හත්වන ටොලමි නියොස් ෆිලොපේටර්

විකිපීඩියා වෙතින්

ටොලමි VII නියොස් ෆිලොපේටර්[note 1] (ග්‍රීක: Πτολεμαῖος Νέος Φιλοπάτωρ, Ptolemaĩos Néos Philopátōr "ටොලමි, සිය පියාගේ නව ආදරණීයයා") යනු ටොලමයික යුගයට අයත් ඊජිප්තු රජකෙනෙකි. ඔහුගේ රාජ්‍ය සමය මතභේදාත්මක අතර, ඇතැම්විට ඔහු රාජ්‍ය පාලනය නොකළා ද විය හැක. ඇතැම්විට ඔහුට මරණින් පසුව රාජකීය ගෞරවයක් ලබා දෙන්නට ඇත. ඔහු ටොලමි VI ෆිලොමේටර් සහ ඊජිප්තුවේ දෙවන ක්ලියෝපැට්‍රාගේ පුත්‍රයායි.

සටහන්[සංස්කරණය]

  1. ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.

අශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

හත්වන ටොලමි නියොස් ෆිලොපේටර්
උපත:  ? මරණය: ක්‍රි.පූ. 144
පූර්වප්‍රාප්තිකයා
ටොලමි VI
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 145–144
ටොලමි VI සහ ක්ලියෝපැට්‍රා II සමග
අනුප්‍රාප්තික
ටොලමි VIII සහ ක්ලියෝපැට්‍රා II



සැකිල්ල:AncientEgypt-bio-stub සැකිල්ල:Africa-royal-stub