ජෝසුන්හි ජොංජෝ රජ

විකිපීඩියා වෙතින්
ජොංජෝ
ජෝසුන් රාජවංශයේ රජ
රාජ්‍ය සමය1776 අප්‍රේල් 27 – 1800 අගෝස්තු 18
පූර්වප්‍රාප්තිකයාජෝසුන්හි යොංජෝ රජ
අනුප්‍රාප්තිකයාජෝසුන්හි සුන්ජෝ රජ
උපත28 ඔක්තෝබර් 1752(1752-10-28)
චංග්යොංගුං මාලිගය, ජෝසුන් රාජධානිය
මරණය18 August 1800(1800-08-18) (වයස 47)
චංග්යොංගුං මාලිගය, ජෝසුන් රාජධානිය
භූමදානයගෝල්ල්‍යොං, හ්වාංසොං. ග්යොංගි
වල්ලභයාහ්යෝයී අගබිසව,
රාජකීය වංශවත් වොන් බිසව,උපබිසවකි
රාජකීය වංශවත් හ්වා බිසව,උප බිසවකි
රාජකීය වංශවත් ඊ බිසව, උපබිසවකි
රාජකීය වංශවත් සු බිසව, උප බිසවකි
දරුවන්කිරුළහිමි මුන්හ්යෝ කුමරු,
ජෝසුන්හි සුන්ජෝ රජ
වංශයයි ගෘහය
පියාකිරුළහිමි සදෝ කුමරු
මවහ්යේග්යොං ආර්යාව
ජෝසුන්හි ජොංජෝ රජ
හංගුල්정조
හන්ජා正祖
ප්‍රතිශෝධිත රෝමානුකරණයJeongjo (ජොංජෝ)
මැකූන්–‍රයිෂවර්Chŏngjo (චොංජෝ)
උපන් නාමය
හංගුල්이산
හන්ජා李祘
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ සන්
මැකූන්–‍රයිෂවර්යි සන්
හ්වාසොං මහා බලකොටුව

ජොං ජෝ රජු (1752 ඔක්තෝම්බර් 28 - 1800 අගෝස්තු 18) කොරියාවේ ජෝසුන් රාජ වංශයේ 22වන පාලකයා (රාජ. 1776-1800) වේ. එතුමා විසින් කොරියානු රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට හා දියුණු කිරීමට විවිධ උත්සාහයන් ගන්නා ලදී. මෙතුමාට පෙර මෙතුමන්ගේ මුත්තණුවන් වූ යොංජෝ රජු (රාජ. 1724-1776) විසිනුත් මෙතුමාට පසුව මෙතුමන්ගේ පුත්‍ර සුන්ජෝ රජු (රාජ. 1800-1834) විසිනුත් පාලනය ගෙන යන ලදී.

ඇතැමුන්ට අනුව ජොංජෝ යනු ජෝසුන් රාජ වංශයේ සිටි සාර්ථක හා දූර දර්ශී පාලකයන්ගෙන් කෙනෙකි. එමෙන්ම ඔහුව අධිතක්සේරුවට ලක් කළ බව ද සඳහන් වේ. එසේම මෙතුමාගේ කාලයේ ජේජු දූපතේ සිටි ගිම් මන් දොක් නම් ව්‍යාපාරික කාන්තාවක් ගැනත් තොරතුරු සදහන් වී ඇත.

මුල් දිවිය[සංස්කරණය]

යි සන් ලෙස ඉපදුණු ඔහු කිරුළහිමි සදෝ කුමරු (සිය පියා වූ යොංජෝ රජු විසින් මැ මරණීය දණ්ඩනයට පමුණුවනු ලැබිණි) හා හ්යේග්යොං කුමරියගේ (හ්යේග්යොං ආර්ය්‍යාවගේ මතක සටහන් නමින් තමාගේ හා තම අවාසනාවන්ත කිරුළහිමි කුමරු ගැන සඳහන් කරමින් ස්වයංචරිතාපදානයක් ලියූ) පුත්‍රයා වේ. හ්යේග්යොං ආර්ය්‍යාවගේ මතක සටහන් යනු යොංජෝ රජුගේ (ඇගේ මාමණ්ඩිය), ජොංජෝ රජුගේ (ඇගේ පුත්‍රයා) සහ සුන්ජෝ රජුගේ (ඇගේ මුණුපුරා) රාජ්‍ය පාලන සමයන්හි සිදු වූ දේශපාලන සංසිද්ධි පිළිබඳ ඓතිහාසික තොරතුරු සපයන වැදගත් මූලාශ්‍රයකි.

ඔහු කිරුළ හිමි කුමරුව සිටිය දී ඔහුට හොං ගුක්-යොං[1] (홍국영, 洪國榮) නම් විප්ලවකාරී දේශපාලකයාව හමු විණි. මුල ඔහු දී ජොංජෝගේ සිංහාසනාරූඪයට සහ රජුගේ බලය වර්ධනය කිරීමට දැඩි පරිශ්‍රමයක් ගත්ත ද ඔහුගේ බල ලෝභීත්වය නිසා ඔහුව පිටුවහල් කරනු ලැබිණි.

ජොංජෝ රජු තම පාලන කාලයෙන් වැඩි කොටසක් වැය කළේ තම පියාගේ නාමය පාරිශුද්ධ කිරීමට වෙහෙසෙමිනි. එමෙන්ම, ඔහු රාජ සභාව තම පියාගේ සොහොනට ආසන්නව පිහිටි සූවොන් වෙත ගෙන ගියේ යැ. ඔහු විසින් එහි තම පියාගේ සොහොන් ගැබ ආරක්ෂා කිරීමට හ්වාංසොං මහා බලකොටුව ඉදි කරවන ලදී. එය වර්තමානයේ දී UNESCO ලෝක උරුම ස්ථානයකි.

සිංහාසනාරූඪය[සංස්කරණය]

ජොංජෝ රාජ්‍ය සමයට පෙර යුගය ඔහුගේ පියාවූ සදෝ කුමරුන්ව තමන්ගේ ම මුත්තණුවන් වූ යොංජෝ රජු විසින් රාජකීය තීන්දු ප්‍රකාශයක් මඟින් මරණයට පමුණුවනු ලැබීම නිසා යම් කැළඹිළි සහිත බවක් පෙන්වී යැ. එම මරණීය දණ්ඩනය සඳහා පුළුල් බලපෑමක් කරන ලද්දේ කිරුළහිමි කුමරුට එරෙහි වූ දේශපාලකයන් විසිනි. යොංජෝ රජුගේ මරණයෙන් පසු යි සන් කුමරු ජොංජෝ ලෙස කිරුළු පළන් දිනයේ දී ඔහු රාජාසන මණ්ඩපයෙහි වූ සිහසුන මත හිඳ ගෙන සියළු දෙනා දෙස බලා “මම දිවංගත කිරුළහිමි සදෝ කුමරුන්ගේ පුත්‍රයා වෙමි...” යි ප්‍රකාශ කළේ යැ.[තහවුරු කර නොමැත] මෙම දෘඪ ප්‍රකාශනයෙන් තම පියාගේ මරණයට සම්බන්ධ වූ සියළුම දේශපාලකයෝ බියෙන් තැති ගත් හ.[තහවුරු කර නොමැත]

සිංහාසනාරූඪයත් සමඟම ඔහු විසින් රාජකීය තීන්දු ප්‍රකාශයක් මඟින් තම පියාණන් පෙර සිටි රජතුමා යැයි සලකමින් මෑණියන් වන හ්යේග්යොං කුමරියව මව්බිසව තනතුරෙහි පිහිටුවන ලදී. මෙලෙස කිරුළහිමි සදෝ කුමරුගේ වැන්දඹුව ලෙස ඇය මව්බිසව බවට පත් විය. එතැන් පටන් ජොංජෝ රජතුමා විවිධ ව්‍යාකූල තත්ත්වයන්ට මුහුණ දුන් අතර ඒ සියල්ල හොං ගුක්-යොං සමඟ එක්ව මැඩ පවත්වන ලදී.[1]

පුනරුදය[සංස්කරණය]

ජොංජෝ රජතුමා ජෝසුන් රාජ වංශ සමය තුළ නව පුනරුදයකට නායකත්වය දුන්නේ ය. එහෙත් පෙර සිටි යොංජෝ රජුගේ ප්‍රතිපත්තිය වූ තංප්යොං නීතිය අඛණ්ඩව ගෙන යමින් එම පුනරුදය මුල දී නවතන ලදී. ජාතියේ අභිවෘද්ධිය පතා ඔහු සමස්ථ රාජ්‍යයේ මැ දේශපාලනය මෙහෙයව්වේ යැ.

මුළු රාජ්‍ය පාලන කාලය පුරා ම ඔහු විවිධ ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේ යැ. ඒ අතුරින් ක්‍යුජංගක් (규장각) නමින් රාජකීය පුස්තකාලයක් ඇරඹීම කැපී පෙනේ. ක්‍යුජංගක්වල මූලික අරමුණ වූයේ සංස්කෘතිය, අධ්‍යාපනය හා ජෝසුන්හි දේශපාලන ව්‍යුහය වැඩි දියුණු කිරීම සහ රාජධානිය කර ගෙන යාමට අවශ්‍ය අතිදක්ෂ නිළධාරීන් බඳවා ගැනීම යැ. ජොංජෝ, සමාජ තත්ත්වය නිසා කොන් වී සිටි සියල්ලන්ටම රජයේ තනතුරු ලැබීමේ අවස්ථාව ලබා දීම වැනි ඉතා දැඩි නව සමාජ විපර්යාසයන් වෙනුවෙන් පෙරමුණ ගත්තේ යැ. ජොංජෝට විශාල සිල්හක් විද්වතුන් පිරිසකගේ සහය හිමි වියැ. එම විද්වතුන් අතර මූලිකත්වය ජොං යක්-යොං, යූ ද්‍යොක්-ගොං, පක් ජි-වොන් සහ පාක් ජෙ-ගා යන අය විසින් උසුලන ලදී. මෙතුමාගේ පාලන කාලය තුළ ජෝසුන්හි ජනප්‍රිය සංස්කෘතියේ ද විශාල සංවර්ධනයක් ඇති විය.

අභාවය[සංස්කරණය]

ජොංජෝ රජු, ජෝසුන්හි ඔහුගේ කීර්තිමත් දේශපාලන තත්ත්වයට අමතරව ඔහු ඉතා නවීන අදහස් වලින් යුක්ත පුද්ගලයෙකු ලෙස ද කැපී පෙනේ. 1800 දී එනම් වයස අවුරුදු 48 දී, අබිරහස් වටපිටාවක් තුළ ඔහු එක් වරම අභාවප්‍රාප්ත විය. ඔහුට තම ජීවිත කාලය පුරාම බලාපොරොත්තුවෙන් සිටි අරමුණු පවා දැක ගැනීමට නො හැකි විය. එහෙත් පසුව ඔහුගේ පුත්‍රයා වූ සුන්ජෝ විසින් එම අභිලාෂයන් ඉටු කරන ලදී.[2] රජුගේ මෙම අභිරහස් මරණය පිළිබඳව ලියැවුණු පොත් ගණනාවක් ඇතිමුත් එවායේ තිබෙන මරණයට හේතුව අදටත් සමපේක්ෂණයක් (අනුමානයක්) පමණි. ඔහුගේ දේහය හ්වාසොං හි ගොල්ල්‍යොං (건릉, 健陵) රාජකීය සොහොනෙහි තම භාර්යාව වූ හ්යෝයී අගබිසව භූමදානය කළ ස්ථානය අසළ භූමදානය කරන ලදී.

පවුල[සංස්කරණය]

  1. චොංපුං ගිම් පෙළපතේ හ්යෝයී අගබිසව (효의왕후 김씨, 1753–1821)[5]
  2. ප්යොංසන් හොං පෙළපතේ වොන් බින් රාජකීය වංශවත් උපබිසව (원빈 홍씨, 1766–1779)[6]
    1. සං ග්යේ කුමරු (상계군, 1770–1786): ඇයගේ මරණින් පසුව හදාගත් පුත්‍රයායි.[7]
  3. යුන් පෙළපතේ හ්වා බින් රාජකීය වංශවත් උපබිසව (화빈 윤씨, 1765–1824)[8]
  4. සොං‍ පෙළපතේ රාජකීය වංශවත් ඊ උපබිසව (의빈 성씨, 1753–1786)[9]
    1. කිරුළහිමි මුන් හ්යෝ (문효세자, 1782–1786) කුමරු; බටහිරකරණයේ දී මොහුගේ නම මූන් හ්යෝ ලෙස ද උච්චාරනය කෙරේ; උපන් නම, යි හ්යාං කුමරුයි.
    2. නම් නොලද කුමරියක් (1784)[10]
    3. නූපන් දරුවෙක් (1786);මවගේ මරණයත් සමග ගර්භාෂය තුළම මියයන ලදී.
  5. බන්නම් පාක් පෙළපතේ රාජකීය වංශවත් සු උපබිසව (수빈 박씨, 1770–1822)[11]
    1. රාජකීය කුමාර අනුප්‍රාප්තික වූ ද පසුව සුන්ජෝ ලෙස රජ පදවි ප්‍රාප්ත වූ ද යී ගොං (왕세자,1790–1834) කුමරු
    2. සුක් සොන් (숙선옹주, 1793–1836) කුමරිය-හොං හ්යොන්-ජුගේ බිරිද හා එක්ව කක්දුගි නිර්මාණය කළේ ඇයයි.

සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • කොරියාවේ මහා ජොංජෝ ග්යොංචොන් ම්යොංදෝ හොංදොක් හ්යෝන්මෝ මුන්සොං මුර්යෝල් සොංගින් ජංහ්යෝ රජ
  • 정조경천명도홍덕현모문성무렬성인장효대왕
  • 正祖敬天明道洪德顯謨文成武烈聖仁莊孝大王

මාධ්‍යයන්හී දී නිරූපණය කළ අය[සංස්කරණය]

නූතන චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍යවල දී ජොංජෝ රජතුමාව නිරූපණය කළ අය අතර:

  • කිම් යොං-ගුන් - 500 ඉයර්ස් ඔෆ් ජොසොන් ඩයිනාස්ටි: පා මුන් නම් 1989 රූපවාහිනී මාලානාට්‍යය
  • ජුං ජේ-ගොන් – හොං ගුක්-යොං නම් ජොංජෝගේ දකුණත බදු වූ හොං ගුක්-යොං පිළිබදව වූ 2001 රූපවාහිනී මාලානාට්‍යය
  • ලී සො-ජින් – මූලිකව ජොංජෝගේ ජීවිත කථාව සහ උයි බිසව සමග පැවති සම්බන්ධය අළලා ප්‍රබන්ධ කළ යි සන් නම් 2007 රූපවාහිනී මාලානාට්‍යය[12]
  • ආන් නේ-සංකන්ස්පිරසි ඉන් ද කෝර්ට් (සෝල්'ස් සෑඩ් සෝන්ග් ලෙස ද හදුන්වයි) නම්රජු සහ ඔහුවටා සිටි ගතානුගතික ඇමතීන්වටා සිදු වූ කුමන්ත්‍රණයක් පිළිබද කියැවෙන 2007දී විකාශය වූ අබිරහස් ත්‍රාසජනක රූපවාහිනීමාලානාට්‍යය[12]
  • කිම් සං-ජූංඑයිට් ඩේස්, ඇසැසිනේෂන් අටෙම්ට්ස් එගේන්ස්ට් කිං ජොංජෝ (එයිට් ඩේස් ලෙස සරලව හදුන්වයි) නම් 2007දී විකාශය වූ කේබල් රූපවාහිනී මාලානාට්‍යය ; මෙමගින් ජොංජෝ රජු රාජ්‍යයේඅගනුවර පිහිටුවීමට සැලසුම් කළ හ්වාසොංහි වැඩ නිමකළ භූමිය වෙත කළ සංචාරයේ දී රජුවටා සිදු වූ අද්භූත සිදුවීම් මාලාවක් නිරූපණය වේ.[12]
The masquerade  චිත්‍රපටියේ රජු හා සමාන කවටයෙකු පිලිබද පුවත

පරපුර[සංස්කරණය]

 

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Digital Korean studies (Korean site) http://www.koreandb.net/koreanking/html/person/pki60022.htm සංරක්ෂණය කළ පිටපත 2008-01-23 at the Wayback Machine
  2. National Heritage – Hwaseong
  3. හොං බොං-හන් (홍봉한) සහ හන්සුන් යි පෙළපතේ යි මැතිණියගේ දියණියයි.
  4. හොංග්යොං රැජිනහ්යේග්යොං ආර්යාව (혜경궁) ලෙසද හදුන්වයි.
  5. කිම් සි-මුක් (김시묵) සහ නම්යං හොං පෙළපතේ හොං මැතිණියගේ දියණියයි.
  6. හොං නක්-චුන්ගේ (홍낙춘) දියණිය සහ හොං ගුක්-යොංගේ (홍국영)නැගණියයි. ඇය 1778දී රාජකීය ‍වංශවත් උපබිසවක් බවට පත් වුවාය. නමුත් එම තනතුර හිමි වී වසරකට පසු හදිසියේ‍ම ඇය මියගියා ය.
  7. ජොංජෝගේ අර්ධ සොයුරකු වූ ඉයුනොන් කුමරුගේ පුත්‍රයායි. හොං ගුක්-යොංගේ පිටුවහල් කිරීම සහ මරණින් පසු කුමන්ත්‍රණ චෝදනාව යටතේ පිටුවහල් කොට සියතින් වස බී සියදිවි නසාගැනීමට සලස්වන ලදී.
  8. යුන් චං-යුන්(윤창윤) ගේ දියණියයි. ඇය 1782දී රාජකීය වංශවත් උපබිසවක් බවට පත්වූවා ය.. ඇය ගැබ්ගත් නමුත් දරුවා මළදරුවකු විය.
  9. සොං යුන්-උ (성윤우) සහ ඉම් මැතිණියගේ දියණියයි. 1782දී ඇගේ පුත්‍රයා යුවරජු වන තෙක්ම ඇයට රාජකීය වංශවත් උපබිසව යන තනතුර හිමිනොවිණි. 1786දී ඇගේ පුත්‍රයාගේ මරණයෙන් මාස කිහිපයකට පසු හදිසියේම ඇය මියගියා ය. (බොහෝවිට අක්මාවේ පිළිකාවකින් ).
  10. උපතින් පසු මියගියා ය.(1784)
  11. පාක් ජුන්-වොන් (박준원) සහ වොන් ආර්යාවගේ දියණියයි. රාජකීය වංශවත් හ්යොන් බිසව (현빈) ලෙස ද හදුන්වයි. ඇය රාජකීය වංශවත් උපබිසවක් බවට පත් වූයේ 1787දී ය.
  12. 12.0 12.1 12.2 Chung, Ah-young (13 November 2007). "Renaissance of Joseon King Jeongjo". The Korea Times. සම්ප්‍රවේශය 2013-04-02.
  13. සංක්යුන්ක්වාන් ස්කැන්ඩල්

බාහිර සබැදි[සංස්කරණය]

ජෝසුන්හි ජොංජෝ රජ
යි ගෘහය
උපත: සැප්තැම්බර් 22 1752 මරණය: ජූනි 28 1800
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
යොංජෝ
ජෝසුන්හි රජ
1776–1800
අනුප්‍රාප්තික
සුන්ජෝ
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_ජොංජෝ_රජ&oldid=592091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි