සකාරා

විකිපීඩියා වෙතින්
සකාරා
سقارة
සකාරාහී පිහිටි ජෝසා පියගැට පිරමිඩය
සකාරා is located in ඊජිප්තුව
සකාරා
ඊජිප්තුව තුල දක්වමින්
ඛණ්ඩාංක29°52′16″N 31°12′59″E / 29.87111°N 31.21639°E / 29.87111; 31.21639ඛණ්ඩාංක: 29°52′16″N 31°12′59″E / 29.87111°N 31.21639°E / 29.87111; 31.21639

සකාරා (අරාබි: سقارة‎) යනු, ඊජිප්තුවෙහි පිහිටි අති විශාල, පුරාතන සුසාන භූමියක් වන අතර පුරාතන ඊජිප්තියානු අගනගරය වූ, මෙම්ෆිස් සඳහා විශාල සුසාන භූමි සංකීර්ණය ලෙසින් ක්‍රියා කලේය. [1]


මෑත සොයාගැනීම්[සංස්කරණය]

සකාරා විශාල සුසාන භුමි සංකීර්ණය තුල වූ සුනඛයන් සඳහාවූ භූගත සුසාන භූමිය තුල 2011 වසරෙහිදී සිදු කල චර්යාරටාමය කැණීම් වලදී , සලීමා ඉක්රම් ගේ නායකත්වය යටතේ වූ කැණීම් කණ්ඩායමක් සහ කාඩිෆ් විශ්වවිද්‍යාලයෙහි පෝල් නිකල්සන් ගේ නායකත්වය යටතේ වූ ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින්, ඇනියුබිස්ගේ පූජනීය දේවාලය අසබඩ වූ භූමිදාන ප්‍රදේශයක් තුල මිලියන අටක් පමණ සත්ත්ව මමි ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. ඒවා අතුරින් බොහෝමයක් සුනඛයන් වූ මෙම මමීකෘත සතුන් උන්ගේ අයිතිකරුවන්ගේ යාච්ඤා ඔවුන්ගේ දේවතාවුන් වෙත ගෙන ගිය බවට විශ්වාසයෙන් භාවිතා කල බවට සිතනු ලැබෙයි. [2]

"බලු කුක්කන් ගේ සත්ත්ව ගොවිපොලක් නොමැතිව මිලියන 8 ක් මමී සපයා ගැනීම කල නොහැකියි" යැයි ඇය පැවසුවාය. "උන් බිලිපූජා කල හැකි වන පරිදී මෙයින් සමහර සුනඛයන් ඕනෑකමින් ඝාතනය කර තිබුණි. එය සැබවින්ම අනුකම්පා විරහිත ක්‍රියාවක් බවට අපට සිතෙයි. එසේ වුවත් ඊජිප්තියානුවන් සිතා සිටියේ, ඇනිබියුස්ගේ අමරණීය සුනඛ රැලට මෙම සුනඛයින් එක එල්ලේ එක් වන බවකි. එබැවින් උන් මිය යන්නේ වඩාත් හොඳ ස්ථානයක් වෙත යෑමට බව ඔවුන් සිතූ බවක් පෙනෙයි" යැයි සලීමා ඉක්රම් පැවසුවාය. [3][4]

2020 නොවැම්බර් මාසයෙහිදී, පුරාවිද්‍යාඥයින් විසින් සොයාගන්නා ලද්දේ සියුම් ලෙසින් පින්තාරු කරන ලද ලී මිනීපෙට්ටි 100 කට වැඩි ප්‍රමාණයක් සහ අවමංගල්‍යය ප්‍රතිමා 40 කි. සමහරක මමී අඩංගුවූ, මුද්‍රා තබන ලද, ලී මිනී පෙට්ටි, වසර 2,500 තරම් අතීතයට කාල නිර්ණය කරන ලදි. සොයාගන්නා ලද අනෙකුත් මානව කෘති අතර අවමංගල්‍යය වෙස්මුහුණු, කැනොපික බරණි සහ සන්නාහ විය. [5]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ෆර්නෑන්ඩස්, අයි., ජේ. බෙකර්, එස්. ගිලීස්. "Places: 796289136 (Saqqarah)". Pleiades. සම්ප්‍රවේශය මාර්තු 22, 2013.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  2. "එයිට් මිලියන් ඩෝග් මමීස් ෆවුන්ඩ් ඉන් සකාරා - ඒන්ෂන්ට් ඊජිප්ට් - හෙරිටේජ්". අහ්රම් ඔන්ලයින් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-09-20.
  3. "මිලියන්ස් ඔෆ් මමිෆයිඩ් ඩෝග්ස් ෆවුන්ඩ් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ෂියන් කැටකූම්ස්". NPR.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-06-28.
  4. ජූනි 2015, ලෝරා ගෙග්ල් 18. "8 මිලියන් ඩෝග් මමීස් ෆවුන්ඩ් ඉන් 'ගෝඩ් ඔෆ් ඩෙත්' මාස් ග්‍රේව්". livescience.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-06-28.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)
  5. ක්වායි, ඉසබෙලා (2020-11-15). "ඊජිප්ට් අන්අර්ත්ස් නිව් මමීස් ඩේටිං බැක් 2,500 ඉයර්ස්" (en-US බසින්). ද නිව්යෝර්ක් ටයිම්ස්. . https://www.nytimes.com/2020/11/15/world/middleeast/egypt-discovery-mummies.html. 
"https://si.wikipedia.org/w/index.php?title=සකාරා&oldid=461550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි