෙන්නට ඇත්තේ රාජකීය පෙළපත තුළ ඔහුගේ තත්ත්වය එතරම් උසස් නොවූ නිසා, එය තමන් පාරාවෝ වීමට බාධාවක් ලෙස සිතූ නිසා විය හැක. ඔහු විසින් හට්ෂෙප්සුට්ගේ බොහෝ ඉදිකිරීම සිය කාලය තුළ දී පැහැරගත් බව වාර්තා වේ. ඔහුගේ සමයේ රාජකීය පෙළපත බිඳදැමීමට ඇතැමුන් තැත් දරා ඇති අතර, ඔහුගේ බිසෝවරුන්ගේ නම් සඳහන් නොකිරීම, රාජකීය කාන්තාවන්ගේ නිල තනතුරු සඳහන් නොකිරීම ආදිය එයට නිදසුන් වේ. [56]

වසර ගණනාවක්ම IIIවන තුත්මෝස් පාරාවෝ බවට පත් වූ පසු සිය කෝපය පලකිරීමක් ලෙස, රෝම ඩැම්නේෂියෝ මෙමොරියේ ප්‍රතිපත්තිය මෙන් එම මකාදැමීම් සිදුකරන්නට ඇති බව මුල්කාලීන නූතන ඊජිප්තුවේදීහු විශ්වාස කළහ. මේ මතය නිසා තුත්මෝස් අවුරුදු ගණනාවක් පුරාම සහ-පාලකයකු (co-regent) වී සිටීමට අකමැති ව සිට ඇති බවට අදහස් පල විය. නමුත් මෙම තක්සේරුව ඉතා සරල එකකි. නමුත් ඊජිප්තුවේ විශිෂ්ඨතම සෙන්පතියකු පමණක් නොව, මලල ක්‍රීඩකයකු, කතුවරයකු, ඉතිහාසඥයකු, උද්භිදවිද්‍යාඥයකු මෙන්ම ගෘහනිර්මාණ ශිල්පියකු ලෙස ද සැලකෙන තුත්මෝස් සිය සුළු මව සහ නැන්දණියගෙන් පලිගැනීමට පෙර ඇය යටතේ වසර විස්සක්ම කල්ගත කොට තිබීම අසම්භාව්‍ය මතයකි. ප්‍රකට ඊජිප්තුවේදියකු වන ‍ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ් අනුව:

මහජන ඇසකට නොගැටෙන දෙවොලක හෝ සොහැන්ගැබක අඳුරු ස්ථානයක රැජිනගේ කාර්ටුෂය සහ රුව විසිරී තිබිණි ... නැවත කිසිදු මහජන ඇසකට දිස්නොවන පරිදි, නමුත් එය උණුසුම් දිව්‍යමය රජු සඳහා ගෙනයන්නට ඇත.[57]

මෙම මකාදැමීම් කඩින්කඩ සිදු වී ඇති අතර, එය නොසැලකිලිමත් අයුරින් සිදු කොට ඇත. එසේම මෙහිදී ඉවත් කොට ඇත්තේ වඩාත් පහසුවෙන්ම ළඟාවිය හැකි සහ දර්ශනය වන හට්ෂෙප්සුට් රූපයි. එය බොහෝ දුරට සම්පූර්ණ වන්නට ඇතැයි සිතිය හැක්කේ අද අප සතුව ඇත්තේ හට්ෂෙප්සුට්ගේ රුව සහිත නිර්මාණ ස්වල්පයක් නිසායි. මෙම වෙනස්කම් අවසාන කිරීමෙන් පසු IIIවන තුත්මෝස් ඇතැම්විට මියයන්නට ඇත. නමුත් ඇගේ නම සම්පූර්ණයෙන් ඉතිහාසයෙන් මකාදැමීමට හැකි වී නොමැත. කෙසේනමුත්, තුත්මෝස් හට්ෂෙප්සුට්ට ඇගේ සමයේ දී වෛර කළ බවට හෝ අප්‍රසාදය පලකළ බවට කිසිදු සාධකයක් හමු වී නැත. මෙය සත්‍ය නම් ඇගේ හමුදාවේ ප්‍රධානියා ලෙස හට්ෂෙප්සුට් විසින් ලබා දුන් තනතුරේ සිට (ඇය සිය සහ-පාලකයාගේ හිතෛෂීභාවය පිළිබඳ සැක නොකරන්නට ඇත), පහසුවෙන්ම කුමන්ත්‍රණයක් මෙහෙයවීමේ හැකියාව ඔහුට තිබිණි. නමුත් ඔහු ඇගේ සමයේ ඇයගේ ආධිපත්‍යයට කිසිදු අභියෝගයක් එල්ල කොට නැත. ඇයගේ මරණින් වසර විස්සක් වන තුරුත් ඇගේ ඉදිකිරීම් සහ රූ සියලු පොදු ගොඩනැගිලිවල පැවතී ඇත.

ටිල්ඩෙස්ලි කල්පිතය[සංස්කරණය]

ජොයිස් ටිල්ඩෙස්ලි වැනි රචකයින් උපකල්පනය කොට ඇත්තේ IIIවන තුත්මෝස් සිය දිවියේ අවසාන කාලයේ හට්ෂෙප්සුට්, රාජ්‍යාධිකාරිනියක් (regent) ලෙස ඇයට සුදුසු ස්ථානය දක්වා පහත හෙළන්නට උත්සාහ කරන්නට ඇති බවයි. මෙකල ආහොටෙප් රැජින වැනි ඊජිප්තු මාලිගයේ බලවත් කාන්තාවන්ට රජ තනතුරට වඩා රාජ්‍යාධිකාරිනිය යන සම්ප්‍රදායික තනතුර භාවිතා කෙරිණි. ටිල්ඩෙස්ලි ඇගේ මතය පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ, හට්ෂෙප්සුට්ගේ ස්මාරකවල බොහෝමයක් ඇය පාරාවෝ ලෙස නිරූපිත කැටයම් ඉවත් කොට ඇති බවත්, එමගින් ඇගේ තත්ත්වය පහතට ඇද දමා ඇගේ සම-උපරාජයා වූ IIIවන තුත්මෝස්ට ඔහුගේ නැන්දණියගේ මැදිහත්වීම නොසලකා, IIවන තුත්මෝස්ගෙන් පසු IIIවන තුත්මෝස් ඍජුවම රාජ්‍යත්වයට පත්වූ අයුරින් නිරූපණය කළ හැකි වූ බවත් ය.

ඇගේ ඉදිකිරීම්වල බොහෝ මහජන උත්සව පැවැත්වෙන ස්ථානවල (එතරම් ඇස නොගැටෙන ස්ථාන හැර) හිතාමතා සිදු කර ඇති ඇගේ රුව මකා දැමීම් මගින් හට්ෂෙප්සුට්ගේ සේවාවන් පිළිබඳ අදහස් අපැහැදිළි කොට ඇත. මීට අමතරව IIIවන තුත්මෝස්ගේ සෙසු රාජ්‍ය කාලයේ හට්ෂෙප්සුට්ට සේවය කළ ප්‍රධාන නිලධාරීන් මියයන්නට ඇත. ඒ හේතුවෙන් මෙම සංස්කෘතික මූලෝත්පාඨනයට එල්ල වූ ආගමික සහ වංශවතුන්ගේ විරෝධය අඩුවන්නට ඇත. හට්ෂෙප්සුට්ගේ ඉහළම නිලධාරියා සහ සමීපතම ආධාරකරු වූ සෙනෙන්මුට් හට්ෂෙප්සුට්ගේ 16 සහ 20වන රාජ්‍ය වර්ෂ අතර කාලයේ හදිසියේම විශ්‍රාම යන්නට හෝ මියයන්නට ඇතැයි සිතිය හැක. එසේම ඔහුගේ දේහය ඔහු විසින් දැඩි සැලකිල්ලෙන් යුතුව නිම වූ සොහොනැගැබට ඇතුළු ‍කොට ද නැත.[58] ටිල්ඩෙස්ලි අනුව, සෙනෙන්මුට්ගේ හදිසි අතුරුදන්වීම පිළිබඳ අභිරහස "දශක ගණනක් පුරාවට ඊජිප්තුවේදීනට ගැටලු සහගත වී ඇති අතර" මේ පිළිබඳ ඝන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර හෝ ලේඛනමය සාක්ෂි නොමැති වීම හේතුවෙන් "සෙනෙන්මුට්-විද්වතුන්ගේ නොයෙකුත් අදහස් වල්මත් වී" නොයෙකුත් අදහස් ඉදිරිපත් වී ඇත. "ඒ අතරින් සමහරක් විශ්වාස කරන්නේ ප්‍රබන්ධ මිනීමැරුමක්/අභිරහස් සැලැස්මක්" පිළිබඳවයි.[59] එවැනි පසුබිමක IIIවන තුත්මෝස් විසින් පත්කළ නව මාලිග නිලධාරීන්ට සිය පවුල්වල අභිවෘද්ධිය සඳහා සිය ස්වාමියාගේ කාර්යයන් ප්‍රවර්ධනය කිරීමේ ආශාවක් තිබෙන්නට ද ඇත.

මෙය සිදුකළේ IIIවන තුත්මෝස් (ඔහුගේ සහ-උපරාජ පුත්‍රයා නොව) බව සලකා, ටිල්ඩෙස්ලි තුත්මෝස් පිළිබඳ කල්පිතයක් ඉදිරිපත් කරන්නේ ඔහුගේ මකාදැමීම් සහ හට්ෂෙප්සුට්ගේ ස්මාරක විනාශ කිරීම් නොසැලකිලිමත් නමුත්, අනාගත පරම්පරා විසින් "සම්ප්‍රදායික මාට්වරයකුගේ සම-උපරාජ තනතුරට එරෙහිව නැගී ආ අසාමාන්‍ය ශ්‍රේෂ්ඨ කාන්තා රජකු" පිළිබඳ දැනගැනීම වැළැක්වීමේ චේතනාවෙන් සිදුකරන ලද බවයි. නැතහොත් "රාජ්‍ය පාලනයට ඔහුට ඇති අයිතිය පිළිබඳ අනාග ජනයාට ප්‍රබල සැකයක් සහ ඇතිවිය හැකි විය. මෙයට හට්ෂෙප්සුට් කළ එකම වරද කාන්තාවක් වීමයි."[60] ටිල්ඩෙස්ලි අනුමාන කරන්නේ IIIවන තුත්මෝස් විසින් විශ්වාස කරන්නට ඇත්තේ එවැනි අති සාර්ථක රැජිනියක් පුරාතන ඊජිප්තුව පාලනය කිරීම තුළින්, සම්ප්‍රදායික පුරුෂ රජු මෙන්ම කාන්තාව ද ඊජිප්තුව පාලනයට සුදුසු බව පිළිඹිබු වූ නිසා, "ශක්තිමත් රාජ්‍ය පාලිකාවන්ට විභවයක් සහිත අනාගත පරම්පරා" තුළ "බිරිඳක, සොහොයුරියක සහ රජකුගේ මව ලෙස කාන්තාවකට සම්ප්‍රදායිකව හිමි වූ ස්ථානය" වෙනුවට කිරුළට සුදුසු බවට මතයක් ගොඩනැගිය හැකි බවයි.[61] IIIවන තුත්මෝස් දක්වා ආසන්න ඉතිහාසය තුළ, ඊජිප්තුවේ මධ්‍ය රාජධානියේ තවත් රැජිනියක වූ සොබෙක්නෙෆරු ද රාජ්‍ය පාලනය කොට ඇත. එම රැජිනිය වසර හතරක් වැනි කෙටි කාලයක් රාජ්‍යය පාලනය කළ ද, ඇය පාලනය කළේ "බිඳවැටෙමින් තිබූ [12වන රාජවංශය] රාජවංශයේ අවසානම කාලයේ බැවින්, සහ ඇගේ සමයේ ආරම්භයේ මුල්ම කාලයේ ඇයට එරෙහිව විරෝධතා පැනනගින්නට ඇත. ඒ නිසා සම්ප්‍රදායික ඊජිප්තුවරුන් ඇයව සැලකූයේ දේශප්‍රේමී 'රණකාමී රැජිනක' වුවත්" ඊජිප්තුවේ වාසනාව නැවත ගෙනඒමට අපොහොසත් වූවකු ලෙසයි.[2] නමුත් හට්ෂෙප්සුට් රැජිනගේ කීර්තිමත් රාජ්‍ය සමය එයට වඩා බෙමෙවින් වෙනස් ය. පුරුෂයින් මෙන්ම ස්ත්‍රීන් ද භූමිද්විත්වය පාලනයට සුදුසු බව තහවුරු කළ ඇය, සෞභාග්‍යමත් ඊජිප්තුවක දශක දෙකක් පාලනය ගෙනගියා ය.[2] ටිල්ඩෙස්ලි යෝජනා කළ පරිදි, IIIවන තුත්මෝස්ට කාන්තාවන් සිහසුනට පත්වීම වැළැක්වීමට අවශ්‍ය වූයේ නම් එය සාර්ථක වී නැත. එයට හේතුව පසුකලෙක ට්වොස්රෙට් සහ අක්නේටන් රජුගේ අනුප්‍රාප්තික හෝ සහ-උපරාජ රාජ්‍ය පාලිකාව වූ නෙෆර්නෙෆරුආටෙන් (විශ්වාස කෙරෙන) වැන්නියන් ද නව රජාධානිය තුළ කෙටිකාලීනව පාරාවෝ ලෙස රාජ්‍යත්වයට පත්ව ඇත.

රූපාක්ෂර ඉඟි[සංස්කරණය]

හට්ෂෙප්සුට්ගේ නාමය මකාදැමීම—එය සිදුකිරීමට හේතුව කුමක් වුවද—ඇයව ඊජිප්තුවේ බොහෝ පුරාවිද්‍යාත්මක සහ ලිඛිත මූලාශ්‍රවලින් අතුරුදන් කිරීමට සමත් විය. දහනවවන ඊජිප්තුවේදීන් විසින් ඩේර් එල්-බහ්රි දෙවොලේ බිත්තිවල ඇති ලේඛන (මෙය පිරිමි ලෙස පෙනෙන රජුන් දෙදෙනකුගේ රුව සහිතව දක්වා තිබිණි) අර්ථකථනය ඇරඹුවද, ඒවායේ පරිවර්තනයන් අවබෝධ කරගැනීම අපහසු විය. ප්‍රංශ ජාතික රූපාක්ෂර පරිවර්තකයකු වූ ජීන්-ෆ්‍රංෂුවා චැම්පොලියන් පවා මෙම රූප සහ අක්ෂර අතර පවතින නොගැළපීම පිළිබඳ පුදුමයට පත් විය:

දේවස්ථානයෙන් ඔබ්බට මට මෙය දැකුමෙන් යම් විස්මයක් දැනුණේ, සියලු රාජකීය ආභරණවලින් සැරසුණු කීර්තිමත් මොඑරිස් [IIIවන තුත්මෝස්], මෙම අමෙන්තේහට [හට්ෂෙප්සුට්] ස්ථානය ලබා දී තිබීම නිසායි. අමෙන්තේගේ නම අප රාජකීය ලැයිස්තුවල නිරපරාදේ සොයා බැලුව ද, මා තවත් පුදුමයට පත් වූයේ මෙම පාරාවෝවරුන්ගේ සාමාන්‍ය වස්ත්‍රයෙන් සැරසී සිටින රැවුළු සහිත රජුට ශිලාලේඛනයේ යොදා ඇති නම් සහ ක්‍රියාපද යොදා ඇත්තේ රැජිනකගේ මෙන් ස්ත්‍රී ලිංග ස්වරූපයෙන් වීම නිසායි. මෙම ලක්ෂණය මට සෑමතැනකම හමු විය...[62]

පුරාවිද්‍යාත්මක අනාවරණ[සංස්කරණය]

2006දී කාර්නැක්වලින් හමු වූ හට්ෂෙප්සුට් සහ IIIවන තුත්මෝස් යන දෙදෙනාගේම නම් සඳහන් රත්රන් කාර්ටුෂ් මුදු නවයක් ඇතුළු පුරාවස්තු, IIIවන තුත්මෝස් සහ ඔහුගේ පුත් IIවන අමෙන්හොටෙප් හට්ෂෙප්සුට් ඓතිහාසික වාර්තාවලින් අතුගා දැමීමට ගත් උත්සාහයත්, පාරාවෝවරිය ලෙස ඇගේ කාර්යභාරය පිළිබඳවත් තොරතුරු අනාවරණය කරගැනීමට උපකාරී වනු ඇතැයි සැලකේ.[63]

"හට්ෂෙප්සුට් ගැටලුව"[සංස්කරණය]

19වන සියවසේ අගභාගයේ සහ මුල්කාලීන 20වන සියවසේ ඊජිප්තුවේදය තුළ වාදවිවාදවලට ලක් වූ ප්‍රධාන විෂයයකි, "හට්ෂෙප්සුට් ගැටලුව". මෙය ඇතිවූයේ මුල්කාලීන 18වන රාජවංශයේ පාරාවෝවරුන්ගේ බලයට පත් වූ අනුපිළිවෙල පදනම් කරගනිමිනි. මේ අනුව හට්ෂෙප්සුට් රැජින, Iවන, IIවන, සහ IIIවන තුත්මෝස් රජවරුන්ගේ පාලනය පැවති කාලානුක්‍රමය පිළිබඳ උභතෝකෝටික ප්‍රශ්නයක් ඇති විය.[64] ඒ කාලයේ මෙම ගැටලුව නිසා ඇති වූ වාදවිවාද ඊජිප්තුවේදී ආයතන අතර ආරවුල් සඳහා ද හේතු විය. මෙම තුත්මෝසීය පවුල පිළිබඳ ගැටලුව 20වන සියවසේ මුල්භාගයේ ද පැවතිණි. මෙහි බලපෑම මෑතකාලීන කෘති තුළ ද දැකිය හැක. කෙසේනමුත්, ඇගේ රාජ්‍ය සමය පිළිබඳ බොහෝ තොරතුරු හෙළිවීමත් සමග කාලානුක්‍රමය අතින් 20වන සියවස අගභාගය වන විට හට්ෂෙප්සුට් ගැටලුව බොහෝ දුරට විසඳිණි.

තක්සේරුව[සංස්කරණය]

බ්‍රැඩ්ලි අනුව, පසුගිය වසර 100 පුරාවටම හට්ෂෙප්සුට් පිළිබඳ නොයෙකුත් අර්ථකථන පැවතිණි. ඒවා බොහෝ විට ඊජිප්තුවේදීන්ගේ ඇගේ ලිංගය, බල අරගල ආදිය මත පදනම්ව ඇති වූ ඒවා ය. 20වන සියව‍ස ආරම්භයේ වික්ටෝරියා රැජින වැනි වඩාත් සාර්ථක පාලකයින් පදනම් කර ගනිමින් නැවිල් සහ බජ් වැනි ඉතිහාසඥයින් හට්ෂෙප්සුට් පිළිබඳ සුබවාදී ආකල්ප දැරූහ. 1938 වන විට, ඩ්‍රියෝටන් සහ වැන්ඩියර් ඇය ස්ත්‍රී වර්ගයාගේ සාමාජිකාවක් ලෙස පිරිමි රජවරුන් මෙන් ආක්‍රමණ ප්‍රතිපත්තිය පවත්වාගැනීමට නොහැකි වූයේ යැයි පවසමින් ඇයව විවේචනය කරන්නට වූහ. ඉන්පසු, හට්ෂෙප්සුට් පිළිබඳ දැක්ම වෙනස් විය. 1950 සිට 1970 දක්වා දශකයන්හි ජේ. ඒ. විල්සන්, ජී. ස්ටයිඩෝර්ෆ් සහ කේ. සීලි, ඩබ්. සී. හේයස් සහ ඒ. එච් ගාඩිනර් වැනි කතුවරු ඇය අස්වාභාවික, කූට කාන්තාවක ලෙසත්, ආක්‍රමණ සඳහා අසමර්ථ්‍ය වූ බල ලෝභී සහ IIIවන තුත්මෝස්ගේ අපේක්ෂාවන් දුරස් කළ ස්ත්‍රියක ලෙසත් දකින්නට වූහ. නමුත් බ්‍රැඩ්ලි මෙන්ම ජේ. ටිල්ඩ්ස්ලි, ජී. රොබින්ස්, ඩී. රෙඩ්ෆෝර්ඩ්, සී. එෆ්. නිම්ස් සහ පී. එෆ්. ඩෝර්මන් වැනි නූතන ඉතිහාසඥයෝ මෙම අන්තගාමී ප්‍රකාශ හෙළා දකිමින් ඇයව අගය කළහ.[65]

නූතන ඉතිහාසඥයින්, ඇය විසින් ආරම්භ කළ ව්‍යාපෘති, බොහෝවිට ඇය පෞද්ගලිකව මෙහෙයවූ ව්‍යාපෘති මෙන්ම වෙළඳ කටයුතු සහ යුධ කටයුතු සඳහා ඇය සතුව තිබූ මහා නාවික හමුදාව පිළිබඳ අනාවරණය කරගැනීමෙන් පසු[66] ඇය යුද්ධයට බිය නොවූ බව හෙළි විය.[67] බොහෝ අවස්ථාවලදී හට්ෂෙප්සුට් විද්වත් විසඳුම් සලකා ඇති බව පෙනී යයි. ඇය වෙළඳාම, රාජ්‍යෝපාය සහ සංස්කෘතිය තුළ ඇය ඇගේ සලකුණ පිහිටුවූ අතර, එරික් එච්. ක්ලයින් අනුව ඇය යුද්ධයට වඩා රාජ්‍යෝපාය මෙහෙයවමින් දහඅටවන රාජවංශයේ අන්තර්ජාතික සබඳතා අරඹමින් ජාත්‍යන්තර ගෞරවය දිනාගත්තා ය.[68] ඩෙල් ටෙස්ටාගේ අදහස වන්නේ ඇය දක්ෂ තැනැත්තියක් වූ බවත්, ඇය අවංක මිනිසුන් බලවත් තනතුරුවලට පත් කළ බවත්, ඇය පක්ෂපාතීත්වය පදනම් කරගත් පෞරුෂ වන්දනාවක් ඇරඹූ බවත් ය. සම්ප්‍රදායික අගයයන් වැඩිදියුණු කළ ඇය කෘෂිකාර්මික සහ ආර්ථික සමෘද්ධිය ඇතිකළ බැවින් ඇයට එරෙහිව කිසිදු තැනැත්තකු නැගී සිටියේ නැත. සෙනෙන්මුට්ගේ සිද්ධිය හැරෙන්නට ඇගේ අධිකාරයට අභියෝග කිරීමට කිසිවකු ඇය සමීපයට පැමිණියේ නැත. ඩෙල් ටෙස්ටා අනුව, විදේශ ආධිපත්‍ය යුගයකට පසුව එළැඹි හට්ෂෙප්සුට්ගේ රාජ්‍ය සමයේ ස්ථායිතාව, ඊජිප්තුවේ වසර 300ක් පමණ පැවති දෙවන ස්වර්ණමය යුගයකට හේතු විය.[14]

පෙර නොවූ විරූ අයුරින් කාන්තාවක් රාජ්‍ය පාලනය කිරීම ඊජිප්තුවට අලුත්ම අත්දැකීමක් විය. උපරාජයකු (regent) ලෙස සැලකූ විට හට්ෂෙප්සුට්ට පෙර සිටි, පළමු රාජවංශයේ මර්නීත් නැමැත්තිය පාරාවෝවරයකුගේ සියලු ගෞරව සහිතව භූමදාන කොට ඇති බැවින් ඇය ඇතැම්විට රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි සිතිය හැක. තෙවන රාජවංශයේ සිටි නිමාට්හප් නැමැත්තිය ඛාසෙඛෙම්විගේ වැන්දඹු බිසව වූ අතර ඇය නිශ්චිතවම ඇගේ පුත්‍රයා වූ ජෝසර් වෙනුවෙන් රාජ්‍යාධිකාරියකු (උපරාජයකු) ලෙස කටයුතු කළ අතර, ඇතැම්විට ඇය පාරාවෝවරියක ලෙස ද කටයුතු කරන්නට ඇත.[69] හයවන රාජවංශයේ නිටෝක්‍රිස් එම රාජවංශයේ අවසාන පාලකයා වන්නට ඇත. ඇගේ නාමය හෙරඩෝටස්ගේ ඉතිහාස වාර්තා සහ මැනෙතෝගේ ලේඛනවල සඳහන් නමුත් ඇගේ ඓතිහාසිකත්වය නිශ්චිත නැත. හට්ෂෙප්සුට්ට සියවස් තුනකට පෙර සිටි දොළොස්වන රාජවංශයේ සොබෙක්නෙෆරු රැජින නිලවශයෙන් "ඉහළ සහ පහළ ඊජිප්තුවේ" පාලකයා බවට පත් විය. රණකාමී රැජිනක් ලෙස ප්‍රකට Iවන ආහොටෙප් ඇගේ පුත්‍රයින් දෙදෙනා වූ කාමෝස් සහ Iවන අහ්මෝස් අතර රාජ්‍යාධිකාරිණියක ලෙස කටයුතු කොට ඇත්තේ දාහත්වන රාජවංශයේ අවසාන කාලයේ සහ හට්ෂෙප්සුට් අයත් දහඅටවන රාජවංශයේ ආරම්භක සමයේ යැයි සැලකේ. හට්ෂෙප්සුට් රැජිනට පෙර සිටි රජකු වූ Iවන අමෙන්හොටෙප් ද බලයට පත්ව ඇත්තේ කුඩා දරුවකුගේ කාලයේ බැවින් ඔහුගේ මව වූ අහ්මෝස්-නෙෆටාරි රැජින ද ඔහු වෙනුවෙන් උපරාජයකු ලෙස කටයුතු කරන්නට ඇතැයි සිතිය හැක.[70] පාරාවෝවරුන් ලෙස රාජ්‍ය පාලනය කළ සෙසු කාන්තාවන් අතර අක්නේටන්ගේ සම-රාජ්‍යාධිකාරිණිය/අනුප්‍රපාප්තිකාව වූ නෙෆර්නෙෆරුආටෙන් (සාමාන්‍යයෙන් ඇය නෙෆර්ටිටි හෝ මෙරිටාටෙන් යැයි විශ්වාස කෙරේ) සහ ට්වෝස්රේ යන අය ද වෙති. පසුකලෙක ස්වදේශික නොවූ ඊජිප්තු රාජවංශ අතුරින් පාරාවෝ බවට පත් සුප්‍රකට කාන්තාවක් ලෙස VIIවන ක්ලියෝපැට්රා රැජින හැඳින්විය හැකි ය.

සෙසු පාරාවෝවරියන් හා සසඳන විට හට්ෂෙප්සුට්ගේ සමය වඩාත් සමෘද්ධිමත්ම සහ දීර්ඝතම රාජ්‍ය සමය ලෙස සැලකෙයි. ඇය වසර 20ක් පමණ රාජ්‍ය පාලනය කළා ය. ඇය මුල්කාලයේ යුධ කටයුතු කෙරෙහි ප්‍රවීණතාවක් දැක් වූ නමුත්, සාමාන්‍යයෙන් ඇයව සැලකෙන්නේ දීර්ඝ සාමකාමී යුගයක් ගත කළ පාරාවෝවරියක් ලෙසයි. ඇය විදේශ ආක්‍රමණ සමයේ අඩපණව තිබූ අන්තර්ජාතික වෙළඳාම යළි ස්ථාපනය කරමින් ඊජිප්තුව ධනය අතින් සමෘද්ධිමත් කළා ය. මේ ධනය නිසා හට්ෂෙප්සුට්හට දැවැන්ත ගොඩනැගිලි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ හැකි වූ අතර, වසර දහස් ගණනක් යනතුරුම ඒවායේ ඉහළ ගුණාත්මකභාවය පැරදවීමට සෙසු කිසිදු සංස්කෘතියකට හැකිවූයේ නැත.

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

හට්ෂෙප්සුට්ගේ චරිතය බොහෝ නවකථාවල ප්‍රබන්ධ චරිතයක් ලෙස දක්වා ඇත. ඒ අතර:

කලාකෘතියක් වන ද ඩිනර් පාටි මගින් හට්ෂෙප්සුට්ට ස්ථානයක් සූදානම් කරන අයුරු නිරූපණය වේ.[71]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 "ක්වීන් හට්ෂෙප්සුට්". ෆෝවුකා. Retrieved අප්‍රේල් 13, 2008.
  2. 2.0 2.1 2.2 ටිල්ඩෙස්ලි, හැට්ෂෙප්සුට්, පි. 226.
  3. 3.0 3.1 3.2 3.3 විල්ෆෝර්ඩ්, ජෝන් නෝබල් (ජූනි 27, 2007). "ටූත් මේ හෑව් සෝල්ව්ඩ් මමී මිස්ට්‍රි". නිව් යෝක් ටයිම්ස්. Retrieved ජූනි 29, 2007. තනි දතක් සහ ඇතැම් DNA අනාවරණ මගින් ක්‍රි.පූ. 15වන සියවසේ ඊජිප්තුව පාලනය කළ පුරාතන ඊජිප්තුවේ ශ්‍රේෂ්ඨ රැජිනක් වූ හට්ෂෙප්සුට්ගේ නැති වූ මමිය පිළිබඳ අභිරහස විසඳිය හැකි වනු ඇත.
  4. "හට්ෂෙප්සුට්". Dictionary.com. Retrieved ජූලි 27, 2007.
  5. ක්ලේටන්, පීටර් (1994). ක්රෝනිකල් ඔෆ් ද ෆේරෝස්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. පි. 104. 
  6. ස්කොට්, එමට් (2012). හට්ෂෙප්සුට්, ක්වීන් ඔෆ් ෂීබා. ඇල්ගෝරා පබ්ලිෂිං. පි. 14. ISBN 9780875869469. https://books.google.com/books?id=7A5qjQX9zZcC&pg=PA14. 
  7. සින්ටිච්, ජැක් (2013). හව් ටු බිල්ඩ් ඊජිප්ටියන් බෝට් මොඩ්ල්ස්: පැටර්න්ස් ඇන්ඩ් ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆෝ ත්‍රී රෝයල් වෙසල්ස්. කූරියර් කෝපරේෂන්. පි. 28. ISBN 9780486163437. https://books.google.com/books?id=283CAgAAQBAJ&pg=PA28. 
  8. "QUEEN HATSHEPSUT (1500 B.C.)". nbufront.org.
  9. රොබර්ට්ස්, පීටර් (2006). HSC ඒන්ෂන්ට් හිස්ට්‍රි. පැස්කල් ප්‍රෙස්. පි. 4. ISBN 9781741251791. https://books.google.com/books?id=Krh7n9AyS40C&pg=PA4. 
  10. Roberts 2006, p. 4.
  11. බූත්, චාලට් (2012). ච මිත් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. ඇම්බර්ලි පබ්ලිෂිං ලිමිටඩ්. පි. 41. ISBN 9781445612164. https://books.google.com.vn/books?id=3WqoAwAAQBAJ&pg=PR41. 
  12. බූත්, චාලට් (2015). ඉන් බෙඩ් විත් ද ඒන්ෂන්ට් ඊජිප්ටියන්ස්. ඇම්බර්ලි පබ්ලිෂිං ලිමිටඩ්. ISBN 9781445643519. https://books.google.com/books?id=PuMgCwAAQBAJ&pg=PP79. 
  13. විල් කපි, ද ඩික්ලයින් ඇන්ඩ් ෆෝල් ඔෆ් ප්‍රැක්ටිකලි එව්රිබොඩි, නිව් යෝක්: බානස් ඇන්ඩ් නෝබල් බුක්ස්, නැවත මුද්‍රණය 1992.
  14. 14.0 14.1 ඩෙල් ටෙස්ටා, ‍ඩේවිඩ් ඩබ්. (2014). ගවර්මන්ට් ලීඩර්ස්, මිලිටරි රූලර්ස් ඇන්ඩ් පොලිටිකල් ඇක්ටිවිස්ට්ස්. රූට්ලෙජ්. පි. 75. ISBN 9781135975661. https://books.google.com/books?id=6Ma2AgAAQBAJ&pg=PA75. 
  15. බ්‍රැඩ්ලි, පැමෙලා (19 අගෝස්තු 2014). ද ඒන්ෂන්ට් වර්ල්ඩ් ට්‍රාන්ස්ෆෝම්ඩ්. කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්. පි. 142. ISBN 9781107674431. https://books.google.com/books?id=w8xLr6GcPUAC&pg=PA142. 
  16. Roberts 2006, p. 10.
  17. කේර්, ඒඩ්‍රියන් (2009). ඒන්ෂන්ට් ඊජිප්ට් ඇන්ඩ් අස්: ද ඉම්පැක්ට් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට් ඔන් ද මොඩර්න් වර්ල්ඩ්. ඒඩ්‍රියන් කේර්. පි. 142. ISBN 9780615273594. https://books.google.com/books?id=w8xLr6GcPUAC&pg=PA142. 
  18. ඩොඩ්සන්, ඒඩන්; ඩියෑන්, හිල්ටන් (2004). ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. පි. 130. ISBN 0-500-05128-3. 
  19. ෆ්ලෙචර්, ජොඈන් (2013). ද සර්ච් ෆෝ නෙෆර්ටිටි. හැෂෙට් UK. පි. 156. ISBN 9781444780543. https://books.google.com/books?id=q1JSJcXy2fwC&pg=PT156. 
  20. ස්‍ටීබිං ජූනියර්., විලියම් එච්. (2016). ඒන්ෂන්ට් නියර් ඊස්ටර්න් හිස්ට්‍රි ඇන්ඩ් කල්චර්. රූට්ලෙජ්. පි. 177. ISBN 9781315511160. https://books.google.com/books?id=DoyTDAAAQBAJ&pg=PA177. 
  21. සැකිල්ල:Cite Josephus
  22. ස්ටයිඩෝර්ෆ්, ජෝර්ජ්; සීලි, කීත් (1942). වෙන් ඊජිප්ට් රූල්ඩ් ද ඊස්ට්. චිකාගෝ විශ්වවිද්‍යාලය. පි. 53. 
  23. 23.0 23.1 ග්‍රිමල්, නිකොලස් (1988). අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. Librairie Arthéme Fayard. පි. 204. 
  24. ගැබොල්ඩි, ලුක් (1987), La Chronologie du règne de Tuthmosis II, ses conséquences sur la datation des momies royales et leurs répercutions sur l'histoire du développement de la Vallée des Rois, SAK 14: pp. 61–87.
  25. ටිල්ඩෙස්ලි, ජොයිස් (1996). හැට්චෙප්සුට්: ද ෆීමේල් ෆේරෝ (ඝනකවර සංස්.). පෙන්ගුයින් බුක්ස්. පි. 99. ISBN 0-14-024464-6. 
  26. 26.0 26.1 ටිල්ඩ්ස්ලි, හැට්චෙප්සුට්, පි. 99.
  27. න්ජොකු, රෆායෙල් චිජියෝකි (2013). ද හිස්ට්‍රි ඔෆ් සෝමාලියා. ABC-CLIO. පිටු 29–31. ISBN 0313378576. http://www.google.com/books?id=FlL2vE_qRQ8C&source=gbs_navlinks_s. 
  28. අයිසැක්, මයිකල් (2004). අ හිස්ටොරකල් ඇට්ලස් ඔෆ් ඕමාන්. ද රොසෙන් පබ්ලිෂිං ග්රූප්. පි. 14. ISBN 0823945006. http://www.google.com/books?id=gTgdRuWa9xMC. Retrieved සැප්තැම්බර් 5, 2014. 
  29. 29.0 29.1 ජොයිස් ටිල්ඩෙස්ලි, හැට්චෙප්සුට්: ද ෆීමේල් ෆේරෝ, පෙන්ගුයින් බුක්ස්, 1998 කඩදාමි බැම්ම සහිත, පිටු. 137–144.
  30. රෆර්, මාක් ආර්මන්ඩ් (1921). ස්ටඩීස් ඉන් ද පේලියොපැතොලොජි ඔෆ් ඊජිප්ට්. යුනිවර්සිටි ඔෆ් චිකාගෝ ප්‍රෙස්. පි. 45. http://www.google.com/books?id=GyYwAAAAYAAJ. Retrieved සැප්තැම්බර් 5, 2014. 
  31. මාගරට් බන්සන්, එන්සයික්ලොපීඩියා ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, පි. 161.
  32. බ්‍රැඩ්ලි, පැමෙලා (2014). ද ඒන්ෂන්ට් වර්ල්ඩ් ට්‍රාන්ස්ෆෝම්ඩ්. කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්. පි. 301. ISBN 9781107674431. https://books.google.com/books?id=yokaBQAAQBAJ&pg=PA301. 
  33. පීටර් ටයිසන්, ද අන්ෆිනිෂ්ඩ් ඔබලිස්ක්, NOVA මාර්ගස්ථ ප්‍රයාණය, මාර්තු 16, 1999.
  34. ජේම්ස් පී. ඇලන්, "The Speos Artemidos Inscription of Hatshepsut", ඊජිප්තුවේදී සමුළුව 16හි සඟරාව (2002), පිටු. 1–17, pls.1+2.
  35. නෙවින් එල්-ඇරෙෆ්, "බැක් ඉන් ටයිම්ලයිට්", අල්-අහ්රම් වීක්ලි.
  36. කැලෙන්ඩර්/ෂෝ, පි. 170.
  37. Scott 2012, p. 113.
  38. "එටර්නල් ඊජිප්ට්". eternalegypt.org.
  39. බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි, ඒන්ෂන්ට් රෙකෝර්ඩ්ස් ඔෆ් ඊජිප්ට්: හිසටොරිකල් ඩොකියුමන්ට්ස් ෆ්‍රොම් ද අර්ලියස්ට් ටයිම්ස් ටු ද පර්සිටන් කන්ක්වෙස්ට්, යුනිවර්සිටි ඔෆ් චිකාගෝ ප්‍රෙස්, 1906, පිටු. 116–117.
  40. ඇස්ටන්, සැලී-ඈන් (2014). ද ලාස්ට් ක්වීන්ස් ඔෆ් ඊජිප්ට්: ක්ලියෝපැට්රා’ස් රෝයල් හවුස්. රූට්ලෙජ්. පි. 20. ISBN 9781317868729. https://books.google.com/books?id=X-_fBgAAQBAJ&pg=PT20. 
  41. වෙල්ස්, එව්ලින් (1969). හැට්ෂෙප්සුට්. ඩබල්ඩේ. පි. 77. 
  42. කේපල්, ඈන් කේ.; මාර්කෝ, ග්ලේන් (1996). මිස්ට්‍රස් ඔෆ් ද හවුස්, මිස්ට්‍රස් ඔෆ් හෙවන්: විමෙන් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ට්. හඩ්සන් හිල්ස්. පි. 109. ISBN 9781555951290. https://books.google.com/books?id=1pkH3QP390gC&pg=PA109. 
  43. හැට්ෂෙප්සුට්, ෆීමේල් ෆේරෝ ඔෆ් ඊජිප්ට්, කැරොලින් සීරයිට් විසිනි.
  44. ටිල්ඩෙස්ලි, පි. 210.
  45. ජොයිස් ටිල්‍ඩෙස්ලි, ක්රෝනිකල් ඔෆ් ද ක්වීන්ස් ඔෆ් ඊජිප්ට්, තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2006, පි. 106.
  46. ජේම්ස් පී. ඇලන්, "ද මිලිටරි කැම්පේන් ඔෆ් තුත්මෝස් III" හට්ෂෙප්සුට්: ෆ්‍රොම් ක්වීන් ටු ෆේරෝ, සංස්කරණය කැතරින් රෝහ්රිග්, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය නිව් යෝක්, යේල් යුනිවර්සිටි ප්‍රෙස්, 2005, පි. 261. ඇලන් මෙහි ලියා ඇත්තේ විද්වතුන් සලකන පරිදි ආර්මන්ට් ශිලා ස්තම්භය මගින් IIIවන තුත්මෝස්ගේ තනි පාලන සමය නිරූපණය වේ. එයට හේතුව මෙහි "තුත්මෝස්, මාට්හි පාලකයා" යන විරුදය ඔහුගේ සමයේ දෙවරක් සඳහන් කොට තිබීමයි. එහි අරුත ඔහු හට්ෂෙප්සුට් මියගිය පසු ඊජිප්තුවේ පාලනය අතටගත් බව ප්‍රකාශ කොට ඇති බවයි
  47. ජූර්ගන් වොන් බෙකරැත්, Chronologie des Pharaonischen Ägypten. Mainz, Philipp von Zabern. 1997, පි. 189.
  48. හේවුඩ්, ජෝන් (4 ජූනි 2015). ක්රෝනිකල්ස් ඔෆ් ඒන්ෂන්ට් වර්ල්ඩ්. හැචෙට් UK. පි. 44. ISBN 9781784292140. https://books.google.com/books?id=HskPBwAAQBAJ&pg=PT44. 
  49. "ටූත් ක්ලින්චස් අයිඩෙන්ටිෆිකේෂන් ඔෆ් ඊජිප්ටියන් ක්වීන්". රොයිටර්ස්. ජූනි 27, 2007. Retrieved අප්‍රේල් 13, 2008.
  50. ඩෙනිස් සී. ෆෝබ්ස්, මාට්කරේ හට්ෂෙප්සුට්: ද ෆීමේල් ෆේරෝ, KMT, Fall 2005, පිටු. 26–42.
  51. බිකර්සටැෆ්, ඩිලන්, "ද ඩිස්කවරි ඔෆ් හැට්ෂෙප්සුට්’ස් ත්‍රෝන්'", KMT, ස්ප්‍රිං 2002, පිටු. 71–77.
  52. "ෆොටෝ ගැලරි: මමී ඔෆ් ඊජිප්ට්'ස් ලොස්ට් ක්වීන් ෆවුන්ඩ්". nationalgeographic.com.
  53. එඩ් පිල්කිංටන් සහ මාක් ට්‍රෑන් (ජූනි 27, 2007). "ටූත් සෝල්ව්ස් හට්ෂෙප්සුට් මමී මිස්ට්‍රි". ද ගාඩියන්.
  54. ජෙනී කොහෙන්, "ඩිඩ් ස්කින් ක්‍රීම් කිල් ඊජිප්ට්’ස් ක්වීන් හට්ෂෙප්සුට්?", 'හිස්ට්‍රි, අගෝස්තු 19, 2011.
  55. ගාඩිනර්, ඇලන්, ඊජිප්ට් ඔෆ් ද ෆේරෝස්, ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 1964, පි. 198.
  56. රෙඩ්ෆෝර්ඩ්, පි. 87.
  57. ටිල්ඩෙස්ලි, හැට්චෙප්සුට්, පි. 206.
  58. ටිල්ඩෙස්ලි, හැට්චෙප්සුට්, පි. 207, ටිල්ඩෙස්ලි 252වන පිටුවේ සෙනෙන්මුට්ගේ අතුරුදන් වීම පිළිබඳ විස්තරාත්මක සාකච්ඡාවක් ඇතුළත් කොට ඇති අතර, මේ පිළිබඳ වැදගත් ප්‍රකාශන ගණනාවක ලැයිස්තුවක් ඒ. ආර්. ෂුල්මාන්ගේ 1969–70 පත්‍රයක් වූ "සම් රිමාර්ක්ස් ඔන් ද අලෙජ්ඩ් ‘ෆෝල්’ ඔෆ් සෙනෙන්මුට්," JARCE 8, පිටු. 29–48හි ඇති බවයි.
  59. ටිල්ඩෙස්ලි, හැට්චෙප්සුට්, පි. 225.
  60. ටිල්ඩෙස්ලි, හැට්චෙප්සුට්, පිටු. 225–226.
  61. චැම්පොලියන් ලේ ජුවෙන්, නෝවෙල් සංස්කරණය, 1868. "Thèbes, 18 juin 1829 - Lettres écrites d'Égypte et de Nubie en 1828 et 1829". gutenberg.org (in ප්‍රංශ).CS1 maint: multiple names: authors list (link)
  62. මෙන්සන්, රොමේන් (වසන්තය 2007). "තුත්මොසිඩ් ෆවුන්ඩේෂන් ඩිපොසිට්ස් ඇට් කාර්නැක්". ඊජිප්ටියන් ආකියොලොජි. 30: 21. Check date values in: |date= (help)
  63. බෙඩිස්, ඩේවිඩ්. "ද ස්ටෝරි ඔ‍ෆ් හැට්ෂෙප්සුට්". Retrieved ජූනි 27, 2007.
  64. Bradley 2014, p. 137.
  65. නේව්, හර්බට් ටී. (1994). හෝම්වර්ඩ් ජර්නි: රීඩිංස් ඉන් ඇෆ්‍රිකන් ස්ටඩීස්. ඇෆ්රිකා වර්ල්ඩ් ප්‍රෙස්. පි. 49. ISBN 9780865434073. https://books.google.com/books?id=XPsEAQAAIAA. 
  66. රොබින්ස්, ගේ (1993). විමෙන් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ට්. හාවර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්. පි. 47. ISBN 9780674954694. https://books.google.com/books?id=UTSA88SVHCMC&pg=PA47. 
  67. ක්ලයින්, එරික් එච්. (2015). 1177B.C.: ද ඉයර් සිවිලයිසේෂන් කොලැප්ස්ඩ්. ප්‍රින්ස්ටන් යුනිවර්සිටි ප්‍රෙස්. පි. 26. ISBN 9781400874491. https://books.google.com/books?id=_M1bCgAAQBAJ&pg=PA26. 
  68. ක්‍රිස්ටෙන්සන්, මාටින්, කේ. අයි. (ජූලි 27, 2007). "විමෙන් ඉන් පවර්: BC 4500-1000". වර්ල්ඩ්වයිඩ් ගයිඩ් ටු විමෙන් ඉන් ලීඩර්ෂිප්. Retrieved අගෝස්තු 25, 2007.
  69. ෂෝව් සහ නිකල්සන්, පි. 28.
  70. Place Settings. බෲක්ලයින් කෞතුකාගාරය. සම්ප්‍රවේෂණය අගෝස්තු 6, 2015.

මූලාශ්‍ර[සංස්කරණය]

  • බ්‍රවුන්, චිප් (අප්‍රේල් 2009). "The King Herself". නැෂනල් ජියෝග්‍රැෆික්: 88–111.
  • ෆෙයාමන්, එච්. ඩබ්.; බී. ග්‍ර්ඩ්සෙලොෆ් (1947). "Texts of Hatshepsut and Sethos I inside Speos Artemidos". ඊජිප්තු පුරාවිද්‍යා ජර්නලය. 33: 12–33. doi:10.2307/3855434.
  • ෆඛ්රි, අහමඩ් (1939). "A new speos from the reign of Hatshepsut and Thutmosis III at Beni-Hasan". Annales du Service des Antiquités de l'Égypte. 39: 709–723.
  • ගාඩිනර්, ඇලන් හෙන්ඩර්සන් (1946). "Davies's copy of the great Speos Artemidos inscription". ඊජිප්තු පුරාවිද්‍යා ජර්නලය. 32: 43–56. doi:10.2307/3855414.
  • හාබින්, මයිකල් ඒ. (2005). The Promise and the Blessing: A Historical Survey of the Old and New Testaments. ග්‍රෑන්ඩ් රැපිඩ්ස්, MI: සොන්ඩර්වැන්. ISBN 0-310-24037-9. 
  • නාඩිග්, පීටර් (2014). Hatschepsut. Mainz: von Zabern. ISBN 978-3-8053-4763-1.
  • රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී. (1967). History and Chronology of the 18th dynasty of Egypt: Seven studies. ටොරන්ටෝ: යුනිවර්සිටි ඔෆ් ටොරන්ටෝ ප්‍රෙස්. 
  • ෂෝ, ඉයන්, ed (2002). The Oxford History of Ancient Egypt. ඔක්ස්ෆර්ඩ්: ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්. ISBN 0-19-280293-3. 
  • ටිල්ඩෙස්ලි, ජොයිස් (1996). Hatchepsut: The Female Pharaoh. ලන්ඩන්: වයිකිං. ISBN 0-670-85976-1. 
  • වෙල්ස්, එව්ලින් (1969). Hatshepsut. ගාඩ්න් සිටි, NY: ඩබල්ඩේ. 
  • ඇල්ඩ්‍රඩ්, සිරිල් (1952). The Development of Ancient Egyptian Art from 3200 to 1315 BC. ලන්ඩන්: ඒ. ටයිරැන්ටි. 
  • එඩ්ගර්ටන්, විලියම් රෆ්. (1933). The Thutmosid Succession. චිකාගෝ: යුනිවර්සිටි ඔ‍ෆ් චිකාගෝ ප්‍රෙස්. 
  • ගාඩිනර්, සර් ඇලන් (1961). Egypt of the Pharaohs. ඔක්ස්ෆර්ඩ්: ක්ලැරන්ඩන් ප්‍රෙස්. 
  • හේයස්, විලියම් සී. (1973). "Egypt: Internal Affairs from Thuthmosis I to the Death of Amenophis III". Cambridge Ancient History: History of the Middle East and the Aegean Region, c. 1800–1380 BC (3වන සංස්.). ලන්ඩන්: කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්. 
  • මැස්පරෝ, ගැස්ටන් (1903–1906). History of Egypt, Chaldea, Syria, Babylonia, and Assyria. ලන්ඩන්: ග්‍රෝලියර් සොසයිටි. https://www.gutenberg.org/files/28876/28876-h/28876-h.htm. 
  • නිම්ස්, චාල්ස් එෆ්. (1965). Thebes of the Pharaohs: Pattern for Every City. නිව් යෝක්: ස්ටයින් ඇන්ඩ් ඩේ. 
  • රෝහ්රිජ්, කැතරින් එච්.; ඩ්‍රේෆස්, රෙනී; කෙලර්, කැත්ලීන් ඒ., eds (2005). Hatshepsut: From Queen to Pharaoh. නිව් යෝක්: මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය. ISBN 1-58839-172-8. http://libmma.contentdm.oclc.org/cdm/compoundobject/collection/p15324coll10/id/82622/rec/1. 
  • විල්සන්, ජෝන් ඒ. (1951). The Burden of Egypt. චිකාගෝ: යුනිවර්සිටි ඔෆ් චිකාගෝ ප්‍රෙස්. 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හට්ෂෙප්සුට්&oldid=383933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි