ඊජිප්තුවේ IVවන ආර්සිනෝයි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ආර්සිනෝයි IV
ඊජිප්තුවේ රැජින
Jacopo Tintoretto - The Liberation of Arsinoe - WGA22667.jpg
ආර්සිනෝයි ගලවා ගැනීම; ජැකෝපෝ ටින්ටොරෙට්ටෝ විසිනි. (1555-1556)
රාජ්‍ය සමය ක්‍රි.පූ. 48 සැප්තැම්බර්
ටොලමි XIII සමග (ක්‍රි.පූ. 48 දෙසැම්බර් - ක්‍රි.පූ. 47 ජනවාරි)
අනුප්‍රාප්තිකයා ඊජිප්තුවේ XIVවන ටොලමි සහ ක්ලියෝපැට්රා VII
උපත නොදනී
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව
මරණය ක්‍රි.පූ. 41
එෆීසස්
භූමදානය එෆීසස්
වංශය ටොලමියානු රාජවංශය
පියා ටොලමි XII ඕලීට්ස්
මව ඊජිප්තුවේ Vවන ක්ලියෝපැට්රා?

ආර්සිනෝයි IV (ග්‍රීක: Ἀρσινόη, ක්‍රි.පූ. 65 සහ 58 අතර – ක්‍රි.පූ. 41 දක්වා) යනුවෙන් හැඳින්වෙන්නේ ටොලමි XII ඕලීට්ස් රජුගේත් එම රැජිනියගේත් ලාබාලතම දියණියයි. ඇය ක්‍රි.පූ. 48-47 අතර කාලයේ ඊජිප්තුවේ සම-අනුරාජයා වශයෙන් කටයුතු කළා ය. ඇය පුරාතන ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ අවසන් සාමාජිකයන් අතුරින් අයෙකු යැයි සැලකේ. IVවන ආර්සිනෝයි යනු VIIවන ක්ලියෝපැට්රාගේ අර්ධ සොහොයුරියයි.[1][2][3][4] එසේම XIIIවන ටොලමිගේ ද සොහොයුරියකි.

ඉතිහාසය[සංස්කරණය]

ක්‍රි.පූ. 51දී XIIවන ටොලමි මියයන විට, ඔහු විසින් සිය දරුවන් වූ ටොලමි සහ ක්ලියෝපැට්රා ඊජිප්තුවේ හවුල් පාලකයින් ලෙස පත්කොට තිබිණි. නමුත් මඳ කලෙකින්ම සොහොයුරා විසින් ක්ලියෝපැට්රාව සිහසුනෙන් නෙරපා ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පලායාමට බලකළේ ය. ක්‍රි.පූ. 48දී ජුලියස් සීසර් ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණ ක්ලියෝපැට්රාගේ පාර්ශ්වයට සහාය දැක්වීමත් සමග, ආර්සිනෝයි සිය උපදේශකයා වූ පණ්ඩක ගැනිමීඩිස් සමග අගනුවරින් පලාගියා ය. ඇය ඇකිලාස් යටතේ ඇලෙක්සැන්ඩ්‍රියාව වැටලූ ඊජිප්තු හමුදාව සමග එක්වූවා ය. අනතුරුව ඇකිලාස් විසින් පාරාවෝ යන පදවිය ආරූඪ කරගන්නා ලදී. ඇකිලාස් සහ ගැනිමීඩිස් අතර ගැටුම් ඇතිවූ අවස්ථාවේ, ආර්සිනෝයි විසින් ඇකිලාස්ට දඬුවම් පමුණුවා ගැනිමීඩිස්ව හමුදාවේ ප්‍රධානියා ලෙස පත්කරන ලදී.[5] ආරම්භයේ දී ගැනිමීඩිස් රෝමවරුන්ට එරෙහිව යම් සාර්ථකත්වයක් අත්කරගත්ත ද, ප්‍රධාන ඊජිප්තු නිලධාරීන් ඔහුට එතරම් ප්‍රිය කළේ නැත. සාමය ඇතිකරගැනීමේ ව්‍යාජ රැවටිල්ලක් මත ඔවුහු XIIIවන ටොලමි සමග ආර්සිනෝයිව හවුමාරු කරගන්නට සීසර් සමග කතිකා කරගත්හ. පසුව ටොලමි නිදහස් කෙරිණි.[6] කෙසේනමුත් රෝමවරුන් විසින් ඊජිප්තුවරුන්ට එරෙහිව තීරණාත්මක ජයක් ලබාගන්නා තෙක්ම ටොලමි යුද්ධය ගෙනගියේ ය.

ප්‍රාණඇපකරුවකු වශයෙන් ආර්සිනෝයිව රෝමය වෙත ගෙනගිය අතර, ක්‍රි.පූ. 46දී ඇයට සීසර්ගේ විජයග්‍රහණයේ සංකේතයක් ලෙස පෙනීසිටීමට බලකෙරිණි.[7] විජයග්‍රාහී උත්සව අවසානයේ ප්‍රමුඛ සිරකරුවන්ගේ ගෙල සිරකොට මරණයට පත්කිරීම එකල සම්ප්‍රදාය වුවත්, සීසර්ගේ බලපෑම මත ආර්සිනෝයි මුදාහැර ඇයට එෆීසස්හි ආර්ටෙමිස් දෙවොලේ දේවස්ථානයක් ප්‍රදානය කෙරිණි. වසර කිහිපයක් එහි වාසය කළ ආර්සිනෝයි සිය සොහොයුරිය වූ ක්ලියෝපැට්රා කෙරෙහි විමසිල්ලෙන් පසුවූවා ය. ක්ලියෝපැට්රා විසින් ආර්සිනෝයි සිය බලයට තර්ජනයක් ලෙස සැලකීම එයට හේතුවයි. ක්‍රි.පූ. 41දී ක්ලියෝපැට්රාගේ පෙළඹවීම මත මාක් ඇන්ටනි විසින් ආර්සිනෝයිහට දෙවොලේ පියගැට මත දී මරණ දඬුවම ලබාදෙන ලෙස නියෝග කරන ලදී. මෙම සැහැසි ක්‍රියාව රෝමය තැත්ගැන්වී ය.[8] දෙවොලට පැමිණි ආර්සිනෝයිව රැජිනක ලෙස පිළිගත් පණ්ඩක පූජකවරයා (මෙගාබයිසස්) හට පමණක් ක්ලියෝපැට්රා වෙත යැවුණු එෆීසස් තානාපති පෙත්සමක් මගින් සමාව හිමිවිණි.[9]

එෆීසස්හි ඇගේ සොහොන්ගැබ[සංස්කරණය]

1990 දශකයේ එෆීසස් මධ්‍යයේ පිහිටි අෂ්ටාස්‍රාකාර ස්මාරකයක් ආර්සිනෝයිගේ සොහොන්ගැබ විය හැකි බවට ඔස්ට්‍රියානු විද්‍යා ඇකඩමියේ හිල්ක් තූර් විසින් යෝජනා කරන ලදී.[8] මෙම සොහොන්ගැබේ කිසිදු ශිලාලේඛනයක් නොපැවතිණි. එය ක්‍රි.පූ. 50 සහ 20 අතර කාලයට කාලනිර්ණය කළ හැකි විය. 1926දී එහි භූමදාන කුටීරයේ තිබී වයස අවුරුදු 15–20 පමණ යැයි සිතිය හැකි කාන්තා ඇටසැකිල්ලක් හමු විය.[10] තූර් විසින් මෙම ඇටසැකිල්ල හඳුනා ගැනීම පිණිස භාවිතා කළ නිර්ණායක වූයේ සොහොන්ගැබේ හැඩය (ඇලේසැන්ඩ්‍රියානු ප්‍රදීපාගාරය මෙන් අෂ්ටාස්‍රාකාර), අස්ථිවල කාබන් කාලනිර්ණය (ක්‍රි.පූ. 200- 20 අතර), සැකිල්ලේ ලිංගය, සහ කාන්තාව මියයන විට ඇගේ වයස වැනි සාධකයි.[11][12] එම සොහොන්ගැබෙහි "පැපිරස්-කළඹ" කුළුණු වැනි ඊජිප්තු මෝස්තර පැවති බව ද සඳහන් වේ.[8]

සෙස්සන් මෙම අනන්‍යතාව පිළිබඳදරන්නේ අවිනිශ්චිත මතයකි. උදාහරණයක් ලෙස ඇලෙක්සැන්ඩ්‍රියාවට සීසර් පැමිණි සමයේ ඇගේ වයස අවුරුදු 8ත් 14ත් අතර යැයි සැලකීමෙන් ඇය රෝමය එරෙහිව නැගී සිටීමට තරම් ලාබාල වැඩි බව පෙනී යයි.[13] ඉන් පසුව ඇති වූ කෙටිකාලීන යුධ සමයේ ඇගේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඇය ඊට වඩා වැඩිමහල් විය හැකි බව යෝජනා වී ඇත.[12] ඇය සිතුවාට වඩා වැඩිමහල් ය යන මුල්කාලීන අදහස අනුව ඇගේ උපන්දිනය ක්‍රි.පූ. 68 සහ 62 අතර කාලයට අයත් යැයි සිතිය හැක.[14] එවිට අෂ්ටාස්‍රාකාර සොහොන්ගැබෙහි භූමදානය කළ ස්ත්‍රිය ඇය විය නොහැකි යැයි යෝජනා වී ඇත. ආර්සිනෝයිගේ උපත සිදුවූ වර්ෂය නොදන්නා හෙයින්, කෙසේනමුත්, ඇය පෙර යෝජනා කළාට වඩා ලාබාල බව සැලකීමේ දී, ඇය යුද්ධයේ දී සක්‍රීයව දායක වූවකු නොව, ඇයව කිසිවකු විසින් මෙහෙයවන ලද බව සිතිය හැක. ද ටයිම්ස්හි කතුවරයෙක් මෙම ඇටසැකිල්ල‍ පිළිබඳ විස්තර කරන්නේ "නිශ්චිතභාවයට වඩා අනුමාන විජයග්‍රහණයක්" ලෙසයි.[15]

IIවන ලෝක යුධ සමයේ ජර්මනියේ දී මෙහි හිස්කබල අතුරුදන් විය. කෙසේනමුත්, වර්තමානයේ දක්නට නොමැති හිස්කබලේ පැරණි වාර්තා සහ ඡායාරූප අධ්‍යයනය කළ හිල්ක් තූර්[16][17] නිගමනය කළේ එහි අප්‍රිකානු සහ ඊජිප්තු පෙළපත සමග සම්භාව්‍ය ග්‍රීක ලක්ෂණ සම්මිශ්‍රණයක් දක්නට ලැබෙන බවයි.[8] නමුත් බොවස්, ග්‍රේව්ලී, බර්නාඩ් සහ ලෙනාඩ් ඇතුළු සෙස්සන් විසින් හිස්කබලේ මිනුම් අධ්‍යයනය ජාතිය හඳුනාගැනීමේ විශ්වසනීය දර්ශකයක් නොවන බව පවසා ඇත.[18]

මෙම ස්මාරකය සැබැවින්ම ආර්සිනෝයිගේ සොහොන්ගැබ නම්, මෘතශරීරය අනාවරණය කරගත් එකම ටොලමියානු රාජවංශ සාමාජිකයා ඇය වනු ඇත.[19] ඇටසැකිල්ලේ සම්භවය සහ සොහොන්ගැබ පිළිබඳ වෝහාරික විද්‍යා/පුරාවිද්‍යාත්මක විශ්ලේෂණ තවදුරටත් සිදුවෙමින් පවතියි.

මූලාශ්‍ර සහ ප්‍රභව[සංස්කරණය]

මූලාශ්‍ර
  1. ග්‍රාන්ට්, මයිකල්. Cleopatra. පි. 35. https://books.google.co.za/books?id=eStsL_oiXOcC&pg=PA35&dq=arsinoe+iv&hl=en&sa=X&ved=0ahUKEwjYz-KfxrzOAhXEAsAKHbaGD2MQ6AEIRzAI#v=onepage&q=arsinoe%20iv&f=false. 
  2. ක්ලයිනර්, ඩයනා ඊ. ඊ.. Cleopatra and Rome. පි. 102. https://books.google.co.za/books?id=KQB8Q8yarkUC&pg=PA140&dq=Cleopatra+and+arsinoe&hl=en&sa=X&ved=0ahUKEwjC98qsxbzOAhUoLcAKHYPdCYkQ6AEITDAJ#v=onepage&q=arsinoe%20iv&f=false. 
  3. රොබට්ස්, පීටර්. HSC Ancient History. පි. 125. https://books.google.co.za/books?id=Krh7n9AyS40C&pg=PA129&dq=arsinoe+iv&hl=en&sa=X&ved=0ahUKEwjYz-KfxrzOAhXEAsAKHbaGD2MQ6AEILDAD#v=onepage&q=arsinoe%20iv&f=false. 
  4. බියර්ඩ්, මේරි "The skeleton of Cleopatra's sister? Steady on." Times Literary Supplement, මාර්තු 16, 2009
  5. ජූලියස් සීසර්, Commentarii de Bello Civili 3.112.10-12; De Bello Alexandrino 4; කැෂියස් ඩියෝ, රෝම ඉතිහාසය 42.39.1-2; 42.40.1; ලූකන්, Pharsalia 10.519-523
  6. De Bello Alexandrino 23-24 සහ, ඇතැම් ව්‍යපගමනයන්, කැෂියස් ඩියෝ, Roman History 42.42
  7. කැෂියස් ඩියෝ, Roman History 43.19.2-3; ඒපියන්, Civil Wars 2.101.420
  8. 8.0 8.1 8.2 8.3 බීබීසී වන් වාර්තා වැඩසටහන, Cleopatra: Portrait of a Killer
  9. ජොසෆස්, යුදෙව්වන්ගේ පුරාවස්තු 15.89; ජොසෆස්, Contra Apion 2.57; සාවද්‍ය ඒපියන්, සිවිල් යුද්ධ 5.9.34-36 සහ කැෂියස් ඩියෝ රෝම ඉතිහාසය 48.24.2
  10. ජොසෆ් කයිල් ‘Excavations In Ephesos’ 1929
  11. ආචාර්ය. ෆේබියන් කැන්ස්, ‘Arisnoe IV of Egypt: Sister of Cleopatra identified?’ අප්‍රේල් 2009
  12. 12.0 12.1 http://insidecatholic.com/Joomla/index.php?option=com_myblog&show=The-BBC-invents-its-own-Cleopatra..html&Itemid=102[dead link]
  13. මේරි බියර්ඩ්, "The skeleton of Cleopatra's sister? Steady on.", A Don's Life, මාර්තු 16, 2009.
  14. "Archived copy". Archived from the original on 2008-10-03. සම්ප්‍රවේශය 2008-09-10. 
  15. http://entertainment.timesonline.co.uk/tol/arts_and_entertainment/tv_and_radio/article5931845.ece
  16. http://www.timesonline.co.uk/tol/news/world/middle_east/article5908494.ece
  17. Cleopatra's mother 'was African' - BBC (2009)
  18. ක්ලැරන්ස් සී. ග්‍රේව්ලී, එච්. රසල් බර්නාඩ්, සහ විලියම් ආර්. ලෙනාඩ් find in “Heredity, Environment, and Cranial Form: A Re-Analysis of Boas’s Immigrant Data” (American Anthropologist 105[1]:123–136, 2003)
  19. හිල්ක් තූර්: Arsinoë IV, eine Schwester Kleopatras VII, Grabinhaberin des Oktogons von Ephesos? Ein Vorschlag. (Arsinoë IV, a sister of Cleopatra VII, grave owner of the Octagon in Ephesus? A suggestion.) තුළ: Jahreshefte des Österreichischen Archäologischen Instituts, වෙළු. 60, 1990, පි. 43–56.
ප්‍රභව

බාහිර සබැඳි[සංස්කරණය]

  • www.livius.org: ආර්සිනෝයි IV
  • ක්‍රිස්ටෝෆර් බෙනට් විසින් සිදුකළ චරිතාපදානය: ආර්සිනෝයි IV
  • පොක්ලී. එස්: 2012 නොවැම්බර් මස IVවන ආර්සිනෝයිගේ උඩුකය රුවක් පිටපත් කරන අයුරු පිළිබඳ වීඩියෝව ආර්සිනෝයි IV

පෙළපත[සංස්කරණය]