ඊජිප්තුවේ විසිනවවන රාජවංශය

විකිපීඩියා වෙතින්
ඊජිප්තුවේ විසිනවවන රාජවංශය
ක්‍රි.පූ. 398–ක්‍රි.පූ. 380
හාකොර්ගේ ස්ෆින්ක්සය
හාකොර්ගේ ස්ෆින්ක්සය
අගනුවරමෙන්ඩෙස්
පොදු භාෂාවන්ඊජිප්තු භාෂාව
ආගම
පුරාතන ඊජිප්තු ආගම
රජයපරම රාජාණ්ඩුව
ඓතිහාසික යුගයClassical antiquity
• ඇමිර්ටේයස් බලයෙන් පහකිරීම
ක්‍රි.පූ. 398
• නෙෆාරුඩ් II බලයෙන් පහකිරීම
ක්‍රි.පූ. 380
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ඊජිප්තුවේ විසිඅටවන රාජවංශය
ඊජිප්තුවේ තිස්වන රාජවංශය

ඊජිප්තුවෙර් විසිනවවන රාජවංශය (හෙවත් රාජවංශය XXIX, 29වන රාජවංශය නැතහොත් රාජවංශය 29) ලෙස හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ පසුකාලීන යුගයේ සිව්වන රාජවංශයයි. එය පිහටුවන ලද්දේ ක්‍රි.පූ. 398දී 28වන රාජවංශයේ විසූ එකම පාරාවෝවරයා වූ ඇමිර්ටේයස්ව බලයෙන් පහකළ නෙෆාරුඩ් I විසිනි. ක්‍රි.පූ. 380 නෙෆාරුඩ් II ධුරයෙන් පහකිරීමත් සමඟ මෙම රාජවංශයේ අවසානය සනිටුහන් විය.

ඉතිහාසය[සංස්කරණය]

මෙම්ෆිස් හි විවෘත සටනකින් අනතුරුව ඇමිර්ටේයස් පරාජය කොට මරාදැමූ පළමුවන නෙෆාරුඩ් විසින් 29වන රාජවංශය පිහිටුවන ලදී. (බෲක්ලින් කෞතුකාගාරයේ සංරක්ෂිත පැපිරසයක් අනුව) අනතුරුව නෙෆාරුඩ් සිය අගනගරය ලෙස මෙන්ඩෙස් තෝරාගත්තේ ය.

නෙෆාරුඩ්ගේ මරණින් පසුව, සිහසුන සඳහා සතුරු පාර්ශ්ව දෙකක් අතර ගැටුමක් ඇති විය. එහිදී එක් පාර්ශ්වයක් ඔහුගේ පුත් මුතිස්ට ද අනෙක් පාර්ශ්වය සිහසුන පැහැරගත් සාමුතෙස්ට ද සහාය දැක්වූහ. සාමුතෙස් සාර්ථක පාලකයකු වුවද, ඔහුගේ පාලනය පැවතියේ වර්ෂයක් පමණි.

පළමුවන නෙෆාරුඩ්ගේ මුණුපුරකු යැයි කී හාකොර් සාමුතෙස් පරාජය කොට සිහසුනට පත් විය. ඇතැන්ස් හි (ක්‍රි.පූ. 387 ඇන්ටැලිසිඩස්හි සාමය තෙක්) සහ සයිප්‍රසයේ කැරලි නායක එවගෝරස්ගේ සහාය ඇතිව ඔහු ඊජිප්තුව ආක්‍රමණයට පර්සියානුවන් දැරූ ප්‍රයත්න මැඬලී ය. ඔහුගේ මරණින් පසු ඔහුගේ පුත් නෙෆාරුඩ් II සිහසුනට පත්වූ නමුත්, ඔහු සිය රාජවංශය රැකගැනීමට සමත් වූයේ නැත.

29වන රාජවංශයේ පාරාවෝවරු[සංස්කරණය]

පාරාවෝගේ නම රූපය රාජ්‍ය සමය සටහන්
නෙෆාරුඩ් I Louvre 032007 15.jpg ක්‍රි.පූ. 398–393 විවෘත් සටනකින් ඇමිර්ටේයස්ව පරාජය කොට මරණ දඬුවම ලබාදීය
සාමුතෙස්
Statue of 29th Dynasty King Psamuthis LACMA M.71.73.57.jpg
ක්‍රි.පූ. 393 රාජ්‍ය කළේ වසරක් පමණකි. හාකොර් විසින් සිහසුනෙන් නෙරපන ලදී.
හාකොර් (අචෝරිස්) Statue Achoris Petrie 01.jpg ක්‍රි.පූ. 393–380 සිය පූර්වප්‍රාප්තික සාමුතෙස්ව නෙරපී ය. දෙවන නෙෆාරුඩ්ගේ පියායි.
නෙෆාරුඩ් II ක්‍රි.පූ. 380 මාස 4ක පාලන සමයයකින් පසු පළමුවන නෙක්ටැනෙබෝ විසින් මොහුව නෙරපා මරාදමන්නට ඇති බව පෙනේ.

29වන රාජවංශයේ කාලරේඛාව[සංස්කරණය]

නෙෆාරුඩ් IIහාකොර්සාමුතෙස්නෙෆාරුඩ් I

ආශ්‍රේයයන්[සංස්කරණය]