ජෝසුන්හි තේජොං රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
යි බං-වොන්
Taejong.JPG
ජොසොන්හි තේජොං රජුගේ රාජකීය සොහොන්ගැබෙහි ඇති ප්‍රතිමා
ජොසොන්හි රජ
රාජ්‍ය සමයනොවැම්බර් 28, 1400 – සැප්තැම්බර් 9, 1418
පූර්වප්‍රාප්තිකයාජොංජොං (යි ග්යොං)
අනුප්‍රාප්තිකයාසේජොං (යි දෝ)
ජොසොන්හි හිටපු රජ
භුක්තිය9 සැප්තැම්බර් 1418 – 30 මැයි 1422
පූර්වප්‍රාප්තිකයාජොංජොං (යි ග්යොං)
උපත1376 ජූනි 13
හම්හ්‍යුං
මරණය1422 මැයි 30 (55 වියැති)
චංග්යොගුං
භූමදානයසොන්ඉල්ල්‍යොං, සෝල්
බිසවඅගබිසව
  • යෝහ්‍යුං මින් වංශයේ වොන්ග්යොං අගබිසව

රාජකීය උපබිසව

  • හ්යෝ-බින් කිම්
  • ෂින්-බින් ෂින්
  • සොන්-බින් ආන්
  • උයි-බින් ක්වොන්
  • සෝ-බින් නෝ
  • මියොං-බින් කිම්
  • ජොං-බින් ගෝ
  • සුක්-උයි චෝයි
දරුවන්යි ජේ, යංන්‍යොං කුමරු
යි බෝ, හ්යෝර්යොං කුමරු
යි දෝ, සේජොං රජු (චුංන්‍යොං කුමරු)
මරණාපර නාමය
මහා තේජොං ගොංජොං සොංදොක් සින්=ගොං ගොන්චොන් චෙග්‍යුක් දේජොං ග්යේ-උ මුන්මු යෙචොල් සොංන්‍යොල් ග්වංහ්යෝ
태종공정성덕신공건천체극대정계우문무예철성렬광효대왕
太宗恭定聖德神功建天體極大正啓佑文武叡哲成烈光孝大王
විහාර නාමය
තේජොං
වංශයජොන්ජු යි
පියාතේජෝ (යි දන්)
මවසින්-උයි අගබිසව
ජෝසුන්හි තේජොං රජ
හංගුල්태종
හංජා太宗
සංශෝධිත රොමානුකරණයතේජොං
මෙකන්–රයිෂවර්තේජොං
උපන් නම
හංගුල්이방원
හංජා李芳遠
සංශෝධිත රොමානුකරණයඉ බං-වොන්
මෙකන්–රයිෂවර්ඉ පංවෝන්
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

තේජොං රජු (ජූනි 13, 1367 — මැයි 30, 1422, රාජ්‍ය වර්ෂ. 1400–1418) යනු කොරියාවේ ජොමොන් රාජවංශයේ තෙවන පාලකයායි. එසේම ඔහු මහා සේජොං රජුගේ පියාණන් ය.

දිවිය[සංස්කරණය]

ජොසොන් පිහිටුවීම[සංස්කරණය]

1367දී යි බං-වොන් ලෙස උපත ලද ඔහු තේජෝ රජුගේ පස්වන පුත්‍රයායි. 1382දී ඔහු ගෝර්යෝ රාජවංශයේ නිලධාරියකු ලෙස පත් විය. ඔහුගේ මුල් කාලයේ, ඔහු සිය පියා කෙරෙහි ජනතාව සහ රජයේ වැදගත් පුද්ගලයන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කළේ ය. එසේම ඔහු ගෝර්යෝ රජයට පක්ෂපාතී ජොං මොං-ජු වැනි පුද්ගලයන් ඝාතනය කොට සිය පියාට නව රාජවංශයක් ගොඩනැගීමට උපකාර කළේ ය. තේජෝ රජ සමයේ ඔහුව ජොං-අන් කුමරු ලෙස හැඳින්විණි.

කුමාරවරුන්ගේ අරගලය[සංස්කරණය]

1392දී ඔහු සිය පියාට ගෝර්යෝ රාජවංශය බලයෙන් පහකොට ජොසොන් නැමැති නව රාජවංශයක් පිහිටුවීමට උපකාර කළේ ය. ඔහු ජොසොන් රාජවංශය පිහිටුවීමට බෙහෙවින් උපකාරී වූ නිසා සිය පියා විසින් තමන්ව සිහසුනේ උරුමකරු ලෙස නම්කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. නමුත්, තේජෝ රජු සහ අග්‍රාමාත්‍ය ජොං දෝ-ජොන් විසින් තේජෝගේ අටවන පුත්‍රයා වූ ද, යි බං-වොන්ගේ අර්ධ සොයුරා වූ ද (සින්දොක් රැජිනගේ දෙවන පුත්‍රයා) යි බංසොක්ව කිරුළහිමි කුමරු ලෙස නම් කළහ. ‍මෙම අරගලය ප්‍රධාන වශයෙන්ම ඇති වූයේ නව රාජවංශය ස්ථාපනයට ආයතනික, දාර්ශනික සහ නීතිමය පසුබිම සැකසූ ජොං දෝ-ජොන්හට නව රාජධානිය අමාත්‍යවරුන් අතින් පාලනය වනු දැකීමට අවශ්‍ය වී තිබීමත්, යි බං-වොන්හට රාජ්‍යය රජුගේ පරම ඒකාධිකාරය යටතේ ඍජුවම පාලනය වනු දැකීමට අවශ්‍යව තිබීමත් නිසායි. සින්දොක් අගබිසවගේ හදිසි මරණයෙන් පසු, තේජෝ රජු ශෝකවෙමින් සිටින අතරතුර, 1398දී යි බං-වොන් මාලිගය වෙත සේනා මෙහෙයවා ජොං දෝ-ජොන් සහ ඔහුගේ ආධාරකරුවන් ඝාතනය කළේ ය. මෙහි දී කිරුළහිමි කුමරුන් ඇතුළු සින්දොක් රැජිනගේ පුතුන් දෙදෙනාව ද ඝාතනය කෙරිණි. මෙම සිද්ධිය කුමාරවරුන්ගේ පළමු අරගලය ලෙස හැඳින්වෙයි.

සිය දෙවන බිරිඳගේ වියෝවෙන් පසු මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි තේජෝ රජු සිය පුතුන් කිරුළ වෙනුවෙන් එකිනෙකා මරා ගන්නා අයුරු දැක කම්පාවට පත් වී ක්ෂණිකව සිහසුන අත්හැර සිය දෙවන පුත්‍රයා වූ යි බං-ග්වා හෙවත් ජොංජොං රජු නව පාලකයා ලෙස පත්කළේ ය. ජොංජොං රජුගේ පළමු ක්‍රියාමාර්ග අතුරින් එකක් වූයේ අගනුවර නැවත ගේසොං වෙත ගෙනයාමයි. එම ස්ථානය පාලනයට පහසු බව ඔහුගේ අදහස විය. නමුත් සැබෑ බලය ඉසිලූ යි බං-වොන්, සිය වැඩිමහල් සොහොයුරා වූ යි බං-ගන් එරෙහිව අරගලයකට සූදානම් වෙමින් සිටියේ ය. 1400දී, පළමු කුමාර අරගලයේ දී සිය දායකත්වය අගයා ත්‍යාග පිරි නොනැමීම හේතුවෙන් යි බං-වොන් කෙරෙහි අමනාප වූ බක් ‍පෝ සෙන්පතියා, යි බං-ගන් (හොයාන් කුමරු) සමග එක් වී යි බං-වොන්ට එරෙහිව කැරැලි ගැසී ය. මෙය කුමාරවරුන්ගේ දෙවන ආරවුල ලෙස හැඳන්වෙයි. සිය සොහොයුරාගේ හමුදා සාර්ථකව පරාජය කළ යිං-වොන්, බක් පෝ සෙන්පතියාට මරණ දඬුවම ලබා දී, යි බං-ගන්ව පිටුවහල් කළේ ය. සිය බලවත් සොහොයුරා පිළිබඳ බියපත් වූ ජොංජොං රජු, යි බං-වොන්ව කිරුළහිමි කුමරුන් ලෙස නම් කළ අතර, පසුව එම වර්ෂයේදීම ස්වකැමැත්තෙන් සිහසුන අත්හරින ලදී. මෙලෙසින් අවසානයේ යි බං-වොන්, තේජොං රජ යන නාමයෙන් ජොසොන් රාජවංශයේ තෙවන රජු ලෙස සිහසුනට පත් විය.

රාජ්‍ය බලය සංස්ථාපනය[සංස්කරණය]

ජොසොන්හි තේජොං රජුගේ අත්සන

තේජොංගේ රාජ්‍ය සමයේ ආරම්භයේ මහා හිටපු රජ තේජෝ, රාජ්‍යත්වයේ නීත්‍යානුකූල සංකේතය වූ රාජකීය මුද්‍රාව ඔහුට ලබා දීම ප්‍රතික්ෂේප කළේ ය. සිය රාජ්‍යත්වයට සුදුසුකම ප්‍රදර්ශනය කිරීම සඳහා තේජොං නොයෙකුත් ප්‍රතිපත්ති අනුගමනය කළේ ය. රජු වශයෙන් සිය පළමු කර්තව්‍යය ලෙස ඔහු පෞද්ගලික සේනා පවත්වා ගෙන යාමට ‍රජයේ යුධ නිලධාරීන්ට සහ වංශවතුන්ට වූ වරප්‍රසාදය අහෝසි කළේ ය. මෙමගින් මහා පරිමාණ කැරැලි ඇතිවීමේ අවදානම අවම වූ අතර, ජාතික යුධ සේවයට බැඳෙන මිනිසුන් සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. තේජොංගේ ඊළඟ පියවර වූයේ පවත්නා නීති ක්‍රමය, ඉඩම් හිමිකාරීත්ව බදු ක්‍රමය සහ රාජ්‍ය වාර්තා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමයි. මෙලෙසින් පෙර සැඟ වී තිබුණු ඉඩම් අනාවරණය වීමත් සමග, ජාතික ආදායම දෙගුණ විය.

ජනතාවගේ සචලභාවය පාලනය කිරීම සඳහා ඔහු හෝපේ යනුවෙන් හැඳින්වුණු, පුද්ගලයින්ගේ නම සහ නවාතැන සටහන් කළ අනන්‍යතා ක්‍රමයක් ආරම්භ කළේ ය.[1] මීට අමතරව, ඔහු මහජනයාට ගැටලුවක් ඇති වූ විට ඒ බව රජුට දැන්වීම සඳහා සිය මාලිගය ඉදිරිපස විශාල බෙරයක් සිටුවා තැබී ය.

පරම රාජ්‍යාධිකාරී බලය[සංස්කරණය]

මීට අමතරව, ඔහු විසින් මධ්‍යගත රජයයක් සහ පරම රාජාධිකාරී බලයක් ස්ථාපනය කරන ලදී. 1399දී, ගෝර්යෝ රාජවංශය බිඳවැටෙමින් පැවති සමයේ රාජසභාවේ ඒකාධිකාරීත්වය ඉසිලූ දොප්යොං සමුළුව නැමැති සභාව අතුගා දැමීමට තේජොං මූලිකත්වය ගත්තේ ය. අනතුරුව ඔහු විසින්, ජොසොන් රාජ්‍ය මන්තණ සභාව (의정부) නැමැති රජු සහ රජුගේ නියෝග වටා මධ්‍යගත වූ නව මධ්‍යම පරිපාලන ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. බදුක්‍රමය සහ ප්‍රලේඛන ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, නව නීතියක් ගෙනඑමින් තේජොං රජු නිවේදනය කළේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තීරණ ක්‍රියාවට නැංවිය හැක්කේ රජුගේ අවසරය හිමි වුවහොත් පමණක් බවයි. මෙලෙසින් රාජ්‍ය අමාත්‍යවරුන් සහ උපදේශකයන් වාදවිවාද කොට තීරණ ගැනීමේ ක්‍රමය අවසන් වූ අතර, රාජකීය බලය ඉහළට ඔසවා තැබිණි. ඉන් මඳ කලකට පසු, තේජොං රජු සින්මුන් කාර්යාලය නැමැති නව කාර්යාලයක් ස්ථාපනය කළේ ය. රාජ්‍ය නිලධාරීන් හෝ වංශවතුන් විසින් අසාධාරණව සැලකූයේ යැයි හැඟුණු සිද්ධීන් යළි සලකා බැලීම මෙමගින් සිදු විය.

කෙසේනමුත්, තේජොං රජු ජොං දෝ-ජොන්ගේ බොහෝ ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම ක්‍රියාවට නැංවී ය. මීට අමතරව ආගමකට වඩා දර්ශනයක් ලෙස සලකා කොන්ෆියුසියානුවාදය ප්‍රවර්ධනය කළ ඔහු, ගෝර්යෝ සමයේ දේශපාලන බලය නිසා අවුල් සහගත තත්ත්වයට පත්ව තිබූ බුදු දහමට සැලකිලි අඩුකළේ ය. ගෝර්යෝ රජවරුන් විසින් ඉදිකළ බොහෝ විහාරස්ථාන වසා දැමූ රජු ඒවායේ වත්කම් රාජ්‍ය භාණ්ඩාගාරයට පවරා ගත්තේ ය. මේ අතර, ඔහු ජොං මොං-ජු හට ප්‍රධාන රාජ්‍ය උපදේශක (අග්‍රාමාත්‍ය තනතුරට සමාන) යන මරණාපර පදවිය ලබා දී බුහුමන් කළේ ය. ජොසොන් රාජවංශය පිහිටුවීමට විරුද්ධ වීම හේතුවෙන් ජොං මොං-ජුව මරාදැමූයේ ඔහු විසිනි.

විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ මොහු උතුරු දේශසීමාවේ දී ජුර්චෙන්වරුන්ට පහර දුන් අතර, දකුණු වෙරළ තීරයේ ජපන් මුහුදු කොල්ලකරුවන්ට පහර එල්ල කළේ ය. 1419 ට්සුෂිමා දූපතේ සිදු වූ ඕයි ආක්‍රමණයට වගකිව යුතු වන්නේ ද තේජොං ය. මීට අමතරව ග්‍රන්ථ ප්‍රකාශනය, වානිජ්‍යය සහ අධ්‍යාපනය වැඩිදියුණු කළ මෙතුමා, රාජකීය ආරක්ෂක සහ රහස් පොලීසිය ලෙස පැවති උයිග්‍යුම්බු ආයතනය දිරිගැන්වී ය. 1418දී, සිහසුන අත්හළ මෙතුමා ජොසොන්හි මහා සේජොං රජුට සිහසුන පැවරී ය. නමුත් වැදගත් කරුණු සම්බන්ධයෙන් ඔහු තවදුරටත් තීරණ ගැනීම සිදුකළේ ය. එසේම ඔහු විසින් සේජොංගේ මාමණ්ඩිය වූ ෂිම් ඔන් සහ ෂිම්ගේ සොයුරාට දඬුවම් පමුණුවන ලදී.

රාජකීය බලය ශක්තිමත් කිරීම පිණිස තේජොං සිය ආධාරකරුවන්ව පවා පිටුවහල් කිරීම සහ මරණ දඬුවම ලබාදුන්නේ ය. ඥාති දේශපාලනය සීමා කිරීම සඳහා ඔහු සිය අගබිසව වූ වොන්-ග්යොංගේ සොහොයුරන් සතර දෙනා සහ සිය පුත්‍රයා වූ සේජොංගේ ඥාතීන්ව ද මරා දමන ලදී. බලය ලබා ගැනීම සඳහා සිය සතුරන්ව (ජොං මොං-ජු සහ ජොං දෝ-ජොන් ඇතුළුව) මෙන්ම ඥාතීන්ව ද ජීවිතක්ෂයට පත්කළ තැනැත්තකු ලෙස තේජොං ප්‍රකට වුවද, ඔහු සාමාන්‍ය ජනයාගේ ජීවිත වැඩිදුයුණු කිරීමට, ජාතික ආරක්ෂාව සවිමත් කිරීමට, සහ සේජොංගේ පාලනයට පදනම දැමීම හේතුවෙන් දක්ෂ පාලකයකු ලෙස සැලකෙයි. තේජොං සිය දඩයමට ලැදි බව හේතුවෙන් ප්‍රකට වූයෙකි.

පෙළපත[සංස්කරණය]

පූර්වජයන්[සංස්කරණය]

පවුල[සංස්කරණය]

  • පියා: තේජෝ රජු (태조)
  • මව: අන්බ්යොන් හන් වංශයේ ෂින්උයි අගබිසව (신의왕후 한씨, චන්ද්‍ර දිනය සැප්තැම්බර් 1337- ඔක්තෝබර් 21, 1391)
  • බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
  1. යෝහ්‍යුං මින් වංශයේ වොන්ග්යොං අගබිසව (원경왕후 민씨, ජූලි 11, 1365 – ජූලි 10, 1420)[2]
    1. නම් නොලද පුත්‍රයෙක් (1389), 1වන පුත්‍රයා (ළමා කල මියගියේ ය)
    2. නම් නොලද පුත්‍රයෙක් (1390), 2වන පුත්‍රයා (ළමා කල මියගියේ ය)
    3. නම් නොලද පුත්‍රයෙක් (1392), 3වන පුත්‍රයා (ළමා කල මියගියේ ය)
    4. යි ජේ, ප්‍රධාන කුමාර යංන්‍යොං (이제 양녕대군, 1394-සැප්තැම්බර් 7, 1462), 4වන පුත්‍රයා[3]
    5. යි බෝ, ප්‍රධාන කුමාර හ්යෝර්යොං (이보 효령대군, 1396–1486), 5වන පුත්‍රයා
    6. යි දෝ, ප්‍රධාන කුමරා චුංන්‍යොං (이도 충녕대군, 1397-1450), 6වන පුත්‍රයා - ජොසොන්හි මහා සේජොං රජු
    7. යි ජොං, ප්‍රධාන කුමාර සොංන්‍යොං (이종 성녕대군, ජූලි 9, 1405 – පෙබරවාරි 4, 1418), 7වන පුත්‍රයා
      1. යි යොං, ප්‍රධාන කුමාර අන්ප්යොං (이용 안평대군, 1418– ඔක්තෝබර් 18, 1453), 1වන හදාගත් පුත්‍රයා; ඔහුගේ වැඩිමහල් සොහොයුරා සේජොංගේ 3වන පුත්‍රයායි
      2. යි උයි, වොන්චොන් කුමරු (이의 원천군, 1423-1476), 2වන හදාගත් පුත්‍රයා; ඔහුගේ වැඩිමහල් සොහොයුරා හ්යෝර්යොං කුමරුගේ 6වන පුත්‍රයායි
    8. ජොංසුන් කුමරිය (정순공주, 1385–1460), 1වන කුමරිය[4]
    9. ග්යොංජොං කුමරිය (경정공주, 1387–1455),[5] 2වන දියණිය[6]
    10. ග්යොංගන් කුමරිය (경안공주, 1393–1415), 3වන දියණිය[7]
    11. ජොංසොන් කුමරිය (정선공주, 1404–ජනවාරි 25, 1424), 4වන දියණිය[8]
  2. චොංපුං කිම් වංශයේ හ්යෝ-බින් (효빈 김씨, ?–1454)[9][10]
    1. යි බි, ග්යොංන්‍යොං කුමරු (이비 경녕군, 1395–1458), එකම පුත්‍රයා
  3. යොංවොල් ෂින් වංශයේ ෂින්-බින් (신빈 신씨, ?–1453)[11][12][13]
    1. යි ඉන්, හම්න්‍යොං කුමරු (이인 함녕군, 1402–1467), 1වන පුත්‍රයා
    2. යි ජොං, ඔන්න්‍යොං කුමරු (이정 온녕군, 1407–1453), 2වන පුත්‍රයා
    3. ජොංෂින් කුමරිව (정신옹주, දින නොදනී), 1වන දියණිය[14]
    4. ජොංජොං කුමරිය (정정옹주, දින නොදනී), 2වන දියණිය[15]
    5. සුක්ජොං කුමරිය (숙정옹주, දින නොදනී), 3වන දියණිය[16]
    6. සුක්න්‍යොං කුමරිය (숙녕옹주, දින නොදනී), 4වන දියණිය[17]
    7. සුක්ග්යොං කුමරිය (숙경옹주, දින නොදනී), 5වන දියණිය[18]
    8. සුක්ග්‍යුන් කුමරිය (숙근옹주, ?–1450), 6වන දියණිය[19]
    9. සොෂින් කුමරිය (소신옹주), 7වන දියණිය[20]
  4. ආන් වංශයේ සොන්-බින් (선빈 안씨, ?–1468)[21][22]
    1. යි චි, ඉක් න්‍යොං කුමරු (이치 익녕군, 1422–1464), එකම සහ බාලම පුත්‍රයා
    2. සොසුක් කුමරිය (소숙옹주, ?-1456), 1වන දියණිය[23]
    3. ග්යොංෂින් කුමරිය (경신옹주, දින නොදනී), 2වන දියණිය[24]
    4. නොහඳුනන 3වන දියණියක්
  5. ක්වොන් වංශයේ උයි-බින් (의빈 권씨, දින නොදනී)[25][26][27]
    1. ජොංහ්යේ කුමරිය (정혜옹주, ?-1424), එකම දියණිය[28]
  6. නෝ වංශයේ සෝ-බින් (소빈 노씨, ?–1479)[29][30]
    1. සුක්හ්යේ කුමරිය (숙혜옹주, ?–1464), එකම දියණිය[31]
  7. අන්දොං කිම් වංශයේ මියොං-බින් (명빈 김씨)
    1. සුකන් කුමරිය (숙안옹주, ?-1464), එකම දියණිය[32]
  8. ගෝ වංශයේ ජොං-බින් (정빈 고씨, ?–1426)[33]
    1. යි නොං, ග්‍යුන්න්‍යොං කුමරු (이농 근녕군, 1411-1462), එකම පුත්‍රයා[34]
  9. චෝයි වංශයේ සුක්-උයි (숙의 최씨, දින නොදනී)
    1. යි තා, හුයිර්යොං කුමරු (이타 희령군, ?-1465), එකම පුත්‍රයා
    2. නම් නොලද දියණියක්
  10. යි වංශයේ දොක්සුක් කුමරිය (덕숙옹주 이씨)
    1. යි ගන්, හුර්යොං කුමරු (이간 후령군, ?-1465), එකම පුත්‍රයා
    2. සුක්සුන් කුමරිය (숙순옹주, දින නොදනී), එකම දියණිය[35]
  11. ආන් ආර්යාව (안씨)
    1. යි ජි, හ්යේර්යොං කුමරු (이지 혜령군, 1407–1440), එකම පුත්‍රයා
  12. කිම් වංශයේ සුක්ගොං ආර්යාව (숙공궁주 김씨)
    1. දරුවන් නැත
  13. ජෝ වංශයේ උයිජොං ආර්යාව (의정궁주 조씨)
    1. දරුවන් නැත
  14. යි වංශයේ හ්යේසුන් ආර්යාව (혜순궁주 이씨)
    1. දරුවන් නැත
  15. යි වංශයේ ෂින්සුන් ආර්යාව (신순궁주 이씨)
    1. දරුවන් නැත
  16. හොං වංශයේ හ්යේසොන් කුමරිය (혜선옹주 홍씨)
    1. දරුවන් නැත
  17. ජං වංශයේ සුන්හ්යේ කුමරිය (순혜옹주 장씨)
    1. දරුවන් නැත
  18. ගුම් යොං, සෝග්යොං කුමරිය (금영 서경옹주)
    1. දරුවන් නැත

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • මහා තේජොං ගොංජොං සොංදොක් සින්-ගොං ගොන්චොන් චේග්‍යුක් දේජොං ග්යේ-උ මුන්මු යෙචොල් සොංන්‍යොල් ග්වංහ්යෝ රජ
  • 태종공정성덕신공건천체극대정계우문무예철성렬광효대왕
  • 太宗恭定聖德神功建天體極大正啓佑文武叡哲成烈光孝大王

නූතන නිරූපණ[සංස්කරණය]

1996 සිට 1998 දක්වා KBS නාළිකාවෙන් විකාශය වූ ටියර්ස් ඔෆ් ද ඩ්‍රැගන් නැමැති ජනප්‍රිය ඓතිහාසික නාට්‍යය මගින් තේජොංගේ දිවිය නිරූපණය වේ. එහි ඔහුව නිරූපණය වන්නේ රාජධානියේ ස්ථාවරත්වයට කැප වූ, සිය පියා සහ අනුප්‍රාප්තිකයා (තේජොංගේ පළමු පුත්‍රයා) කෙරෙහි සෙනෙහසින් යුක්ත පාලකයකු ලෙසයි. නමුත් 1398 ඝාතනයන් සමග මෙය දෝලනය වනු දැකගත හැක. මෙම කෝපය ඇතිවන්නේ විශ්‍රාමලත් තේජෝ රජු තේජොංව ඉවත් කිරීමට ජෝ සාවිගේ කැරැල්ලට අනුබල දීම හේතුවෙනුයි.මෙම කතාමාලාව අනුව, තේජොං තමාවටා සිටිව සියලු දෙනා දෙස (විශේෂයෙන් ඥාතීන්) සැකයෙන් යුතුව බලයි. මෙයට උදාහරණයක් ලෙස ඔහු අගබිසවගේ බලපෑමට යටත් නමුත්, හිතවත් වැඩිමහල්ම සොහොයුරන් සහ අහිංසක බාලම සොහොයුරන් මරා දැමීම පෙන්වා දිය හැක. මේ පිළිබඳ කලකිරීමට පත්වන ඔහුගේ කිරුළහිමි කුමරු සිහසුන ප්‍රතික්ෂේප කරන අතර, ඔහුගේ දෙවන පුත්‍රයා බෞද්ධ භික්ෂුවක් බවට පත්වීමෙක් සිහසුන තෙවැනි පුත්‍රයාට හිමි වේ.

2008 KBS නාළිකාවේ ඓතිහාසික රූපවාහිනී කතාමාලාවක් වන කිං සේජෝ ද ග්‍රේට් තුළ තේජොං නිරූපිත ය. මෙම කතාමාලාව ඔහුගේ තෙවන පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා වූ සේජොං රජු වටා ගෙතී ඇත. 2011 SBS රූපවාහිනී කතාමාලාවක් වන ඩීප් රූටඩ් ට්‍රී; 2014 KBS කතාමාලාවක් වූ ජොං දෝ-ජොන් (රූපවාහිනී කතාමාලාව); 2015 SBS රූපවාහිනී නාට්‍යයක් වූ සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් සහ 2016 KBS ඓතිහාසික විද්‍යාත්මක නාට්‍යයක් වූ ජං යොං-සිල් තුළ තේජොං රජුගේ චරිතය නිරූපණය කොට ඇති අවස්ථා හමු වේ.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. ග්‍රේසන්, ජේම්ස් හන්ට්ලි (2002). කොරියා: අ රිලිජියස් හිස්ට්‍රි. එක්සත් රාජධානිය: රූට්ලෙජ්. ISBN 0-7007-1605-X.  (පි108)
  2. මින් ජේ (민제, 1339–1408) සහ සොං ආර්යාවගේ (송씨) දෙවන දියණියයි. මින් ජේ, අභ්‍යන්තර කුමාර යෝහ්‍යුං (여흥부원군), මුන්හා මැතිතුමා, දෙවන රාජ්‍ය උපදේශක (문하좌정승), මුන්දෝ ආදිපාද (문도공) යන පදවි නායමයන්ගෙන් හැඳින්විණි.
  3. දින 100 ඉක්මවා ජීවත් වූ 1වන පුත්‍රයායි.
  4. පසුව ජොංජොල් ආදිපාද (정절공) හෙවත් පත්කළ චොංප්යොං අභ්‍යන්තර වල්ලභ කුමරු (청평부원군) යන නාමය ඉසිලූ යි බෙක්-ගං (이백강) සමග විවාහ විය. යි බෙක්-ගං යනු යි ගෝ-යි (이거이) ගේ දෙවන පුත්‍රයායි. යි ගෝ-යි අභ්‍යන්තර කුමාර සෝවොන් (서원부원군) සහ මොන්දෝ ආදිපාද (문도공) යන විරුද නාම ඉසිලී ය.
  5. ඇගේ සෙසු පදවි නාම අතර "ප්යොංග්යැංහි කුමරිය/ආර්යාව" (평양군궁주), "ග්යොංජොං කුමරිය/ආර්යාව" (경정궁주), සහ "ජොංග්යොං කුමරිය" (정경공주) යන නාමයන් වේ.
  6. පසුව ප්‍රධාන රාජ්‍ය උපදේශක (영의정부사) ජෝ ජුන් (조준) ගේ පුත්‍රයා වූ ජෝ දේ-රිම් (조대림) සමග විවාහ වූවා ය. ජෝ දේ-රිම්, කංගන් ආදිපාද (강안공), පත්කළ ප්යොග්යැං අභ්‍යන්තර වල්ලභ කුමරු (평양부원군) යන නම්වලින් ද හැඳින්විණි.
  7. පසුව අභ්‍යන්තර කුමාර ගිල්චං (길창부원군) ක්වොන් ග්‍යුන් (권근, 1352-1409) ගේ දෙවන පුත්‍රයා වූ ක්වොන් ග්යු (권규, 1393-1421) සමග විවාහ විය. ඔහු පත්කළ ගිල්චං වල්ලභ කුමරු (길창군) නම් විය. ඔහුගේ බෑනා වූ (ඔහුගේ බැඩිමහල්ම සොහොයුරා වූ ක්වොන් ජේ (권제) ගේ මාර්ගයෙන්) ක්වොන් රම් පසුකලෙක 1453දී සේජෝ රජුගේ බෑනා වූ ජොසොන්හි දන්ජොං සිහසුනෙන් පහකොට සේජෝව සිහසුනට පත්කිරීමට මූලික වූවෙකි.
  8. පසුව නම් ග්යොං-මුන් (남경문) ගේ පුත් නම් හ්වි (남휘) සමග විවාහ විය. නම් හ්වි සෝගන් ආදිපාද (소간공), පත්කළ උයිසන් වල්ලභ කුමරු (의산군) යන පදවි ඉසිලී ය.
  9. මුලින් ඇයව හැඳින්වුණේ "හ්යෝසුන් ආර්යාව" (효순궁주) යනා නාමයෙනි. ගෝජොං රජුගේ සමයේ ඇයව බින් (嬪) ශ්‍රේණියට ඔසවා තැබිණි.
  10. සැබැවින්ම ඇය වොන්ග්යොං අගබිසවගේ පැරණි නිවසේ සේවිකාවකි.
  11. ෂින් යොං-ග්වි (신영귀) ගේ දියණියයි.
  12. මුලින් ඇය වොන්ග්යොං අගබිසවගේ පරිවාර පාලිකාවක් (නා-ඉන්) වූවා ය.
  13. "ෂින්න්‍යොං ආර්යාව" (신녕궁주) සහ "ෂින්න්‍යොං කුමරිය" (신녕옹주) යන පදවිවලින් ද හැඳින්වෙයි. මෙහි දෙවන පදවිය 1414 ජනවාරි 13 දින ඇගේ ගර්භනී අවධි‍යේ ලබා දුන්නකි‍.
  14. පසුව යූන් හං (윤항) ගේ පුත් යූන් ග්යේ-දොං (윤계동) හෙවත් පත්කළ යොංප්යොං වල්ලභ කුමරු (영평군) සමග විවාහ විය.
  15. පසුව සෝහ්වෝයි ආදිපාද (소회공) හෙව්ත පත්කළ හන්වොන් වල්ලභ කුමරු (한원군) ලෙස හැඳින්වුණු ජෝ සොන් (조선) සමග විවාහ විය. ජෝ සොන් යනු යුධ අමාත්‍ය (병조판서) ජෝ මල්-සෙං (조말생) ගේ පුත්‍රයායි.
  16. පසුව අමාත්‍ය (판서) ජොං ජින් (정진) ගේ පුත් ජොං හ්යෝ-ජොන් (정효전) සමග විවාහ විය. ජොං හ්යෝ-ජොන්, චුංග්යොං ආදිපාද (충경공) සහ පත්කළ ඉල්සොං වල්ලභ කුමරු (일성군) ලෙස හැඳින්වුණු අතර අනාගත යුධ අමාත්‍ය (병조판서) බවට පත්වන්නේ ඔහුයි.
  17. පසුව උප-අමාත්‍ය (참판) යූන් සෝ-මි (윤수미) ගේ පුත් යූන් වූ (윤우), එනම් නම්කළ පාසොං වල්ලභ කුමරු (파성군) සමග විවාහ විය.
  18. පසුව යූන් තේ-සන් (윤태산) ගේ පුත් යූන් අම් (윤암) සමග විවාහ විය. යූන් අම්, ජේදෝ ආදිපාද (제도공) සහ පත්කළ පප්යොං වල්ලභ කුමරු (파평군) යනුවෙන් ද හැඳින්වෙයි.
  19. පසුව ක්වොන් බොක් (권복) ගේ පුත් ක්වොන් ගොං (권공) සමග විවාහ විය. ක්වොන් ගොං, යංහ්යෝ ආදිපාද (양효공) සහ නම්කළ හ්වාචොන් වල්ලභ කුමරු (화천군) ලෙස ද හැඳින්වෙයි.
  20. පසුව බ්යොන් සං-ජූ (변상주) ගේ පුත්, බ්යොන් හ්යෝ-සුන් (변효순) සමග විවාහ විය. බ්යොන් හ්යෝ-සුන්, කාංයි ආදිපාදවරයා (강이공) මෙන්ම නම්කළ යුධ නිලධාරී යූචොන් (유천위) ලෙස ද හැඳින්වෙයි.
  21. ආන් යුයි‍ (안의) ගේ දියණියයි.
  22. 1421දී "සුක්සොන් කුමරිය" (숙선옹주) යන නාමය ප්‍රදානය කෙරිණි.
  23. පසුව යූන් දල්-සොං (윤달성) ගේ පුත් යූන් යොන්-මියොං (윤연명) සමග විවාහ විය. යොන්-මියොං, ප්යොංදෝ ආදිපාද (평도공) සහ නිර්මිත හේප්යොං වල්ලභ කුමරු (해평군) ලෙස ද හැඳින්වෙයි.
  24. පසුව යි ගොං-ජොන් (이공전) ගේ පුත්, යි වන් (이완) හෙවත් නිර්මිත ජොන්උයි වල්ලභ කුමරු (전의군) සමග විවාහ විය.
  25. "ජොංඋයි ආර්යාව" (정의궁주) සහ "යොංසුගුං" (영수궁 寧壽宮; අරුත. "දිගු දිවි සහ විශ්‍රාම මැදුර") ලෙස ද හැඳින්වෙයි.
  26. සොංග්‍යුංග්වාන්හි අක්ජොංවරයා (악정) වූ ක්වොන් හොං (권홍) ගේ දියණියයි.
  27. තේජොංගේ පළමු උපබිසවයි.
  28. පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිලධාරියකු (의정부참찬) වූ පාක් ෂින් (박신) ගේ පුත් පාක් ජොං-වූ (박종우) සමග විවාහ විය. ජොං-වූ, නිර්මිත වූන්සොං වල්ලභ කුමරු (운성군) ලෙස හැඳින්විණි.
  29. විශේෂ උපදේශක කාර්යාලයේ (밀직제학) විද්වතකු වූ නෝ ගූ-සන් (노구산) සහ චෝයි ආර්යාව (최씨) ගේ දියණියයි. චෝයි ආර්යාවගේ පියා වූ චෝයි ර්යොම් (최렴) යනු ගොම්ග්යෝ වංශාධිපති තෙවන රාජ්‍ය උපදේශකයා (검교의정부우의정) යි.
  30. 1411 නොවැම්බර් 20 දින ඇයට "සෝහ්යේ ආර්යාව" (소혜궁주) යන නාමය ප්‍රදානය කෙරිණි.
  31. පසුව යි සා-හු (이사후) ගේ පුත්, යි ජික් (이직) ගේ මුණුපුරු යි ජොං-න්‍යොං (이정녕) සමග විවාහ වූවා ය. ජොං-න්‍යොං, ජංජොල් ආදිපාද (장절공), සහ නිර්මිත යුධ නිලධාරී සොංවොන් (성원위) ලෙස ද හැඳන්වෙයි.
  32. පසුව හ්වං ජා-හු (황자후) ගේ පුත්‍රයා වූ හ්වං යූ (황유) සමග විවාහ විය. හ්වං යූ, යංදෝ ආදිපාද (양도공) සහ නිර්මිත යුධ නිලධාරී හ්වොයිචොන් (회천위) ලෙස ද හැඳින්වෙයි.
  33. පාක් යොං-ග්යු (조선의 왕실과 외척) ගේ ග්‍රන්ථයේ සඳවන්නේ ඔහුගේ සැබෑ පුත්‍රයා හ්යේර්යොං කුමරු බවත්, ග්‍යුන්න්‍යොං කුමරු නොවන බවත් ය. නමුත් "සොන්වොන් ග්යේබෝ ගිර්යක් (선원계보기략)" සඳහන් කරන්නේ ඔහුගේ සැබෑ මව ආන් ආර්යාව නැමැති වෙනත් බිසවක් බවයි. ආන් ආර්යාව (රාජකීය සොන් උපබිසව) නැමැති තේජොංගේ තවත් බිසවකට පුත්‍රයකු සහ දියණියන් තිදෙනකු සිට ඇත.
  34. මූලාශ්‍රවල සඳහන් වන්නේ ඔහුගේ මව රාජකීය ෂින් උපබිසව බවයි. නමුත් "සොන්වොන්-රොක් (선원록)" සහ "සොන්වොන් ග්යේබෝ ගිර්යක් (선원계보기략)" යන මූලාශ්‍රවල ඔහුගේ සැබෑ මව රාජකීය ජොං උපබිසව බවයි ඇය 1426දී මියගියා ය. අනෙක් බිසව මියගියේ ඉන් වසර 9කට පසුවයි.
  35. පසුව යූන් චං (윤창) ගේ පුත් යූන් ප්යොං (윤평) සමග විවාහ වූවා ය.
ජෝසුන්හි තේජොං රජ
උපත: 13 ජූනි 1367 මරණය: 30 මැයි 1422
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ජොංජොං (යි ග්යොං)
ජොසොන්හි රජ
නොවැම්බර් 28, 1400 – සැප්තැම්බර් 9, 1418
අනුප්‍රාප්තික වූයේ
සේජොං (යි දෝ)
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_තේජොං_රජ&oldid=387226" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි