කොරියාවේ සුන්ජොං

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.
සුන්ජොං
කොරියාවේ අධිරාජයා
Emperor Sunjong.jpg
කොරියාවේ අධිරාජයා
රාජ්‍ය සමය 20 ජූලි 1907 – 29 අගෝස්තු 1910
පූර්වප්‍රාප්තිකයා කොරියාවේ ගෝජොං
අනුප්‍රාප්තිකයා අධිරාජ්‍යය අහෝසි කිරීම
කොරියාවේ අධිරාජයා
ආරූඪ රාජ්‍ය සමය 29 අගෝස්තු 1910 - 24 අප්‍රේල් 1926
අනුප්‍රාප්තිකයා යි ඉයුන්, කිරුළහිමි යුයිමින් කුමරු
උපත 1874 මාර්තු 25
චංදොක් මාලිගය, සෝල්, කොරියා
මරණය 1926 අප්‍රේල් 24 (52 වියැති)
චංදොක් මාලිගය, කෙයිජෝ (සෝල්), ජපන් අධිරාජ්‍යය
භූමදානය යුර්යොං
වංශය යි ගෘහය
පියා කොරියාවේ ගෝජොං
මව මියොංසොං අධිරාජිනිය
කොරියානු නම
හංගුල්
හංජා
සංශෝධිත රොමානුකරණය සුන්ජොං හුංහුයිජේ
මෙකන්–රයිෂවර් සුන්ජොං යුං'හුයිජේ
ලේඛන නාමය
හංගුල් 정헌
හංජා 正軒
සංශෝධිත රොමානුකරණය ජොංහොන්
මෙකන්–රයිෂවර් චෝංහෝන්
උපන් නම
හංගුල් 이척
හංජා 李坧
සංශෝධිත රොමානුකරණය ඉ චොක්
මෙකන්–රයිෂවර් යි චෝක්
ආචාරශීලීත්ව නම
හංගුල් 군방
හංජා 君邦
සංශෝධිත රොමානුකරණය ගුන්බං
මෙකන්–රයිෂවර් කුන්බං

යුංහුයි අධිරාජ සුන්ජොං (හංගුල්: 융희제; හන්ජා: 隆熙帝; RR: යුංහුයිජේ; MR: යුංහූයිජේ; 25 මාර්තු 1874 – 24 අ‍ප්‍රේල් 1926),[1] යනු කොරියානු අධිරාජ්‍යයේ දෙවන මෙන්ම අවසාන අධිරාජයා වේ. 1907 සිට 1910 දක්වා කොරියාව පාලනය කළ මොහු යි රාජවංශයේ අවසාන පාලකයාද විය.

චරිතාපදානය[සංස්කරණය]

සුන්ජොං යනු මියොංසොං අධිරාජිනියට උපන් ග්වංමු අධිරාජ, ගෝජොංගේ සිව්වන පුත්‍රයායි. 'ලී චොක්' යනුවෙන් හැඳින්වුණු සුන්ජොං කිරුළහිමි කුමරු තනතුරට පත්වන විට ඔහුගේ වයස අවුරුදු දෙකකි. 1882දී, ඔහු මින් කුමරිය සමග විවාහ වූ අතර ඇය සුන්මියොංහ්යෝ අධිරාජිනිය (හංගුල්: 순명효황후; හන්ජා: 純明孝皇后) ලෙස ප්‍රකට විය.

1897දී කොරියානු අධිරාජ්‍යය ස්ථාපිත කෙරුණු අතර, සුන්ජොං අධිරාජ්‍යයේ රාජකීය කුමරු බවට පත් විය. 1907 ජූලි මස, ජපන් හිතවාදී දේශපාලනඥයින් සහ ජපන් අධිරාජ්‍යයේ බලකිරීම හේතුවෙන් ගෝජොංව සිහසුනෙන් නෙරපන ලදී. අනතුරුව කිරුළහිමි ලී චොක් (සුන්ජොං) කුමරු යුං-හුයි අධිරාජයා (හංගුල්: 융희; හන්ජා: 隆熙) ලෙස නම්කෙරිණි. සුන්ජොං සිය බාල සොහොයුරා වූ යොංචින් රජුගේ (හංගුල්: 영친왕; හන්ජා: 英親王) සිහසුනෙහි උරුමකරු ලෙස නම්කරන ලදී. එසේම ඔහු විසින් සිය නවාතැන දොක්සුගුං මාලිගයේ සිට චංදොක්ගුං මාලිගය වෙත ගෙනගියේය.[2]

සුන්ජොංට රාජ්‍ය පාලනය කළ හැකිවූයේ වසර තුනක් පමණි. කොරියාව කෙරෙහි ජපානයේ ක්‍රමික මැදිහත් වීම් ඔහුගේ බලය සීමා කළේය. 1907 ජූලි මස, සුන්ජොං අධිරාජයා බවට පත්කළ වහාම ඔහුට 1907 ජපන්-කොරියා ගිවිසුම (හංගුල්: 한일신협약, 정미7조약; හන්ජා: 韓日新協約, 丁未七條約) අත්සන් කිරීමට බලකෙරිණි. මෙමගින් කොරියානු අධිරාජ්‍යයේ පරිපාලනයට ජපානය මැදිහත් වූ අතර, කොරියානු අධිරාජ්‍යය තුළ ජපන් අමාත්‍යවරුන් පත් කිරීම සිදු විය.[3]

ජපන් මෙහෙයවීම යටතේ කොරියානු අධිරාජ්‍යයේ හමුදාව මහජන මූල්‍ය නියාමනයෙන් ඉවත් කරන ලදී. 1909 දී, ජපානය හඳුන්වා දුන් 'කියු සන්ධානය' (හංගුල්: 기유각서; හන්ජා: 己酉覺書) මගින් කොරියානු අධිරාජ්‍යයේ අධිකරණ බලය ක්‍රමයන් අහෝසි කෙරිණි. එසේම ජපන් අධිරාජ්‍යය විසින් 'කොරියාව ඈඳාගැනීමේ ප්‍රතිපත්තිය' ප්‍රකාශයට පත්කරන ලදී. ජපානය විසින් රුසියාව සමග, මැංචූරියාව සහ කොරියාව පිළිබඳ ගැටලුව සාකච්ඡා කිරීමට ඉටෝ හිරොබුමි පත්කරන ලදී. කෙසේනමුත් හාබින්හි දී ආන් ජුං-ග්‍යුන් විසින් ඉටෝව ඝාතනය කිරීම හේතුවෙන් ජපානය කොරියාව අත්පත් කරගත්තේය. ක්‍රමයෙන් සොං බ්යුං-ජුන් සහ ලී වන්-යොං වැනි ජපන් හිතවාදී දේශපාලනඥයන් කැරැලි ගැසීම හේතුවෙන්, 1910 අගෝස්තු 29 දින කොරියාව සහ ජපානය අතර ගිවිසුමක් අත්සන් කෙරිණි. මෙම ගිවිසුම 1910 ජපන්-කොරියා ගිවිසුම ලෙස හැඳින්වෙයි.[4][5]

1910 අගෝස්තු මස ජපන්-කොරියා ඈඳාගැනීමේ ගිවිසුම සුන්ජොංගේ රාජ්‍ය සමයේ අවසානය සනිටුහන් කළේය. අනතුරුව ජපනුන් විසින් කොරියානු අධිරාජ්‍යය අහෝසි කොට වසර 519ක යි පවුලේ පාලනය අවසන් ‍කරන ලදී.[6] ඈඳාගැනීමේ ගිවිසුමෙන් පසු, හිටපු අධිරාජයා වූ සුන්ජොං සහ ඔහුගේ බිසව වූ සුන්ජොං අධිරාජනිය සිය දිවියේ සෙසු කාලය ගතකළේ සෝල්හි චංදොක්ගුං මාලිගයේ සිරගතව මෙනි.[7] සුන්ජොංට අධිරාජයා ලෙස සිය බලතල භාවිත කළ නොහැකි වූයේ ඒ වන විටත් රජයේ බලය ජපන් හිතවාදී දේශපාලනඥයින් සතු වූ බැවිනි. ජපන් බලපෑම මත කොරියානු අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු, සුන්ජොංව අධිරාජයා තනතුරේ සිට රජ තනතුර දක්වා පහත හෙළන ලදී. ජපානය ඔහුට 'චංදොක්ගුං යි රජ' (හංගුල්: 창덕궁 이왕; හන්ජා: 昌德宮 李王) යන නාමයෙන් ගෞරව කළ අතර, ඔහුගේ රජ තනතුර පාරම්පරිකව උරුම වීමට අවසර ලබාදුන්නේය.[2]

මරණය[සංස්කරණය]

1926 අප්‍රේල් 24 දින චංදොක්ගුං මාලිගය තුළ දී සුන්ජොං මියගියේය. ඔහුගේ දේහය ඔහුගේ බිරියන් දෙදෙනා භූමදාන කළ නම්යංජු නගරයේ යුර්යොං (유릉, 裕陵) සොහොන්ගැබෙහිම භූමදානය කරන ලදී. 1926 ජූනි 10 දින පැවති ඔහුගේ රාජ්‍ය අවමංගල්‍යය ජපන් පාලනයට ‍එරෙහි ජූනි 10 ව්‍යාපාරය සඳහා උත්ප්‍රේරකයක් විය.[8]

පවුල[සංස්කරණය]

  1. යෝහ්‍යුං මින් වංශයේ සුන්මියොං අධිරාජිනිය (순명황후 민씨, 1872–1904) – මියොංසොං අධිරාජිනියගේ ඥාතියකු වූ යෝහ්‍යුං මින් වංශයේ නායක මින් තේ-හෝගේ දියණියයි. ඇය සිය සැමියාගේ සිංහාසනාරූඪයට පෙර මියගියා ය.
  2. හේප්යොං යුන් වංශයේ සුන්ජොං අධිරාජිනිය (순정황후 윤씨, 1894–1966) – වංශාධිපති යුන් තෙක්-යොංගේ දියණියයි.

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • කොරියාවේ සුන්ජොං මුනොන් මුර්යොං දොනින් සොංග්යොං අධිරාජ උතුමාණන්
  • 대한제국순종문온무령돈인성경황제폐하
  • 大韓帝國純宗文溫武寧敦仁誠敬皇帝陛下
  • සේහන් ජේගුක් සුන්ජොං මුනොන් මුර්යොං දොනින් සොංග්යොං හ්වංජේ ප්යේහා

පෙළපත[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "කොරියා. චොසොන්. ද යි ඩයිනාස්ටි ජිනියලොජි". බයර්ස්, ක්‍රිස්ටෝෆර්: ද රෝයල් ආර්ක්. සම්ප්‍රවේශය 2015-04-11. 
  2. 2.0 2.1 "කොරියානු අධ්‍යයන ඇකඩමිය (한국학중앙연구원) : 순종 (සුන්ජොං)". 
  3. "『고종시대사 6』(ගෝජොංගේ යුගයේ ඉතිහාසය 6) : 국사편찬위원회(ස්වාභාවික විද්‍යා සම්බාදන කමිටුව), 1969, 635පි". 
  4. "『고종시대사 6』 (ගෝජොංගේ යුගයේ ඉතිහාසය 6) : 국사편찬위원회 (ජාතික ඉතිහාස සම්පාදන කමිටුව), 1969, 641පි". 
  5. රී, සොං නායි. බියුටිෆුල් ඈස් ද රෙන්බෝ: නෂිමොටෝ මසාකෝ, අ ජැපනීස් ප්‍රින්සස් අගේන්ස්ට් ඕල් .... පිටු 100. 
  6. "::: කල්චරල් හෙරිටේජ්, ද සෝසස් ෆෝ කොරියන්ස්' ‍ස්ට්‍රෙංත් ඇන්ඩ් ඩ්‍රීම් :::". කොරියාවේ සංස්කෘතික උරුම පරිපාලනය. සම්ප්‍රවේශය 2 සැප්තැම්බර් 2013. 
  7. "එම්පරර් සුන්ජොං ඔෆ් කොරියා". ඒෂියන් හිස්ට්‍රි. සම්ප්‍රවේශය 2 සැප්තැම්බර් 2013. 
  8. යුංහුයි යි චොක්, සුන්ජොං අධිරාජයා. කොරියා’ස් ලාස්ට් එම්පරර්’ස් ගුඩ්බායි: කොරියා ඇනෙක්ස්ඩ් බයි ජැපෑන්. 1915. 
කොරියාවේ සුන්ජොං
උපත: 25 මාර්තු 1874 මරණය: 24 අප්‍රේල් 1926
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
ග්වංමු අධිරාජයා
කොරියාවේ අධිරාජයා
20 ජූලි 1907 – 29 අගෝස්තු 1910
අධිරාජ්‍යය අහෝසි වීම
ව්‍යාජාටෝප පදවි
තනතුර අහිමි විය — නාමික —
කොරියාවේ අධිරාජයා
29 අගෝස්තු 1910 – 24 අප්‍රේල් 1926
අනුප්‍රාප්ති නොහැකියාවට හේතුව:
1910දී අධිරාජ්‍යය අහෝසි කිරීම
අනුප්‍රාප්තික වූයේ
කිරුළහිමි යුයිමින් කුමරු
"https://si.wikipedia.org/w/index.php?title=කොරියාවේ_සුන්ජොං&oldid=409488" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි