පුරාතන ඊජිප්තුවේ දෙවන රාජවංශය (හෙවත් රාජවංශය II, ක්‍රි.පූ. 2890 පමණ - ක්‍රි.පූ. 2686 පමණ[1]) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තු පෞරාණික යුගයේ පැවති රාජවංශ ද්විත්වය අතුරින් දෙවැන්නයි. මෙකල රජයේ සිහසුන තිනිස් වටා කේන්ද්‍රගත විණි. මෙහි අවසන් පාලකයා වූ ඛාසෙඛෙම්වි දක්වා කාලය තුළ මෙම යුගය පුරාතන ඊජිප්තු ඉතිහාසයේ අප්‍රකටම කාල පරිච්ඡේදවලින් එකක් ලෙස සැලකේ.
මෙම රාජවංශය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක අල්ප වුව ද, පළමු සහ තෙවන රාජවංශ හා සැසඳීමේ දී, දෙවන රාජවංශ සමය තුළ වැදගත් ආයතනික සහ ආර්ථික සංවර්ධනයන් සිදුව ඇති බව පෙනේ.[2][3]
දෙවන රාජවංශයේ සැබෑ පාලකයින්ගේ නම් මතභේදයට තුඩු දී ඇත. මෙහි පළමු පාරාවෝවරුන් පස්දෙනා සඳහා සාක්ෂි මත සාධාරණ එකඟත්වයකට පැමිණ ඇත. ඊජිප්තු ඉතිහාසයේ මෙම රාජවංශයේ හඳුනාගත් පාලකයින් පහත දැක්වේ:
කෙසේනමුත්, අනතුරුව පැමිණි පාලකයින් දෙදෙනා හෝ තිදෙනාගේ අනන්‍යතාව අපැහැදිළි ය. ඇතැම්විට මේ ඔවුන්ගේ හොරස් නාමය හෝ නෙබ්ටි නාමය විය හැකි අතර නැතහොත් ඔවුන්ගේ උපන් නාමයන් විය හැක. මොවුන් වෙන් වෙන් පුද්ගලයින් හෝ ජනප්‍රවාදගත පාලකයින් ද යන්න පැහැදිළිව නොදනී. පහත වම්පස දැක්වෙන්නේ බොහෝ ඊජිප්තුවේදීන් විසින් මෙම රාජවංශයට අයත් යැයි සලකන පාලකයින් ය. දකුණු පසින් මැනතෝගේ ඊජිප්ටිකා ග්‍රන්ථයේ සඳහන් නම් දැක්වේ:
මෙහි අවසන් පාලකයා පිළිබඳ පහත පරිදි එකඟතාවයකට පැමිණිය හැක:
මැනතෝ විසින් මෙම රාජවංශයේ අගනුවර පළමු රාජවංශයේ අගනුවර වූ තිනිස්ම බව සඳහන් කළ ද, අවම වශයෙන් පළමු රජුන් තිදෙනාව සකාරාහි භූමදානය කොට ඇති හෙයින්, බලය මෙම්ෆිස්හි කේන්ද්‍රගතව තිබූ බව පෙනේ. මේ අනුව, මෙම යුගයේ සිදුවීම පිළිබඳ අල්ප වූ තොරතුරු සංඛ්‍යාවක් පැලර්මෝ පාෂාණයේ වාර්ෂික සටහන් අනුව පැවසිය හැක. මෙහි දැක්වෙන්නේ නෙබ්රාගේ රාජ්‍ය සමයේ අවසන් කාලයත් සහ නයිනෙට්ජෙර්ගේ රාජ්‍ය සමයේ ඇතැම් අවස්ථා පිළිබඳ ය. ඛාසෙඛෙම්වි රාජ්‍ය සමයේ එක් වැදගත් සිදුවීමක් පමණක් සිදුව ඇත. ඊජිප්තුවේදීහු ඔහුගේ නාමය වන ඛාසෙඛෙම්වි යන්න "ද්විත්ව බලයන්ගේ පිබිදීම" ලෙස අරුත් පහදති. මෙමගින් ඇතැම්විට ඉහළ සහ පහළ ඊජිප්තුවේ ඒකාබද්ධභාවය සංකේතවත් වනවා වන්නට හැක.
- ^ ෂෝව්, ඉයන්, ed. (2000). The Oxford History of Ancient Egypt. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. p. 480. ISBN 0-19-815034-2.
- ^ රෝමර්, ජෝන් (2013) [2012]. "පරිච්ඡේදය 18 — සැඟවුණු රාජවංශය". A History of Ancient Egypt. Vol. වෙළුම 1. ලන්ඩන්, ENG: පෙන්ගුයින් බුක්ස්. pp. 221–22. ISBN 978-1-8-4614377-9.
දෙවන රාජවංශයේ රජවරුන්ගේ මාලිගයේ කුමක් සිදුවූව ද, පාරාවෝ රජයේ පදනම් ආයතන, සැපයුම් ක්‍රම එම සියවස් එක හමාරක කාලය තුළ පැවති බව පෙනේ. පහළ නයිල් රාජ්‍යය පෙර නොපැවති අයුරින් සමෘද්ධිමත් විය: එමනිසා මෙහි ප්‍රබල සංස්ථායික අඛණ්ඩතාවක් පැවති බව පෙනේ.
- ^ බාඩ්, කැත්රින් ඒ. (2002) [2000]. "පරිච්ඡේදය 4 — ඊජිප්තු රාජ්‍යයේ ඉස්මතු වීම". In ෂෝව්, ඉයන් (ed.). The Oxford History of Ancient Egypt (කඩදාසි බැම්ම සහිත) (1වන ed.). ඔක්ස්ෆර්ඩ්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. p. 85. ISBN 978-0-19-280293-4.
1වන රාජවංශයට සාපේක්ෂව 2වන රාජවංශයේ අවසන් රජවරුන් දෙදෙනා (පෙරිබ්සෙන් සහ ඛාසෙඛෙම්වි) දක්වා 2වන රාජවංශික රජවරුන් පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයකි. ඔවුන් පිළිබඳ මුල්කාලීන පැරණි රාජධානියේ 3වන රාජවංශය අනුව පෙනීයන්නේ 2වන රාජවංශය සතුව ආර්ථික දේශපාලනික පදනම හේතුවෙන් බිහිවූ මධ්‍යගත රාජ්‍යයක් පැවති බවයි. මෙය සැබැවින්ම සම්පත් ගණනාවක් නිසා වර්ධනය විය. කෙසේනමුත් එවැනි ප්‍රබල සංක්‍රාන්ති අවධියක් පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි 2වන රාජවංශයෙන් හමුවී නැත.
- ^ කාහ්ල්, ජොචෙම් (2007), "Ra is my Lord", Searching for the Rise of the Sun God at the Dawn of Egyptian History, වියෙස්බේඩ්න් .
- ^ වොන් ඩර් වේ, තෝමස් (1997), "Zur Datierung des "Labyrinth-Gebäudes" auf dem Tell el-Fara'in (Buto)", Göttinger Miszellen 157: 107–11 .