බීබීසී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී)
වර්ගය මහජන විද්‍යුත් ප්‍රචාරණ අධිකාරිය
පූර්වගාමියා බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සමාගම
ස්ථාපිතය 18 ඔක්තෝම්බර් 1922 (1922-10-18)
ප්‍රාරම්භක(යන්) ජෝන් රීත්
ජෝර්ජ් විලියර්ස්
මූලස්ථානය බ්‍රෝඩ්කාස්ටිං හවුස්, ලන්ඩනය, එංගලන්තය, එක්සත් රාජධානිය
සේවා සරිය ලෝකව්‍යාප්ත
ප්‍රධාන පුද්ගලයන් ක්‍රිස් පැටන්
(සභාපති, බීබීසී ට්‍රස්ට්)
ටෝනි හෝල්
(අධ්‍යක්ෂ-ජනරාල්)
කර්මාන්තය ජන මාධ්‍ය
නිෂ්පාදිතයන් විද්‍යුත් ප්‍රචාරණය, ගුවන්විදුලිය, වෙබ් ද්වාර
සේවාවන් රූපවාහිනිය, ගුවන්විදුලිය, මාර්ගගත
ආදායම £5.086 බිලියන (2011/12)[1]
හිමිකරු(වන්) කිරීටය (මහජන සතු)
සේවකයන් 23,000 (2011/12)
වෙබ්අඩවිය bbc.co.uk bbc.com

බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) (ඉංග්‍රීසි: British Broadcasting Corporation, BBC) යනු බ්‍රිතාන්‍ය මහජන සේවා විද්‍යුත් ප්‍රචාරණ සංස්ථාවකි.[2] එහි ප්‍රධාන වගකීම වන්නේ එක්සත් රාජධානියෙහි, චැනල් දිවයින්හී, සහ අයිල් ඔෆ් මෑන්හී මධ්‍යස්ථ පොදු සේවා විද්‍යුත් ප්‍රචාරණයෙහි යෙදීමයි. 23,000 පමණ සංඛ්‍යාවක කාර්ය මණ්ඩලයකට හිමිකම් කියන එය, සේවක සංඛ්‍යාව අනුව සලකන කල, ලොව විශාලතම විද්‍යුත් ප්‍රචාරකයා වෙයි. [3] [4][5] බීබීසී යේ මූලස්ථානය, ලන්ඩනයේ, බ්‍රෝඩ්කාස්ටිං හවුස්හී පිහිටා ඇති අතර එහි ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථාන, බෙල්ෆාස්ට්, බර්මිංහැම්, බ්‍රිස්ටල්, කාඩිෆ්, ග්ලාස්ගෝ, ලන්ඩනය සහ සල්ෆඩ් කේස් යන ස්ථාන වල පිහිටා ඇති අතර කුඩා නිෂ්පාදන මධ්‍යස්ථාන එරා පුරා පිහිටා ඇත.

බීබීසී ය අර්ධ-ස්වතන්ත්‍ර පොදු සේවා විද්‍යුත් ප්‍රචාරකයෙක් වන අතර [6] රාජකීය වරපතක් යටතේ සහ [7] ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් වෙතින් නිකුත්වූ බලපත්‍රයක් සහ පොරොන්දු පත්‍රයක් මත ක්‍රියාත්මක වෙයි.[8] එක්සත් රාජධානිය තුල එහි කෘත්‍යයන් සඳහා ප්‍රධාන වශයෙන් අරමුදල් සැපයෙන්නේ වාර්ෂික රූපවාහිනී බලපත්‍ර ගාස්තුවක් මගින් වන අතර,[9] එසැණින් රූපවාහිනී විද්‍යුත් ප්‍රචාරණ ග්‍රහණය කර ගත හැකි ඕනෑම වර්ගයක උපකරණ භාවිතා කරන බ්‍රිතාන්‍ය ගෘහස්තයන්, සමාගම් සහ සංවිධාන වෙතින් මෙය අය කෙරෙයි;[10] ගාස්තුවෙහි ප්‍රමාණය වාර්ෂිකව තීරණය කෙරෙනුයේ, පාර්ලිමේන්තුවෙහි එකඟත්වය මත බ්‍රිතාන්‍ය රජය විසිනි. [11]

1932 දෙසැම්බර් 19 දිනදී බීබීසී අධිරාජ්‍යය සේවය පිහිටුවීමේ පටන් ශ්‍රව්‍ය ගුවන්විදුලිය මගින්ද, මෑතකදී රූපවාහිනිය සහ මාර්ගත සේවා මගින්ද, සෘජු විද්‍යුත් ප්‍රචාරණය සහ යළි-සම්ප්‍රේශණ ගිවිසුම් භාවිතයෙන්, බීබීසී ලෝක සේවය විසින්, එරා වෙතින් පිටත සේවා සපයා ඇත. විශේෂිත වශයෙන් ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ප්‍රතිදානය සපයා ගැනුමට, ගෘහස්ත සේවාවන්ගේ සමහරක් පහසුකම් හවුලේ භාවිතා කරතත්, ලෝක සේවය සඳහා වෙනස්වූ කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් භාවිතාවූ අතර, එහි ක්‍රියාකාරී අරමුදල් ඓතිහාසික වශයෙන් සැපයුනේ ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය රජය වෙතින් ලබාදුන් සෘජු දීමනා මගිනි. මෙම දීමනාවන්හී ප්‍රමාණය, ගෘහස්ත බලපත්‍ර ගාස්තු වලින් ස්වායත්තව තීරණය කෙරුණු අතර, සාමාන්‍ය වශයෙන් විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාල අයවැය ගිණුමෙන් ප්‍රදානය කෙරිණි. එබැවින්, බීබීසී යේ ජාත්‍යන්තර සේවා අන්තර්ගතය සාම්ප්‍රදායිකව ක්‍රියාක්මක වූයේ – භාගික වශයෙන් හෝ – බ්‍රිතාන්‍ය රජය සඳහා ඵලදායී විදේශ ප්‍රතිපත්ති මෙවලමක් ලෙසිනි. මෑතදී පැවැත්වුණු බීබීසී ලෝක සේවා වැය සමාලෝචනයේදී, ගෘහස්ත බලපත්‍ර ගාස්තු තුලින් ලෝක සේවය සඳහා අරමුදල් සපයා ගැනුමෙහි සැලසුමක් ප්‍රකාශයට පත් කෙරුණි.

සංස්ථාව වෙත සහතික ලෙසින් හිමි වන බලපත්‍ර ගාස්තු සහ ලෝක සේවා දීමනාවට අතිරේඛ වශයෙන්, සම්පූර්ණ හිමිකාරත්වය සහිත සහධාරි සමාගමක් වන බීබීසී වර්ල්ඩ්වයිඩ් හී වාණිජ ක්‍රියාකාරකම් තුලින් උපැයෙන ලෘභය එය වෙත ලැබෙයි. සමාගමෙහි ක්‍රියාකාරකම් අතර වැඩසටහන්- සහ සැලසුම්-විකුණුම වෙයි. සංස්ථාවෙහි තවද සම්පූර්ණ හිමිකාරත්වය සහිත සහධාරි සමාගමක් වන හා පෙරදී බීබීසී රිසෝසර්ස් සමාගම ලෙසින් හැඳින්වුණු, බීබීසී සැදිරි සහ පසු නිෂ්පාදන සමාගම විසින් සිදුකෙරෙන සමහරත් වැඩසටහන්-නිපැයීමේ සේවාවන් විකිනීමෙන් ලැබෙන අතිරේක ආදායමද බීබීසී ය විසින් උපයයි. බීබීසී යේ බොහෝ සඟරා සහ ග්‍රන්ථ ප්‍රකාශන ක්‍රියාකාරකම් 2011 දී විකුණා දමන ලදි. [12] අනෙකුත් බ්‍රිතාන්‍ය මාධ්‍යයන් විසින් බීබීසී ය සමහරවිට ඇමතෙන්නේ "ආන්ටි" (නැන්දා) හෝ "ද බීබ්" (බීබීසී යන නම ඇරඹෙන අකුරු වලින් සැදි කෙටි නමකි) යනුවෙනි.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

1922 සිට 1939[සංස්කරණය කරන්න]

ලොව පළමු උච්ච-විශදතා රූපවාහිනී මහජන විද්‍යුත් ප්‍රචාරණය සිදුවූ ස්ථානය අනුස්මරණය තකා ඇලෙක්සැන්ඩ්‍රා මාලිගයෙහි පිහිටුවා ඇති තිරනුමාන ඵලකයක්

පෞද්ගලික අයිතියක් සහිතවූ බීබීසී ය ලොව පළමු ජාතික විද්‍යුත් ප්‍රචාරණ සංවිධානය විය.[13]

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

  1. පාට් 2 - ද බීබීසී එක්සකටිව්ස් රිවිව් ඇන්ඩ් ඇසෙස්මන්ට් (PDF). බීබීසී වාර්ෂික වාර්තාව 2011/12 (ලන්ඩනය, එක්සත් රාජධානිය: බීබීසී). 16 ජූලි 2012: 62. Retrieved 24 සැප්තැම්බර් 2012. 
  2. "වට් ඊස් ද බීබීසී?." බීබීසී. සම්ප්‍රවේශය 6 ජනවාරි 2010. "බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව විද්‍යුත් ප්‍රචාරණ මධ්‍යස්ථානය, පෝට්ලන්ඩ් පෙදෙස, ලන්ඩනය, W1A 1AA."
  3. බීබීසී: වර්ල්ඩ්ස් ලාජස්ට් බ්‍රෝඩ්කාස්ටර් ඇන්ඩ් මෝස්ට් ට්‍රස්ටඩ් මීඩියා බ්‍රෑන්ඩ්. මීඩියා නිව්ස්ලයින්. Archived from the original on 5 ඔක්තොම්බර් 2010. Retrieved 23 සැප්තැම්බර් 2010. 
  4. ඩිජිටල් ලයිසන්ස්. ප්‍රොස්පෙක්ට්. Retrieved 23 සැප්තැම්බර් 2010. 
  5. අබවුට් ද බීබීසී – වට් ඊස් ච බීබීසී. බීබීසී ඔන්ලයින්. Retrieved 23 සැප්තැම්බර් 2010. 
  6. බීබීසී වෙබ්සයිට්: අබවුට් ද බීබීසී – වට් ඊස් ද බීබීසී. Archived from the original on 18 ජූලි 2009. Retrieved 14 ජූනි 2008. 
  7. ඇන්ඩෲස්, ලෙයිටන් (2005). "ද හෑන්ඩ්බුක් ඔෆ් පබ්ලික් එෆයාර්ස්". SAGE. pp. 247–48. ISBN 978-0-7619-4393-8. 
  8. බීබීසී වර්ල්ඩ් සර්විස් – ඉන්ස්ටිට්‍යුෂනල් – හවු ඊස් ද වර්ල්ඩ් සර්විස් ෆන්ඩඩ්?. බීබීසී වර්ල්ඩ් සර්විස්. The BBC, including World Service, operates under two constitutional documents – its Royal Charter and the Licence and Agreement. The Charter gives the Corporation legal existence, sets out its objectives and constitution, and also deals with such matters as advisory bodies. Under the Royal Charter, BBC must obtain a licence from the Home Secretary. The Licence, which is coupled with an Agreement between the Minister and the Corporation, lays down the terms and conditions under which BBC is allowed to broadcast. 
  9. බීබීසී ඇනුවල් රිපෝට් ඇන්ඩ් එකවුන්ට්ස් 2008/9: ෆයිනෑන්ෂල් පර්ෆෝර්මන්ස්. Archived from the original on 10 පෙබරවාරි 2010. Retrieved 12 පෙබරවාරි 2010.  [මළ බැඳිය]
  10. ටීවී ලයිසන්සිං: ලෙජිස්ලේෂන් ඇන්ඩ් පොලිසි. Retrieved 12 පෙබරවාරි 2010. 
  11. බීබීසී ප්‍රෙස් ඔෆිස්: ටීවී ලයිසන්ස් ෆී: ෆැන්ට්ස් ඇන්ඩ් ෆිගර්ස්. Retrieved 12 පෙබරවාරි 2010. 
  12. මාක් ස්වීනි. [1] "බීබීසී වර්ල්ඩ්වයිඩ් එග්‍රීස් £121m මැගසින් සේල්-ඕෆ්". theguardian. 16 අගෝස්තු 2011. සම්ප්‍රවේශය 30 ජූනි 2012
  13. "බිබීසී හිස්ට්‍රි – ද බීබීසී ටේක්ස් ටු දි එයාර්වේව්ස්". බීබීසී නිව්ස්. http://news.bbc.co.uk/aboutbbcnews/spl/hi/history/html/default.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 ජූලි 2007. 

බාහිර සබැඳි[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=බීබීසී&oldid=261962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි