ලක්‍ෂ්මී (දෙවඟන)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලක්‍ෂ්මී (දෙවඟන)

Lakshmi by Raja Ravi Varma
Devanagari लक्ष्मी
Sanskrit Transliteration lakṣmī
Affiliation Devi (Tridevi), Shakti
Consort විෂ්ණු
Mount Elephant, owl


ලක්ෂ්මී ගුණවාචකය (අන්වර්ථ නාම)[සංස්කරණය]

ලක්ෂ්මි දෙවියන් විවිධ ගුණ වාදකයන් ගෙන් හදුන්වනු ලැබේ. ඇය හා නෙළුම් මල අතර විශේෂ සම්බන්ධතාවයක් පවතින අතර ඇයගේ බොහෝ අන්වර්ථ නාම නෙළුම් මලට සම්බන්ධ වේ. උදාහරණ ලෙස පද්මා, කමලා, පද්ම ප්‍රිය, පද්මමාලාධරදේවී, පිද්ම මුකී, පද්මාන්කිෂ, පද්හ හස්ථ හා පද්ම සුන්දරී දැක්විය හැකිය. මීට අමතරව ඇය පහත නම් වලින්ද හදුන්වයි. රාමා, ඉන්ද්‍රා, මුනිශ්‍රී, චක්‍රිකා, කමලිකා, ලලිමා, නන්දිකා, හා රැජුලා

මෙම නම් අතුරින් වඩාත් ප්‍රචලිත වනුයේ "රාමා" හා "ඉන්ද්‍රායි"

පුරාවෘතය[සංස්කරණය]

ලක්ෂ්මී දෙවඟන පහළවීම සම්බන්ධ ඉතා පැරණි කතාවක් ඇත. වහා කිපෙන සුළු චරිතයකින් යුතු දුර්වාස නම් ඉසිවරයා වරක් පරනොවන මල්වලින් ගොතන ලද මාලයක් දෙවියන් අතර අග්‍ර වූ ඉන්ද්‍ර දෙවියන්ට තෑගි කරන ලදි. ඉන්ද්‍ර දෙවියන් මෙම මාලය ඔහුගේ ‍ඓරාවනා නම් හස්තියාට දුන් අතර එම හස්තියා මල් මාලය කකුලෙන් පාගා විනාශ කර දමන ලදි. මෙය දුටු දුර්වාස සෘෂිවරයා තමාට සිදුවු මෙම නොසැලකිල්ල නිසා මහත් ‍කෝපයට පත් විය. ඔහු සාප කළේය. ඔවුන් සතු බලය සහ සැප සම්පත් නිසා අතිශයින් අහංකාරයට පත්ව ඇති සියලු දෙවිවරුන් ගේ බලය පහ වී යා යුතුය යයි දරුණු සාපයක් කළේය. මෙම සාපය නිසා අසුරයින් දෙවිවරුන් පරදවා ඔවුන් දෙව්ලොවින් පලවා හරිනු ලැබීය.

පරාජයට පත් ‍වූ දෙවිවරුන් ආරක්ෂාව පතා ලෝකය නිර්මාණය කළා වූ මහා බ්‍රහ්මයන් වෙත ගියේය. නැවතත් ජය ලැබීමට නම් අමරණියත්වයට පත් කරන “අමෘතය” ලබා ගත යුතු බවත් පැවසීය. මේ සඳහා ක්ෂීර සාගරය (කිරිමුහුද) කැළඹිය යුතු බවත් පැවසීය. මෙම කාර්යය සඳහා උදවු ලබා ගැනිම පිණිස දෙවිවරුන් මහා විෂ්ණු කරා ගියහ. විෂ්ණු, කර්ම අවතාරය වේසයෙන් මන්ත්‍ර පර්වතය, දණ්ඩක් ලෙස ගෙන කිරිමුහුද කැළඹිමට උදවු කළේය. නාග රජු වූ 'වාසුකී' ද විශාල රැහැනක් බවට පත්ව මේ කාර්යයට ආධාර වුණි. දෙවිවරුන් සහ අසුරයෝ, ඉතාම ධාර්මික මෙන්ම කරැණාවන්ත වූ බාලි චක්‍රවර්ති රජුගේ නායකත්වය යටතේ, කිරි සයුර කළඹන්නට පටන් ගත්තේය.

කිරි සයුර කැළඹිමේදී මතු වූ අගනා වස්තූන් අතරින් ලක්ෂ්මී දෙවඟන ද පහළ වුවාය. ඇය විසින් ශ්‍රි විෂ්ණු තමාගේ වල්ලභ දෙවියන් ලෙස තෝරා ගන්නා ලදි. සියළු මායා බන්ධන දුර්වල කිරිමේ බලය ඔහුට පමණක් තිබිම ලක්ෂ්මී දෙවඟනගේ මෙම තෝරා ගැනීමට හේතු විය. සාගරයෙන් මතු වූ බැවින් ලක්ෂ්මී දෙව්දුව සාගරයේ දියණියක් ලෙස සැලකන අතර එලෙස මතුවු හඳ(චන්ද්‍රයා) ඇගේ සොහොයු‍රා ලෙස ව්‍යවහාරයට පත් විය. ආලක්ෂ්මී මෙසේ පහල වූ තවත් දෙවඟනක් වන අතර ඇය ලක්ෂ්මී දෙවඟනගේ වැඩිමහල් සොහොයුරිය වේ. කෙසේ වෙතත් ඇය අභාග්‍යයේ දෙව්දුව ලෙස සලකනු ලබති.

විෂ්ණු පුරාණයේ දැක්වෙන අන්දමට ලක්ෂ්මී භ්‍රිග්ගු සහ කසාතිගේ දියණිය වෙයි. ඇය ස්වර්ගයේ ජිවත් වුවද දුර්වාසගේ සාපය නිසා ඇය පසුව ක්ෂීර සාගරය ඇගේ වාසස්ථානය කරගත්තා. එහෙත් ක්ෂීර සාගරයේ කැළඹීම නිසා ලක්ෂ්මී දෙව්දුව නැවත පහළ වීමත්, පසුව විෂ්ණු හා විවාහ වීමත් සම්බන්ධ කතාව එහි ඒ ලෙසටම සඳහන් ව ඇත. ලක්ෂ්මී විෂ්ණුගේ ශක්තිය සහ මායා බලය වේ. මෙය "ශ්‍රී චෛශ්නිවිසම්" යන සංකල්පය සමඟ මැනවින් ගැල‍පේ. එහි අර්ථය වන්නේ ලක්ෂ්මී යනු හුදු ධනයට අධිපති දෙවඟන පමණක් නොව ඇය දෙවඟනන් අතර අග්‍රතම දෙවඟන ද වේ.

හින්දු සමාජයෙහි ස්තූති පූජා පැවැත්වීම[සංස්කරණය]

tiny globe
ලක්ෂ්මී මූර්තී භුබනේශ්වර්හි (ලක්ෂ්මි පූජා) ස්තූති පූජාවෙහිදී

හින්දුවරුන් බොහෝ ලෙසින් ලක්ෂ්මී වන්දනයෙහි යෙදෙන්නේ ආලෝක උත්සවය හෙවත් දීවාලීහිදීය. සම්ප්‍රදානුකූලව, දීවාලී දිනයෙහිදී ජනයා විසින් තම නිවෙස් පිටත කුඩා තෙල් පහන් දල්වා තබනු ලබන්නේ තමන් හට ආශිර්වාද කිරීමට ලක්ෂ්මී පැමිණෙතැයි යන බලාපොරොත්තු ඇතිවය.

ශ්‍රී යන උපසර්ගය විදහාපාන්නේ, ශ්‍රී ලක්ෂ්මී එනම් කුමන ආකාරයක හෝ ඓශ්චර්යයක් "හේතුවෙන් ප්‍රමුදිතයට පත්වන්නාවූ තැනැත්තා" යන්නයි. සමෘද්ධිමත් විය යුතු යැයි සැලකෙන ඕනෑම දෙයක් සඳහා ලක්ෂ්මී, හෝ ශ්‍රී යන්නාවූ මංගල උපසර්ගය හෝ ප්‍රත්‍යය හෝ භාවිත වන්නේ රාජ්‍ය ලක්ෂ්මී (ආධිපත්‍ය සම්පත), ශාන්ති ශ්‍රී (සාම සම්පත), ආදී වශයෙනි. මහතා සහ මහත්මිය යන අභිධානයන් වෙනුවෙන් ඉංග්‍රීසියෙන් භාවිතා වන මිස්ටර් සහ මිසිස් සඳහා නූතන ඉන්දියාවෙහි ශ්‍රී සහ ශ්‍රීමතී යෙදෙනුයේ, නිදසුනක් ලෙසින් ගතහොත් ශ්‍රී දේසායි හෝ ශ්‍රීමතී ශාන්ති ආකාරයටය.

උත්තරඛාන්ද්හිදී, දීවාලී රාත්‍රියෙහිදී දේවතාවිය පිදීමෙන් පසුව, සංඛ, හෝ හක්ගෙඩිය, පිඹින්නේ නැත. මෙයට හේතුව වන්නේ දේවතාවිය මෙන්ම සංඛය ද සමුද්‍රයෙන්ම වන බැවින් එයට විවේකයක් ලබා දෙනු පිණිසය.

අම්බබායි ලෙසින්ද හැඳින්වෙන, කරවීර නිවාසිනී මහාලක්ෂ්මී, මහාරාෂ්ඨ්‍රයෙහි කොල්හාපූර් නගරයෙහි ආරක්ෂක දෙවඟනයි.

බෙංගාලය[සංස්කරණය]

tiny globe
කෝජාගිරි ලක්ෂ්මී පූජාව

බෙංගාලයෙහි, ලක්ෂ්මී වන්දනය සිදුකෙරෙන්නේ සරත් සමයෙයි, වසරෙහි දීප්තිමත්ම රාත්‍රිය වන්නාවූ එක් පසළොස්වක රැයකදීය. පවතින විශ්වාසය අනුව, ඇය එම රාත්‍රියෙහිදී ඓශ්චර්යය ප්‍රසාද කරන්නීය. ඇයගේ වාහනය වන්නාවූ, මහා ධවල බකුසා සමගින් ඇය පෘථිවිය වෙත සැපත් වන්නේ, අපගේ ජීවිත අඳුරු කරන්නාවූ දරිද්‍රතාවය, අකර්මණ්‍ය බව, කෝපය, සහ කුසීත භාවය බැහැර කිරීමටය.

ලක්ෂ්මී පුරාවෘතයන්[සංස්කරණය]

ලක්ෂ්මී දෙවඟනන් පහළවීම සම්බන්ධ ඉතා පැරණි කතාවක් ඇත. වහා කිපෙන සුළු චරිතයකින් යුතු දුර්වාඝ නම් ඉසිවරයා වරක් පරනොවන මල්වලින් ගොතන ලද මාලයක් දෙවියන් අතර අග්‍ර වූ ඉදු දෙවියන්ට තෑගි කරන ලදි. ඉද්‍ර දෙවියන් මෙම මාලය ඔහුගේ ඓරාවනා නම් හස්තියට දුන් අතර එම හස්තියා මල් මාලය කකුලෙන් පාගා විනාශ කර දමන ලදි. මෙය දුටු දුර්වාය සෘෂිවරයා තමාට සිදුවු මෙම නොසැලකිල්ල නිසා මහත් කෝපයට පත් විය. ඔහු සාප කළේය. ඔවුන් සතු බලය සහ සැප සම්පත් නිසා අතිශයින් අහංකාරයට පත්ව ඇති සියලු දෙවිවරුන්ගේ බලය පහ වී යා යුතුය යයි දරුණු සාපයක් කළේය මෙම සාපය නිසා අසුරයින් විසින් දෙවිවරුන් පරදවා ඔවුන් දෙවිලොවින් පලවා හරිනු ලැබිය.

පරාජයට පත්වූ දෙවිවරුන් ආරක්ෂාව පතා ලෝකය නිර්මාණය කළා වූ මහ බ්‍රහ්මයන් වෙත ගියේය. නැවතත් ජය ලැබීමට නම් අමරණියත්වයට පත් කරන 'අමෘතය' ලබා ගත යුතු බවත් පැවසීය. මේ සදහා ක්ෂිර සාගරය (කිරිමුහුද) කැළඹිය යුතු බවත් පැවසිය. මෙම කාර්යය සදහා උදවු ලබා ගැනිම පිණිස දෙවිවරුන් මහා විෂ්ණු කරා ගියහ. විෂ්ණු කර්ම අවතාරය වේසයෙන් මන්ත්‍ර පර්වතය කැළඹු දණ්ඩක් ලෙස ගෙන කිරිමුහුද කැළඹිමට උදවු කළේය. නාග රජු වූ 'වාසුකි' ද විශාල රැහැනක් බවට පත්ව මේ කාර්යයට ආධාර වුණි. දෙවිවරුන් සහ අසුරයෝ ඉතාම ධාර්මික මෙන්ම කරුණාවන්ත වූ බාලි චක්‍රවර්ති රජුගේ නායකත්වය යටතේ කිරිසයුර කළඹන්නට පටන් ගත්තේය.

කිරි සයුර කැළඹිමේදී මතු වූ අගනා වස්තූන් අතරින් ලක්ෂ්මී දෙවඟන ද පහළවුවාය. ඇය විසින් ශ්‍රි විෂ්ණු තමාගේ වල්ලභ දෙවියන් ලෙස තෝරා ගන්නා ලදි. සියලු මායා බන්ධන දුර්ව කිරිමේ බලය ඔහුට පමණක් තිබීම ලක්ෂ්මි දෙවඟනයේ මෙම තෝරා ගැනීමට හේතු විය. සාගරයෙන් මතු වූ බැවින් ලක්ෂ්මි දෙව්දුව සාගරයේ දියණියක් ලෙස සැලකෙන අතර එලෙස මතුවු හඳ (චන්ද්‍රයා ඇගේ සොහොයුරා ලෙස ව්‍යවහාරයට පත් විය. ආලක්ෂ්මි මෙසේ පහළ වූ තවත් දෙවගනක් වන අතර ඇය ලක්ෂ්මි දෙවඟනගේ වැඩිමහල් සොහොයුරියවේ කෙසේ වෙතත් ඇය අභාග්‍යයේ දෙවිදුව ලෙස සලකනු ලබයි.

විෂ්ණු පුරාණයේ දැක්වෙන අන්දමට ලක්ෂ්මි භ්‍රිග්ගු සහ කසාතිගේ දියණිය වෙයි. ඇය ස්වර්ගයේ ජිවත් වුවද දුර්වාසගේ සාපය නිසා ඇය පසුව ක්ෂිර සාගරය ඇගේ වාසස්ථානය කරගත්තාය. එහෙත් ක්ෂිර සාගරයේ කැළඹිම නිසා ලක්ෂ්මි දෙවිදුව නැවත පහළ විමෙන් පසුව විෂ්ණු හා විවාහ වීමත් සම්බන්ධ කතාව එහි ඒ ලෙසටම සදහන් ව ඇත. ලක්ෂ්මි විෂ්ණුගේ ශක්තිය සහ මායා බලය වේ. මෙය 'ශ්‍රී චෛශ්නිවිසම් යන සංකල්පය සමග මැනවින් ගැලපේ. එහි අර්ථය වන්නේ ලක්ෂ්මි යනු හුදු ධනයට අධිපති දෙවගන පමණක් නොව ඇය දෙවඟනන් අතර අග්‍රතම දෙවඟනද වේ.

අෂ්ඨ ලක්ෂ්මී[සංස්කරණය]

අෂ්ඨ ලක්ෂ්මී යනු ලක්ෂ්මී දේවියගේ බලපෑම ඇති පාර්ශවයන් අටක් නියෝජනය වන ඇයගේ ද්වීතියික පහළවීම් වෙයි. එම පාර්ශවයන් අට නම් මෙසේය,

එම ස්වරූපයන් නම්:

  • ආදි ලක්ෂ්මී - (ලක්ෂ්මියගේ පළමු පහළවිම)
  • ධාන්‍ය ලක්ෂ්මී - (ධාන්‍ය ධනය)
  • ධෛර්ය ලක්ෂ්මී - (වීර්ය ධනය)
  • ගජ ලක්ෂ්මී - (අලියා - ධනයේ සළකුණ)
  • සන්තාන ලක්ෂ්මී - (පරම්පරාව පවත්වාගෙන යාමේ ධනය)
  • විජය ලක්ෂ්මී - (ජයග්‍රහණයේ ධනය)
  • විද්‍යා ලක්ෂ්මී - (දැනීමේ සහ අධ්‍යාපනයේ ධනය)
  • ධන ලක්ෂ්මී - (මූල්‍යමය ධනය)

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ලක්‍ෂ්මී_(දෙවඟන)&oldid=275751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි