Jump to content

ජ්‍යුල්මුන් කුඹල් යුගය

විකිපීඩියා වෙතින්
ජ්‍යුල්මුන් කුඹල් යුගය
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයJeulmun togi sidae
මැකූන්–‍රයිෂවර්Chŭlmun t'ogi sidae

ජ්‍යුල්මුන් කුඹල් යුගය යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 8000 – ක්‍රි.පූ. 1500 අතර කාලසීමාව පුරා පුළුල්ව පැතිර තිබූ කොරියානු ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාත්මක යුගයකි.[1] මෙම යුගයට කොරියාවේ මෙසෝලිතික සහ නියෝලිතික සංස්කෘතික අවධි ඇතුළත් වේ.[2][3] එහි දී පිළිවෙලින් ක්‍රි.පූ. 8000–ක්‍රි.පූ. 3500 ("ආරම්භක" සිට "මුල්කාලීන" අවධි දක්වා) සහ ක්‍රි.පූ. 3500–ක්‍රි.පූ. 1500 ("මධ්‍ය" සහ "පසුකාලීන" අවධි තෙක් පැතිර පැවතිණි.[4] පැරණිතම මැටි බඳුන් හමු වීම නිසා මෙම යුගය "කොරියානු නියෝලිතික" නැමැති පුළුල් යුගයට ද ඇතුළත් කොට ඇත.[5]

ජ්‍යුල්මුන් කුඹල් යුගය එනමින් නම් කිරීමට හේතුව මෙම යුගයට, විශේෂයෙන්ම ක්‍රි.පූ. 4000-2000 අතර කාලයට අයත් යැයි ස්ථිරව හඳුනාගෙන ඇති විසිතුරු මැටි බඳුන් විශාල ප්‍රමාණයක් හුමවී තිබීමයි. ජ්‍යුල්මුන් (හංගුල්: 즐문, හන්ජා: 櫛文) යන්නෙහි අරුත "පනා-රටා සහිත" යන්නයි. 1990 දශකයේ මැදි භාගයේ සිට ජ්‍යුල්මුන් යුගයේ බිම්වල පුරාවිද්‍යා කැනීම් කටයුතු සාර්ථකව සිදුවන හෙයින්, නැගෙනහිර ආසියාවේ ප්‍රාග්ඓතිහාසික යුගය පිළිබඳ දැනුම වරඩිදියුණු වී තිබේ.

ජ්‍යුල්මුන් යනු දඩයම්, රැස් කිරීම් සහ කුඩා පරිමාණයේ බෝග වගාවන්ගෙන් සමන්විත වූ යුගයක් විය.[6] ඇතැම් අවස්ථාවල පුරාවිද්‍යාඥයින් විසින් මෙවැනි ආකාරයේ ජීවන රටාවක් "පුළුල්-ප්‍රේක්ෂාවලික දඩයම්-සහ-රැස් කිරීම්" ලෙස හඳුන්වනු ලබයි.

දකුණුදිග කොරියාවෙන් හමුවන ජ්‍යුල්මුන් යුගයට අයත් පුරාවිද්‍යා අඩවි.

ආරම්භක ජ්‍යුල්මුන්

[සංස්කරණය]
පුළුල් මුවක් සහිත සම්භාව්‍ය ජ්‍යුල්මුන් බඳුනක්; ක්‍රි.පූ. 3500 පමණ. කොරියාවේ ජාතික කෞතුකාගාරයෙනි.
සම්භාව්‍ය ජ්‍යුල්මුන් පනා-රටා ශෛලියෙන් යුත් කොරියානු මැටි බඳුනක්; බඳුනේ පෘෂ්ඨයෙන් වැඩි ප්‍රමාණය්ක නොයෙකුත් රටාවලින් ආවරණය වී ඇත. ක්‍රි.පූ. 4000 පමණ, අම්සා-දොං, සෝල්. බ්‍රිතාන්‍ය‍ කෞතුකාගාරය.

ජ්‍යුල්මුන්හි සම්භවය එතරම් හොඳින් වටහාගෙන නැත. නමුත්, දියුණු-මැටි ආරේ යුංගිමුන් මැටි බඳුන් (හංගුල්: 융기문토기; හන්ජා: 隆起文土器) ජේජු-ඩෝ දූපතේ ගෝසන්-නි සහ උල්සන්හි වෙරළ තීරයේ උබොං-නි වැනි දකුණු දිග බිම්වලින් හමුවේ. ඇතැම් පුරාවිද්‍යාඥයින් විස්තර කරන්නේ මෙම කාල පරාසය "ආරම්භක ජ්‍යුල්මුන් යුගය" ලෙසයි. ඔවුහු ගෝසන්-නි මැටි බඳුන් 10,000 BP ලෙස දින නිර්ණය කරති.[2][7] මැටි බඳුන් සාම්පල කිහිපයක් විකිරණශීලී කාබන් කාලනිර්ණ පරීක්ෂාවට ලක්කොට ඇති අතර, ඉන් එක් දිනයක් ඉතා පැරණි දිනයක් (එනම්. 10,180±65 BP [AA-38105]) ලෙස තහවුරු කොටගෙන ඇති අතර, අනෙක් භාණ්ඩ ඊට වඩා පසුකාලයක නිර්මාණය වූ බැව් හඳුනාගෙන ඇත.[8] ඉහත පැරණිතම දිනයන් සත්‍ය නම්, ගෝසන්-නිවලින් හමුවූ යුංගිමුන් මැටි භාණ්ඩ මෙන්ම, මධ්‍යම සහ දකුණු චීනය, ජපන් දූපත් සමූහය, සහ රුසියානු ඈත පෙරදිග යන ප්‍රදේශවලින් හමුවූ මැටි බඳුන් සමූහය ලෝක ප්‍රාග්ඉතිහාසයේ පැරණිතම මැටි බඳුන් යැයි සැලකිය හැක. කස්මින් යෝජනා කරන්නේ මෙම අදහස පිළිබඳ පැහැදිළි අදහසක් ලබා ගැනීමට මෙයට වඩා නිරපේක්ෂ දිනැයුමක් අවශ්‍ය බවයි.[9]

මුල්කාලීන ජ්‍යුල්මුන්

[සංස්කරණය]

මුල්කාලීන ජ්‍යුල්මුන් යුගයේ (ක්‍රි.පූ. 6000 පමණ - ක්‍රි.පූ. 3500) විශේෂ ලක්ෂණ ලෙස ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය, දඩයම් කිරීම සහ ආවාටමය නිවාස සහිත අර්ධ-ස්ථිර ජනාවාස හඳුනාගත හැක. මුල්කාලීන ජ්‍යුල්මුන් ජනාවාස සඳහා උදාහරණ ලෙස සෝපෝහං, අම්සා-දොං, සහ ඕසන්-රි දැක්විය හැක.[10] උල්සන් සේජුක්-රි,දොංසම්-දොං, සහ ගා-ඩෝ දිවයින වැනි වෙරළාසන්න කවච නිධි සහිත ප්‍රදේශවලින් හමුවන විකිරණශීලී කාබන් දිනැයුම් සාක්ෂි අනුව පෙනීයන්නේ ඔවුන් කවච නිධි භාවිතා කොට ඇති බවයි. නමුත් බොහෝ පුරාවිද්‍යාඥයින් පවසන්නේ මෙම කවච ගොඩැලි පෙදෙස් මුල්කාලීන ජ්‍යුල්මුන් යුගයේ අවසන් කාලය වනතෙක් පෙනෙන්නට නොතිබූ බවයි.[5]

මධ්‍ය ජ්‍යුල්මුන්

[සංස්කරණය]

චෝයි සහ බේල් ඇස්තමේන්තු කොට ඇත්තේ අවම වශයෙන් මධ්‍ය ජ්‍යුල්මුන් යුගයට අයත් (ක්‍රි.පූ. 3500 පමණ - ක්‍රි.පූ. 2000) ස්ථාන 14කින් පමණ බෝග වගාවට සාක්ෂි යැයි සැලකිය හැකි කාබනීකෘත ශාකමය ශේෂයන් සහ කෘෂිකාර්මික ශිලා මෙවලම් හමුවන බවයි.[11] උදාහරණයක් ලෙස, ක්‍රෝෆර්ඩ් සහ ලී විසින් AMS දිනැයුම් තාක්ෂණය භාවිතයෙන් දොංසම්-දොං කවච නිධි ප්‍රදේශයෙන් හමුවූ ගෘහස්ථකෘත හිවල් වලිග මිලට් (Setaria italica ssp. italica) බීජයක් ඍජුවම මධ්‍ය ජ්‍යුල්මුන් යුගයට අයත් යැයි සලකා ඇත.[12] මධ්‍ය ජ්‍යුල්මුන් කෘෂිකර්මාන්තයට උදාහරණ සපයන තවත් ස්ථානයක් ලෙස උතුරු කොරියාවේ ජිතම්-රි (චිතම්-නි) ප්‍රදේශය හඳුනාගත හැක. ජිතම්-රිහි ආවාට නිවාසයක් තුළ තිබී අඟුරු බවට පත් කිසියම් බෝගයක ග්‍රෑම් සියයක පමණ ස්කන්ධයක් හමුවී තිබේ. උතුරු කොරියානු පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා මිලට් බවයි.[13][14] කෙසේනමුත්, සියලුම පුරාවිද්‍යාඥයින් මෙම ධාන්‍ය ගෘහස්ථකරණය කළ මිලට් ලෙස සලකන්නේ නැත. එයට හේතුව එය රැස්කොට ඇත්තේ අක්‍රමවත් ක්‍රමවේදයක් අනුව වීමයි. එසේම එහි කළු-සුදු ඡායාරූප පමණක් දක්නට ඇති අතර, මුල් සොයාගැනීම කොරියානු බසින් පමණක් ඇත. දැඩිව ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය, කවච මත්ස්‍යයින් රැස් කිරීම, සහ දඩයම මත රඳාපැවතුණු ඔවුන් කෘෂිකර්මාන්තයේ ප්‍රධානව නියැළෙන්නට ඇතැයි සිතිය නොහැක. "සම්භාව්‍ය ජ්‍යුල්මුන්" හෙවත් බිත්සල්මුනුයි මැටි භාණ්ඩ (හංගුල්: 빗살무늬토기) මුල්කාලීන ජ්‍යුල්මුන් යුගයේ අවසාන කාලයෙන් හමුවන අතර, ඒවායේ සම්පූර්ණ මතුපිට පෘෂ්ඨය පුරාම පනා-රටාවන්, රැහැන් එතුම්, සහ වෙනත් මෝස්තර දැකගත හැක. මධ්‍ය ජ්‍යුල්මුන් යුගයට අයත් මෙම මැටි බඳුන් කොරියාවේ බටහිර-මධ්‍යම ප්‍රදේශ සහ දකුණුදිග වෙරළ තීරයෙන් හමුවේ.

පසුකාලීන ජ්‍යුල්මුන්

[සංස්කරණය]

පසුකාලීන ජ්‍යුල්මුන් යුගයේ (ක්‍රි.පූ. 2000 පමණ - ක්‍රි.පූ. 1500) ජීවන රටාව කවච මත්ස්‍යයින්ගෙන් (බෙල්ලන් මත) යැපීම මත අඩුවෙන් රඳාපැවති බව පෙනේ. ජනාවාස රටාව සංචොන්-රි (බලන්න දේප්යොං) සහ ඉම්බුල්-රි වැනි අභ්‍යන්තර ජනාවාස ලෙස තහවුරු වන්නට විය. ලී යෝජනා කරන්නේ බෙල්ලන්ගේ ගහනය මත ඇතිවූ පාරිසරික බලපෑම සහ ජනයා ඇතුළු කණ්ඩායම් ලෙස සංවිධානය වීමෙ හේතුවෙන් ජනයා සිය ආහාර වගාකළ බෝග ආශ්‍රයෙන් සපුරා ගැනීමට නැඹුරු වූ බවයි.[15] අභයන්තර ජනාවාසවල මෙම යැපුම් ක්‍රමවේදය ආරම්භක මුල්කාලීන මුමුන් කුඹල් යුගයේ (ක්‍රි.පූ‍. 1500-1250 පමණ) ක්‍රමවේදයෙන් වෙනස් නොවේ. එකල සෙසු යැපුම් ක්‍රමවලට අමතරව කුඩා පරිමාණයේ සල ගොවිතැන ද ක්‍රියාත්මක විය. පසුකාලීන ජ්‍යුල්මුන් යුගය දළ වශයෙන් චීනයේ ලියාඕනිංහි පහළ ෂියාජියාඩියාන් සංස්කෘතිය හා සමකාලීන යැයි සැලකිය හැක. පුරාවිද්‍යාඥයින් යෝජනා කරන්නේ උල්සන්හි සමකාලීන පාෂාණ කැටයම් වන බන්ගුදේ සහ චොන්ජොන්-රි කැටයම් ඵලක ද මෙම උප-යුගයට අයත් බවයි. නමුත් එය මතභේදයට තුඩු දී ඇති මාතෘකාවකි.

කිම් ජංසුක් යෝජනා කරන්නේ පසුකාලීන ජ්‍යුල්මුන් යුගයේ දඩයම්-රැස්කරන වගාකරුවන් ක්‍රමිකව සිය ජීවිකාව සල ගොවිතැන් ක්‍රමයකට පරිණාමය කරගත් බවත්, පසුව ඔවුන් දකුණු ප්‍රදේශය කරා මුමුන් හෙවත් විසිතුරු නොකළ (හංගුල්: 무문토기; හන්ජා: 無文土器) මැටි බඳුන් සමග සංක්‍රමණය වූ බවයි.[16]

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Bale, Martin T. 2001. Archaeology of Early Agriculture in Korea: An Update on Recent Developments. Bulletin of the Indo-Pacific Prehistory Association 21(5):77-84. Choe, C.P. and Martin T. Bale 2002. Current Perspectives on Settlement, Subsistence, and Cultivation in Prehistoric Korea. Arctic Anthropology 39(1-2):95-121. Crawford, Gary W. and Gyoung-Ah Lee 2003. Agricultural Origins in the Korean Peninsula. Antiquity 77(295):87-95.Lee, June-Jeong 2001. From Shellfish Gathering to Agriculture in Prehistoric Korea: The Chulmun to Mumun Transition. PhD dissertation, University of Wisconsin-Madison, Madison. Proquest, Ann Arbor.Lee, June-Jeong 2006. From Fisher-Hunter to Farmer: Changing Socioeconomy during the Chulmun Period in Southeastern Korea, In Beyond "Affluent Foragers": The Development of Fisher-Hunter Societies in Temperate Regions, eds. by Grier, Kim, and Uchiyama, Oxbow Books, Oxford.
  2. ^ a b Choe and Bale 2002
  3. ^ see also Crawford and Lee 2003, Bale 2001
  4. ^ Choe, C P and Martin T Bale (2002) Current Perspectives on Settlement, Subsistence, and Cultivation in Prehistoric Korea. Arctic Anthropology 39(1–2): 95–121. ISSN 0066-6939
  5. ^ a b Lee 2001
  6. ^ Lee 2001, 2006
  7. ^ Im, Hyo-jae 1995. The New Archaeological Data Concerned with the Cultural Relationship between Korea and Japan in the Neolithic Age. Korea Journal 35 (3):31-40.
  8. ^ Kuzmin, Yaroslav V. 2006. Chronology of the Earliest Pottery in East Asia: Progress and Pitfalls. Antiquity 80:362–371.
  9. ^ Kuzmin 2006:368
  10. ^ Im, Hyo-jae 2000. Hanguk Sinseokgi Munhwa [Neolithic Culture in Korea]. Jibmundang, Seoul.
  11. ^ Choe and Bale 2002:110
  12. ^ Crawford and Lee 2003:89
  13. ^ To, Yu-ho and Ki-dok Hwang 1961.Chitam-ni Wonshi Yuchok Palgul Pogo [Excavation Report of the Chitam-ni Prehistoric Site]. Kwahakwon Ch'ulpan'sa, Pyeongyang.
  14. ^ see also Im 2000:149
  15. ^ Lee 2001:323; 2006
  16. ^ Kim, Jangsuk 2003. Land-use Conflict and the Rate of Transition to Agricultural Economy: A Comparative Study of Southern Scandinavia and Central-western Korea. Journal of Archaeological Method and Theory 10(3):277-321.

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
  • නෙල්සන්, සාරා එම්. 1993 The Archaeology of Korea. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, කේම්බ්‍රිජ්.