කොබෝල්ට්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
යකඩකොබෝල්ට්නිකල්
-

Co

Rh
මුහුණුවර
තද කාන්තිමත් අළුපැහැ ලෝහය
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය කොබෝල්ට්, Co, 27
මූලද්‍රව්‍ය කාණ්ඩය අන්තරික ලෝහය
කාණ්ඩය, ආවර්තය, ගොනුව 94, d
සම්මත පරමාණුක ස්කන්ධය 58.933194(4)g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ar] 4s2 3d7
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 15, 2
ද්‍රව්‍යමය ගුණ
වර්ණය ලෝහමය අළු
අවධිය ඝණ
ඝනත්වය (කා.උ. දී) 8.90 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 8.86 g·cm−3
ද්‍රවාංකය 1768 K, 1495 °C, 2723 °F
තාපාංකය 3200 K, 2927 °C, 5301 °F
විලයන එන්තැල්පිය 16.06 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 377 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 24.81 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 1790 1960 2165 2423 2755 3198
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 5, 4, 3, 2, 1, -1[1]
(උභයගුණී ඔක්සයිඩය)
විද්‍යුත් ඍණතාව 1.88 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 760.4 kJ·mol−1
2වන: 1648 kJ·mol−1
3වන: 3232 kJ·mol−1
පරමාණුක අරය 125 pm
සහසංයුජ අරය අඩු බමන: 126±3 pm
වැඩි බමන: 150±7 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය ෂඩස්‍ර සුසංහත
චුම්බකත්වය අයශ්චුම්බක
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) 62.4 nΩ·m
තාප සන්නායකතාව (300 K) 100 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 13.0 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (20 °C) 4720 m/s
යං මාපාංකය 209 GPa
ව්‍යාකෘති මාපාංකය 75 GPa
නිකර මාපාංකය 180 GPa
පොයිසෝන් අනුපාතය 0.31
මෝ දැඩියාව 5.0
විකස් දැඩියාව 1043 MPa
බි‍්‍රනල් දැඩියාව 700 MPa
CAS ලේඛනගත අංකය 7440-48-4
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: කොබෝල්ට් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
56Co syn 77.27 d ε 4.566 56Fe
57Co syn 271.79 d ε 0.836 57Fe
58Co syn 70.86 d ε 2.307 58Fe
59Co 100% 59Co is stable with 32 neutrons
60Co syn 5.2714 y β, γ 2.824 60Ni

කොබෝල්ට් යනු Co යන රසායනික සංකේතයෙන් යුත් පරමාණුක ක්‍රමාංකය 27 වන රසායනික මූලද්‍රව්‍යයකි. පෘථිවි පෘෂ්ඨයේ අැති කොබෝල්ට්, රසායනික සංයෝග තත්ත්වයෙන් පමණක් හමු වේ. ඔක්සිහාරක ලෝහ උණු කිරීමෙන් නිපදවන මෙම මූලද්‍රව්‍යය ඝන,ප්‍රභාවත් ,රිදී-අළු පැහැති ලෝහයකි.

වර්තමානයේ කොබෝල්ට් එක්තරා ප්‍රමාණයක් නොයෙක් ලෝහක ලෝපස් මගින් නිපදවයි. උදාහරණයක් ලෙස කොබෝල්ටයිට්(CoAsS) යොදා ගෙන කොබෝල්ට් නිපදවීම සදහන් කළ හැකිය. නමුත් කොබෝල්ට් ප්‍රධාන වශයෙන් නිපදවෙන්නේ තඹ හා නිකල් කැණීමේ අතුරුඵලයක් ලෙසයි. කොංගෝ ජනරජයේ හා සැම්බියාවේ හමුවන තඹ තීරයෙන්ලෝකයේ වැඩිම කොබෝල්ට් සැපයුම සිදු කරයි.මෙය මූලිකව චුම්භක සෑදීමේ දී හා ප්‍රබල මිශ්‍ර ලෝහ තැනීමේ දී යොදා ගන්නා අතර එහි සංයෝග වන කොබෝල්ට් සිලිකේට් හා කොබෝල්ට්(II) අැලුමිනේට්(CoAl2O4) විීදුරු,ස්මෝල්ට්, මැටි බදුන්, තීන්ත හා වාර්නිෂ් සදහා සුවිශේෂී තද නිල් පැහැය ලබා දෙයි.ස්වභාවික ව කොබෝල්හි එක් ස්ථායි සමස්ථානිකයක් පමණක් පවතින අතර එය කොබෝල්ට්-59 ලෙස හදුන්වයි.කොබෝල්ට්හි කොබෝල්ට්-60 යන සමස්ථානිකය වාණිජ වශයෙන් වැදගත් වන විකිරණශීලී සමස්ථානිකයක් වන අතර අධිවේගී ගැමා කිරණ නිපදවීමට යොදා ගනියි.

කොබැලමින් යන නාමයෙන් හදුන්වන එන්සයිමයන්ගේ ක්‍රියාකාරී කේන්ද්‍රය කොබෝල්ට් වන අතර ඒ සදහා හොදම උදාහරණය ලෙස විටමින් බී12 හැදින්විය හැක.එසේම කොබෝල්ට්හි අනෛන්ද්‍රිය ආකාරය බැක්‍ටීරියා, අැල්ගි හා දිලීර සදහා ක්‍රියාකාරී පෝෂකයක් ද වෙයි.

ලක්ෂණ[සංස්කරණය කරන්න]

විශාල තැටියකින් වෙන් කර ගත් ශුද්ධ කළ කොබෝල්ට් කොටසක්

කොබෝල්ට් නිශ්චිත ගුරුත්වය 8.9ක් හා කියුරි උෂ්ණත්වය 1115 °C වන යකඩ මෙන් 2/3ක පාරගම්‍යතාවයක් අැති පෙරෝචුම්භකත්ව ලෝහයකි. ලෝහ කොබෝල්ට් සතුව hcp හා fcc යන ස්ඵටික ස්වරූප 2ක් පවතින අතර hcp හා fcc අතර සංක්‍රමණ උෂ්ණත්වය 450 °C වේ. නමුත් මෙම ස්වරූප 2 අතර ශක්ති වෙනස ඉතා කුඩා බැවින් ස්වරූප 2 අතර අහඹු සංක්‍රමණ සාමාන්‍යයෙන් සිදු වේ.

නිශ්ක්‍රිය ඔක්සයිඩ පටලයකින් ආරක්ෂා කරන මෙම දුර්වල ඔක්සිහාරක ලෝහය හැලජන හා සල්ෆර් සමග බොහෝ විට ප්‍රතික්‍රියා කරයි. ඔක්සිජන් තුල රත් කිරීම මගින් නිපදවන Co3O4, 900 °C දී ඔක්සිජන් ඉවත් වීමෙන් CoO යන මොනොක්සයිඩය ලබා දෙන්නේය. ලෝහ කොබෝල්ට් ෆ්ලෝරීන් වායුව සමග 520K දී ප්‍රතික්‍රියා කිරීමෙන් CoF3 ලබා දෙන අතර ක්ලෝරින්,බ්‍රෝමීන් හා අයඩීන් සමග අදාල හේලයිඩය ලබා දෙයි. හයිඩ්‍රජන් හා නයිට්‍රජන් වායු සමග දහනය කලද ප්‍රතික්‍රියා නොකරන නමුත් බෝරෝන්, කාබන්,පොස්පරස්,ආසනික් හා සල්ෆර් සමග ප්‍රතික්‍රියා කරන මෙම මූලද්‍රව්‍යය සාමාන්‍ය උෂ්ණත්වයේදී අකාබනික අම්ල සමග ද සෙමින් ප්‍රතික්‍රියා කරයි.

සංයෝග[සංස්කරණය කරන්න]

කොබෝල්ට්හි සාමාන්‍ය ඔක්සිකරණ අංක +2 හා +3 වුණත් එහි සංයෝගයන්ගේ ඔක්සිකරණ අංක -3 සිට +4 දක්වා පරාසයක විහිදෙයි.සරල සංයෝග +2 ඔක්සිකරණ අංකය (කොබෝල්ට්(II)) දක්වයි. මෙම ලවණ ජලයේ දී රෝස පැහැති සජල ලෝහ සංකීර්ණ[Co(H2O)6]2+ සාදන අතර ක්ලෝරයිඩ් එක් කිරීමෙන් නිල් පැහැති [CoCl 4]2− අයන සාදයි.

ඔක්සිජන් හා කැල්කොජන සංයෝග[සංස්කරණය කරන්න]

කොබෝල්ට්හි ඔක්සයිඩ කිහිපයක් අැත. කොළ පැහැති කොබෝල්ට්(II) ඔක්සයිඩ්හි(CoO) ඝන ස්ඵටික ව්‍යුහයක් අැති අතර ජලය හා ඔක්සිජන් සමග පහසුවෙන් ඔක්සිකරණය කිරීමෙන් දුඔුරු පැහැති කොබෝල්ට්(II) හයිඩ්‍රොක්සයිඩ්(Co(OH)3) සාදයි. CoO , 600–700 °C උෂ්ණත්වයේදී ඔක්සිකරණය කිරීමෙන් නිල් පැහැ කොබෝල්ට්(II,III) ඔක්සයිඩ් (Co3O4) සාදයි. එමෙන්ම කලු පැහැ කොබෝල්ට්(III) ඔක්සයිඩ් (Co2O3) ද කොබෝල්ට් හි තවත් ඔක්සයිඩයක් වේ. කොබෝල්ට් හි ඔක්සයිඩ පහල උෂ්ණත්වයේ දී ප්‍රතිෆෙරෝචුම්භක වෙයි. CoO හා Co3O4 ද මැග්නටයිට්(Fe3O4)වලට සමානකම් දක්වන +2 හා +3 ඔක්සිකරණ අංක අැති කොබෝල්ට්හි ඔක්සයිඩ වේ.

කොබෝල්ට් හි ප්‍රධාන කැල්කොජනයිඩ වන්නේ කලු පැහැ කොබෝල්ට්(II) සල්ෆයිඩ්(CoS2),කොබෝල්ට්(III) සල්ෆයිඩ්(Co2S3) හා පෙනට්ලැන්ඩයිට්(Co9S8) යි.

හේලයිඩ[සංස්කරණය කරන්න]

කොබෝල්ට්(II) ක්ලෝරයිඩ් හෙක්සාහයි්ඩ්‍ර‍ෙට්

කොබෝල්ට් හි ඩයිහේලයිඩ 4ක් අත. ඒවා නම් කොබෝල්ට්(II) ෆ්ලෝරයිඩ්(CoF2, රෝස),කොබෝල්ට්(II) ක්ලෝරයිඩ්(CoCl2, නිල්),,කොබෝල්ට්(II) බ්‍රෝමයිඩ්(CoBr2, කොළ), කොබෝල්ට්(II) අයඩයිඩ්(CoI2, කලු දුඹුරු) වේ. මෙම හේලයිඩ නිර්ජ්ලීය හා ජලීය තත්ත්වයන්ගෙන් හමු වේ.නිර්ජලීය ඩයික්ලෝරයිඩ නිල් පැහැ වන අතර සජල සයෝගය රතු පැහැ වේ.මෙහි ඔක්සිකරණ ප්‍රතික්‍රියාව,

Co3+ + e- → Co2+ හි විභවය +1.92V වන අතර එය ක්ලෝරීන් ක්ලෝරයිඩ් බවට පත් වීමේ ප්‍රතික්‍රියාවේ විභවය වන +1.36Vට වඩා වැඩිය.එහි ප්‍රතිඵලයක් ලෙස කොබෝල්ට්(III) ක්ලෝරයිඩ් ලෙස සංයෝගයක් නොසෑදේ.නමුත් ෆ්ලෝරීන් ෆ්ලෝරයිඩ් බවට ඔක්සිහරණය වීමේ විභවය +2.87Vක් වන වැඩි අගයක් නිසා ඉතා සුලු වශයෙන් අැති කොබෝල්ට්(III) හි සංයෝගයන් අතරට කොබෝල්ට්(III) ෆ්ලෝරයිඩ් එක් වෙයි.

සමායෝජන සංයෝග[සංස්කරණය කරන්න]

අනෙකුත් සෑම ලෝහයක් ආකාරයෙන් ම කොබෝල්ට් හි අණුක සංයෝග හා බහුපරමාණුක අයන සමායෝජන සංකීර්ණ ලෙස වර්ග කර තිබේ. එනම් කොබෝල්ට් සහිත අණු හෝ අයන විවිධ ලිගන්ඩවලට(සමායෝජන සංයෝග සෑදීමට කේන්ද්‍රීය ලෝහයකට බැදී අැති අණු හෝ අයන)බැදී අැත. කොබෝල්ට් හි සාමාන්‍ය ඔක්සිණ තත්ත්වය ලිගන්ඩ ශ්‍රේණිවල විද්‍යුත් ඍණතා මූලධර්මය හා පියර්සන්ගේ අම්ල පාදක මූලධර්මය යොදා ගෙන පහදා දිය හැක.උදාහරණයක් ලෙස Co+3 සංකීර්ණ අැමීන් ලිගන්ඩ ලබා ගැනීමට නැඹුරුවක් දැක්වීම දැක්විය හැක. එමෙන්ම පොස්පරස් නයිට්‍රජන්ට වඩා මෘදු බැවින් පොස්පරස් ලිගන්ඩ වඩා මෘදු Co+2 හා Co+ සමග සම්බන්ධ වීමේ නැඹුරුවක් දක්වයි. ඒ සදහා උදාහරණයක් ලෙස ට්‍රයිපෙනිල්පොස්පයින් කොබෝල්ට්(I) ක්ලෝරයිඩ් ((P(C6H5)3)3CoCl) හැදින්විය හැක.වඩා විද්‍යුත් ඍණ ඔක්සයිඩ හා ෆ්ලෝරයිඩල Co+4 හා Co+5 සමග ස්ථාපනය වෙයි. උදා: සීසියම් හෙක්සාෆ්ලෝරො කොබෝල්ටේට් (Cs2CoF6),පොටෑසියම් පර්කොබෝල්ටේට් (K3CoO4)

සමායෝජන රසායනය පිළිබද නොබෙල් ත්‍යාගලාභී අැල්ෆ්‍රඩ් වර්නර්, ආනුභවික සූත්‍රය CoCl3(NH3)6 වන සංයෝග සමග පරීක්ෂණ සිදු කලේය.එමගින් එහි එක් සමාවයවිකයක් ලෙස කොබෝල්ට්(III) හෙක්සාඅැමීන් ක්ලෝරයිඩ් හදුනා ගැනිණ.සාමාන්‍ය වර්නර් සංකීර්ණයක් වන මෙය මධ්‍යයේ කොබෝල්ට් පරමාණුවකින් , ප්‍රලම්භ ව සම්බන්ධ වූ අැමීන ලිගන්ඩ 6කින් හා ඍණ ආරෝපිත ක්ලෝරයිඩ් අයන 3කින් සමන්විතය.අැමෝනියා වෙනුවට එතිලෙනඩයමින් ලිගන්ඩ භාවිතා කිරීමෙන් ට්‍රිස් එතිලෙනඩයමින් කොබෝල්‍ට්(III) ක්ලෝරයිඩ් සෑදෙයි. එය ප්‍රකාශ සමාවයවික ලෙස හදුනාගත් මුල් සමායෝජන අතුරින් එකකි.

සමස්ථානික[සංස්කරණය කරන්න]

පෘථිවිය තුල ස්වභාවයෙන් පවතින කොබෝල්ට් හි එකම ස්ථාවර සමස්ථානිකය 59Co වේ.කොබෝල්ට් සමස්ථානිකයන්ගේ පරමාණුක භාරය 50 u (50Co) සිට 73 u (73Co) දක්වා පරාසයක විහිදෙයි. විකිරණශීලී සමස්ථානිකයන් අතර අර්ධ ආයු කාලය අවු.5.2714ක් වන 60Co වඩා ස්ථායි වන අතර අනෙකුත් කොබෝල්ට් හි 57Co සදහා දින 271.8ක ද, 56Co සදහා දින 77.27 ක ද, 58Co සදහා දින 70.86 ක ද අර්ධ ආයු කාලයන් පවතී. ඊට අමතර අනෙකුත් සියලු විකිරණශීලී සමස්ථානික සදහා පැය 18ට නොවැඩි ආයු කාලයක් හිමි ය.එසේම කොබෝල්ට් සතුව මෙටා අවස්ථා 4ක් අැති අතර ඒවායේ අර්ධ ආයු කාලය මිනිත්තු 15කටත් අඩු ය.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

ආසන්න වශයෙන් 1335 දී නිපදවන ලද ඉපැරණි චීන පිගන් මැටි බදුනක්

ශත වර්ෂ ගණනක් තිස්සේ වීදුරු හා මැටි බදුන්වල අනර්ඝ නිල් වර්ණය ලබා ගැනීම සදහා කොබෝල්ට් සංයෝගයන් යොදා ගෙන තිබේ. ක්‍රි.පූ 3වන සියවසේ පර්සියානු ආභරණ,ඊජිප්තු ප්‍රතිමා, පොම්පෙයි නගරයේ නටබුන් මගින් ඒ බවට සාක්ෂි හෙළි වෙයි. ලෝකඩ යුගයේ සිට වීදුරු වර්ණ ගැන්වීම සදහා කොබෝල්ට් යොදා ගත් බවට උලුබුරුන් විනාශ වූ නැවේ කැණීම් කටයුතුවලින් ක්‍රි.පූ 14වන සියවසේ වාත්තු කරන ලද නිල් වීදුරු සාක්ෂි සපයයි. ඊජිප්තුවෙන් හමු වූ නිල් වීදුරු තඹ,යකඩ හා කොබෝල්‍ට් මගින් වර්ණ ගන්වා තිබේ.ඉපැරණිතම කොබෝල්ට් ආලේපිත වීදුරු හමු වන්නේ ඊජිප්තුවේ 18වන රාජ වංශයෙනි.නමුත් එකල කොබෝල්ට් සංයෝග සොයා ගත් ස්ථාන පිළිබද කිසිදු තොරතුරක් තවමත් හමු වී නොමැත.

ජර්මානු වචනයක් වන kobalt,(පිශාචයා යන අරුත දේ,අන්ධ විශ්වාස අැති පතල්කරුවන් කොබෝල්ට් ලෝපස් හැදින්වීම සදහා යොදා ගත්හ) මගින් කොබෝල්ට් යන නාමය ව්‍යුත්පන්න කර ගෙන තිබේ.නිකල්, තඹ වැනි ලෝහ ලබා ගැනීම සදහා මෙම ලෝපස් උණු කිරීමට ගත් ප්‍රථම උත්සාහය ව්‍යාර්ථක වී ගොස් හුදෙක් එක් කුඩු විශේෂයක් (කොබෝල්ට්(II) ඔක්සයිඩ්) ලැබින. එසේම කොබෝල්ට් ප්‍රාථමික ලෝපස් හි හැමවිටම ආසනික් අඩංගු වන බැවින් මෙම ලෝපස් උණු කිරීමේ දී ආසනික් ඔක්සිකරණය කිරීමෙන් අධික විෂ සහිත, වාශ්පශීලී ආසනික් ඔක්සයිඩ් නිපදවෙයි. ඒ හේතුවෙන් පතල්කරුවන් අතර මෙම ලෝපස් සදහා වූ ප්‍රසිද්ධිය ද හීන විය.

කොබෝල්ට් සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ස්වීඩන් ජාතික රසායඥ ජොර්ජ් බ්‍රැන්ඩිට්(1694-1768)හටය. ඔහු විසින් මෙය බිස්මත් හා අනෙකුත් සාම්‍ප්‍රදායික ලෝහවලට වෙනස් නව මූලද්‍රව්‍යයක් ලෙස පෙන්වා දුන් අතර එය "අර්ධ ලෝහයක්" ලෙස හැදින්වීය. වීදුරුවල නිල් වර්ණය අැති වුයේ බිස්මත් නිසා නොව කොබෝල්ට් සංයෝගයන් නිසා බව පෙන්වා දීමට ද ඔහු සමත් විය. ප්‍රාග් එ‍ෙතිහාසික යුගයේ සිට සොයා ගත් ප්‍රථම ලෝහය බවට කොබෝල්ට් පත් වේ.යකඩ, රත්‍රන්, තඹ, රිදී, රසදිය, ටින්,ඊයම්, බිස්මත් වනි අනෙකුත් ලෝහ පිලිබද එවන් වාර්තාවක් තවමත් හමු වී නොමත.

19 වන සියවසේ දී ලෝකයේ සැලකිය යුතු ප්‍රමාණයක් කොබෝල්ට් බ්ලූ(කොබෝල්ට් සංයෝග හා අැලුමිනා යොදා සැදූ වර්ණකයක්) හා ස්මෝල්ට්( සෙරමික් බදුන් හා තීන්ත වර්ණ ගැන්වීමට භාවිතා කල කුඩු විශේෂයක්) නීපදවන ලද්දේ නෝර්වීජියානු Blaafarveværket හිය. 16, 18 වන සියවස් තුල දී ස්මෝල්ට් නිපදවීම සදහා වූ ප්‍රමුඛතම පතල් නෝර්වේ රාජ්‍යයේ, ස්වීඩනයේ, සැක්සන් රාජ්‍යයේ හා හංගේරියාවේ පැවතුනත් 1864දී නව කැලිඩෝනියාවෙන් කොබෝල්ට් ලෝපස් හමු වීමත් සමග යුරෝපයේ කොබෝල්ට් කැණීම් කටයුතු ක්‍රමයෙන් පිරිහීමට පත් විය. 1904දී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රදේශයෙන් මෙම ලෝපස් සොයා ගැනීමත්, පසුව 1914දී කොංගෝ රාජ්‍යයේ කටන්ගා පළාතෙන් ඊටත් වඩා විශාල ලෝපස් තැන්පතු සොයා ගැනීමත් සමග නැවතත් කැණීම් කටයුතු වෙනස් විය. 1978 ශබා මත ගැටුම අැති වීමත් සමග කොබෝල්ට් හි ප්‍රධාන මූලාශ්‍රය වූ කටන්ගා පළාතේ තඔ නිධිවල නිෂ්පාදන සම්පූර්ණයෙන්ම පාහේ අැණ හිටියේය.එනමුත් ලෝකයේ කොබෝල්ට් ආර්ථිකය සදහා එයින් අපේක්ෂිත තරම් බලපෑමක් එල්ල වූයේ නැත.

1938දී ජෝන් ලිවින්ගුඩ් හා ග්ලේන් ටි.සීබෝග් කොබෝල්ට්-60 සමස්ථානිකය සොයා ගත්හ. විකිරණශීලී බීටා ක්ෂය වීම තුළ සමානතා උල්ලංඝනය සනාථ කිරීම් සදහා කොලොම්බියා ව්ශ්ව විද්‍යාලය විසින් මෙම සමස්ථානිකය ප්‍රකට ව යොදා ගැනිණ.

2වන් ලෝක යුද්ධයෙන් පසු හමුදාමය කටයුතු සදහා අවශ්‍ය කොබෝල්ට් ලෝපස්වල කිසිදු හිගයක් සිදු නොවන බවට සහතික කර ගැනීමට අැමරිකානු රජයට අවශ්‍ය විය(ජර්මානුන් යුද කාලය තුල එසේ සිදු කලහ).එහෙයින් ඔවුන් අැමරිකානු බල සීමාව තුල කොබෝල්ට් ගවේෂණයක් සිදු කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස අයිඩෝහි කදුවැටියක පසෙක ඉතා හොඳ කොබෝල්ට් ආකරයක් සොයා ගත්හ. කලේරා කැණීම් ආයතනයට එහි නිෂ්පාදන කටයුතු භාර විය.

නිෂ්පාදන[සංස්කරණය කරන්න]

කොබෝල්ට් ලෝපස්
2005 වර්ෂයේ කොබොල්‍ට් නිපැයුම
ලෝක නිෂ්පාදන නැඹුරුව

කොබෝල්ට් හි ප්‍රධාන ලෝපස් වන්නේ කොබෝල්ටයිට්, එරිත්‍රයිට්, ග්ලුකොඩොට්, හා ස්කූටරුඩයිට්ය. නමුත් කොබෝල්ට් බොහෝ ප්‍රමාණයක් ලබා ගන්නේ කොබෝල්ට් ලෝපස් කැණීමෙන් නොව නිකල් හා තඹ කැණීමේ අතුරුඵලයක් ලෙස සෑදෙන කොබෝල්ට් සංයෝග ඔක්සිහරණයෙනි.

බ්‍රිතාන්‍යය භූ විද්‍යා සමීක්ෂණයන්ට අනුකූලව 2005 වර්ෂයේ දී ලෝක කොබෝල්ට් නිෂ්පාදනයේ 40%ක ප්‍රමාණයක් කොංගෝ ජනරජයේ කටන්ගා පලාතේ වූ තඹ ආකර හීමි කරගෙන තිබ්ණි. මේ නිසා කොබෝල්ට් මිල ගණන් කෙරෙහි කොංගෝ ජනරජයේ දේශපාලන තත්ත්වයෙන් බලපෑම් එල්ල විය.

මධ්‍යම අප්‍රිකානු කැණීම් හා ගවේෂණ සමාගම කටන්ගා හි ක්‍රියාත්මක කල මුකොන්දෝ කදු ව්‍යාපෘතිය ලෝකයේ විශාලම කොබෝල්ට් සංචිතය වන්නට අැත. 2008 වසරේ ලෝකයේ කොබෝල්ට් නිෂ්පාදනයෙන් 1/3ක් මෙමගින් නිපද වූ බව තක්සේරු කර තිබේ.

යෙදවුම්[සංස්කරණය කරන්න]

කොබෝල්ට් හි ප්‍රධාන වශයෙන් අධි ක්‍රියාකාරී මිශ්‍ර ලෝහ නිෂ්පාදනයට යොදා ගනී.

මිශ්‍ර ලෝහ[සංස්කරණය කරන්න]

නිෂ්පාදනය කරන කොබෝල්ට් වැඩි ප්‍රමාණයක් කොබෝල්ට් ආශ්‍රිත මිශ්‍ර ලෝහ පරිභෝජනය කරයි. මෙම මිශ්‍ර ලෝහ උෂ්ණත්ව ස්ථායිතාවයෙන් ඉහළ බැවින් ගෑස් ටර්බයිනවල ටර්බයින් තල සදහාත් ජෙට් ගුවන් යානා එන්ජිම සදහාත් යොදා ගැනීමට සුදුසු වේ.

බැටරි[සංස්කරණය කරන්න]

ලිතියම් අයන බැටරි කැතෝඩ සදහා ලිතියම් කොබෝල්ට් ඔක්සයිඩ් බහුලව යොදා ගනී. එය ලිතියම් අන්තර්ස්ථාපනය කර තිබෙන කොබෝල්ට් ඔක්සයිඩ් ස්තර මගින් තනා අැත. බැටරි විසර්ජනයේදී ස්තර අතර ස්ථාපනය කර අැති ලිතියම්,ලිතියම් අයන බවට පත් වී නිදහස් වෙයි. නිකල්-කැඩ්මියම් හා නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් බැටරි තුලද කොබෝල්ට් සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගුය.

උත්ප්‍රේරක[සංස්කරණය කරන්න]

විවිධකොබෝල්ට් සංයෝග ඔක්සිකාරක උත්ප්‍රේරක ලෙස රසායනික ප්‍රතික්‍රියාවලදී යොදා ගනී. සයිලීන් ටෙරිප්තැලින් අම්ලය බවට පත් කිරීමේ දී කොබෝල්ට් අැසිටේට් උත්ප්‍රේරකයක් ලෙස යොදා ගනී. කොබෝල්ට් කාබොක්සිලේට (කොබෝල්ට් සබන් ලෙස හදුන්වයි) නියමානුකූල උත්ප්‍රේරකයයන්ය. ඒවා තීන්ත, වාර්නිෂ් හා පින්තාරුවලදී ශෝෂණ සාධකයක් ලෙස යොදා ගනී.මෙම කාබොක්සිලේට වානේ බැදි ටයරවල වානේ හා රබර් අතර අැලීම වැඩි කිරීම සදහා ද භාවිතා කරයි.
කාබන් මොනොක්සයිඩ සම්බන්ධ ප්‍රතික්‍රියාවලදී කොබෝල්ට් උත්ප්‍රේරක ඉතා වැදගත්ය. හයිඩ්‍රොකාබන් ඉන්ධන මගින් හයිඩ්‍රජන් නිපදීමේ දී කොබෝල්ට් ඔක්සයිඩ ආශ්‍රිත උත්ප්‍රේරක භාවිතා කරයි.කාබන් මොනොක්සයිඩ ද්‍රව ඉන්ධනවලට හයිඩ්‍රජනීකරණයේදී ද කොබෝල්ට් උත්ප්‍රේරකයක් ලෙස යොදා ගැනේ.

වර්ණක[සංස්කරණය කරන්න]

කොබෝල්ට් නිල් වීදුරු
කොබෝල්ට් වර්ණ වීදුරු

19වන සියවසට පෙර කොබෝල්ට් ප්‍රමුඛව භාවිතා වූයේ වර්ණක ලෙසයි. මධ්‍යම කාලය වන විට ස්මෝල්ට් නිෂ්පාදනයට ද මෙය දායක විය.පිළිස්සූ ඛණිජමය ස්මෝල්ටයිට්, ක්වෝට්ස් හා පොටෑසියම් කාබනේට් මිශ්‍රණයක් උණු කිරීමෙන් ස්මෝල්ට් නිපදවනු ලබේ. වීදුරු වර්ණ ගැන්වීමේ දී හා පින්තාරු වර්ණක ලෙස මෙම ස්මෝල්ට් වැඩි වශයෙන් භාවිතා කරයි. 1780 දී ස්වෙන් රින්මන් කොබෝල්ට් ග්‍රීන් (CoZnO2) සොයා ගත් අතර 1802 දී ලුවිස් කෙනාඩ් කොබෝල්ට් බ්ලූ සොයා ගත්තේය. මෙම කොබෝල්ට් වර්ණක ප්‍රභේදයන්ගේ ඉහළ ස්ථායිතාව හේතුවෙන් පින්තාරු වර්ණක ලෙස බොහෝ විට යොදා ගැනිනි.

ජීව විද්‍යාත්මක කාර්යභාරය[සංස්කරණය කරන්න]

කොබෝල්ට් සෑම සත්ත්වයෙකුටම අත්‍යවශ්‍යය.එය කොබැලමින් එනම් විටමින් B12 හි ප්‍රධාන සංඝටකයයි.රෝමන්ථක සත්ත්වයන්ගේ බඩවැල් ආශ්‍රිත බැක්ටීරියාල කොබෝල්ට් ලවණ විටමින් B12 බවට පත් කරයි.විටමින් B12 යනු බැක්ටීරියා හෝ archaea(ඒක සලික ක්ශුද්‍ර ජීවියෙකි) මගින් පමණක් නිපදවිය හැකි සංයෝගයකි. පසෙහි අැති අඩු කොබෝල්ට් ප්‍රමාණය ශාක ආහාරයට ගන්නා සතුන්ගේ සෞඛ්‍යය තත්ත්වය ඉහළ නංවයි. එම සත්ත්වයන්ට විටමින් B12 ශරීරයට එක් කර ගත හැකි වෙනත් ආකාරයක් නොමැති බැවින් දිනකට 0.20 mg/kg ලබා ගැනීමට නිර්දේශ කර තිබේ.
20වන සියවසේ මුල් භාගයේ නවසීලන්තයේ මධ්‍යම සානුවේ ගොවිතැන් කටයුතු දියුණු කරන අවදියේ දී "bush sickness" නම් රෝගයකට ගවයින් ගොදුරු විය. පසුව සොයා ගත් කරුණුවලට අනුව ගවයන්ට අත්‍යවශ්‍ය කොබෝල්ට් ලවණ ගිනි කදු පස තුල හිග වීම හේතු ලෙස සොයා ගැනිණ. රසායනික පොහොර සදහා සුලු කොබෝල්ට් ප්‍රමාණයක් එක් කිරීමෙන් මෙම අපහසුව දුරු කරන ලදි.

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. ග්‍රීන්වුඩ්, නෝර්මන් එන්.; අර්න්ෂෝ, ඇලන් (1997). කෙමිස්ට්‍රි ඔෆ් දි එලිමන්ට්ස් (2වන සංස්.). බටර්වර්ත්–හයිනමාන්. පිටු. 1117–1119. ISBN 0080379419. 

බාහිර සබැඳුම්[සංස්කරණය කරන්න]

සැකිල්ල:Cobalt compounds

"https://si.wikipedia.org/w/index.php?title=කොබෝල්ට්&oldid=343496" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි