Jump to content

ජින් (කොරියානු රාජ්‍යය)

විකිපීඩියා වෙතින්
ජින් රාජ්‍යය

진국(辰國)
ක්‍රි.පූ. 4වන සියවස–ක්‍රි.පූ. 2වන සියවස
200px
කොරියාව ක්‍රි.පූ. 108 දී
අගනුවරවිශේෂණය කොට නැත
පොදු භාෂාවන්ප්‍රාක්-කොරියානු
ආගම
කොරියානු ශාමන්වාදය
රජයදේශපාලන සන්ධානය
ප්‍රධානියා 
ඓතිහාසික යුගයපුරාතන
• ස්ථාපනය
ක්‍රි.පූ. 4වන සියවස
• සම්හන් අනුප්‍රාප්තිය
ක්‍රි.පූ. 2වන සියවස
අනුප්‍රාප්ති වනුයේ
මහන් සංයුක්තය
බ්යොන්හන් සංයුක්තය
ජින්හන් සංයුක්තය
වර්තමානයේ මෙය අයත් වන්නේ දකුණු කොරියාව,  උතුරු කොරියාව
ජින්
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයJin-guk
මැකූන්–‍රයිෂවර්Chin'guk

ජින් (කොරියානු උච්චාරණය: [tɕin]) රාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 2වන සහ 3වන සියවස්වල කොරියානු අර්ධද්වීපයේ ඇතැම් දකුණුදිග ප්‍රදේශවල පිහිටා තිබූ මුල්කාලීන කොරියානු යකඩ යුගයට අයත් රාජ්‍යයකි. මෙය උතුරින් ගෝජොසොන් නැමැති කොරියානු රාජධානියෙන් මායිම් විය. එහි අගනුවර හන් ගංගාවට දකුණින් වූ කිසියම් ප්‍රදේශයක පිහිටා තිබෙන්නට ඇත. මෙම රාජ්‍යය සම්හන් සංයුක්ත රාජ්‍යවල පූර්වප්‍රාප්තික රාජ්‍යය වූ අතර, ඒ සෑම සංයුක්ත රාජ්‍යයක්ම ජින් රාජ්‍යයේ අනුප්‍රාප්තිකය්න ලෙස සැලකෙයි.[1]

"ජින්" යනු කොරියානු වදනක් වන යන්නෙහි ප්‍රතිශෝධිත රෝමානුකරණයයි. මෙය මුලින් කොරියානු චීන අක්ෂර (හන්ජා) අනුසාරයෙන් ලෙස ලියන ලදී. මෙම අක්ෂරයේ පැරණි චීන උච්චාරණය /*[d]ər/ ලෙස ප්‍රතිනිර්මාණය කොට ඇති අතර,[2] එය මුලින් 5වන සියවසේ චීන ‍සහ කොරියානු රාශි චක්‍රයේ 5වන පෘථිවි ශාඛාව සඳහා භාවිතා විය. මෙය මකරා නැමැති රාශිය හා සම්බන්ධ යැයි සැලකුණු බ්‍රහස්පතිගේ කක්ෂයේ කොටසක් ලෙස සැලකේ‍. මෙය 120° (ESE සහ SE අතර) දිගංශයට අදාළ යැයි සැලකෙන නමුත්, එය පෙ.ව. 7 සහ 9 අතර පැය දෙකක කාල සීමාව සමග ද සම්බන්ධ ය. මේ නිසා එය හිරුඋදාව සහ නැගෙනිහර දිශාව සමග සම්බන්ධ යැයි සිතිය හැක.

මෙය තවත් රෝමානුකරණ ප්‍රභේදයක් අනුව චින් ලෙස ද හැඳින්විය හැක.

ඉතිහාසය

[සංස්කරණය]

ජින් රාජ්‍යය කෙතරම් දුරට සංවිධානය වූ රාජ්‍යයක් ද යන්න පැහැදිළි නැත. මෙය ඉන් අනතුරුව එළැඹි සම්හන් මෙන් රාජ්‍ය සන්ධානයක් විය හැකි බව පෙනේ. මෙම රාජ්‍යය විමන් ජොසොන් සමග තරග කිරීමට සහ චීනයේ හන් රාජවංශයේ මාලිගයට දූතයන් ද යවා ඇති බැවින්, මෙහි යම්තාක් දුරට ස්ථායී මධ්‍යම අධිකාරයක් තිබෙන්නට ඇත. කොරියානු ඉතිහාසඥ කි-බෙක් ලී (1984, පි. 24) ද‍ යෝජනා කරන්නේ රාජධානිය විසින් ඍජු සම්බන්ධතා ආරම්භ කිරීමට උත්සාහ දරා ඇති බැවින් "චීනයේ ලෝහ සංස්කෘතියේ වාසි අත් විඳීමට චින් [ජින්] තුළ පැවති දැඩි අවශ්‍යතාවය මෙමගින් පෙනේ." කෙසේනමුත්, බොහෝදුරට විමන් ජොසොන් රාජ්‍යය විසින් ජින් සහ චීනය අතර ඍජු සම්බන්ධතා ඇතිවීමට වළකන ලදී.[3]

විමන් විසින් සිහසුන පැහැර ගෙන විමන් ජොසොන් රාජ්‍යය පිහිටුවීමෙන් පසු ගෝජොසොන්හි ජුන් රජු ජින් රාජ්‍යය වෙත පලාගිය බව වාර්තා වේ. ඇතැමුන් විශ්වාස කරන්නේ ‍චීන මූලාශ්‍රවල දැක්වෙන ගේගුක් හෝ ගේමගුක් (蓋馬國, සන්නාහ ලූ අසුන්ගේ දේශය) යන්න ජින් රාජ්‍යය සඳහා භාවිතා වන්නට ඇති බවයි. ක්‍රි.ව. 26දී ගොගුර්යෝව විසින් "ගේමගුක්" යටත් කරගත් බැව් පැවසේ. නමුත් මෙය ඇතැම්විට උතුරුදිග කොරියාවේ වෙනස් ගෝත්‍රයක් සඳහා භාවිතා වන්නට ඇත.

ජින්හි අවසානය පිළිබඳ සඳහන් වාර්තා එකිනෙකට පරස්පරතාවක් පෙන්වයි. මෙය පසුකාලීන ජින්හන් රාජ්‍ය සන්ධානය බවට පත්වූයේ ද, නැතහොත් සම්හන් ලෙස විසිර ගියේ ද යන්න අවිනිශ්චිත ය. ජින්හි පුරාවිද්‍යාත්මක වාර්තා පසුකලෙක මහන් සංයුක්ත රාජ්‍යයට අයත් භූමියේ කේන්ද්‍රණය වී තිබී හමුව ඇත.[1]

පුරාවිද්‍යාව

[සංස්කරණය]

පුරාවිද්‍යාත්මකව, සාමාන්‍යයෙන් ජින් සැලකෙන්නේ කොරියානු ලෝකඩ සිරි සංස්කෘතියට අයත් ලෙසයි. මෙම යුගය පසුකාලීන ක්‍රි.පූ. පළමුවන සහස්‍රකයේ ලියාඕනිං ලෝකඩ සිරි සංස්කෘතියට පසුව එළැඹියේ ය.[1] මෙම සංස්කෘතියට අයත් අනාවරණ බහුල වශයෙන් නිරිතදිග කොරියාවේ චුංචොං සහ ජොල්ලා ප්‍රදේශවලින් හමුවේ. මේ අනුව යෝජනා වන්නේ ජින් රාජ්‍යය මුල් බැසගත්තේ ද මෙම ප්‍රදේශයේම බවයි. එය දළ වශයෙන් අර්ධමය ඓතිහාසික සාක්ෂි හා සමකාලීන වේ. මෙම සංස්කෘතියට අයත් කෞතුක භාණ්ඩ දකුණුදිග කොරියාව පුරාම දක්නට ලැබෙන අතර, ඒවා ජපානයේ කියූෂූහි යායොයි ජනයා වෙත අපනයනය කිරීම ද සිදුවී ඇත.[4]

උරුමය

[සංස්කරණය]

ජින් රාජ්‍යයෙන් පසුව සම්හන් අනුප්‍රාප්තියට පත් විය: මෙය මහන්, ජින්හන් සහ බ්යොන්හන් යන රාජ්‍ය සන්ධානවලින් සමන්විත ය. චීන ඓතිහාසික මූලාශ්‍රයක් වන තුන් රාජධානිවල වාර්තා පවසන්නේ ජින්හන් යනු ජින් රාජ්‍යයේ අනුප්‍රාප්තික රාජ්‍යය බවයි.[5] නමුත් පසුකාලීන හන්හි ග්‍රන්ථය පවසන්නේ මහන්, ජින්හන් සහ බ්යොන්හන් යන තුනම පැරණි ජින් රාජ්‍යයට අයත් වූ බවත්, එහි ජනපද 78ක් අන්තර්ගත වූ බවත් ය.[6]

ජින් රාජ්‍යයේ නාමය ජින්හන් සංයුක්තය සහ බ්යොන්හන් සඳහා විකල්ප නාමයක් වූ "බ්යොන්ජින්" යන රාජ්‍ය සිය නාමය සඳහා දිගටම භාවිතා කොට තිබේ. මීට අමතරව, මහන් සංයුක්තයේ ඇතැම් නායකයින් සමහර කාලවකවානුවල තමන් "ජින් රජ" ලෙස හඳුන්වාගෙන ඇත. මෙලෙසින් ඔවුන් සියලු සම්හන් ගෝත්‍රවලට නාමික අධිපතීත්වයක් ප්‍රකාශ කොට ඇත.

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]

උද්ධෘත

[සංස්කරණය]
  1. ^ a b c Lee Injae, Owen Miller, Park Jinhoon, Yi Hyun-Hae, 〈Korean History in Maps〉, 2014, pp.18-20
  2. ^ Baxter-Sagart.
  3. ^ Book of Han, "傳子至孫右渠 … 眞番 辰國 欲上書見天子 又雍閼弗通", vol.〈朝鮮〉
  4. ^ Kenneth B. Lee, 〈Korea and East Asia: The Story of a Phoenix〉, Greenwood Publishing, 1997, pp.23-25
  5. ^ "辰韓者古之辰國也". 〈韓〉,《三國志》
  6. ^ "韓有三種 一曰馬韓 二曰辰韓 三曰弁辰 … 凡七十八國 … 皆古之辰國也"〈韓〉,《後漢書》

ග්‍රන්ථාවලිය

[සංස්කරණය]
  • Lee, C.-k. (1996). The bronze dagger culture of Liaoning province and the Korean peninsula. Korea Journal 36(4), 17-27. [1]
  • Lee, K.-b. (1984). A new history of Korea. Tr. by E.W. Wagner & E.J. Schulz, based on the 1979 rev. ed. Seoul: Ilchogak. ISBN 89-337-0204-0.