ගොගුර්යෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ගොගුර්යෝ
고구려 (高句麗)
ක්‍රි.පූ. 37–ක්‍රි.ව. 668
ක්‍රි.ව. 476 ගොගුර්යෝව එහි උච්චස්ථානයේ.
අගනුවර ජොල්බොන්
(ක්‍රි.පූ. 37 – ක්‍රි.ව. 3)

ගුංනේ
(3–427)

ප්යොංග්යෑං
(427–668)
භාෂා ගොගුර්යෝ භාෂාව (පැරණි කොරියානු හෝ කල්පිත බුයෝ භාෂාව සමග සම්බන්ධ ය.)
ආගම බුදු දහම, තාඕවාදය, කොන්ෆියුසියානුවාදය, යකැදුරුවාදය
රජය තේවං
රජ
 •  ක්‍රි.පූ. 37–19 දොංමියොං (පළමු)
 •  391–413 මහා ග්වංගේටෝ
 •  413–491 ජංසු
 •  590–618 යොන්ග්යං
ඓතිහාසික යුගය පුරාතන
 •  ස්ථාපනය ක්‍රි.පූ. 37
 •  බුදු දහම හඳුන්වා දීම 372
 •  මහා ග්වංගේටෝගේ ආක්‍රමණ 391–413
 •  ගොගුර්යෝ-සුයි යුද්ධය 598–614
 •  ගොගුර්යෝ-ටෑං යුද්ධය 645–668
 •  ප්යොංග්යෑං බිඳ වැටීම ක්‍රි.ව. 668
Area
 •  476 350,000 km² (135,136 sq mi)
Population
 •  476 est. 3,500,000 
     Density 10 /km²  (25.9 /sq mi)
පූර්වප්‍රාප්තික වූයේ
අනුප්‍රාප්තික වූයේ
බුයෝ
බල්හේ
එක්සත් සිල්ලා
වර්තමානයෙහි මෙහි කොටසකි  උතුරු කොරියාව
 දකුණු කොරියාව
 චීනය
 රුසියාව
ගොගුර්යෝ
හංගුල් 고구려
හංජා 高句麗
සංශෝධිත රොමානුකරණය ගොගුර්යෝ
මෙකන්–රයිෂවර් කොගුර්යෝ
ලිපි මාලාවේ කොටසක් වන
මැංචූරියාව පිලිබඳ ඉතිහාසය

ගොගුර්යෝ (හංගුල්: 고구려; හන්ජා: 高句麗; RR: ගොගුර්යෝ; MR: කොගුර්යෝ, කොරියානු උච්චාරණය: [koɡuɾjʌ], ක්‍රි.පූ. 37 – ක්‍රි.ව. 668), හෙවත් ගොර්යෝ (හංගුල්: 고려; හන්ජා: 高麗; RR: ගොර්යෝ; MR: කොර්යෝ, කොරියානු උච්චාරණය: [koɾjʌ]), යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන කොරියානු තුන් රාජධානි අතුරින් එකකි.[1][2][3] මෙය පිහිටා තිබුණේ කොරියානු අර්ධද්වීපයේ උතුරු හා මධ්‍යම කොටස්වල සහ ඇතුළු හා පිටත මැංචූරියාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල ය. කොරියානු අර්ධද්වීපයේ බලය සඳහා වූ අරගලයට සක්‍රීයව දායක වූ රාජ්‍යයක් ලෙස ගොගුර්යෝව සැලකෙයි. එසේම එය යාබද රාජ්‍ය වූ චීනය සහ ජපානය සමග සම්බන්ධතා පවත්වා ඇත.

12වන සියවසට අයත් ගොර්යෝ සමයේ ලියැවුණු සම්ගුක් සගි ග්‍රන්ථයේ තොරතුරුව අනුව පෙනෙන්නේ ගොගුර්යෝව පිහිටුවන ලද්දේ ක්‍රි.පූ. 37දී ජුමොං (හන්ජා: 朱蒙) නැමැති බුයෝ රාජධානියේ කුමරෙක් බවයි. ඔහු පසුව ගොගුර්යෝහි දොංමියොං ලෙස සිංහාසනාරූඪ විය. ගොගුර්යෝව ක්‍රි.පූ. දෙවන සියවසේ දී ගෝජොසොන් රාජ්‍යය බිඳවැටුණු සමය අවට කාලයේත් පැවති බවට චීන භූගෝලවිද්‍යා වාර්තාවලින් පුරාවිද්‍යාත්මක සහ ලිඛිත සාක්ෂි හමු වේ. ගෝජොසොන් රාජධානිය යනු දකුණු මැංචූරියාවේ සහ උතුරු කොරියානු අර්ධද්වීපයේ ව්‍යාප්තව පැවති මුල්කාලීන රාජධානියකි.

‍ගොගුර්යෝව බලවත් අධිරාජ්‍යයක් වූ අතර, එය නැගෙනහිර ආසියාවේ මහා බලවතුන්ගෙන් අයකු ලෙස සැලකිණි.[4][5] නමුත් 668දී සිල්ලාටෑං චීන සන්ධානය විසින් එය බිඳහෙලන ලදී. බිඳවැටීමෙන් පසු ගොගුර්යෝවේ භූමිය පසුකාලීන සිල්ලා, බල්හේ සහ ටෑං චීන රාජ්‍ය අතර බෙදී ගියේ ය.

ගොර්යෝ (කොර්යෝ ලෙස ද උච්චාරණය කෙරේ) යන්න ගොගුර්යෝ (කොගුර්යෝ ලෙස ද උච්චාරණය කෙරේ) යන්නෙහි කෙටි ස්වරූපයක් වන අතර, 413 සිට 491 දක්වා රාජ්‍ය පාලනය කළ ජංසු රජු විසින් එම නාමය භාවිතයට ගෙන තිබේ. මෙය වර්තමාන "කොරියාව" යන වදනට සම්භවය වන්නට ඇත.

12වන සියවසට අයත් සම්ගුක් සගි සහ 13වන සියවසට අයත් සම්ගුංන්‍යුසා මූලාශ්‍ර අනුව, බුයෝ රාජධානියේ ජුමොං නැමැති කුමාරයකු මාලිගයේ සෙසු කුමාරවරුන් සමග බල අරගලයක් හේතුවෙන් මාලිගයෙන් පලාවිත්[6] ක්‍රි.පූ. 37දී ‍ජොල්බොන් බුයෝ ප්‍රදේශයේ ගොගුර්යෝව පිහිටුවා ඇත. මෙය මධ්‍යම යාලු සහ තොංජියා ගංගා ද්‍රෝණියේ පිහිටා තිබෙන්නට ඇත. එනම් වර්තමාන චීන-උතුරු කොරියා දේශසීමාව මතින් එය වැටී තිබිණි. හන්හි ග්‍රන්ථය නැමැති ග්‍රන්ථයේ භූගෝලවිද්‍යාත්මක නිබන්ධනයේ , ගොගුර්යෝ (හන්ජා: 高句麗)[7] යන නාමය මුලින්ම දැක්වෙන්නේ ක්‍රි.පූ. 113 දී ෂුවාන්ටු ආඥාභූමිය යටතේ පැවති ප්‍රදේශයක් ලෙසයි. ‍ටෑංහි පැරණි ග්‍රන්ථය (945) තුළ වාර්තා කොට ඇත්තේ ටෑංහි ටයිෂොං අධිරාජයා විසින් ගොගුර්යෝවේ ඉතිහාසය වසර 900ක් පමණ පැරණි යැයි සලකා ඇති බවයි.

ක්‍රි.පූ. 75දී, ගොගුර්යෝවේ සම්භවය වන්නට ඇතැයි සිතිය හැකි යේමෙක් කණ්ඩායමක් විසින් යාලු ගංගාවේ බටහිරින් වූ චීනයේ ෂුවාන්ටු ආඥාභූමිය ආක්‍රමණය කොට ඇත.[8]

කෙසේනමුත්, ටෑංහි පැරණි ග්‍රන්ථය, ටෑංහි නව ග්‍රන්ථය, සම්ගුක් සගි, සහ නිහොන් ෂොකි ඇතුළු වෙනත් පුරාතන මූලාශ්‍ර අනුව ගොගුර්යෝව පිහිටුවූ දිනය ලෙස ක්‍රි.පූ. 37 හෝ "මැදි" ක්‍රි.පූ. පළමු සියවස ගතහැකි බව පෙනේ.[තහවුරු කරන්න] පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රි.පූ. 2වන සියවසේ කේන්ද්‍රගත වූ යේමෙක් කණ්ඩායම් පිළිබඳ සාධක හමුවුවද, යේමෙක් ගෝත්‍ර තමන්ව ගොගුර්යෝව ලෙස හඳුන්වාගත් බවට ඍජු සාධක හමු නොවේ. යේමෙක් ගෝත්‍ර හා සම්බන්ධව ගොගුර්යෝව පිළිබඳ පළමු සඳහන හමුවන්නේ හන් ෂු තුළිනි. මෙහි ක්‍රි.ව. 12දී ඇති වූ ගොගුර්යෝ කැරැල්ලක් මගින් ෂුවාන්ටුහි චීන බලය බිඳහෙළූ බව සඳහන් වේ.[9]

පිහිටුවූ සමයේ, ගොගුර්යෝව බුයෝ සහ යේමෙක් ජන සම්මිශ්‍රණයෙන් සැදි රාජ්‍යයක් ලෙස පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. බුයෝහි නායකයින් ඇතැම්විට සිය රාජධානිය අත්හැර පවතින යේමෙක් ගෝත්‍ර ඒකාබද්ධ කරන්නට ඇත.[10] තුන් රාජධානිවල වාර්තා තුළ එන "නැගෙනහිර ම්ලේච්ඡයන්ගේ වාර්තා" නැමැති අංශයෙහි සඳහන් වන්නේ බුයෝ සහ යේමෙක් ජනයා යන දෙපාර්ශ්වයම වාර්ගික වශයෙන් සම්බන්ධ බවත්, සහ එකම භාෂාවක් කථාකළ බවත් ය.[11]

පටුන

ජුමොං සහ පදනම් පුරාණෝක්තිය[සංස්කරණය]

ගොගුර්යෝ යුගයට අයත් ඔහෝයි 4 සොහොන්ගැබෙන් හමුවූ මිත්‍යාමය රුවක්

ජුමොං පිළිබඳ පැරණිතම සඳහන හමුවන්නේ 4වන සියවසට අයත් ග්වංගේටෝ ශිලාවෙනි. ජුමොං යන වදන හන්ජා 朱蒙 ජුමොං, 鄒牟 චුමෝ, හෙවත් 仲牟 ජුංමෝ යන වදනේ නූතන කොරියානු පිටපත් කිරීමයි.

ශිලාවෙහි සඳහන් වන්නේ ජුමොං යනු ගොගුර්යෝවේ පළමු රජු සහ මුතුන්මිත්තා බවයි‍. එසේම ඔහු බුයෝහි කුමරුට දාව ගංගා දේවතාවා වූ හාබෙක්ගේ දියණියට උපන් පුත්‍රයා බැව් පැවසේ.[12] සම්ගුක් සගි සහ සම්ගුංන්‍යුසා අමතර තොරතුරු සපයමින් පවසන්නේ ජුමොංගේ මව යුහ්වා නැමැත්තියක බවයි. ජුමොංගේ සැබෑ පියා බුයෝහි හේ මෝ-සු නැමැති මිනිසකු බවත්, ඔහු "ශක්තිමත් මිනිසා" සහ "දිව්‍යමය කුමරු" ලෙස හැඳින්වුණු බවත් දැක්වේ.[13] යුහ්වා ගැබිනියක බව දැන ගංගා දේවතාවා ඇය පසුපස හඹා ආ බවත් ඇය උබාල් ගංගාවෙන් (හන්ජා: 優渤水) එපිටට පලාවිත්, දොංබුයෝහි ග්‍යුම්වාගේ උපබිසවක වූ බවත් පැවසේ.

ජුමොංහට දුනු විදීමෙහි විශිෂ්ට හැකියාවක් තිබූ බැව් ප්‍රකට ය. ක්‍රමයෙන් ග්‍යුම්වාගේ පුතුව් ඔහු කෙරෙහි ඊර්ෂ්‍යා කළ බැවින් ජුමොංහට නැගෙනහිර බුයෝ වෙත පලායාමට සිදු විය.[14] ජුමොං පැමිණියේ කුමන බුයෝවෙන් ද යන්න පිළිබඳ ශිලාව සහ සෙසු කොරියානු මූලාශ්‍රවල දැක්වෙන් තොරතුරු එකිනෙකට පරස්පර ය. ශිලාවෙහි සඳහන් වන්නේ ඔහු පැමිණියේ බුයෝ රාජධානියේ සිට බවයි. නමුත් සම්ගුංන්‍යුසා සහ සම්ගුක් සගි මූලාශ්‍ර පවසන්නේ ඔහු පැමිණියේ නැගෙනහිර බුයෝ සිට බවයි. ජුමොං ක්‍රමයෙන් එය ජොල්බොන් බවට පත්කළ අතර, ඔහු එහි පාලකයාගේ දියණිය වූ සෝසොනෝ විවාහ කරගත්තේ ය. අනතුරුව එහි රජු බවට පත්වූ ඔහු, සිය ස්වදේශික රාජ්‍යයේ අනුගාමිකයන් කිහිප දෙනකු සමග ගොගුර්යෝව පිහිටුවී ය.

සම්ගුක් සගි ග්‍රන්ථයේ එන "බෙක්ජේහි වාර්ෂික වාර්තා" නැමැති කොටසේ සඳහන් වන්නේ සෝසොනෝ යනු ජොල්බොන්හි ධනවත් සහ බලවත් පුද්ගලයකු වූ යොන් තාබල්ගේ දියණිය බවත්[15] ඇය ජුමොං හා විවාහ වූ බවත් ය. කෙසේනමුක් එම මූලාශ්‍රයේම නිල වශයෙන් දැක්වෙන්නේ ජොල්බොන්හි රජු නැගෙනහිර බුයෝවේ සිට අනුගාමිකයන් සමග පැමිණි ජුමොංහට සිය දියණිය විවාහ කරදුන් බවයි. ගොගුර්යෝව නැමැති නව රාජ්‍යය පිහිටුවීමට ඇය සිය සැමියා වූ ජුමොං හට මූල්‍යමය ආධාර සැපයූවා ය.[16] ජුමොංට දාව ඔහුගේ ප්‍රථම භාර්යාව වූ යේ ආර්යාවට උපන් පුත්‍රයා වන ගොගුර්යෝහි යුරි දොංබුයෝවේ සිට පැමිණ ජුමොංගෙන් පසු සිහසුනට පත්වීමත් සමග, සෝසොනෝ සිය පුත්‍රයින් දෙදෙනා වන බිර්යු සහ බෙක්ජේහි ඔන්ජෝ සමග ගොගුර්යෝව අත්හැර දකුණ බලා පිටත් වූවා ය. නව රාජධානි පිහිටුවීම ඔවුන්ගේ අරමුණ වූ අතර, ඉන් එකක් බෙක්ජේ නම් විය.

ජුමොංගේ දෙනලද පෙළපත් නාමය "හේ" (හන්ජා:解) යන්නයි. මෙය බුයෝ පාලකයින්ගේ නාමයකි. සම්ගුංන්‍යුසා අනුව, ජුමොං විසින් සිය පෙළපත් නාමය "ගෝ" (හන්ජා:高) ලෙස වෙනස් කොටගෙන ඇත්තේ සිය දිව්‍යමය උපත සිහිකරවීමටයි.[17] ජුමොං විසින් ක්‍රි.පූ. 36දී බිර්යු (හන්ජා:沸流國), ක්‍රි.පූ. 33දී හෙං-ඉන් (හන්ජා:荇人國), සහ ක්‍රි.පූ. 28දී උතුරු ඔක්ජෝ යන ගෝත්‍රික ජනපද ආක්‍රමණය කළ බැව් වාර්තා වේ.[18][19]

මධ්‍යගතකරණය සහ මුල්කාලීන ව්‍යාප්තිය (පළමු සියවසේ මැද භාගය)[සංස්කරණය]

ගොගුර්යෝව විවිධ යේමෙක් ගෝත්‍ර ඒකාබද්ධ කරමින් මුල්කාලීන රාජ්‍යයක් ලෙස ශීඝ්‍රයෙන් වර්ධනය විය. එය ඔවුන්ගේ මුල් පාලන භූමිය වූ හුන් ගංගා ප්‍ර‍දේශයේ සිට බලය ව්‍යාප්ත කළේ ය. ගොගුර්යෝහි තේජොදේ රජ සමයේ ක්‍රි.ව. 53දී, ස්වදේශික ගෝත්‍ර පහක් ප්‍රතිසංවිධානය කොට මධ්‍යගත පාලන දිස්ත්‍රික්ක පහක් නිර්මාණය කෙරිණි. විදේශ සබඳතා සහ යුධ කටයුතු රජු විසින් මෙහෙයවන ලදී. මුල්කාලීන ව්‍යාප්තිය එහි පරිසරය අනුව මනාව පැහැදිළි කළ හැක. ගොගුර්යෝව පාලනය කළේ වර්තමාන මධ්‍ය සහ දකුණු මැංචූරියාවට සහ උතුරුදිග කොරියාවට අයත් භූමිභාගයයි. මේවා කඳුකර ප්‍රදේශ වූ බැවින් ගොවිතැනට යෝග්‍ය බිම් අල්ප විය. මධ්‍යගත කිරීම මගින් ගොගුර්යෝවට එහි ජනයාට යැපෙන්නට ප්‍රමාණවත් තරම් සම්පත් ප්‍රමාණයක් හිමිනොවන්නට ඇත. මේ නිසා ඓතිහාසික එ‍ඬේර හැසිරීම මෙන්ම, ඔවුන් භූමිය සහ සම්පත් ලබාගැනීමේ අරමුණින් ඔවුන් අසල්වැසි සමාජ ආක්‍රමණය කරන්නට සිතන්නට ඇත. ආක්‍රමණික යුධ ක්‍රියාකාරකම් හේතුවෙන් රාජ්‍යය ව්‍යාප්ත වූ අතර, ගොගුර්යෝව අසල්වැසි ගෝත්‍රික රාජ්‍යවලින් පඬුරු කප්පම් ලබාගනිමින් දේශපාලන සහ ආර්ථික අතින් ප්‍රමුඛත්වය පත් වන්නට ඇත.[20]

තේජෝ විසින් වර්තමාන ඊසානදිග කොරියානු ප්‍රදේශවල පිහිටා තිබූ ඔක්ජෝ ගෝත්‍ර සහ දොංග්යේ ඇතුළු වෙනත් අග්නිදිග මැංචූරියානු සහ උතුරුදිග කොරියානු ගෝත්‍ර ආක්‍රමණය කරන ලදී. මෙලෙසින් යටත් රාජ්‍ය වෙතින් ලබාගත් බලය සහ සම්පත් අතින් ගොගුර්යෝව වර්ධනය වීමෙන් පසු තේජෝදේ විසින් කොරියානු සහ ලියාඕදොං අර්ධද්වීපයන්හි පිහිටි ලේලෑං සහ ෂුවාන්ටු යන හන් ආඥාභූමිවලට ප්‍රහාර එල්ලකරන ලදී. මෙලෙසින් ගොගුර්යෝව එම ආඥාභූමිවලින් සම්පූර්ණයෙන්ම ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය.[21]

සාමාන්‍යයෙන් තේජොදේ විසින් යටත් කරගත් ගෝත්‍රවලට ඔවුන්ගේ බලප්‍රදේශ එලෙසම පවත්වා ගැනීමට අවසර ලබාදුන්න ද, ගොගුර්යෝ රාජකීය පෙළපතේ ආණ්ඩුකාරවරුන්‍ වෙත වාර්තා කිරීමට ඔවුනට සිදු විය. ගොගුර්යෝවේ යටත් ගෝත්‍රවලට දැඩි පඬුරු කප්පම් ගෙවීමට සිදු විය. තේජොදේ සහ ඔහුගේ අනුප්‍රාප්තිකයින් විසින් මෙම සම්පත් යොදාගෙන ගොගුර්යෝව උතුරින් සහ බටහිර දෙසින් ව්‍යාප්ත කරන ලදී. ගෝත්‍රික නායකයන් මධ්‍යම වංශවතුන් බවට පත්වන්නට වූ හෙයින්, ගොවියන් සහ වංශවතුන් යාමනයට නව නීති සම්පාදනය කෙරිණි. රාජ මාලිගය ස්ථාවර කරමින් රාජකීය අනුප්‍රාප්තිය සහෝදරයාගෙන්-‍සහෝදරයාට වෙනුවට පියාගෙන්-පුත්‍රයාට ලෙස වෙනස් කරන ලදී.[22]

ව්‍යාප්ත වූ ‍ගොගුර්යෝ රාජධානිය මඳ කලෙකින්ම බටහිරින් වූ ලියාඕදොං ආඥාභූමියේ ඍජු යුධ බලපෑමට නතු විය. ලියාඕදොං වෙතින් එල්ල වූ පීඩනය හේතුවෙන් ගොගුර්යෝවට එහි අගනුවර හුන් ගංගා නිම්නයේ සිට යාලු ගංගා නිම්නයේ වන්ඩු කඳුකර නගරය ආසන්න ප්‍රදේශය වෙත රැගෙන යාමට සිදු විය.[23]

ගොගුර්යෝ–වෙයි යුද්ධ[සංස්කරණය]

හන් රාජවංශයේ බිඳවැටීමෙන් පසු ඇතිවූ ව්‍යාකූලභාවය හේතුවෙන් පැරණි හන් ආඥාභූමි ස්වාධීන පාලනයට නතු වූ අතර, ඒවා පාලනය කරන ලද්දේ විවිධ ස්වාධීන යුධ නායකයන් විසිනි. ආක්‍රමණික යුධඅධිපතීන් විසින් පාලනය කළ මෙම ආඥාභූමිවලින් වටවූ ගොගුර්යෝව චීනයේ නව ස්ථාපිත කාඕ වෙයි රාජවංශය සමග සබඳතා වැඩිදියුණු කරගත් අතර 220දී පඬුරු කප්ම් ලබා දී ඇත. 238දී, ගොගුර්යෝව වෙයි සමග නිල සන්ධානයකට එළැඹියේ ලියාඕදොං ආඥාභූමිය බිඳහෙළීමට ය.

වෙයි රාජවංශය විසින් අවසානයේ දී ලියාඕදොං ආක්‍රමණය කිරීමෙන් පසු, වෙයි සහ ගොගුර්යෝ සහයෝගය අවසන් වූ අතර, ගොගුර්යෝව විසින් ලියාඕදොංහි බටහිර අන්ත වෙත ප්‍රහාර එල්ල කරන ලදී. මේ අතරට 244දී ඇතිවූ වෙයි ප්‍රතිප්‍රහාර ද ඇතුළත් විය. මෙලෙසින් ගොගුර්යෝව 242දී ගොගුර්යෝ–වෙයි යුද්ධ සඳහා මුලපිරී ය. ඔවුහු චීන බලකොටුව යටත් කරගන්නට තැත් කළේ කොරියානු භූමියේ චීන ආධිපත්‍යය බිඳහෙළීමටයි. කෙසේනමුත්, මෙය ප්‍රතිචාර ලෙස වෙයි රාජවංශය විසින් ගොගුර්යෝව ආක්‍රමණය කොට පරාජය කරන ලදී. 244දී හ්වන්දෝහි අගනුවර වෙයි හමුදා විසින් බිඳහෙළන ලදී.[24] සිය හමුදා විනාශ වීමෙන් පසු ගොගුර්යෝහි දොංචොන් රජු මඳ කාලයකට නැගෙනහිරින් වූ ඔක්ජෝ වෙත පලාගිය බැව් පැවසේ.[25]

පුනර්ජීවනය සහ වැඩිදුර ව්‍යාප්තිය (ක්‍රි.ව. 300 සිට 390 දක්වා)[සංස්කරණය]

හිඳි බුද්ධ ප්‍රතිමා සහ බෝධිසත්ත්ව ප්‍රතිමා; වොනෝ-රි, ගොගුර්යෝව.
ගොගුර්යෝවෙන් හමුවූ රන් ආලේපිත මෙම ලෝකඩ කිරුළ වරක් බෝධිසත්ත්ව ප්‍රතිමාවක හිසෙහි පළඳවා තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

තමන් විසින් ගොගුර්යෝව වැනසූයේ යැයි සිතූ වෙයි හමුදා මඳ කලකින්ම එම භූමිය හැරගියහ. කෙසේනමුත්, වසර 70ක් තුළ ගොගුර්යෝව සිය අගනුවර හ්වන්දෝ කඳුකර බලකොටුව යළි ඉදි කළ අතර, ලියාඕදොං, ලේලෑං සහ ෂුවාන්ටු ආඥා ප්‍රදේශ ආක්‍රමණය කිරීම ඇරඹී ය. ගොගුර්යෝව සිය රාජ්‍යය ලියාඕදොං අර්ධද්වීපය තෙක් ව්‍යාප්ත කිරීමේ දී, ලෙලෑංහි අවසන් චීන ආඥාභූමිය ද ආක්‍රමණය කොට 313දී ගොගුර්යෝහි මිචොන් විසින් එය ඈඳාගත්තේ කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටස ඒකීය පාලනයකට නතු කරගනිමිනි.[26] මෙම ආක්‍රමණය හේතුවෙන් උතුරු කොරියානු අර්ධද්වීපයේ වසර 400ක් පමණ පැවතී චීන පාලනය අවසන් විය.[27][28]

එම අවස්ථාවේ සිට, 7වන සියවස පමණ තෙක් අර්ධද්වීපයේ පාලනය ප්‍රධාන වශයෙන් කොරියාවේ තුන් රාජධානි සතුව පැවතිණි.

342 ශිශිර ඍතුවේ දී රාජ්‍යයේ ව්‍යාප්තියට තාවකාලිකව බාධා පැමිණියේ මුරොං වංශය විසින් පාලනය කළ පැරණි යැන්හි ෂියැන්බෙයි විසින් ගොගුර්යෝ අගනුවර වූ හ්වන්දෝ ආක්‍රමණය කොට විනාශ කිරීමත් සමගයි. ඔවුන් ගොගුර්යෝ මිනිසුන් සහ ස්ත්‍රීන් 50,000ක් කම්කරුවන් ලෙස රැගෙන ගිය අතර, වැන්දඹු රජබිසව සහ අගබිසව ද සිරභාරයට පත් විය.[29] මේ නිසා ගොගුක්වොන් රජුට මඳ කාලයකට පලායාමට සිදු විය. 346දී ෂියැන්බෙයි විසින් බුයෝ රාජ්‍යය ද විනාශ කරන ලදී. මේ නිසා ෂියැන්බෙයි වෙතින් පලායන බුයෝ ජනයා කොරියානු අර්ධද්වීපය වෙත සංක්‍රමණය වන්නට වූහ.[30] 371දී, බෙක්ජේහි ග්‍යුන්චොගෝ රජු විසින් ගොගුර්යෝවේ විශාලතම නගරවලින් එකක් වූ ප්යොංග්යෑං යටත් කරගෙන, චියෑංහි සටනේ දී ගොගුර්යෝහි ගොගුක්වොන් රජුව මරාදමන ලදී.[31]

දේශයේ අභ්‍යන්තර ස්ථායීතාව ඇති කරමින්, නොයෙයකුත් ගෝත්‍ර ආක්‍රමණය කොට ඒකාබද්ධ කිරීමෙන් ගොගුර්යෝහි සොසුරිම් විසින් නව නීති සම්පාදනය කරන ලදී. 372දී ඔහු විසින් බුදු දහම රාජ්‍ය ආගම ලෙස නම්කරන ලදී. අනුතරුව ඔහු විසින් තේහක් (태학, 太學) නැමැති ජාතික අධ්‍යාපන ආයතනයක් ද පිහිටුවී ය.[32] පැරණි යැන් සහ බෙක්ජේ රාජ්‍යවලට ගොගුර්යෝව පරාජයෙන් ලත් අත්දැකීම් සැලකිල්ලට ගනිමින් සොසුරිම් විසින් අනාගතයේ එවැනි පරාජයන් වැළැක්වීමේ අරමුණින් යුධ ප්‍රතිසංස්කරණ ද සිදුකරන ලදී.[33]

ගොගුර්යෝවේ බලයේ උච්චස්ථානය (ක්‍රි.ව.‍ 391 සිට 531 දක්වා)[සංස්කරණය]

ග්වංගේටෝ ශිලාවේ (ක්‍රි.ව. 414) ඇතිල්ලුම් පිටපතක සමීප දසුනක්; සම්භාව්‍ය චීන අක්ෂරවලින් ලියූ මෙය දැනට ශේෂව පවතින ගොගුර්යෝවේ වාර්තා අතලොස්ස අතුරින් එකකි.
ගොගුර්යෝ රාජධානි සමයේ ඉදිවූ රාජකීය සොහොන්ගැබක්; ජි’ආන්, ජිලින්.

සැකිල්ල:Goguryeo monarchs මහා ග්වංගේටෝ සහ ඔහුගේ පුත් ජංසු රජ සමයේ ගොගුර්යෝවේ ස්වර්ණමය යුගය උදා විය.[34][35][36][37] මෙම යුගයේ දී, ‍ගොගුර්යෝවේ භූමියට වර්තමාන සෝල් ප්‍රදේශය ද ඇතුළත්ව කොරියානු අර්ධද්වීපයෙන් හතරෙන් තුනක් පමණ ප්‍රමාණයක් ද, මුළු මැංචූරියාවම පාහේ,[38] ඇතුළු මොංගෝලියාවේ ඇතැම් ප්‍රදේශ[39] සහ රුසියාවේ ඇතැම් ප්‍රදේශ අයත් විය.[40]

මහා ග්වංගේටෝ (රාජ්‍ය. 391–412) යනු ශීඝ්‍ර යුධ ව්‍යාප්ති ප්‍රතිපත්තිය හේතුවෙන් ප්‍රකට වූ ශක්තිමත් පාලකයෙකි.[33] ප්‍රධාන චීන රාජවංශ හා තමන් සම තත්ත්වයක පවතින බැව් විශ්වාස කළ ඔහු "යොංනක්" යන රාජ්‍ය කාල නාමය භාවිතා කළේ ය.[41] ග්වංගේටෝ විසින් ඔහුගේ ආක්‍රමණවල දී පවුරු බැඳි නගර 64කුත් සහ ගම්මාන 1,400ක් ආක්‍රමණය කළ බැව් පැවසේ.[42] බටහිරින්, ඔහු අසල්වැසි ඛිටන් ගෝත්‍ර සහ පසුකාලීන යැන් විනාශ කළේ, සම්පූර්ණ ලියාඕදොං අර්ධද්වීපයම ආක්‍රමණය කරමිනි.[43] නැගෙනහිරින් සහ උතුරු දෙසින් බුයෝ රාජ්‍යයෙන් වැඩි ප්‍රමාණයක් ඈඳාගත් ඔහු සුෂෙන්වරුන්ව ද ආක්‍රමණය කළේ ය. තුන්ගුසීය ජන කොට්ඨාසයක් වූ සුෂෙන්වරුන්, ජුර්චෙන් සහ මැංචුවරුන්ගේ පූර්වජයන් ලෙස සැලකේ.[44] දකුණු දෙසින් බෙක්ජේ රාජ්‍යය පරාජය කළ ඔහු, ගයාහි විසිර යාමට ද හේතු විය. එසේම ගොගුර්යෝ–යමාටෝ යුද්ධය ඔස්සේ ඔහු සිල්ලාව ද අවනත රාජ්‍යයක් බවට පත්කොට ගත්තේ ය. ග්වංගේටෝ විසින් වසර 50ක් පමණ පැවති කොරියානු අර්ධද්වීපයේ ලිහිල් එක්සත්භාවයක් ගොඩනගන ලදී.[45] ඔහුගේ රාජ්‍ය සමයේ අවසානය වන විට, ගොගුර්යෝව අවිවාදයෙන්ම මැංචූරියාවේ බොහෝ ප්‍රදේශ සහ කොරියානු අර්ධද්වීපයේ උතුරු සහ මධ්‍යම ප්‍රදේශවල පාලනය සියතට ගැනීමට සමත්ව තිබිණි.[46]

ග්වංගේටෝගේ වික්‍රමයන් ඔහුගේ පුත් ජංසු විසින් ඉදිකරවන ලද දැවැන්ත අනුස්මරණ ශිලා ස්තම්භයේ සටහන් කොට ඇත. මෙය පිහිටියේ වර්තමාන චීනය සහ උතුරු කොරියාව අතර දේශසීමාවේ ජි’ආන් හි ය.

ජංසු (රාජ්‍ය. 413–491) සිහසුනට පත්වූයේ ක්‍රි.ව. 413දී වන අතර, 427දී ඔහු විසින් අගනුවර ප්යොංග්යෑං වෙත ගෙන යන ලදී. මෙය ගොගුර්යෝව සහ එහි දකුණින් වූ සෙසු අර්ධද්වීපික රාජධානි වන බෙක්ජේ සහ සිල්ලා රාජ්‍ය අතර සතුරුකම් වර්ධනය වෙමින් පැවති බවට සාක්ෂියකි. සිය පියා මෙන්, ජංසු ද ගොගුර්යෝවේ දේශසීමා මැංචූරියාව තුළට ව්‍යාප්ත කළ අතර, නැගෙනහිරින් සොංහුවා ගඟ වෙත ළඟා විය. ඔහු නැගෙනහිර මොංගෝලියාවේ පිහිටි දිදෞයු සහ රෞරන් ප්‍රදේශ ද ආක්‍රමණය කළේ ය. බෙක්ජේ සහ සිල්ලා රාජධානි වෙත ප්‍රහාර එල්ල කළ ඔහු ඒවායේ ඇතැම් භූමි ප්‍රදේශ සිය රාජ්‍යයට ඇතුළත් කොට ගත්තේ ය. මීට අමතරව ජංසුගේ රාජ්‍ය සමය තුළ ගොගුර්යෝවේ දේශපාලන, ආර්ථික සහ වෙනත් සංස්ථායිත අංශවල ප්‍රගමනයන් සිදු විය.[47] 98වන විය තෙක් ගොගුර්යෝව පාලනය කළ ජංසුගේ රාජ්‍ය සමය වර්ෂ 79කි.[48] මෙය නැගෙනහිර ආසියානු ඉතිහාසයේ රජකුට හිමි දීර්ඝතම රාජ්‍ය සමය ද වේ.[49]

ජංසු විසින් ගොගුර්යෝවේ නිල නාමය ගොර්යෝ (고려/高麗, කොරියා) ලෙස වෙනස් කරන ලදී. නමුත් ගොගුර්යෝ යන නාමය තවමත් බහුලව භාවිතා වේ.[50]

මුන්ජාගේ රාජ්‍ය සමයේ ගොගුර්යෝව විසින් බුයෝව සම්පූර්ණයෙන් ඈඳාගන්නා ලදී. මෙය ගොගුර්යෝවේ උතුරුදිගින් උපරිම දේශසීමා ව්‍යාප්තිය සනිටුහන් කරයි. එසේවුව ද, ගොගුර්යෝව තවදුරටත් සිල්ලා හා බෙක්ජේ රාජධානි වෙතත්, මොහේ සහ ඛිටන් ගෝත්‍ර වෙතත් සිය ආධිපත්‍යය පැතිරවී ය.

අභ්‍යන්තර අරගල (531 සිට 551 දක්වා)[සංස්කරණය]

ගොගුර්යෝව එහි උච්චස්ථානය කරා ළඟා වූයේ 6වන සිය‍වසේ ය. කෙසේනමුත්, ඉන් අනතුරුව රාජ්‍යයේ පරිහානිය ආරම්භ විය‍. දේශපාලන පක්ෂභේදය වර්ධනය වීමත් සමග අන්ජං රජුව ඝාතනය වූ අතර, ඔහුගේ සොහොයුරා වූ අන්වොන් සිහසුනට පත් විය. දේශපාලන පක්ෂභේදය උග්‍ර වන්නට වූයේ දෙපාර්ශ්වය මගින් අනුප්‍රාප්තිය සඳහා වෙනස් කුමාරවරුන් යෝජනා කිරීම හේතුවෙනි. කෙසේ හෝ අවසානයේ අට වියැති යැං-වොන් කුමරු අභිෂේක කෙරිණි. නමුත් බල අරගලයට ස්ථිරසාර විසඳුමක් කිසිදින හිමි නොවූ අතර, පෞද්ගලික හමුදා සතු ද්‍රෝහී විනිසුරුවෝ සිය ප්‍රදේශවල සැබෑ පාලකයින් ලෙස කටයුතු කළහ.

ගොගුර්යෝවේ අභ්‍යන්තර බල අරගලවල වාසිය හිමි කරගත් සංචාරක ගෝත්‍රයක් වූ තුචුවේවරු 550 දශකයේ ගොගුර්යෝවේ උතුරු බලකොටු සහ බිම් ආක්‍රමණය කළහ. ගොගුර්යෝව තවදුරටත් දුර්වල තත්ත්වයකට පත්වූ අතර, රාජකීය අනුප්‍රාප්තිය අභිබවා ඉඩම්හිමි වංශාධිපතීන් අතර සිවිල් යුද්ධයක් ඇති විය. 551දී දකුණු දෙසින් ගොගුර්යෝවට ප්‍රහාර එල්ල කිරීමට බෙක්ජේ සහ සිල්ලා රාජ්‍ය සන්ධානයක් ඇති කරගත්තේ ය.

පසුකාලීන 6වන සහ 7වන සියවස්වල අරගල[සංස්කරණය]

පසුකාලීන 6වන සහ 7වන සියවස්වල, ගොගුර්යෝව චීනයේ සුයි සහ ටෑං රාජවංශ සමග අරගලයකට මැදි විය. බෙක්ජේ සහ සිල්ලා රාජ්‍ය සමග එහි සම්බන්ධතා වඩාත් සංකීර්ණ ආකාරයක් ගත් අතර, එය මිත්‍රත්වය සහ එදිරිවාදීත්වය අතර දෝලනය විය. වයඹදිගින් අසල්වැසියකු වූ නැගෙනහිර ගෝක්තුර්ක් (වයඹදිග චීනයේ සහ මොංගෝලියාව අසල පිහිටි ඛානේට් රාජ්‍යයකි) නාමිකව ගොගුර්යෝවේ මිතුරකු විය.

හන් ගංගා නිම්නය ගොගුර්යෝවට අහිමි වීම[සංස්කරණය]

ක්‍රි.ව. 551දී, ගොගුර්යොව් ආක්‍රමණය කිරීම සඳහා බෙක්ජේ සහ සිල්ලා රාජ්‍ය සන්ධානයකට එළැඹි අතර, ඔවුන් විසින් හන් ගංගා නිම්නය ආක්‍රමණය කරන ලදී. අර්ධද්වීපයේ මධ්‍යයට ආසන්නව පිහිටි මෙම නිම්නය කෘෂිකාර්මික අතින් අතිශය සශ්‍රීක වූ හෙයින් එය උපාය මාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශයක් විය. ගොගුර්යෝවේ බලකොටු රාශියකට පහරදීමෙන් බෙක්ජේ රාජ්‍යය වෙහෙසට සහ ආර්ථික අතින් පීඩාවට පත්වූ පසු, සහාය වීමේ ව්‍යාජ අරමුණින් පැමිණි සිල්ලා හමුදා ප්‍රහාර එල්ලකොට 553දී සම්පූර්ණ හන් ගංගා නිම්නයේම අයිතිය තමන් සතු කරගත්හ. මෙම ද්‍රෝහී වීමෙන් කෝපවූ බෙක්ජේහි සොං රජු පළිගැනීමේ චේතනාවෙන් ඊළඟ වර්ෂයේ සිල්ලාවේ බටහිර දේශසීමාව වෙත ප්‍රහාරයක් එල්ල කළ ද, එය අසාර්ථක විය. සොං රජු හසුවූ අතර, ඔහුව මරාදැමිණි.

කොරියානු අර්ධද්වීපය මධ්‍යයේ සිදුවූ යුද්ධයේ දී වැදගත් ප්‍රතිඵල රැසක් ඇති විය. මෙහි දී බෙක්ජේ රාජ්‍යය කොරියානු අර්ධද්වීපයේ දුබලයා බවට පත් කරමින්, සිල්ලාව ප්‍රමුඛස්ථානයට පත්වූයේ ව්‍යාප්තියට උචිත සම්පත් සහ ජනගහනය අතින් පොහොසත් භූමියක් සතුවීම නිසාවෙනි. එසේම යුද්ධය හේතුවෙන් ගොගුර්යෝවට එහි භූමිය භාවිතයට අවස්ථාව හිමිනොවූ හෙයින් රාජධානිය දුර්වල විය. සිල්ලා රාජ්‍යයට ඍජුවම කහ මුහුද වෙත ප්‍රවේශවීමේ අවස්ථාව හිමිවූ අතර, මේ නිසා සිල්ලා රාජ්‍යයට චීන රාජවංශ සමග ඍජු වෙළඳ සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්විය හැකි විය. එසේම එය චීන සංස්කෘතිය සිල්ලා‍ව වෙත සම්ප්‍රේෂණය වීමට ද හේතු විය. මෙලෙසින්, ශිෂ්ටාචාරයේ මූලිකාංග උදෙසා සිල්ලාවට ගොගුර්යෝවෙන් ස්වායත්ත විය හැකි වූ අතර, ඍජුවම චීනයේ සංස්කෘතික සහ තාක්ෂණික දැනුම ලබාගත හැකි විය. මෙලෙසින් සිල්ලාචීනය වෙත නැඹුරු වීම සන්ධානයකට මුලපිරූ අතර, එය පසුකාලීන 7වන සියවසේ ‍ගොගුර්යෝව වෙත අවාසිදායක ප්‍රතිඵල ගෙනදුන්නේ ය.

ගොගුර්යෝ–සුයි යුද්ධය[සංස්කරණය]

ගොගුර්යෝවේ ව්‍යාප්ති ප්‍රතිපත්තිය සුයි චීනය සමග අරගලයකට හා නොසන්සුන්භාවයකට හේතු විය. බටහිර ලියාඕෂි ප්‍රදේශයේ ගොගුර්යෝ හමුදා ආක්‍රමණ සුයිවරුන්ගේ කෝපයට හේතු වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස 598දී පළමු ගොගුර්යෝ–සුයි යුද්ධය ඇති විය. අනතුරුව 612, 613 සහ 614 වර්ෂවල ඇතිවූ ආක්‍රමණවල දී ගොගුර්යෝව යටත් කරගැනීමට සුයි රාජංවශය අපොහොසත් විය. මේ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුනොවිණි.

ගොගුර්යෝවට එරෙහි සුයිහි වඩාත් විනාශකාරී ආක්‍රමණය 612දී සිදු විය. සුයි රාජවංශයේ ඉතිහාසය අනුව එහි දී, සුයි විසින් කොට්ඨාස හමුදා 30ක්, සටන්කරුවන් 1,133,800ක් පමණ පුහුණුකොට තිබේ. ලියාඕ ගංගාව දිගේ ගොගුර්යෝවේ ආරක්ෂක පවුරු ආශ්‍රිතව කඳවුරු බැඳගත් කොට්ඨාස හමුදා නවයක 305,000ක පමණ සෙබලුන් පිරිසක් ප්‍රධාන ආරක්ෂක බැමි මගහැර ගොගුර්යෝ අගනුවර වූ ප්යොංග්යෑං වෙත ගමන්කොට තිබේ. ඔවුන්ගේ අරමුණ වූයේ සැපයුම් සහ ආධාර ලබාගැනීමට සුයි නාවික හමුදාව සමග සම්බන්ධ වීමටයි.

කෙසේනමුත්, ගොගුර්යෝව විසින් සුයි නාවිකා හමුදාව පරාජය කරන ලද අතර, සුයිහි කොට්ඨාස හමුදා නවය ප්යොංග්යෑං වෙත ළඟාවන විට, දිගු කාලීන ආක්‍රමණයක් සඳහා ඔවුනට සැපයුහ් නොතිබිණි. සුයි හමුදා පසුබසින්නට වූ නමුත්, ඉයුල්ජි මුන්දොක් සෙන්පතිගේ නායකත්වය යටතේ ගොගුර්යෝ හමුදා ප්යොංග්යෑංවලින් පිටත දී ඔවුනට පහර දී ජයගන්නට සමත්වූහ. සප්සු ගංගාවේ සටනේ දී, ගොගුර්යෝ සෙබලුන් වේලි බැඳ ජලය නිකුත් කළ අතර, එමගින් සුයි හමුදා බෙදී වෙන්වුණු අතර ඔවුන්ගේ පලයාමේ මාර්ගය අවහිර විය. සුයිහි කොට්ඨාස නවයේ හමුදාවල සෙබලුන් 305,000 අතුරින් සුයි චීනය‍ වෙත නිරුපද්‍රිතව පලාගියේ සෙබලුන් 2,700ත් පමණක් බැව් පැවසේ.

613 සහ 614 ආක්‍රමණ ද අසාර්ථක විය. සුයි සෙන්පති යැං ෂුවාන්ගන් විසින් සුයිහි යැං අධිරාජයාට විරුද්ධව කැරලි ගැසීමත් සමග 613 ආක්‍රමණය අවසන් විය. ගොගුර්යෝව විසින් කැරලි ගැසූ සුයි සෙන්පතියකු වූ හුසි චෙං (斛斯政) භාර දී, තාවකාලික යුධ විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග 614 ආක්‍රමණය ද නවතා දැමිණි. යැං අධිරාජයා විසින් හුසිට මරණ දඬුවම පනවන ලදී. 615දී නැවත වරක් ගොගුර්යෝව ආක්‍රමණය කිරීමට සුයි සැලසුම් කළ ද, සුයිහි අයහපත් දේශපාලන තත්ත්වය හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට කිසිදින අවස්ථාව හිමිවූයේ නැත. යැං අධිරාජයාගේ පාලනයට එරෙහිව ඇතිවූ නොයෙකුත් කැරලි සහ ගොගුර්යෝව ආක්‍රමණය කිරීමට යැං දැක්වූ අසමත්භාවය හේතුවෙන් සුයි තවත් දුර්වල විය. සුයි මහාභූමියේ පළාත්වලින් සහාය හිමිනොවීම නිසා ඔවුනට තවත් ආක්‍රමණ ද දියත් කළ නොහැකි විය.

යුද්ධ හේතුවෙන් සුයිහි ජාතික භාණ්ඩාගාරය හිස්වූ අතර, කැරැලි සහ දේශපාලන අරගල හේතුවෙන් 618දී සුයි රාජවංශය බිඳී ගියේ ය. කෙසේනමුත්, යුද්ධ හේතුවෙන් ගොගුර්යෝව ද විඩාපත්ව සිටි අතර ඔවුන්ගේ ද බලය පිරිහෙමින් පැවතිණි.

ගොගුර්යෝ-ටෑං යුද්ධය සහ සිල්ලා-ටෑං සන්ධානය[සංස්කරණය]

ගොගුර්යෝ–ටෑං යුද්ධයේ පළමු යුධ ව්‍යාපාරය

642 ශිශිර ඍතුවේ දී, ගොගුර්යෝහි යොංන්‍යු රජු සිය සෙන්පතියකු වූ යොන් ගේසොමුන් කෙරෙහි සැකපහළ කළ අතර, ඔහු සිය සෙසු නිලධාරීන් සමග එක්ව යොන්ව මරාදැමීමට සැලසුම් කළේ ය. යොන්හට මෙම පුවත සැලවූ විට, කුමන්ත්‍රණයක් ඇරඹූ ඔහු රජුව සහ උසස් නිලධාරීන්ව මරාදැමී ය. යොංන්‍යුගේ බෑනා වූ ගෝ ජංව ගොගුර්යෝහි බෝජං ලෙස සිංහාසනාරූඪ කළ ඔහු සෙනෙවිරත් (හංගුල්: 대막리지; හන්ජා: 大莫離支) පදවිය ආරූඪ කරගත්තේ ය. යොන් විසින් ටෑං චීනය කුපිත වන ආකාරයේ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. ටයිෂොං අධිරාජයා මෙය දැනගත් පසු, ගොගුර්යෝවට එරෙහිව ආක්‍රමණයක් දියත් කළ යුතු බවට යෝජනා එල්ල වුවත්, මුලින් අධිරාජයා ඒවා ප්‍රතික්ෂේප කළේ ය.

645 ග්‍රීෂ්ම ඍතුව වන විට, ටයිෂොංගේ පෞද්ගලික මෙහෙයවීම යටතේ ටෑං හමුදාවක් ගොගුර්යෝව වෙත පහරදුන්නේ ය. ප්යොංග්යෑං වෙත යන මාර්ගය පාදා ගැනීමේ දී ටෑං හමුදා විසින් යෝදොං (遼東, වර්තමාන ලියාඕයැං, ලියාඕනිං තුළ) සහ ගොගුර්යෝ බලකොටු ගණනාවක් යටත් කරගන්නා ලදී. අන්ෂි බලකොටුව (හන්ජා:安市, වර්තමාන අන්ෂාන්, ලියාඕනිං) ලියාඕදොං අර්ධද්වීපයේ ආරක්ෂාව තහවුරු කළ එකම අවසන් බලකොටුව වූ අතර, එය ද ආක්‍රමණය කෙරිණි. කෙසේනමුත්, අන්ෂිහි අණදෙන සෙන්පති (මොහුගේ නම පිළිබඳ ‍නොයෙකුත් වාද විවාද ඇත. සම්ප්‍රදායිකව එය යැං මන්චුන් යැයි විශ්වාස කෙරේ) විසින් ක්‍රියාත්මක කළ යෝග්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් ටෑං හමුදා අසීරු තත්ත්වයකට මුහුණපෑවේ ය. පසුව ශිශිර ඍතුව ළඟාවීමත් සමග සිය සැපයුම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ටයිෂොං අධිරාජයා පසුබැස්සේ ය. ටෑං චීනවරුන්ගේ ආක්‍රමණය අසාර්ථක වූයේ අන්ෂි බලකොටුව අත්පත් කරගත නොහැකි වීම නිසායි.[31] 657දී සහ 648දී ටයිෂොං අධිරාජයා විසින් ගොගුර්යෝව යළි ආක්‍රමණය කළ ද, එම අවස්ථා දෙකේදීම ඔවුහු පරාජය වූහ.[51][52][53][54][55][56] 649දී ටයිෂොං අධිරාජයා තවත් ආක්‍රමණයක් සූදානම් කළ නමුත්, ග්‍රීෂ්හ ඍතුවේ දී ඔහු මියගියේ ය. බොහෝවිට මෙයට ඔහුට කොරියානු ආක්‍රමණවල දී වැළඳුණු රෝගයක් නිසා සිදුවන්නට ඇත.[54] මේ නිසා සිය ජීවිත කාලය තුළ දී ගොගුර්යෝව ආක්‍රමණය කිරීමට ඔහුට තිබූ අභිප්‍රාය ඉටු කරගත නොහැකි විය.[51] 649 ටෑං ටයිෂොංගේ මරණින් පසු, ඔහුගේ පුත් ටෑං ගඔෂොං විසින් 661දී සහ 662දී ගොගුර්යෝව ආක්‍රමණය කිරීමට උත්සාහැ දැරූ නමුත්, යොන් ගේසොමුන් විසින් එල්ලකළ සාර්ථක ආරක්ෂක ක්‍රියාමාර්ග වැළැක්වීමට ඔවුන් සමත්වූයේ නැත. මේ නිසා ඔවුනට පසුබැසීමට සිදු විය.[57][58] ටෑං හමුදා මේ වන විටත් සැලකිය යුතු හානියක් හිමි කරගෙන තිබිණි.[59][60]

බිඳවැටීම[සංස්කරණය]

නිරිතදිගින් ගොගුර්යෝවේ මිත්‍ර රාජ්‍යයක් වූ බෙක්ජේ රාජ්‍යය 660දී සිල්ලා-ටෑං සන්ධානය යටතට පත්වූ අතර, ඉදිරි වර්ෂ අට තුළ ඔවුන් ලත් ජයග්‍රහණයන් ගොගුර්යෝවට තර්ජන එල්ල කළේ ය.

666 ග්‍රීෂ්ම ඍතුවේ දී, ස්වාභාවික හේතූන් යොන් ගේසොමුන්‍ මියගිය අතර, ගොගුර්යෝව ව්‍යාකූලත්වයට පත් විය. ඔහුගේ පුතුන් සහ බාල සොහොයුරා අතර අනුප්‍රාප්තියට ඇතිවූ අරගල හේතුවෙන් රාජ්‍යය දුර්වල විය.[61] යොන් ගේසොමුන්ගේ පාලන සමයේ නිර්මාණය වූ දේ මංනිජි නැමැති උසස්ම පදිවයට ඔහුගේ වැඩිමහල්ම පුත් යොන් නම්සෙං පත් විය. යොන් නම්සෙං අනතුරුව ගොගුර්යෝ භූමියේ සංචාරයක නියැළෙන විට, යොන් නම්සෙං විසින් ඔහුගේ බාල සොහොයුරන් වූ යොන් නම්ගොන් සහ යොන් නම්සන්ව මරාදැමීමට සැලසුම් කරන බවට කටකථා පැතිරගියේ ය. මේ වනවිට ඔවුන් දෙදෙනාට ප්යොංග්යෑංහි වගකීම් භාර දී තිබූ අතර, යොන් නම්ගොන් සහ යොන් නම්සන් ද යොන් නම්සෙංට විරුද්ධව කැරැල්ලක් ඇති කරන්නට උත්සාහ දරන බවට කටකථා පැතිරගියේ ය. අනතුරුව මෙම තත්ත්වය විමර්ශනය කිරීමට යොන් නම්සෙං විසින් සිය සමීප නිලධාරීන් ප්යොංග්යෑං වෙත පිටත් කළ අවස්ථාවේ, යොන් නම්ගොන් විසින් ඔවුන්ව සිරගත කොට දේ මංනිජි ධුරය අත්කරගන්නා ලදී. යොන් නම්සෙං සිය පුත්‍රයා වූ චොන් හොන්සොං (泉獻誠) පිටත් කර හැරියේ ය. යොන් නම්සෙං විසින් සිය පවුල් නාමය යොන් (淵) සිට චොන් (泉) ලෙස වෙනස් කරන ලද්දේ ගඔෂු අධිරාජයාගේ නාමකරණ තහනමක් හිමි කරගෙන ටෑං සහාය ලබාගැනීමටයි‍. මෙය අවස්ථාවක් කරගත් ගඔෂොං අධිරාජයා ගොගුර්යෝවට පහර දී ආක්‍රමණය කිරීමට හමුදාවක් පිටත් කර හැරියේ ය. යොන් ගේසොමුන්ගේ අනුප්‍රාප්තිකයින් අතර ගොගුර්යෝවේ බල අරගල මධ්‍යයේ ඔහුගේ බාල සොහොයුරා වූ යොන් ජොංතෝ සිල්ලාවට පක්ෂ විය.[61]

667දී, චීන හමුදා ලියාඕ ගංගාව තරණය කොට සින්සොං (新城, වර්තමාන ෆුෂුන්, ලියාඕනිං) අල්ලාගන්නා ලදී. අනතුරුව ටෑං හමුදා යොන් නම්ගොන්ගේ ප්‍රතිප්‍රහාරවලට එරෙහිව සටන්කළ අතර, යොන් නම්සෙංගේ සහාය හැකි සෑම අවස්ථාවකම උපයෝගී කරගත්හ.[61] මුලින් එල්ල වූ ප්‍රතිරෝධය ඒතුවෙන් ඔවුනට යාලු ගංගාව තරණය කළ නොහැකි විය. 668 වසන්ත ඍතුවේ දී, ගොගුර්යෝවේ උතුරුදිග නගර වෙත සිය අවධානය යොමුකළ ලි ජි වැදගත් නරගයක් වූ බුයෝ (扶餘, වර්තමාන සිපිං, ජලින්) අල්ලාගත්තේ ය. 669දී යාලු ගංගාව තරණය කළ ඔහු සිල්ලා හමුදාවේ ආධාර ඇතිව ප්යොංග්යෑං යටත් කරගන්නා ලදී.

යොන් නම්සන් සහ බෝජං රජු යටත් විය. නමුත් ඇතුළු නගරය තුළ යොන් නම්ගොන් දිගටම විරෝධය පාන්නට විය. නමුත් ඔහුගේ සෙන්පතියකු වූ ෂින් සොං (信誠) නම් බෞද්ධ භික්ෂුව ඔහුට විරුද්ධව ටෑං හමුදාවට යටත් විය. යොන් නම්ගොන් සියදිවි නසා ගැනීමට තැත් කළත්, ඔහුව අල්ලා ගැනිණි. මෙලෙසින් ගොගුර්යෝනේ අවසානය සනිටුහන් විය. ගොගුර්යෝව සිය භූමිය වෙත ඈඳාගත් ටෑං රාජවංශය පෙර ගොගුර්යෝ භූමියේ ආරක්ෂක ජනරාල්වරයා වශයෙන් ෂුඒ රෙන්ගුයි පත්කළේ ය.

කෙසේනමුත්, ටෑං පාලනයට එරෙහිව දැඩි විරෝධයක් පැවතිණි. (ටෑං රාජවංශය විසින් ගොගුර්යෝවේ හෝ බෙක්ජේහි භූමිය තමන්ට ලබානොදීම පිළිබඳ නොසතුටු වූ සිල්ලාවේ පෙළඹවීම මත) 669දී ගඔෂොං අධිරාජයාගේ නියෝගයක් අනුව, ගොගුර්යෝ ජනයාගෙන් කොටසකට යැංසි ගඟ සහ හුවායි ගඟ අතර ප්‍රදේශ වෙත යාමට සිදු විය. එසේම ක්වින්ලිං කන්දේ දකුණුදිග ප්‍රදේශ සහ චං’අන්හි බටහිර ප්‍රදේශ වෙත ද සංක්‍රමණය වීමට සිදුවූයේ වියපත් හා දුර්වල සාමාජිකයන් පමණක් මුල් බිම්වල හැරයමිනි. ගෝ සග්යේ සහ ඔහුගේ පුත් ගෝ සොන්ජි වැනි ඇතැම් ජනයා ටෑං රජයේ සේවයට දායක වූහ. මේ අතුරින් ගෝ සොන්ජි යනු තලාස්හි සටනේ දී ටෑං හමුදා මෙහෙයවූ සුප්‍රකට සෙන්පතියෙකි.[62][63][64][65][66]

668දී සිල්ලාව කොරියානු අර්ධද්වීපයෙන් වැඩි ප්‍රමාණයක් එක්සත් කළේ ය. නමුත් එහි වාසිය හිමිවූයේ ඔවුන් සමග කටයුතු කළ චීනයේ ටෑං රාජවංශයටයි. ටෑං විසින් ෂුඒ රෙන්ගුයිගේ මෙහෙයවීම යටතේ නැගෙනහිර සංසිඳුවනු පිණිස ආරක්ෂක සෙන්පති ධුරය පිහිටුවූව ද, ගොගුර්යෝවේ හිටපු ජනපදිකයින් පාලනය කිරීමේ දී ගැටලු ඇති විය. එසේම කොරියානු අර්ධද්වීපයේ ටෑං පැවැත්ම කෙරෙහි සිල්ලාවෙන් ද විරෝධය එල්ල විය. චීනය විසින් තමන්ව මුළාකොට මුළු අර්ධද්වීපයම පාලනයට නතු කරගැනීමට සිල්ලාවේ කෝපයට හේතු වූ අතර, එය සිල්ලා–ටෑං යුද්ධ සඳහා හේතු විය. නමුත් ඔවුන්ගේ ස්වශක්තියෙන් තේදොං ගංගාවෙන් ඔබ්බට රාජ්‍යය ව්‍යාප්ත කිරීමට ඔවුනට හැකිව නොතිබිණි.

පුනර්ජීවන ව්‍යාපාර[සංස්කරණය]

668දී ගොගුර්යෝව බිඳ වැටීමෙන් පසු, බොහෝ ගොගුර්යෝ ජනයා සිල්ලා සහ ටෑං පාලනයට විරුද්ධව කැරැලි ගැසූයේ ගොගුර්යෝ පුනර්ජීවන ව්‍යාපාර අරඹමිනි. මෙහි දී මූලිකවූවන් අතර ගොම් මෝජම්, දේ ජු-සං, සහ ඇතැම් ප්‍රකට සෙන්පතීන් ද විය. මෙම භූමිය පුරා සිය ආඥා බිම් කිහිපයක් ස්ථාපනය කිරීමට ටෑං රාජවංශය උත්සාහ දැරූ නමුත්, ඒවා අසාර්ථක විය.

677දී, ටෑං රාජවංශය විසින් හටපු රජ බෝජං "ජොසොන්හි රජු" ලෙස අභිෂේක කොට ලියාඕදොං ආඥාභූමියේ නායකත්වය ලබාදුන්නේ ය. කෙසේනමුත්, බෝජං රජු ගොගුර්යෝව යළි ගොඩනැගීමේ අරමුණින් ගොගුර්යෝ සරණාගතයින් සහ මොහේ ගෝත්‍ර සංවිධානය කරමින් ටෑං රාජ්‍යයට විරුද්ධව කැරැලි ඇති කරන්නට විය. අනතුරුව 681දී ඔහුව සිචුවාන් වෙත පිටුවහල් කෙරුණු අතර, එයට පසු වර්ෂයේ ඔහු මියගියේ ය.

ටෑං රජය විසින් ‍නැගෙනහිර සංසිඳවීමේ ආරක්ෂ සෙන්පතිවරය ස්ථාපනය කරනල ලද්දේ බිඳවැටුණු ගොගුර්යෝවේ පැරණි බිම්වල පාලනය රඳවා ගැනීමටයි‍. මුලින් මෙය ටෑං සෙන්පති ෂුඒ රෙන්ගුයි වෙත භාරවූ නමුත්, ගොගුර්යෝ ජනයාගේ ඍණාත්මක ප්‍රතිචාර හේතුවෙන් පසුව එයට බෝජං රජු පත්කෙරිණි. ගොගුර්යෝ පුනර්ජීවන ව්‍යාපාර සඳහා සහාය වීම හේතුවෙන් බෝජංව පිටුවහල් කෙරිණි. නමුත් ඔහුගෙන් පැවතෙන්නන්ගේ සහාය එයට හිමි විය. චීනයේ ෂැන්ඩොංහි අන් ෂි කැරැල්ල සහ යි ජොංගිගේ කැරැල්ල ඇතිවූ සමයේ ගෝ ජංගෙන් පැවතෙන්නන් විසින් ටෑං වෙතින් නිදහස ප්‍රකාශ කරගන්නා ලදී.[67][68] මෙකල නැගෙනහිර සංසිඳුවීමේ ආරක්ෂක සෙන්පතිවර බල ප්‍රදේශය "සුළු ගොගුර්යෝ"ව ලෙස යළි නම්කෙරුණු අතර, පසුව බල්හේහි සොන් රජ සමයේ එය බල්හේ රාජ්‍යය වෙත ඈඳාගැනිණි.

ගොම් මෝජම් සහ අන්ස්‍යුං කෙටිකාලීන හන්සොංහි නැගී සිටියත්, එය අසාර්ථක විය. අන්ස්‍යුං සිල්ලාවට යටත් විය. ගෝ අන්ස්‍යුං විසින් ගොම් මෝජංගේ ඝාතනයට නියෝග කොට සිල්ලාවට පක්ෂපාතී විය. එහි දී ඔහුගේ පාලනය සඳහා කුඩා භූමි ප්‍රමාණයක් හිමි විය. අන්ස්‍යුං විසින් එහි බෝදොක් (報德) (보덕) රාජධානිය පිහිටුවා කැරැල්ලක් පොළඹවාලී ය. නමුත් මෙය සින්මුන් රජු විසින් ක්ෂණික මර්දනය කරන ලදී. අන්ස්‍යුං හට සිල්ලා අගනුවර තුළ වාසය කිරීමට ‍නි‍යෝග කෙරුණු අතර, ඔහුට සිල්ලා මනාලියක විවාහ කර දී.සිල්ලා රාජකීය පෙළපත් නාමය වූ "කිම්" යන්න ලබා දෙන ලදී.

ගොගුර්යෝවේ හිටපු සෙන්පතීන් වූ දේ ජුං-සං සහ ඔහුගේ පුත් දේ ජෝයොං 668දී බිඳ වැටීමෙන් පසු, ගොගුර්යෝවේ උතුරුදිග භූමියෙන් වැඩි කොටසක් යලි අත්පත් කරගෙන මහා ජින් රාජධානිය පිහිටුවූහ. දේ ජුං-සංගේ මරණින් පසු මෙම රාජධානිය බල්හේ ලෙස යළි නම්කෙරිණි. බල්හේ රාජ්‍යයට දකුණින් තේදොං ගංගාවට පහළින් වූ කොරියානු අර්ධද්වීපයේ භූමිය සිල්ලාව විසින් පාලනය කරන ලදී. මැංචූරියාව (වර්තමාන ඊසානදිග චීනය) ද බල්හේ රාජ්‍යය විසින් යටත් කරගන්නා ලදී. බල්හේ රාජ්‍යය (විශේෂයෙන්ම ජපානය හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දී) තමන් ගොගුර්යෝවේ අනුප්‍රාප්තික රාජ්‍යයක් ලෙස සලකා ඇත.

10වන සියවසේ මුල් කාලයේ, කැරැලි නායකයකු වූ ගුං-යේ විසින් පසුකාලීන‍ ගොගුර්යෝ රාජ්‍යය පිහිටුවන ලදී. එය පසුව තේබොං ලෙස නම්කෙරුණු අතර, එය කෙටිකාලීනව සිල්ලාවට එරෙහි අරගලයක් දියත් කළේ ය. ගොර්යෝව මෙන්ම තේබොං රාජ්‍යය ද තමන්ව ගොගුර්යෝවේ අනුප්‍රාප්තිකයකු ලෙස හඳුන්වාගෙන තිබේ. තේබොං රාජ්‍යය ප්‍රතිස්ථාපනය කරමින් බිහිවූ ගොර්යෝ රාජධානිය පසුකාලීන තුන් රාජධානි එක්සත් කොට කොරියානු අර්ධද්වීපය පාලනය කොට තිබේ.[69] ගෝර්යෝව පිහිටුවන ලද්දේ ‍ගොගුර්යෝවෙන් පැවතෙන්නකු වූ වං ගොන් විසිනි.[70][71]

10වන සියවසේ දී බල්හේ රාජ්‍යය බිඳවැටුණු අතර එහි අවසන් කිරුළහිමි කුමරු ගොර්යෝව වෙත පලාගියේ ය. එහි දී වං ගොන් විසින් ඔහුව උණුසුම්ව පිළිගත් අතර, ඔහුව ගෝර්යෝවේ රාජකීය පවුල වෙත ඇතුළත් කරගන්නා ලදී. මෙලෙසින් ගොගුර්යෝවේ අනුප්‍රාප්තික ජාතීන් දෙකක් එක්සත් විය.[72]

යුධ සංවිධානය[සංස්කරණය]

ගොගුර්යෝවේ එක්සත් යුධ සංවිධානය සැබැවින්ම දේශීය හමුදාවේත් පෞද්ගලික හමුදාවන්ගේත් සංයුක්තයෙන් සෑදුණකි. යුධ පදවි පාරම්පරිකව උරුම වූ ඒවා වන අතර, ඒකීය ව්‍යූහයක් හෝ විධායක දාමයක් පිළිබඳ සාක්ෂි හමු නොවේ. ගොර්යෝ රාජවංශය තෙක්ම මධ්‍යගත වූ යුධ සංවිධාන ව්‍යූහයක් කොරියාවේ පැවුතණේ නැත. යුධ වාතාවරණයක් පවතින සමයේ හමුදා සේවයට මහජනයා අතුරින් පුද්ගලයින් බලෙන් බඳවා ගන්නට ඇතැයි සිතිය හැක. ‍ගොගුර්යෝවේ ස්ථාවර හමුදාව හැමවිටම සෙබලුන් 50,000කින් පමණ සමන්විත විය.

ක්‍රි.ව. 668ට අයත් ටෑං ග්‍රන්ථයක දැක්වෙන්නේ බෝජං රජුගේ යටත් වීමෙන් පසුව සෙබලුන් 675,000කුත් සහ බලඇණි 176ක් විසිර ගිය බව ය.

ගොගුර්යෝවේ සෑම මිනිසකුම ‍යුධ සේවයේ නියැළිය යුතු විය. නමුත් ඔවුනට අමතර ධාන්‍ය බද්දක් ගෙවා හමුදාවට සම්බන්ධ නොවී සිටිය හැකි විය.

ගුක්නේ(국내성) සහ යාබද රාජධානිවල සොහොන්ගැබ්වලින් හමුවූ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව 11 cm පමණ දිගැති උල් සහිත යකඩ ලෝකඩ පාවහන් හමුවී තිබේ. මේවා බොහෝ විට යුධ කටයුතු සඳහා භාවිතා වන්නට ඇත.

උපකරණ[සංස්කරණය]

ගොගුර්යෝවේ භාවිතා වූ ප්‍රධාන ප්‍රක්ෂිප්ත ආයුධය වූයේ දුන්නයි. මෙම දුනු වැඩිදියුණු කොට වැඩි දුරකට විදිය හැකි ආකාරයෙන් හරස් දුනු හා සමාන අයුරින් නිමවා තිබෙන්නට ඇත. කෙටි දුරකට විදිය හැකි ගල් විසි කිරීමේ යන්ත්‍ර සහ හරස් දුනු ද නිපදවා තිබිණි. අශ්වාරෝහක හමුදාවන්ට විරුද්ධව භාවිතා වූ ආයුධ අතර බොහෝවිට හෙළි ප්‍රධාන විය. ඉන් එකක් විසිකිරීම් සඳභාවිතා වූ වඩා කෙටි, ද්විත්ව-අන්ත සහිත එකකි. අනෙක් වර්ගය තනි තුඩක් සහිත දිගු කඩුවක් වූ අතර, කෙටි මිටකින් යුක්ත විය. මෙය බොහෝදුරට නැගෙනහිර හන් ආභාසය සහිතව දක්නට ලැ‍බේ. මෙකල භාවිතා වූ ආරක්ෂක හිස්වැසුම් මධ්‍ය ආසියාවේ ජනයා භාවිතා කළ හිස්වැසුම්වලට සමාන විය. ඒවා පිහාටු, සම් සහ අශ්ව කෙඳිවලින් විසිතුරු කර තිබිණි. ප්‍රධාන ආරක්ෂක උපක්‍රමය ලෙස සන්නාහ භාවිතා වූ අතර, එමගින් සොල්දාදුවන්ගේ සිරුරේ වැඩි ප්‍රමාණයක් ආවරණය විය.‍ මෙවැනි අශ්වාරෝහක සේනා ගේමාමුසා (개마무사, 鎧馬武士) නම් වූ අතර, එහි සරල අර්ථය "යකඩ අශ්ව සෙබලුන්" යන්නයි.

බලකොටු[සංස්කරණය]

ගොගුර්යෝ බලකොටු අතර වඩාත් සුලබ ස්වරූපය ගංගාවක් සහ එහි අතු ගංගාව අතර ඉදිකළ සඳක හැඩයෙන් සමන්විත බලකොටු ය. අගල් සහ ඉවුරු අසල වූ බිම් ප්‍රාකාර අමතර ආරක්ෂක පවුරක් ලෙස ක්‍රියාකළේ ය. බිත්ති ගොඩනගන ලද්දේ මැටි මගින් සම්බන්ධ කරන ලද දැවැන්ත ගල් කුට්ටිවලිනි. චීන කාලතුවක්කු හමුදාවලට පවා ඒවා බිඳ හෙළීමට අපහසු විය. භූගත ආක්‍රමණ වැළැක්වීමට බිත්ති වටා අගල් ඉදිකොට තිබුණු අතර, ඒ වටා ආරක්ෂකයන් සහිත කුළුණු ද ඉදි විය. සෑම බලකොටුවක් සතුවම ජල ප්‍රභවයක් පැවති අතර, දීර්ඝ ආක්‍රමණවලට මුහුණ දීමට ප්‍රමාණවත් තරම් ආයුධ ද ඔවුන් සතු විය. කඳු හෝ ගංගා නොමැති අවස්ථාවල, අමතර ආරක්ෂක පවුරු ඇතුළත් කෙරිණි.

බලකොටු පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, චෝලි ජංසොං (천리장성) බලන්න.

සංවිධානය[සංස්කරණය]

රජුගේ ප්‍රධානත්වයෙන් පැවති වාර්ෂික දඩයම් උත්සව ද්විත්වය, හමුදා අභ්‍යාස සහ පෙළපාළි සංවිධානය කිරීම හේතුවෙන් ගොගුර්යෝවේ සෙබලුන් හට ඉහළ මට්ටමේ පුහුණුවක් හිමි විය.

අගනුවර හමුදාවන් පහකින් යුක්ත විය. මින් බහුතරය රජු විසින් පෞද්ගලිකවම මෙහෙයවූ අශ්වාරෝහක හමුදාවයි. එය සෙබලුන් 12,500කින් පමණ සමන්විත විය. යුධ ඒකක සෙබලුන් 21,000 සිට 36,000 දක්වා අගයයන් අතර විචලනය විය. දේශසීමා අසල හමුදා ජනපද බොහෝවිට සෙබලුන් සහ ගොවීන්ගෙන් සමන්විත විය. වංශවතුන් සතුව පෞද්ගලික හමුදා ද පැවතිණි. මෙම ක්‍රමය මගින් ගොගුර්යෝ රජයට අමතර වියදම් දැරීමකින් තොරව සෙබලුන් 50,000ක් පමණ ක්‍රියාකාරීව සේවයේ යෙදවිය හැකි වූ අතර, විශේෂ අවස්ථාවල සෙබලුන් 300,000 දක්වා වැඩි කරගත හැකි විය.

ගොගුර්යෝවේ බලකායයන් ඒවායේ භාවිත වූ ප්‍රධාන ආයුධ වර්ගය අනුව වර්ග කෙරිණි. හෙල්ලය දරන්නන්, ඵරසු දරන්නන්, පාබල සහ අශ්වාරෝහක දුනුවායන් සහ සන්නාහ සහ හෙල්ල දරන්නන් ඇතුළත් බරැති අශ්වාරෝහක හමුදා මේ අතර විය. කැටපෝල ඒකක, බිත්ති නගින්නන් සහ දැඩි ප්‍රහාර අංශ විශේෂ අංග වූ අතර, ඒවා ද සාමාන්‍ය හමුදාවට ඇතුළත් විය. මෙවැනි කෘත්‍යමය කොට්ඨාසවල ඇති වාසියක් නම් විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත සටන් ඒකක බිහිවීමයි. අවාසිය නම් තනි ඒකකයකට සංකීර්ණ, උපාය මාර්ගික ක්‍රියාවන්හි නිරත වීම අපහසු වීමයි.

සටන් විද්‍යා[සංස්කරණය]

යුධ සංවිධානය සැලකූ විට සෙන්පතියා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය හමුදාවේ මධ්‍යයේ විය. ඵරසු (කෙටේරි) දරන්නන් විසින් දුනුවායන්ව ආරක්ෂා කරන ලදී. සෙන්පතියාට ඉදිරියෙන් ප්‍රධාන පාබල හමුදාව විය. පසෙකින් සතුරු හමුදාවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අපේක්ෂාවෙන් යුතුව බරැති අශ්වාරෝහක හමුදා පේළි දක්නට ලැබිණි. සේනාවේ ඉදිරියේම සහ පසුපසම සැහැල්ලු අශ්වාරෝහක හමුදාවක් වූ අතර, ඔවුන් උපයාශීලීව, ලුහුබැඳ ගොස් සතුරු හමුදාවල ප්‍රහාර දුර්වල කිරීම ඔවුන්ගේ කාර්යය විය. ප්‍රධාන හමුදා වටා බරැති අශ්වාරෝහකයන් සහ පාබල සේනාවන්ගෙන් සැදි කුඩා කණ්ඩායම් ද විය. සෑම බලකායක්ම එකිනෙකා සහයෝග‍යෙන් යුතුව ආරක්ෂා කරන පරිදි සංවිධානය වී පැවතිණි.

නගර පාදක කරගනිමින් ක්‍රියාකාරීව ආරක්ෂාව සැලසීමේ ක්‍රමවේදයක් ගොගුර්යෝවේ ක්‍රියාත්මක වෙමින් පැවතිණි. පවුරු බැඳි නගර සහ ආරක්ෂිත කඳවුරුවලට ඔබ්බෙන් වූ මෙම ක්‍රියාකාරී ආරක්ෂක ක්‍රමය සැහැල්ලු අශ්වාරෝහක බලකා කුඩා කණ්ඩායම්වලින් සමන්විත විය.

ගොගුර්යෝව තුළ යුද්ධෝපාය වශයෙන් වැදගත් අංග ලෙස යුධ ඥානය සහ උපයා මාර්ග සැලකිණි. ගොගුර්යෝව බොරු ප්‍රචාර කිරීමෙහි ද දක්ෂයකු විය. යකඩ යුගයේ පසුවූ ඔවුන් වරක් පඬුරු කප්පම් ලෙස චීන මාලිගයට පාෂාණමය හෙළි තුඩු පමණක් යැවීම මෙයට නිදසුනකි. ගොගුර්යෝව විසින් එහි චරපුරුෂ සේවය ද වැඩිදියුණු කරන ලදී. ‍එහි විසූ සුප්‍රකට චරපුරුෂයකු වන බෙක්සොක්හට සිල්ලාවේ හ්වාරංවරුන්ගේ රහස් දැනගැනීමට හැකිවූ බැව් සම්ගුක් යුසාහි සඳහන් ය.

සංස්කෘතිය[සංස්කරණය]

ගොගුර්යෝ උළු කැටයක්

ගොගුර්යෝවේ සංස්කෘතිය හැඩගැන්වීමට දේශගුණය, ආගම, සහ ගොගුර්යෝව මුහුණපෑ නොයෙකුත් යුද්ධ නිසා ඇතිවූ කලබලකාරී සමාජය ද බලපෑවේ ය. ගොගුර්යෝව පිළිබඳ බොහෝ තොරතුරු හෙළිවී නොමැත්තේ වාර්තා බොහෝමයක් දක්නට නොලැබෙන හෙයිනි.

ජීවන රටාව[සංස්කරණය]

තුන් රාජධානිවල සෙසු සංස්කෘතීන් සේම ගොගුර්යෝ වාසීන් ද වර්තමාන හන්බොක් වස්ත්‍රයේ පුරෝගාමීන් ලෙස සැලකේ. මෙහි දී නර්තන ශිල්පීන් විසිතුරු සුදු පැහැ වස්ත්‍ර හැඳ සිටිනු නිරූපිත බිතු සිතුවම් සහ කලා නිර්මාණ හමුවී ඇත.

උත්සව සහ විනෝදාංශ[සංස්කරණය]

ගොගුර්යෝ ජනයා අතර පැවති සුලබ විනෝදාංශ අතර මධු පානය, ගායනය, හෝ නර්තනය හඳුනාගත හැක. මල්ලව පොර වැනි ක්‍රීඩා කුතුහලයෙන් පිරි ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගත්තේ ය.

සෑම ඔක්තෝබරයකම, දොංමෙං උත්සවය පැවැත්විණි. දොංමෙං උත්සවය පැවැත්වුණේ දෙවියන් වන්දනා කිරීම වෙනුවෙනි. මෙම උත්සවවලින් පසුව, දැවැන්ත සැමරුම් භෝජන සංග්‍රහ, ක්‍රීඩා සහ වෙනත් ක්‍රියාකාරකම් දක්නට ලැබිණි. බොහෝවිට, රජු ද සිය මුතුන්මිත්තන් හට ගෞරව දක්වා තිබේ.

දඩයම් ක්‍රීඩාව පුරුෂයන්ගේ ක්‍රියාවක් වූ අතර, එය යුධ සේවය සඳහා තරුණයින් පුහුණු කිරීමට යෝග්‍ය ක්‍රමවේදයක් ලෙස ද සැලකිණි. දඩයම් උත්සවවල දී අසුන් පැදයමින් මුවන් දඩයම් කිරීම සහ දුනු ඊතල සම්බන්ධ වෙනත් ක්‍රීඩාවන්හි නිරත වීම සිදු විය. දුනු විදීම් තරග ද පැවැත්විණි.

ආගම[සංස්කරණය]

ගොගුර්යෝ සොහොන්ගැබක බිතු සිතුවමක්.
ගොගුර්යෝ සොහොන්ගැබක ඇති තුන් පාදැති පක්ෂියාගේ සිතුවමක්.

ගොගුර්යෝ ජනයා සිය පූර්වජයන් වන්දනාමාන කළ අතර, ඔවුන් අධිස්වාභාවික යැයි සලකා ඇත.[73] ගොගුර්යෝවේ ආදිකර්තෘ වන ජුමොං ද බොහෝ ජනයාගේ වන්දනයට සහ ගෞරවයට පාත්‍ර විය. ජුමොං වෙනුවෙන් පුදකළ දෙවොලක් පවා ප්යොංග්යෑංහි පිහිටා තිබිණි. වාර්ෂික දොංමෙං උත්සවයේ දී ජුමොං, මුතුන්මිත්තන් සහ දෙවිවරුන් වෙනුවෙන් පූජාව්න පැවැත්විණි.

ගොගුර්යෝව තුළ මිත්‍යාමය රාක්ෂයින් සහ සත්ත්වයින් ද පූජනීය ලෙස සලකා ඇත. ෆීනික්ස් පක්ෂියා සහ මකරා වන්දනාවට පාත්‍ර වූ අතර, සූර්යයා සංකේතවත් කළ සම්ජොගෝ නැමැති තුන් පාදැති කපුටා මේ තිදෙනා අතුරින් බලවත්ම යැයි සැලකිණි. වර්තමානයේ ගොගුර්යෝ රජවරුන්ගේ සොහොන්ගැබ් තුළ මිත්‍යාමය සත්ත්වයින්ගේ සිතුවම් නිරීක්ෂණය කළ හැක.

මිත්‍යාමය සත්ත්වයින් 4 දෙනකු වූ 'සාසින්' පිළිබඳව ද ඔවුහු විශ්වාස කළහ. මේ අතරට නැගෙනහිර ආරක්ෂා කළ චුංර්යොං හෙවත් චුන්ර්යොංගා (නිල් මකරා), බටහිර ආරක්ෂා කළ බෙක්-හෝ (සුදු ව්‍යාඝ්‍රයා), දකුණ ආරක්ෂා කළ ජුජක් (රතු ෆීනික්ස් පක්ෂියා) සහ උතුර ආරක්ෂා කළ හ්‍යුන්මු (කළු කැස්බෑවා (ඇතැම්විට සර්පයකු සහිත වලිගයකින් යුක්ත)) අයත් විය. මෙම මිත්‍යාමය සත්ත්වයින් චීන තාරකා මණ්ඩලයේ එන සිව් සංකේත වන අහස් නිල් මකරා, සාදිලිංගම් පක්ෂියා, සුදු ව්‍යාඝ්‍රයා සහ කළු ඉබ්බාට සමාන ය.

372දී ගොගුර්යෝවට බුදු දහම හඳුන්වා දෙන ලදී.[74] බුදු දහමේ ඉගැන්වීම් පිළිගත් රජය ඒවා ධෛර්යමත් කරන ලදී. ගොගුර්යෝව පුරා විවිධ බෞද්ධ විහාරාරාම ඉදිවූයේ කලාපයේ බුදු දහම වැළඳගත් පළමු රාජධානිය ලෙස ය. කෙසේනමුත් ගොගුර්යෝවේ සිට සිල්ලා සහ බෙක්ජේ රාජ්‍ය වෙත බුදු දහම ව්‍යාප්ත කරනු ලදුව එම රාජ්‍යවල බුදු දහම අතිශයින් ජනප්‍රියත්වයට පත් විය.[74]

ගොගුර්යෝ බිතු සිතුවමක නිරූපිත සිර්යුම්.

සංස්කෘතික සබැඳියාව[සංස්කරණය]

සොහොන්ගැබ් සිතුවම් තුළ ගොගුර්යෝ කලාව මැනවින් සංරක්ෂණය වී තිබෙනු දැකගත හැක. මෙමගින් ඔවුන් සතුව පැවති උපකල්පන හැකියාව නිරූපණය වේ. ගොගුර්යෝ සොහොන්ගැබ් සහ සෙසු බිතු සිතුවම්වල අතිශයින් සවිස්තර සිතුවම් දක්නට ලැබේ. මේවායේ බොහෝ කලා නිර්මාණවලින් නියම කලා ශෛලිය හඳුනාගත හැත.

‍ගොගුර්යෝවේ සංස්කෘතික උරුමයන් වර්තමාන කොරියානු සමාජය තුළ ද දැකගත හැක. මෙයට උදාහරණ වශයෙන් සිර්යුම්,[75] තෙක්ක්‍යොන්,[76][77] කොරියානු නර්තනය, ඔන්දොල්, ගොගුර්යෝවේ ගෙබිම් උණුසුම්කරණ ක්‍රමය සහ හැන්බොක් වස්ත්‍රය දැක්විය හැක.[78]

උරුමය[සංස්කරණය]

ගොගුර්යෝවේ පවුරු බැඳි පුරවර, බලකොටු, මාලිගා, සොහොන්ගැබ් සහ කලා නිර්මාණවල නටබුන් උතුරු කොරියාව සහ මැංචූරියාවෙන් හමුවේ. මේ අතරින් පුරාතන බිතු සිතුවම් හමුවන ප්යොංග්යෑං ගොගුර්යෝ සොහොන්ගැබ් සංකීර්ණය වැදගත් වේ. ඇතැම් නටබුන් වර්තමාන චීනයේ ද දැකගත හැක. උදාහරණයක් ලෙස වර්තමාන උතුරු කොරියා දේශසීමාව අසල චීනයේ ලියාඕනිං පළාතේ හුවාන්රෙන් අසල පිහිටි වූ නූ ෂාන්හි නටබුන් දැක්විය හැක. මෙය ජොල්බොන් බලකොටුව වන්නට ඇතැයි සැක කෙරේ. ජි’ආන්හි ද ගොගුර්යෝ යුගයට අයත් සොහොන් ගණනාවක් දක්නට ලැබේ. මේ අතරට චීන විද්වතුන් විසින් ග්වංගේටෝ සහ ඔහුගේ පුත් ජංසු යන රජවරුන්ගේ යැයි විශ්වාස කෙරෙන සොහොන්ගැබ් ද ඇතුළත් ය. එසේම පූර්ව-5වන සියවසේ ගොගුර්යෝ ඉතිහාසය පිළිබඳ තොරතුරු සපයන ප්‍රධාන ප්‍රාථමික මූලාශ්‍රයක් වන සුප්‍රකට ග්වංගේටෝ ශිලාව ද පිහිටියේ මෙහි ය.

ලෝක උරුම අඩවිය[සංස්කරණය]

යුනෙස්කෝව විසින් 2004දී වර්තමාන චීනයේ පිහිටි පුරාතන කොගුර්යෝ රාජධානියේ අගනුවරවල් සහ සොහොන්ගැබ් මෙන්ම වර්තමාන උතුරු කොරියාවේ පිහිටි ගොගුර්යෝ සොහොන් සංකීර්ණයලෝක උරුම අඩවි ලෙස නම් කරන ලදී.

නම[සංස්කරණය]

"කොරියාව" යන නූතන සිංහල වදන පැන නැගී ඇත්තේ ගොර්යෝ රාජවංශය (918-1392) ආශ්‍රයෙනි. ගොර්යෝව ද එම නාමය භාවිතා කොට ඇත්තේ ගොගුර්යෝව එහි අසල්වැසි රාජ්‍ය සමග රාජ්‍ය තාන්ත්‍රික භාෂාවේ දී භාවිතා කළ නාමය අනුවයි. ක්‍රි.ව. 520න් පසුව චීන සහ ජපන් ඓතිහාසික හා රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රවල ගොගුර්යෝව හැඳින්වීමට ගොර්යෝ යන නාමය ද භාවිතා කොට ඇත.[79][80]

භාෂාව[සංස්කරණය]

සම්ගුක් සගි මූලාශ්‍රයේ ගොගුර්යෝව විසින් වරක් අත් කරගෙන තිබූ ප්‍රදේශවල ස්ථාන නාම ආශ්‍රයෙන් ගොගුර්යෝ වචන ප්‍රතිනිර්මාණය කිරීමට ඇතැම් විද්වතුන් උත්සාහ දරා ඇත. කෙසේනමුත් භාෂාමය සාක්ෂි ආකාරයෙන් පවතින ස්ථාන නාමවල විශ්වසනීයත්වය තවමත් මතභේදාත්මක ය.[3] ඇතැම් වාග්වේදීහු ඊනියා "බුයෝ භාෂා" පවුල නැමැති බුයෝ, ගොගුර්යෝ, බෙක්ජේ රාජ්‍යවල භාවිතා වූ භාෂා ඇතුළත් භාෂා ගණයක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරති. ගොගුර්යෝ, බුයෝ, නැගෙනහිර ඔක්ජෝ සහ ගෝජොසොන් රාජධානිවල භාෂා සමාන වූ බැව් චීන වාර්තා ද පවසයි. නමුත් ගොගුර්යෝ භාෂාව මල්ගල් (මොහේ) බසින් වෙනස් වූ බැව් පැවසේ.[81][82][83]

මතභේද[සංස්කරණය]

මෑතකාලීනව චීන රජය විසින් ගොගුර්යෝව කලාපීය චීන බලවතකු ලෙස විදහා පෙන්වීමට උත්සාහ දරා තිබේ. මෙය උතුරු සහ දකුණු කොරියානු විද්වතුන්ගේ මෙන්ම ඇතැම් චීන විද්වතුන්[84] ද ඇතුළුව ගොගුර්යෝ ඉතිහාසය පිළිබඳ විද්වතුන්ගේ විවේචනයට හේතු වී ඇත.[85][86][87][88]

ගොගුර්යෝ ඉතිහාසය පිළිබඳ චීන ප්‍රභේදය තුළ ගොගුර්යෝව කොරියානු රාජධානියකට වඩා උතුරු චීන ජනයාගේ රාජ්‍යයක් ලෙස පෙන්වීමට උත්සාහ ගෙන තිබීම දකුණු කොරියාවේ විවේචනයට හේතු වී ඇති අතර, ගොගුර්යෝ ඉතිහාසය පිළිබඳ ඇතැම් විද්වතුන් මේ සම්බන්ධයෙන් සැක පහළ කොට ඇත.[89][86][90] මාක් බයිංටන් විශ්වාස කරන්නේ විශේෂයෙන් "ප්‍රතිශෝධනවාදීන්" ඇතුළු ඇතැම් චීන ඉතිහාසඥයින් චීන රාජ්‍යයේ නූතන දේශසීමා මත පදනම්ව පුරාතන චීනය ගොඩනගන්නට උත්සාහ දරන බවයි. ඔහු පවසන්නේ මෙම මතයට කිසිදු ඓතිහාසික සාක්ෂියක් උපයෝගී කරගත නොහැකි බවයි.[91]

මෙම විෂයය සම්බන්ධයෙන් මාර්ගස්ථ සාකච්ඡා ඉහළ ගොස් ඇත. ගොගුර්යෝව පිළිබඳ සංවාදයේ දී දකුණු කොරියාව මෙන්ම චීනය තුළ ද, අන්තර්ජාලය ජනතා සහභාගීත්වය පුළුල් කිරීමට වේදිකාවක් ලෙස කටයුතු කරයි. තෝමස් චේස් පවසන්නේ මෙම විෂයය සම්බන්ධයෙන් මාර්ගස්ථ සංවාද ප්‍රමාණය ඉහළ ගිය ද, එය ඉතිහාසය පිළිබඳ වඩාත් වාස්තවික විසඳුමක් ගෙන නොදෙන බවයි.[92]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

උද්ධෘත[සංස්කරණය]

  1. "Koguryo". Encylopaedia Britannica. සම්ප්‍රවේශය October 15, 2013. 
  2. Byeon, Tae-seop (1999) 韓國史通論 (Outline of Korean history), 4th ed, Unknown Publisher, ISBN 89-445-9101-6.
  3. "Complex of Koguryo Tombs". UNESCO World Heritage Centre. සම්ප්‍රවේශය 2013-10-24. 
  4. Roberts, John Morris; Westad, Odd Arne (enයෙන්). The History of the World. Oxford University Press. පි. 443. ISBN 9780199936762. https://books.google.com/books?id=A2cfZkU5aQgC&q=koguryo+powerful+empire#v=snippet&q=koguryo%20powerful%20empire&f=false. Retrieved 15 July 2016. 
  5. Gardner, Hall (enයෙන්). Averting Global War: Regional Challenges, Overextension, and Options for American Strategy. Palgrave Macmillan. පිටු 158–159. ISBN 9780230608733. https://books.google.com/books?id=acvGAAAAQBAJ&q=Inner+Mongolia#v=snippet&q=great%20powers&f=false. Retrieved 15 July 2016. 
  6. Byington 2003, p. 234.
  7. Beckwith 2007, p. 33.
  8. Byington 2003, p. 194.
  9. Byington 2003, p. 233.
  10. Aikens 1992, p. 191–196.
  11. De Bary, Theodore and Peter H. Lee, "Sources of Korean Tradition", p. 7–11
  12. De Bary, Theodore and Peter H. Lee, Editors, "Sources of Korean Tradition", p. 24–25
  13. Ilyon, "Samguk Yusa", Yonsei University Press, p. 45
  14. Ilyon, "Samguk Yusa", p. 46
  15. Encyclopedia of Korean Culture (කොරියානු)
  16. Doosan Encyclopedia Online (කොරියානු)
  17. Ilyon, "Samguk Yusa", p. 46–47
  18. 《三国史记》:“六年 秋八月 神雀集宫庭 冬十月 王命乌伊扶芬奴 伐太白山东南人国 取其地为城邑。十年 秋九月 鸾集于王台 冬十一月 王命扶尉 伐北沃沮灭之 以其地为城邑”
  19. (MyGoguryeo Unknown year)
  20. 'Gina L. Barnes', "State Formation in Korea", 2001 Curzon Press, page 22'
  21. 'Ki-Baik Lee', "A New History of Korea", 1984 Harvard University Press, page 24'
  22. 'Ki-Baik Lee', "A New History of Korea", 1984 Harvard University Press, page 36'
  23. 'Gina L. Barnes', "State Formation in Korea", 2001 Curzon Press, page 22-23'
  24. Charles Roger Tennant (1996). A history of Korea (illustrated සංස්.). Kegan Paul International. පි. 22. ISBN 0-7103-0532-X. https://books.google.com/books?ei=x6MxT-X5G-Lz0gG7hfTVBw&id=tKTtAAAAMAAJ&dq=Wei.+In+242%2C+under+King+Tongch%276n%2C+they+attacked+a+Chinese+fortress+near+the+mouth+of+the+Yalu+in+an+attempt+to+cut+the+land+route+across+Liao%2C+in+return+for+which+the+Wei+invaded+them+in+244+and+sacked+Hwando&q=244+sacked. Retrieved 2012 February ninth. "වෙයි. 242දී, තොංචොන් රජු යටතේ ඔවුන් යාලු ගංගාවේ මුවදොර අසල දී චීන බලකොටුවකට පහර දුන්නේ, ලියාඕ ඔස්සේ භූමි මාර්ගය අවහිර කිරීමටයි. ඒ සඳප්‍රතිචාර ලෙස වෙයි 244දී ඔවුන්ව ආක්‍රමණය කොට හ්වන්දෝ බිඳහෙළන ලදී." 
  25. 'Gina L. Barnes', "State Formation in Korea", 2001 Curzon Press, page 23'
  26. 'Ki-Baik Lee', "A New History of Korea", 1984 Harvard University Press, page 20
  27. Charles Roger Tennant (1996). A history of Korea (illustrated සංස්.). Kegan Paul ㅏ. පි. 22. ISBN 0-7103-0532-X. https://books.google.com/books?ei=5nRVTpPGEsSBgAeaxOxJ&ct=result&id=tKTtAAAAMAAJ&dq=After+the+fall+of+the+Jin+in+316%2C+the+proto-Mongol+Xianbei+occupied+the+North+of+China%2C+of+which+the+Murong+clan+took+the+Shandong+area%2C+moved+up+to+the+Liao%2C+and+in+341+sacked+and+burned+the+Kogury6+capital+at+Hwando&q=murong+clan+burned. Retrieved February 9, 2012. "මඳ කලකින්ම වෙයි බිඳ වැටී ජින් සහ කොගුර්යෝ රාජ්‍ය ශක්තිමත් වන්නට විය. අවසානයේ 313දී ඔවුන් විසින් ලෙලෑං අත්පත් කොටගෙන අර්ධද්වීපයේ වසර 400ක් පමණ පැවති චීන පාලනය අවසන් කරන ලදී. මෙලෙසින් ඉදිරි වසර 1,550 තුළ එම ප්‍රදේශය එම සංස්කෘතිය තුළ රැඳී පැවතීමට හේතු විය. 316දී ජින් බිඳ වැටීමෙන් පසු, ප්‍රාක්-මෝංගෝල ෂියෑන්බෙයි විසින් උතුරු චීනය අත්පත් කරගන්නා ලදී. මෙහි දී මුරොං වංශය විසින් ෂැන්ඩොං ප්‍රදේශය අත්පත් කරගෙන ලියාඕ තෙක් ව්‍යාප්ත වූ අතර, 341දී හ්වන්දෝහි කොගුර්යෝ අගනුවර වටලා ගිනිබත් කෙරිණි. ඔවුන් සිරකරුවන් දහසක් පමණ රැගෙන ගියේ සිය පවුරු ඉදිකරගනු පිණිසයි. 346දී ඔවුන් විසින් පුයෝ රාජ්‍යය ද විනාශ කරන ලදී. මේ නිසා එහි ජනයා අර්ධද්වීපයේ ඊසානදිග පෙදෙම් වෙත කඩිනමින් සංක්‍රමණය වන්නට වූහ. නමුත් මේ වනවිට තාවකාලිකව දුර්වලව පැවති කොගුර්යෝව මඳ කලකින්ම" 
  28. Chinul (1991). Buswell, Robert E.. ed. Tracing the Radiance: Chinul's Korean Way of Zen. Translated by Robert E. Buswell (abridged සංස්.). University of Hawaii Press. පි. 3. ISBN 0824814274. https://books.google.com/books?id=EazRC28tdIIC&pg=PA3#v=onepage&q&f=false. Retrieved 22 April 2014. 
  29. Chinul (1991). Buswell, Robert E.. ed. Tracing Back the Radiance: Chinul's Korean Way of Zen. Translated by Robert E. Buswell (abridged සංස්.). University of Hawaii Press. පි. 4. ISBN 0824814274. https://books.google.com/books?id=EazRC28tdIIC&pg=PA4#v=onepage&q&f=false. Retrieved 22 April 2014. 
  30. Charles Roger Tennant (1996). A history of Korea (illustrated සංස්.). Kegan Paul International. පි. 22. ISBN 0-7103-0532-X. https://books.google.com/books?ei=5nRVTpPGEsSBgAeaxOxJ&ct=result&id=tKTtAAAAMAAJ&dq=After+the+fall+of+the+Jin+in+316%2C+the+proto-Mongol+Xianbei+occupied+the+North+of+China%2C+of+which+the+Murong+clan+took+the+Shandong+area%2C+moved+up+to+the+Liao%2C+and+in+341+sacked+and+burned+the+Kogury6+capital+at+Hwando&q=341. Retrieved February 9, 2012. "මඳ කලකින්ම වෙයි බිඳ වැටී ජින් සහ කොගුර්යෝ රාජ්‍ය ශක්තිමත් වන්නට විය. අවසානයේ 313දී ඔවුන් විසින් ලෙලෑං අත්පත් කොටගෙන අර්ධද්වීපයේ වසර 400ක් පමණ පැවති චීන පාලනය අවසන් කරන ලදී. මෙලෙසින් ඉදිරි වසර 1,550 තුළ එම ප්‍රදේශය එම සංස්කෘතිය තුළ රැඳී පැවතීමට හේතු විය. 316දී ජින් බිඳ වැටීමෙන් පසු, ප්‍රාක්-මෝංගෝල ෂියෑන්බෙයි විසින් උතුරු චීනය අත්පත් කරගන්නා ලදී. මෙහි දී මුරොං වංශය විසින් ෂැන්ඩොං ප්‍රදේශය අත්පත් කරගෙන ලියාඕ තෙක් ව්‍යාප්ත වූ අතර, 341දී හ්වන්දෝහි කොගුර්යෝ අගනුවර වටලා ගිනිබත් කෙරිණි. ඔවුන් සිරකරුවන් දහසක් පමණ රැගෙන ගියේ සිය පවුරු ඉදිකරගනු පිණිසයි. 346දී ඔවුන් විසින් පුයෝ රාජ්‍යය ද විනාශ කරන ලදී. මේ නිසා එහි ජනයා අර්ධද්වීපයේ ඊසානදිග පෙදෙම් වෙත කඩිනමින් සංක්‍රමණය වන්නට වූහ. නමුත් මේ වනවිට තාවකාලිකව දුර්වලව පැවති කොගුර්යෝව මඳ කලකින්ම" 
  31. 31.0 31.1 Encyclopedia of World History, Vol I, P464 Three Kingdoms, Korea, Edited by Marsha E. Ackermann, Michael J. Schroeder, Janice J. Terry, Jiu-Hwa Lo Upshur, Mark F. Whitters, ISBN 978-0-8160-6386-4
  32. 'Ki-Baik Lee', "A New History of Korea", 1984 Harvard University Press, page 38
  33. 33.0 33.1 'William E. Henthorn', "A History of Korea", 1971 Macmillan Publishing Co., page 34
  34. Yi, Hyŏn-hŭi; Pak, Sŏng-su; Yun, Nae-hyŏn (enයෙන්). New history of Korea. Jimoondang. පි. 201. ISBN 9788988095850. https://books.google.com/books?id=KO8MAQAAMAAJ.  "සිය භූමිය ව්‍යාප්ත කිරීමට ඔහු යුධ ආක්‍රමණයක් දියත් කළේ ගොගුර්යෝවේ ස්වර්ණමය යුගයේ ඇරඹුම සනිටුහන් කරමිනි."
  35. Hall, John Whitney (enයෙන්). The Cambridge History of Japan. Cambridge University Press. පි. 362. ISBN 9780521223522. https://books.google.com/books?id=A3_6lp8IOK8C&q=%22The+reign+of+King+Kwanggaet%27o+is+thought+of+as+Koguryo%27s+golden+age+of+political+might+and+Buddhist+splendor.%22#v=snippet&q=%22The%20reign%20of%20King%20Kwanggaet%27o%20is%20thought%20of%20as%20Koguryo%27s%20golden%20age%20of%20political%20might%20and%20Buddhist%20splendor.%22&f=false. Retrieved 29 July 2016. 
  36. Embree, Ainslie Thomas (enයෙන්). Encyclopedia of Asian history. Scribner. පි. 324. ISBN 9780684188997. https://books.google.com/books?id=LtwpAQAAMAAJ&focus=searchwithinvolume&q=%22Nevertheless%2C+the+reigns+of+Kwanggaet%27o+and+his+successor+Changsu+%28413-491%29+constituted+the+golden+age+of+Koguryo.%22. Retrieved 29 July 2016. 
  37. Cohen, Warren I. (enයෙන්). East Asia at the Center: Four Thousand Years of Engagement with the World. Columbia University Press. පි. 50. ISBN 9780231502511. https://books.google.com/books?id=Okjd2rDwb8IC&q=%22Koguryo%27s+Golden+Age%22#v=snippet&q=%22Koguryo%27s%20Golden%20Age%22&f=false. Retrieved 29 July 2016. 
  38. Kim, Jinwung (2012) (enයෙන්). A History of Korea: From "Land of the Morning Calm" to States in Conflict. Bloomington, Indiana: Indiana University Press. පි. 35. ISBN 0253000785. https://books.google.com/books?id=QFPsi3IK8gcC&pg=PA35#v=onepage&q&f=false. Retrieved 15 July 2016. 
  39. Tudor, Daniel (enයෙන්). Korea: The Impossible Country: The Impossible Country. Tuttle Publishing. ISBN 9781462910229. https://books.google.com/books?id=BA_QAgAAQBAJ&q=Inner+Mongolia#v=snippet&q=Inner%20Mongolia&f=false. Retrieved 15 July 2016. 
  40. Kotkin, Stephen; Wolff, David (enයෙන්). Rediscovering Russia in Asia: Siberia and the Russian Far East: Siberia and the Russian Far East. Routledge. ISBN 9781317461296. https://books.google.com/books?id=t_DqBgAAQBAJ&q=Koguryo+Siberia+Russia%27s#v=snippet&q=Koguryo%20Siberia%20Russia%27s&f=false. Retrieved 15 July 2016. 
  41. 'Ki-Baik Lee', "A New History of Korea", 1984 Harvard University Press, page 36
  42. Szczepanski,Kallie.(2011). Inscription from Gwanggaeto the Great's Stele Retrieved from September 18, 2011 from [1]
  43. Kim, Djun Kil (enයෙන්). The History of Korea, 2nd Edition. ABC-CLIO. පි. 32. ISBN 9781610695824. https://books.google.com/books?id=IgxvBAAAQBAJ&pg=PA32#v=onepage&q&f=false. Retrieved 4 August 2016. 
  44. Walker, Hugh Dyson (enයෙන්). East Asia: A New History. AuthorHouse. පි. 137. ISBN 9781477265161. https://books.google.com/books?id=3Z3a0NU4RHMC&pg=PA137#v=onepage&q&f=false. Retrieved 4 August 2016. "ඔහු ජුර්කිඩ් සහ මැංචුවරුන්ගේ පූර්වජයින් වූ සුෂෙන් ගෝත්‍ර ආක්‍රමණය කළේ ය. දොළොස්වන සහ දාහත්වන සියවස්වල මෙම ගෝත්‍ර චීන "ම්ලේච්ඡ ආක්‍රමණික රාජවංශ" ලෙස පාලනය ගෙන යන ලදී." 
  45. "Kings and Queens of Korea". KBS World Radio. Korea Communications Commission. සම්ප්‍රවේශය 7 October 2016. 
  46. De Bary, Theodore and Peter H. Lee, "Sources of Korean Tradition", p. 25–26
  47. Lee, Ki-Baik (1984). A New History of Korea. Cambridge, Massachusetts: Harvard University Press. පිටු 38–40. ISBN 067461576X. 
  48. Lee, Ki-Baik (1984). A New History of Korea. Cambridge, Massachusetts: Harvard University Press. පිටු 38–40. ISBN 067461576X. 
  49. Walker, Hugh Dyson (enයෙන්). East Asia: A New History. AuthorHouse. පි. 137. ISBN 9781477265161. https://books.google.com/books?id=3Z3a0NU4RHMC&q=%22King+Changsu+succeeded+Kwanggaet%27o+and+ruled+Koguryo+for+79+years+%28412%E2%80%93491%29+the+longest+reign+in+East+Asian%2C+and+possibly%2C+world+history%21%22#v=snippet&q=%22King%20Changsu%20succeeded%20Kwanggaet%27o%20and%20ruled%20Koguryo%20for%2079%20years%20(412%E2%80%93491)%20the%20longest%20reign%20in%20East%20Asian%2C%20and%20possibly%2C%20world%20history!%22&f=false. Retrieved 29 July 2016. 
  50. 중원고구려비
  51. 51.0 51.1 Kim, Jinwung (enයෙන්). A History of Korea: From "Land of the Morning Calm" to States in Conflict. Indiana University Press. පි. 50. ISBN 0253000785. https://books.google.com/books?id=QFPsi3IK8gcC&q=%22In+647+and+648+Taizong+again+dispatched+expeditionary+forces+to+invade+Kogury%C5%8F%2C+but+these+attacks%2C+too%2C+were+repulsed+by+Kogury%C5%8F.+Taizong+never+accomplished+his+ambition+to+conquer+Kogury%C5%8F+in+his+lifetime.%22#v=snippet&q=%22In%20647%20and%20648%20Taizong%20again%20dispatched%20expeditionary%20forces%20to%20invade%20Kogury%C5%8F%2C%20but%20these%20attacks%2C%20too%2C%20were%20repulsed%20by%20Kogury%C5%8F.%20Taizong%20never%20accomplished%20his%20ambition%20to%20conquer%20Kogury%C5%8F%20in%20his%20lifetime.%22&f=false. Retrieved 2 August 2016. 
  52. Ebrey, Patricia Buckley; Walthall, Anne; Palais, James B. (enයෙන්). East Asia: A Cultural, Social, and Political History, Volume I: To 1800. Cengage Learning. පි. 106. ISBN 1111808155. https://books.google.com/books?id=CWE8AAAAQBAJ&q=%22Still+convinced+that+he+could+defeat+Koguryo%2C+Taizong+dispatched+two+more+expeditions+against+it+in+647+and+648%2C+neither+of+them+successful.%22#v=snippet&q=%22Still%20convinced%20that%20he%20could%20defeat%20Koguryo%2C%20Taizong%20dispatched%20two%20more%20expeditions%20against%20it%20in%20647%20and%20648%2C%20neither%20of%20them%20successful.%22&f=false. Retrieved 4 August 2016. 
  53. Tucker, Spencer C. (enයෙන්). A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East [6 volumes: From the Ancient World to the Modern Middle East]. ABC-CLIO. පි. 406. ISBN 9781851096725. https://books.google.com/books?id=h5_tSnygvbIC&q=%22In+645+he+led+Tang+forces+to+conquer+Koguryo+but+was+defeated.+Again+in+647+and+648+he+sent+out+expeditionary+forces+to+invade+Koguryo%2C+but+these+attacks+were+also+repulsed+by+the+Korean+kingdom.%22#v=snippet&q=%22In%20645%20he%20led%20Tang%20forces%20to%20conquer%20Koguryo%20but%20was%20defeated.%20Again%20in%20647%20and%20648%20he%20sent%20out%20expeditionary%20forces%20to%20invade%20Koguryo%2C%20but%20these%20attacks%20were%20also%20repulsed%20by%20the%20Korean%20kingdom.%22&f=false. Retrieved 4 August 2016. 
  54. 54.0 54.1 Chen, Jack Wei (enයෙන්). The Poetics of Sovereignty: On Emperor Taizong of the Tang Dynasty. Harvard University Press. පි. 43. ISBN 9780674056084. https://books.google.com/books?id=5wlDivOQGakC&pg=PA43#v=onepage&q&f=false. Retrieved 4 August 2016. 
  55. Guo, Rongxing (enයෙන්). Intercultural Economic Analysis: Theory and Method. Springer Science & Business Media. පි. 42. ISBN 9781441908490. https://books.google.com/books?id=dbJ3LsL6jJMC&q=%22The+subsequent+dynasty%2C+Tang+%28AD+618%E2%80%93907%29%2C+dispatched+three+unsuccessful+expeditions+against+Koguryo+in+AD+644%2C+648%2C+and+655.%22#v=snippet&q=%22The%20subsequent%20dynasty%2C%20Tang%20(AD%20618%E2%80%93907)%2C%20dispatched%20three%20unsuccessful%20expeditions%20against%20Koguryo%20in%20AD%20644%2C%20648%2C%20and%20655.%22&f=false. Retrieved 4 August 2016. 
  56. Whiting, Marvin C. (enයෙන්). Imperial Chinese Military History: 8000 BC-1912 AD. iUniverse. පි. 259. ISBN 9780595221349. https://books.google.com/books?id=JJQiAz3qTCgC&q=%22648+Another+invasions+of+North+Korea+had+only+limited+success%22#v=snippet&q=%22648%20Another%20invasions%20of%20North%20Korea%20had%20only%20limited%20success%22&f=false. Retrieved 4 August 2016. 
  57. Ring, Trudy; Watson, Noelle; Schellinger, Paul (enයෙන්). Asia and Oceania: International Dictionary of Historic Places. Routledge. පි. 486. ISBN 9781136639791. https://books.google.com/books?id=voerPYsAB5wC&q=stalwart+defenses#v=snippet&q=stalwart%20defenses&f=false. Retrieved 16 July 2016. 
  58. Injae, Lee; Miller, Owen; Jinhoon, Park; Hyun-Hae, Yi (enයෙන්). Korean History in Maps. Cambridge University Press. පි. 29. ISBN 9781107098466. https://books.google.com/books?id=46OTBQAAQBAJ&pg=PA29#v=onepage&q&f=false. Retrieved 4 August 2016. 
  59. Zizhi Tongjian, vols. 198, 199, 200, 201
  60. Samguk Sagi, vol. 22.[2]
  61. 61.0 61.1 61.2 Yi, Ki-baek (enයෙන්). A New History of Korea. Harvard University Press. පි. 67. ISBN 9780674615762. https://books.google.com/books?id=g2mdVwXpMzwC&pg=PA67#v=onepage&q&f=false. Retrieved 2 August 2016. 
  62. Graff, David (enයෙන්). Medieval Chinese Warfare 300-900. Routledge. පි. 213. ISBN 9781134553532. https://books.google.com/books?id=gpmBAgAAQBAJ&pg=PA213#v=onepage&q&f=false. Retrieved 29 July 2016. 
  63. Grant, Reg G. (enයෙන්). 1001 Battles That Changed the Course of World History. Universe Pub.. පි. 118. ISBN 9780789322333. https://books.google.com/books?id=s4njwZGrZg4C&pg=PA118#v=onepage&q&f=false. Retrieved 29 July 2016. 
  64. Starr, S. Frederick (enයෙන්). Xinjiang: China's Muslim Borderland. Routledge. පි. 38. ISBN 9781317451372. https://books.google.com/books?id=XuvqBgAAQBAJ&pg=PA38#v=onepage&q&f=false. Retrieved 29 July 2016. 
  65. Connolly, Peter; Gillingham, John; Lazenby, John (enයෙන්). The Hutchinson Dictionary of Ancient and Medieval Warfare. Routledge. ISBN 9781135936815. https://books.google.com/books?id=1LUoDAAAQBAJ&pg=PT263#v=onepage&q&f=false. Retrieved 29 July 2016. 
  66. Neelis, Jason (enයෙන්). Early Buddhist Transmission and Trade Networks: Mobility and Exchange Within and Beyond the Northwestern Borderlands of South Asia. BRILL. පි. 176. ISBN 9004181598. https://books.google.com/books?id=GB-JV2eOr2UC&pg=PA176#v=onepage&q&f=false. Retrieved 29 July 2016. 
  67. 《資治通鑑·唐紀四十一》
  68. 《資治通鑑·唐紀四十三》
  69. Rossabi, Morris (enයෙන්). China Among Equals: The Middle Kingdom and Its Neighbors, 10th-14th Centuries. University of California Press. පි. 323. ISBN 9780520045620. https://books.google.com/books?id=sNpD5UKmkswC&q=%22As+the+self-proclaimed+successor+to+Koguryo+and+the+protector+of+Parhae+refugees%2C+many+of+them+of+Koguryo+origin%2C+Koryo+considered+the+northern+territories+in+Manchuria+its+rightful+legacy.%22#v=snippet&q=%22As%20the%20self-proclaimed%20successor%20to%20Koguryo%20and%20the%20protector%20of%20Parhae%20refugees%2C%20many%20of%20them%20of%20Koguryo%20origin%2C%20Koryo%20considered%20the%20northern%20territories%20in%20Manchuria%20its%20rightful%20legacy.%22&f=false. Retrieved 1 August 2016. 
  70. Ryu, Howard Jisoo (enයෙන්). Orderly Korea Unification: With the Guarantee of Stability in East Asia. Xlibris Corporation. පි. 145. ISBN 9781462803323. https://books.google.com/books?id=ZrZ-PuddnnYC&q=Goguryeo+descent#v=snippet&q=Goguryeo%20descent&f=false. Retrieved 18 July 2016. 
  71. 박, 종기 (August 24, 2015). 고려사의 재발견: 한반도 역사상 가장 개방적이고 역동적인 500년 고려 역사를 만나다. 휴머니스트. ISBN 9788958629023. https://play.google.com/store/books/details?id=Qn6TCgAAQBAJ&rdid=book-Qn6TCgAAQBAJ&rdot=1&source=gbs_vpt_read&pcampaignid=books_booksearch_viewport. 
  72. Lee, Ki-Baik (1984). A New History of Korea. Cambridge, Massachusetts: Harvard University Press. පි. 103. ISBN 067461576X. "පර්හේ රාජ්‍යය ඛිටන්වරුන්ගේ ග්‍රහණයට නතුවීමත් සමග, කොගුර්යෝවෙන් පැවතෙන්නන් වූ එහි බොහො පාලක පන්ති ජනයා කොර්යෝ වෙත පලාගියහ. ඔවුන්ව උණුසුම් ලෙස පිළිගත් වං කෝන් නිර්ලෝභී ලෙස ඔවුනට ඉඩම් ලබාදුන්නේ ය. පර්හේ කිරුළහිමි කුමරු වූ තේ න්වං-හ්යොන් හට වං ක්යේ ("රාජකීය වං අනුප්‍රාප්තික") යන නාමය ලබා දී, ඔහුව රාජකීය ගෘහයේ නාමලේඛනය ඇතුළත් කරගත්තේ ය. එමගින් ඔවුන් දෙදෙනා එකම පෙළපත අයත් වූ බව පැවසුණු අතර, ඔවුනට සිය පූර්වජයා‍ගේ ගෞරවය සහ චාරිත්‍ර උරුම විය. මෙලෙසින් කොර්යෝව සැබෑ ජාතික ඒකාබද්ධතාවක් අත් කරගත්තේ පසුකාලීන තුන් රාජධානි පමණක් නොව කොගුර්යෝ පෙළපතේ පර්හේ රාජධානිය පවා ඈඳා ගනිමිනි."
  73. The Pride History of Korea
  74. 74.0 74.1 (ScienceView Unknown year)
  75. History of Ssireum, Korea Ssireum Research Institute
  76. Historical Background Of Taekwondo Korea Taekwondo Association
  77. The Origin of Taekwondo, The World Taekwondo Federation
  78. Brown 2006, p. 18
  79. ‘고구려’와 ‘고려’는 같은 나라였다
  80. 고구려란 이름
  81. Fan Ye, Book of the Later Han, volume 85; the Dongyi Liezhuan
  82. Wei Shou, Book of Wei, volume 100; the Liezhuan 88, the Wuji
  83. Li Dashi, History of Northern Dynasties, volume 94; the Liezhuan 82, the Wuji
  84. "Chinese Scholar Slams Co-opting Korean History". Chosun Ilbo. 2006-09-13. Archived from the original on 2006-10-19. සම්ප්‍රවේශය 2007-03-06. 
  85. Bae, Young-dae; Min-a Lee (2004-09-16). "Korea finds some allies in Goguryeo history spat". Joongang Ilbo. සම්ප්‍රවේශය 2007-03-06. 
  86. 86.0 86.1 China shock for South Korea By Bruce Klingner. Asia Times
  87. "About the Korea Institute". Korea Institute. සම්ප්‍රවේශය 2007-05-28. 
  88. "Korean-Russian academia jointly respond to Northeast Project" (in Korean). Naver. 2006-10-31. සම්ප්‍රවේශය 2007-03-06. 
  89. Bae, Young-dae; Min-a Lee (2004-09-16). "Korea finds some allies in Goguryeo history spat". Joongang Ilbo. සම්ප්‍රවේශය 2007-03-06. 
  90. China's Nationalism Warps Koguryo History. The Korea Times
  91. Byington, Mark (2004-01-01). "Koguryo part of China?". Koreanstudies mailing list. සම්ප්‍රවේශය 2007-03-06.  External link in |work= (help)
  92. Chase, Thomas (2011). "Nationalism on the Net: Online discussion of Goguryeo history in China and South Korea" (PDF). China Information. 25 (1): 61–82. සම්ප්‍රවේශය 2012-08-23. 

මූලාශ්‍ර[සංස්කරණය]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Jeon Ho-tae Goguryeo: In Search of Its Culture and History. Hollym.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Korea topics

ඛණ්ඩාංක: 41°02′24″N 126°40′12″E / 41.04000°N 126.67000°E / 41.04000; 126.67000

"https://si.wikipedia.org/w/index.php?title=ගොගුර්යෝ&oldid=410441" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි