ජෝසුන්හි යේජොං රජ

විකිපීඩියා වෙතින්
යි ග්වං
ජොසොන්හි රජ
රාජ්‍ය සමය1468–1469
පූර්වප්‍රාප්තිකයාසේජෝ (යි යු)
අනුප්‍රාප්තිකයාසොංජොං (යි හ්යොල්)
උපත12 පෙබරවාරි 1450
මරණය31 දෙසැම්බර් 1469 (19 වියැති)
භූමදානයගෝයැං, චංර්යුං (창릉, 昌陵)[1]
බිසවජංසුන් අගබිසව
අන්සුන් අගබිසව
දරුවන්යි බුන්, ඉන්සොංහි ප්‍රධාන කුමරු
යි ම්යොන්, ජේ-අන් ප්‍රධාන කුමරු
යි හ්යොල්, ජල්සන් කුමරු
හ්යොන්සුක්, කුමරිය
හ්යේසුන්, කුමරිය
මරණාපර නාමය
කොරියාවේ මහා යේජොං යංදෝ හ්‍යුම්මුන් සොංමු යුයිඉන් සොන්හ්යෝ රජ
예종양도흠문성무의인소효대왕
睿宗襄悼欽文聖武懿仁昭孝大王
විහාර නාමය
යේජොං
වංශයජොන්ජු යි
පියාසේජෝ (යි යු)
මවජොංහුයි, ජොසොන්හි අගබිසව
ජෝසුන්හි යේජොං රජ
හංගුල්예종
හන්ජා睿宗
ප්‍රතිශෝධිත රෝමානුකරණයයේජොං
මැකූන්–‍රයිෂවර්යේජොං
උපන් නාමය
හංගුල්이광
හන්ජා李晄
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ ග්වං
මැකූන්–‍රයිෂවර්ඉ ක්වං
මෙම ලිපිය කොරියාවේ ජොසොන් රාජවංශයේ 8වන පාලකයා පිළිබඳ වේ. ගෝර්යෝ රාජවංහයේ 16වන කොරියානු පාලකයා සඳහා, ගෝර්යෝහි යේජොං බලන්න.

ජොසොන්හි යේජොං (12 පෙබරවාරි 1450 – 31 දෙසැම්බර් 1469) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ 8වන රජුයි. ඔහු සිය පියා වූ සේජෝ රජුගෙන් පසු 1468දී සිහසුනට පත්වන විට වයස අවුරුදු 18කි.‍ (කොරියානු ක්‍රමය අනුව 19) නමුත් රාජ්‍ය පාලනය සිදු කිරීමට තරම් ශාරීරික සුවතාවකින් නොවූ ඔහු වසරකට පසු මියගියේය.

යේජොංගේ සමයේ සිදු වූ ප්‍රමුඛ සිදුවීමක් ලෙස නම් ඉ (남이 장군, 南怡) සෙන්පතියාගේ නඩු තීන්දුව සහ මරණය දැක්විය හැක.[2] නම්-ඉ ප්‍රකට වූයේ ගං-සුන් සෙන්පති සහ සෙස්සන් සමග එක් වී යි සි-ඒ කැරැල්ල මැඬලීම හේතුවෙනි. 28වන වියේදී, ඔහුව යුධ අමාත්‍ය ලෙස පත් කෙරිණි. කෙසේනමුත්, යේජොං රජු වූ පසු, නම්-ඉ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසු වූ යු ජග්වං (유자광, 柳子光) නැමැති අමාත්‍යවරයා නම් ඉව රාජද්‍රෝහී චෝදනාවන්ට හසුකළේ ය. මෙයට ගං සුන් (강순, 康純) අමාත්‍යවරයාවද හසු කළ යු, රජු ඉදිරියේ ඔවුනට නඩු පැවරීය. ඔවුනව වරදකරුවන් කොට දඬුවම් පමුණුවන ලද අතර, යු ජා-ග්වංව උසස් නිලයකට පත්කොට ඔහුට කුමාර තනතුරක් ලබා දිණි. මෙම සිදුවීමෙන් පසු, යු විසින් තමන්ට වඩා උසස් බොහෝ අමාත්‍යවරුනට එරෙහිව මෙසේ වරද පැටවීම සිදු කරන ලදී.

චරිතාපදානය[සංස්කරණය]

1450දී ජොසොන්හි සේජෝ රජුගේ දෙවන පුත්‍රයා ලෙස උපන්නේය. ඔහුගේ චාරිත්‍රානුකූල නාමය හේයැං කුමරු නම් විය. නමුත් ඔහුගේ වැඩිමහල් සොයුරා වූ කිරුළහිමි උයිග්යොං කුමරුගේ හදිසි වියෝවත් සමග 8වන වියේ පසු වූ ඔහුව කිරුළහිමි කුමරු තනතුරට පත්කෙරිණි.

සේජෝ රජුගෙන් පසු 1468දී සිහසුනට පත්වන විට ඔහුගේ වයස 19කි. නමුත් ඔහුට එවිට වයස 20ක් නොවූ හෙයින් සහ ළමාවියේ සිටම රෝගීව දුබලතාවයන්ගෙන් පෙළෙමින් සිටි හෙයින්, යේජොංගේ මව වූ ජොංහී අගබිසව ඔහු වෙනුවෙන් රාජ්‍ය පාලනය සිදුකළාය. මේ යුගයේ වාර්තා අනුව, මෙකල දේශපාලන තීරණ ගන්නා ලද්දේ අගබිසව සහ සේජෝ රජු විසින් පත්කොට තිබූ නිලධාරීන් තිදෙනකු විසිනුයි.

මේ රජුගේ සම්පූර්ණ රාජ්‍ය කාලය මාස 14ක් පමණක් වුවද, මෙම කාලය තුළ සිදුවීම් ගණනාවක්ම සිදු විය. 1468දී, නම් ඉට එරෙහි රාජද්‍රෝහී චෝදනා එල්ලවීම හේතුවෙන් ජොසොන් රාජ්‍යයේ දේශපාලනය කෙරෙහි සුවිශාල බලපෑමක් ඇති විය. රජුගේ මරණයට මඳ කලකට පෙර 1469දී, ජොසොන් රාජ්‍යය ජපානය සමග සියලු වෙළඳාම් තහනම් කළේය. එසේම යේජොං විසින් සාමාන්‍ය ගොවීන්ට හමුදාවට අයත්ව තිබූ ඉඩම්වල වගාකිරීමේ අයිතිය ලබා දෙන ලදී.

20වන වියේ දී යේජොං රජු මියගියේය. ඔහුගේ සොහොන්ගැබ දකුණු කොරියාවේ ග්යොංගිඩෝහි ගොයැං ප්‍රදේශයේ පිහිටා ඇත. එම ස්ථානයේ තවත් රජවරුන් සහ අගබිසෝවරුන්ගේ සොහොන්ද පවතී.[1] ඔහුගේ මරණින් පසු, සිහසුන යේජොංගේ පුත්‍රයාට හිමිනොවීය. එය ඔහුගේ සොහොයුරාගේ පුත්‍රයා වූ සියොංජොංට හිමි විය.

පවුල[සංස්කරණය]

  1. චොංජු හන් වංශයේ (장순왕후, 1445 – දෙසැම්බර් 1461)[3]ජංසුන් අගබිසව,[4][5]
    1. යි බුන්, ප්‍රධාන කුමරු ඉන්සොං (이분 인성대군, නොවැම්බර් 30, 1461 – ඔක්තෝබර් 29, 1463),[6] එකම පුත්‍රයායි
  2. චොංජු හන් වංශයේ අන්සුන් අගබිසව (안순왕후 한씨, 1445(?)–දෙසැම්බර් 23, 1498)[7]
    1. යි හ්යොන්, ප්‍රධාන කුමරු‍ ජීන් (이현 제안대군, 1466–1525), එකම පුත්‍රයායි[8]
    2. යි හ්යොල්, ජාසන් කුමරු (이혈 잘산군),[9] හදාගත් පුත්‍රයායි (1457 – 1494). සියොංජොං රජු බවට පත් විය.
    3. හ්යොන්සුක් කුමරිය (현숙공주, 1464–1502), 1වන දියණිය[10]
    4. හ්යේසුන් කුමරිය (혜순공주), 2වන දියණිය
  3. චෝයි ග්වයි-ඉන් (귀인 최씨)
  • දරුවන් නැත.
  1. ගි මාලිග පාලිකාව (상궁 기씨)
  • දරුවන් නැත.

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • කොරියාවේ මහා යේජොං යංදෝ හ්‍යුම්මුන් සොංමු යුයිඉන් සෝහ්යෝ රජ
  • 예종양도흠문성무의인소효대왕
  • 睿宗襄悼欽文聖武懿仁昭孝大王

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 "රෝයල් ටූම්බ්ස්; සෝඕර්යුං, ඔන්ර්යුං, සෝසම්න්‍යුං". කොරියාවේ සංස්කෘතික උරුර පරිපාලනය. 2008-06-27. සම්ප්‍රවේශය ජූනි 5, 2014.
  2. නම් සෙන්පතියා යනු තේජොංගේ බාලම නීත්‍යානුකූල දියණිය වූ ජොංසොන් කුමරියගේ (정선공주) පුත්‍රයායි. ඔහු‍ යේජොංගේ පළමු මස්සිනා විය.
  3. චුංසොං මැතිතුමා (충성공) නොහොත් අභ්‍යන්තර කුමාර සංදං (상당부원군) ලෙස හැඳන්වුණු හන් මියොං-හ්වොයි (한명회) සහ මින් වංශයේ හ්වංර්යොං ආර්යාවගේ තෙවන දියණියයි. ඇගේ බාලතම නැගණිය අනාගත ඊළඟ රජුගේ පළමු අගබිසව බවට පත් වේ.
  4. මරණාපරව ප්‍රදානය කෙරුණකි. මේ වනවිට ඇය රාජකීය අනුප්‍රාප්තික කුමරුගේ බිසෝ කුමරිය ලෙස පත්ව සිටියා ය
  5. 1460දී සරණපාවා ගැනිණි
  6. ඔක්තෝබර් 23දින රෝගයක් වැළඳුණු අතර ඊළඟ දිනයේ එය උත්සන්න විය. ඉන් දින 5කට පසු මියගියේ ය
  7. අං-හ්යේ මැතිතුමා (양혜공) හෙවත් අභ්‍යන්තර කුමරු චොංහොන් (청천부원군) ලෙස හැඳින්වුණු හන් බෙක්-ර්යුන් (한백륜) සහ ඉම් වංශයේ සෝහා ආර්යාවගේ දියණියයි.
  8. ඔහුගේ වහල් සේවිකාවක් වූ ජං නොක්-සූ (장녹수) පසුව යොන්සන් කුමරුගේ කුප්‍රකට උපබිසවක බවට පත් වූවා ය.
  9. 1468දී ඔහුගේ මුත්තණුවන්ගේ මරණය තෙක් මුලින් ඔහුව හැඳින්වුණේ ජාසන් කුමරු (자산군) යන නාමයෙනි.
  10. පසුව ඉම් සා-හොං (임사홍) ගේ පළමු පුත් ඉම් ග්වං-ජේ (임광재) සමග විවාහ විය. ඉම්ගේ බාල සොහොයුරා (ඉම් සුං-ජේ (임숭재)) ඊළඟ රජුගේ දියණියකගේ සැමියා බවට පත් වේ.

මේවාද බලන්න[සංස්කරණය]

ජෝසුන්හි යේජොං රජ
උපත: 12 පෙබරවාරි 1450 මරණය: 31 දෙසැම්බර් 1469
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
සේජෝ
ජොසොන්හි රජ
1468–1469
ජොංහුයි අගබිසව සමග (1468–1469)
අනුප්‍රාප්තික
සොංජොං
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_යේජොං_රජ&oldid=386791" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි