Jump to content

නිගර්

විකිපීඩියා වෙතින්

නිගර් (ඉංග්‍රීසි: nigger) යනු කළු ජාතිකයන්ට එරෙහිව භාවිත වන වර්ගවාදී පරිභවාත්මක පදයකි. නූතන ඉංග්‍රීසියෙහි ඇති අසභ්‍යම වචන වලින් එකක් වන මෙය සභ්‍ය සන්දර්භ වලදී "the N-word" ලෙසින් හැඳින්වේ.[1] වාග්විද්‍යාත්මක ප්‍රතිඅනුයෝජනය නම් සංසිද්ධියට උදාහරණයක් ලෙසින් අප්‍රිකානු ඇමරිකානු ජාතිකයන් අතර nigger සහ විශේෂයෙන්ම එහි ස්වරූපයක් වන nigga යන වචනය සහෝදරාත්මක අර්ථයකින් භාවිත කෙරේ.[1][2] එහෙත් කළු ජාතිකයන් නොවන පුද්ගලයින් එය භාවිත කිරීම බොහෝ සන්දර්භ වලදී අවමානාත්මක ලෙස දැකෙයි.

ලතින් භාෂාවේ "කළු" යන අර්ථය ඇති විශේෂණයක් වන niger යන පදයෙන් ඉංග්‍රීසි nigger යන්න ලැබී ඇත.[1][2] මුලදී වඩාත් උදාසීන අර්ථයක් තිබූ එය ඉංග්‍රීසි negro යන පදයට සමාන පදයක් ලෙසින් භාවිත කෙරුනි. අත්ලාන්තික් වහල වෙළඳාම සිදු වූ කාලයේ දී (16–19 ශතවර්ෂ) හුදෙක් අවඥා සහගත යෙදුමක් ලෙස භාවිත කෙරුනු එය, 18 වැනි ශතවර්ෂයේ මැද සිට වඩාත් පරිභවාත්මක ස්වරූපයක් ගත් අතර, 19 වැනි ශතවර්ෂයේ මැද භාගය වන විට අතිශයින් නිග්‍රහශීලී වචනයක් බවට පත් විය. ඇතැම් ලේඛකයන් එය තවත් යම් කාලයක් දුරට මධ්‍යස්ථ අරුතකින් භාවිත කළ ද, 20 වැනි ශතවර්ෂය අග වන විට සන්දර්භය හෝ චේතනාව කුමක් වුවද 'nigger' යන පදය භාවිත කිරීම වඩ වඩාත් මතභේදකාරී කරුණක් බවට පත් විය.[1][2][3]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b c d Oxford English Dictionary Online, s.v. nigger, n. and adj.; neger, n. and adj.; N-word, n.
  2. ^ a b c Rahman, Jacquelyn (2012). "The N Word: Its History and Use in the African American Community". Journal of English Linguistics (ඉංග්‍රීසි බසින්). 40 (2): 137–171. doi:10.1177/0075424211414807. ISSN 0075-4242. S2CID 144164210.
  3. ^ McWhorter, John (April 30, 2021). "Opinion | How the N-Word Became Unsayable". The New York Times. June 11, 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය March 22, 2023 – via NYTimes.com.
"https://si.wikipedia.org/w/index.php?title=නිගර්&oldid=773848" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි