Jump to content

නල්ලූර් මැතිවරණ කොට්ඨාසය

නල්ලූර් මැතිවරණ කොට්ඨාසය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, නල්ලූර් නගරය අනුව යමිනි. මාර්තු 1960 හිදී යාපනය මැතිවරණ කොට්ඨාසයෙහි නැගෙනහිර පෙදෙසින් කොටසක් කඩා වෙන් කොට මෙම කොට්ඨාසය තැනිණි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී නල්ලූර් මැතිවරණ කොට්ඨාසය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස නල්ලූර් දිගටම පවතියි.

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඊ. එම්. වී. නාගනාදන්ෆෙඩරල් පක්ෂයගෙය9,65149.24%
සී. අරුලම්පලම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය6,80834.73%
ඒ. තුරෙයිරාජසිංහම්යතුර1,8709.54%
එම්. කාර්තිගේසන්තරුව7573.86%
චෙල්වඑරායන් මාන්මාතරායන්හිරු2911.48%
සින්නප්පු සින්නදුරෙයිඉණිමග2241.14%
වලංගු ඡන්ද සංඛ්‍යාව19,601100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව166
මුළු ඡන්ද සංඛ්‍යාව19,767
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව26,966
ඡන්දය භාවිත කළ ප්‍රතිශතය73.30%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඊ. එම්. වී. නාගනාදන්ෆෙඩරල් පක්ෂයගෙය11,72865.44%
සී. අරුලම්පලම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයපුටුව6,19534.56%
වලංගු ඡන්ද සංඛ්‍යාව17,923100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව142
මුළු ඡන්ද සංඛ්‍යාව18,065
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව26,966
ඡන්දය භාවිත කල ප්‍රතිශතය66.99%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඊ. එම්. වී. නාගනාදන්ෆෙඩරල් පඛ්සයගෙය10,30145.04%
සී. අරුලම්පලම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය9,86043.11%
අරුලම්බලම් විසුවනාදන්යතුර2,70911.85%
වලංගු ඡන්ද සංඛ්‍යාව22,870100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව86
මුළු ඡන්ද සංඛ්‍යාව22,956
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව31,864
ඡන්දය භාවිත කල ප්‍රතිශතය72.04%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සී. අරුලම්පලම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය13,11646.78%
ඊ. එම්. වී. නාගනාදන්ෆෙඩරල් පක්ෂයගෙය12,50844.61%
ඒ. රත්නම්තරාදිය1,5935.68%
වී. සච්චිතානන්දම්ලංකා සම සමාජ පක්ෂයයතුර4841.73%
සී. තනබාලසිංහම්කුකුලා2230.80%
එස්. ශ්‍රීනිවාසන්කුඩය1140.41%
වලංගු ඡන්ද සංඛ්‍යාව28,038100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව92
මුළු ඡන්ද සංඛ්‍යාව28,130
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,747
ඡන්දය භාවිත කල ප්‍රතිශතය78.69%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

9°27′0″N 80°15′0″E / 9.45000°N 80.25000°E / 9.45000; 80.25000