ටොලමියානු රාජවංශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ටොලමියානු රාජවංශය
<
p
t
wAl
M
iis
>
ර‍ට පුරාතන ඊජිප්තුව, මැසිඩෝනියාව, මෝරිටේනියා
අභිධාන පාරාවෝ, මැසිඩෝනියාවේ රජ, මෝරිටේනියාවේ රජ
මුල්ම රජ ටොලමි I සෝටර්
අවසන් රජ ක්ලියෝපැට්රා VIII
වත්මන් රජ නෂ්ට වූ
ඇරඹුම ක්‍රි.පූ. 305
ජනවර්ගය ග්‍රීක

ටොලමියානු රාජවංශය /ˌtɒləˈm.ɪk/ (පුරාතන ග්‍රීක:Πτολεμαῖοι, Ptolemaioi) හෙවත් ඇතැම් අවස්ථාවන්හි ලැගිඩ්වරුන් /ˈlæɪdz/ හෝ ලැගිඩේ /ˈlæɪˌd/ (පුරාතන ග්‍රීක:Λαγίδαι, Lagidai, Iවන ටොලමිගේ පියා වූ ලැගස් අනුව යෙදුණකි) යනුවෙන් හැඳින්වෙන්නේ හෙලනිස්තික යුගයේ ඊජිප්තුවේ ටොලමියානු රාජධානිය පාලනය කළ මැසිඩෝනියානු සම්භවයක් සහිත ග්‍රීක[1][2][3][4][5] ඔවුන්ගේ පාලනය වර්ෂ 275ක් පැවති අතර, එය ක්‍රි.පූ. 305 සිට 30 දක්වා පැවතිණි. මෙය පුරාතන ඊජිප්තුවේ අවසන් රාජවංශය ලෙස සැලකෙයි.

ටොලමි, මහා ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතීන්ගේ ආරක්ෂකයන් සත්දෙනාගෙන් අයෙකි. ක්‍රි.පූ. 323දී ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු, ඔහුව ඊජිප්තුවේ ප්‍රදේශ රාජයා ලෙස නම් කරන ලදී. ක්‍රි.පූ. 305දී ඔහු තමන්ව Iවන ටොලමි ලෙස හඳුන්වා ගත්තේ ය. පසුකලෙක ඔහුව සෝටර් හෙවත් "ගැලවුම්කරුවා" ලෙස හැඳින්විණි.

ඊජිප්තුවරුන් මඳ කලෙකින්ම ටොලමිවරුන්ව, නිදහස් ඊජිප්තුවේ පාරාවෝවරුන්ගේ අනුප්‍රාප්තිකයින් ලෙස සලකන ලදී. ක්‍රි.පූ. 30දී රෝමය විසින් යටත් කරගන්නා තෙක්ම ටොලමිගේ පවුල විසින් ඊජිප්තුවේ පාලනය ගෙන යන ලදී.

මෙම රාජවංශයේ සියලුම පුරුෂ පාලකයින් ටොලමි යන නාමය භාවිතා කර තිබේ. ඇතැම් ටොලමියානු රාජ්‍ය කළ රැජිනියන් සිය සැමියන්ගේ සොයුරියන් වූ අතර ඔවුන්ව බොහෝවිට ක්ලියෝපැට්රා, ආර්සිනෝයි හෝ බෙරෙනිස් යන නාමයෙන් හැඳින්විණි. මෙම පෙළපතේ වඩාත් ප්‍රකට සාමාජිකයා මෙහි අවසන් රැජිනිය වූ VIIවන ක්ලියෝපැට්රා ය. ඇය ජුලියස් සීසර් සහ පොම්පේ අතර පැවති දේශපාලන අරගලවලදීත්, පසුව ඔක්ටේවියන් සහ මාක් ඇන්ටනි අතර ඇති වූ අරගලවලදීත් දැක්වූ දායකත්වය හේතුවෙන් ප්‍රකට වූවා ය. රෝම ආක්‍රමණයේ දී ඇය විසින් සිය දිවි හානි කරගැනීම ඊජිප්තුවේ ටොලමියානු පාලනයේ අවසානය සනිටුහන් කළේ ය.

ටොලමියානු පාලකයින් සහ බිසෝවරුන්[සංස්කරණය]

මෙහි වරහන් තුළ දක්වා ඇති දිනයන් ටොලමියානු පාරාවෝවරුන්ගේ රාජ්‍ය වර්ෂයන් වේ. ඔවුහු බොහෝ විට සිය භාර්යාවන් සමග හවුල් පාලනයක් ගෙනගියෝ ය. බොහෝ විට මෙම භාර්යාවන් ඔවුන්ගේම සොයුරියන් විය. රැජිනියන් කිහිප දෙනකු විසින් රාජ්‍ය අධිකාරය හොබවා තිබේ. මේ අතරින් අවසාන මෙන්ම සුප්‍රකටම රැජිනිය ක්ලියෝපැට්රා ("ක්ලියෝපැට්රා VII ෆිලොපේටර්", ක්‍රි.පූ. 51–30) ය. ඇය ඇගේ සොයුරන් දෙදෙනා සහ පුත්‍රයා සමග ගෙනගිය හවුල් පාලන සමයේ ක්‍රියාකාරී පාලකයා වූයේ ඇයයි. අවසන් පාලකයින් අංකනය කිරීම සඳහා නොයෙකුත් ක්‍රමවේද භාවිත වී ඇත. මෙහි භාවිත ක්‍රමය නූතන විද්වතුන් විසින් වඩාත් බහුලව භාවිතා කෙරෙන ක්‍රමයයි.

ටොලමියානු පවුල් ගස[සංස්කරණය]

ටොලමියානු රාජවංශයේ සෙසු සාමාජිකයින්[සංස්කරණය]

වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණය[සංස්කරණය]

වර්තමාන විද්වතුන් පවසන්නේ ටොලමියානු රාජවංශයේ බොහෝ දෙනා අධික ස්ථූලභාවයෙන් පෙළුණු බවයි. එයට හේතුව ප්‍රතිමා සහ කාසිවල දැක්වෙන් ඔවුන්ගේ රූපවල නෙරා ආ ඇස් සහ ඉදිමුණු ගෙල සහිත බැවිනි. කුටුම්භීය ග්‍රේව්ස් රෝගය මගින් ඔවුන්ගේ ඉදිමුණු ගෙල සහ නෙරා ආ ඇස් (උදක්ෂිය) පිළිබඳ විස්තර කළ හැක.

මෙම සොයාගැනීම් පිළිබඳ කුටුම්භීය ස්වරූපයෙන් සොයාබලන විට, මෙම රාජවංශයේ සාමාජිකයන් බහු-ඉන්ද්‍රිය ෆයිබ්‍රෝටික තත්ත්වයකින් පෙළෙන්නට ඇති බව පෙනේ. මෙම තත්ත්වය අර්ඩ්හයිම්-චෙස්ටර් රෝගය හෝ කුටුම්භීය බහු කේන්ද්‍රීය ෆයිබ්‍රොස්‍ක්ලෙරෝසිස් ත්ත්වයක් විය හැක.[7]

පින්තූර ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ජෝන්ස්, පෘඩන්ස් ජේ. (2006). ක්ලියෝපැට්රා: අ සෝස්බුක්. ඔක්ලහෝමා විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. පි. 14. "ඔවුහු ටොලමියානු රාජවංශයේ සාමාජිකයන් වූ මැසිඩෝනියානු ග්‍රීකවරු වූහ. ඔවුහු එහි රණශූර මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු ඊජිප්තුව පාලනය කළහ." 
  2. පොමරෝයි, සාරා බී. (1990). විමෙන් ඉන් හෙලනිස්ටික් ඊජිල්ට්. වේන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. පි. 16. "ටොලමියානු ඊජිප්තුව ග්‍රීක පාලන පන්තියක් සහිත රාජාණ්ඩුවක් විය." 
  3. රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී., ed (2000). ද ඔක්ස්ෆර්ඩ් එන්සයික්ලොපීඩියා ඔෆ් ර්න්ෂන්ට් ඊජිප්ට්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. "VIIවන ක්ලියෝපැට්රා උපත ලැබූයේ ටොලමි XII ඕලීට්ස් (ක්‍රි.පූ. 80–57, රාජ්‍ය සමය ක්‍රි.පූ. 55–51) සහ ක්ලියෝපැට්රාගේ දියණිය ලෙස ය. ඇගේ දෙමාපියන් දෙදෙනාම මැසිඩෝනියානු ග්‍රීකවරු වූහ." 
  4. බාඩ්, කැත්රින් ඒ., ed (1999). එන්සයික්ලොපීඩියා ඔෆ් ද ආකියොලොජි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. රූට්ලෙජ්. පි. 488. "ටොලමියානු රජවරුන් ඒ වනවිටත් කිරුළු පැළඳියේ මෙම්ෆිස්හි වන අතර, එම නගරය ප්‍රකට වූයේ මැසිඩෝනියානු ග්‍රීකවරුන් විසින් පිහිටුවූ ඇලෙක්සැන්ඩ්‍රියාවට එරෙහි ඊජිප්තු සතුරු නගරයක් ලෙසයි." 
  5. බාඩ්, කැත්රින් ඒ., ed (1999). එන්සයික්ලොපීඩියා ඔෆ් ද ආකියොලොජි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. රූට්ලෙජ්. පි. 687. "ටොලමියානු යුගයේ දී, ග්‍රීක සම්භවයක් ඇති පාලකයින් විසින් ඊජිප්තුව පාලනය කළ සමයේ..." 
  6. වැසන්, ඩොනල්ඩ් (පෙබරවාරි 3, 2012). "ටොලමි I". ඒන්ෂන්ට් හිස්ට්‍රි එන්සයික්ලොපීඩියා. සම්ප්‍රවේශය ඔක්තෝබර් 1, 2016. 
  7. ඇශ්‍රාෆියන්, හියුටන් (2005). "ෆැමිලියල් ප්‍රොප්ටෝසිස් ඇන්ඩ් ඔබේසිටි ඉන් ද ටොලමීස්". J. R. Soc. Med. 98 (2): 85–86. 

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • සුසෑන් ස්ටීවන්ස්, Seeing Double. Intercultural Poetics in Ptolemaic Alexandria (බර්ක්ලේ, 2002).
  • ඒ. ලැම්පෙලා, Rome and the Ptolemies of Egypt. The development of their political relations 273-80 B.C. (හෙල්සින්කි, 1998).
  • ජේ. ජී. මැනිං, The Last Pharaohs: Egypt Under the Ptolemies, 305-30 BC (ප්‍රින්ස්ටන්, 2009).

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ටොලමියානු_රාජවංශය&oldid=388845" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි