මෙම ලිපිය රාජකීය පවුල පිලිබඳ වේ. එය පාලනය කළ භූමි ප්‍රදේශය සඳහා,
ටොලමියානු රාජධානිය බලන්න.
ටොලමියානු රාජවංශය /ˌtɒləˈmeɪ.ɪk/ (පුරාතන ග්‍රීක:Πτολεμαῖοι, Ptolemaioi) හෙවත් ඇතැම් අවස්ථාවන්හි ලැගිඩ්වරුන් /ˈlædʒɪdz/ හෝ ලැගිඩේ /ˈlædʒɪˌdiː/ (පුරාතන ග්‍රීක:Λαγίδαι, Lagidai, Iවන ටොලමිගේ පියා වූ ලැගස් අනුව යෙදුණකි) යනුවෙන් හැඳින්වෙන්නේ හෙලනිස්තික යුගයේ ඊජිප්තුවේ ටොලමියානු රාජධානිය පාලනය කළ මැසිඩෝනියානු සම්භවයක් සහිත ග්‍රීක[1][2][3][4][5] ඔවුන්ගේ පාලනය වර්ෂ 275ක් පැවති අතර, එය ක්‍රි.පූ. 305 සිට 30 දක්වා පැවතිණි. මෙය පුරාතන ඊජිප්තුවේ අවසන් රාජවංශය ලෙස සැලකෙයි.
ටොලමි, මහා ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතීන්ගේ ආරක්ෂකයන් සත්දෙනාගෙන් අයෙකි. ක්‍රි.පූ. 323දී ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු, ඔහුව ඊජිප්තුවේ ප්‍රදේශ රාජයා ලෙස නම් කරන ලදී. ක්‍රි.පූ. 305දී ඔහු තමන්ව Iවන ටොලමි ලෙස හඳුන්වා ගත්තේ ය. පසුකලෙක ඔහුව සෝටර් හෙවත් "ගැලවුම්කරුවා" ලෙස හැඳින්විණි.
ඊජිප්තුවරුන් මඳ කලෙකින්ම ටොලමිවරුන්ව, නිදහස් ඊජිප්තුවේ පාරාවෝවරුන්ගේ අනුප්‍රාප්තිකයින් ලෙස සලකන ලදී. ක්‍රි.පූ. 30දී රෝමය විසින් යටත් කරගන්නා තෙක්ම ටොලමිගේ පවුල විසින් ඊජිප්තුවේ පාලනය ගෙන යන ලදී.
මෙම රාජවංශයේ සියලුම පුරුෂ පාලකයින් ටොලමි යන නාමය භාවිතා කර තිබේ. ඇතැම් ටොලමියානු රාජ්‍ය කළ රැජිනියන් සිය සැමියන්ගේ සොයුරියන් වූ අතර ඔවුන්ව බොහෝවිට ක්ලියෝපැට්රා, ආර්සිනෝයි හෝ බෙරෙනිස් යන නාමයෙන් හැඳින්විණි. මෙම පෙළපතේ වඩාත් ප්‍රකට සාමාජිකයා මෙහි අවසන් රැජිනිය වූ VIIවන ක්ලියෝපැට්රා ය. ඇය ජුලියස් සීසර් සහ පොම්පේ අතර පැවති දේශපාලන අරගලවලදීත්, පසුව ඔක්ටේවියන් සහ මාක් ඇන්ටනි අතර ඇති වූ අරගලවලදීත් දැක්වූ දායකත්වය හේතුවෙන් ප්‍රකට වූවා ය. රෝම ආක්‍රමණයේ දී ඇය විසින් සිය දිවි හානි කරගැනීම ඊජිප්තුවේ ටොලමියානු පාලනයේ අවසානය සනිටුහන් කළේ ය.
ටොලමියානු පාලකයින් සහ බිසෝවරුන්
[සංස්කරණය]
මෙහි වරහන් තුළ දක්වා ඇති දිනයන් ටොලමියානු පාරාවෝවරුන්ගේ රාජ්‍ය වර්ෂයන් වේ. ඔවුහු බොහෝ විට සිය භාර්යාවන් සමග හවුල් පාලනයක් ගෙනගියෝ ය. බොහෝ විට මෙම භාර්යාවන් ඔවුන්ගේම සොයුරියන් විය. රැජිනියන් කිහිප දෙනකු විසින් රාජ්‍ය අධිකාරය හොබවා තිබේ. මේ අතරින් අවසාන මෙන්ම සුප්‍රකටම රැජිනිය ක්ලියෝපැට්රා ("ක්ලියෝපැට්රා VII ෆිලොපේටර්", ක්‍රි.පූ. 51–30) ය. ඇය ඇගේ සොයුරන් දෙදෙනා සහ පුත්‍රයා සමග ගෙනගිය හවුල් පාලන සමයේ ක්‍රියාකාරී පාලකයා වූයේ ඇයයි. අවසන් පාලකයින් අංකනය කිරීම සඳහා නොයෙකුත් ක්‍රමවේද භාවිත වී ඇත. මෙහි භාවිත ක්‍රමය නූතන විද්වතුන් විසින් වඩාත් බහුලව භාවිතා කෙරෙන ක්‍රමයයි.
- ටොලමි I සෝටර් (ක්‍රි.පූ. 303–282) [6] - පළමුව තායිස් ද, අනතුරුව ආර්ටකාමා ද, අනතුරුව යුරිඩිස් ද අවසානයේ Iවන බෙරෙනිස් සමග ද විවාහ විය.
- ටොලමි II ෆිලඩෙල්ෆස් (ක්‍රි.පූ. 285[තහවුරු කර නොමැත]–246) - පළමුව Iවන ආර්සිනෝයිව ද, අනතුරුව IIවන ආර්සිනෝයි ද විවාහ කරගන්නා ලදී. ටොලමි එපිගෝනස් (ක්‍රි.පූ. 267–259) සමග හවුල් පාලනයක් ගෙනගියේ ය.
- ටොලමි III යුවර්ගීට්ස් (ක්‍රි.පූ. 246–221) - IIවන බෙරෙනිස් හා විවාහ විය.
- ටොලමි IV ෆිලොපේටර් (ක්‍රි.පූ. 221–203) - IIIවන ආර්සිනෝයි සමග විවාහ විය.
- ටොලමි V එපිෆේන්ස් (ක්‍රි.පූ. 203–181) - ක්ලියෝපැට්රා I සයිරා සමග විවාහ විය.
- ටොලමි VI ෆිලොමීටර් (ක්‍රි.පූ. 181–164, ක්‍රි.පූ. 163–145) - IIවන ක්ලියෝපැට්රා සමග විවාහ විය. ක්‍රි.පූ. 152දී කෙටි කාලයක් ටොලමි යුපේටර් සමග හවුල් පාලනයක් ගෙනගියේ ය.
- ටොලමි VII නියොස් ෆිලොපේටර් (රාජ්‍ය පාලනය කොට නැත)
- ටොලමි VIII ෆිස්කන් (ක්‍රි.පූ. 170–163, ක්‍රි.පූ. 145–116) – IIවන ක්ලියෝපැට්රාවත් අනතුරුව IIIවන ක්ලියෝපැට්රාවත් විවාහ කරගන්නා ලදී. ක්‍රි.පූ. 131-127 අතර කාලයේ IIවන ක්ලියෝපැට්රා විසින් ඔහුව තාවකාලිකව පිටුවහල් කරන ලදී. පසුව ක්‍රි.පූ. 124දී ඇය සමග සමාදාන විය.
- ක්ලියෝපැට්රා II ෆිලොමිටෝරා සොටෙයිරා (ක්‍රි.පූ. 131–127) - ටොලමි VIII ෆිස්කන්ට එදිරිව
- ක්ලියෝපැට්රා III ෆිලොමීටර් සොටෙයිරා ඩිකායෝසයිනේ නයිකෙෆොරස් (කොකේ) (ක්‍රි.පූ. 116–101) - ටොලමි IX ලැතිරොස් (ක්‍රි.පූ. 116–107) සහ ටොලමි X ඇලෙක්සැන්ඩර් I (ක්‍රි.පූ. 107–101) සමග හවුල් පාලනයක් ගෙනයන ලදී.
- ටොලමි IX ලැතිරොස් (ක්‍රි.පූ. 116–107, ක්‍රි.පූ. 88–81 IIවන සෝටර් ලෙස) - IVවන ක්ලියෝපැට්රා ව ද, අනතුරුව ක්ලියෝපැට්රා සෙලීන් Iව ද විවාහ කරගන්නා ලදී; සිය පළමු රාජ්‍ය සමයේ IIIවන ක්ලියෝපැට්රා සමග හවුල් පාලනයක් ගෙනගියේ ය.
- ටොලමි X ඇලෙක්සැන්ඩර් I (ක්‍රි.පූ. 107–88) - ක්ලියෝපැට්රා සෙලීන් I සමගත්, අනතුරුව IIIවන බෙරෙනිස් සමගත් විවාහ විය; ක්‍රි.පූ 101 වන තෙක් IIIවන ක්ලියෝපැට්රා සමග හවුල් පාලනයක් ගෙනගියේ ය.
- බෙරෙනිස් III ෆිලොපේටර් (ක්‍රි.පූ. 81–80)
- ටොලමි XI ඇලෙක්සැන්ඩර් II (ක්‍රි.පූ. 80) – IIIවන ක්ලියෝපැට්රා සමග විවාහ වී ඇයව මරාදැමීමට පෙර හවුල් පාලනයක් ගෙනගියේ ය. එම සිදුවීමෙන් පසු ඔහුට පාලනය ගෙනයාමට හැකිවූයේ දින 19ක් පමණි.
- ටොලමි XII නියොස් ඩියොනීසස් (ඕලීට්ස්) (ක්‍රි.පූ. 80–58, ක්‍රි.පූ. 55–51) - ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා සමග විවාහ විය.
- ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා (ක්‍රි.පූ. 58–57) - බෙරෙනිස් IV එපිෆේනියා (ක්‍රි.පූ. 58–55) සහ ක්ලියෝපැට්රා VI ට්‍රිෆේනා (ක්‍රි.පූ. 58) සමග හවුල් පාලනයක් ගෙනගියා ය.
- ක්ලියෝපැට්රා ("ක්ලියෝපැට්රා VII ෆිලොපේටර්", ක්‍රි.පූ. 51–30) - ටොලමි XIII තියොස් ෆිලොපේටර් (ක්‍රි.පූ. 51–47), XIVවන ටොලමි (ක්‍රි.පූ. 47–44) සහ ටොලමි XV සිසේරියන් (ක්‍රි.පූ. 44–30) සමග හවුල් පාලනයක් ගෙනගියා ය.
- IVවන ආර්සිනෝයි (ක්‍රි.පූ. 48–47) - ක්ලියෝපැට්රාට එදිරිව
ටොලමියානු රාජවංශයේ සෙසු සාමාජිකයින්
[සංස්කරණය]
වර්තමාන විද්වතුන් පවසන්නේ ටොලමියානු රාජවංශයේ බොහෝ දෙනා අධික ස්ථූලභාවයෙන් පෙළුණු බවයි. එයට හේතුව ප්‍රතිමා සහ කාසිවල දැක්වෙන් ඔවුන්ගේ රූපවල නෙරා ආ ඇස් සහ ඉදිමුණු ගෙල සහිත බැවිනි. කුටුම්භීය ග්‍රේව්ස් රෝගය මගින් ඔවුන්ගේ ඉදිමුණු ගෙල සහ නෙරා ආ ඇස් (උදක්ෂිය) පිළිබඳ විස්තර කළ හැක.
මෙම සොයාගැනීම් පිළිබඳ කුටුම්භීය ස්වරූපයෙන් සොයාබලන විට, මෙම රාජවංශයේ සාමාජිකයන් බහු-ඉන්ද්‍රිය ෆයිබ්‍රෝටික තත්ත්වයකින් පෙළෙන්නට ඇති බව පෙනේ. මෙම තත්ත්වය අර්ඩ්හයිම්-චෙස්ටර් රෝගය හෝ කුටුම්භීය බහු කේන්ද්‍රීය ෆයිබ්‍රොස්‍ක්ලෙරෝසිස් ත්ත්වයක් විය හැක.[7]
-
ටොලමියානු රාජවංශය පිහිටුවූ මැසිඩෝනියාවේ ටොලමි.
-
ටොලමි II
-
ටොලමි III
-
ටොලමි IV
-
ටොලමි V
-
ටොලමි VI
-
ක්ලියෝපැට්රා II
-
ටොලමි VIII
-
ටොලමි IX
-
ටොලමි X
-
ටොලමි XI
-
ටොලමි XII
-
ටොලමි XIII සහ අයිසිස් දෙවඟන
-
ටොලමි XIV
-
ක්ලියෝපැට්රා VII
-
ටොලමි XV, බොහෝවිට සිසේරියන් ලෙස හඳුන්වයි.
- ^ ජෝන්ස්, පෘඩන්ස් ජේ. (2006). ක්ලියෝපැට්රා: අ සෝස්බුක්. ඔක්ලහෝමා විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. p. 14.
ඔවුහු ටොලමියානු රාජවංශයේ සාමාජිකයන් වූ මැසිඩෝනියානු ග්‍රීකවරු වූහ. ඔවුහු එහි රණශූර මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු ඊජිප්තුව පාලනය කළහ.
- ^ පොමරෝයි, සාරා බී. (1990). විමෙන් ඉන් හෙලනිස්ටික් ඊජිල්ට්. වේන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. p. 16.
ටොලමියානු ඊජිප්තුව ග්‍රීක පාලන පන්තියක් සහිත රාජාණ්ඩුවක් විය.
- ^ රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී., ed. (2000). ද ඔක්ස්ෆර්ඩ් එන්සයික්ලොපීඩියා ඔෆ් ර්න්ෂන්ට් ඊජිප්ට්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය.
VIIවන ක්ලියෝපැට්රා උපත ලැබූයේ ටොලමි XII ඕලීට්ස් (ක්‍රි.පූ. 80–57, රාජ්‍ය සමය ක්‍රි.පූ. 55–51) සහ ක්ලියෝපැට්රාගේ දියණිය ලෙස ය. ඇගේ දෙමාපියන් දෙදෙනාම මැසිඩෝනියානු ග්‍රීකවරු වූහ.
- ^ බාඩ්, කැත්රින් ඒ., ed. (1999). එන්සයික්ලොපීඩියා ඔෆ් ද ආකියොලොජි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. රූට්ලෙජ්. p. 488.
ටොලමියානු රජවරුන් ඒ වනවිටත් කිරුළු පැළඳියේ මෙම්ෆිස්හි වන අතර, එම නගරය ප්‍රකට වූයේ මැසිඩෝනියානු ග්‍රීකවරුන් විසින් පිහිටුවූ ඇලෙක්සැන්ඩ්‍රියාවට එරෙහි ඊජිප්තු සතුරු නගරයක් ලෙසයි.
- ^ බාඩ්, කැත්රින් ඒ., ed. (1999). එන්සයික්ලොපීඩියා ඔෆ් ද ආකියොලොජි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. රූට්ලෙජ්. p. 687.
ටොලමියානු යුගයේ දී, ග්‍රීක සම්භවයක් ඇති පාලකයින් විසින් ඊජිප්තුව පාලනය කළ සමයේ...
- ^ වැසන්, ඩොනල්ඩ් (පෙබරවාරි 3, 2012). "ටොලමි I". ඒන්ෂන්ට් හිස්ට්‍රි එන්සයික්ලොපීඩියා. සම්ප්‍රවේශය ඔක්තෝබර් 1, 2016.
- ^ ඇශ්‍රාෆියන්, හියුටන් (2005). "ෆැමිලියල් ප්‍රොප්ටෝසිස් ඇන්ඩ් ඔබේසිටි ඉන් ද ටොලමීස්". J. R. Soc. Med. 98 (2): 85–86.
- සුසෑන් ස්ටීවන්ස්, Seeing Double. Intercultural Poetics in Ptolemaic Alexandria (බර්ක්ලේ, 2002).
- ඒ. ලැම්පෙලා, Rome and the Ptolemies of Egypt. The development of their political relations 273-80 B.C. (හෙල්සින්කි, 1998).
- ජේ. ජී. මැනිං, The Last Pharaohs: Egypt Under the Ptolemies, 305-30 BC (ප්‍රින්ස්ටන්, 2009).
|
---|
|
|
|
|
---|
යුගය | රාජවංශය | - පාරාවෝවරු (පිරිමි
- කාන්තා )
- නිශ්චිත නැත
|
---|
|
---|
පසුකාලීන (ක්‍රි.පූ. 664–332) | |
---|
හෙලනිස්තික (ක්‍රි.පූ. 332–30) | |
---|
|
|
|
|