නෙෆර්ටිටි

විකිපීඩියා වෙතින්
නෙෆර්නෙෆරුආටෙන්-නෙෆර්ටිටි රූපාක්ෂර වලින්
X1
N35
N5
M17F35F35F35F35
 
F35M18X1
Z4
B1

නෙෆර්නෙෆරුආටෙන් නෙෆර්ටිටි
Nfr nfrw itn Nfr.t jy.tj
ආටෙන්ගේ සුන්දරියන් අතර සුන්දරිය,සුන්දරිය පැමිණ ඇත.
නෙෆර්ටිටි
ඊජිප්තුවේ අගබිසව
නිල කාලයක්‍රි.පූ. 1353–1336[1] හෝ
ක්‍රි. පූ.1351–1334[2]
උපතක්‍රි.පූ. 1370 පමණ
මරණයක්‍රි.පූ. 1330 පමණ
වල්ලභයාඅක්‍නාටෙන්
දරුවන්මෙරිටාටෙන්
මෙකෙටාටෙන්
අන්ඛෙසෙනමුන්
නෙෆර්නෙෂරුආටෙන් ටැෂෙරිට්
නෙෆර්නෙෆරුරේ
සෙටෙපෙන්රේ
සම්පූර්ණ නාමය
නෙෆර්නෙෆරුආටෙන් නෙෆර්ටිටි
රාජවංශයඊජිප්තුවේ 18වන
පියාආයි (විය හැකියි)
ආගමපැරණි ඊජිප්තු ආගම

නෙෆර්නෙෆරුආටෙන් නෙෆර්ටිටි (/ˌnɛfərˈtti/[3]) (ක්‍රි.පූ. 1370 – 1330 පමණ) ඊජිප්තු පාරාවෝ වරයකු වූ අක්නාටෙන්ගේ මහා රාජකීය භාර්යාව(අග බිසව) වූවා ය. නෙෆර්ටිටි සහ ඇගේ ස්වාමියා තනි දෙවියෙකු, එනම් ආටෙන් හෙවත් හිරුමඩල වෙනුවෙන් වන්දනාමාන කිරීම ඇරඹූ අතර මෙය ආගමික විප්ලවයක් ලෙස සැලකේ. ඊජිප්තුව තුළ ආගමික සම්ප්‍රදායයන් වෙනස් මගකට හැර වූ මෙම නව ආගම හදුන්වා දීමට මූලික වූයේ අක්නාටෙන් සහ නෙෆර්ටිටි ය. ඇය සිය සැමියා සමග රාජ්‍ය කළ යුගය ඊජිප්තු ඉතිහාසයේ ධනවත්ම යුගය ලෙස සැලකෙයි.[4] සමහර විද්වතුන් විශ්වාසකරන්නේ නෙෆර්ටිටි සිය සැමියාගේ මරණින් පසුව, ස්මෙන්ඛාරේ රාජප්‍රාප්තියට ප්‍රථම නෙෆර්නෙෆරුආටෙන් යන නාමයෙන් රාජ්‍යය පාලනය කළ බවයි.එසේවුවත් මෙම මතය විවාදයට තුඩු දී ඇත.[5][6]

නෙෆර්ටිටි සදහා විවිධ අන්වර්ථ නාමයන් පැවතිණි. ඒ අතර පාරම්පරික කුමරිය (iryt-p`t); මහා අභිනන්දණිය (wrt-hzwt); කරුණාවේ ආර්යාව (nbt-im3t), ආදරයේ ප්‍රියාවිය (bnrt-mrwt); භූමි ද්විත්වයේ ආර්යාව (nbt-t3wy); ප්‍රධාන රජුගේ බිසව, ඔහුගේ ප්‍රියාවිය (hmt-niswt-‘3t meryt.f); මහා රජුගේ භාර්යාව, ඔහුගේ ප්‍රියාවිය (hmt-niswt-wrt meryt.f), සියලු කාන්තාවන්ගේ ආර්යාව (hnwt-hmwt-nbwt); ඉහළ සහ පහළ ඊජිප්තුවේ උත්තමාවිය (hnwt-Shm’w-mhw) යන නාමයන් ප්‍රධාන වේ.[7]

ඇය ප්‍රසිද්ධියට පත් වූයේඇගේ උඩුකය මූර්තිය නිසාවෙනි. වර්තමානයේ එය බර්ලින්හි නියුස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙම ප්‍රතිමාව පැරණි ඊජිප්තුවේ නිර්මාණ අතරින් වඩාත්ම අනුකරණයට ලක් වූ නිර්මාණය වේ. මෙය මූර්ති ශිල්පී තුත්මොස් ගේ නිර්මාණයක් ලෙස සැලකෙන අතර මෙය ඔහු‍ගේ වැඩබිමෙන් හමුවූවකි. මෙම ප්‍රතිමාව පැරණි ඊජිප්තුවන් මුහුණේ ස්වභාවයන් ස්වාභාවික අයුරින් නිරූපණයට දැක් වූ දක්ෂතාව සදහා කදිම නිදසුනකි.[තහවුරු කර නොමැත]

පවුල[සංස්කරණය]

මෙයත් නරඹන්න : ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ පවුල් ගස
අක්නාටෙන්, නෙෆර්ටිටි සහ ඔවුන්ගේ දියණියන් තිදෙනෙකු නිරූපිත කැටයමක්; හුනුගලින් තනා ඇත; නව රාජධානිය, අමර්ණ යුගය, 18වන රාජවංශය; ක්‍රි. පූ. 1350 පමණ - එකතුව: ඒජිප්ටිස්කස් මියුසියම් බර්ලින්, Inv. 14145

නෙෆර්ටිටි, ඊජිප්තු Nfr.t-jy.tj, යන්නෙහි සැබෑ උච්චාරණය නැෆ්ටෙටා, ("රූමතිය පැමිණ ඇත") යන්නයි. ඇගේ දෙමව්පියන් පිළිබද එතරම් පැහැදිලිව සදහන් නොවේ. නමුත් එක් ප්‍රධාන මතයක් වන්නේ ඇය පසුව පාරාවෝවරයකු බවට පත් වූ ආයි ගේ දියණිය බවයි. නමුත් මෙම මතය බොහෝ විට අසත්‍ය විය හැකි අතර ආයි සහ ඔහුගේ බිරිද ටෙයි හට කිසිදින නෙෆර්ටිටිගේ මව සහ පියා ලෙස ඇමතූ බවක් සදහන් නොවේ. ඇය සහ ‍ටෙයි අතර පැවති එකම සම්බන්ධය, ටෙයි 'මහා රැජින නෙෆර්ටිටිගේ හෙදිය' ලෙස කටයුතු කිරීමයි.[8] අමර්ණා හි වංශාධිපතීන්ගේ සොහොන්ගැබකින් හමු වූ නෙෆර්ටිටි නිරූපිත දර්ශනයක රැජිණගේ සොයුරිය මුට්බෙන්රෙට් (කලින් කියැවූයේ මුට්නෝද්ජෙමෙට් ලෙසයි) බව සදහන්වේ. [9][10]

වෙනත් මතයකට අනුව නෙෆර්ටිටි සහ මිටානි හි ටඩුක්හිපා කුමරිය අතර පැවති සම්බන්ධය පැහැදිළි කරයි. කියවේ.[11] කෙසේනමුත් ටඩුක්හිපා අක්නාටෙන්ගේ පියාට විවාහ කර දී ඇති අතර නමුත් මෙම තැනැත්තිය අක්නාටෙන් සමග යෝජිත විවාහයක් සදහා සිය නම වෙනස් කළ බවට හෝ නෙෆර්ටිටිහට ඊජිප්තු-නොවන විදේශීය පසුබිමක් තිබූ බවට හෝ කිසිදු සාධකයක් හෝ හේතුවක් හමු නොවේ. .

නෙෆර්ටිටි සහ අක්නාටෙන් විවාහ වූ කාලවකවානු හා ඇය රැජිනක් බවට පත්වූ නිශ්චිත කාල වකවානු පැහැදිළි නැත. කෙසේ වෙතත් මෙම යුවලට සිටි බවට හදුනාගෙන ඇති දියණියන් සය දෙනා (ඔවුන්ගේ අනුමාන කළ උපන් වර්ෂ සමග):[10][11]

දිවිය[සංස්කරණය]

හුනුගලින් නිම වූ සිටගත්/ඉදිරියට පා නගන නෙෆර්ටිටි ප්‍රතිමාව. අමර්ණවලින් හමු වූ සැබෑ මූර්තියකි. ඒජිප්ටිස්කස් මියුසියම් බර්ලින් එකතුවේ තබා ඇත.

නෙෆර්ටිටි පිළිබදව පළමුවරට හමුවන්නේ තීබ්ස් හි දර්ශනවලිනි. ඒ රාජකීය ‍පානාගාර සේවකයකු වූ පැරෙනෙෆර්ගේ ගේ හානි වූ සොහොන්ගැබෙනි (TT188). මෙහි සදහන් වන්නේ නව රජු වූ IVවන අමෙන්හොටෙප් රාජකීය ස්ත්‍රියක් සමග සිටින දර්ශනයකි. මෙය නෙෆර්ටිටිගේ පැරණිම නිරූපණයක් ලෙස සැලකේ. මෙහි රජු හා රැජිණිය ආටෙන් දෙවිදු හට වන්දනාමාන කරමින් සිටිති. රාමෝස් නම් අමාත්‍යවරයාගේ සොහොන්ගැබෙහි නෙෆර්ටිටි ව නිරූපණය වන්නේ IVවන අමෙන්හොටෙප් පිටුපස සිටගෙන රාමොස්ගේ තනතුරු ප්‍රදානෝත්සවය දෙස බලා සිටින අයුරිනි..[11]

මගුල් ඔරුවෙහි සිට සිරකාරියකට පහර දෙන නෙෆර්ටිටි නිරූපිත හුනුගල් කැටයමක සමීප දර්ශනයක්. මෙය බොස්ටන්හි ලලිත කලා කෞතුකාගාරයේ තබා ඇත.

මුල් කාලයේ තීබ්ස් හි අක්නාටෙන් (මෙකල මොහු IVවන අමෙන්හොටෙප් ලෙස හැදින්විණි.) විසින් කාර්නැක්වල දේවස්ථාන කිහිපයක් ඉදිකරන ලදී. ඉන් එක් නිර්මාණයක් වන බෙන්බෙන් ප්‍රාසාදය (හ්ව්ට්-බෙන්-බෙන්) නෙෆර්ටිටි වෙනුවෙන් පුදකර ඇත. මෙහි ඇය ඇගේ දියණිය වූ මෙරිටාටෙන් සහ සමහර දර්ශනවල දී මෙකෙටාටෙන් කුමරිය සමග සහභාගී වන අවස්ථා දැකගත හැක. ටලටට් වලින් හමු වූ දර්ශනවල ඇගේ සැමියාව කිහිප වරක් නිරූපණය කරන අවස්ථාවන්හි නෙෆර්ටිටිව දෙවරක් නිරූපණය කර ඇත. එහි ඇය පාරාවෝ පසුපස හිද ඔහුගේ ප්‍රදානෝත්සව සදහා ආධාර කරන අයුරු දැක්වේ. එසේම රජුගේ පරමාධිපත්‍යය නිරූපිත දර්ශනවල ද ඇය සිටිනු දැකගත හැක. එහි ඇය සතුරන්ට පහර දෙන අයුරුත්, අල්ලාගත් සතුරන් ඇගේ සිහසුන අලංකාර කරන අයුරුත් දිස් වේ..[12]

IVවන අමෙන්හොටෙප් සිය හතරවන රාජවර්ෂයේදී, අගනගරය අක්ටාටෙන් (වර්තමාන අමර්ණා) වෙත ගෙනයාමට තීරණය කළේ ය. පස්වන වර්ෂයේ දී ඔහු සිය නාමය අක්නාටෙන් ලෙස වෙනස් කරගත්තේය. එතැන් සිට නෙෆර්ටිටි, නෙෆර්නෙෆරුආටෙන්-නෙෆර්ටිටි ලෙස වෙනස් කර ගත්තා ය. මෙම නාමය වෙනස් වීම ‘ආටෙන්’ පිදීමේ සංස්කෘතිය පිබිදීමේ සංකේතයක් විය. මෙහිදී බහුදේවවාදී ආගම, ඒකදේවවාදී සංකල්පය (එක් දෙවියකු පිදීම) හෝ සමේශ්වරවාදය (එක් දෙවියකු සිටිය ද ඔහු සිටින එකම දෙවියා නොවී ය) සහිත ආගමක් බවට පත් විය.[13]

4 සහ 5 වර්ෂ ඇතුළත අක්ටාටෙන් නම් නගරය පිහිටුවීමට අදාලව සීමා ලකුණු කිරීමට සුවිසල් ශිලා ස්තම්භ පිහිටුවන ලදී. ආටෙන් දෙවියන් වෙනුවෙන් පිදූ විවෘත දේවස්ථාන සමුහයකින් නව නගරය සමන්විත විය. නෙෆර්ටිටි සහ ඇගේ පවුලේ උදවිය නව නගරය මධ්‍යයේ ඉදිවූ සුවිසල් රජ මාළිගයක (උතුරුදිග මාළිගයේ )පදිංචි වීම සිදුවිය.නෙෆර්ටිටි සහ ඇගේ පවුලේ සමාජිකයන් නගර මධ්‍යයෙහි වූ මහා රාජ මාලිගයේ සහ උතුරු මාලිගයේ වාසය කැන්නට ඇතැයි සැලකේ. නෙෆර්ටිටි සහ පවුලේ ඉතිරි සාමාජිකයින්ගේ රාජමාලිග දර්ශන ප්‍රධාන වශයෙන්ම මාලිගාවල සහ වංශාධිපති සොහොන්ගැබ්වලින් හමු වේ. මෙකල නෙෆර්ටිටිගේ ආරක්ෂක නිලධාරියා IIවන මෙරිරේ නම් වූ අතර ඔහු විසින් ඇගේ මාළිගාවේ අභ්‍යයන්තර කටයුතු මෙහෙයවන ලදී.[5][11]

හුයා සහ IIවන මෙරිරේගේ සොහොන් ගැබ්වලින් හමුවන ශිලා ලේඛනයක 12වන වර්ෂයේ, පෙරෙට්ගේ 2වන මාසයේ, 8වන දිනයේසිදු වූ විශාල විදේශීය ත්‍යාග ප්‍රදානයක් පිළිබදව සදහන් ‍වේ. ඛරු (උතුරු) සහ කුෂ් (දකුණු) ප්‍රදේශ වල ජනතාව රත්තරන් ඇතුළු අනෙකුත් වටිනා ත්‍යාග අක්නාටෙන් රජුට හා නෙෆර්ටිටි රැජිනියට පිරිනමන අයුරු එයින් දැක්වේ. නෙෆර්ටිටිගේ සේවකයා වූ IIවන මෙරිරේගේ සෙහොන්ගැබෙහි රාජකීය යුවළ සහ ඔවුන්ගේ දියණියන් සය දෙනා කුටියක අසුන්ගෙන සිටින අයුරු මෙයින් නිරූපිත ය.[5][11] මෙකෙ‍ටාටෙන් කුමරිය සජීවීව නිරූපිත අවසන් අවස්ථා අතරින් එකකි මෙය.

ෆ්ලින්ඩර්ස් පෙට්‍රී විසින් සොයාගන්නා ලද නෙෆර්ටිටි නිරූපිත ඵලක ද්විත්වයක අක්නාටෙන් රජුගේ පාලන සමයේ මැද සහ අවසාන භාගය අතර කාලයක නෙෆර්ටිටි නිරූපණය කර ඇත. [14] ඉන් එකක් හුනුගල් පුවරුවක් වන අතර එමගින් නෙෆර්ටිටි සිට විශේෂ උස් වූ කිරුළ පැළද සිටින අයුරු නිරූපිත ආරම්භක කටු සටහනකි. එහි ඇගේ මුඛය, නිකට, කන සහ කිරුළේ තීරුව කැටයම් කොට ඇත. අනෙක රතු-දුඹුරු පැහැ ක්වාට්සයිට් පාෂාණයෙන් නෙළන ලද සවි කිරීම සදහා තනන ලද හිසකි. (පෙට්‍රී කෞතුකාගාරය අංක UC103) එය විශාල ව්‍යුහයට සවි කිරීමට සකස් කොට තිබූ බව පැහැදිළි ය.

මෙකෙටාටෙන් කුමරිය වර්ෂ 13 හෝ 14දී මියයන්නට ඇතැයි සැළකේ. නෙෆර්ටිටි, අක්නාටෙන්, සහ කුමරියන් තිදෙනෙක් මෙකෙටාටෙන් කුමරිය වෙනුවෙන් වැළපෙන අවස්ථාවක් නිරූපණය කොට ඇත.[15] ඉන් පසු නෙෆර්ටිටි දක්නට නොලැබේ.[11]

මරණය[සංස්කරණය]

ආටෙන් පුදන නෙෆර්ටිටි. ඇයට භූමි ද්විත්වයෙහි උත්තමාවිය යන විරුද නාමය ලබා දෙන ලදී. මෙය ඔක්ස්ෆර්ඩ්හි ඇෂ්මෝලියන් කෞතුකාගාරයේ තබා ඇත.

පැරණි මතවාද[සංස්කරණය]

2012‍ට පෙර පැවති ඊජිප්තුවේදී මතවාද අනුව විශ්වාස කෙරුණේ අක්නාටෙන්ගේ වර්ෂ 12න් පසුව නෙෆර්ටිටි පිළිබද වචනයක් හෝ සදහන් නොවූ නිසා ඇය පිළිබදව ඓතිහාසික වාර්තා වල සදහන් නොවන බවයි. උපකල්පන අනුව ඇගේ මරණය නගරය පුරා පැතිරුණු වසංගතයකින් හෝ ස්වභාවික ආපදාවකින් සිදු ළුූ හදිසි මරණයක් යැයි පැවසිනි. මෙම මතය ගොඩනැගුණේ නෙෆර්ටිටි නිරූපිත ඵලක කොටස් කිහිපයක් ඇසුරෙනි. (දැනට ලූවර් සහ බෲක්ලින් කෞතුකාගාරවල තබා ඇති)

ඇය නින්දාවට ලක්වූ බවට වූ පැරණි මතය, ඕනෑකමින්ම අක්නාටෙන්ගේ බිසවකගේ විනාශ කර ඇති ස්මාරක මත පදනම්ව ඇති බවට පැවසුණ ද එම ස්මාරක කියා රැජිනට අයත් බව සොයාගෙන ඇත.[10]

අක්නාටෙන්ගේ රාජ්‍ය සමයේදී (සහ සමහරවිට ඊටත් පසුව)නෙෆර්ටිටි අසීමිත බලයකට උරුමකම් කීවා ය. ඔහුගේ දොලොස්වන වර්ෂයෙන් පසු ඇය සිය සැමියා සමග හවුලේ රාජ්‍යය පාලනය කළ බවට සාක්ෂි ඇත.[16] ඇය පාරොවෝගේ තත්ත්වයට සම තත්ත්වයක සිට රාජ්‍යය පාලනය කරන්නට ඇත. — මෙය සමහරවිට සම-රාජ්‍යාධිකාරී ශිලාස්තම්භයේ නිරූපණය වනවා වන්නට ඇත.

සමහර විට නෙෆර්නෙෆරුආටෙන් නමැති පාලකයා නෙෆර්ටිටි වන්නට ඇත. සමහර අදහස් වලට අනුව ඇය ලාබල රාජකීයයන්ට බලපෑම් කල බව කියැවේ. එම මතය අනුව නෙෆර්ටිටිගේ ජීවිතය තුතන්ඛාටෙන්ගේ 3වන වර්ෂයේ දී (ක්‍රි.පූ.1331) අවසන්වූ බව කියවේ. එම වර්ෂයේ දී තූතන්ඛාටෙන් විසින් සිය නම තූතන්ඛාමන් ලෙස වෙනස්කර ගන්නා ලදී. ‍ඔහුගේ සම්ප්‍රාප්තිය නැවත අමුන් දෙවියන් ඇදහීමට දොරටු විවර විය. එසේම ඔහු අමර්ණා වල තිබූ අගනගරය තීබ්ස් වලට ගෙනගියේ ය..[5]

නව මතවාද[සංස්කරණය]

2012දී සොයාගත් ආකාරයට, රාජ්‍ය වර්ෂ 16, 3 වන අඛෙට්ගේ මාසය, 15 වන දින අක්නාටෙන්ගේ රාජ්‍ය සමයට අයත් සෙල්ලිපියේ "මහා රාජකීය බිරිද, ඔහුගේ ප්‍රේමණීය, භූමි ද්විත්වයක උත්තමාවිය, නෙෆර්නෙෆරුආටෙන් නෙෆර්ටිටි" පිළිබද සදහන් වේ.[17][18] අපහසුවෙන් කියවා ගත් පේළි පහකින් යුත් පාඨයන්හි "අමර්ණහි ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියක්" (අක්නාටෙන් යටතේ ඊජිප්තුවේ අගනුවර) පිළිබද සදහන් වේ.[19][20] මෙම ශිලා ලෙඛනය හමු වූයේ උතුරු අමර්ණාහි, ඩේර් අල්-බර්ෂාට උතුරින් පිහිටි ඩේර් අබූ හිනිස් පෙදෙසෙහි හුනුගල් වැඩපලකිනි.[21] මෙම ශිලාලිපිය පිළිබද 2014 ජර්නලයකට ලිපියක් ලියමින් ඇතීනා වැන් ඩර් පෙරී පවසන්නේ මෙම පේළි පහකින් යුත් ගොඩැනැගිලි ශිලාලේඛනය ඩයිර් අබූ හිනිස් හි හුනුගල් වැඩපලකින් හමු වූ බවයි.[22] වැන් ඩර් පෙරී පවසන්නේ ඩේර් අබු හිනිස් පිහිටා ඇත්තේ "අමර්ණ සිට කිලෝමීටර දහයක් පමණ උතුරට වන්නට නයිල් නදියේ නැගෙනහිර පැත්තේ බවයි" එසේම වාර්තාකරන පරිදි ගොඩනැගිලි ඉදිකිරීම පිළිබද ශිලා ලේඛනයෙහි රාජ්‍ය පාලනය කළ අක්නාටෙන් රජු සහ නෙෆර්ටිටි රැජින පිළිබද රජුගේ ලියන්නා වූ පෙන්තු සමානත්වයෙන් දක්වා ඇති බවයි.[23] පෙන්තු, අමර්ණ සොහොන්ගැබ 5හි අයිතිකරු ලෙස සැලකෙයි—එහි ඔහුගේ තනතුර "අක්ටාටෙන්හි ආටෙන් මැදුරේ ආටෙන්ගේ ප්‍රථම සේවකයා"‍ ලෙස දැක්වේ. ඔහුගේ නමේ අසාමාන්‍යතාව නිසා සහ ප්‍රධාන පූජකවරයා ලෙස ඔහුගේ තනතුර නිසා—වැන් ඩර් පෙරී ලියන්නේ—එම පෙන්තුම ආටෙන් දෙවොලේ ගල්වැඩපල භාරව සිටි බව පවසයි.[24] කෙසේනමුත් වැන් ඩර් පෙරී පවසන්නේ:

"...ඩේර් අබු හිනිස්වලින් හමු වූ සෙල්ලිපියෙහි වැදගත්කම එම පාඨයෙහි පළමු කොටසින් පැහැදිළි වේ. මෙම සෙල්ලිපිය ඔහුගේ (අක්නාටෙන්ගේ) 16වන වර්ෂයේදීත් අක්නාටෙන් සහ නෙෆර්ටිටි ජීවත්ව සිටි බවට සාක්ෂියකි. එසේම ඔවුන්ගේ සමයේ ආරම්භයේ ඔවුන් දෙදෙනාම සමාන තනතුරු ඉසිලු බව පැහැදළි වේ. මේ නිසා අමර්ණ යුගයේ අවසන් වර්ෂ කිහිපය පිළිබද නැවත සිතා බැලීම අත්‍යාවශය වේ."[25]

මෙමගින් පැහැදිළි වන්නේ අක්නාටෙන්ගේ රාජ්‍ය සමයේ අවසානයේදී ත් (පාරාවෝගේ අවසන් වර්ෂය වූයේ ඔහුගේ 17වන වර්ෂයයි) නෙෆර්ටිටි ජීවත්ව සිටි බවයි. එසේම අක්නාටෙන් රාජ්‍ය පාලනය කළත්, නෙෆර්ටිටි බිරිද ලෙස ඔහුට උපකාර කළ බව පැහැදිළි වේ. මේ නිසා අමර්ණ පාරාවෝවරියක වූ නෙෆර්නෙෆරුආටෙන්ගේ රාජ්‍ය සමය අක්නාටෙන්ගේ මරණය සහ තුතන්ඛාමුන්ගේ බලයට පත්වීඹත් අතර කාලයට අයත් විය යුතු ය. මේ නිසා පාරාවෝවරිය සිය මුදුවලින් එකක 'ඇගේ සැමියා සදහා ක්‍රියාත්මක' යන විරුදය සටහන් කර තබන්නට ඇත.[26] මෙමගින් ඇය නෙෆර්ටිටි හෝ ඇගේ දියණිය මෙරිටාටෙන් (ස්මෙන්ඛරේ රජු සමග විවාහ වූ) නිරූපණය වේ යැයි සිතිය හැක.

භූමදානය[සංස්කරණය]

ඇගේ මරණය සහ භූමදානය පිළිබද විවිධ මත ඉදිරිපත් වී ඇතත්, මෙම ප්‍රකට රැජිනගේ මමිය, ඇගේ දෙමව්පියන්ගේ හෝ ඇගේ දරුවන්ගේ මමී නිල වශයෙන් හදුනාගෙන නොමැත. 1898දී පුරාවිද්‍යාඥයකු වූ වික්ටර් ලොරෙට් රජුන්ගේ නිම්නයේ KV35හි IIවන අමෙන්හොටෙප්ගේ සොහොන්ගැබෙන් කාන්තා මමී යුගලක් සොයා ගත්තේ ය. මෙම මමී ද්විත්වය 'වැඩිමහල් ස්ත්‍රිය' සහ‍‍ 'ලාබාල යුවතිය' ලෙස නම් කරන ලදී.

2001දී KMT පුවත්පත යෝජනා කළේ වැඩිහිටි ස්ත්‍රියගේ මමිය නෙෆර්ටිටිගේ සිරුර විය හැකි බවයි.[27] මෙම මමිය අයත් ස්ත්‍රියගෙ වයස තිස්පහක්, හතලිහක් පමණ වන අතර නෙෆර්ටිටිගේ මියයන විට අනුමාන කළ වයසට එය සමාන බව ඔවුහු පවසති. එයට සාක්ෂි ලෙස මෙම මමියේ දත් අවුරුදු 29ත් 38ත් අතර අයෙකුගේ දත්වලට සමාන වීම ඉදිරිපත් විණි. ය. නෙෆර්ටිටි මියගියේ මෙම වයසේ දී යැයි සැලකේ. නෙෆර්ටිටිගේ නිමනොකළ උඩුකය මූර්තිවල මුහුණට මෙම මමියේ මුහුණේ ස්වරූපය බොහෝදුරට සමාන බව පැවසේ. මෙය අන්ඛෙසෙනමුන්ගේ බවට ද මත පළ විය.

මෙම මමියේ දත්වලින් ලබාගත් DNA නූතනම පරික්ෂාවකට ලක්කළ‍ විට හෙළි වූයේ 'වැඩිහිටි ස්ත්‍රියගේ මමිය' සැබවින්ම අක්නාටෙන්ගේ මව වූ ටියේ රැජිනගේ බවයි. මෙම මමියේ DNA සෘජුවම නොවන මුත් ආසන්න වශයෙන් තුතන්ඛාමුන්ගේ සොහොන්ගැබෙන් හමු වූ කෙස්රොදට ගැළපෙන බව පැහැදිළි විය. මෙම කෙස්රොද සහිත මිනී පෙට්ටියේ ටියේ රැජින පිළිබද සෙල්ලිපියක් අන්තර්ගත විය.[28] ඔවුන්ගේ ප්‍රතිළඵල අනුව ඇය ටියේ රැජිනගේ දෙමව්පියන් වූ යුයා සහ තුයාගේ දියණිය බවයි. මෙලෙසින් ඇය නෙෆර්ටිටි නොවන බව තහවුරු විය.[28]

2015දී ඉංග්‍රීසි ජාතික පුරාවිද්‍යාඥ නිකොලස් රීවස් නිවේදනය කළේ තුතන්ඛාමුන්ගේ සොහොන්ගැබෙහි අධික විභේදනයෙන් යුත් පරිලෝකන වලින් "පෙර හදුනානොගත් දොරටු ද්විත්වයක් හදුනාගත් බවත්, ඉන් එකක් විශාල බෙත්මක් සහිත බිත්තියකින් මායිම්වන බවත් ය. එම ස්ථානවල පුරාවස්තු තවමත් අතනොගැසූ ඒවා බව ද ප්‍රකාශ විය...'එහි උතුරට වන්නට KV62 සොහොන්ගැබට සම්බන්ධ වීමක් ඇති බවට සංකේත ඇති අතර , ඒ අතර පැරණි රාජකීය භූමදානයක් – නෙෆර්ටිටි සදහා විය හැකි ඇති බවයි."[29]

"ළාබාල යුවතිය"[සංස්කරණය]

2003 වසරේ ජූනි 09 වන දා එංගලන්තයේ යෝක් විශ්වවිද්‍යාලයේ පැරණි හිසකෙස් පිළිබද විශේෂඥවරියක් වූ ‍ජොඈන් ‍ෆ්ලෙචර් විසින් නිවේදනය කළේ ලාබාල යුවතිය මමිය නෙෆර්ටිටිගේ මමිය විය හැකි බවයි. ෆ්ලෙචර් යෝජනා කළේ පාරාවෝ ස්මෙන්ඛරේ යනු නෙෆර්ටිටි විය හැකි බවයි. සමහර ඊජිප්තුවේදීන් මෙලෙස විශ්වාස කළත්, බහුතරයක් සිතන්නේ ස්මෙන්ඛරේ යනු වෙනත් අයකු බවයි. ඩිස්කවරි නාළිකාවේ ආධාර මත එම මමිය නෙෆර්ටිටිගේ ද යන්න සොයාබැලීම සදහා ෆ්ලෙචර් ගවේෂණයක් සිදු කරන ලදී. කෙසේනමුත් KV35 ලාබාල යුවතිය මමිය නෙෆර්ටිටිගේ බවට යෝජනා කළේ නිදහස් ගවේෂකයකු වූ මේරියන් ලුබන් විසිනි. ඔහු 1999දී “අප ළග නෙෆර්ටිටිගේ මමිය තිබෙනවාද?”යන මැයෙන් අන්තර්ජාලය හරහා ලිපියක් පළ කරන ලදී.[30]

මෙම කණ්ඩායම පවසන්නේ ඔවුන් අධ්‍යයනය කළ මමියට පුරාණයේදී හිතාමතාම ම හානිකර ඇති බවයි. එසේම මමීකරණ ක්‍රමවේද වන ශවරක්ෂණ (එම්බාම්) තරලයක් භාව්තා කිරීම, මොළයට අතගසා නොතිබීම වැනි කරුණු නිසා මෙම මමිය දහඅටවන රාජවංශයට අයත් රාජකීය-මමියක් ලෙසට සැලකිය හැකි බවයි. ඔවුන් උපයෝගී කරගත් අනෙකුත් සාධක වන්නේ සිරුරේ වයස, එම්බාම් කරන ලද ස්වරූපය,නෙෆර්ටිටි විසින් අලංකාරය සදහා භාවිතාකරන ලද ආකාරයේ දුලබ ගණයේ බොරු කොණ්ඩය ආදිය‍ වේ. ඔවුන් සොයාගත්තේ මෙම මමියේ පූර්වගාත්‍රය මුලින් නමන ලද ඉරියව්ව පාරාවෝවරයෙකු වෙනුවෙන් කරන ලද ආකාරයේ බවත්පසුව එය ඉවත් කර සාමාන්‍ය පිහිටුමේ තබා ඇති බවත් ය..

කෙන්ට් වීක්ස් සහ පීටර් ලැකොවාරා ඇතුළු බොහෝ ඊජිප්තු අධ්‍යයනවේදීන් පවසන්නේ ෆ්ලෙචර්ගේ මෙම ඉදිරිපත් කිරීම විශ්වාස කිරීම අපහසු බවයි. ඔවුන් පවසන්නේ‍ පැරණි ඊජිප්තු මමියක් DNA පරීක්ෂණයකින් තොරව යම් පුද්ගලයෙකුගේ යැයි කියා හදුනාගත නොහැකි බවයි. එසේම නෙෆර්ටිටිගේ දෙමව්පියන්ගේ හෝ දරුවන්ගේ යැයි සැළකෙන කිසිදු මමියක් දැනට හදුනාගෙන නොමැත. එම නිසා ඇගේ යැයි මෙම මමිය හදුනාගැනීම සිදු කළ නොහැකි බව ඔවුන් ප්‍රකාශ කළහ. එසේම ඇගේ මෙම බාහිර ලක්ෂණ වන කොණ්ඩා මෝස්තරය, පූර්ව ගාත්‍රය පිහිටුවා ඇති ආකාරය යනාදිය පැරණි පුද්ගලයෙකු හදුනාගැනීමට ප්‍රමාණවත් නොවන බව ඔවුහු ප්‍රකාශ කරති. එසේම මෙම මමියට හානිවීම පළිගැනීමක් නිසා සිදු වූ බවට ඇති මතයේ නිරවද්‍යතාවය ඔප්පු නොකළ දෙයකි. ෆ්ලෙචර්ගේ නමන ලද පූර්ව ගාත්‍රය පිළිබද කරුණ පාරාවෝ වරුන්ටම පමණක් අදාල නොවී ය. මෙම ක්‍රමය අනෙකුත් රජ පවුලේ සාමාජිකයන්ට ද යොදා ගෙන තිබේ. එසේම මමිය අසලින් සොයාගත් බොරු කොණ්ඩයේ සම්භවය හෙළී වී නැත. එම නිසා එය මෙම මමියටම අයත්යැයි තහවුරුකළ ‍නොහැක. අවසාන ව‍ශයෙන් 18 වන රාජ වංශය පැරණි ඊජිප්තුවේ විශාලතම සහ සමෘද්ධිමත්ම රාජවංශ වලින් එකක් වූ නිසා මෙම කාන්තා රාජකීය මමිය අවුරුදු 200කටත් වඩා සිහසුන හෙබ ළුූ 18වන රාජවංශයේ විසූ සියගණනක් වූ රාජකීය බිරින්දෑවරුන්ගෙන් කෙනෙකු හෝ රාජකීය දියණියන්ගෙන් කෙනෙකුගේ හෝ විය හැක.

මීට අමතරව මමියේ වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබදව ද විවිධ මතභේද පවතී. 2003 ජූනි 12 වනදා ඊජිප්තුවේ කෞතුක භාණ්ඩ පිළිබඳ උත්තරීතර මණ්ඩලයේ ප්‍රධානියා වූ ආචාර්ය සාහි හවාස් ද මෙම මතය ප්‍රතික්ෂේප කළේ ය. ඔහු 2003 අගෝස්තු 30වන දින රොයිටර්ස් සගරාවට පැවසූයේ “මට විශ්වාසයි මෙම මමිය ස්ත්‍රියකගේ නොවන බව” , සහ “මහචාර්යය ෆ්ලෙචර් විසින් නීති බිදදමනු ලැබුවා, අප හා ඇගේ විශ්වවිද්‍යාලය විසින් ඇයව විමර්ශනයට ලක්කරන තෙක් ඇයව ඊජිප්තුවේ සේවය කිරීමෙන් ඉවත් කළ යුතුයි ”කියා ය.[31] නමුත් විවිධ අවස්ථවලදී හවාස් විසින් මෙම මමිය ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ බව ප්‍රකාශ කර ඇත.[32]

මෑතකදී සිදුකරන ලද අධ්‍යයනයකදී හවාස් විසින් මෙම මමිය CT ස්කෑන් පරීක්ෂණයකට භාජනය කරන ලදී. ඔවුන්ගේ නිගමනය වූයේ මෙම මමිය නෙෆර්ටිටිගේ නොවන බවත්, එය තූතන්කාමුන් රජුගේ සැබෑ මව හා අක්නාටන් රජුගේ නම නොදන්නා බිසවකගේ හා IIIවන අමෙන්හොටෙප් රජුගේ නම නොදන්නා දියණියකගේ හෝ ටියේ රැජිනගේ විය හැකි බවයි. අස්ථි කුහරය තුළ බිදී ගිය අස්ථියක කොටස් දක්නට ලැබුණු අතර කැටිගැසුණු රුධිරය ද විය. මේ නිසා මමීකරණයේ දී බාහුවට හානි වූ කථාව ප්‍රතික්ෂේප වේ. මෙය මිනීමැරුම් සිද්ධියක් විය හැකි බව පැවසිණි. එසේම මමිය අසල තිබී හමු වූ බිදුණු බාහුව ලාබාල යුවතිය මමියට අයත් නොවන බව හෙළි විය. විද්‍යාර්ථීන් පවසන්නේ ඊජිප්තුවට තූතන්කාමන් විසින් පෙරතිබූ ආගමික සම්ප්‍රදායය හදුන්වා දුන් බවත් ඔහු නැවත ඔහුගේ සමීපතමයන්ගේ, සැබෑ මවගේ සහ පියාණන්ගේ,මිත්තනියගේ සිරුරු රජුන්ගේ මිටියාවත වෙත ගෙනගොස් භූමදාන කළ බවත් ය. (ඔහුගේ සොහොන්ගැබෙහි දක්නට ලැබෙන රූප සහ සිතුවම් වලට අනුව)

හිටයිට් ලිපි[සංස්කරණය]

පෞරාණික හිටයිට් අගනගරයක් වූ හැටුසා වලින් අමර්ණ යුගයට අයත් ලේඛනයක් හමු විය. මෙය Iවන සුපිලුලියුමාගේ "ඔප්පුව" ලෙස හදුන්වයි. හිටයිට් පාලකයා කර්කෙමිෂ්හි බලකොටුව වටලන විට ඔහුට ඊජිප්තු රැජිනකගෙන් ලිපියක් ලැබෙයි. එම ලිපියෙහි මෙසේ සදහන් වේ:

"මාගේ සැමියා මියගොසිනි. මට පුතුන් නොමැත. ඔබට පුතුන් රැසක් සිටින බව ඔවුහු පවසති. මාගේ සැමියා වීමට ඔබගෙන් පුතකු මට ලබා දෙන්න. මම පතන්නේ නැහැ මගේ යටත්වැසියකුව මාගේ සැමියා කර ගැනීමට... මා සිටින්නේ බියට පත්වයි."[33]

මෙම ලිපිය සුවිශේෂී එකක් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් ඊජිප්තුවරුන් සම්ප්‍රදායිකව විදේශිකයන්ට සැලකූයේ පහත් ලෙසයි. Iවන සුපිලුලයිමා පුදුමයට පත් වී සිය අමාත්‍යයෙකුට මෙසේ පවසන ලදී:

"මගේ මුළු ජීවිත කාලය පුරාම මෙවැන්නක් සිදුව නැත!"[34]

පරීක්ෂාකාරී පියවරක් ලෙස ඔහු සිය දූතයකු මේ පිළිබද සෙවීමට පිටත් කර හැරියේ ය. නමුත් එසේ සිදු කිරීමෙන් ඔහුට ඊජිප්තුව සිය අධිරාජ්‍යයට ඈදාගැනීමේ අවස්ථාව නැති විණි. ඔහු සිය පුතකු වූ සනන්සා පිටත් කර හැරියමුත් ගමනේ දී කුමරු මියගියේ ය. සමහර විට මරා දැමෙන්නට ඇත.[35]

මෙම ලිපිය ලියූ රැජිනගේ අනන්‍යතාවය පැහැදිළි නැත. හිටයිට් වාර්තාවල ඇයව දඛමුන්සු ලෙස හදුන්වා ඇත. මෙය ඊජිප්තු වදනක් වූ ටහෙමෙට්නෙසු (රජුගේ භාර්යාව) යන වදනෙහි විකරණයක් වන්නට ඇත.[36] මෙම ලිපිය ලියූ බවට සැක කළ හැක්කේ නෙෆර්ටිටි, මෙරිටාටෙන්[37] හෝ අන්ඛෙසෙනමුන් යන තිදෙනාගෙන් අයෙකි. මෙයට බොහෝ සෙයින්ම අන්ඛෙසෙනමුන් ගැ‍ළපෙන බව පැවසෙන්නේ ඇගේ සැමියා වූ තුතන්ඛාමුන්ගේ මරණින් පසු සිහසුනට උරුමකරුවකු නොවීමයි. අක්නාටෙන්ට අඩුම වශයෙන් නීත්‍යානුකූල උරුමකරුවන් දෙදෙනකුවත සිටින්නට ඇත.[33] නමුත් මෙය පදනම්ව ඇත්තේ 18වන රාජවංශයේ අවසන් පාරාවෝවරයා වූ වර්ෂ 27ක් රාජ්‍ය කළ හොරෙම්හෙබ් අනුවයි. නමුත් හොරෙම්හෙබ් රාජ්‍ය කළේ වසර 14ක් වැනි කෙටි කාලයක් බව අද පිළිගැනේ. මේ අනුව තවත් මියගිය ඊජිප්තු රජ කෙනකු තුතන්ඛාමුන්ට පෙර අක්නාටෙන් වෙනුවෙන් රජකම් කළ බව පැහැදිළි වේ. මීට අමතරව, විවාහය පිළිබද සදහන් කරන 'මගේ යටත්වැසියන්ගෙන් කෙනෙක්' (මෙය 'සේවකයෙක්' ලෙස පරිවර්තනය වූ අවස්ථා ද ඇත) යන වදන මගින් ඊජිප්තු රාජකීය පවුලේ ද්විතීයික සාමාජිකයකු වූ ප්‍රධාන අමාත්‍ය ආයි නිරූපණය වේ යැයි සිතිය හැක. නිකොලස් රීවස් විශ්වාස කරන්නේ සතුරන්ට දඩුවම් නෙ අවස්ථා නිරූපිත ස්මාරකවල සිය සැමියා මෙන්ම බලවත් ලෙස නිරූපණය කර ඇති නෙෆර්ටිටි දඛමුන්සු විය හැකි බවයි.[38]

ප්‍රතිමාවල නිරූපණ[සංස්කරණය]

නෙෆර්ටිටිගේ හිස නිරූපිත අධ්‍යයනයක්

ක්ලියෝපැට්‍රා රැජින මෙන්ම ඇය ද බටහිර ලොව තළ පතළ ඊජිප්තු "රැජිනකි".[තහවුරු කර නොමැත]

ඊජිප්තුවේ Minya Governorateහි නෙෆර්ටිටිගේ උඩුකය සහිත ධජය

කලාවන් තුළ[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

ක්‍රීඩා[සංස්කරණය]

  • Halo නැමැති වී‍ඩියෝ ක්‍රීඩා මාලාව තුළ, නෙෆර්ටිටි මෙහි ප්‍රධාන චරිතය වන කෝටානා හට මග පෙන්වයි.[39]

සාහිත්‍යය[සංස්කරණය]

(ලේඛකයාගේ අවසන් නාමය අකාරාදි පිළිවෙලට දක්වා ඇත)

  • Akhenaten (1985) – නගුයිබ් මහ්ෆුස් විසිනි, මෙහි නෙෆර්ටිටිගේ චරිතය නිරූපණය කර ඇත්තේ අක්නාටෙන් සහ අමර්ණ යුගය පිළිබද ආවර්ජනය කරන අයුරෙනි.
  • Nefertiti: A Novel (2008) – මිචෙල් මොරාන් විසිනි.
  • ජේම්ස් රොලින්ස්ගේ හයවන සිග්මා ෆෝර්ස් නවකථාවේ හතරවන කාණ්ඩය වූ The Doomsday Key (2009), නම්කොට ඇත්තේ ද ඩාක් මැඩෝනා යන නමිනි. මෙම ග්‍රන්ථය පුරා ඊජිප්තු, ක්‍රිස්තියානි මිත්‍යාවන්, දේවවාදය, සම්බන්ධ කරමින් ලෝකවිනාශ යතුර (Doomsday Key) සහ ශාන්ත මැලචිගේ මුල් සම්පූර්ණ ග්‍රන්ථය වූ Doomsday Prophecies| සොයා යාම නිරූපණය වේ. එහිදී ඔවුහු යතුර වීදුරු කරඩුවක් තුළ බහා තිබූ සිරුරක් අසල තිබූ අවමංගල බදුනකින් සොයාගන්නා අතර එම ස්ථානයේ සෙල්ලිපියක මෙලෙස සදහන් වේ.: "මෙහි වැතිරී සිටින්නේ අක්නාටෙන් රජුගේ සහ නෙෆර්ටිටි රැජිනියගෙල් දියණිය වන මෙරිටාටෙන් ය. ඇය සයුරු තරණට කොට හිරු දෙවිදුන් වූ රා මෙම සීතල භූමිය වෙත රැගෙන ආවා ය".[40]
  • The Egyptian (1945) යනු මිකා වෝලටරි විසින් ලියන ලද ඓතිහාසිකප්‍රබන්ධයකි.

සංගීතය[සංස්කරණය]

  • Nefertiti (1967) යනු ඇමරිකන් ජෑස් සංගීතඥයකු ළුූ මයිල්ස් ඩේවිඩ්ගේ ඇල්බමයකි.
  • Nefertiti (2014) යනු ඇමරිකන් රචකයකු වූ ජෝන් ක්‍රේටන්විසින් නිර්මාණය කළ සම්භාව්‍ය බැලේ නාට්‍යයකි.
  • "Nefertiti, Sun Goddess" (1998) යන්නෙහි පද රචනය ලියෝ-නෙෆරුආටෙන් විසින් සහ සංගීතය සොව්රා විල්සන්-ඩික්සන් විසින් නිර්මාණය කළ අතර එය ඇල්බම සුසංහිත තැටියක් වූ ලියෝ-නෙෆරුආටෙන් බොයිල් විසින් නිමැවූ The Aten Shines Again (2002)හි අන්තර්ගත වන්නකි. එයට පසුව 2012 නොවැම්බර් මස යූටියුබ් වීඩියෝවක් ද නිර්මාණය විය.[තහවුරු කර නොමැත]
  • African Queens (රිචී පවුල, 1978 ඩිස්කෝ ඇල්බමයකි) හි නෙෆර්ටිටි සදහන්ව ඇත්තේ ප්‍රකට අප්‍රිකානු රැජිනියන් තිදෙනකු වූ: නෙෆර්ටිටි, ක්ලියෝපැට්‍රා සහ ෂීබා රැජින පිළිබද සදහනෙහි ය. සෑම රැජිනක්ම සිය කථාව මිනිත්තු 18ක සංගීතයකින් යුතුව කාව්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනු ලබයි.

රූපවාහිනිය[සංස්කරණය]

ගැලරිය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Akhenaton". Encyclopaedia Britannica.
  2. Jürgen von Beckerath, Chronologie des Pharaonischen Ägypten. Philipp von Zabern, Mainz, (1997), p.190
  3. "Nefertit or Nofretete". Collins Dictionary. n.d. සම්ප්‍රවේශය 24 September 2014.
  4. RE Freed, S D'Auria, YJ Markowitz, (1999) "Pharaohs of the Sun: Akhenaten, Nefertiti, Tutankhamen" (Museum of Fine Arts, Leiden)
  5. 5.0 5.1 5.2 5.3 Dodson, Aidan, Amarna Sunset: Nefertiti, Tutankhamun, Ay, Horemheb, and the Egyptian Counter-Reformation. The American University in Cairo Press. 2009, ISBN 978-977-416-304-3
  6. Van de Perre, Athena. 2014. "The Year 16 graffito of Akhenaten in Dayr Abū Ḥinnis: A contribution to the study of the later years of Nefertiti." Journal of Egyptian History 7:67-108.
  7. Grajetzki, Ancient Egyptian Queens: A Hieroglyphic Dictionary, Golden House Publications, London, 2005, ISBN 978-0-9547218-9-3
  8. Jacobus Van Dijk, Horemheb and the Struggle for the Throne of Tutankhamun, BACE 7 (1996), p.32
  9. "Egypt State Information Service - Famous women". Web.archive.org. 10 April 2008. April 10, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 June 2016. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  10. 10.0 10.1 10.2 Dodson, Aidan and Hilton, Dyan. The Complete Royal Families of Ancient Egypt. Thames & Hudson. 2004. ISBN 0-500-05128-3
  11. 11.0 11.1 11.2 11.3 11.4 11.5 Tyldesley, Joyce. Nefertiti: Egypt's Sun Queen. Penguin. 1998. ISBN 0-670-86998-8
  12. Redford, Donald B. Akhenaten: The Heretic King. Princeton University Press. 1987. ISBN 978-0-691-00217-0
  13. Dominic Montserrat, Akhenaten: History, Fantasy and Ancient Egypt, Psychology Press, 2003
  14. Trope, B., Quirke, S., Lacovara, P., Excavating Egypt. Great Discoveries from the Petrie Museum of Egyptian Archaeology, 2005 ISBN 1-928917-06-2
  15. Murnane, William J., Texts from the Amarna Period in Egypt, Society of Biblical Literature, 1995 ISBN 1-55540-966-0
  16. Reeves, Nicholas. Akhenaten: Egypt's False Prophet. p.172 Thames & Hudson. 2005. ISBN 0-500-28552-7
  17. Athena Van der Perre, "Nefertiti’s last documented reference (for now)," in: In the light of Amarna: One hundred years of the Nefertiti discovery, edited by Frederike Seyfried. Berlin: Ägyptisches Museum und Papyrussammlung, Staatliche Museen zu Berlin, pp.195-197
  18. Van de Perre, Athena. 2014. "The Year 16 graffito of Akhenaten in Dayr Abū Ḥinnis: A contribution to the study of the later years of Nefertiti." Journal of Egyptian History 7:67-108.
  19. Dayr al-Barsha Project featured in new exhibit 'Im Licht von Amarna' at the Ägyptisches Museum und Papyrussammlung in Berlin 12/06/2012 (deciphered and interpreted by Athena Van der Perre)
  20. "A. VAN DER PERRE, 'Nefertiti's last documented reference [for now]', in F. Seyfried (ed.) In the Light of Amarna. 100 Years of the Nefertiti Discovery, (Berlin, 2012), 195-197". Academia.edu. සම්ප්‍රවේශය 8 June 2016.
  21. Christian Bayer, "Ein Gott für Aegypten - Nofretete, Echnaton und der Sonnenkult von Amarna" Epoc, 04-2012. - pp.12-19
  22. Athena van der Perre, The Year 16 graffito of Akhenaten in Dayr Abū Ḥinnis. A Contribution to the Study of the Later Years of Nefertiti, Journal of EgyptianHistory (JEH) 7 (2014), pp.67-108
  23. van der Perre, JEH 7, pp.68, & 72-73
  24. van der Perre, JEH 7, pp.76-77
  25. van der Perre, JEH 7, p.77
  26. [[:en:Marc Gabolde|]], ‘Under a Deep Blue Starry Sky’, in P. Brand (ed.), "Causing His Name to Live: Studies in Egyptian Epigraphy and History in Memory of William J. Murnane", pp. 17-21
  27. Susan E. James, "Who is the mummy The Elder Lady?" KMT, v.12 no.2 (Summer, 2001)
  28. 28.0 28.1 Hawass, Zahi et al. "Ancestry and Pathology in King Tutankhamun's Family" ඇමරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලයේ සදහන් වන්නේ p.640-641
  29. "Archaeologist believes hidden passageway in tomb of Tutankhamun leads to resting place of Nefertiti". Yahoo.com. Retrieved November 29, 2015
  30. Luban, Marianne, "My Quest For Nefertiti" [2015]
  31. "Weekly Column - Dr. Zahi Hawass". Web.archive.org. 27 September 2007. September 27, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 June 2016. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  32. "The Times & The Sunday Times". Timesonline.co.uk. සම්ප්‍රවේශය 8 June 2016.
  33. 33.0 33.1 Manley, Suzie. "Ankhesenamun - Queen of Tutankhamun and Daughter of Akhenaten". Egypt * Pyramids * History.
  34. "The Deeds of Suppiluliuma as Told by His Son, Mursili II". Journal of Cuneiform Studies. 10 (2). 1956. සම්ප්‍රවේශය 2012-09-08.
  35. Amelie Kuhrt (1997). The Ancient Middle East c. 3000 – 330 BC. Vol. 1. London: Routledge. p. 254.
  36. William McMurray. "Towards an Absolute Chronology for Ancient Egypt" (pdf). p. 5.
  37. Grajetzki, Wolfram (2000). Ancient Egyptian Queens; a hieroglyphic dictionary. London: Golden House. p. 64.
  38. Nicholas Reeves,Tutankhamun's Mask Reconsidered BES 19 (2014), pp.523
  39. Wheeler, David R. (4 April 2014). "Why are Cortana and Siri female?". CNN. සම්ප්‍රවේශය 10 June 2016. Cortana, the artificially intelligent character from Halo, was based on the ancient Egyptian queen Nefertiti.
  40. Rollins, James (2009). The Doomsday Prophecy. p. Chapter 31.
  41. "Gabriella Larkin". IMDb.com. සම්ප්‍රවේශය 8 June 2016.

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නෙෆර්ටිටි&oldid=592462" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි