Jump to content

ජොසොන්

විකිපීඩියා වෙතින්
(ජොසොන් රාජවංශය වෙතින් යළි-යොමු කරන ලදි)
ජොසොන් රාජධානිය

හංගුල්:대조선국: හන්ජා: 大朝鮮國[1]
1392–1897
ජොසොන් හී කොඩිය
රාජකීය පතාකය
{{{coat_alt}}}
රාජකීය ලාංඡනය
උද්යෝග පාඨය: "대명천지"
දේම්යොං චොන්ජි
(සිංහල: "භූමිය සහ දෙව්ලොව ආලෝකවත් කිරීමට ඉඩදෙන්න!")
සේජොං රජුගේ ජුර්චෙන් ජයග්‍රහණයෙන් පසු ජෝසුන් රාජ්‍යයේ ව්‍යාප්තිය
සේජොං රජුගේ ජුර්චෙන් ජයග්‍රහණයෙන් පසු ජෝසුන් රාජ්‍යයේ ව්‍යාප්තිය
අගනුවරහන්සොං[N 1]
සැකිල්ල:Latd = 37
පොදු භාෂාවන්කොරියානු
ආගම
නව කොන්ෆියුසියානුවාදය (රාජ්‍ය ආගම)
කොරියානු බුදුදහම
කොරියානු යකැදුරු‍‍වාදය
ක්‍රිස්තියානි (1886 සිට)
රජයරාජාණ්ඩුව
රජු 
• 1392–1398
තේජෝ (1වන)
• 1418–1450
මහා සේජොං (4වන)
• 1863–1897
ගෝජොං (26වන)
යොංගුයිජොං පසුව අග්‍රාමාත්‍ය 
• 1392-1398
ජොං දෝ-ජොන්
• 1793–1801
චේ ජේගොං
ඓතිහාසික යුගයමුල් නූතන යුගය
• 1388 කැරැල්ල
1388 මැයි 20
• තේජෝ රජුගේ සිංහාසනාරූඪය
ජූලි 17, 1392
1446 ඔක්තෝම්බර් 9
1592–1598
1627, 1636–1637
1876 පෙබරවාරි 27
ඔක්තෝබර් 12 1897
ජනගහණය
• 1753[2]
ඇස්තමේන්තුගත. 18,960,000
ව්‍යවහාර මුදලමුන්

(1633–1892)
යැං

(1892–97)
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ගෝර්යෝ
කොරියානු අධිරාජ්‍යය
වර්තමානයේ මෙය අයත් වන්නේ උතුරු කොරියාව
 දකුණු කොරියාව
11897දී කොරියාවේ අධිරාජයා බවට පත් විය

ජොසොන් රාජධානිය (හංගුල්:대조선국; හන්ජා:), සාහිත්‍යමය "මහා ජොසොන් රාජ්‍යය"; එලෙසම චොසොන්, චොසුන්, චෝසුන්) යනු කොරියානු රාජධානියක් වන අතර එය යි සොංග්යේ විසින් පිහිටුවන ලදී. එය 1392 ජූලි සිට 1897 ඔක්තෝම්බර් දක්වා සියවස් පහක කාලයක් පමණ පැවතියේ ය.. 1897ඔක්තෝම්බර් මස දී එය නිල වශයෙන් කොරියානු අධිරාජ්‍යය ලෙස නම්කරන ලදී.[3] එය බිහි වූයේ අතීතයේ ගෝර්යෝ යනුවෙන් හැඳින් වූ නූතන කේසොං නගරය බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙසයි. අතීතයෙන් පසු කොරියාව නැවත නම් කළ අතර අගනගරය නැවත නූතන සෝල් වෙතට ගෙනයන ලදී. මෙම රාජධානියේ උතුරු සීමාව යාලු සිට ටුමෙන් ගඟ යන ස්වභාවික සීමාවන් දක්වා ව්‍යාප්ත වූයේ ජුර්චෙන්වරුන්ගේ පරාජයත් සමගයි. කොරියාවේ අවසාන රාජවංශය වූයේ ජොසොන් රාජවංශයයි.

එහි සමයේ, ජෝසුන් රාජ්‍යය කොරියානු සංස්කෘතිය තුළ චීන කොන්ෆියුසියානු පරමාදර්ශයන් සහ දර්ශනයන්හට වැඩීමට ඉඩ සැලසී ය. නව කොන්ෆියුසියානුවාදය නව රාජවංශයේ දර්ශනය ලෙස ස්ථාපනය කෙරිණි. බුදුදහම අධෛර්යයට ලක් කෙරුණු අතර ඇතැම් අවස්ථාවල බුදුදහමට රාජවංශයේ පීඩාවන්ට ලක්වීමටද සිදු විය. මෙම ජෝසුන් ඒකාබද්ධ පාලනය නූතන කොරියාව කෙරෙහි මඟපෑදූ අතර එහිදී සම්භාව්‍ය කොරියානු සංස්කෘතිය, වෙළඳාම, විද්‍යාව, සාහිත්‍යය, සහ තාක්ෂණය උච්චත්වයට පත් විය. කෙසේවුවත් 16වන සියවසේ අගභාගයේ සහ 17වන සියවසේ මුල්භාගය වන විට රාජංවශය තදබල ලෙස දුර්වල වන්නට විය. ඒ සදහා ජපානයේ කොරියානු ආක්‍රමණය (1592-98), 1636දී කොරියානු අර්ධද්වීපය පුරා සිදු වූ පළමු සහ ‍දෙවන මැංචු ආක්‍රමණ මේ සදහා බලපෑවේ ය. මේ හේතුවෙන් රාජ්‍යයට දැඩි හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදු වූ අතර රාජ්‍යය "තවුසන්ගේ රාජධානිය" ලෙස ප්‍රකට වූයේ ඒ හේතුවෙනි. මැංචූරියාවේ ආක්‍රමණ අවසන් වූ පසුව ජොසොන් රාජ්‍යය වසර 200ක පමණ නිදහස් කාලපරිච්ඡේදයක් ගතකළේ ය.

කෙසේවුවත් හුදකලා කාලපරිච්ඡේදය තුළ රාජ්‍යය බලය අතින් ආඩ්‍යත්වයට පත් වන්නට වුවත් 18වන සියවස වන විට එය පරිහානි ලක්ෂණ පෙන්වන්නට විය. මෙකල අභ්‍යන්තර ආරවුල්, බල අරගල, අන්තර්ජාතික පීඩනය සහ කැරලි හමුවේ 19වන සියවස වන විට ජොසොන් රාජවංශය ශීඝු ලෙස පරිහානියට පත්වන්නට විය.

ජොසොන් රාජවංශය නූතන කොරියාව; නූතන කොරියානු සංස්කෘතිය, චාරිත්‍ර, සම්මතයන්, සහ සමාජයීය අනන්‍යතාවන් කෙරෙහි සුවිශේෂී බලපෑමක් ඇති කළ අතර එය නූතන කොරියානු භාෂාව හැඩගැස්වීමෙහි ලා ඉමහත් කාර්යභාරයක් ඉටු කළේ ය.

ඉතිහාසය

[සංස්කරණය]

පැරණි ජෝසුන් යුගය

[සංස්කරණය]
තේජෝ රජුගේ රුව දැක්වෙන සිතුවමක්

14වන සියවස වන විට, 918දී පිහිටු වූ 500වසරක් පමණ පැරණි ගෝර්යෝව යුධ තත්ත්වය හේතුවෙන් දුර්වල වෙමින් පැවතිණි.. සත්‍ය වශයෙන්ම පැවසුවහොත් එය පැවතියේ කැඩීයමින් තිබූ මොංගෝලියානු අධිරාජ්‍යයෙන් යැපෙමිනි. මිං රාජවංශයේ නැගීමත් සමග ගෝර්යෝ රාජසභාව පාර්ශ්ව දෙකකට බෙදිණි. එම පාර්ශ්ව දෙක වූයේ යි සෙනෙවියාගේ (මිං අධිරාජ්‍යයට සහාය දැක් වූ) පාර්ශ්වය සහ චෝ සෙනෙවියා (යුවාන් වෙනුවෙන් පෙනී සිටි) කණ්ඩායමයි.

ගෝර්යෝව යනු පැරණි රාජධානියක් වූ ගොගුර්යෝ (එය පසුව ගෝර්යෝ ලෙස නම් කෙරිණි) රාජ්‍යයෙන් සම්භවය වූවක් ලෙස සැලකේ. මැංචූරියාව ද එම කොරියානු රාජ්‍යයේ කොටසක් ලෙස පැවතියේ එහි විදේශීය බලපරාක්‍රමය පෙන්වමිනි. 1388දී මිං දූතයකු ගෝර්යෝවට පැමිණි අවස්ථාවේ, එනම් ගෝර්යෝවේ යු රජුගේ 14වන වර්ෂයේ ගොගුර්යෝවේ පැරණි උතුරු භූමිපුදේශ‍ය ගෝර්යෝවට ලබාදෙන බව පැවසූ අවස්ථාවේ චෝ සෙන්පතියා ලියාඕදොං අර්ධද්වීපයේ සටනක් ඇතිකිරීමට මගපෑදී ය.

මෙම සටනට නායකත්වය දීමට යිව තෝරාගත් නමුත්, කැරලි ගැසූ යි, ගේග්යොං වෙත පලාගොස් යු රජුව බලයෙන් නෙරපා ඔහුගේ පුත් ගෝර්යෝහි චං (1388)හට උපකාර කිරීමේ අරමුණින් කුමන්ත්‍රණයක් මෙහෙයවී ය.. පසුව ඔහු යු රජු සහ ඔහුගේ පුතු යන දෙදෙනාවම ඝාතනය කළේ ය. අනතුරුව සිහසුන මත යි හට හිතවත් රාජකීය වංශිකයකු ගෝර්යෝහි ගොංග්යං යනුවෙන් සිංහාසනාරූඪ කරවන ලදී.1392දී යි විසින් ගෝර්යෝ රාජවංශයට පක්ෂපාතීව සිටි ගෞරවණීය නායකයකු වූ ජොං මොං-ජු ඉවත්කරන ලද අතර නැවත බලයට පැමිණීමට පෙර ගොංග්යං රජුව ද සිහසුනෙන් නෙරපා වොන්ජු වෙත පිටුවහල් කරන ලදී. මෙලෙසින් වසර 500ක් පුරාවට පැවති ගෝර්යෝ රාජවංශය අවසන් විය.

යි සොංග්යේ, ජෝසුන්හි තේජෝ යනුවෙන් රාජ්‍යත්වයට පත්විය. ඔහු සිය රාජ්‍ය සමය ආරම්භයේදී තමන් පාලනය කළ රාජ්‍යය සදහා ගෝර්යෝ යන නාමයම භාවිතා කිරීමට අදහස් කළ අතර පන්සිය වසරක් පැරණි ගෝර්යෝ සම්ප්‍රදායේ මුහුණුවරම පවත්වා ගෙන යන මුවාවෙන් රාජ්‍ය පෙළපත සෙමෙන් වෙනස් කිරීමට උත්සාහ ගත්තේ ය. නමුත් වං පෙළපත යනුවෙන් තත්ත්වය පහත හෙලන ලද සෙසු ගෝර්යෝවරුන්ට පක්ෂපාතී වූ ප්‍රබල ග්වොන්මුන් වංශාධිපතීන්ගේ කැරලි ආදිය නිසා මෙම තත්ත්වයට බාධා වූ හෙයින් ප්‍රතිශෝධිත රාජසභාවේදී නව වෙනස, නව රාජවංශික නාමයක් යටතේ ඇරඹීමට එකඟත්වය පළ විය. නොයෙකුත් විචාරයන් හමුවේ තේජෝ අධිරාජයා නව රාජවංශය සදහා “ජොසොන්” (චොසොන්) යන නාමය යොදන ලද්දේ ය. එය පැරණි කොරියානු රාජ්‍යයක් වූ ගෝජොසොන් (විශේෂයෙන් ගිජා ජොසොන් යන නාමය අනුව යොදන ලද්දකි.[4] එම රාජ්‍යයක්‍රි.පූ. 2,333දී අරඹන ලද්දකැයි කියැවේ. එසේම ඔහු අගනුවර කේසොංවල සිට හන්යං වෙත ගෙනගියේ ය.

කුමාරවරුන්ගේ ආරවුල

[සංස්කරණය]
ග්යොංබොක්ගුංහි සිංහාසන ශාලාව.

මෙලෙස නව රාජවංශයනිල වශයෙන් ආරම්භ වන විට, තේජෝ සිය අනුප්‍රාප්තිකයා වන්නේ කුමන පුතුදැයි ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වූයේ ය. සින්‍යුයි අගබිසවට දාව උපන් තේජෝගේ පස්වන පුත්‍රයා වූ යි බංවොන් සිය පියාගේ බලය පැතිරවීමට බොහෝ සේ උපකාර විය. 1392දී අග්‍රාමාත්‍ය ජොං දො-ජොන් සහ නම් ඉයුන් තේජෝගේ අටවන පුත්‍රයා (සින්දොක් රැජිනට දාව උපන්) වූ ප්‍රධාන කුමරු උයාන් (යි බංසොක්)ව කිරුළහිමි කුමරු ලෙස නම්කරන ලෙසට බලපෑම් කළහ. මෙම ආරවුල පැන නැගුණේ නව රාජවංශය සඳහා දාර්ශනික, ආයතනික සහ නීතිමය පසුබිම නිර්මාණය කළ ජොං දෝජොන්හට ජෝසොන් රාජ්‍යය, රජු විසින් පත් කළ අමාත්‍යවරුන් විසින් පාලනය කරනු දැකීමට අවශ්‍ය වීම නිසායි. නමුත් යි බංවොන්ට අවශ්‍ය වූයේ රාජ්‍යය ඍජුවම රජු යටතේ පාලනය වනු දැකීමටයි. තේජෝගේ සහාය ඇතිව ජොං දෝජොන් රාජකීය පවුලේ බලය සීමා කළේ කුමාරවරුන් රාජ්‍ය පාලනයට මැදිහත් වීම සහ පෞද්ගලික සේනා ගොඩනැගීම වළකාලීම සහායි.

1938දී සින්දොක් බිසවගේ මරණින් පසු තේජෝ රජු සිය දෙවන බිසව පිළිබඳ ශෝකවෙමින් සිටින අතරතුර වහාම ක්‍රියාත්මක වූ යි බංවොන් මාලිගයට පහර දී ජොං දෝජොන් හා ඔහුගේ අනුගාමිකයින්වද, කිරුළහිමි කුමරු ඇතුළු සින්දොක් බිසවගේ පුතුන් දෙදෙනාව (ඔහුගේ අර්ධ සොයුරන්) ද මරා දැමී ය. මෙය කුමාරවරුන්ගේ ප්‍රථම අරගලය ලෙස හඳුන්වයි.

සිය දෙවන බිසවගේ මරණින් මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි තේජෝ රජු සිය පුතුන් කිරුළ වෙනුවෙන් සටන් වදිනු දැක තැතිගත් අතර ඉක්මණින්ම සිය කිරුල අත්හැර සිය දෙවන පුතු වූ යි බංවා ජොන්ජොං අධිරාජයා ලෙස සිහසුනට පත් කර වී ය. ජොංජොං රජුගේ ප්‍රථම කාර්යයන් අතර නැවත අගනුවර කේසොං වෙත ගෙන යාම ප්‍රධාන විය. එම ස්ථානය වඩාත් පහසු බව ඔහුගේ හැඟීම විය. යි බංවොන්, ඔහුට එරෙහි ව බලය රැස්කළ ඔහුගේ වැඩිමහල් සොයුරු යි බංගන්ට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම සිදු විය. 1400දී මෙලෙස යි බංවොන්ගේ පාර්ශ්වය සහ යි බංගන්ගේ පාර්ශ්වය අතර ඇති වූ ගැටුම කුමාරවරුන්ගේ දෙවන අරගලය ලෙස සැළකෙයි. මෙම අරගලයෙන් පසු පරාජය වූ යි බංගන් දොසන් වෙත පිටුවහල් කෙරුණු අතර ඔහුගේ ආධාරකරුවන්ට දඬුවම් පමුණුවන ලදී. මේ අතර යි බංවොන්හට ළෙංගතු ස්වභාවයක් පෙන් වූ ජොංජොං රජු ඉක්මණින්ම යි බංවොන් සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට සිය කැමැත්තෙන්ම සිහසුන අත්හැරී ය. යි බංවොන් අවසානයේ ජොසොන් කිරුළ හිමි කර ගෙන තේජොං රජු, එනම් ජොසොන් රාජ්‍යයේ තෙවන රජු ලෙස රජකමට පත් විය.

රාජකීය බලය ස්ථාපනය

[සංස්කරණය]

තේජොංගේ රාජ්‍ය සමයේ ආරම්භයේ දී පැරණි මහා රජු තේජෝ, රාජ්‍යත්වය නිරූපණය කළ රාජකීය මුද්‍රාව ඔහුට භාර දීම ප්‍රතික්ෂේප කළේ ය. රාජ්‍යත්වයට සිය සුදුසුකම තහවුරු කිරීම සදහා තේජොං නීති සම්පාදනය කරන්නට විය. රජු ලෙස ඔහුගේ පළමු ක්‍රියාමාර්ගයක් වූයේ උසස් සෙන්පතීන් සහ වංශාධිපතිවරුන්ට පෞද්ගලික සේනා නඩත්තු කිරීමට තිබූ වරප්‍රසාදය අහෝසි කිරීමයි. ඔහුගේ මෙම අවලංගු කිරීම් හේතුවෙන් විශාල කැරලි ඇතිවීමේ හැකියාව අවම කළ අතර රාජ්‍ය හමුදාවට බැදෙන මිනිසුන් ප්‍රමාණය ශිඝ්‍රයෙන් ඉහළ ගියේ ය. ‍ තේජොං රජුගේ ඊළග පියවර වූයේ ඉඩම් හිමිකම පිළිබඳ පැවති බදු ක්‍රමය සංශෝධනය කිරීමයි. මෙලෙස පෙර සැඟවී තිබූ ඉඩම් අනාවරණය කරගැනීමත් සමග රාජ්‍ය ආදායම දෙගුණ වන්නට විය.

1399දී, තේජොං දොප්යොං සභාව ඉවත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරී ය. මෙම සභාව ගෝර්යෝ රාජවංශ අග සමයේ සිටම රාජසභාව තුළ ශුද්ධ ඒකාධිකාරී බලයක් දැරී ය. රජු සහ රාජ ආඥාව වටා මධ්‍යමබල අධිකාරියක් පිහිටුවමින් ජොසොන් රාජ්‍ය මන්ත්‍රණ සභාව (හංගුල්:의정부) නමින් නව සභාවක් බිහිවන්නට විය. බදු ක්‍රමය පිළිබඳ ව්‍යවස්ථාව සම්පාදනයෙන් පසුව තේජොං රජු නව නීතියක් ගෙන ආවේ ය. එය අනුව රාජ්‍ය සභාවෙන් ගනු ලබන තීරණ ක්‍රියාවට නැංවිය හැකි වූයේ රජුගේ අවසරය හිමි වුවහොත් පමණි. මෙම නීතිය මගින් රාජසභාවේ අමාත්‍යවරුන් විසින් සිදු කළ සාකච්ඡා සහ විවාද මගින් තීරණ ගැනීම අවසන් වූ අතර රජුගේ බලය තවත් ඉහළට ඔසවා තැබීම සිදු විය.

ඉන් මඳ කලකට පසු තේජොං සින්මුන් කාර්යාලය යනුවෙන් නව කාර්යාලයක් පිහිටුවී ය. එම කාර්යාලය පිහිටුවන ලද්දේ රාජ්‍ය නිලධාරීන් හෝ වංශාධිපතීන් විසින් අසාධාරණ ලෙස සැලකූ කරුණු නැවත විභාග කිරීමට ය. කෙසේ වුවත්, තේජොං ‍රජු ජොං දෝජොන්ගේ ප්‍රතිසංස්කරණ බොහෝමයක් ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවී ය. මීට අමතරව තේජොං තමන්ට සිහසුනට පත් වීමට හා රාජ්‍ය බලය ලබා ගැනීමට ආධාර කළ බොහෝ පිරිස් දණ්ඩනයට ලක් කර පිටුවහල් කරන ලදි.ඥාතීන්ගේ බලපෑම් අවම කිරීම සඳහා ඔහු සිය අගබිසවගේ සොයුරන් සිව්දෙනකුට සහ ඔහුගේ පුත්‍රයා වූ සේජොං‍ ගේ මාමණ්ඩියට මරණ දණ්ඩනය පැමිණ වී ය. සිය සතුරන් සහ ඥාතීන් බොහෝමයක් මරා දැමූ තේජොං මතභේදාත්මක චරිතයක් වූ අතර ඔහු සාමාන්‍ය ජනයාගේ ජීවිත වැඩිදියුණු කිරීම, යුධ බලය වැඩිදියුණු කිරීම සහ සිය අනුප්‍රාප්තිකයා වූ සේජොං සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීම සිදු කළේ ය.

හුන්මින්ජොංගුම්:හි භාගික පරිවර්තනයක් වන හුන්මින් ජොං-ඉයුම් ඉයොන්හේ හි පිටුවක්, මෙය කොරියානු වර්ණ මාලාවේ මුල් ප්‍රඥාපනයකි.

මහා සේජොං

[සංස්කරණය]

1418 අගෝස්තුවේදී තේජොංගේ සිහසුන අත්හැරීමට මාස දෙකකට පෙර මහා සේජොං සිහසුනට පැමිණියේ ය. 1419 මැයි මස දී, සේජොං රජු සිය පියා වූ තේජොංගේ උපදේශනය සහ මගපෙන්වීම මත ගිහේ නැගෙනහිර ගවේෂණය සඳහා නැව්නැග්ගේ ය. මෙය සිදු වූයේ ත්සුෂිමා දූපතේ විසූ වේගු වරුන්ගෙන් (වෙරළාශ්‍රිත මුහුදු කොල්ලකරුවන්) සිදු වූ බලපෑම් වැළැක්වීමට ය.

1419 සැප්තැම්බර් මස, ත්සුෂිමාහි දයිම්යෝ වූ, සදමොරි ජොසොන් රාජසභාවට යටත් විය. 1443දී ග්යේහේ හි ගිවිසුම අත්සන් කෙරුණු අතර එමගින් ත්සුෂිමාහි දයිම්යෝවරයා කොරියාව සමග වාර්ෂිකව නැව් පනහකින් වෙළඳාම් කිරීමට අවස්ථාව ලබා දු‍න්නේ ය. එසේම කොරියානු වරායයන්වලට පැමිණෙන වේගු අක්‍රමණ මැඬලීමට සහාය ලබා දෙන ලදී.[5][6][7][8]

සේජොං ජුර්චෙන්වරුන්ගෙන් සිය ජනතාව ආරක්ෂා කර ගැනීමට උතුරු සීමාවේ වරායයන් හතරක් සහ මුරපොළවල් හයක් (හන්ජා:四郡六鎭)පිහිටු වී ය. (මෙම ජුර්චෙන්වරු මැංචූරියාවේ පදිංචි වීමෙන් පසු ඔවුන් මැංචුවරු බවට පත් වූහ) 1433දී සේජොං ජුර්චෙන්වරුන්ගෙන් ආරක්ෂා වීම සඳහා රාජ්‍යනිලධාරියකු වූ කිම් ජොංසෝ(හන්ජා:金宗瑞) උතුර වෙත පිටත් කර හැරියේ ය. කිම්ගේ සේනා සමහර බලකොටු අල්ලාගෙන කොරියානු රාජ්‍යයේ උතුරු සීමාව වඩාත් පුළුල් කළේ ය. (දළ වශයෙන් වර්තමාන උතුරු කොරියාව සහ චීන දේශසීමාව දක්වා)[9]

සේජොංගේ පාලන සමයේ කොරියාව තුළ ස්වාභාවික විද්‍යා, කෘෂිකර්ම, සාහිත්‍ය, සම්ප්‍රදායිත චීන වෛද්‍යකර්ම, සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල ප්‍රගතියක් දක්නට ලැබෙයි. මෙම සාර්ථකත්වය නිසා සේජොං "මහා සේජොං" ලෙස හඳුන්වයි.[10] සේජොං රජුගේ විශිෂ්ටතම සේවාව ලෙස සැළකෙන්නේ 1443දී කොරියානු වර්ණමාලාව වූ හංගුල් සම්පාදනය කිරීමයි. 20වන සියවස අවසන් භාගය වන විට හන්ජා බස එදිනෙදා භාවිතය සහ ලේඛන කටයුතු සඳහා යොදා ගැනීම අවසන් විය.

ෂඩ් ප්‍රාණත්‍යාගී අමාත්‍යවරු

[සංස්කරණය]

සේජොං රජුගේ මරණින් පසු ඔහුගේ පුත් මුන්ජොං සිය පියාගේ දායාදය දිගටම ක්‍රියාත්මක කරගෙන ගිය ද ඔහු 1452දී, එනම් රාජ්‍යත්වයෙන් වර්ෂ දෙකකට පසු රොගාතුර වී මරණයට පත් විය. ඔහුගෙන් පසු ඔහුගේ දොළොස් වියැති පුතු දන්ජොං රාජ්‍යත්වයට පත් විය. කෙසේවුවත්, දන්ජොංගේ මාමා වූ සේජෝ රාජ්‍ය පාලනයට උපකාරී වූ අතර පසුව 1455දී ඔහු සිය බෑණනුවන් බල‍යෙන් පහකොට ජොසොන්හි හත් වන රජු බවට පත් විය. දන්ජොංට පක්ෂපාතී අමාත්‍යවරු සය දෙනෙක් දන්ජොංට නැවත කිරුළ ලබා දීමට සේජෝ ඝාතනය කිරීමට උත්සාහ කළ අතර සේජෝ විසින් අමාත්‍යවරුන් සදෙනා සහ දන්ජොංව මරණයට පත් කළේ ය.

සිය ලාබාල බෑනාගෙන් රාජ්‍යය උදුරාගත්ත ද, සේජෝ රජු තමන් ද තේජොං රජු මෙන් දක්ෂ පාලකයකු බව ඔප්පු කළේ ය. ඔහු පරිපාලන සේවය ශක්තිමත් කිරීමට කටයුතු කළ අතර සැබෑ ජනගහනය ගණනය කිරීමටත්, විසිරී තිබූ භට කණ්ඩායම් එක්සත් කිරීමටත් කටයුතු යෙදී ය. ජාතික ආර්ථිකය නගා සිටුවීමට ඉඩම් පණත ප්‍රතිශෝධනය කළ ඔහු ග්‍රන්ථ ප්‍රකාශනය දිරිමත් කළේ ය. වඩාත් වැදගත්ම සේවාව ලෙස රාජ්‍ය පරිපාලනය සඳහා නීති පද්ධතියක් සම්පාදනය කිරීම සිදු විය. මෙය කොරියාවේ ප්‍රථම ලිඛිත පරිපාලන නීතිය ලෙස සැලකෙයි.

ආයතනික සංවිධානය සහ සශ්‍රීක සංස්කෘතිය

[සංස්කරණය]

සේජෝ රජුගේ දුබල ප්‍රතු වූ යේජොං අටවන රජු ලෙස රාජ්‍යත්වයට පත් වූ නමුත් වසර දෙකකින් එනම් 1469දී මරණයට පත් විය. යේජොංගේ බෑණා වූ සියොංජොං සිහසුනට පත් විය. ඔහුගේ සමයේ රටේ ආර්ථිකය වර්ධනය වූ අතර සශ්‍රීක සමයක් විය. සරිම් යනුවෙන් හැඳින්වූ නව-කොන්ෆියුසියානුවාදී විද්‍යාර්ථීන්ට රාජ්‍ය දේශපාලනයට සම්බන්ධ වීමට රජු අනුග්‍රහ දැක් වී ය. ඔහු හොංමුංවන් (හන්ජා:弘文館) නැමැති රාජකීය පුස්තකාලය පිහිටු වූ අතර රාජ්‍ය නීති සහ දර්ශනය පිළිබඳ සාකච්ඡා කිරීමට කොන්ෆියුසියානු විද්වතුන්ගෙන් සමන්විත උපදේශක මඬුල්ලක් පිහිටු වී ය. ඔහුගේ සමය සංස්කෘතියට ස්වර්ණමය යුගයක් වූ අතර භූගෝල විද්‍යාව, සදාචාරය ඇතුළු ‍විවිධ ක්ෂේත්‍ර පිළිබඳ ග්‍රන්ථ රැසක්ම ප්‍රකාශයට පත් විණි. මීට අමතරව ඔහු 1491දී උතුරු සීමාවේ ජුර්චෙන්වරුන්ට එරෙහිව සටන් කිරීමට යුධ සේනා කිහිපයක් මෙහෙයවී ය. මෙම සටන මෙහෙයවන ලද්දේ සෙන්පති හියෝ ජොං (හන්ජා:許琮) විසිනි. ඔහු සාර්ථකව උඩිගේ වංශිකයින් (හන්ජා:兀狄哈) විසින් මෙහෙයවන ලද ජුර්චෙන්වරුන්ව පැරදවී ය. ඔහු ජුර්චෙන්වරුන්ව යාලු ගංගාවෙන් උතුරට පලවා හැරී ය. 1494දී ‍සියොංජොං රජුගෙන් පසු ඔහුගේ පුත් යොන්සන්ගුන් රජ විය.

වියත් ශෝධන (Literati purges)

[සංස්කරණය]
ජෝ ග්වං-ජෝ (1482–1519) නම් නව-කොන්ෆියුසියානු විද්වතාගේ රුව.

යොන්සන්ගුන් ජොසොන්හි දුෂ්ටතම පාලකයා ලෙස සැලකෙයි. ඔහු 1498 සහ 1506 අතර කාලයේ සිදු වූ වියත් ශෝධන සඳහා හේතු විය. ඔහුගේ හැසිරීම කෲර බවට පත් වූයේ සිය සැබෑ මව ජුංහ්යොන් අගබිසව නොව බලයෙන් පහ කළ යුන් අගබිසව බව දැනගැනීමෙන් අනතුරුවයි. යුන් බිසවටට පසුව වස දී මරණයට පත් කෙරුණේ ඇය විසින් ඊර්ෂ්‍යාව හේතුවෙන් සියොංජොංගේ උපබිසවකට වස දීම සහ සියොංජොංගේ මුහුණේ සීරීම් කැළලක් ඇතිකිරීම යන වැරදි නිසායි. ඔහුට සිය මව වස පානයෙන් පසු වමනය කළ රුධිරය සහිත රෙදි කඩක් ඔහුට පෙන්වන ලද අතර, ඔහු යුන් අගබිසවට හිංසා කළ සියොංජොංගේ උපබිසෝවරුන් දෙදෙනකුට මරණ දණ්ඩනය නියම කළ අතර ඉන්මව්බිසවට බලපෑම් එල්ල කළේ ය.ඇය ද පසුව මියගියා ය. යුන් අගබිසවගේ දඬුවමට දායක වූ රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද දඬුවම් පමුණුවන ලදී. එසේම සේජෝ රජුගේ සිහසුන පැහැර ගැනීම පිළිබද පාඨ ලියූ සරිම් විද්වතුන්ට ද දඬුවම් පමුණුවන ලදී.

මීට අමතරව යොන්සන්ගුන් විවිධ පළාත්වලින් ස්ත්‍රීන් දහසක් මාලිගයේ විනෝදය ගෙනදෙන්නියන් ලෙස බඳවා ගත්තේ ය. එසේම සංක්යුන්ක්වාන් පෞද්ගලික විනෝද භූමියක් බවට පත් කළේ ය. ඔහු රජුගේ නුසුදුසු ක්‍රියා පිළිබද සහ නීති රීති පිළිබද විවේචන ඉදිරිපත් කළ මාලිගයේ පරීක්ෂකයන් සහ හොංමුංග්වන් ඉවත් කළේ ය. සාමාන්‍ය ජනයා රජුව විවේචනය කරමින් දැන්වීම් ලියන්නට වූ නිසා ඔහු හංගුල් භාෂාව භාවිතය තහනම් කළේ ය. මෙලෙස වසර දොළහක පීඩාකාරී පාලනයෙන් පසු ඔහුව කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබූ අතර 1506දී ඔහුගේ අර්ධ-සොයුරකු වූ ජුංජොං සිහසුනට පත් කරන ලදී.

ජුජොං ඔහුව බලයට පත්කළ පුද්ගලයන්ගේ බලපෑම හේතුවෙන් මූලිකව දුර්වල පාලකයකු වුවත්, ඔහුගේ අමාත්‍යවරයකු සහ ජනකාන්ත සරිම් නායකයකු වූ ජෝ ග්වං-ජෝ විසින් වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක්ම සිදු කරන ලදී. ඔහු හ්යංග්යක් නැමැති ප්‍රාදේශීය ස්වයං-පාලන පද්ධතියක් ආරම්භ කළ අතර එමගින් ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය අඩු කිරීමට උත්සාහ ගැනිණි. එසේම ඔහු විසින් පුද්ගලයකුට හිමි කර ගත හැකි උපරිම භූමි ප්‍රමාණය සහ වහලුන් සංඛ්‍යාව පිළිබද සීමාවන් රැගෙන එන ලදී. එසේම මහජනයා අතර ස්වදේශික භාෂාවෙන් රචිත කොන්ෆියුසියානු ඉගැන්වීම් ප්‍රචලිත කළේ ය. එසේම පරිපාලන නිලධාරීන් ප්‍රමාණය සීමා කිරීමෙන් රජයේ ප්‍රමාණය ද කුඩා කළේ ය. ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා අනුව මෙකල පරීක්ෂක ප්‍රධානියා නීති දැඩිව ක්‍රියාත්මක කළ නිසා කිසිදු නිලධාරියකු අල්ලස් ගැනීමට හෝ මහජනයා සූරාකෑමට ඉදිරිපත් නොවූ බව සඳහන් වේ.

මෙම විප්ලවවාදී ප්‍රතිසංස්කරණ මහජනයා අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර එම නීති ජුංජොං සිහසුනට පත් කළ නිලධාරීන්ට බෙහෙවින් පීඩාකාරී විය. ඔවුහු ජෝගේ රාජපාක්ෂිකභාවය පිළිබද රජුට සැක පහළ කිරීමට පත්‍ර මත පැණිවලින් "ජෝ රජබවට පත් වේවි" (හන්ජා:走肖爲王) යනුවෙන් සටහන් කළ අතර දළඹුවන් විසින් එම ස්ථාන කා දැමීමෙන් එම ප්‍රකාශය අද්භූත ලෙස දෘශ්‍යමාන විය. ජෝ ග්වං-ජෝට දඬුවම් පමුණුවන ලද අතර ඔහුගේ ප්‍රතිසංස්කරණ බොහෝමයක්ම අවලංගු කෙරිණි. මෙය සිදුවූයේ 1519 තෙවන වියත් ශෝධනයේ දී ය. මෙලෙස ආසන්නව වසර 50කට පමණ පසු රාජ්‍ය දේශපාලනය රුධිර වැගිරීම් මතින් ව්‍යාකූලත්වයට පත් වූ අතර බි‍සෝවරුන්, කුමාරවරුන් අතර බලඅරගල ඇති විය. රාජකීය පවුලේ ඥාතීන් රාජ්‍ය පාලනයට ඇඟිලි ගැසූ අතර රාජ්‍ය පාලනය බෙහෙවින් දූෂිත නවිය.

මධ්‍ය ජෝසුන් යුගය

[සංස්කරණය]
ජොං චොල් (1536-1593), බටහිර පක්ෂයේ නායකයා විය.

මධ්‍ය ජොසොන් යුගය රුධිර වැගිරීම් සහ දේශපාලන පක්ෂවල බල අරගල මැදින් දිවෙන අතර මේ නිසාම ර‍ට දුර්වල වූ අතර ජපන් සහ මැංචු ආක්‍රමණ බහුල විය.

පක්ෂ අරගලය

[සංස්කරණය]

යොන්සන්ගුන්, ජුංජොං සහ මියොංජොං රජ සමයන්හි සරිම් පක්ෂය බෙහෙවින් පීඩාවන්ට ලක් විය. නමුත් එම පක්ෂයේ බලය සොන්ජෝ රජ සමයේ වර්ධනය වන්නට විය. එය පසුව ප්‍රතිවිරුද්ධ මතවාදී කණ්ඩායම් දෙකක් වූ නැගෙනහිර කණ්ඩායම සහ බටහිර කණ්ඩායම ලෙස දෙකඩ විය. දශක කිහිපයක් තුළ නැගෙනහිර කණ්ඩායම නැවතත් දක්ෂිණ කණ්ඩායම සහ උත්තර කණ්ඩායම ලෙස බෙදිණි. දාහත්වන සියවසේ බටහිර කණ්ඩායම ද නොරොන් සහ සොරොන් ලෙස බෙදිණි.[11] මෙම පක්ෂ අතර නිරන්තර බලය හුවමාරු වූයේ කුමන්ත්‍රණ සහ රුධිර වැගිරීම් ඔස්සේ ය. සෑම බලය හුවමාරු වීමක දී ම ඔවුහු එකිනෙකාගෙන් පලිගන්නට වූහ.

එයට එක් උදාහරණයක් ලෙස 1589 ජොං යෝ-රිප්ගේ කැරැල්ල දැක්විය හැක. මෙය ජොසොන් රාජවංශයේ විශාලතම රුධිර වැගිරීම්වලින් එකක් ලෙස සැලකේ. නැගෙනහිර කණ්ඩායමේ අයකු වූ ජොං යෝ-රිප් හට සමාජයේ උපකාර කරන පිරිසක් වූ අතර ඔවුනට වේගු හට විරුද්ධව සටන් කිරීමට යුධ පුහුණුවක් ද ලබා දී තිබිණි. මෙම කණ්ඩායමේ ස්වභාවය සහ අරමුණ පිළිබද අදටත් මතභේද පවතී. මෙමගින් සමාජ පන්තිය අහිමි ජනයාගේ අපේක්ෂාවන් පිළිබිඹු වූ අතර එය හොනම්වරුන් අතර පැතිරගියේ ය. ඔහුව කැරැල්ලක් ඇරඹීම හේතුවෙන් රාජද්‍රෝහී චෝදනාවට ලක් කෙරිණි. බටහිර පක්ෂයේ ප්‍රධානියා වූ ජොං චොල් මෙම නඩුව පිළිබද විමර්ශනය කළ අතර ඔහු මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පුළුල්ව පැතිර තිබූ නැගෙනහිර පාක්ෂිකයන් මර්දනය සදහා ජොං යෝ-රිප් සමග ඉතා සුළු සම්බන්ධතා තිබූ අය පවා වැරදිකරුවන් බවට පත්කළේ ය. ක්‍රමයෙන් නැගෙනහිර පාක්ෂිකයන් 1000ක් මරණයට පත් කිරීම සහ පිටුවහල් කිරීම සිදු විය.

පැරණි ජපන් ආක්‍රමණ

[සංස්කරණය]
කැස්බෑ නැවක්. මෙහි කුඤ්ඤ යකඩින් තනා තිබුණ ද, යකඩ තහඩුවලින් ආරක්ෂිත වහලය මතභේදයට තුඩු දී ඇත.[12][13][14]

කොරියානු ඉතිහාසය පුරාම, ගොඩබිම සහ මුහුද යන මාර්ග දෙකෙහිම කොල්ලකෑම් වාර්තා විය. ජොසොන් නාවික හමුදාවේ එකම අරමුණ වූයේ මුහුදු මාර්ගයෙන් සිදු වන වෙළඳාම වේගුවරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමයි. නාවික හමුදාව මුහුදු කොල්ලකරුවන් පලවා හැරීම සඳහා වෙඩිබෙහෙත් තාක්ෂණික ක්‍රම සහ හ්වාචාවරුන් භාවිතා කළ සිංගිජොන් වර්ගයේ ගිනි ඊතල භාවිතා කිරීමෙනි.

කොරියාවේ ජපන් ආක්‍රමණ (1592–98) සමයේ ජපන් අධිපතියකු වූ ටොයොටොමි හිදෙයොෂි පෘතුගීසි ගිනි අවි භාවිතා කර මිං චීනය ආක්‍රමණයට සැලසුම් කළේ ය. ඔහු කොරියාව සිය උපාය මාර්ගික මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම සදහා 1592 සහ 1597දී දයිම්යෝවරුන් සහ හමුදාව සමග කොරියාව ආක්‍රමණය කළේ ය. ජොසොන් මාලිගයේ පක්ෂ භේදය නිසා ඔවුන් ජපන් හමුදාව පිළිබද තක්සේරු කිරීමට අපොහොසත් වූ අතර ජොසොන් රජුගේ පාර්ශ්වයෙන් යුද්ධය සදහා තිබූ සූදානම මඳ විය. යුරෝපීය ගිනි අවි භාවිතය නිසා ජපන් හමුදාව මාස කිහිපයකින් කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටස අල්ලාගත්හ. මෙහි දී හන්සොං (වර්තමාන සෝල්) සහ ප්යොංග්යෑං යන නගර දෙකම අල්ලාගත්හ.

කෙසේනමුත් යි සුන්-සින් නාවික සෙන්පතියා විසින් ජපන් නාවික සේනාව විනාශ කිරීම නිසා ජපන් ආකුමණය දුර්වල විය. මේ සදහා වරින්වර සංවිධානය කෙරුණු ගරිල්ලා සටන් ක්‍රම ද උපකාරී විය. යි සෙන්පතියා නැවත කොරියානු නාවික මාර්ගය සියතට ගැනීම නිසා ජපන් ආක්‍රමණය අසාර්ථක වන්නට විය. එසේම ඔවුහු ජපන් සැපයුම් මාර්ග අවහිර කළහ. මීට අමතරව 1593දී මිං චීනය කොරියාවේ සහාය සදහා විශාල හමුදාවක් එවීම නිසා කොරියාවෙන් ජපනුන් පළවා හැරීම පහසු විය.

යුද්ධ කාලයේ කොරියානුවෝ බලවත් ගිනි අවි සහ කැස්බෑ නැව් දියුණු කළෝ ය. ජොසොන් සහ මිං හමුදා බලවත් පරිශ්‍රමයක් දරා ජපන් හමුදා පරාජය කළහ. යුද්ධයෙන් පසු 1609 වන තෙක්ම කොරියාව සහ ජපානය අතර සම්බන්ධතා අත්හිටුවා තිබිණි.

මැංචු ආක්‍රමණ

[සංස්කරණය]
ජුර්චෙන් සෙබලුන් දෙදෙනකු සිය අසුන් සමග සිටිනු නිරූපිත කොරියානු සිතුවමක්.

ජපන් ආක්‍රමණ නිසා කොරියානු අර්ධද්වීපය බෙහෙවින් හානි සිදුවිය. මේ අතර ජියාන්ෂූ ජුර්චෙන්වරුන්ගේ නායකයා වූ නුර්හාකි (1583–1626) මැංචූරියාවේ ජුර්චෙන්වරුන් එක්සත් කරන්නට කටයුතු යෙදූ අතර ඔහුගේ පුත්‍රයා වූ හොං ටායිජි (1626-–1643) විසින් පසුව ඔවුන් "මැංචුවරු" ලෙස නම් කරන ලදී. 1918දී මිං චීනයට එරෙහිව ඔහු විසින් සප්ත මැසිවිලි නිවේදනය කිරීමෙන් පසු නුර්හාකි සහ මිංවරු යුද්ධ කිහිපයකම යෙදුණහ. එම අවස්ථාවල දී නුර්හාකි ජොසොන්හි ග්වංහේගුන්ගෙන් (1608–1623) ආධාර ඉල්ලා සිටියේය. කොරියානු රාජ්‍යය අපහසුතාවයට පත් කරමින් මිං රාජමාලිගය ද කොරියාවේ සහාය ඉල්ලා සිටියේ ය.[15] ග්වංහේගුන් මධ්‍යස්ථව සිටීමට උත්සාහ දැරූ මුත්, ඔහුගේ නිලධාරීන් ඔහුට විරුද්ධ වූයේ හිදොයිෂිගේ ආක්‍රමණවලින් කොරියාව ආරක්ෂා කිරීමට උපකාර කළ මිං චීනයට උපකාර නොකිරීම නිසායි.[15]

1623දී ග්වංහේගුන් බලයෙන් පහකර ඉන්ජෝ රජු (1623–1649) බලයට පත් විය. ඔහු ග්වංහේගුන්ගේ ආධාරකරුවන්ව ද පිටුවහල් කළේ ය. සිය පූර්වප්‍රාප්තිකයාගේ විදේශ ප්‍රතිපත්තිය බිඳ හෙලමින් නව රජු මිං රාජ්‍යයට විවෘතව සහාය පලකළේ ය. නමුත් අණදෙන යුධ නිලධාරියකු වූ යි ග්වල් විසින් 1624දී කැරැල්ලක් මෙහෙය වූ අතර ජොසොන් හමුදාව උතුරේ දී දෙකඩ විය.[15] මෙම කැරැල්ලට පසු ඉන්ජෝ රජු සිය හමුදාව ප්‍රධාන වශයෙන්ම අගනුවර ආරක්ෂාව සදහා යෙද වූ අතර උතුරු සීමාවේ සෙබලුන් කිහිප දෙනකු පමණක් රැඳවී ය.[15]

1627දී, 30,000ක සෙබලුන්ගෙන් සමන්විත ජුර්චෙන් හමුදාවක්, නුර්හාකිගේ බෑනා වූ අමින්ගේ නායකත්වය යටතේ ජොසොන් හමුදා පැරද වී ය.[16] ග්වංහේගුන්ට උපකාර කළ උතුරු යැංබැන්වරයකු මෙහෙයවූ කෙටි යුධ ව්‍යාපාරයකට පසු ජුර්චෙන්වරු ජොසොන් රාජ්‍යයට ජුර්චෙන් රාජ්‍යය සිය "සහෝදර රාජ්‍යයක්" ලෙස පිළිගැනීමට බලපෑම් කරන ගිවිසුමක් ඉදිරිපත් කළහ.[17] ඉන්ජෝ මැංචු විරෝධී ආකල්පයක් දැක් වූ නිසා ක්විං අධිරාජයා වූ හොං ටායිජි එයට දඩුවමක් ලෙස 1636දී ජොසොන් දේශයෙන් මිනිසුන් 120,000ක් එවන ලෙස නියෝග කළේ ය.[18] පරාජය වූ ඉන්ජෝ රජුට මිං රාජ්‍යය සමග ඔහුගේ සබඳතා නවත්වන ලෙස නියෝග කෙරුණු අතර නව අධිපති ලෙස ක්විං අධිරාජ්‍යය පිළිගැනීමට බලකළේ ය.[19] ඉන්ජෝගේ අනුප්‍රාප්තිකයා වූ ජොසොන්හි හ්යෝජොං රජු (1649–1659) පළිගැනීමට ක්විං දේශය ආක්‍රමණය කිරීමට සේනාවක් සංවිධානය කළ මුත් එය අසාර්ථක විය.[20]

පරාජයට වන්දියක් ලෙස ජොසොන් රාජ්‍යයට සිය රාජකීය කුමරියන් කිහිප දෙනකු ක්විං රාජ්‍යාධිකාරිවරයා වූ දොර්ගොන් කුමරුගේ උපබිසවුන් ලෙස යැවීමට නියෝග කෙරිණි.[21][22][23][24][25][26][27][28] 1650දී, දොර්ගොන්, කොරියානු කුමරියක වූ යිෂුන් (චීන: 義順) සමග විවාහ විය.[29] මෙම කුමරිය‍ යි ක්යුන් කුමරුගේ දියණිය වූ අතර ඇයගේ කොරියානු නම උයිසුන් විය.[30] ලියාන්ෂාන්හිදී දොර්ගෝන්, කොරියානු කුමරියන් දෙදෙනකු හා විවාහ විය.[31]

රාජකීය චීන කප්පම් ක්‍රමය පිළිපදිමින් නැවත වෙළඳ සම්බන්ධතා ආරම්භ කරනු වෙනුවට ජොසොන් දාර්ශනිකයන් සහ විද්වතුන් මැංචුවරුන් කෙරෙහි දැක්වූයේ නුරුස්නා ආකල්පයකි. ඔවුන් විසින් මැංචුවරුන්ව ම්ලේච්ඡයන් ලෙස සලකන ලදී.[17] ක්විං අධිරාජ්‍යයට යටත් වී දිගු කාලයකට පසු, ජොසොන් මාලිගය සහ බොහෝ කොරියානු විද්වතුන් මිං රාජ්‍ය වර්ෂ භාවිතා කරන්නට වූහ. උදාහරණයක් ලෙස විද්වතකු 1861 වර්ෂය "චොංෂෙන්ගේ 234වන වර්ෂය ලෙස භාවිත කිරීම දැක්විය හැක."[32]

පසු ජොසොන් සමය

[සංස්කරණය]

සිල්හක් ඇරඹීම සහ ජොසොන්හි පුනරුදය

[සංස්කරණය]
කිම් යුක් (1570 – 1658) නිරූපිත ආලේඛය සිතුවමක්. මොහු ජෝසුන් රාජවංශයේ පැරණි සිල්හක් දාර්ශනිකයෙකි.
සුවොන්හි පිහිටි හ්වාසොං මහා බලකොටුව.

ජපන් සහ මැංචූරියානු ආක්‍රමණවලින් පසු ජොසොන් රාජ්‍යය ආසන්න වශයෙන් වසර 200ක පමණ සාමකාමී යුගයක් ගතකළේ ය. ජොසොන් තුළ සිල්හක් (ප්‍රායෝගික ඉගෙනීම) ඉස්මතු විය. පැරණි සිල්හක් විද්වත්හු පිරිසක් සිවිල් සේවා විභාගයේ, බදු ක්‍රමයේ, ස්වභාවික විද්‍යාවන්හි සහ කෘෂි කලමනාකරණය පිළිබඳ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළහ. ආක්‍රමණ දෙකකින් පසු පරිහානි වූ ජොසොන් සමාජය නගා සිටුවීම එහි අරමුණ විය. හ්යොන්ජොං රජුගේ ප්‍රධාන අමාත්‍යවරයා වූ කිම් යුක්ගේ නායකත්වය යටතේ ඇරඹුණු මෙම ප්‍රතිසංස්කරණ රාජ්‍ය අයභාරයට මෙන්ම ගොවියන්ට ද වාසිදායක බව පෙනිණි.

සුක්ජොං සහ ග්යොංජොං රජවරුන්ගේ සමයන්හි දී දේශපාලන පක්ෂ අතර මතභේද වර්ධනය විය. මෙම රජවරුන්ගේ සමයේ *හ්වංගුක්* යනුවෙන් හැදින්වුණු පාලන පක්ෂයේ (換局; සාහිත්‍යමයරාජ්‍ය සබඳතා වල වෙනසක්) බොහෝ විපර්යාස ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඊළග රජවරුන් වූ, යොංජෝ සහ ජොංජෝ රජවරුන්, තංප්යොංචෙක් - පක්ෂ අතර සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා වූ නීතියක් හඳුන්වා දුන්හ.[33][34]

මෙම රජවරු දෙදෙන ජොසොන් රාජවංශයේ පුනරුදයකට මඟපෑදූහ. යොංජෝගේ මුණුපුරා වූ ඥානවන්ත ජොංජෝ රජු සිය රාජ්‍ය කාලය තුළදී නොයෙකුත් ප්‍රතිසංස්කරණ සිදු කළේ ය. ඔහු රාජකීය පුස්තකාලය වූ ග්යුජංගක් ඇරඹූ අතර එමගින් ජොසොන්හි සංස්කෘතික සහ දේශපාලන තත්ත්වය වැඩිදියුණු කිරීමත්, නවක නිලධාරීන් ජාතිය වෙනුවෙන් දායාද කිරීමත් සිදු විණි. ජොංජෝ රජු සමාජයීය විප්ලවයක් සදහා පෙරමුණ ගත්තේ ය. ඔහු සමාජ තත්ත්වය නිසා රාජ්‍ය තනතුරුවලට බඳවා නොගත් දක්ෂයන් බඳවා ගැනීමට කටයුතු යෙදී ය. බොහෝ සිල්හක් විද්වතුන් ජොංජෝ රජුට සහාය දැක්වූහ. ජොංජෝ රජ සමය තුළ ජොසොන් ජනප්‍රිය සංස්කෘතිය වර්ධනය වන බව දක්නට ලැබිණි. එම කාලයේම සිල්හක් විද්වතුන් පිරිසක් රාජ්‍ය සම්ප්‍රදායයන්, ජීවන රටාව, සහ කොරියාවේ ඉතිහාසය, භූගෝල විද්‍යාව, අභිලේඛන විද්‍යාව සහ භාෂාව පිළිබඳ ආවර්ජනා කිරීමට ජනයා උනන්දු කළහ.

ඥාති පවුල් මගින් රාජ්‍ය පාලනය

[සංස්කරණය]

ජොංජෝ රජුගේ මරණින් පසු ජොසොන් රාජ්‍යයට නොයෙකුත් අභ්‍යන්තර සහ බාහිර ගැටලුවලට මුහුණ පෑමට සිදු විය. අභ්‍යන්තරව ගත් විට ජාතික නීතියේ පදනම සහ සංවිධානය බෙහෙවින් දුර්වල වන්නට වූයේ රාජකීය ඥාති පවුල්වල සාමාජිකයින් විසින් "සෙදෝ" දේශපාලනයෙහි (ඥාති පවුල් දේශපාලනය) නිරත වීම නිසායි.

1800දී ජොංජො රජුගෙන් පසු ලාබාල රජකු වූ සුන්ජෝ රජු බලයට පත් විය. ජොංජෝගේ මරණින් පසු අසම්මුතිවාදී පීතෘමූලික පක්ෂය ජොංසුන් මව්බිසවගේ, නායකත්වය යටතේ බලය ලබා ගත්හ. ඇගේ පවුලට මෙම පක්ෂය සමග දැඩි බැඳීමක් පැවති අතර ඔවුහු කතෝලිකයන්ට වධහිංසා පැමිණවීම සිදු කළහ. නමුත් මව්බිසවගේ විශ්‍රාම ගැනීම සහ ඇ‍ගේ මරණින් පසු, අසම්මුතිවාදීන් නෙරපනු ලැබූ අතර, ඉන් වාසි ලබා ගත් අගබිසව‍ගේ පියා වූ කිම් ජෝ-සුන්ගේ අන්දොං කිම් පවුලේ බලය වර්ධනය විණි. ක්‍රමයෙන් අන්දොං කිම්වරු රාජසභාවේ ප්‍රමුඛයන් බවට පත් වූහ.[35]

අන්දොං කිම්වරුන්ගේ ප්‍රමුඛ වීමත් සමග, *සෙදෝ දේශපාලනය* හෙවත් ඥාති දේශපාලනය ඇරඹිණි. මෙම භයානක ඥාති දේශපාලනය රජයේ වැදගත් තනතුරු බොහෝමයක් ආක්‍රමණය කළ අතර, දේශපාලන සිදුවීම් තමන් දෙසට නම්මා ගනිමින්, රාජ්‍ය උරුමකරු තේරීමට මැදිහත් වූහ. මෙකල රජවරුනට රාජ්‍ය බලයක් හිමි නොවූ අතර රජය පාලනය කිරීමට නොහැකි විය. පිටතට ප්‍රකාශ නොවුණ ද, මෙකල අනෙක් පවුල්වල යැංබැන්වරුන් ඥාති දේශපාලනය මගින් යටපත් කර තිබණි. මෙලෙස බලය ක්‍රමයෙන් සාන්ද්‍ර වන විට රාජ්‍ය පාලනය තුළ දූෂණය රජයන්නට විය. බලවත් වංශිකයෝ, සාමාන්‍යයෙන් ඉහළ තනතුරු ලබාදීමේදී විශාල වශයෙන් අල්ලස් ගත්හ. පහළ මට්ටමේ තනතුරු පවා මුදලට විකිණෙන අවස්ථා දැකිය හැකි විය. වසර 60ක් පුරා දිවෙන මෙම කාලය තුළ ජනතාව අතර දරිද්‍රතාවය වැඩි වන්නට වූ අතර රටේ ප්‍රදේශ කිහිපයකම කැරලි ඇති විය.

බාහිරව ජොසොන් රාජ්‍යය ක්‍රමයෙන් හුදෙකලා වූ අතර එහි පාලකයෝ විදේශ රටවල් සමග සබඳතා සීමා කළහ.

රාජවංශයේ අවසානය

[සංස්කරණය]
හ්‍යුංසොන් දේවොන්ගුන්

1863දී ගෝජොං රජු සිහසුනට පත් විය. ඔහුගේ පියා වූ රාජ්‍යාධිකාරී හ්‍යුංසොන් දේවොන්ගුන්, ගෝජොං නිසි වයසට එළැඹෙන තෙක් රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී. 1860 දශකයේ මධ්‍යයේ පමණ රාජ්‍යාධිකාරිවරයා මෙම ඒකලනවාදය සඳහා ප්‍රධාන යෝජකයා වූ අතර ඔහු විසින් දේශීය සහ විදේශීය කතෝලිකයන්හට දඬුවම් පමුණුවන ලදී. 1866 කොරියාවට එරෙහි ප්‍රංශ යුධ ව්‍යාපාරය සදහා මෙය සෘජුවම හේතු විය.ඔහුගේ රාජ්‍ය සමයේ මුල් අවධියේ විනාශ වෙමින් තිබූ ග්යොංබොක් මාලිගය ප්‍රතිසංස්කරණය සදහා විශාල පරිශ්‍රමයක් දරන ලදී. ඔහුගේ සමයේ අන්දොං කිම් වැනි ඥාති පවුල්වල දේශපාලනය බෙහෙවින් හීන විය. මීට අමතරව අන්දොං කිම් සහ පුංග්යෑං චෝ පවුල්වලින් මිදීමට ඔහු දේශපාලන පක්ෂ හෝ පවුල් පසුබිමක් නොමැති පුද්ගලයන්ට උසස්වීම් ලබා දුන්නේ ය. ජනතා‍වගේ ජීවන බර අඩු කිරීමට සහ ජාතියේ ආර්ථික පදනම ශක්තිමත් කිරීමට බදු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළේ ය. 1871දී එක්සත් ජනපද (ඇමරිකන්) සහ කොරියානු හමුදා ගැටෙන්නට වූයේ 1866දී ජනරාල් ෂර්මන් සිද්ධිය අනුව යමින් එක්සත් ජනපද හමුදා කාලතුවක්කු නැව් උපක්‍රම යෙදීම නිසායි.

1873දී ගෝජොං රජු රාජ්‍ය පාලනය භාර ගැනීම නිවේදනය කළේ ය. හ්‍යුංසොන් දේවොන්ගුන්ගේ විශ්‍රාම ගැනීමත් සමග මින් අගබිසව (පසුව ඇය මියොංසොං අධිරාජිනිය ලෙස හැදින්වේ) බලයට පැමිණියේ ඇගේ පවුලේ සාමාජිකයන් රාජසභාවේ ඉහළ තනතුරුවලට පත් කරමිනි. මෙයිජි ප්‍රතිෂ්ඨාපනයෙන් පසු ජපානය බටහිර යුධ ශිල්පක්‍රම අත්කරගත් අතර ඔවුහු 1876දී ජොසොන් රාජ්‍යයට ගංග්හ්වා හි ගිවිසුම අත්සන් කරන ලෙස බලපෑම් කළහ. එමගින් වරායයන් තුනක් ජපනුන්හට වෙළඳාමට විවෘත කරන ලෙස නියෝග කෙරිණි. 1885දී බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් හැමිල්ටන් වරාය අල්ලා ගන්නා ලදී.

ගෝජොං අධිරාජයා

බොහෝ කොරියානුවෝ ජපන් සහ විදේශ බලපෑම් පිළිබද මෙන්ම ජොසොන් රාජවංශයේ දූෂිත පීඩාකාරී පාලනය පිළිබද ව අප්‍රසාදය පලකළහ. 1881දී ජපන් පුහුණුකරුවන් සමග බ්යොල්ගිගුන් නැමැති නූතන යුධ ඒකකයක් පිහිටුවන ලදී. අනෙක් සෙබලුන්ගේ වැටුප් ගෙවීම සිදු නොවුණු අතර 1882දී කැරලිකාර සෙබලුන් ජපන් නිලධාරීන්ට පහර දුන් අතර රැජිනට ආරක්ෂාව පතා පිටිසර පෙදෙසකට පලා යාමට සිදු විය. 1894දී, දොංහක් ගොවි විප්ලවය සිදු වූ අතර ගොවි නායකයකු වූ ‍ජොන් බොං-ජුන් යටතේ නැගී ආ ගොවීහු 1894 ජනවාරි 11වන දින, ගෝ-බු හි සටනේ දී ප්‍රාදේශීය පාලකයකු වූ ජෝ බ්යොං-ගප් පරදවා ඔහුගේ වත්කම් ගොවීන් අතර බෙදා දුන්හ. මැයි මස වන විට ගොවි හමුදාව ජොන්ජු වෙත ළගා වූ අතර, ජොසොන් රජය ක්විං රාජවංශ රජයෙන් මෙම කැරැල්ල මැඬපැවැත්වීමට උපකාර පැතූහ. ක්විං රාජ්‍යය 3,000ක භට පිරිසක් පිටත් කළ අතර කැරලිකරුවන් විසින් යුධ විරාමයක් ප්‍රකාශ කරන ලදී. නමුත් ක්විං පැමිණීම තර්ජනයක් යැයි සිතූ ජපන්නු 8,000න සේනාවක් යවා සෝල් රාජකීය මාලිගය අත්පත් කර 1894 ජූනි 8 පූර්ව-ජපන් රජයක් ස්ථාපනය කළහ. මෙය පළමු චීන-ජපන් යුද්ධය (1894–1895) සදහා හේතු වූ අතර කොරියාව තුළ ජපානය සහ ක්විං චීනය අතර විශාල සටනක් ඇති විය.

මියොංසොං අධිරාජිනිය ("මින් රැජින" ලෙසද හැදින්වෙන[36]) කොරියාව තුළ ජපන් මැදිහත් වීමට විරුද්ධව රුසියානු අධිරාජ්‍යය හෝ චීනයෙන් ආධාර ගැනීමට අදහස් කළා ය. නමුත් 1895දී, ජපන් නියෝජිතයන් විසින් මියොංසොං අධිරාජිනිය ඝාතනය කරන ලදී.[37][37] කොරියාව සඳහා පත් කළ ජපන් අමාත්‍යවරයා වූ, ලුතිනන්-ජනරාල් වංශෘධිපති මියුරා, ඇයට විරුද්ධව උපක්‍රමයක් දියත් කළේ ය. ජපන් නියෝජිතයින් කණ්ඩායමක්[37] ජපන් පාලනය යටතේ පැවති සෝල් හි ග්යොංබොක්ගුං රාජකීය මාලිගයට ඇතුළු වූ අතර[37] ඔවුන් විසින් මින් රැජින මරාදමා මාලිගයේ උතුරු පෙදෙසේ දී ඇගේ සිරුර කෙලෙසන ලදී.

පරාජය වූ ක්විං රාජ්‍යය ෂිමොනොසෙකි ගිවිසුමට (1895 අප්‍රේල් 17) අත්සන් තබනලද අතර එමගින් කොරියාව චීනයෙන් නිදහස ලැබී ය. ජපානය කොරියාවේ ආධිපත්‍යය පැතිරවීමට තැබූ එක් පියවරක් ලෙස එය දැක්විය හැක. සිය ස්වාධිපත්‍යය ලබා ගැනීමට අවශ්‍යව තිබූ ජොසොන් රාජ්‍යය කොරියානු අධිරාජ්‍යය ප්‍රකාශයට පත්කළේ 1897 ග්වංමු ප්‍රතිසංස්කරණය මගිනි. ගෝජොං රජු අධිරාජයා වන විරුද නාමය ආදේශ කරගත්තේ කොරියාවේ නිදහස ලබා ගැනීම උදෙසායි. මීට අමතරව වෙනත් බලඅධිකාරයන්ගෙන් විශේෂයෙන් රුසියාවෙන්, ජපානයෙන් ආරක්ෂා වීමට යුධ තාක්ෂණය බලාපොරොත්තු විය. සෛද්ධාන්තිකව 1897 වර්ෂය ජොසොන් යුගයේ අවසානය සනිටුහන් කළ බව සැ‍ලකෙයි. නිල වශයෙන් අධිරාජ්‍යයේ නාමය වෙනස් වුවත්, ජපානය හ රුසියාවේ බලපෑම් යටතේ ජොසොන් රාජවංශය තවදුරටත් පැවතිණි.

යුධ මෙහෙයුම් ගණනාවකින් පසු 1905 ආතර් වරායේ සටනෙන් ජපානය විසින් රුසියානු නාවික හමුදාව ලවා හරින ලදී. මෙලෙස 1904–1905 රුසියන්-ජපන් යුද්ධය අවසන් වීමත් සමග පෝර්ට්ස්මවුත් ගිවිසුම මගින් ජපානයට කොරියාව පාලනය කිරීමේ හැකියාව හිමි විය. 1905 ආරක්ෂිත රාජ්‍ය ගිවිසුම මගින් කොරියාව ජපානයේ ආරක්ෂිත රාජ්‍යයක් බවට පත් විය. ඉටෝ කුමරුන්ව කොරියාවේ පළමු නේවාසික-ජනරාල්වරයා ලෙස පත් කෙරිණි. 1909දී හාර්බින් දුම්රියපලේදී ඔහුව කොරියානු නිදහස් ක්‍රියාකාරියකු වූ අන් ජුං-ගියුන් විසින් ඝාතනය කරන ලදී. අවසානයේ 1910දී ජපන් අධිරාජ්‍යය විසින් කොරියාව ඈඳාගන්නා ලදී.

ජොසොන් රාජවංශය යනු දැඩි සංකේන්ද්‍රගත රාජ්‍යයක් වූ අතර නව-කොන්ෆියුසියානුවාදී නිලධාරීන්සංගෘහිත කොට තැනූ ග්යොංගුක් දේජොන් නැමැති ව්‍යවස්ථා මණ්ඩලයක් ද විය.

ග්යොංබොක්ගුං හි ජොසොන් රජුගේ ෆීනික්ස් සිංහාසනය.

රජුහට අද්විතීය ඒකාධිකාරයක් පැවති අතර ඔහුගේ නියම බලය දේශපාලන සිදුවීම් අනුව වෙනස් විය. ඔහු සම්ප්‍රදායයන්, පැරණි රජවරුන්ගේ පූර්වාදර්ශයන්, ග්යොංගුක් දේජොන්, සහ කොන්ෆියුසියානු ඉගැන්වීම් අනුගමනය කළ යුතු විය. රජු සිය නිලධාරීන් සහ යටත්වැසියන්ගෙන් රාජපාක්ෂිකභාවය බලාපොරොත්තු වූ අතර එසේම නිලධාරීන් විසින් රජු වැරදි මග යන බව පෙනෙන විට රජුට උපදෙස් ලබා දිය යුතු විය. ස්වාභාවික විපත් රජුගේ දුර්වලතාවන් නිසා ඇති වන බව විශ්වාස කෙරුණු අතර එමනිසා ජොසොන් රජවරු එම සිදුවීම් කෙරෙහි දැඩි අවධානයක් ‍යොමු කළහ. නියඟයක් හෝ උවදුරු මාලාවක් ඇති වූ විට රජු නිතරම නිලධාරීන්ගේ සහ මහජනයාගේ විවේචනයට ලක් විය. එම අවස්ථාවන්හිදී ඔවුන් පැවසූ දේ හෝ ලියන ලද දෑ නිසා ඔවුනව නීතිය ඉදිරියට ගෙන යනු නොලැබිණි. (සමහර අවස්ථාවලදී හැර)

නිලධාරීන්

[සංස්කරණය]

රාජ්‍ය නිලධාරීන් විසින් මට්ටම් 18කින් යුත් තනතුරු හොබවන ලදී. කෙරිණි. එය පළමු ජ්‍යෙෂ්ඨ මට්ටමේ (정1품, 正一品) සිට පහළට නවවන කනිෂ්ඨ මට්ටම (종9품, 從九品) දක්වා විහිදුණු අතර එය ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සහ රාජකීය නියෝග අනුව පැවති විභාග හෝ පත් කිරීම් අනුව ලද උසස්වීම් මත තීරණය විණි. 1වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ සිට 3වන ජ්‍යෙෂ්ඨ මට්ටම දක්වා නිලධාරීහු රතු පැහැ ලෝගු අඳින ලදී. 3වන කනිෂ්ඨ මට්ටමේ සිට 6වන කනිෂ්ඨ මට්ටම දක්වා නිලධාරීන් නිල් පැහැ ලෝගුවක් ද, ඊට පහළ මට්ටම්වල නිලධාරීන් කොළ පැහැ ලෝගුවක් ද අඳින ලදී.[38]

යම් ආකාරයක කාර්යාලයක සේවය කළ රාජ්‍ය නිලධාරියකුහට යැංබැන් තත්ත්වය හිමි විය. - මෙය අර්ධ-ප්‍රවේණික වංශවත් තනතුරක් වූ අතර එම නාමය පරම්පරා තුනකට බලපායි. එවැනි නිලධාරියකු වීමට යමෙකු ග්වාගෝ විභාග මාලාවක් සමත් විය යුතු වෙයි. ග්වාගෝ වභාග ආකාර තුනක් විය. එනම් - සාහිත්‍ය, යුධ සහ විවිධ ආකාරයේ විභාගයි. මින් සාහිත්‍යමය විභාගය වඩාත් උසස් ලෙස සැලකිණි. (සියලු පරීක්ෂක තනතුරු ඇතුළු බොහෝ වැදගත් තනතුරු බොහෝමයක් සාහිත්‍යමය විභාගයෙන් සමත් වූවන්ට හිමි විය) සාහිත්‍යමය මාර්ගයේ ගමන්ගන්නකුට, විභාග 4ක් පැවති අතර, ඒවායින් සමත් වන අයට නිලධාරියකු වීමට හැකියාව ලැබේ. තනතුරු ප්‍රදානයට පෙර මෙම විභාගයෙන් තේරී පත්වන අපේක්ෂකයන් 33දෙනෙකුට රජු ඉදිරියේ පැවැත්වෙන අවසන් විභාගයට පෙනී සිටීමට සිදු වේ. මෙහිදී වැඩිම ලකුණු ලබාගන්නා අපේක්ෂකයාට 6වන කනිෂ්ඨ මට්ටමේ (මට්ටම් හයක් ඉහළින්) තනතුරක් හිමි විය. ඊළඟට වැඩිම ලකුණු හිමි අපේක්ෂකයන් දෙදෙනෙකුට 7වන කනිෂ්ඨ මට්ටමේ තනතුරු හිමි විය. ඊළගට වැඩිම ලකුණු හිමි අපේක්ෂකයන් හත් දෙනාට 8වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු ද, ඉතිරි 23 දෙනාට මට්ටම් 18න් පහළම මට්ටම් වූ 9වන කනිෂ්ඨ මට්ටමේ තනතුරු ද හිමි විය.

1වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ, 1වන කනෂ්ඨ මට්ටමේ සහ දෙවන ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් "දේ-ගැම්" (대감, 大監) යන ගෞරව නාමයෙන් ද, 2වන කනිෂ්ඨ මට්ටමේ සහ 3වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් "යොං-ගැම්" (영감, 令監) යන ගෞරව නාමයෙන් ද ආමන්ත්‍රණය කරනු ලැබී ය.[39] මෙම රතු හැඳි නිලධාරීහු පොදුවේ "දංසංග්වන්" (당상관, 堂上官) යනුවෙන් හඳුන්වන ලදහ. ඔවුහු රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සදහා අමාත්‍ය මණ්ඩලයට ඇතුළු වූහ. සෙසු මට්ටම්වල නිලධාරීහු "දංහග්වන්" (당하관, 堂下官) ලෙස හඳුන්වන ලදහ.

මධ්‍යම රජය

[සංස්කරණය]

රාජ්‍ය මන්ත්‍රණ සභාව

[සංස්කරණය]
ප්‍රධාන රාජ්‍ය අමාත්‍යවරයා වූ චේ ජේගොං ගේ (1720-1799) උඩුකය රුව

උසස්ම නීති සම්පාදන ස්ථානය වූ මන්ත්‍රණ සභාවේ (උයිජොංබු, 의정부, 議政府) බලය රාජවංශයේ ඉදිරි ගමන්මගත් සමග පිරිහෙන්නට විය. ප්‍රධාන අමාත්‍ය (යොංගුයිජොං, 영의정, 領議政), වම් රාජ්‍ය අමාත්‍ය (ජඋයිජොං, 좌의정, 左議政), සහ දකුණු රාජ්‍ය අමාත්‍ය (උඋයිජොං, 우의정, 右議政) යන තිදෙනා රාජසභාවේ ඉහළම අමාත්‍යවරුන් තිදෙනා වූහ. (ඔවුන් තිදෙනාම පළමු ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විය.) ඔවුනට සහාය වීමට වම් අමාත්‍ය (ජ්වචන්සොං, 좌찬성, 左贊成) සහ දකුණු අමාත්‍ය (උයිචංසොං, 우찬성, 右贊成) යනුවෙන් 1වන කනිෂ්ඨ මට්ටමට අයත් ඇමතිවරු දෙදෙනකු වූහ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බලය රජුගේ බලයට ප්‍රතිලෝමව සමානුපාතික විය. එමගින් ජොසොන් රාජවංශයේ ප්‍රධාන විධායක මණ්ඩලය වූ ෂඩ් අමාත්‍යාංශ පාලනය වූ අවස්ථා ද දැකිය හැක. නමුත් ප්‍රබල රජුන් හමුවේ එහි කාර්යය වූයේ උපදේශන සැපයීමයි. රාජ්‍ය අමාත්‍යවරු මීට අමතරව වෙනත් පදවි ද ඉසිලූ අවස්ථා ඇත.

අමාත්‍යාංශ සය

[සංස්කරණය]

ෂඩ් අමාත්‍යාංශ (යුක්ජෝ, 육조, 六曹) මගින් ප්‍රධාන විධායක මණ්ඩලය සැකසිණි. 2වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ සිටි සෑම අමාත්‍යවරයකුටම, (පන්සෝ, 판서, 判書) දෙවන කනිෂ්ඨ මට්ටමේ සිටි නියෝජ්‍ය අමාත්‍යවරයකු‍ගේ (චම්පන්, 참판, 參判) සහාය හිමි විය. සේවා අමාත්‍යාංශය මේ අතරින් ජ්‍යෙෂ්ඨතම අමාත්‍යාංශය විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බලය දිගින් දිගටම පිරිහුණ ද, බොහෝවිට අමාත්‍යවරුන්ගේ නායකයා වූයේ සේවා අමාත්‍යවරයායි. ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙලට ෂඩ් අමාත්‍යාංශ පහත පරිදි විය.

  • සේවා අමාත්‍යාංශය (ඉජෝ, 이조, 吏曹) – ප්‍රාථමිකව නිලධාරීන් පත් කිරීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.
  • බදු අමාත්‍යාංශය (හොජෝ, 호조, 戶曹) – බදු එකතු කිරීම, මූල්‍ය කටයුතු, ජන සංගණන, කෘෂිකර්ම සහ ඉඩම් ප්‍රතිපත්ති පිළිබඳ විය.
  • වත් අමාත්‍යාංශය (යෙජෝ, 예조, 禮曺) – චාරිත්‍ර, සංස්කෘතිය, රාජ්‍ය උපාය, ග්වාගෝ විභාගය
  • යුධ අමාත්‍යාංශය (බ්යොංජෝ, 병조, 兵曺) – යුධ සබදතා
    • සොරුන් අත්අඩංගුවට ගැනීමේ කාර්යාලය (පොදොචොං, 포도청, 捕盜廳) – පොදු විධාන සදහා වූ කාර්යාලය
  • අධිකරණ අමාත්‍යාංශය (හ්යොංජෝ, 형조, 刑曺) – නීති, වහල් සේවය, දඞුවම් නියාමනය
  • කර්මාන්ත අමාත්‍යාංශය (ගොංජෝ, 공조, 工曹) – කර්මාන්ත, පොදු සේවා, නිෂ්පාදන සහ පතල් කර්මාන්ත

කාර්යාල ත්‍රිත්වය

[සංස්කරණය]

ත්‍රිත්ව කාර්යාල, හෙත් සම්සා (삼사) යනු ප්‍රධානව පුවත් කාර්යාල ලෙස ක්‍රියා කළ කාර්යාල ත්‍රිත්වයක එකතුවකි. ඔවුන් විසින් රජු සහ නිලධාරීන්ගේ ගිණුම් ශේෂයන් ‍පිළිබද පරීක්ෂා සපයන ලදී. චීන පද්ධතිය අනුව යමින් මෙය ස්ථාපනය කෙරුණත්, චීනයට වඩා ජොසොන් රාජ්‍යය තුළ මෙම කාර්යාල වැදගත් කාර්යභාරයක් ඉටු කළේ ය. පුවත් කාර්යාලයක් ලෙස සැලකුණ ද, ඔවුනට නීති ක්‍රියාවට නැංවීමට අධිකාරී බලයක් නොතිබිණි. නමුත් පසුව එය විවාදයට ගැනීමට යොමුකිරීමේ හැකියාව තිබිණි. මෙම කාර්යාලවල‍ සේවය කළ නිලධාරීන් බොහෝවිට වයසින් ලාබාල පුද්ගලයන් සහ පහළ මට්ටමක්හෙබ වූ නමුත්, ඔවුනට ඉහළ ආයතනික ප්‍රසිද්ධියක් හිමි වූ අතර විශේෂ වරප්‍රසාද සහ ඉහළ පිළිගැනීඹක් ද හිමි විය. (උදාහරණයක් ලෙස මෙම පරීක්ෂකවරුන්ගේ රාජකාරිය රජුව විවේචනය කිරීම බැවින්, ඔවුනට සේවා කාලය අතරතුර මත්පැක් පානයට ද අවසර තිබිණි). මෙම තනතුරට පත්වීමට ඔවුනට හොඳ විචාරක හැකියාවක් මෙන්ම හොඳ පවුල් පසුබිමක් ද තිබිය යුතු විය. මෙම කාර්යාල නිලධාරීන්ගේ උසස්වීම් ඉතා ඉක්මන් වූ අතර ඔවුනට බොහෝ විට රාජ්‍ය අමාත්‍යවරයකු දක්වා උසස් වීමේ හැකියාව තිබණි.

  • පරීක්ෂක ජනරාල් කාර්යාලය (සහොන්බු·사헌부) – රාජ්‍ය පරිපාලනය, මධ්‍යම රජයේ මෙන්ම දේශීය නිලධාරීන්ගේ දූෂණ, අක්‍රමිකතා, අසමර්ථ්‍යකම් පරීක්ෂා කළේ ය. මහජන සදාචාරය මෙන්ම කොන්ෆියුසියානු සම්ප්‍රදායයන්, ජනතා දුක්ගැනවිලිවලට පිළියම් යෝජනා කිරීම සහ උපදේශනය සැපයීම සිදු විය. එය මෙහෙයවන ලද්දේ 2වන කනිෂ්ඨ මට්ටමේ නිලධාරියකු වූ පරීක්ෂක ජනරාල්වරයා (දේසහොන්·대사헌) විසින් වන අතර නිදහස් නිලධාරීන් 30 දෙනකුගෙන් සමන්විත විය.
  • සමීක්ෂණ කාර්යාලය(සගන්වොන්·사간원) – මෙහි ප්‍රධාන කාර්යය වූයේ රජුගේ වැරදි ක්‍රියාමාර්ග හෝ ප්‍රතිපත්ති පිළිබඳ රජුට උපදෙස් සැපයීමයි. රජුගේ නියෝග පළමුව විචාරය කරන ලද්දේ මෙම පරීක්ෂකවරුන් විසිනි. මෙම තීන්දු අසාධාරණ බව පැහැදිළි වුවහොත් ඒවා ඉවත් කරගැනීමට ඉල්ලා සිටිය හැකි විය. එසේම සාමාන්‍ය සබදතා පිළිබද අදහස් දැක්වීම ද සිදු විය. මෙය තුන්වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරියකු වූ ප්‍රධාන සමීක්ෂකගේ (දේසගන්·대사간) නායකත්වයෙන් යුත් නිලධාරීන් පස් දෙනකුගෙන් සමන්විත විය.

මෙලෙසින් පරීක්ෂක ජනරාල් කාර්යාලය මගින් රාජ්‍ය නිලධාරීන් පිළිබද මූලික අවධානය යොමු ‍කරන ලද අතර සමීක්ෂක කාර්යාලය මගින් රජු පිළිබඳ අවධානය යොමු කෙරිණි. මෙම කාර්යාල ද්විත්වය එකට ගත් විට "යංසා" (양사) ලෙස හැඳින්විණි. එහි සාහිත්‍යමය අරුත "කාර්යාල ද්විත්වය" යන්නයි. එසේම සාමාන්‍යයෙන් රජුගේ නියෝගයක් ඇපසු හැරවීමට අවශ්‍ය වූ විට නිතරම ඔවුහු එකට සම්බන්ධව ක්‍රියා කරන ලදහ.

  • විශේෂ උපදේශකවරුන්ගේ කාර්යාලය (හොංමුංහ්වන්·홍문관 弘文館) – මෙමගින් රාජකීය පුස්තකාලය පාලනය කරන ලදී. එසේම කොන්ෆියුසියානු දර්ශනය ඉගෙනීම සඳහා, පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළ අතර රජුගේ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම ද සිදු විය. මෙහි නිලධාරීන් ග්යොංග්යොන් (경연) නම් වූ දිනපතා පාඩම් සඳහා සහභාගී වූ අතර එමගින් ඔවුහු රජු සමග ඉතිහාසය සහ කොන්ෆියුසියානු දර්ශනය පිළිබඳ සාකච්ඡා කරන ලදී. මෙ සාකච්ඡා බොහෝ විට වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ වූ අතර මෙම නිලධාරීහු උපදේශකවරුන් ලෙස වැදගත් මෙහෙවරක් ඉටු කළහ. මෙහි නායකත්වය දරන ලද්දේ 2වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරියකු වූ ප්‍රධාන විද්‍යාර්ථියා (දේජෙහක්·대제학) විසින් වූ අතර ඔහු බොහෝ විට එයට සමගාමීව වෙනත් ඉහළ තනතුරක් දරන්නකු (රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වැනි) ද විය. එයට අමතරව පූර්ණ කාලීනව සේවය කළ 3වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ උප ප්‍රධාන විද්‍යාර්ථියා (බුජෙහක්·부제학) විසින් සැබවින්ම කාර්යාලය පාලනය කළේ ය.කොන්ෆියුසියානු සමාජයේ ප්‍රධාන විද්‍යාර්ථියා වීමට ලැබීම ඉමහත් ගෞරවයක් ලෙස සැලකිණි. (මෙම කාර්යාලය ෂඩ් ප්‍රාණත්‍යාගී අමාත්‍යවරුන්ගේ සිදුවීමෙන් පසු සේජෝ රජු විසින් ඉවත් කරන ලද ගරු කළ යුත්තන්ගේ ශාලාව (ජිෆ්යොන්ජොන්·집현전) ප්‍රතිස්ථාපනය කරමින් ගොඩනැගිණි.

වෙනත් කාර්යාල

[සංස්කරණය]

ප්‍රධාන කාර්යාල අතරට පහත ඒවා අයත් වේ:

  • රාජකීය ලේකම් කාර්යාලය (ස්‍යුංජොංවොන්, 승정원) රජු සහ අමාත්‍යාංශ සය අතර සම්බන්ධය ඇති කළේ ය. සෑම අමාත්‍යාංශයකටම රාජකීය ලේකම්වරයකු (승지) බැගින් වූ අතර ඔවුහු, 3වන ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් වූහ. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වූයේ රජුගේ ආඥාවන් අමාත්‍යාංශ වෙත ලබා දීම සහ නිලධාරීන්ගේ සහ මහජනයාගේ පෙත්සම් රජුට භාරදීම සිදු විය. එසේම රජුට අවවාද ලබා දීම ද සිදු විය. මීට අමතරව සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ප්‍රධාන රාජකීය ලේකම්වරයා (도승지), සෙසු නිලධාරීන්ට වඩා රජු සමග සමීපව කටයුතු කළ අතර රජුගේ ප්‍රසාදය හිමිවීම නිසා විශාල බලයක් භුක්ති වින්දෝ ය. හොං ගුක්-යොං (ජොංජෝ රජ සමය) සහ හන් ම්යොං-හ්වේ (සේජෝ රජ සමය) එවැනි ඉතා බලවත් ලෙකම්වරු දෙදෙනෙකු වූහ.
  • අගනුවර කාර්යාංශය (හන්ස්‍යුංබු, 한성부) අගනුවර වූ හන්යං හෙවත් වර්තමාන සෝල් අගනුවර පාලනය කිරීම සිදු කළේ ය. මෙය වර්තමාන සෝල්හි නගරාධිපතිට සමාන බලතල තිබූ ‍2වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරියා හෙවත් පාන්යූන් (판윤) විසින් සිදු කරන ලදී.
  • රාජකීය විමර්ශන කාර්යාංශය (උයිග්යුම්බු, 의금부) යනු රජුගේ ඍජු පාලනය යටකත් පැවති විමර්ශන ඒකකයකි. එමගින් ප්‍රධාන වශයෙන්ම රාජද්‍රෝහී කුමන්ත්‍රණ සහ රජු සහ රාජකීය පවුලේ පුද්ගලයන්ගේ අවධානය යොමු වූ ගැටලු පිළිබද කටයුතු කළ අතර රයට අත් අඩංගුවට ගැනීමට, විමර්ශනයට, සිරභාරයට ගැනීම සහ චූදිතයන්ගෙන් කටඋත්තර ලබා ගැනීම, විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ගෙන් සිදු විය.[40]
  • වාර්තා කාර්යාලයේ (චුන්චුග්වන්, 춘추관) නිලධාරීන් රජයේ ඓතිහාසික වාර්තා සටහන් තැබීම, ගොනු කිරීම සහ පවත්වා ගැනීම සිදු විය. මෙහි නායකත්වය රාජ්‍ය අමාත්‍යවරුන් විසින් දරන ලද අතර, බොහෝ තනතුරු වෙනත් කාර්යාලවල නියුතු නිලධාරීන් විසින් හොබවන ලදී. ඉතිහාස රචකයින් අටදෙනකු වූ අතර ඔවුන්ගේ එකම කාර්යය වූයේ රාජසභා රැස්වීම් පිළිබඳ අතීත වාර්තා තැබීමයි.[41]
  • සංක්යුන්ක්වාන් හෙවත් රාජකීය ශාස්ත්‍රාලය (성균관) මගින් අනාගත රාජ්‍ය නිලධාරීන් සූදානම් කරවන ලදී. පළමු ග්වාගෝ විභාග ද්විත්වය (සාහිත්‍යමය විභාගය) සමත්වූවන් සොංග්යුංග්වාන් වෙත ඇතුළු කරගන්නා ලදී.මෙම ශාස්ත්‍රාලයේ ශිෂ්‍යයින් 200ක් සදහා පහසුකම් පැවති අතර ඔවුන් නේවාසිකාගාර සිසුන් වූ අතර මෙම පාසලේ දැඩි නීති සහ කාලසටහනට අනුව ක්‍රියා කළ යුතු විය. (උපකාරක පංති, කාමර සහ නේවාසිකාර රජය විසින් සපයන ලදී.) එසේම එය රාජ්‍යයේ කොන්ෆියුසියානු සිද්ධස්ථානය විය. මෙහි සිසුන්ගේ රජයේ ප්‍රතිපත්ති පිළිබඳ අදහස්, විශේෂයෙන්ම සාමූහික අදහස් විප්ලවකාරී විය. මෙහි ප්‍රධානියා වූයේ 3වන ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් නිලධාරියකු වූ දේසේසොං (대사성) ය. එසේම වෙනත් කාර්යාලවල නිලධාරීන් 36දෙනකුද මෙම ආයතනය ගෙනයාමට දායක වූහ.
පාක් මුන්-සු (1691-1756), නිරූපිත ආලේඛය සිතුවමක්. මොහු ජොසොන් රාජවංශයේ රාජකීය රහස් පරීක්ෂකවරයකු විය.

ප්‍රාදේශීය රජය

[සංස්කරණය]

මේ සඳහා මධ්‍යම රජයේ ඉහළ නිලධාරීන් යොදවන ලදී. සමහර අවස්ථාවන්හි දී, රජු විසින් පත්කරන ලද වෙස්වලාගත් රාජකීය රහස් පරීක්ෂකවරයකු (අම්හෙං-ඉයොසා·암행어사) ප්‍රදේශීය නිලධාරීන් පාලනය කිරීම සඳහා පිටත් කර හැර ඇත. මෙම පරීක්ෂකවරුන් බොහෝවිට පහත් නිලතල හෙබ වූ තරුණ නිලධාරීන් වූ අතර රජයේ දූෂණ මැඞලීමට ඔවුන්ව රජු විසින් පාලනය කරන ලදී.

  • පළාත් (දෝ·도) – පළාත් අටක් විය. සෑම පළාතක්ම පාලනය සදහා දෙවන කනිෂ්ට මට්ටමේ ආණ්ඩුකාරයකු (ග්වන්චල්සා·관찰사) පත් කෙරිණි.
  • බු(부) – පළාත්වල ප්‍රධාන නගර සදහා පිහිටුවන ලද පරිපාලන කාර්යාල වේ. සෑම බු එකක්ම ආණ්ඩුකරුට සමාන මට්ටමේ වූ බුයූන් (부윤) කෙනෙකු විසින් පාලනය කරන ලදී
  • මොක් (목) – මොක් 20ක් විය. එමගින් විශාල ප්‍රාන්ත වූ 'ජු'(주) පාලනය කෙරිණි. එය පාලනය දෙවන ජ්‍යෙෂ්ඨ මට්ටමේ මොක්සා (목사) කෙනකු විසින් සිදුකරන ලදී.
  • ප්‍රාන්ත (ගුන්·군) – ජොසොන්හි ප්‍රාන්ත අසූවක් පැවතිණි. සෑම ප්‍රාන්තයකම පරිපාලනය 4වන කනිෂ්ඨ මට්ටමේ ගුන්සු (군수) නිලධාරියකු විසින් සිදුකරන ලදී.
  • හ්යොන් (현) – විශාල හ්යොන් පාලනය කිරීම 5වන කනිෂ්ඨ මට්ටමේ හ්යොංග්රියොං (현령) කෙනකු විසින්ද, කුඩා හ්යොන් පාලනය 6වන කනිෂ්ඨ මට්ටමේ හ්යොංගැම් (현감) කෙනකු විසින් සිදුකරන ලදී.

පරිපාලන කොට්ඨාස

[සංස්කරණය]

ජොසොන් රාජවංශයේ බොහෝ සමයන්හි කොරියාව පළාත් අටකට (දෝ; 도; 道) බෙදා තිබිණි. 1413 සිට 1895 දක්වා සියවස් පහක් පමණ ගතවුණ ද, පළාත් අටෙහි සීමා නොවෙනස්ව පැවතිණි. එකල පැවති භූගෝලීය සීමාවන් නූතන කොරියාවේ පරිපාලන කොට්ඨාස, උපභාෂාමය සහ ප්‍රාදේශීය කොට්ඨාසවලට ගැලපේ. පළාත් අටෙහි නම් අදටත් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් සංරක්ෂිත ව පවතී.

විදේශ සබඳතා

[සංස්කරණය]

නව රාජවංශය ස්ථාපනයෙන් පසු, යි නව ජාතියට මිං රාජවංශය යටතේ රාජකීය පඞුරු ක්‍රමයට ඇතුඵවී ආර්ථික සබඳතා ඇරඹීමට අවසර ඉල්ලා සිටියේ ය. පසුව ජොසොන් රාජ්‍යය ජපනුන්ට විරුද්ධව සටන් වැදීමට මිං රාජ්‍යයේ සහාය ඉල්ලා සිටියේ ය. 1637 වනතෙක්ම මිං රාජ්‍යය සමග සබඳතා පැවතිණි.

සමාජය

[සංස්කරණය]
ජොසොන් සමයේ සිටි සිවිල් නිලධාරියකුගේ රුවක්.

ජොසොන් කොරියාවේ ජනගහනය මතභේදාත්මක ය. මෙම යුගයේ නිවෙස් පිළිබද රාජ්‍ය වාර්තා විශ්වාස කළ නොහැකි යැයි සැලකේ.[42] මෑතකදී කළ සමීක්ෂණයක් අනුව 1392 රාජවංශය ආරම්භ වන විට ජනගහනය මිලියන 6ක් වූ අතර 1750දී එහි උච්ච අගය වූ මිලියන 19 දක්වා එය අක්‍රමවත් විචලනයක් පෙන්වීය. 1810 සහ 1850 අතර ජනගහනය 10%කින් පමණ හායනය වී ස්ථාවර තත්ත්වයට පත් විය.[43] 20වන සියවසේ මුල්කාලයේ කොරියානු අධිරාජ්‍යය විසින් නූතන වෛද්‍ය ක්‍රමවල හඳුන්වා දීම සමග කොරියානු පිරිමින්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වර්ෂ 24ක් වූ අතර ස්ත්‍රීන් සඳහා එය වර්ෂ 26ක් විය.[44]

ජොසොන් කොරියාව මධ්‍යගත පරිපාලන පද්ධතියක් ස්ථාපනය කළ අතර එය පාලනය කිරීම යැංබැන් යනුවෙන් පොදුවේ හැදින්වුණු සිවිල් වංශවතුන් සහ යුධ නිලධාරීන් විසින් සිදුකරන ලදී. 18වන සියවසේ අවසානය වන විට පවුල් පසුබිමින් උරුම වූ ශුද්ධභාවය හැරෙන්නට, බොහෝ ප්‍රවේණික වංශවත්භාවයන්, කොන්ෆියුසියානු අධ්‍යයන සදහා ග්වාගෝ විභාග, සහ සිවිල් සේවා පද්ධතියට අවසර ලැබීමෙන් ඇති වූ ඒවා විය. යැංබැන්වරයකුගේ තෙවන පරම්පරාවේ පවුල් සාමාජිකයන් රාජ්‍ය නිලධාරියකු වීමට අපොහොසත් වුවහොත්, ඔවුන්ගේ යැංබැන් තත්ත්වය අහිමි වී සාමාන්‍ය ජනයාගේ තත්ත්වයට පත් වේ. බොහෝ අවස්ථාවන්හිදී රාජ්‍ය නිලධාරියකු වීමට තිබූ එකම මාර්ගය ග්වාගෝ විභාග මාලාවට පෙනී සිටීමයි. (යමෙක් "සුළු ග්වාගෝ" විභාග (소과) අදියර දෙකට පෙනී සිටීමෙන් පසු මහා ග්වාගෝ විභාගයට සුදුසුකම් ලබන අතර එහි අදියර දෙක සමත්වන අය රාජ්‍ය නිලධාරීන් වීමට සුදුසුකම් ලබති.) යැංබන්වරුන් සහ රජු එක්ව මධ්‍යම රජය සහ යුධ ආයතන පාලනය කිරීම පහසු කටයුත්තක් නොවී ය. 1800 වනවිට, යැංබැන් සේවය ජනගහනයෙන් 30%ක් දක්වා වැඩිවිය.[45] රජය කුඩාවුවත්, යැංබැන්වරු විශාල පිරිසක් වංශවත් තනතුර ඉසිලූහ. නමුත් ඔවුනගේ ආදායම් මඳ විය.[46]

ජනගහනයෙන් තවත් 40-50%ක් පමණම වහලුන් (නොබි), "පහත් කුලවල අය" (චොන්මින්) හෝ කුල හීන වසලයන් (බෙක්ජොං) වූහ. වහල්භාවය ප්‍රවේණික උරුමයක් වූ අතර ඇතැම් අවස්ථාවල දඩුවම් ලෙස වහල්භාවයට පත්කෙරිණි. මෙම වහලුන් අතර රජයේ වහලුන් මෙන්ම පෞද්ගලික වහලුන් ද විය. බොහෝවිට රජය උසස් වංශිකයන්හට වහලුන් ප්‍රදානය කරන ලදී. පෞද්ගලික වහලුන් ප්‍රවේණික උරුමයක් ලෙස හිමි විය. අස්වැන්න අඩු කාලවල දී, ජීවිතය රැකගැනීම සඳහා බොහෝ සංමින් ජනයා සිය කැමැත්තෙන්ම වහලුන් බවට පත්වූහ.[තහවුරු කර නොමැත] ජොසොන් රාජවංශ සමයේ කොරියානු ජනගහනයෙන් 30% සිට 40% පමණ දක්වා වහලුන් වන්නට ඇතැයි සැලකේ.[47][48][49] කෙසේවුවත් ජොසොන් වහලුන්හට පෞද්ගලික වත්කම් රැස් කිරීමේ අයිතිය තිබිණි.[50] පෞද්ගලික වහලුන්හට මුදල් ගෙවා සිය නිදහස මිල දී ගත හැකි විය.

චුංගින් (සාහිත්‍යමය "මධ්‍යම ජනයා"), බොහෝවිට සුළු මධ්‍යම පාන්තිකයන්ට සමාන නිරූපිත ජොසොන් සිතුවමක්

ඉතිරි 40-50% පමණ ජනගහනය ගොවියෝ වූහ.[51] නමුත් නූතන අධ්‍යයනයන් මගින් සෙසු වෘත්තිකයන් වූ වෙළඳුන්, ප්‍රාදේශික රාජ්‍ය ලිපිකරුවන් හෝ අර්ධ-රාජ්‍ය ලිපිකරුවන් (චුංගින්), කලාකරුවන්, කම්කරුවන්, සහ පේෂ කර්මාන්තයේ යෙදෙන්නන් ආදීන්ගේ ප්‍රමාණය පිළිබද අදහස් දක්වා ඇත.[52] ජනගහනයේ ප්‍රමාණය අනුව එක් පුද්ගලයකු රැකියා කිහිපයකම නිරත වන්න‍ට ඇතැයි සිතිය හැක. බොහෝවිට කෘෂිකර්මය වානිජමය වූ අතර යැපුම් කෘෂිකර්මය නොවී ය.[53] අමතර ආදායමක් උපයා ගැනීමට අමතරව, දූෂිත දැඩි බදු ප්‍රතිපත්තියේ බලපෑම්වලින් මිදීමට රැකියාවෙහි දක්ෂතාවයක් තිබිය යුතු විය.[54]

පසු ජොසොන් සමයේ කොන්ෆියුසියානු අදහස් සමාජයේ සංකීර්ණ ධුරාවලියකට සහ ශ්‍රේණි රැසකට මඟපෑදී ය. 18වන සියවසේ මුල්භාගයේ සමාජ විචාරකයකු වූ යි ජුංහ්වන් (1690–1756) පිළිකුලෙන් යුතුව ප්‍රකාශ කළේ "විවිධ තරාතිරමේ මට්ටම් සහ ශ්‍රේණි මගින් මිනිසුන් එකිනෙකාගෙන් වෙන් කරන අතරම මිනිසුන්ට විශාල මිත්‍ර සංගම් සාදාගැනීමට ඇති අවස්ථාව ද අහිමි කරන." බවයි.[55] යි මෙලෙස පැවසුවත් පැරණි ජොසොන් සමාජයේ සමාජයේ මෙම අක්‍රමවත් බෙදීම් නීතියේ ද ආධාර මත සිදු විය. උදාහරණ ලෙස සැප විහරණ වියදම් පාලන නීතිය දක්විය හැක.[56] එමගින් වෙනස් සමාජ කණ්ඩායම්වල වස්ත්‍ර, ආවේණිය පිළිබඳ නීති, සහ කාන්තාවන්ගේ දේපළ අයිතිය යාමනය කරන ලදී.[57]

1710න් ඇරඹුණු සශ්‍රීක සියවසෙහි සමාජ සචලතාව වැඩි වීම නිසා මෙම නීති ඉදිරිපත් කරන්නට ඇත.[58] සැබවින්ම ජොසොන් රාජවංශයේ සමාජ ධුරාවලිය වර්ධනය වූයේ ගෝර්යෝ යුගයේ සමාජ ධුරාවලිය පදනම් කර ගනිමිනි. 14වන–16වන සියවස්වල දී මෙම ධුරාවලිය දැඩි සහ ස්ථාවර එකක් බවට පත්විණි. සමාජ තත්ත්වය වෙනස් කිරීමට හේතු වූ ආර්ථික අවස්ථා සීමා කෙරුණු හෙයින් නීතිය අවශ්‍ය නොවී ය.

17–19 සියවස් අගකාලයේ නව වෙළඳ කණ්ඩායම් බිහි විය. පැරණි සමාජ පද්ධතිය බෙහෙවින් දුර්වල විය. විශේෂයෙන්ම, 1858 වන විට දේගු ප්‍රදේශයේ යැංබැන් පන්තියේ ජනගහනය සියයට 70පමණ දක්වා වර්ධනය විය.[59]

1801දී, රජයට අයත් සියලු වහලුන් නිදහස් කෙරිණි. මෙම වහල් සේවය ඊළඟ සියවස වන විට මුළුමනින්ම පාහේ නැති විය.[60] 1894 ගබෝ ප්‍රතිසංස්කරණයේ සමාජයීය සැලැස්මක් ලෙස වහල් සේවය මුළුමණින්ම අවසන් කෙරිණි.


සංස්කෘතිය

[සංස්කරණය]

ජොසොන් රාජවංශය මහා සංස්කෘතික වර්ධන යුග දෙකක් පුරා විහිදිණි. ජොසොන් රාජවංශ සමයේ පළමු කොරියානු තේ උත්සවය සහ කොරියානු උද්‍යාන ඇරඹිණි. රාජවංශය මගින් බලකොටු සහ මාලිගා කිහිපයක්ම ඉදිකරන ලදී.

වස්ත්‍ර

[සංස්කරණය]
ජෝසුන් රාජවංශ සමයේ පිරිමි (දකුණේ) සහ ස්ත්‍රීන්ගේ (ව‍මේ) වස්ත්‍රයන් (හන්බොක්). මෙය සිතුවම් කරන ලද්දේ ෂින් යුන්-බොක් (1758-?) විසිනි.
සොන්බි පුරුෂයකුගේ ඇඳුමක්. මෙය යි ජේග්වන් (1783-1837) විසින් සිතුවම් කරන ලද්දකි.

ජොසොන් රාජවංශ සමයේ කාන්තාවන්ගේ වස්ත්‍රය වූ හන්බොක් එකෙහි ජොගොරි නැමැති කොටස කෙටි සහ හිරට නිමැවිණි. 16වන සියවසේ ජොගොරි කොටස එල්ලා වැටුණු අතර එය ඉණ තෙක් විහිදිණි. නමුත් 19වන සියවසේ අගභාගය වන විට ජොගොරි කොටස කෙටි වූ අතර එමගින් පපු පෙදෙස ආවරණය නොවිණි. එම නිසා වෙනත් රෙදි කැබැල්ලක් (හොරිටි) එම ප්‍රදේශය ආවරණයට යොදා ගැනිණි. 19වන සියවසේ අගභාගය වන විට, දේවොන්-ගුන් විසින් මගෝජා‍ නම් වූ මැංචු ආරේ කබායක් කොරියාවට හඳුන්වා දෙන ලදී. මෙය මෙකල බහුලව හන්බොක් එක සමග අඳිනු ලබයි.

චිමා වස්ත්‍රය සායක ආකාරය ගත් අතර පසු ජොසොන් සමයේ එහි ජොගොරිය කෙටි සහ සිර වන සේ සැකසිණි. මෙය ඉණ වටා වෘත්තාකාර ලෙස සකස්විණි. දරිසොක්ගොට්, සොක්සොක්ගොට්, දන්සොක්ගොට් සහ සිලුවටයන් ලෙස භාවිතා වූ ගොජෙංගි වැනි බොහෝ යටඇඳුම් චිමා එකට යටින් අඳින ලදී. ජොගොරිය ඉතා කෙටි වූ බැවින් හොරිටි හෙවත් හොරිමරිය සාමාන්‍යයෙන් නිරාවරණය කෙරිණි. මෙම රූපයෙහි ජොගොරියට යටින් පිටතට නිරාවරණය වී ඇති සුදු ලිනන් වස්ත්‍රය හොරිටිය වේ.

උසස් වංශිකයින්ගේ හන්බොක් වස්ත්‍රය උණුසුම් කාල සදහා රැමී රෙදිවලින් හෝ වෙනත් වටිනා සැහැල්ලු රෙදි වර්ගයකින් නිර්මාණය වූ අතර වසරේ සෙසු කාල සදහා භාවිතා වූ වස්ත්‍ර චාම් හෝ මෝස්තර යෙදූ සේද රෙදිවලින් නිර්මාණය විය. පොදු ජනයා සදහා කපු රෙදි භාවිතයට නීතිය මගින් අවසර දී තිබිණි. උසස් පාන්තිකයන් විවිධ වර්ණ භාවිතා කළ අතර දීප්තිමත් වර්ණ බොහෝ විට ළමුන් සහ දැරියන් සදහාත්, තරමක් අඩු වර්ණ මැදි-වියේ ස්ත්‍රීන් සහ පුරුෂයන් සඳහාත් භාවිතා කෙරිණි. නීති මගින් සාමාන්‍ය ජනයාහට එදිනෙදා ඇඳීම සදහා සුදු වස්ත්‍ර භාවිතයට නියෝග කෙරුණු අතර ඔවුහු විශේෂ අවස්ථා සඳහා ලා රෝස, ලා කොළ, අළු පැහැ වස්ත්‍ර අඳින ලද්දෝ ය. සාමාන්‍යයෙන් කොරියානු පුරුෂයන් පිටතට යන විට ඔවුන් විසින් දුරුමගි නම් වූ දණිස් තෙක් දිවෙන පිට කබා ඇඳීමට සිදු විය.

ෂෝවු හි මු රජු සහ බටහිර මව්බිසව
15වන සියවසේ සියෝ මුන්බෝ විසින් සිතුවම් කළ පැරණි ජොසොන් භූමිදර්ශන සිතුවමක්.

මධ්‍ය-ජොසොන් සිතුවම් කලා ආර තාත්වික පැත්තට නැඹුරු විය. "සැබෑ දර්ශනය" ලෙස හැදින්වුණු ජාතික භූමිදර්ශන සිතුවම් කලාව සම්ප්‍රදායික චීන කලාවෙන් ඉවත් වන්නට විය.

මධ්‍ය සිට අවසන් ජොසොන් රාජවංශ සමය දක්වා කාලය කොරියානු සිතුවම් කලාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙයි. මෙය සිදුවූයේ මිං රාජවංශයේ බිඳවැටීමත්, මැංචු අධිරාජයන්ගේ නැගී ඒමත් නිසා කොරියානු චිත්‍රශිල්පීන්ට කොරියාව තුළ නව විෂයයන් ඇසුරෙන් සිතුවම් සම්ප්‍රදායයක් නිර්මාණය කර ගැනීමට සිදු වීමයි. මෙකල චීනය පෙර පැවති විශිෂ්ට සම්ප්‍රදාය අනුගමනය කිරීමට මැලි වූ අතර කොරියානු කලාව සම්ප්‍රදායික චීන සිතුවම් කලාවෙන් වෙනස් මගක ගමන් ගත්තේ ය.

15වන සියවස. ජොසොන් රාජවංශය, කොරියාව. උණ සහ ප්ලම් මොස්තර සහිත නිල් සහ සුදු සිරිමැටි බඳුනක්.

පිඟන්මැටි කලාව ජොසොන් යුගයේ ජනප්‍රිය කලාවන්ගෙන් එකකි. සෙරමික් නිර්මාණ සදහා උදාහරණ අතර සුදු පෝසිලේන් හෝ කොබොල්ට්, කොපර් රෙඩ් මගින් යටිඔපය ඇති කළ, නිල් යටිඔපය ඇති කළ, හෝ යකඩ යටිඔපය ඇති කළ සුදු පෝසිලේන් ද වේ. ජොසොන් යුගයේ සෙරමික් නිර්මාණ සෙසු යුගවලින් වෙනස් වන්නේ කලාශිල්පීන් සෑම නිර්මාණයක් මගින්ම සිය අනන්‍යතාව නිරූපණය වන වටහා ගත් නිසායි.[61]

10වන සියවස ආරම්භයේ දී කොරියාවේ සුදු සිරිමැටි බදුන් (පෝසිලේන්) නිපදවීම සිදු විය. නමුත් 15වන සහ 16වන සියවස් තෙක්ම සුදු පෝසිලේන්වලට වැදගත්කමක් හිමි නොවිණි. කොරියානු සිරිමැටි නිර්මාණ අතර වඩාත් වැදගත්කමක් හිමි වූයේ විශාල සුදු බරණි ය. ඒවාහි හැඩය චන්ද්‍රයාව සංකේතවත් කළ අතර එහි වර්ණය කොන්ෆියුසියානුවාදයේ සඳහන් පවිත්‍රභාවය සහ විනීතභාවය නිරූපණය කළේ ය. මෙම යුගය තුළ රාජකීය පවුලේ භෝජන සංග්‍රහ, සහ භෝජන සම්බන්ධ අංශය සුදු පෝසිලේන් නිෂ්පාදනය දැඩි ලෙස පාලනය කළේ ය.[61]

සුදු පෝසිලේන් බුජමක්, 18වන සියවස, ජොසොන් කොරියාව.

නිල් සහ සුදු පෝසිලේන් භාණ්ඩවල, ස්වාභාවික කොබෝල්ට් වර්ණක මගින් යටිඔපය ඇතිකළ විසිතුරු කරන ලද සුදු පෝසිලේන් ජොසොන් යුගයේ ජනප්‍රිය වෙළඳභාණ්ඩ සදහා උදාහරණයකි. බොහෝවිට මෙම භාණ්ඩ නිර්මාණය කළේ රාජකීය පවුල සදහා සේවය කළ මාලිගාවේ සිත්තරුන් විසිනි. මෙම යුගයේ සෙරමික් නිර්මාණ විසිතුරු කිරීම සදහා භූමි දර්ශන සිතුවම් භාවිත කිරීම ජනප්‍රිය විය.[61] 14වන සියවසේ මැද භාගය වන විට චීන ජාතිකයන්ගේ ජිංදෙෂෙන් පෝරණුවල ආභාසය ලබා ජොසොන් රාජ්‍යය 15වන සියවසේ සිට චීන ආභාසය යටතේ මෙම වර්ගයේ පෝසිලේන් නිපදවීම අරඹන ලදී. චීනයෙන් ආනයනය කළ පළමු කොබෝල්ට් කොරියානු සිත්තරුන් විසින් භාවිත කරන ලදී. 1463දී කොරියාවෙන් කොබෝල්ට් නිධි සොයාගැනීමත් සමග, සිත්තරුන් සහ මිලදී ගන්නන් මෙම අමුද්‍රව්‍ය තත්ත්වයෙන් බාල බව හඳනා ගත් අතර ඔවුන් වඩාත් ප්‍රිය කළේ මිල අධික ආනයනිත කොබෝල්ට්වලට යි. මෙසේ ආනයනික කොබෝල්ට්වලින් විසිතුරු කළ කොරියානු පෝසිලේන් බඳන් නව-කොන්ෆියුසියානුවාදයට පටහැනි විය.[61]

කොබෝල්ට්වලට අමතරව, කොපර්-රෙඩ් භාවිතා කර පෝසිලේන්වල යටිඔපය ඇතිකිරීම වඩාත් අපහසුම ක්‍රමය වේ. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සදහා විශිෂ්ට හැකියාවක් පැවතීම අවශ්‍ය අතර එසේ නොමැති වුවහොත්, පිලිස්සීමේදී අළු පැහැ විය හැක. කොපර්-රෙඩ් යටිඔප දැමීමේ ක්‍රමයේ ආරම්භය සිදු වූ ප්‍රදේශය නොයෙකුත් විවාදයන්ට තුඩු දී ඇත. මෙම අංගයන් 12වන සියවසේ කොරියාවේ ආරම්භ වූ අතර ජොසොන් යුගයේ දෙවන භාගයේදී වඩාත් ජනප්‍රියත්වයට පත් විය. සමහර විශේෂඥයින් පවසන්නේ ග්වංජු, ග්යොංගි ප්‍රදේශයේ පිහිටි බුන්වොන්-රි පෝරණුව ජොසොන් සමයේ සිරිමැටි (පෝසිලේන්) නිපදවීමේ දී වැදගත් ස්ථානයක් වන්නට ඇති බවයි. එසේම එය එහි ආරම්භක ස්ථානය ද විය හැකි ය.[61]

පෝසිලේන් අලංකාර කිරීම සදහා යකඩ ද භාවිතා කෙරිණි.[61]

ගෘහ නිර්මාණය

[සංස්කරණය]
ග්යොංහෝරු යනු ජොසොන් රාජවංශයේ වැදගත් සහ විශේෂ රාජ්‍ය භෝජන සංග්‍රහයන් පැවැත්වීමට යොදාගත් ස්ථානයකි. එය ජාතික වස්තුව අංක. 224 ලෙස ලියාපදිංචි කර ඇත.
  • මේ සදහා වැදගත් මූලාශ්‍රයක් ලෙස "Brief History of Korean Architecture", යූන්, චං සුප් විසිනි (සාමාජික, ජාතික විද්‍යා ඇකඩමිය), http://nongae.gsnu.ac.kr/~mirkoh/ob1.html

සාහිත්‍යය

[සංස්කරණය]

ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා (ජොසොන් රාජවංශයේ සත්‍ය වාර්තා ලෙසද හැඳින්වේ) යනු 1413 සිට 1865 දක්වා ජොසොන් රාජවංශයේ වාර්ෂික වාර්තාවන් වේ. මෙම අනුවාර්ෂික වාර්තා හෙවත් සිලොක්, වෙළුම් 1,893කින් යුක්ත වන අතර එය තනි රාජවංශයක් වෙනුවෙන් තබන ලද ලොව විශාලතම අඛණ්ඩ වාර්තාව ලෙස සැලකේ. යටත්විජිත සමයේ තබන ලද සිලොක් ද්විත්වයක් සමග මෙම අනුවාර්ෂික වාර්තා 151වන කොරියානු ජාතික වස්තුව ලෙස සැලකෙන අතර එය යුනෙස්කෝවේ ලෝකයේ මතක ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

උයිග්වේ යනු ජොසොන් රාජවංශයේ රාජකීය මුලලේඛ එකතුවකි. එමගින් රාජකීය පවුලේ චාරිත්‍ර සහ වැදගත් උත්සව පිළිබද තොරතුරු අක්ෂර සහ ශෛලිගත සිතුවම්වලින් වාර්තා තබා ඇත.

අධ්‍යාපනය

[සංස්කරණය]


විද්‍යාව සහ තාක්ෂණය

[සංස්කරණය]
කොරියානු දිව්‍යමය ගෝලයක්. මෙය පළමුව නිපදවන ලද්දේ සේජොං රජ සමයේ ජං යොං-සිල් නමැති විද්‍යාඥයා විසිනි.

15වන සියවස

[සංස්කරණය]

ජොසොන් රාජවංශයේ මහා සේජොං රජ සමය කොරියාවේ දැවැන්තම විද්‍යාත්මක උන්නතිය සිදු වූ සමය ලෙස සැලකෙයි. සේජොංගේ නව ප්‍රතිපත්ති යටතේ ජං යොං-සිල් වැනි චොන්මින් (පහත් පන්තියේ) ජනයාට ද රාජ්‍ය සේවයට බැඳීමට හැකි විය. ජං ලාබාල වයසේදීම නව නිර්මාණකරුවකු සහ ඉංජිනේරුවරයකු ලෙස දස්කම් පෑ අතර ඔහු කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට යන්ත්‍ර නිර්මාණය කළේ ය. මෙමගින් වාරිමාර්ග සහ ඇලවල් ඉදිකිරීම පහසු විය. පසුකලෙක ජං හට මාලිගයේ වාසයට අවසර ලැබුණු අතර ඔහු ප්‍රධාන කොටගත් විද්‍යාඥ පිරිසක් කොරියාවේ විද්‍යාවේ අභිවෘද්ධියට කටයුතු කළහ..[තහවුරු කර නොමැත]

ඔහුගේ සමහර නිර්මාණ අතර වේලාව දැක්වීම සදහා ලී රූපවල චලන සිදු වූ ස්වයංක්‍රීය ජල ඔරලෝසුව (ජග්යොක්රු), (මෙ 1434දී ජං විසින් නිපදවන ලදී.) අමතර තාරකා විද්‍යාත්මක උපාංග සහිත වැඩිදියුණු කළ ජල ඔරලෝසුව, සහ පෙර පැවති ගෝර්යෝ රාජවංශ සමයේ භාවිතා වූ ලෝහ චලන මුද්‍රණ ක්‍රමයේ වැඩිදියුණු කළ නව ආකෘතිය ආදිය දැක්විය හැක. මෙම නව ආකෘතිය ඉහළ ප්‍රමිතියෙන් යුක්ත වූ අතර දෙගණයක් වේගවත් විය. සෙසු නිර්මාණ අතර උපැස්, සහ උඩොමීටරය විය.

ජොසොන් යුගයේ තාරකා විද්‍යාව උච්චස්ථානයකට එළැඹි අතර ජං වැනි පුද්ගලයින් විසින් නිර්මාණය කළ දිව්‍යමය ගෝලය වැනි උපකරණ නිසා හිරු, සඳු සහ තාරකාවල පිහිටීම් නිර්ණයට උපකාරී විය.[62] පසුකාලීන දිව්‍යමය ගෝල (ග්යුප්යෝ, 규표) ඍතු විචලනය අනුව නිර්මාණය කෙරිණි.

සේජොං රජු යටතේ පැවති උසස්ම තාරකා විද්‍යාත්මක ඵලය චිල්ජොංසන් විය. එය 1442දී දියුණු කරන ලද සප්ත දිව්‍යමය වස්තූන්ගේ (පංච දෘශ්‍යමය ග්‍රහලෝක, හිරු සහ සඳු) ගමන්මග පිළිබඳ ගණනය කිරීම් ඇතුළත් සටහන්වලින් සමන්විත ය. මෙමගින් විද්‍යාඥයන්හට සූර්යග්‍රහණ, වෙනත් ග්‍රහ චලන ආදී ප්‍රධාන දිව්‍යමය වස්තූන්ගේ හැසිරීම පිළිබද පුරෝකථන කිරීම පහසු විය.[63]1669දී සොං ඉ-යොං විසින් නිපදවන ලද තාරකා විද්‍යාත්මක ඔරලෝසුව හොන්චොන්සිග්යේ ලෙස හැඳින් වේ.මෙම ඔරලෝසුවට සෙන්ටිමීටර 40ක විෂ්කම්භයකින් සමන්විත කටුගෝලයක් ඇත. මෙම ගෝලය ඝටික යන්ත්‍රණයක් මගින් ක්‍රියාත්මක වූ අතර එය දෙන ලද ඕනෑම අවස්ථාවක දී ග්‍රහ වස්තූන්ගේ පිහිටීම නිරූපණය කළේ ය.

කංනිදෝ නැමැති කොරියානුවන් නිර්මිත ලෝකසිතියම 1402දී කිම් සා-හ්යොං (김사형, 金士衡), යි මු (이무, 李茂) සහ යි හොඒ (이회, 李撓) විසින් නිර්මාණය කරන ලදී. මෙම සිතියම නිර්මාණය කෙරුණේ තේජොං රජුගේ දෙවන වර්ෂයේ දී ය. මෙය චීන, කොරියානු සහ ජපන් සිතියම් සම්මිශ්‍රණයෙන් නිපදවූවකි.

16-19වන සියවස්

[සංස්කරණය]

පසු ජොසොන් රාජවංශ යුගයේ විද්‍යාත්මක සහ තාක්ෂණික ප්‍රගතිය පැරණි ජොසොන් යුගයට වඩා පසුබෑමක් පෙන්නුම් කළේ ය.

16වන සියවසේ දී, මාලිගයේ වෙදැදුරුවරයකු වූ හියෝ ජුන් වෛද්‍ය සටහන් ගණනාවක්ම ලිවී ය. ඔහුගේ වැදගත්ම ක්‍රියාව ලෙස දොංගුයි බොගම් සැලකේ. එය නිතරම සම්ප්‍රදායික කොරියානු වෙදකම පිළිබද නිර්වචන සටහනක් ලෙස පැසසුම් ලබයි. මෙම සටහන් චීනය සහ ජපානය දක්වා ද ව්‍යාප්ත වූ අතර එය වර්තමානයේ එම ප්‍රදේශවල පෙරදිග වෙදකමේ සම්භාව්‍ය කෘතියක් ලෙස සැලකේ.

පළමු මෘදු ප්‍රක්ෂේප කබාය (ballistic vest) වූ ම්යුන්ජේබේගැබ් 1860 දශකයේ ජොසොන් කොරියාව තුළ නිපදවන ලදී. එය නිර්මාණය කෙරුණේ කොරියාවට එරෙහි ප්‍රංශ යුධ ව්‍යාපාරය (1866) සිදු වී මඳකලකට පසුවයි. හ්‍යුංසොන් දේවොන්ගුන් බටහිර හමුදාවල තර්ජනවලට මුහුණදීම සදහා වෙඩි නොවදින සන්නාහ නිර්මාණයට නියෝග කළේ ය. කිම් ගි-දු සහ ගං යුන් විසින් ප්‍රමාණවත් ඝනකමක් ඇත්නම් කපු රෙදිවලට උණ්ඩවලින් ආරක්ෂාව ලබාදිය හැකි බව අනාවරණය කරගත් අතර ඔවුහු කපු ස්තර 30කින් යුත් වෙඩිනොවදින කබා නිෂ්පාදනය කළහ. මෙම කබා කොරියාව පිළිබඳ එක්සත් ජනපද ගවේෂණය (1871) සමයේ ඇති වූ සටන්වලදී විශේෂයෙන්ම එක්සත් ජනපද නාවික හමුදාව 1871දී ගංග්හ්වා දූපතට පහරදුන් අවස්ථාවේ ප්‍රයෝජනවත් විය. එක්සත් ජනපද හමුදාව මෙම කබාවලින් එකක් තමන් සතු කරගත් අතර 2007වන තෙක්ම එය ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ තැන්පත් කර තබන ලදී. වර්තමානයේ මෙම කබාය නැවත කොරියාව වෙත යවන ලදුව මහජන ප්‍රදර්ශනය පිණිස තබා ඇත.

ආර්ථිකය

[සංස්කරණය]

වාණිජ්‍යය

[සංස්කරණය]

ගෝර්යෝ රාජවංශ සමයේ කොරියාව සතුව අරාබියානුවන්, ජපන් ජාතිකයින්, චීනුන් සහ මැංචූරියානුවන් සමග සිදු වූ ශක්තිමත් වෙළඳමක් පැවතිණි. එකල සමෘද්ධිමත් අන්තර්ජාතික වරායයක් ලෙස ප්යොන්ග්නම් සැලකේ. කොරියානුවෝ විසිතුරු ගෙත්තම්, ආභරණ, ජින්සෙං, සේද, සහ ලෝකප්‍රකට පෝසිලේන් වෙළඳාම් කළහ. නමුත් ජොසොන් රාජවංශ සමයේ කොන්ෆියුසියානුවාදය රාජ්‍ය දර්ශනය ලෙස ස්ථාපනය කර ඇතැම් බෞද්ධාගමික ඇදහීම් නොසලකා හැර, ගෝර්යෝ චොංජා පෝසිලේන් වෙනුවට සුදු බෙක්ජා නිපදවීම නිසා කොරියානු නිර්මාණ කෙරෙහි චීන සහ අරාබි ප්‍රසාදය නැති විය. එසේම කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වාණිජ්‍යය සීමා කෙරිණි. මීට අමතරව චීන රාජ්‍යයට ත්‍යාගභෝග ලබාදීමට සිදුවීම නිසා විවිධ වටිනා දෑ (රන්, රිදී වැනි) නිපදවීම සීමා කිරීම සහ ජපානයෙන් අත්‍යාවශ්‍ය දෑ පමණක් ආනයනය කිරීමේ ප්‍රතිපත්තිය ගොඩනැගිණි.[තහවුරු කර නොමැත] චීනයේ මුදල් ලෙස රිදී භාවිත වූ නිසා එය කොරියා-චීන වෙළදාමේ වැදගත් අංගයක් විය.


ජෝසුන් රාජධානි සමයේ භාවිත වූ පදවි සහ ශෛලීන්

[සංස්කරණය]

රාජකීය පවුල තුළ භාවිත වූ ශෛලීන් සහ පදවි පරම්පරා ගණනක් තිස්සේ සවිමත්වූ අතර එය එය රජුට දැක් වූ සම්බන්ධතාව මත තීරණය විය.

යි ගෘහය

[සංස්කරණය]
1915දී සකස් කළ මෙම ඡයාරූපය මගින් රාජකීය පවුලේ සාමාජිකයන් නිරූපණය වේ.වමේ සිට: උයි කුමරු (උයි චින්වං 의친왕), ගෝජොංගේ 6වන පුත්‍රයායි; සුන්ජොං, දෙවන පුත්‍රයා සහ ජොසොන්හි අවසාන රජු; යොං කුමරු (යොං චින්වං 영친왕)|, 7වන පුත්‍රයායි; ගෝජොං, පැරණි රජුයි.; යූන් අගබිසව (යූන් දේබි), සුන්ජොංගේ අගබිසවයි; දෝගින්දං ගිම්බි, උයි කුමරුගේ බිරියයි; සහ යි ගොන්, උයි කුමරුගේ වැඩිමහල් පුත්‍රයා. ඉදිරි පේළියේ හිඳගත් දැරිය දොක්හ්යේ කුමරිය (දොක්හ්යේ ඔංජු 덕혜옹주), ගෝජොංගේ අවසන් දරුවායි. (මෙම ඡායාරූපය සකසා ඇත්තේ වෙනවෙනම ගත් ඡායාරූප එකතු කිරීමෙනි. ජපන් රාජකීයයන් ඔවුනට එකම වේලාවේ එකම කාමරයේ සිටීමට ඉඩ නොදුන්හ. සමහර අයට කොරියාවෙන් පිටවීමට නියෝග කෙරිණි.)

මේවාත් බලන්න

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Lee, Jun-gyu (이준규) (2009-07-22). (세상사는 이야기) 왜색에 물든 우리 말-(10) (Korean බසින්). Newstown. 1392년부터 1910년까지 한반도 전역을 통치하였던 조선(朝鮮)은 일반적으로 조선 왕조(朝鮮王朝)라 칭하였으며, 어보(御寶), 국서(國書) 등에도 대조선국(大朝鮮國)이라는 명칭을 사용하였었다. (පරිවර්තනය) ජෝසුන් යන් භාවිතා කෙරෙන්නේ 1392 සිට 1910 දක්වා පැවති "ජෝසුන් රාජවංශය"ටයි. රාජකීය මුද්‍රාව, ජාතික ලිපිලේඛන, ආදියෙහි මේ සදහා "මහා ජෝසුන් රාජ්‍යය" ලෙස භාවිතා කර ඇත.{{cite news}}: CS1 maint: unrecognized language (link)[permanent dead link]
  2. ^ 아틀라스 한국사 편찬위원회 (2004). 아틀라스한국사. 사계절. p. 108. ISBN 89-5828-032-8.
  3. ^ "조선". 한국민족문화대백과. 
  4. ^ Kang, Jae-eun (2006). The Land of Scholars: Two Thousand Years of Korean Confucianism. Homa & Sekey Books. p. 177. සම්ප්‍රවේශය August 7, 2015. "Yi Seong-gye issued a royal edict to proclaim the name of the new dynasty to "Joseon" and issued amnesty to all criminals who opposed the transition in dynasty. The statement by Taizu about "only the name of Joseon is beautiful and old" naturally refers to Gija Joseon."
  5. ^ Richard Rutt.; et al. (September 1999). Korea. Routledge/Curzon. ISBN 0-7007-0464-7.
  6. ^ John W. Hall.; et al. (April 27, 1990). The Cambridge history of Japan. Vol. 3. Cambridge University Press. ISBN 0-521-22354-7. {{cite book}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
  7. ^ (කොරියානු) 계해약조 癸亥約條 සංරක්ෂණය කළ පිටපත 2011-06-10 at the Wayback Machine Nate / Britannica
  8. ^ (කොරියානු)계해조약 癸亥約條 Nate / Encyclopedia of Korean Culture
  9. ^ 박영규 (2008). 한권으로 읽는 세종대왕실록. 웅진, 지식하우스. ISBN 89-01-07754-X.
  10. ^ "King Sejong the Great And The Golden Age Of Korea". asiasociety.org. 19 August 2008. සම්ප්‍රවේශය 27 November 2009.
  11. ^ Ebrey, Patricia; Walthall, Ann (2013). East Asia: A Cultural, Social, and Political History, Volume II: From 1600. Cengage Learning. p. 255. සම්ප්‍රවේශය July 15, 2015.
  12. ^ Hawley, Samuel (2005). The Imjin War. Japan's Sixteenth-Century Invasion of Korea and Attempt to Conquer China. Seoul: The Royal Asiatic Society, Korea Branch. pp. 195f. ISBN 89-954424-2-5.
  13. ^ Turnbull, Stephen (2002). Samurai Invasion. Japan’s Korean War 1592–98. London: Cassell & Co. p. 244. ISBN 0-304-35948-3.
  14. ^ Roh, Young-koo (2004). "Yi Sun-shin, an Admiral Who Became a Myth". The Review of Korean Studies. 7 (3): 13.
  15. ^ a b c d Ebrey, Walthall & Palais 2006, p. 349.
  16. ^ Kennedy 1943 (leader of the expedition); Ebrey, Walthall & Palais 2006, p. 350 (number of troops).
  17. ^ a b Larsen 2008, p. 36.
  18. ^ Ebrey, Walthall & Palais 2006, p. 350.
  19. ^ Lee & de Bary 1997, p. 269.
  20. ^ Larsen 2008, p. 36; Ebrey, Walthall & Palais 2006, p. 350.
  21. ^ Thackeray, Frank W.; editors, John E. Findling, (2012). Events that formed the modern world : from the European Renaissance through the War on Terror. Santa Barbara, Calif.: ABC-CLIO. p. 200. ISBN 1598849018. {{cite book}}: |last2= has generic name (help)CS1 maint: extra punctuation (link) CS1 maint: multiple names: authors list (link)
  22. ^ Hummel, edited by Arthur W. (1991). Eminent Chinese of the Ch'ing period : (1644 - 1912) (Repr. ed.). Taipei: SMC Publ. p. 217. ISBN 9789576380662. {{cite book}}: |first1= has generic name (help)
  23. ^ Hummel, edited by Arthur W. (1991). Eminent Chinese of the Ch'ing period : (1644 - 1912) (Repr. ed.). Taipei: SMC Publ. p. 217. ISBN 9789576380662. {{cite book}}: |first1= has generic name (help)
  24. ^ Library of Congress. Orientalia Division (1943). Hummel, Arthur William (ed.). 清代名人傳略: 1644-1912 (reprint ed.). 經文書局. p. 217.
  25. ^ Jr, Frederic Wakeman, (1985). The great enterprise : the Manchu reconstruction of imperial order in seventeenth-century China (Book on demand. ed.). Berkeley: University of California Press. p. 892. ISBN 9780520048041.{{cite book}}: CS1 maint: extra punctuation (link) CS1 maint: multiple names: authors list (link)
  26. ^ Dawson, Raymond Stanley (1972). Imperial China (illustrated ed.). Hutchinson. p. 275.
  27. ^ Dawson, Raymond Stanley (1976). Imperial China (illustrated ed.). Penguin. p. 306.
  28. ^ DORGON, http://www.dartmouth.edu/~qing/WEB/DORGON.html, ප්‍රතිෂ්ඨාපනය 2016-08-27 
  29. ^ 梨大史學會 (Korea) (1968). 梨大史苑, Volume 7. 梨大史學會. p. 105.
  30. ^ The annals of the Joseon princesses.
  31. ^ Kwan, Ling Li. Transl. by David (1995). Son of Heaven (1. ed.). Beijing: Chinese Literature Press. p. 217. ISBN 9787507102888.
  32. ^ Kim Haboush 2005, p. 132.
  33. ^ "탕평책". 한국민족문화대백과. 
  34. ^ 이성무 (November 12, 2007). 조선당쟁사 2 탕평과 세도정치: 숙종조~고종조. 아름다운날. ISBN 9788989354833.
  35. ^ 오영교 (July 25, 2007). 세도정권기 조선사회와 대전회통. 혜안. ISBN 9788984943131.
  36. ^ Characteristics of Queen of Corea The New York Times November 10, 1895
  37. ^ a b c d Park Jong-hyo (박종효), former professor at Lomonosov Moscow State University (2002-01-01). 일본인 폭도가 가슴을 세 번 짓밟고 일본도로 난자했다 (Korean බසින්) (508). Dong-a Ilbo: 472 ~ 485. {{cite journal}}: Cite journal requires |journal= (help)CS1 maint: unrecognized language (link)
  38. ^ ග්යොංගුක් දේජොන්
  39. ^ Kyujanggak Institute for Korean Studies, "About Rank of Joseon Officials"
  40. ^ 한성부 (Korean බසින්). Doosan Encyclopedia. සම්ප්‍රවේශය 2014-03-01.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  41. ^ 춘추관 (Korean බසින්). Doosan Encyclopedia. සම්ප්‍රවේශය 2014-03-01.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  42. ^ Ch'oe YH, PH Lee & WT de Bary (eds.) (2000), Sources of Korean Tradition: Volume II: From the Sixteenth to the Twentieth Centuries. Columbia University Press, p. 6
  43. ^ Jun SH, JB Lewis & H-R Kang (2008), Korean Expansion and Decline from the Seventeenth to the Nineteenth Century: A View Suggested by Adam Smith. J. Econ. Hist. 68: 244–82.
  44. ^ "...before the introduction of modern medicine in the early 1900s the average life expectancy for Koreans was just 24 for males and 26 for females." Lankov, Andrei; Kim EunHaeng (2007). The Dawn of Modern Korea. 384-12 Seokyo-dong, Mapo-gu, Seoul, South Korea, 121-893: EunHaeng Namu. p. 47. ISBN 978-89-5660-214-1. 2020-11-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-08-27.{{cite book}}: CS1 maint: location (link)
  45. ^ Oh SC (2006), Economic growth in P'yongan Province and the development of Pyongyang in the Late Choson Period. Korean Stud. 30: 3–22
  46. ^ Haboush JHK (1988), A Heritage of Kings: One Man's Monarchy in the Confucian World. Columbia University Press, pp. 88–9.
  47. ^ Young-hoon Rhee & Donghyu Yang (2 February 1999). "Korean Nobi". සම්ප්‍රවේශය 3 November 2014.
  48. ^ "Nobi: Rescuing the Nation from Slavery". සම්ප්‍රවේශය 3 November 2014.
  49. ^ Peterson, M. A. (2000). "Korean Slavery" (PDF). Int. Forum Series David M. Kennedy Center Discussion Paper. 2012-06-04 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-08-27. {{cite journal}}: Cite journal requires |journal= (help)
  50. ^ Haboush (1988: 88); Ch'oe et al. (2000: 158)
  51. ^ Haboush, 1988: 89
  52. ^ Jun SH & JB Lewis (2004), On double-entry bookkeeping in Eighteenth-century Korea: A consideration of the account books from two clan associations and a private academy. International Institute of Social History, Amsterdam, Netherlands (080626)
  53. ^ Jun et al. (2008).
  54. ^ Ch'oe et al. (2000: 73).
  55. ^ 이중환, "총론" in 택리지, p. 355, quoted in translation in Choe et al. (2000: 162).
  56. ^ Haboush (1988: 78)
  57. ^ Haboush JHK (2003), Versions and subversions: Patriarchy and polygamy in Korean narratives, in D Ko, JHK Haboush & JR Piggott (eds.), Women and Confucian Cultures in Premodern China, Korea and Japan. University of California Press, pp. 279-304.
  58. ^ Haboush (1988: 88-89); Oh (2006)
  59. ^ 아틀라스 한국사 편찬위원회 (2004). 아틀라스한국사. 사계절. pp. 132–133. ISBN 89-5828-032-8.
  60. ^ Ch'oe et al., 2000:7.
  61. ^ a b c d e f Birmingham Museum of Art (2010). Birmingham Museum of Art : guide to the collection. [Birmingham, Ala]: Birmingham Museum of Art. pp. 35–39. ISBN 978-1-904832-77-5.
  62. ^ 백석기 (1987). 웅진위인전기 #11 장영실. 웅진출판사. p. 56.
  63. ^ Korea And The Korean People, http://www.indiana.edu/~easc/resources/korea_slides/science/9-1.htm, ප්‍රතිෂ්ඨාපනය 2016-08-27 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

[සංස්කරණය]
  • Ebrey, Patricia Buckley; Walthall, Ann; Palais, James B. (2006), East Asia: A Cultural, Social, and Political History, Boston and New York: Houghton Mifflin Press,  .
  • Hatada, Takashi; Smith Jr, Warren W.; Hazard, Benjamin H. (1969), A History of Korea, Santa Barbara, CA: ABC-Clio,  .
  • Kennedy, George A. (1943), "Amin", in Arthur W. Hummel (ed.), Eminent Chinese of the Ch'ing Period (1644-1912), Washington: United States Government Printing Office, pp. 8–9 .
  • Kim Haboush, JaHyun (2005), "Contesting Chinese Time, Nationalizing Temporal Space: Temporal Inscription in Late Chosǒn Korea", in Lynn A. Struve (ed.), Time, Temporality, and Imperial Transition, Honolulu: University of Hawai'i Press, pp. 115–141,  .
  • Larsen, Kirk W. (2008), Tradition, Treaties, and Trade: Qing Imperialism and Chosǒn Korea, 1850–1910, Cambridge, MA: Harvard University Asia Center,  .
  • Lee, Peter H.; de Bary, William Theodore (1997), Sources of Korean Tradition, Volume I: From Early Times Through the Sixteenth Century, New York: Columbia University Press,  .
  • Nahm, Andrew C. (1988), Korea: Tradition & Transformation: A History of the Korean People, Elizabeth, NJ: Hollym,  .
  • Zhao, Quansheng (2003), "China and the Korean peace process", in Tae-Hwan Kwak and Seung-Ho Joo (eds.), The Korean Peace Process and the Four Powers, Hampshire: Ashgate, pp. 98–118,  .

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
  • A Cultural History of Modern Korea, Wannae Joe, ed. with intro. by Hongkyu A. Choe, Elizabeth NY, and Seoul Korea: Hollym, 2000.
  • An Introduction to Korean Culture, ed. Koo & Nahm, Elizabeth NJ, and Seoul Korea: Hollym, 1998. 2nd edition.
  • Noon Eu Ro Bo Neun Han Gook Yuk Sa #7 by Jang Pyung Soon. Copyright 1998 Joong Ang Gyo Yook Yun Goo Won, Ltd, pp. 46–7.
  • Alston, Dane. 2008. “Emperor and Emissary: The Hongwu Emperor, Kwŏn Kŭn, and the Poetry of Late Fourteenth Century Diplomacy”. Korean Studies 32. University of Hawai'i Press: 104–47. http://www.jstor.org/stable/23718933.
  • Kye, Seung B.. 2010. “Huddling Under the Imperial Umbrella: A Korean Approach to Ming China in the Early 1500s”. The Journal of Korean Studies 15 (1). University of Washington Center for Korea Studies: 41–66. http://www.jstor.org/stable/41490257.
  • Robinson, David M.. 2004. “Disturbing Images: Rebellion, Usurpation, and Rulership in Early Sixteenth-century East Asia—korean Writings on Emperor Wuzong”. The Journal of Korean Studies 9 (1). University of Washington Center for Korea Studies: 97–127. http://www.jstor.org/stable/41485331.
  • Robinson, Kenneth R.. 1992. “From Raiders to Traders: Border Security and Border Control in Early Chosŏn, 1392—1450”. Korean Studies 16. University of Hawai'i Press: 94–115. http://www.jstor.org/stable/23720024.

බාහිර සබැදි

[සංස්කරණය]

ඛණ්ඩාංක: 37°32′N 126°59′E / 37.533°N 126.983°E / 37.533; 126.983

"https://si.wikipedia.org/w/index.php?title=ජොසොන්&oldid=692379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි