ගයා සංයුක්තය

විකිපීඩියා වෙතින්
ගයා සංයුක්තය

가야 (加倻)
42–562
සිල්ලා සහ බෙක්ජේ රාජ්‍යවලට සාපේක්ෂව තෝරාගත් ගයා රාජ්‍ය සංස්ථාවන්හි ආසන්න පිහිටීම දැක්වෙන සිතියම
සිල්ලා සහ බෙක්ජේ රාජ්‍යවලට සාපේක්ෂව තෝරාගත් ගයා රාජ්‍ය සංස්ථාවන්හි ආසන්න පිහිටීම දැක්වෙන සිතියම
පොදු භාෂාවන්පැරණි කොරියානු
ආගම
බුදු දහම, කොරියානු ශාමන්වාදය
රජයරාජාණ්ඩුව, සන්ධානය
සුරෝ 
• ?–562
දෝසෝල්ජි
ඓතිහාසික යුගයපුරාතන
• ස්ථාපනය
42
• සිල්ලාවට යටත් වීම
562
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
බ්යොන්හන් සංයුක්තය
සිල්ලා
බෙක්ජේ
වර්තමානයේ මෙය අයත් වන්නේ දකුණු කොරියාව
ගයා සංයුක්තය
ගයාවෙන් හමුවූ තාරා හැඩැති මැටි බඳුන්; 5වන හෝ 6වන සියවස.
කොරියානු නම
හංගුල්가야
හන්ජා හෝ
ප්‍රතිශෝධිත රෝමානුකරණයගයා
මැකූන්–‍රයිෂවර්කයා

ගයා (කොරියානු가야; හන්ජා加倻; ප්‍රරෝGaya, කොරියානු උච්චාරණය: [ka.ja]) යුනවෙන් හැඳින්වුණේ දකුණුදිග කොරියාවේ නක්දොං ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව පැවති රාජ්‍ය සංස්ථා සමූහයකින් සැදුම්ලත් කොරියානු සංයුක්ත රාජ්‍යයකි.[1] මෙය සම්හන් යුගයේ බ්යොන්හන් සංයුක්තයෙන් වෙන්ව වර්ධනය විය.

ගයා කාලානුක්‍රමය සඳහා ඉතිහාසඥයින් විසින් භාවිත කරනු ලබන සම්ප්‍රදායික කාලසීමාව ක්‍රි.ව. 42–532 වේ. තෙවන සහ සිව්වන සියවස්වලට අයත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, බ්යොන්හන්හි ඇතැම් නගර-රාජ්‍ය ගයා සංයුක්තයට ඇතුළත් වී ඇත. මේවා පසුව කොරියාවේ තුන් රාජධානිවලින් එකක් වූ සිල්ලා රාජධානිය විසින් ඈඳාගන්නා ලදී. ගයා සංයුක්ත රාජ්‍යය තැනීමට දායක වූ තනි රාජ්‍ය සංස්ථා කුඩා පුර-රාජ්‍යයන් ලෙස සැලකේ.[2] ගයා සංස්කෘතිය පිළිබඳ භෞතික සංස්කෘතික සාධක ප්‍රධාන වශයෙන්ම භූමදානයන්වලින් හමුවේ. පුරාවිද්‍යාඥයින් විසින් මේ හා සම්න්ධ අවමංගල භාණ්ඩ කැනීම් කටයුතුවල දී සොයාගෙන ඇත. පුරාවිද්‍යාඥයන් විසින් අර්ථකථනය කරන්නේ පසුකාලීන තෙවන සහ මුල්කාලීන සිව්වන සියවස්වලට අයත් ගිම්හේහි දේසොං-දොං සහ බුසන්හි බොක්චොන්-දොං වැනි ගොඩැලි සොහොන් ගයා රාජ්‍ය සංස්ථාවල රාජකීය භූමදාන ස්ථාන බවයි.[3]

නම්[සංස්කරණය]

බොහෝ අවස්ථාවල පොදුවේ මෙය ගයා (가야; 加耶, 伽耶, 伽倻; [kaja]) ලෙස හැඳින්වුණ ද, එය කොරියානු වචන හන්ජා බසට පිටපත් කිරීමේ දී සිදුවූ දෝෂයක් නිසා බිහිවූ නාමයකි. ඓතිහාසික මූලාශ්‍රවල මෙම රාජ්‍යය සඳහා විවිධ නම් භාවිතා වී ඇති අතර, ඒවා අතර ගරාක් (가락; 駕洛, 迦落; [kaɾak]), ගරා (가라; 加羅, 伽羅, 迦羅, 柯羅; [kaɾa]), ගර්යං (가량;加良; [kaɾjaŋ]), සහ ගුයා (구야; 狗耶; [kuja]) වැනි නාමයන් වේ.[4] ක්‍රිස්ටෝෆර් අයි. බෙක්විත් අනුව, "කයා යන්නෙහි අක්ෂර වින්‍යාසය එහි නාමය ලිවීමට භාවිතා කළ අක්ෂරවල නූතනම කොරියානු කියැවීම අනුව භාවිතා වන්නකි. /කරා/ (පිටපත් කිරීමේ දී *කලා) යන අක්ෂර වින්‍යාසය නිශ්චිත ය."[5]

ජපන් බසින් ගයාව සඳහා යෙදෙන මිමානා (任那) යන්න සැලකියු යුතු දේශපාලන ගුණාගං හැඟවෙන නාමයකි. කෙසේනමුත්, පුරාතන යුගයේ කොරියානු අර්ධද්වීපයේ ගයාවේ නාමය ලෙස භාවිතා වූ වදන අසුරෙන් බිහිවූයේ යැයි සැලකිය හැකි කරා (から、唐、漢、韓) නැමැති වදනක් ජපන් භාෂාව තුළ පවතියි. එමගින් "චීනය හෝ කොරියාව, නැගෙනහිර ආසියානු මහාභූමිය" වැනි අරුතක් කියැවේ. මෑතක දී "විදෙස් ජාතීන්, විදේශ රටවල්" වැනි අනුමාන අර්ථයන් සඳහා ද එය භාවිතා වේ.

ඉතිහාසය[සංස්කරණය]

13වන සියවසේ ලියැවුණු සම්ගුක් යුසා මූලාශ්‍රයේ වාර්තාකොට ඇති පුරාවෘත්තයට අනුව ක්‍රි.ව. 42දී දෙව්ලොවෙන් බිජු සයක් අවරෝහණය විය. එමගින් බිහිවන දරුවන් රජවරුන් වන බවට පණිවිඩයක් ද විය. ඉන් පිරිමි දරුවන් සය දෙනකු බිහිවූ අතර, දින 12ක් ඇතුළත ඔවුන් වැඩී පරිණත තත්ත්වයට පත් විය. ඉන් එක් අයකු වූ සුරෝ, ගයුම්ග්වන් ගයාහි රජු බවට පත් විය. අනෙක් පස්දෙනා සෙසු ගයා රාජ්‍ය වූ දේගයා, සොංසන් ගයා, අරා ගයා, ගොර්යොං ගයා, සහ සෝගයා පිහිටුවූහ.[6]

ගයා රාජ්‍ය සංස්ථාවන් විකාශනය වූයේ සම්හන් සංයුක්තයෙන් එකක් වූ බ්යොන්හන් සංයුක්තයේ ගෝත්‍ර දොළසෙහි දේශපාලනික ව්‍යූහ ඇසුරෙනි. ලිහිල්ව සංවිධානය වූ බල ප්‍රදේශ ගයා සමූහයන් සයක් ලෙස ග්‍යුම්ග්වන් ගයා වටා කේන්ද්‍රගත විය. පුරාවිද්‍යාත්මක සාක්ෂි මෙන්ම සීමිත ලිඛිත මූලාශ්‍ර මත පදනම්ව, සින් වැනි විද්වත්හු පසුකාලීන 3වන සියවස බ්යොන්හන් රාජ්‍යය, ගයා තෙක් පරිණාමය වූ සංක්‍රමණ යුගය ලෙස සලකති. මෙකල යුධ කටයුතු වර්ධනය වූ අතර, අවමංගල සම්ප්‍රදායයන් ද වෙනස් විය.[7] සින්[8] වැඩිදුරටත් පවසන්නේ මෙය වඩාත් යුධමය දර්ශනයක් සහ පාලන ක්‍රමයක් අනුගමනය කළ බුයෝ රාජධානියේ ප්‍රතිපත්ති හේතුවෙන් ඇතැම් රාජ්‍යවල (දේගයා ද ඇතුළත්ව) හිටපු වංශවතුන් විස්ථාපනය වීම හා සම්බන්ධ බවයි.

ක්‍රි.ව. 391 සහ 412 අතර කාලයේ ගොගුර්යෝවෙන් ඇතිවූ පීඩනය හේතුවෙන් ගයා සංයුක්තය කොටස්වලට බිඳී යන්නට විය. කෙසේනමුත්, අවසන් ගයා රාජ්‍ය ක්‍රි.ව. 562දී සිල්ලාව විසින් යටත් කරගන්නා තෙක්ම ස්වාධීනව පැවතිණි. මෙසේ සිල්ලාව විසින් ඔවුන්ව යටත් කරගන්නා ලද්දේ සිල්ලාවට එරෙහි යුද්ධයේ දී ගයාව බෙක්ජේ රාජ්‍යයට සහාය වීමට දඬුවමක් වශයෙනි.

ආර්ථිකය[සංස්කරණය]

මෙහි රාජ්‍ය සංස්ථා පිහිටා තිබූයේ නක්දොං ගංගාවේ මුවදොර සහ අතු ගංගා නිම්නවල දියළු තලාවන්හි ය. විශේෂයෙන්ම නක්දොං ගංගාවේ මුවදොර සාරවත් තැනිතලා පිහිටා තිබූ අතර, මුහුදට ඍජුවම ළඟා විය හැකි වූවා මෙන්ම යකඩ නිධි ද බහුලව පිහිටා තිබිණි. ගයා රාජ්‍යයන්හි ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය, මසුන් ඇල්ලීම, ලෝහ කර්මාන්තය සහ දිගු-දුර වෙළඳාම යන අංගවලින් සමන්විත විය. මින් පෙර බ්යොන්හන් සංයුක්තය මෙන්ම ගයාව ද එහි යකඩ කර්මාන්තය හේතුවෙන් ප්‍රකටව පැවතිණි. ගයා රාජ්‍ය විසින් යපස්, යකඩ සන්නාහ සහ වෙනත් ආයුධ බෙක්ජේ සහ ජපානයේ යමාටෝ යුගයේ වා රාජධානිය වෙත අපනයනය කොට තිබේ. බ්යොන් සංයුක්තය විසින් පවත්වාගෙන ගිය දැවැන්ත ආර්ථික සහ දේශපාලනික-නොවන සම්බන්ධතා හා සැසඳීමේ දී ගයා රාජ්‍ය එම රාජධානි සමග ප්‍රබල දේශපාලන සම්බන්ධතා ද පැවැත්වීමට උත්සාහ දරා තිබේ.

දේශපාලනය[සංස්කරණය]

පුරාතන ඓතිහාසික වාර්තා කිහිපයක ගයාවේ වූ ‍රාජ්‍ය සංස්ථා ගණනාවක ලැයිස්තුවක් ලබා දී ඇත. උදාහරණයක් ලෙස ගොර්යෝ සර්යක් (고려사략; 高麗史略) පහත රාජ්‍ය පහ දක්වයි: ග්‍යුම්ග්වන් ගයා, ගොර්යොං ගයා, බිහ්වා ගයා, අරා ගයා, සහ ‍සොංසන් ගයා එම ලැයිස්තුවෙහි වේ.

2වන සහ 3වන සියවස්වල දී වර්තමාන ගිම්හේ ප්‍රදේශයේ පිහිටා තිබූ ග්‍යුම්ග්වන් ගයා කේන්ද්‍ර කරගනිමින් ගයා රාජ්‍ය සංස්ථා ගණනාවක් රාජ්‍ය සන්ධානයක් නිර්මාණය කොටගෙන තිබේ. පරිහානි සමයයෙන් පසුව පවා 5වන සහ 6වන සියවස් තෙක්ම මෙම රාජ්‍ය සන්ධානය ‍පැවති අතර, ඒ වනවිට එය ගොර්යොංහි දේගයාව කේන්ද්‍රකොට ගෙන පැවතිණි. කෙසේනමුත්, එය අසල්වැසි සිල්ලා රාජධානියේ ආක්‍රමණ සහ ප්‍රහාරවලින් සිය භූමිය ආරක්ෂා කරගැනීමට සමත් වූයේ නැත.

මිමානා මතභේදය[සංස්කරණය]

ජපානය සමග පැවති දේශපාලන සහ වෙළඳ සම්බන්ධතා කොරියාවේ මෙන්ම ජපානයේ ද ජාතිකවාදීන්ගේ වාද විෂයයක් බවට පත්ව තිබේ. දොළොස්වන සියවසේ දී ජපන් ආණ්ඩුක්‍රම විශේෂඥයින් නිහොන් ෂොකි නැමැති මූලාශ්‍රය තුළ, ගයාව ("මිමානා" නැතහොත් ජපන් බසින් "කරා") යමාටෝ යුගයේ (300–710) ජපන් යුධ මුරපොළක් බව පවසන්නට උත්සාහ ගෙන ඇත. මෙය සනාථ කිරීමට සාක්ෂි නොමැති වුවත්, ජපන් අධිරාජ්‍යවාදීන් සහ ජාතිකවාදීන් විසින් අවස්ථා ගණනාවක දී ජපානයේ කොරියානු ආක්‍රමණය (1910–1945) සාධාරණීකරණය කරන්නට මෙමගින් උත්සාහ දරා ඇත.[9][10](366-552)[11]

පුරාවිද්‍යාත්මක සාකෂි අනුව ‍යෝජනා වන්නේ එකල කියුෂු වෙත තාක්ෂණය සහ සංස්කෘතිය ව්‍යාප්ත කිරීමට හේතුවූ ප්‍රධාන අපනයනකරුවා ගයා රාජ්‍ය බවයි. ජපන් මුරපොළ පිළිබඳ මතය ජපානයේ පවා බෙහෙවින් ප්‍රතික්ෂේප කෙරෙන මතයකි. එයට හේතුව ගයාව හෝ කොරියාවේ කොටසක් හෝ ආක්‍රමණය කිරීමට ප්‍රමාණවත් තරමේ යුධ ශක්තියක් එකල කිසිදු ජපන් රාජවංශයකට නොවීමයි.[12][13] එසේම එකල ජපන් රාජවංශවල පැවති තාක්ෂණයට වඩා ගයාවේ දියුණු තාක්ෂණයක් පැවතිණි.[12][13]

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. (2001). Kaya. In The Penguin Archaeology Guide, edited by Paul Bahn, pp. 228–229. Penguin, London.
  2. Barnes, Gina L. (2001). Introducing Kaya History and Archaeology. In State Formation in Korea: Historical and Archaeological Perspectives, pp. 179–200. Curzon, London.
  3. Barnes 2001:188–198.
  4. Barnes 2001:182-184.
  5. Beckwith, Christopher (2009). Empires of the Silk Road: A History of Central Eurasia from the Bronze Age to the Present. NJ: Princeton University Press. p. 105. ISBN 978-0-691-13589-2.
  6. Barnes 2001:180-182.
  7. Sin, K.C. (2000). Relations between Kaya and Wa in the third to fourth centuries CE. Journal of East Asian Archaeology 2(3–4), 112–122.
  8. Sin, K.C. (2000).
  9. André Schmid (2002). Korea Between Empires: 1895 - 1919. Columbia University Press. ISBN 978-0-231-50630-4. සම්ප්‍රවේශය 31 July 2013.. Page 150, Page 169
  10. Lee, Peter H & Wm. Theodore De Bary. Sources of Korean Tradition. Columbia University Press, 1997. ISBN 0-231-10567-3. Page 14
  11. Historical Atlas of the Classical World, 500 BC--AD 600. Barnes & Noble Books. 2000. p. 2.25. ISBN 978-0-7607-1973-2.
  12. 12.0 12.1 Kenneth B. Lee (1997). "4. Korea and Early Japan, 200 B.C. -700 A.D.". Korea and East Asia: The Story of a Phoenix. Greenwood Publishing Group. pp. 31 ~ 35p. ISBN 0-275-95823-X.
  13. 13.0 13.1 John Whitney Hall (1998). "5. Japan and the continent". The Cambridge History of Japan. Cambridge University Press. pp. 308 ~ 310p. ISBN 0-521-22352-0.

ඛණ්ඩාංක: 35°09′36″N 128°13′48″E / 35.16000°N 128.23000°E / 35.16000; 128.23000

"https://si.wikipedia.org/w/index.php?title=ගයා_සංයුක්තය&oldid=606746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි