ජෝසුන්හි ජොංජොං රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
යි බං-ග්වා
යි ග්යොං
ජොසොන්හි රජ
රාජ්‍ය සමය ඔක්තෝබර් 14, 1398 – නොවැම්බර් 28, 1400
පූර්වප්‍රාප්තිකයා තේජෝ (යි දන්)
අනුප්‍රාප්තිකයා තේජොං (යි බං-වොන්)
ජොසොන්හි හිටපු රජ
භුක්තිය 28 නොවැම්බර් 1400 – 9 සැප්තැම්බර් 1418
පූර්වප්‍රාප්තිකයා තේජෝ (යි දන්)
අනුප්‍රාප්තිකයා තේජොං (යි බං-වොන්)
ජොසොන්හි මහා හිටපු රජ
භුක්තිය 9 සැප්තැම්බර් 1418 – 15 ඔක්තෝබර් 1419
පූර්වප්‍රාප්තිකයා තේජෝ (යි දන්)
උපත ජූලි 18, 1357
මරණය ඔක්තෝබර් 15, 1419 (62 වියැති)
බිසව

අගබිසව

  • ග්යොංජු කිම් වංශයේ
    ජොං-අන්

රාජකීය උපබිසව

  • සොං-බින් ජි
  • සුක්-උයි ජි
  • සුක්-උයි කි ජා-ජේ
  • සුක්-උයි මුන්
  • සුක්-උයි ලී
  • සුක්-උයි යුන්
මරණාපර නාමය
කොරියාවේ මහා ජොංජොං ගොංජොං උයිමුන් ජංමු ඔනින් සුන්හ්යෝ රජ
정종공정의문장무온인순효대왕
定宗恭靖懿文莊武溫仁順孝大王
විහාර නාමය
ජොංජොං
ගෘහය ජොන්ජු යි
පියා තේජෝ (යි දන්)
මව ෂින්-උයි, ජොසොන්හි අගබිසව
ජෝසුන්හි ජොංජොං රජ
හංගුල් 정종
හංජා 定宗
සංශෝධිත රොමානුකරණය ජොංජොං
මෙකන්–රයිෂවර් චෝංජොං
උපන් නම
හංගුල් 이방과
හංජා 李芳果
සංශෝධිත රොමානුකරණය ඉ බං-ග්වා
මෙකන්–රයිෂවර් ඉ පංග්වා
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

ජොසොන්හි ජොංජොං (ජූලි 18, 1357 – ඔක්තෝබර් 15, 1419) හෙවත් උපන් නාමය යි බං-ග්වා, වෙනස් කළ නාමය යි ග්යොං යනු කොරියාවේ ජොසොන් (හෙවත් චෝසුන්) රාජවංශයේ (1399–1400) දෙවන පාලකයායි. ඔහු මෙම රාජවංශයේ පළමු රජු වූ ජොසොන්හි තේජෝගේ දෙවන පුත්‍රයායි.

1357දී යි බං-ග්වා යන නාමයෙන් උපන් මොහු, දූරදර්ශී, ආචාරශීලී, අභීත සහ දක්ෂ යුධ නායකයෙකි. බිඳවැටෙමින් පැවති ගෝර්යෝ රාජවංශයේ අවසාන කාලයේ ජොංජොං සිය පියා වූ යි සොං-ග්යේ අනුගමනය කරමින්, ඔහු වෙනුවෙන් යුධ වැදුණේ ය. 1392දී ඔහුගේ පියා රජු බවට පත්වීමත් සමග ඔහු කුමරෙකු බවට පත් විය.

තේජෝ රජුට භාර්යාවන් දෙදෙනකු සිටියේ ය.—ඉන් පළමුවැන්නිය, තේජෝ සිහසුනට පත්වීමට පෙර ජොංජොං ඇතුළු පුත්‍රයින් සයදෙනකු බිහිකර තිබිණි. තේජෝට සිය දෙවන බිසවට දාව පුතුන් දෙදෙනකු විය. රජු ප්‍රිය කළේ දෙවන බිසවගේ බාලම පුත්‍රයාටයි. ප්‍රධාන අමාත්‍ය ජොං දෝජොන් ද ඔහුව අනුප්‍රාප්තිකයා බවට පත්කිරීමට අනුබල දුන්නේ ය. මෙය සෙසු කුමාරවරුන්ගේ පිළිකුලට භාජනය විය. 1398දී, තේජෝ රජුගේ පස්වන පුත් යි බං-වොන් (පසුව ජොසොන්හි තේජොං රජු බවට පත් වූ) යුධ නිලධාරීන් සමග එක් වී කුමන්ත්‍රණය කර ඔහුගේ සොයුරන් දෙදෙනාථ ප්‍රධාන අමාත්‍ය ජොං සහ ඔහුගේ බොහෝ පාක්ෂිකයන් ඝාතනය කළේ ය. මුලින් යි බං-වොන් තමන්ට සිහසුනට ආශාවක් නොමැති බව පෙන්වන්නට උත්සාහ ගනිමින්, සිය වැඩිමහල් සොයුරා වූ ජොංජොංව (එවිට වැඩිමහල්ම පුත්‍රයා වූ) කිරුළහිමි කුමරු ලෙස පත්කිරීමට යොමු කළේ ය. අප්‍රසාදයට පත් තේජෝ රජු සිහසුන අත්හැරි අතර, ඊළඟ අවුරුද්දේ එනම් 1399දී ජොංජොං රජු බවට පත් විය. එම වර්ෂයේම, ඔහු විසින් අගනුවර නැවත පැරණි ගෝර්යෝ අගනුවර වූ ගේග්යොං වෙත ගෙනගියේ ය.

1400දී, යි බං-වොන් සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරකු වූ යි බං-ගන් අතර ආරවල් ඇති විය. යි බං-වොන්ගේ සේනාව, බං-ගන්ගේ සේනාවට පහර දී පරාජය කොට, බං-ගන් සහ ඔහුගේ පවුල පිටුවහල් කළේ ය. බං-වොන්ට එරෙහිව සටන් කිරීමට බං-ගන්ව පෙළඹවූ බක් බෝ සෙන්පතියාට දඬුවම් ලබාදිණි. රාජධානියේ ක්‍රියාකාරී රජු සිය බාල සොයුරු බං-වොන් බව වටහාගත් ජොංජොං රජු ඔහුව කිරුළහිමි කුමරු තනතුරට පත්කළ අතර, ඉන් දින කිහිපයකට පසු ජොංජොං රජු ස්වෙච්ඡාවෙන්ම සිහසුන අත්හැරී ය.

සිය රාජ්‍ය සමය පුරා රජපවුලේ රුධිර වැගිරීම් සිදු වුව ද, ජොංජොං කාර්යශූර, ඥානවන්ත පාලකයෙකු ලෙස සැලකේ. කිරුළහිමි බං-වොන් කුමරුගේ උපදේශය මත ඔහු සියලු පෞද්ගලික සේනා තහනම් කළේ ය. 1419දී ජොංජොං මියගිය අතර, ඔහුගේ දේහය කේසොං අසල භූමදානය කරන ලදී.

පෙළපත[සංස්කරණය]

පූර්වජයන්[සංස්කරණය]

පවුල[සංස්කරණය]

  • පියා: ජොසොන්හි තේජෝ (태조)[1]
  • මව: අන්බ්යොන් හන් වංශයේ ෂින්’උයි අගබිසව (신의왕후 한씨, චන්ද්‍ර දිනය සැප්තැම්බර් 1337-ඔක්තෝබර් 21, 1391)
  • බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
  1. ග්යොංජු කිම් වංශයේ[2] ජොං’අන් අගබිසව[3](정안왕후 김씨, ජනවාරි 22, 1355 – අගෝස්තු 2, 1412) - දරුවන් නැත
  2. චුංජු ජි වංශයේ සොං-බින් (성빈 지씨, දින නොදනී)[4]
    1. යි හු-සේං, දොක්චොන්-ගුන් කුමරු (이후생 덕천군, 1397–1465), 10වන පුත්‍රයා[5]
    2. යි මල්-සේං, දොප්යොං-ගුන් කුමරු (이말생 도평군, 1402-1439), 12වන පුත්‍රයා
  3. චුංජු ජි වංශයේ සුක්-උයි (숙의 지씨)[4]
    1. යි වොන්-සෙං, උයිප්යොං-ගුන් කුමරු (이원생 의평군, ?–1461), 3වන පුත්‍රයා
    2. යි මු-සෙං, සොන්සොං-ගුන් කුමරු (이무생 선성군, දින නොදනී), 4වන පුත්‍රයා[6]
    3. යි හෝ-සෙං, ඉම්සොං-ගුන් කුමරු (이호생 임성군, දින නොදනී), 5වන පුත්‍රයා[7]
    4. හම්’යං කුමරිය[8][9] (함양옹주, දින නොදනී), 1වන දියණිය[10]
  4. හෙංජු කි වංශයේ කි ජා-ජේ, සුක්-උයි (숙의 기자재, ?–1457)[11]
    1. යි ගුන්-සේං, සුන්ප්යොං-ගුන් කුමරු (이군생 순평군, ?–1456), 6වන පුත්‍රයා
    2. යි උයි-සේං, ග්‍යුම්ප්යොං-ගුන් කුමරු (이의생 금평군, ?–1435), 7වන පුත්‍රයා
    3. යි යුං-සෙං, ජොංසොක්-ගුන් කුමරු (이융생 정석군, 1409-1464), 8වන පුත්‍රයා
    4. යි සොන්-සෙං, මුරිම්-ගුන් කුමරු (이선생 무림군, 1410-1474), 9වන පුත්‍රයා
    5. සුක්ෂින් කුමරිය (숙신옹주, 1401-1486), 2වන දියණිය[12]
    6. ගෝසොං කුමරිය[8][13] (고성옹주, දින නොදනී), 4වන දියණිය[14]
    7. සං'වොන් කුමරිය[8][15] (상원옹주, දින නොදනී), 5වන දියණිය[16]
    8. ජොන්සන් කුමරිය[8][17] (전산옹주, දින නොදනී), 6වන දියණිය[18]
  5. මුන් වංශයේ සුක්-උයි (숙의 문씨)
    1. යි ග්වයි-සෙං, ජොං’උයි-ගුන් කුමරු (이귀생 종의군, 1393–1451), 10වන පුත්‍රයා
  6. ලී වංශයේ සුක්-උයි (숙의 이씨)
    1. යි ජොං-සෙං, ජින්නම්-ගුන් කුමරු (이종생 진남군, 1406–1470), 11වන පුත්‍රයා
  7. හේප්යොං යූන් වංශයේ සුක්-උයි (숙의 윤씨, චන්ද්‍ර දිනය ජනවාරි 1368-චන්ද්‍ර දිනය ඔක්තෝබර් 1417)[19]
    1. යි දොක්-සෙං, සුදෝ-ගුන් කුමරු (이덕생 수도군, ?-1449), 12වන පුත්‍රයා
    2. යි නොක්-සෙං, ඉම්'ඉයොන්-ගුන් කුමරු (이녹생 임언군, 1399-1432), 13වන පුත්‍රයා
    3. යි බොක්-සෙං, සොක්බෝ-ගුන් කුමරු (이복생 석보군, 1399-1447), 14වන පුත්‍රයා[7]
    4. යි බෝ-සෙං, ජංචොන්-ගුන් කුමරු[20] (이보생 장천군, දින නොදනී), 15වන පුත්‍රයා
    5. ඉන්චොන් කුමරියn[8][21] (인천옹주, දින නොදනී), 7වන දියණිය[22]
    6. හම්’අන් කුමරිය[8][23] (함안옹주, දින නොදනී), 8වන දියණිය[24]
  8. චොගුංජං (초궁장)[25]
  9. නොහඳුනන බිසවක්
    1. දොක්චොන් කුමරිය[8] (덕천옹주, දින නොදනී), 3වන දියණිය[26]

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • කොරියාවේ මහා ජොංජොං ගොංජොං උයිමුන් ජංමු ඔනින් සුන්හ්යෝ රජ
  • 정종공정의문장무온인순효대왕
  • 定宗恭靖懿文莊武溫仁順孝大王

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. තේජෝගේ සිහසුන අත්හැරීම සහ 1398 ජොංජොංගේ අනුප්‍රාප්තිය අතර කාලයේ තේජෝහට විශ්‍රාමලත් රජ (태상왕 තේසංග්වං) යන නාමය ප්‍රදානය කෙරිණි.
  2. වොල්සොං වංශාධිපති (월성부원군) කිම් චොන්-සෝ (김천서) සහ ලී ආර්යාව (이씨) හෙවත් සම්හන්ගුක් ආර්යාව (삼한국대부인) ගේ දියණියයි.
  3. ඇගේ ජීවිත කාලයේ "දොක් බිසව" (덕비) ලෙස හඳුන්වන ලදී. කුමාරුවරුන්ගේ දෙවන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1400 නොවැම්බර් 28 ඇගේ සැමියා තේජොංට (එකල නව කිරුළහිමි කුමරු) සිහසුන ලබා දීමේ අරමුණින් සිහසුන අත්හැරීමත් සමග ජොංජොංට "විශ්‍රාමලත් ඉන්මුන්'ගොං‍'යේ රජ" (인문공예상왕) යන ආචාරශීලීත්ව නාමයත්, අගබිසවට "සුන්දොක් වැන්දඹු බිසව" (순덕왕대비; "වැන්දඹු අගබිසව" යනු ඇගේ තනතුරේ නාමයේ ආසන්නතම පරිවර්තනය වන අතර, ඇගේ සැමියා ඒ වන විට මියගොස් තිබුණේ ද නැත) යන නාමය ඇගේ රාජකීය මස්සිනා විසින් ලබා දෙන ලදී. ඇගේ එතරම් ප්‍රකට නැති මරණාපර නාමය "අන්ජොං අගබිසව" (안정왕후) යන්නයි [[[ජෝසුන්හි යොන්සන්ගුන් රජ|යොන්සන්-ගුන් කුමරුගේ]] දිනපොත, වෙළු. 52, 08 අප්‍රේල් 1504, සටහන 1; ග්වංහේ-ගුන් කුමරුගේ දිනපොත, වෙළු.18, 06 අගෝස්තු 1609, සටහන 1].
  4. 4.0 4.1 ජි යූන් (지윤, ?-1377) සහ ආන් ආර්යාවගේ (안씨) දියණියන් තිදෙනා තේජෝගේ වැඩිමහල් පුතුන් දෙදෙනාට විවාහ කර දෙන ලදී. එහි දී වැඩිමහල්ම දියණිය ජිනන්-දේගුන් (තේජෝගේ වැඩිමහල්ම පුත්‍රයා) සමග විවාහ වී ඔහුගේ බිසෝ කුමරිය (සම්හන්ගුක් ආර්යාව (삼한국대부인)) බවට පත් විය. ඔවුන්ගේ සෙසු දියණියන් දෙදෙනා ජොංජොංගේ උපබිසෝවරුන් බවට පත් විය. බාලම දියණිය විනීත රූමතිය (숙의) බවටත්, 2වන දියණිය රාජකීය සොං උපබිසව (성빈) බවට පත්වූවා ය.
  5. පසුව ජංසු ලී වංශයේ ලී ආර්යාව (장수 이씨) හෙවත් ගෝතෙක් කුමරිය (고택군부인) සමග විවාහ විය. ඔවුන්ගේ මුණුපුරා වූ සොං හුයි-ආන් (성희안) 1506දී යොන්සන්-ගුන් කුමරුන්ව සිහසුනෙන් නෙරපා කුමරුගේ අර්ධ සොයුරා වූ ජින්සොං-'දේගුන්' කුමරුන්ව සිහසුනට පත්කළ කැරැල්ලේ නායකයකු විය.
  6. ඔහුගේ පළමු බිරිඳ වූයේ ජොං මොං-ජුගේ මිණිපිරියයි.
  7. 7.0 7.1 ඔහුගේ බිරිඳ වූ ලී ආර්යාවට (군부인 이씨) දරුවන් නොසිටි හෙයින්, ඔහු සිය බාලම අර්ධ සොයුරු සොක්බෝ-ගුන්' කුමරුගේ 3වන පුත් යි ගුම්-සොන් හදාගත් අතර, ඔහු පසුව ගොක්සොං-ගුන් කුමරු (이금손 곡성군) බවට පත් විය.
  8. 8.0 8.1 8.2 8.3 8.4 8.5 8.6 1431 නොවැම්බර් 18 දින, සේජොං රජු සිය අමාත්‍යවරුන් 5දෙනකු සමග ජොංජොං රජුගේ (එකල ඔහු විහාර නාමයක් වූ "ගොංජොං" (공정대왕) ලෙස හැඳින්විණි; සුක්ජොං රජු විසින් 1681 ජූලි 03 දින ඔහුට අවසන් විහාර නාමය වූ "ජොංජොං" යන්න පිරිනමන ලදී. [සුක්ජොං සිලොක්, වෙළු.11, සටහන 2]) නීත්‍යානුකූල නොවූ දියණියන් සහ සිය සොහොයුරන් වූ ජින්'අන්-දේගුන් සහ ඉක්'අන්-දේගුන් යන කුමාරවරුන්ගේ නීත්‍යානුකූල දියණියන් පිළිබඳ සාකච්ඡා කළේ ය. සේජොංට අවශ්‍ය වූයේ සිය නෑනාවරුන් සහ සිය නීත්‍යානුකූල නොවන දියණියන් රාජකීය රුධිරය දරන්නියන් වූ බැවින් ඔවුනට ආචාරශීලීත්ව නාමයක් ප්‍රදානය කිරීමටයි. සේජොං යෝජනා කළේ අධිරාජයාගේ දියණියන්ට "අධිරාජ්‍ය කුමරියන්" (සම්පූර්ණ නාමය 군공주 ගුන්'ගොංජු, කෙටියෙදුම 군주 ගුන්ජු) ලෙස ආමන්ත්‍රණය කරන ලද ජින් රාජවංශ සමයේ තනතුර එම නාමයෙන්ම යුතුව, නමුත් තත්ත්වයෙන් මඳක් පහළ ආකාරයකින් භාවිත කිරීමටයි. හ්වං හුයි (황희) ගේ එකඟතාව අනුව, ගරුකළ යුත්තන්ගේ ශාලාව තුළ මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා පැවැත්විණි. [සේජොං සිලොක්, වෙළු. 54, සටහන 4]. අවසානයේ නොවැම්බර් 22 දින සේජොං රජු විසින් ජොංජොංගේ නීත්‍යානුකූල නොවූ දියණියන් 7 දෙනකුට, සිය සොහොයුරන්ගේ නීත්‍යානුකූල දියණියන්ට සහ සිය වැඩිමහල් සොයුරා වූ යංන්‍යොං-දේගුන් කුමරුගේ 5වන නීත්‍යානුකූල දියණියට "කුමරිය" (군주) යන නාමය ප්‍රදානය කෙරිණි. [සේජොං සිලොක්, වෙළු.54, සටහන 3].
  9. සේජොංගේ ක්‍රමයට අනුව ඇගේ නිල නාමය "හම්’යං කුමරිය" (함양군주) යන්නයි.
  10. පසුව පාක් ‍ද්‍යුක්-ජුං (박득중) ගේ පුත් පාක් ගෙං (박갱) සමග විවාහ වූවා ය; ජිදොන් වංශාධිපතිවරයාව (지돈녕) බිහිකළා ය.
  11. කි ම්යොන් (기면) සහ ජොංමු ආදිපාද (정무공) කි ගොන් (기건, ?-1460) ගේ වැඩිමහල් සොයුරියගේ දියණියයි.
  12. පසුකලෙක කිම් ග්යොම් (김겸) ගේ පුත් කිම් සේ-මින් (김세민) සමග විවාහ වූවා ය; පන්දොන් වංශාධිපතියා (판돈녕) බිහිකළා ය.
  13. සේජොංගේ ක්‍රමය අනුව ඇගේ අනුරූප නාමය "ගෝසොං කුමරිය" (고성군주) වේ.
  14. පසුව කිම් ජොං-ග්යොං‍ (김정경) ගේ පුත් කිම් හන් (김한) සමග විවාහ විය; ජිජුං මැතිඳුන්ව (지중추) බිහිකළා ය.
  15. සේජොංගේ ක්‍රමය අනුව ඇගේ අනුරූප නාමය "සං’වොන් කුමරිය" (상원군주) යන්නයි.
  16. පසුව ජෝ යුයි-බං (조의방) ගේ පුත් ජෝ හ්යෝ-සන් (조효산) සමග විවාහවූවා ය.
  17. සේජොං ක්‍රමය අනුව ඇගේ අනුරූප නාමය "අන්සොං කුමරිය" (안성군주) යන්නයි.
  18. පසුව ලී හුයි-ජොං (이희종) සමග විවාහ විය.
  19. පරීක්ෂක ජනරාල් යූ බං-ඉයොන්ගේ (대사헌 윤방언) දියණියයි.
  20. 1444දී සේජොං විසින් ජොංජොංගේ බාලම පුත්‍රයාට "ජංචොන් වංශාධිපතිතුමා" (장천정) යන මරණාපර නාමයත්, 1872දී, ගෝජොං විසින් ඔහුට "ජංචොන්-ගුන් කුමරු" යන මරණාපර නාමයත් ලබාදෙන ලදී.
  21. සේජොංගේ ක්‍රමය අනුව ඇගේ නාමය "ඉන්චොං කුමරිය" (인천군주) යන්නයි.
  22. පසුව ලී සොං-ගන් (이성간) ගේ පුත් ලී ග්වන්-ෂික් (이관식) සමග විවාහ වූවා ය.
  23. සේජොංගේ ක්‍රමය අනුව ඇගේ නාමය "හම්’අන් කුමරිය" (함안군주) යන්නයි.
  24. පසුව යි හං-ෂින් (이항신) සමග විවාහ වී, බුජිදොන් වංශාධිපති (부지돈녕), වොල්ලිම් වල්ලභ කුමරු (월림군), සහ සෝජොං ආදිපාද (소정공) බිහිකළා ය.
  25. හ්වංජුහි ගිසෙංවරියකි. ජොංජොං සිහසුන අත්හැරි පසු ඔහුව සැනසුවා ය. යංනෙයාං කුමරුගේ "කිරුළහිමි කුමරු" තනතුර ඉවත් කිරීමට දායකවූවා ය. [තේජොං සිලොක්].
  26. පසුව බ්යොන් යි (변이) ගේ පුත් බ්යොන් සං-බොක් (변상복, ?-1455) සමග විවාහ වූවා ය.
ජෝසුන්හි ජොංජොං රජ
උපත: 18 ජූලි 1357 මරණය: 15 ඔක්තෝබර් 1419
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
තේජෝ (යි දන්)
ජොසොන්හි රජ
ඔක්තෝබර් 14, 1398 – නොවැම්බර් 28, 1400
අනුප්‍රාප්තික වූයේ
තේජොං (යි බං-වොන්)
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_ජොංජොං_රජ&oldid=385984" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි