රජ කරන රැජින

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(රාජ්‍ය කරන රැජින වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

රජ කරන රැජින යනු රජ පදවියට සමාන කාන්තා රාජ්‍ය පාලකයායි. ඇය ඇගේම අයිතියෙන් යුතුව රාජ්‍ය පාලනය කරන්නී ය. මෙය රජ කරන රජුගේ බිසව වන වල්ලභ රැජින හෝ ළමා පාලකයාගේ භාරකාරයා වන, තාවකාලිකව එම ස්ථානයේ වැඩබලන රාජ්‍යාධිකාරී රැජින යන පදවි දෙකට වඩා වෙනස් ය. රජ කරන අධිරාජිනිය යනු ස්වකීය අයිතියෙන් යුතුව අධිරාජ්‍යයක් පාලනය කරන රාජ්‍ය පාලිකාවකි.

රජ කරන රැජිනක ස්වෛරී බලයන්ට හිමිකම් කියන්නී ය. වල්ලභ රැජිනක සිය සැමියාගේ පදවි නාමවලට හිමිකම් කියන නමුත්, සිය සැමියාගේ ස්වෛරීභාවය භුක්ති විඳින්නේ නැත. සාමාන්‍යයෙන් රජ කරන රැජිනකගේ සැමියා සිය භාර්යාවගේ පදවිය, තත්ත්වය හෝ ස්වෛරීභාවයට හිමිකම් නොකියයි. කෙසේනමුත් වල්ලභ රජ සංකල්පය අධ්‍යතන හෝ සම්භාව්‍ය යුගවල දී නොඇසූවකි.

වැන්දඹු රැජින යනු රජකුගේ වැන්දඹුවයි. මව් රැජින යනු රජකරන රාජ්‍යේශයාගේ මෑණියන් වන වැන්දඹු රැජිනකි.

ඉතිහාසය[සංස්කරණය]

එක්සත් රාජධානියේ IIවන එලිසබෙත් ඇගේ සැමියා සමග 1953 ඇගේ අභිෂේක මංගල්‍යයේ දී

පුරාතන ඊජිප්තුව, පුරාතන පර්සියාව, ආසියානු සහ පැසිෆික් සංස්කෘතීන්වල ද, ඇතැම් යුරෝපීය රටවල පවා රාජ්‍ය පාලිකාවනට රජ හෝ පාරාවෝ වැනි එයට අනුරූප පදවි භාවිතා විය. මෙහි දී ඇතැම්විට ලිංගය වැදගත් නොවන පදවි නාම භාවිතා කෙරුණු අතර, ඇතැම් අවස්ථාවල ලිංගය සැලකීමේ දී වදනේ පුරුෂ ලිංග ස්වරූපය ද භාවිතා කොට ඇත. බයිසැන්ටයින් අයිරින් අධිරාජිනිය ඇතැම් අවස්ථාවල දී ඇයව බැසිලිසා (βασίλισσα), 'අධිරාජිනිය' වෙනුවට බැසිලියස් (βασιλεύς), 'අධිරාජයා' ලෙස හඳුන්වාගෙන ඇත. පෝලන්තයේ ජැඩ්විගා අභිෂේක කෙරුණේ රෙක්ස් පොලෝනියේ, පෝලන්තයේ රජ ලෙසයි.

ජුදා රාජධානියේ ඩේවිඩික රජවරුන් අතර ඇතලියා නම් තනි රජ කරන රැජිනක පිළිබඳ තොරතුරු හමුවේ. නමුත් හීබෲ බයිබලය ඇය සිහසුන පැහැරගත්තකු ලෙස ඍණාත්මක අයුරින් සලකා ඇත. පුසකාලීනව හැස්මෝනියානු රැජිනක වූ සැලෝමි ඇලේකසැන්ඩ්‍රා (ෂ්ලොම් ට්ෂියන්) අතිශයින් ජනප්‍රිය විය.[තහවුරු කරන්න]

ජාතියේ අනුප්‍රාප්ති අනුපිළිවෙල අවසර දේ නම් රාජ්‍යෙශයකුට අනුප්‍රාප්තියට පත් විය හැක. රාජධානි, රැජිනිධානි, ගෝත්‍රික නායක පදවි සඳහා අනුප්‍රාප්ති ක්‍රමවේද ඇති අතර, රජ කරන රජු හෝ රාජ්‍ය මණ්ඩලය උරුමකරුවකු නම් කරන විට, වැඩිමලාගෙන් බාලයාට උපත පරිදි ප්‍රථමජන්මාධිකාරිය ඇතිවිට රජ හෝ ප්‍රධානියාගේ රාජ්‍යාධිකාරී වීම සහ එයට ප්‍රතිවිරුද්ධ අයුරින් බාලයාගෙන් වැඩිමලාට පරිදි රාජ්‍යාධිකාරීත්වය හිමි වන අන්තජත්වය වැනි පිළිවෙත් ද්කනට ලැබිණි. අනුප්‍රාප්ති අවකාශය මව් පෙළපතින්, පිය පෙළපතින් හෝ දෙදෙනාගෙන්ම ලැබිය හැකි අතර, කලාතුරකින් ඡන්දයක් පවත්වා තෝරාගැනීම ද සිදු වේ. අනුප්‍රාප්ති අයිතිය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම හෝ පුරුෂයන්ට පමණක් හෝ ස්ත්‍රීන්ට පමණක් සීමා විය හැක.

Iවන මාර්ගරට් විසින් පසුකාලීන 14 වන සහ මුල්කාලීන 15වන සියවස්වල දී ඩෙන්මාර්කය, ස්වීඩනය සහ ‍නෝර්වේ පාලනය කොට ඇත.

පසුකාලීන මධ්‍යතන යුගයේ සිට විසිවන සියවස දක්වා යුරෝපීය රාජාණ්ඩුවල බොහෝ දර්ශීය අනුප්‍රාප්ති පුරුෂ-රුචි ප්‍රථමජන්මාධිකාරයක් විය. එනම් අනුප්‍රාප්තිය චක්‍රීකරණය වූයේ පුත්‍රයන් හරහා උපත අනුව ය. ඔවුන්ගෙන් පසුව දියණියන් හෝ මුණුපරන් ද අනුප්‍රාප්තිය ලබා ඇත. ඓතිහාසිකව බොහෝ රාජ්‍යවල[කුමන?] ස්ත්‍රීනට අනුප්‍රාප්තිය තහනම් කළ අතර, ස්ත්‍රී පෙළපත් සඳහා ද අවසර ලබා නොදුන්නේ සැලික නීතිය අනුව ය. මෙය වර්තමානයේ ඇතැම් රාජ්‍යවල[කුමන?] තවමත් දක්නට ලැබේ. නිදසුනක් ලෙස ප්‍රංශයේ කිසිදු රජ කරන රැජිනියක සිට නැත. මාරියා තෙරේසා නම් එකම රැජිනක පමණක් ඔස්ට්‍රියාව පාලනය කොට තිබේ. පහත ලැයිස්තුවෙහි දක්වා ඇති පරිදි, පුළුල්ව හඳුනන රජ කරන රැජිනියන් බොහෝ දෙනා යුරෝපීය රාජාණ්ඩු පාලනය කළ තැනැත්තියක් වේ.

20වන සියවසේ අග කාලයේ සහ 21වන සියවසේ මුල් කාලයේ ස්වීඩනය, නෝර්වේ, බෙල්ජියම්, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ලක්සම්බර්ග්[1] සහ එක්සත් රාජධානිය[2] විසින් සිය පණත් පරම ජන්මාධිකාරිත්වය මත පදනම්ව සංශෝධනය කොට ඇත. ඇතැම් අවස්ථාවල දී නීතිය පැනවෙන සමයේ පෙළපතෙහි වූ ජනයාගේ ජීවිත කාලය තුළ මෙම වෙනස්කම් ක්‍රියාවට නොනැංවේ.

2011දී, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජධානි 16ක් එක්ව පුරුෂ-අභිරුචි ප්‍රථමජන්මාධිකාරීත්ව පාලනය ඉවත් කිරීමට එකඟ වී ඇත. සුදුසු ව්‍යවස්ථා සම්පාදනයක් පැමිණි විට, මෙමගින් අර්ථ ගැන්වෙන්නේ විලියම් කුමරුන්ට පළමුව දියණියක වුවහොත්, ඔහුගේ බාල පුත්‍රයා ඔහුගේ උරුමකරු නොවන බවයි.[3]

නැගෙනහිර ආසියාව[සංස්කරණය]

චීනයේ චීන රජ කරන අධිරාජිනිය බවට පත් වූ සේටියෑන් චෞ රාජවංශය පිහිටුවූයේ ඇගේ පුත්‍රයින් ධුරයෙන් පහකිරීමෙනි. කෙසේනමුත්, වැදගත් කරුණක් වන්නේ වූ අධිරාජිනිය හුවාංඩි (皇帝, "අධිරාජයා") යන්න භාවිතා කොට තිබීමයි. බොහෝ යුරෝපීය ප්‍රභවවල මෙය රජ කරන අධිරාජිනියක ලෙස නොව ස්ත්‍රී අධිරාජයා ලෙස අර්ථ දක්වා ඇත. මීට සමානව මෙම යුගයට දශක කිහිපයකට පෙර කොරියාවේ සිල්ලාහි සොන්දොක් රැජින සහ සිල්ලාහි ජින්දොක් රැජින විසින් තමන්ව හැඳින්වීමට යෝවං (여왕, "ස්ත්‍රී රජ") යන වදන භාවිතා කොට ඇත. ඔවුන් රජුගේ හෝ අධිරාජයාගේ භාර්යාව සඳහා යෙදෙන "වල්ලභ රැජින" ලෙස සාමාන්‍යයෙන් පරිවර්තනය කෙරෙන වංබි (왕비) යන යෙදුම භාවිතා කොට නැත.

වර්තමානයේ ජපානයේ කපුරු සිහසුන කාන්තාවන්ට අකැප වුව ද, ජපන් ඉතිහාසය පුරා රජ කරන අධිරාජිනියන් අට දෙනකු සිට ඇත. මේ නිසා සිංහලෙන් "රජ කරන අධිරාජිනිය" යැයි භාවිතා කළ හැකි ජොසෙයි තෙන්නෝ (女性天皇, "කාන්තා අධිරාජකීය පාලකයා") යන ජපන් භාෂා වදන මේ සඳහා භාවිතා වේ. කෝගෝ (皇后) යන්න වල්ලභ අධිරාජිනියන් සඳහා යෙදේ.

වර්තමාන රාජ්‍ය කරන රැජිනියන්[සංස්කරණය]

රැජින රටවල් දිනය
එලිසබෙත් II
Queen Elizabeth Toronto 2010.jpg
 එක්සත් රාජධානිය 1952 පෙබරවාරි 6
 කැනඩාව
 ඕස්ට්‍රේලියාව
 නවසීලන්තය
 ජැමෙයිකාව 1962 අගෝස්තු 6
 බාබඩෝස් 1966 නොවැම්බර් 30
 බහාමාස් 1973 ජූලි 10
 ග්‍රෙනාඩා 1974 පෙබරවාරි 7
 පපුවා නවගිනිය 1975 සැප්තැම්බර් 16
 සොලොමන් දිවයින් 1978 ජූලි 7
 ටුවාලු 1978 ඔක්තෝබර්
 ශාන්ත ලුසියා 1979 පෙබරවාරි 22
 ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් 1979 ඔක්තෝබර් 27
 බෙලීස් 1981 සැප්තැම්බර් 21
 ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා 1981 නොවැම්බර් 1
 ශාන්ත කිට්ස් සහ නේවිස් 1983 සැප්තැම්බර් 19
මාර්ග්‍රත් II
HM The Queen of Denmark.jpg
 ඩෙන්මාර්කය 1972 ජනවාරි 14

රජ කරන රැජිනියන් ලැයිස්තුව[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Overturning centuries of royal rules". BBC News.
  2. "New rules on royal succession come into force". BBC News.
  3. Bloxham, Andy (28 October 2011). "Centuries-old rule of primogeniture in Royal Family scrapped". Telegraph. London. Retrieved 2011-12-31.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Monter, William (2012). The Rise of Female Kings in Europe, 1300-1800. Yale University Press. පිටු 271. ISBN 9780300173277. ; මෙමගින් යුරෝපයේ පූර්ණ රාජ්‍යේශ අධිකාරීත්වය ලද ස්ත්‍රීන් 30 දෙනකු පිළිබඳ අද්‍යයනය කෙරේ.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රජ_කරන_රැජින&oldid=414907" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි