දෙනියාය මැතිවරණ කොට්ඨාසය

විකිපීඩියා වෙතින්

දෙනියාය මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී දෙනියාය මැතිවරණ කොට්ඨාසය වෙනුවට මාතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස දෙනියාය දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වික්ටර් රත්නායක තරාදිය 4,510 31.78%
ඩී. ඩබ්. එස්. රත්නායක කෝප්පය 3,793 26.73%
රෝයි රාජපක්ෂ අලියා 2,938 20.71%
ඩී. සී. හෙට්ටිගේ කුඩය 2,282 16.08%
ජී.ඊ. අබේනායක අත 667 4.70%
වලංගු ඡන්ද සංඛ්‍යාව 14,190 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 504
මුළු ඡන්ද සංඛ්‍යාව 14,693
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,542
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 49.74%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වික්ටර් රත්නායක අලියා 13,808 60.08%
එඩ්වඩ් ගුණතිලක තරුව 9,174 39.92%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,982 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 216
මුළු ඡන්ද සංඛ්‍යාව 23,198
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 32,842
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 70.64%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ඩබ්. ඩී. රත්නායක අත 16,170 60.16%
ඩබ්. වී. ජී. රත්නායක අලියා 10,710 39.84%
වලංගු ඡන්ද සංඛ්‍යාව 26,880 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 277
මුළු ඡන්ද සංඛ්‍යාව 27,157
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 39,012
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 69.61%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. එල්. ජිනදාස අලියා 6,555 35.97%
සී. එන්. කන්නන්ගර කරත්ත රෝදය 5,586 30.66%
සුමනපාල දහනායක අත 3,903 21.42%
ඊ. ආර්. ගුණතිලක තරුව 2,178 11.95%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,222 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 173
මුළු ඡන්ද සංඛ්‍යාව 18,395
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 23,459
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 78.41%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ඩබ්. දහනායක අත 10,254 58.05%
එම්. ඩී. යාපා අලියා 7,410 41.95%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,664 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 82
මුළු ඡන්ද සංඛ්‍යාව 17,746
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 23,459
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.65%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°19′0″N 80°34′0″E / 6.31667°N 80.56667°E / 6.31667; 80.56667