අදේවවාදය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

දෙවිවරු ඇතැයි විශ්වාස නොකිරීම, දෙවිවරු ඇතැයි යන විශ්වාසය ප්‍රතික්ෂේප කිරීම හෝ නියත ලෙසම දෙවිවරු නැතැයි යන විශ්වාසය අදේවවාදය නම්වේ. මෙය දේවවාදය නොහොත් "අඩුම වශයෙන් එක් දෙවියෙක්වත් ඇත" යන විශ්වාසයට ප්‍රතිවිරුද්ධ විශ්වාසයයි. දෙවියන් විශ්වාස නොකිරීමට තර්ක ලෙසින් සාක්ෂි මද වීම, නපුරේ ගැටලුව, අසංගත ප්‍රකාශන පිළිබඳ තර්කය ආදිය දැක්විය හැක. අදේවවාදීන් ප්‍රකාශ කරන්නේ සියලුම දෙනා උපදින්නේ අදේවවාදීන් ලෙස බවත්, ඒ නිසා දෙවියන් ඇතැයි ඔප්පු කළ යුත්තේ දෙවියන් ඇතැයි පවසන පුද්ගලයින් විසින් බවය. සියලුම අදේවවාදීන් හට කිසියම් නිශ්චිත දෘෂ්ඨිවාදයක් හෝ පිළිපැදිය යුතු නිශ්චිත නීති පද්ධතියක් නොමැත.

ඉතිහාසය[සංස්කරණය]

දෙවියන් නැතැයි යන සංකල්පය ක්‍රිස්තු පූර්ව 5වන සියවසයේදී ග්‍රීසියේ ආරම්භවූ මතයක් බව විශ්වාස කරේ. ඇතැම් ග්‍රීකයින් දෙවියන් වැඳීම ප්‍රතික්ෂේප කලබව සඳහන්වෙයි. ක්‍රිස්තු පූර්ව හයවන සියවයේදී භාරත සමායේද අදේවවාදී අදහස් පැවතුණි. එකල සිටි පූර්ණ කස්සප, අජිතකේෂකම්බල, පකුද කච්චායන, මක්ඛලීගෝසාල, සංජයබෙල්ලට්ඨි පුත්ත වැනි ශාස්තෲවරු අදේවවාදී අදහස් දැරූබව සාමඥඵල සූත්‍රයේ දැක්වේ. බුදු දහම තුල දේවවාදයක් පිළිගන්නා අතර දෙවියන් වැනි ඕපපාතික ජීවීන් නැතැයි පිළිගැනීම මිත්‍යා දෘෂ්ටියක්ලෙස බුදු දහමේ දක්වේ. කෙසේ වෙතත් අදේවවාදී අදහස් අපරදිග සමාජයේ ආරම්භ වන්නේ 16 වන සියවස වන විටයි. මෙම අවදියේ ආගම අභිබවා විද්‍යාව ක්‍රමයෙන් ඉස්මතුවන්නට විය. සාම්ප්‍රධායික කතොලික ආගම ජනතාව අතරින් ප්‍රතික්ෂේප වන්නට පටන් ගත් අතර ප්‍රොතෙස්තන්තවාදී අදහස් වර්ධනය විය. ආගමික මත දැවි විවේචනයට ලක් කරමින් නව දාර්ශනිකයන් බිහිවිය. අතීයේදී ආගමික මතවාදවලට එරෙහිව අදහස් පලකළ පුද්ගලයන්ට දරුණු දඩුවම් විඳීමට සිදුවිය. උදාහරණ ලෙස යුරෝපයේ විසූ දාර්ශනිකයෙකු වූ ලුචීනියෝ වනීනි අධර්ම මර්දණාධිකරණය මගින් පණ පිටින් පුළුස්සා මරා දමන ලදී. විද්‍යාවට ඉස්මතුවීමට ඉඩනොදී මිත්‍යාව තුල ගිල්වා තැබුන ලෝකය ක්‍රමයෙන් යුරෝපීය පුනරුද සමයත් සමග නව පණක් ලබා අවධිවිය. හේගල්, කාල් මාක්ස්, විලැමිදීර් ලෙනින්, ෆෙඩ්රික් එංගල්ස් වැනි සමාජවාදී දාර්ශනිකයන් අදේවවාදී මතදැරූ අතර ආගම විසින් මානව සමාජය බෙදා වෙන්කර ඇතිබවපෙන්වා දුන්හ. බොහෝ සමාජවාදී රජ්‍යයන් තුල නිරාගමික අදේවවාදී අදහස් ප්‍රචලිත විය. සමාජවාදී පාලකයන් ආගමට මුල්තැනදීම සිදු නොකළහ. ඇතැම් සමාජවාදී රාජ්‍යයන් තුල ආගම ඇදහීම හා ඉගැන්වීම තහනම් විය. ලොව ප්‍රථම අදේවවාදී රජ්‍ය වන්නේ ඇල්බේනියාවයි.

නිර්වචන[සංස්කරණය]

අදේවවාදය නිශ්චිත ලෙස අර්ථකථනය කිරීම අපහසු වන්නේ දෙවියන් වැනි වචන වල නිර්වචනයක් ගැන නිශ්චිත එකඟත්වයක් නොමැති නිසාය. අදේවවාදය යනු හුදෙක්ම දෙවියන් විශ්වාස නොකිරීම ද නැතහොත් දෙවියන් නැතැයි යනුවෙන් නිශ්චිතව පැවසීම ද යන්න ද මතභේදාත්මක කරුණකි. අතීතයේ දී රෝමානුවන් රෝමානු දෙවිවරුන්ව නොඇදහූ ක්‍රිස්තියානුවන්ව අදේවවාදීන් ලෙස හැඳින්වූහ. නමුත් ක්‍රමයෙන් මෙම නිර්වචනය බිඳවැටුනු අතර පසු කාලයේදී ඕනෑම ආකාරයේ දේව සංකල්පයක් නොඅදහන්නන් අදේවවාදීන් ලෙස හඳුන්වන ලදි.

ධනාත්මක සහ ඍනාත්මක[සංස්කරණය]

ඇන්තනී ෆ්ලූ සහ මයිකල් මාටින් වැනි දාර්ශනිකයන් අදේවවාදය,

  1. ධනාත්මක (නොහොත් ශක්තිමත්/දැඩි) අදේවවාදය, සහ
  2. ඍනාත්මක (නොහොත් දුර්වල/මෘදු) අදේවවාදය

ලෙසින් වෙන් කර දක්වා ඇත. ධනාත්මක අදේවවාදය යනු 'දෙවියන් නැතැයි' යනුවෙන් පැහැදිළිව ප්‍රකාශ කිරීමයි. ඍනාත්මක අදේවවාදය යනු පැහැදිළිව 'දෙවියන් නැතැයි' යනුවෙන් නොපැවසූවත් දෙවියන් විශ්වාස ද නොකිරීම යි. මෙම ප්‍රවර්ගීකරණයට අනුව දේවවාදීන් නොවන සියලු දෙනාම ධනාත්මක හෝ ඍනාත්මක අදේවවාදීන් වෙයි.

මතවාද[සංස්කරණය]

දර්ශනය[සංස්කරණය]

ආගම[සංස්කරණය]

ඇතැම් ආගම් තුල ඉගැන්වෙන්නේ එක් දෙවියකු පමණක් සිටින බවයි. එවැනි ඒක දේවවාදී ආගම් වලට අනුව ඒම දෙවියාට අසීමික සර්වබලධාරී බලයක් ඇතැයි කියැවේ. ඔහු හැර වෙනත් දෙවියන් නැති බව පැවසේ. කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙව් වැනි ආගම්ව මෙම ඒක දේවවාදී ඉගැන්වීම් පවතී. ඇතැම් ආගම් තුල සර්වබලධාරී දෙවියකු හා තවත් දෙවිවරු පවතින බව ඉගැන්වේ. උදාහරණ ලෙස හින්දු ආගම තුල මහා බ්‍රහ්මයා නම් සර්වබලධාරී දෙවියකු ගැන පැවසෙන අතර තවත් දේව කොට්ඨාසද පවතින බව ඉගැන්වේ. ඇතැම් ආගම් තුල සර්වබලධාරී දේව සංකල්පය මුළු මනින්ම ප්‍රතික්ෂේප කරන අතර දෙවියන් නම්න් හැදින්වෙන සත්ව නිකායක් ගැන කියැවේ. උදාහරණ ලෙස බුදු දහම දැක්විය හැකිය. පූර්ණ කස්සප වැනි ආගමික නායකයන්ගේ අදහස අනුව පෙර බවයක් හෝ යළි උපතක් නැති බවත් එම නිසා දෙවියන් වැනි ඕපපාතික සත්වයන් නැති බවත්ය.

ව්‍යාප්තිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අදේවවාදය&oldid=489875" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි