Jump to content

හම්බන්තොට මැතිවරණ කොට්ඨාසය (1947–1989)

හම්බන්තොට මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, හම්බන්තොට නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හම්බන්තොට මැතිවරණ කොට්ඨාසය වෙනුවට හම්බන්තොට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස හම්බන්තොට දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එල්. රාජපක්ෂතරුව8,74047.55%
සී. එදිරිසූරියඅත8,34045.37%
ජී.කේ.ඩබ්. පෙරේරාකරත්ත රෝදය1,3017.08%
වලංගු ඡන්ද සංඛ්‍යාව18,381100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව295
මුළු ඡන්ද සංඛ්‍යාව18,676
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව31,841
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය58.65%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චාල්ස් එදිරිසූරියයතුර14,49455.46%
ලක්ෂ්මන් රාජපක්ෂකුඩය10,65840.78%
ජයදාස පතිරත්නතරුව4181.60%
ජයදේව අමරසිංහඅලියා3671.40%
පී. එච්. මෙන්ඩිස් ද සිල්වාඅත1990.76%
වලංගු ඡන්ද සංඛ්‍යාව26,136100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව330
මුළු ඡන්ද සංඛ්‍යාව26,466
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව37,079
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය71.38%


ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°7′0″N 81°7′0″E / 6.11667°N 81.11667°E / 6.11667; 81.11667