ජෝසුන්හි හ්යොන්ජොං රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජෝසුන්හි හ්යොන්ජොං රජ
හංගුල්현종
හංජා顯宗
සංශෝධිත රොමානුකරණයහ්යොන්ජොං
මෙකන්–රයිෂවර්හ්යෝන්ජොං
උපන් නම
හංගුල්이연
හංජා李棩
සංශෝධිත රොමානුකරණයඉ යොන්
මෙකන්–රයිෂවර්ඉ යෝන්
ආචාරශීලීත්ව නම
හංගුල්경직
හංජා景直
සංශෝධිත රොමානුකරණයග්යොංජික්
මෙකන්–රයිෂවර්ක්යෝංජික්

ජොසොන්හි හ්යොන්ජොං රජු (15 මාර්තු 1641 – 17 සැප්තැම්බර් 1675) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ 18වන පාලකයායි. 1659 සිට 1675 දක්වා පාලනය ගෙන ගිය ඔහුගේ සමයේ විවිධ කරුණු, විශේෂයෙන්ම අවමංගල කටයුතු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර දැඩි ආරවුල් ඇති විය.

පසුබිම[සංස්කරණය]

හ්යොන්ජොං උපත ලැබූයේ 1641දී හ්යෝජොං රජුගේ පළමු පුත්‍රයා ලෙසයි. යි යොන් යනුවෙන් නම් ලද ඔහු උපත ලද සමයේ ඔහුගේ පියා චීනයේ මැංචු ක්විං රාජවංශයේ සිරභාරයේ පසු විය. ඔහු උපත ලැබූයේ ෂෙන්යැංහි ය. 1644දී මිං රාජවංශය පරාජයට පත්කොට නිල වශයෙන් ක්විං රාජවංශයේ අගනුවර බෙයිජිං වෙත ගෙනයාමට පෙර මැංචු අගනුවර වූයේ ෂෙන්යැං ය. 1645දී සිය පියා සමග කොරියාවට පැමිණි ඔහු 1651දී කිරුළහිමි කුමරු තනතුරට පත් විය.

හ්යෝජොංගේ අවමංගල්‍යය පිළිබඳ මතභේදය (යේසොං මතභේදය)[සංස්කරණය]

1659දී, හ්යෝජොං රජු මියයාමත් සමග හ්යොන්ජොං ‍ජොසොන්හි රජ බවට පත් විය. ඔහුගේ රාජ්‍ය සමයේ ප්‍රථම කටයුත්ත වූයේ හිටපු රජුගේ අවමංගල්‍යය පිළිබඳ කටයුතු යෙදීමයි. මධ්‍යස්ථ මතධාරී බටහිර පක්ෂය සහ නිදහස් මතධාරී දක්ෂිණ පක්ෂය, ඉන්ජෝ රජුගේ දෙවන බිරිඳ වූ ජංර්යොල් රැජින කොන්ෆියුසියානු අවමංගල ක්‍රමය අනුව කෙතරම් කලක් අවමංගල වස්ත්‍ර පැළඳිය යුතු දැයි විවාද කරන්නට විය. සොං සි-යොල්ගේ නායකත්වයෙන් යුත් බටහිර පක්ෂය පැවසූයේ ඇය එම වස්ත්‍ර හැඳිය යුත්තේ එක් වසරක් පමණක් බවයි. නමුත් හියෝ ජොක්ගේ නායකත්වයෙන් යුත් දක්ෂිණ පාක්ෂිකයන් එය වර්ෂ 3ක් විය යුතු බවට තර්ක කළහ. මෙම මතභේදය ගොඩනැගුණේ යම් තැනැත්තකුගේ දෙවන සුළු පුත්‍ර රජකු මියගිය විට එම තැනැත්තා අනුගමනය කළ යුතු අවමංගල සම්ප්‍රදායය පිළිබඳ පෙර කොන්ෆියුසියානු වාර්තා නොතිබීමයි. බටහිර පාක්ෂිකයන් මෙම දෙවන සුළු පුත්‍රයකු පිළිබඳ අදහස ඉදිරිපත් කරන විට, දක්ෂිණ පාක්ෂිකයන් වසර 3ක් යෝජනා කළේ හ්යෝජොං රජුගෙන් පසුව කෙලින්ම සිහසුනට පත් වූයේ ඔහු නිසායි.

අවසාන තීරණය ගැනීමට තරුණ හ්යොන්ජොං රජුට භාර විය. ඔහු එක් වසරක කාල සීමාව තේරී ය. එමගින් බටහිර පක්ෂය ප්‍රමුඛ පක්ෂය ලෙස පිළිගැනිණි. නමුත් ඔහු රාජකීය අධිකාරයට බටහිර පාක්ෂිකයනගෙන් එල්ල විය හැකි තර්ජන වැළැක්වීමට ඔහු හියෝ ජොක්ව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඉවත් නොකළේ ය. මෙලෙසින් දක්ෂිණ පාක්ෂිකයින් සහ බටහිර පාක්ෂිකයින් අතර අරගලය තීව්‍ර වූයේ අවමංගල කරුණ සම්බන්ධයෙනි. මීට පෙර 1623දී මහා උත්තර පක්ෂය බිඳ වැටීමෙන් පසුව, බටහිර පක්ෂය සහ දක්ෂිණ පක්ෂය හ්යෝජොං රජු යටතේ දේශපාලන සන්ධානයක් ඇතිකර ගෙන තිබිණි. නමුත් පසුව මෙම අවමංගල කරුණ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය දැඩි ඝට්ටනයකට පත්වීම වළක්වාලිය නොහැකි විය.

හ්‍යොන්ජොං රජු විසින් පළමුව බටහිර පාක්ෂිකයන්ගේ වසරක කාලය ක්‍රියාත්මක කරවීමෙන් සහ දක්ෂිණ පාක්ෂික හියෝ ජොක් අග්‍රාමාත්‍ය තනතුරෙහිම රැඳවීමෙන් මෙම පක්ෂ දෙක අතර සමතුලිතතාව පවත්වා ගත්තේ ය. කෙසේනමුත් 1674දී, හ්යෝජොංගේ බිරිඳ වූ ඉන්සොන් රැජින සහ හ්යෝජොංගේ මව මියයාමත් සමග මෙම අවමංගල කරුණ නැවත කරලියට පැමිණියේ ය. දක්ෂිණ පාක්ෂිකයන්ට ජේඋයි අගබිසව අවමංගල වස්ත්‍ර වසරක් පළඳිනු දැකීමට අවශ්‍ය වූ අතර, බටහිර පාක්ෂිකයන්ට අවශ්‍ය වූයේ එය මාස නවයක කාලයක් සඳහා පමණි. මේ අවස්ථාවේදී හ්යොන්ජොං රජු දක්ෂිණයන්ගේ මතය අනුමත කිරීම හේතුවෙන් දක්ෂිණ පක්ෂය ප්‍රමුඛ පක්ෂය බවට පත් විය. 1675දී හ්යොන්ජොං මියයාමෙන් පසුව ද මෙම මතවාදය යළි පැනනැගිණි. එය සමථයකට පත්කරන ලද්දේ හ්යොන්ජොංගේ පුත්‍රයා වූ සුක්ජොං රජු විසිනි. සුක්ජොං විසින් මෙම කරුණ සම්බන්ධයෙන් විවාද කළ සියලු දෙනාව නෙරපා දමන ලදී. මෙම මතවාදය හ්යොන්ජොං යුගයේ නිල ඉතිහාසය ලිවීමට ද බලපෑවේ ය. පළමුව එය ප්‍රධානව දක්ෂිණ පාක්ෂියන් විසින් ලියනු ලැබුව ද, පසුව බටහිර පාක්ෂික ඉතිහාසඥයින් විසින් එය ප්‍රතිශෝධනය කරන ලදී.

කාර්ය සාධනය[සංස්කරණය]

1666දී ‍හ්යොන්ජොංගේ රාජ්‍ය සමයේ, වසර තිහක් පමණ රැඳවුම් භාරයේ පසු වූ ලන්දේහි ජාතික හෙන්ඩ්‍රික් හැමල් කොරියාව අතහැර නැවත නෙදර්ලන්තය වෙත පැමිණි අතර, ඔහු විසින් කොරියාවේ සිය අත්දැකීම් ඇසුරින් ජොසොන් රාජවංශය පිළිබඳ ග්‍රන්ථයක් රචනා කරන ලදී. ඉන් මෙම කුඩා රාජධානිය බොහෝ යුරෝපීයයන්ට හඳන්වා දෙන ලදී.

ජොසොන් රාජධානිය ක්විං රාජවංශයේ යටත් රාජ්‍යයක් බවට පත්ව සිටි හෙයින් ‍හ්යොන්ජොං විසින් හ්යෝජොං රජුගේ උතුරු ආක්‍රමණ සැලසුම නවතා දමන ලදී. මීට අමතරව, මිං රාජවංශයට එරෙහි ජයග්‍රහණ රැසක් අත්කරගත් ක්විං රාජවංශය බොහෝසෙයින් බලවත්ව පැවතිණි. නමුත් සත්-අවුරුදු යුද්ධයෙන් සහ මැංචු ආක්‍රමණ දෙකකින් පරිහානියට පත්ව තිබූ දේශීය හමුදාව ප්‍රතිනිර්මාණය සහ පුළුල් කිරීම තවදුරටත් හ්යොන්ජොං අතින් සිදු විය. මීට අමතරව ඔහු විසින් තාරකා විද්‍යාව සහ මුද්‍රණ ක්ෂේත්‍රය වැඩිදියුණු කරන ලදී. තව ද හ්යොන්ජොං විසින් ඥාතීන් සහ එකම පෙළපත් නාමය සහිත පුද්ගලයන් අතර විවාහය තහනම් කරන ලදී. 1675දී හ්යොන්ජොං මියගිය අතර, ඔහුගේ පුත් සුක්ජොං බලයට පත් විය.

පවුල[සංස්කරණය]

    1. රාජකීය අනුප්‍රාප්තික කුමරු (왕세자)
    2. මියොංසොන් කුමරිය (명선공주)
    3. මියොංහ්යේ කුමරිය (명혜공주)
    4. මියොංගන් කුමරිය (명안공주)

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • කොරියාවේ මහා හ්යොන්ජොං සෝහ්යු යොංග්යුං දොන්දොක් සුසොං සුන්මුන් සුක්මු ග්යුන්ගින් චංහ්යෝ රජ
  • 현종소휴연경돈덕수성순문숙무경인창효대왕
  • 顯宗昭休衍慶敦德綏成純文肅武敬仁彰孝大王

ජනප්‍රිය සංස්කෘතිය තුළ නූතන නිරූපණ[සංස්කරණය]

හන් සං-ජින් විසින් 2012 රූපවාහිනී කතාමාලාවක් වූ හොස් ඩොක්ටර් තුළ හ්යොන්ජොං රජුගේ චරිතය නිරූපණය කරයි. හ්යොන්ජොංගේ සොයුරිය වූ සුඛ්වි කුමරිය ද මෙහි සහාය චරිතයකි. ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව් නැමැති රූපවාහිනී කතාමාලාව තුළ[3] ද ඔහුගේ චරිතය දක්නට ලැබෙයි.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. මේ තැනැත්තියගේ නාමය සමාන චීන-කොරියානු මාත්‍රාව සහිත නමුත් වෙනස් හන්ජා අක්ෂර සහිත මියොංසොං සමග වරදවා වටහා නොගන්න. මෙම දෙවැනියට සඳහන් තැනැත්තිය පළමුව සඳහන් තැනැත්තියගේ පුත් සුක්ජොං රජුගේ දෙවන බිරිඳගේ පාර්ශ්වයෙන් (යෝහ්‍යුං මින් වංශයේ) මහා-මහා-මහා-මහා-ලේලියකි.
  2. http://www.royalark.net/Korea/korea6.htm
  3. දෝ, ජේ-හේ (17 ජූනි 2013). "නිව් ෆේස් ඔෆ් කොරියන් ඩ්‍රාමා". ද කොරියා ටයිම්ස්. Retrieved 2014-11-12.
ජෝසුන්හි හ්යොන්ජොං රජ
උපත: 15 මාර්තු 1641 මරණය: 17 සැප්තැම්බර් 1675
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
හ්යෝජොං
ජොසොන්හි රජ
1659–1675
අනුප්‍රාප්තික වූයේ
සුක්ජොං
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_හ්යොන්ජොං_රජ&oldid=387574" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි