කෘෂිකර්මය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Cultivation of Rice

කෘෂිකර්මය යනු ගොවිතැන හෝ වැවිලි මගින් ආහාර නිපදවීමයි.

දේශීය වශයෙන් ආහාර නිෂ්පාදනය ඉන්දු නිම්නයේ විශාල ලෙස පැවති බව වර්ෂ 1980 හි පසුභාගයේ දී කරන ලද සමහර අද්ධ්‍යනයක් මගින් පෙන්වා දෙයි. මර්ගාර් (පැයරට්රය) හි ජනයා පරිසරයට හුරු කළ තිරිගු සහ බාර්ලි භාවිතා කළ බවත් වගා කරන ලද ප්‍රධාන ධාන්‍ය වර්ගය වුයේ තිරු දෙකෙහි බාර්ලිවලින් උපදවාගත් බෝගයක් වු වැස්මක් රහිත තිරු හයේ බාර්ලිවලින් වර්ගයක් බවත් ප්‍රකටය. (සාෆර් සහ ලිච්ස්ටෙන්ස්ටයින් 1995. 1997 මාර්ග භුමිය ‘‘ආහාර නිෂ්පාදනය දේශිය දකුණු ආසියානු ප්‍රපංචයක් බව පෙන්නුම් කරන බවත් ‘‘දකුණු ආසියාවේ ප්‍රාග් ඓතිහාසික නාගරිකරණය සහ සංකිර්ණ සමාජය සංවිධානය දේශිය. එහෙත් තනි නොවු සංස්කෘතික සංවර්ධනයක් මත පදනම් වු බවත්’‘ අරුත් දැක්වීමට පවත්නා දත්ත සහාය වන බව පුරාවිද්‍යාඥ ජිම්.ජි ෂ8ාර් 61999: 245) ලියයි. කෙසේ වුව ද සොරියන් ෆුලර් වැනි අනෙකුත් අය මැද පෙරදිග තිරිඟු ආසියානු තත්ත්වයට හුරුවිමට අවුරුදු 2000 ක පමණ කාලයක් ගත වු බව පවසයි.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කෘෂිකර්මය ඉතාමත් ඵලදායි එකක් වුවා විය යුතුයි. මුලික වශයෙන් කෘෂිකර්මයේ නොයෙදුණු නාගරික වැසියන් දසදහස් ගණනක් නඩත්තු කිරිමට ප්‍රමාණවත් අතිරික්තයක් නිපදවීමට ඊට හැකිවිය. එය නගුල වැනි පුර්ව හරප්පානු සංස්කෘතියේ සැලකිය යුතු ශිල්පිය ජයග්‍රහනයක් මත රඳා පැවතිනි. එසේ වුව ද නගර නඩත්තු කළ ගොවියන් හෝ ඔවුන්ගේ කෘෂිකාර්මික විධික්‍රම පිළිබඳව දැනුවත්ව ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඔවුන්ගෙන් සමහරෙක් නිසැකවම ගංගාවන්හි ජල ගැලිම් කාලයන්ගෙන් පසු ඉතිරිවන සාරවත් දියලූ පස ප්‍රයෝජනයට ගන්නට ඇත. නමුත් කෘෂිකර්මයේ මෙම සරල ක්‍රමය නගර නඩත්තු කිරිමට තරම් ඵලදායි වුවායැයි නොසැලකේ. වාරිමාර්ග පිළිබදව සාක්ෂි නොමැති වුව ද එවැනි සාක්ෂි යළි යලිත් ඇත් වු විනාශකාරි ජලගැලිම්වලින් මැකි ගියා විය හැකිය.

නාගරික සංස්කෘතියේ හා රාජ්‍යයේ ආරම්භය පිළිබඳව ජලමුලක ඒකාධිපතිත්වය උපකල්පිතය ඉන්දු ශිෂ්ටාචාරය මගින් ප්‍රතික්ෂේප වන බව පෙනේ. මෙම උපකල්පිතයට අනුව සියලූම පැරණි මහා පරිමාණ ශිෂ්ටාචාරයන් ඇති වුයේ විශාල කෘෂිකාර්මික අතිරික්තයන් නිපදවිමේ හැකියාව තිබු වාරි පද්ධතින්හි අතුරු ඵලයක් වශයෙනි.

සුක්ෂම කෘෂිකාර්මික නිෂ්පාදනයක් සදහා අමුණු සහ ඇලවල් අවශ්‍ය බව බොහෝවිට පිළිගැනිණි. මෙම සිතාගැනිම පහසුවෙන් නිෂ්ප්‍රභා කරන ලදි. ආසියාව පුරා වි ගොවියන් හෙල්මලූ සහිත කඳුකර කුඹුරුවලින් සැලකිය යුතු කෘෂිකාර්මික අතිරික්තයක් නිපදවනු ලබති. එහි ප්‍රතිඵල ලබාගනුයේ වහල් මෙහෙයෙන් නොව පරම්පරා ගණනක ජනතාවගේ එකතු වු ශ්‍රමයෙනි. ඇල මාර්ග තැනිම වෙනුවට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ජනයා පරම්පරා කිහිපයක සුළු පරිමාණ ශ්‍රම ආයෝජනයක් ලෙස විස්තර කළ හැකි හෙල්මළු සහිත කෘෂිකර්මය වැනි ජලය හැරවීමේ ක්‍රම ගොඩනැගුවා විය හැකිය. කෙසේ වුව ද එවැනි ඇලවේලි වයඹ දිග ඉන්දියාවෙන් ද (ෆ්‍රැන්ක්ෆෝට්) හමු වී ඇත. වර්ෂය තුළ පතිතවන වර්ෂාපතනයෙන් වැඩි කොටසක් මාස හතරක් තුළ ලැබෙන දේශගුණික රටාවක් සහිත මෝසම් ආශ්‍රයෙන් තම ජිවිතය ගොඩනගා ගැනිමට හැකිවුයේ ඉන්දු ශිෂ්ටාචාරයේ ජනයා අතුරින් නැගෙනහිර දෙසින් විසු අයට පමණකි. අනෙකුත් අයට වඩා උස් භූමි ප්‍රදේශයන්හි සිදුවන හිම දියවිමේ ප්‍රතිඵලයක් වශයෙන් ගංගාවල ඇතිවන ඍතුමය ජලගැලිම් මත රඳා පැවැත්මට සිදුවිය.

ඔවුහු ගවයින්, වලසුන්. වල් ඌරන්. බල්ලන්, මී හරකුන්, ආසියානු හස්තීන්, වඳුරන්, ඔටුවන්, කුකුලන්, එළුවන්, බළලූන් සහ බැටලූවන් වැනි සතුන් හීලෑ කර ගත්හ.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය[සංස්කරණය]

ශ්‍රී ලංකාව විශාල පරාසයක ව්‍යාප්තව පවත්නා විවිධාකාර වූ ‍‍බෝග වගා කිරීම සඳහා ‍යෝග්‍ය වූ පාරිසරික තත්වයන්ගෙන් සමන්විත ‍‍වෙයි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ හරය වන්නේ වී වගාවයි. වී වගාව සඳහා දත්ත අඩංගු වෙබ් අඩවියක් ද ශ්‍රී ලංකා වී වගා දත්ත බැංකුව (2007.04.25) නමින් ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය, ජාත්‍යන්තර සහල් පර්යේෂණ මධ්‍යස්ථානය හා එක්ව පවත්වාගෙන යනු ලබයි. මෙම වෙබ් අඩවිය රටේ ප්‍රධාන භාෂා තුන වන සිංහල, ඉංග්‍රීසි සහ දෙමළෙන් නැරඹිය හැක.

ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධව සමස්ත අදහසක් ගනු වස් ශ්‍රී ලංකා‍‍වේ කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තුව (2007.04.25) වෙබ් අඩවිය නරඹන්න.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

References[සංස්කරණය]


External links[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කෘෂිකර්මය&oldid=292193" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි