ඊජිප්තුවෙහි තිස්වන රාජවංශය

විකිපීඩියා වෙතින්
(ඊජිප්තුවේ තිස්වන රාජවංශය වෙතින් යළි-යොමු කරන ලදි)
ඊජිප්තුවෙහි තිස්වන ‍රාජවංශය

ක්‍රි.පූ. 380–ක්‍රි.පූ. 343
පළමුවන නෙක්ටනෙබෝගේ ශිලාව
පළමුවන නෙක්ටනෙබෝගේ ශිලාව
අගනුවරසෙබෙනිටොස්
පොදු භාෂාවන්ඊජිප්තු භාෂාව
ආගම
පුරාතන ඊජිප්තු ආගම
රජයපරම රාජාණ්ඩුව
ඓතිහාසික යුගයසම්භාව්‍ය ඉතිහාසය
• නෙෆාරුඩ් II ධුරයෙන් පහකිරීම
ක්‍රි.පූ. 380
ක්‍රි.පූ. 343
ව්‍යවහාර මුදලEgyptian gold stater
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ඊජිප්‍තුවේ විසිනවවන රාජවංශය
ඊජිප්‍තුවේ තිස්එක්වන ‍රාජවංශය

ඊජිප්තුවේ තිස්වන රාජවංශය (හෙවත් රාජවංශය XXX, 30වන රාජවංශය හෝ රාජවංශය 30) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්‍තුවේ පසුකාලීන යුගයේ පස්වන රාජවංශයයි. මෙය පිහිටුවන ලද්දේ ක්‍රි.පූ. 380 දී පළමුවන නෙක්ටනෙබෝ විසින් දෙවන නෙෆෙරයිටීස්ව බලයෙන් පහකිරීමෙනි. ක්‍රි.පූ. 343 දී ඇකිමේනීය අධිරාජ තෙවන ආර්ටසර්ක්සීස් විසින් ඊජිප්‍තුව යටත් කරගැනීමත් සමඟ මෙය අවසන් විය. මෙම රාජවංශය පුරාතන ඊජිප්‍තුවේ අවසන් ස්වදේශික රාජවංශයයි; දෙවන නෙක්ටනෙබෝගේ පරාජයෙන් පසුව, ඊජිප්‍තුව විදේශ පාලනයට නතු විය.


30වන රාජවංශයේ පාරාවෝවරු[සංස්කරණය]

පාරාවෝගේ නම රූපය රාජ්‍ය සමය සිංහාසන නාමය සටහන්
නෙක්ටනෙබෝ I Nectanebo I with khepresh crown.jpg ක්‍රි.පූ. 380-362 ඛෙපෙර්කරේ ටියොස් (ඔහුගේ පුත්‍රයාගෙ නම සමඟ වරදවා වටහා නොගන්න) නම් හමුදා නිලධාරියකුගේ පුත්‍රයෙකි. නෙෆාරුඩ් II ධුරයෙන් පහකොට, බොහෝවිට ඝාතනය කොට විසිනවවන රාජවංශය අවස්න් කරලී ය. වැඩිමහල් නෙක්ටනෙබෝ සිය අගනගර මෙන්ඩීස් සිට සෙබෙනිටොස් වෙත ගෙනගියේ ය.[1] ඊජිප්තුව පුරා ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් ඇරඹී ය; ෆිලේ හී අයිසිස් දෙවොලේ ඉදිකිරීම් මොහු විසින් අරඹන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1]
ටියොස් Fragment of a faience saucer inscribed with the name of King Teos (Djedhor). 30th Dynasty. From the Palace of Apries at Memphis, Egypt. The Petrie Museum of Egyptian Archaeology, London.jpg ක්‍රි.පූ. 362-360 ඉර්මාටෙන්රේ ක්‍රි.පූ. 365 පමණ සිට සිය පියා වූ පළමුවන නෙක්ටනෙබෝ සමඟ හවුල් පාලනයක් ගෙනගියේ ය. ඊජිප්තු ජනයා අතර මොහු එතරම් ජනප්‍රිය චරිතයක් නොවූයේ, ඇකිමේනීය සිරියාව සහ පලස්තීනයට එරෙහිව යුධ ව්‍යාපාර සඳහා ජනයාගෙන් අධික බදු අයකළ නිසායි.[1] මින් ප්‍රයෝජන ගත් රජුගේ සහෝදර, ට්ජහපිමු, සිය පුත්‍රයා වූ දෙවන නෙක්ටනෙබෝ සිහසුනට පත්කරලී ය.
නෙක්ටනෙබෝ II Head of Nectanebo II-MBA Lyon H1701-IMG 0204.jpg ක්‍රි.පූ. 360-343 සෙනෙඩ්ජෙමිබ්‍රා සෙටෙන්පෙනින්හුර් පුරාතන ඊජිප්‍තුවේ අවසන් ස්වදේශික පාලකයායි. එසේවුව ද, නෙක්ටනෙබෝ ඉතා කාර්යශූර පාලකයකු වූ අතර, සිය මුත්තණුවන් සේම ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් ඔහු ඇරඹී ය.[2] ක්‍රි.පූ. 343 දී තෙවන ආර්ටසර්ක්සීස් විසින් මොහුව ධුරයෙන් නෙරපී ය. අනතුරුව මොහු නුබියාව වෙත පලාගිය අතර, ඉන්පසු මොහු පිළිබඳ තොරතුරු හමු නොවේ.[3]

30වන රාජවංශයේ කාලරේඛාව[සංස්කරණය]

Nectanebo IITeos of EgyptNectanebo I

පවුල් ගස[4][සංස්කරණය]

ඩ්ජෙඩ්හොර් A[...]මු (♀)
Double crown.svgනෙක්ටනෙබෝ Iමෙර්යේතාපි (♀)නෙසිබනෙබ්ඩ්ජෙඩෙට් A
Double crown.svgටියොස්ට්ජහපිමුඋඩ්ජෂු (♀)ටිඛාබෙස් (♀)පෙඩියාමුන්
ඛෙඩෙබ්නෙයිතිර්බිනෙට් II (?) (♀)Double crown.svgනෙක්ටනෙබෝ IIනඛ්ට්නෙබෙෆ් A
නම් නොකළ පුත්‍රයෙක්

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Mark, Joshua J. (2016-10-12). "Late Period of Ancient Egypt - World History Encyclopedia". World History Encyclopedia. සම්ප්‍රවේශය 2017-12-21.
  2. Ancient History Encyclopedia
  3. Emmanuel K. Akyeampong and Henry Louis Gates, Jr (2012). Dictionary of African Biographies - Gooogle Books. Oxford University Press. ISBN 9780195382075. සම්ප්‍රවේශය 2017-12-17.
  4. * Aidan Dodson & Dyan Hilton, The Complete Royal Families of Ancient Egypt, Thames & Hudson, 2004, p. 256.