ලිබියාව

විකිපීඩියා වෙතින්
(ලිබියා වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ගොනුව:125px-Flag of Libya.svg.png
             ජාතික කොඩිය
ජාතික ගීය "දෙවියන් වහන්සේ ඉතා උතුම්ය"
             සිතියම
ගොනුව:250px-Libya in its region.svg
අගනුවර සහ විශාලම නගරය ට්‍රිපොලි
රාජ්‍ය භාෂාව අරාබි
රාජ්‍ය ජමාහිරියා සමූහාණ්ඩුව
ජනාධිපති මුම්මාර් අල්-ගඩ්ඩාෆි
අගමැති බග්හ්ඩාඩි මොහ්මුඩි
නිදහස
ඉතාලියේ සිට 10 පෙබරවාරි 1947
එක්සත් රාජ්‍යය සිට 24 දෙසැම්බර් 1951
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1,759,541
වර්ග සැතපුම් 679,359
            ජනගහනය
2010 තක්සේරුව 6,420,000
ඝනත්වය වර්ග කිලෝමීටර 3.6
වර්ග සැතපුම් 9.4
දළ ජාතික නිෂ්පාදිතය 2010 තක්සේරුව
එකතුව ඩොලර් 96.138 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 14,884
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2010 තක්සේරුව
එකතුව ඩොලර් 76.557 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 11,852
මානව සංවර්ධන දර්ශකය HDI (2010) 0.755 (ඉහළ)
මුදල් ඩිනාර් (LYD)
අන්තර්ජාල "' .ly
දුරකථන සංකේත 218

ලිබියාව[සංස්කරණය]

ලිබියා නිල නාමය අරාබි බසට අනුව දැක්වෙනුයේ 'ලිබියානු මහජන සමාජවාදී අරාබි ජමහිරියාව' නමිනි.එය 'සමාජවාදි මහජන ලිබියානු මහා ජමහිරියාව' නමන් හෝ ඉංග්‍රීසි බසින් Socialist People's Libyan Arab Great Jamahiriya යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මෙම රාජ්‍යය පිහිටා ඇත්තේ උතුරු අප්‍රිකාවේ ය. උතුරින් මධ්‍යධරණි මුහුදු තීරයේ පිහිටා ඇති ලිබියාවට නැගෙනහිරින් ඊජිප්තුවට, ගිණිකොනින් සූඩානයට, දකුණට චැඩ් සහ නයිජර්ද බටහිරට ඇල්ජිරියාව සහ ටියුනිසියාවද මායිම් වෙයි.

ප්‍රධාන වශයෙන් සහරානු කාන්තාර හා අර්ධ කාන්තාර ලක්‍ෂණ ඇති පහත් භූමියකි. රටේ දකුණට වන්නට 2000 m / අඩි 6500 කට වඩා උසකට විහිදෙන ටිබෙස්ටි(Tibesti) කුළු කඳුකරය දැක ගත හැකි ය​. එම කඳුකරයේ පිහිටා ඇති පික් බෙට්(Pic Bette) රටේ උස ම (2286 m / අඩි 7500) ස්ථානය වේ. වෙරළාශ්‍රිත ප්‍රදේශවල මධ්‍යධරණි දේශගුණයක් දැක ගත හැකි ය​.

වර්ග කිලෝ මීටර් 1,800,000 (වර්ග සැතපුම් 694,984) ක පමණ ප්‍රදේශයක් පුරා පැතුරුණු ලිබියාව, අප්‍රිකාවේ පිහිටි භූ‍ගෝලීය වශයෙන් සිව්වන ස්ථානය ගන්නා රටයි. විශාලත්වයෙන් ලෝකයේ රටවල් අතර 17 වන ස්ථානය හිමිවන්නේ ද ලිබියාවටයි. රටේ සමස්ථ ජනගහනය වූ මිලියන 5.7 න් මිලියන 1.7 ක් ම වාසය කරන්නේ එරටෙහි අගනගරය වන ට්‍රිපොලි නුවරයි. සාම්ප්‍රදායික කොටස් ත්‍රිත්වය වනුයේ 'ට්‍රිපොලිටානියා', (Tripolitania),ෆෙසාන් (Fezzan) හා 'සයිරෙනයිකා' (Cyrenaica) ය. ඉහළම මානව සංවර්ධනය දර්ශකය ද, ඒක පුද්ගල ආදායම් වාර්තාවෙන් සිව්වන ස්ථානය ද, අප්‍රිකාවේ වසර 2009 වන විට සීචෙල්ස් සමග ගිනියා සහ ගැබොන් යන රාජ්‍යයන් ට පසුගාමීව, ලිබියාවට හිමිව තිබිණ.මෙම තත්ත්වයන් ට බෙහෙවින් හේතුකාරක වූයේ එ‍රටෙහි තිබෙන අධික ඛණිජ තෙල් සංචිත හා අඩු ජන සංඛ්‍යාවයි.


ලිබියානු ජාතික ධජය වර්ණවත් වනුයේ සංකේත කිසිවකින් තොර, කොළ පැහැති පසුබිමකින් පමණි. එකම පැහැයකින් පමණක් වර්ණවත් වූ මෝස්තර සටහන්, ලාංඡන, හෝ වෙනත් සළකුණු කිසිත් නොමැති ලොව දක්නා ලැබෙන එකම ජාතික ධජය මෙය වේ.

ෆීනීසියානුවන්, කාර්තේජිනියානුවන්, ග්‍රීකයන්, වැන්ඩලයන් හා බයිසැන්ටයිනුවන් විසින් විවිධ කාලවල දී ලිබියාව පාලනය කෙරිණි. 7 වන සියවසේ දී පමණ අරාබීන් විසින් ලිබියාව ආක්‍රමණය කරන ලදි. 16 වන සියවසේ පටන් 1911 දක්වා තුර්කීන් ගේ පාලනය යටතේ පැවතුණි. 1911 දී ඉතාලිය විසින් පාලන බලය අල්ලා ගන්නා ලදි. ඉතාලි පාලනය යටතේ 1934 දී, ලිබියාව යන නම තබන ලදි. දෙවන ලෝක යුද සමයේ දරුණු සටන් ඇවිළී ගිය ප්‍රදේශයකි. එම සටන්වල ප්‍රථිඵලයක් වශයෙන් පාලනය බිරිතාන්‍යයන් හා ප්‍රාංශුවන් අතට පත් විය​. 1951 දී ලිබියානු රාජධානිය යන නමින් ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය​. 1969 දී මුවම්මර් ගඩාෆි හමුදා කුමන්ත්‍රණයක් දියත් කිරීම මඟින් ජනරජයක් පිහිටු වීය​. එවක් පටන් අද දක්වා ලිබියාව පවතින්නේ ගඩාෆි ගේ රාජ්‍ය නායකත්වය යටතේ ය​. 1977 දී ඊජිප්තුව, ඊශ්‍රායලය සමඟ සාම ගිවිසුමක් ඇති කර ගැනීම නිසා ඊජිප්තුවට කාල තුවක්කු ප්‍රහාරයක් එල්ල කළේ ය​. 1986 දී, ජර්මනියේ බර්ලින් නුවර සිදු වූ බෝම්බ ප්‍රහාරයක වගකීම ලිබියාවට එල්ල කරමින් එක්සත් ජනපදය ලිබියාවට දරුණු ගුවන් ප්‍රහාරයක් එල්ල කළේ ය​.

ලිබියාවේ භූගෝලීය පිහිටීම

ප්‍රජාතන්ත්‍රවාදය සොයා ගොස් මූලධර්මවාදය තුල අතරමං වූ ලිබියාව[සංස්කරණය]

උතුරින් මධ්‍යධරණී මුහුදට හා සෙසු දිශාවන්ගෙන් රටවල් හයකට මායිම්වූ ලිබියාව අතීතයේ පටන් වරින් වර පර්සියානු, ඊජිප්තු හා ග්‍රීක ව්‍යාප්තවාදයට ගොදුරු වීමට මූලික හේතුවූයේ ඇගේ වැදගත් උපාය මාර්ගික පිහිටීමයි. පසුව රෝම අධිරාජ්‍යයේ යටත් වසමක් බවට පත් ඈ හය වන සියවසේ අරාබි ආක්‍රමණ වලට ගොදුරුව ඉස්ලාම්කරණයට නතු වූවාය. 1551 දී ඔටෝමන් අධිරාජ්‍යය විසින් ඈඳගනු ලැබීමෙන් පසු ට්‍රිපොලි නුවර වඩාත් ප්‍රකට වූයේ වහල් ජාවාරමේ සන්ධිස්ථානයක් ලෙසය. 1876 දී රුසියාව විසින් පහර දෙනු ලැබීමෙන් පසු බෙහෙවින් අබල දුබල වූ ඔටෝමන් තුර්කිය ‘යුරෝපයේ රෝගියා’ යන නින්දා සහගතා අනවර්ථ නාමය ලබද්දී ඉතාලිය මාන බලමින් සිටියේ උතුර් අප්‍රිකාව සිය ග්‍රහනයට තතු කොට ගැනීමටය. සිය භූදේශපාලනික ඉලක්ක සඳහා ඉතාලි සහාය වෙනුවෙන් නයිල් ගඟෙන් බටහිර ප්‍රදේශය හිලව් කිරීමට බ්‍රිතාන්‍ය හා ප්‍රංශය රහසේ එකඟ වූහ. බොස්පරස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට ඉඩදීමේ පොරොන්දුව මත ඊට විරුද්ධ නොවී සිටීමට රුසියාවද කැමති වූවාය. 1911 දී ට්‍රිපොලිය හා යාබද සයිරනේසියාව ඉතාලි යටත් විජිත බවට පත්වූයේ ඒ අනුවයි. මෙම ප්‍රදේශයට ෆෙසාන් කාන්තාරය දා ඈඳා 1934 දී එය ලිබියාව ලෙස නම් කරන ලද්දේ ඉතාලි වරු විසිනි. පුරාණ ග්‍රීක් වරු උතුරු අප්‍රිකාව (ඊජිප්තුව හැර) ‘ලිබ්යා’ (Libya) ලෙස හැඳින්වූහ. එහි අගනුවර බවට පත් වූයේ ට්‍රිපොලියයි. සෙසු ඉතාලි පාලන ප්‍රදේශ මෙන් ලිබියාවද මුසොලිනි යටතේ ෆැසිසිට් කරණය විය. ඉතාලිය දෙවන ලෝක යුද්ධයෙන් පරාජයවීමත් සමඟ ජයග්‍රාහී මිත්‍ර ජාතීන්ගේ ග්‍රහණයට නතු වූ ඈ අවසානයේ නිදහස් රාජ්‍යයක් බවට පත් වූයේ 1951 වසරේදීය. ඉතිහාසයේ තම පළමු ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව පිහිටවන වූ ලිබියාව ඒ වන විට ලොව දුප්පත්ම රාජ්‍යයන්ගෙන් එකකි. ඇගේ ඉරණම කණපිට පෙරළුනේ 1959 වසරේ දී ඛණිජතෙල් නිධි හමුවීමත් සමඟමය. මේ සමඟම තෙල් අපනයන රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්විය. කෙසේ වුවද රාජාන්ඩුව අනුගමනය කල බටහිර හිතවාදී පිළිවෙත හමුදාවේ ඇතැම් කොටස් වලට රුචි වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ 1969 දී දියත් වූ හමුදා කුමන්ත්‍රණයකින් මුවම්මර් ගඩාෆි නැමැති කල්නල් වරයා ලිබියාවේ බලය අත්පත් කොට ගැනීමයි. ඔහුගේ විශ්වාසවත් සගයා වූයේ කලිෆා හෆ්තර් නැමති කනිටු නිලධාරියයාය. ව්‍යවස්ථාව්දායක රාජාණ්ඩුව අහෝසි කල හේ තමා සභාපති වරයා වූ 'විප්ලවීය අණදෙන කවුන්සිලයකට' බලය පවරා ගත්තේය. ප්‍රතිසංස්කරණ වාදියෙකු වූ මුවම්මර් අල් ගඩාෆි ගේ දේශපාලන දර්ශනය වූයේ ඉස්ලාමීය-සමාජවාදයයි (Islamic Socialism). බටහිර සමාගම් සතු ලිබියානු වත්කම් කල ජනසතු කොට ඉතාලි ජනගහනය රටින් පිටුවහල් කල හේ බටහිර අප්‍රිකාවේ සිට බටහිර ආසියාව දක්වා වූ සම්ප්‍රදායික අරාබි වාසභූමි ඇතුලත් රාජ්‍යයන් එක්සත් කිරීමට සුගහුන දුටුවේය. ෂරියා සංග්‍රහය තවදුරටත් නීති පද්ධතියේ අත්තිවාරම ලෙස යොදා ගත්තද හේ මූලධර්මවාදියෙකු නොවීය. පැරණි රාජාණ්ඩුව විසින් අභ්‍යාස ගත කල වහාබ් වාදී සමාජ තහංචි බිඳ දැමූ ඔහු විසින් හඳුන්වා දුන් වැදගත්ම සමාජීය ප්‍රතිසංස්කරණ වූයේ 1970 දී පැණවුන ස්ත්‍රීන්ට සමතැන් දෙන නීතියයි. 1972 ආඥාවට අනුව වයස 16 ට අඩු දැරියන් විවාහ කොටගැනීම මෙන්ම කාන්තාවගේ එකඟත්වයෙන් තොර විවාහයක් සඳහා පෙලඹවීම බරපතල අපරාධයක් ලෙස සැලකිණ. මෙනයින් බලන කල පෙනී යන්නේ දේශාපලන ඒකාධිපතීත්වයක් තුල පවා හැත්තෑවේ දශකයේ ලිබියාව සමකාලීන දකුණු ආසියාතික රට වලට හා අරාබිකරයට වඩා චින්තනාත්මක වශයෙන් ඉදිරියෙන් සිටි බවයි. 1977 වන විට ලිබියාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 11,000 ක් වූ අතර මානව සංවර්ධන දර්ශක අතින් සෞදි අරාබියට වඩා ඉහලින් සිටියේය. රටේ ජල වශ්‍යතාවයෙන් 60% සපුරමින් සැතපුම් 1750 දිග නලමාර්ගයක් ඔස්සේ භූගත ජලය බෙදා හැරීමේ ගඩාෆිගේ සැලැස්ම ලෝකයෙ දැවැන්තම ජලසම්පාදන ව්‍යාපෘතිය ලෙස සැලකේ. වඩා වැදගත් වූයේ ලිබියාව විදෙස් ණය බර රහිත නැති රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාමට ගඩාෆි කටයුතු කිරීමය. කෙසේ වුවද ණයත් නැති-බයත් නැති ගඩාෆි ඒ හේතුව නිසාමදෝ ජාත්‍යන්තර මට්ටමෙන් බොහෝ කරදර වල පැටළුනේය. ලිබියාවේ ගඩාෆි විරොධීන්ට රහසේ ආධාර කල ඉතාලියට හා බ්‍රිතන්‍යයට ඔහු දඬුවම් කලේ වාමාංශික රෙඩ් බ්‍රිගේඩ් තස්ත සංවිධානයට හා අයර්ලන්ත බෙදුම්වාදීන්ට එලිපිට ආධාර කරමිනි. පලස්තීන විමුක්ති සංවිධානයේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස ඊශ්‍රාලයට අඟියෝග කල ඔහු චැඩ් රාජ්‍යයට අයත් යුරේනියම් නිධි ඈඳා ගැනීම එක්සත් ජනපදය දුටුවේ ඔහු විසින් න්‍යශ්ඨික අවි නිපදවීමට දරණ තැතක් ලෙසය. වොෂින්ටනය වඩාත් අමනාප වූයේ සිද්‍රා බොක්ක අශ්‍රිත කලාපයට ලිබියාව හිමිකම් කීමට ඉදිරිපත් වීම හේතුවෙනි. 1986 දී ඇමෙරිකානු සෙබලෙකු ඇතුලු තිදෙනෙකුට මරු කැදවමින් බටහිර ජර්මනියේ සමාජ ශාලාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ලිබියාව වගකිව යුතු බවට චෝදනා කල ඇමෙරිකානු ජනාධිපති රේගන් එකටෙක කිරීමක් ලෙස ට්‍රිපොලි නුවරට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට නියම කලේය. රේගන්ගේ අභිලාෂය වූයේ බර්ලින් සිද්ධිය දඩමීමාකොටගෙන ගඩාෆි මරා දැමීම බව සැකයක් නොවීය. එහෙත් ගඩාෆිගේ බැබ්-අල්-අසීසියා මූලස්ථානයට එල්ලවූ ප්‍රහාරය සාර්ථක වූයේ නැත. ඔහු හදා වඩාගත් බිළිදූ දියණිය වූ හනා ගඩාෆි ප්‍රහාරයෙන් මිය ගිය බවට ප්‍රචාරය කෙරුනද එහි සත්‍යතාව ගැන මේ වන විට බොහෝ සැක සංකා පහල වී ඇත්තේ ඈ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන බව මෑතකදී හෙලිවී ඇති හෙයිනි. කෙසේ වුවද ගඩාෆි මිය නොයාමටත් වඩා පෙන්ටගනයට සිත් වේදනා ගෙන දුන්නේ ඇමෙරිකානු ප්‍රහාරක යානා දෙකක් සිද්‍රා බොක්කට ඉහල දී ලිබියානු ගුවන් ආරක්ෂක පද්ධති විසින් බිම හෙලීමයි. ඇමෙරිකානු කපිතාන් වරු දෙදෙනෙක් මිය යාම දේශපාලනික වශයෙන් වොෂින්ටනය අසීරු අඩියකට පත්කල අතර ඉතා උසස් යැයි සැලකුන F 111 ප්‍රහාරක යානා සෝවියට් S 200 වේගා මිසයිල පද්ධති හමුවේ අසරණ විය හැකි බව එමඟින් මුල් වරට ලොවට හෙලිවිය. ඉමහත් කෝපයට පත් ගඩාෆි රේගන් යනු පිස්සු බල්ලෙක් යැයි ප්‍රසිද්ධියේ කිය සිටියේය. රේගන් මීට ප්‍රතිචාර දැක්වූයේ බ්‍රිතාන්‍යයේ සිදුවූ තවත් බෝම්බ පිපිරිමක් දඩ මීමාකොටගනිමින් ලිබියාවට එරෙහි ආර්ථික සම්බාධක පැණවීමෙනි. මේ අතර චැඩ් රාජ්‍යය හා ලිබියාව අතර සටන් වලදී ගඩාෆිගේ පැරණි සගයකු වූ කලිෆා හෆ්තර් යුද සිරකරුවෙකු ලෙස සතුරාට හසුවුවද ඒ ගැන ගඩාෆි තැකුවේ මඳ වශයෙනි. චැඩ් බලධාරීන් විසින් ඇමෙරිකාවට භාරදෙනු ලැබූ අමනාපයට පත් සිරකරුවා ගඩාෆිගේ රජය පෙරලා දැමීමට සහාය වීමට CIA සංවිධානයට පොරොන්දු විය. අනාගතයේ දියත් කෙරුන ඇමෙරිකානු සැලසුම් බොහෝ දුරට පදනම් වූයේ හෆ්තර් විසින් සපයන ලද තොරතුරු මතය. විසි වැනි සියවසේ අවසන් දශකයේ සෝවියට් කඳවුර බිඳ වැටීම හරහා දැවැන්ත දේශපාලන ජයග්‍රහණ අත්පත් කොටගනිමින් ලෝක බලවතා බවට පත් ඇමරිකාවේ විසි එක් වන සියවසේ ආරම්භක ඉලක්කය වූයේ තෙල් සම්පතින් පොහොසත් මැදපෙරදිග කලාපය සිය අණසකට යටත් කොට ගැනීමය. මේ සඳහා වොෂින්ටනය ‘සමූලඝාතක අවි’ හා ප්‍රජාතන්ත්‍රවාදය’ සිය තේමා පාඨ යොදා ගත්තේය. එහි මුල් පියවර වූයේ ඉරාකයේ සදාම් හුසේන් බලයෙන් පහකිරීමයි. එහිදී හමුවූ විනාශ කාරී අවියක් හෝ ස්ථාපිත කෙරුන ප්‍රජාතන්ත්‍රවාදයක් නැතත්, සෘජු ආක්‍රමණයක් යනු හමුදාමය වශයෙන් අතිශය වෙහෙසකර, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අසීරු හා ආර්ථික වශයෙන් වියදම් කාරී පිළිවෙතක් බව ධවල මන්දිරය එමඟින් පසක් කොටගත්තේය. එහෙයින් සිය ඉලක්කය සපුරා ගනු වස් වඩා අඩු වියදම් විකල්පයක් ඇමෙරිකාවට අවශ්‍ය විය. මෙහි ප්‍රථිඵලය වූයේ ‘අරාබි වසන්තය’ නොහොත් දේශීය මූලධර්මවාදී කන්ඩායම් යොදවා ආන්ඩු පෙරලීමේ වැඩසටහනයි. ඒකාධිපතිවාදයට එරෙහිව කතා කල බොහෝ බුද්ධිමතුන්ද මූලධර්මවාදීන් සන්න්ද්ධ කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය උදාවනු වනු ඇතැයි විශ්වාස කල බව පෙනේ. එහෙත් ටියුනීසියාවේ හා ඊජිප්තුවේ මෙන් ලිබියාවේ අරගලය පහසු වූයේ නැත. ගඩාෆි නොපැකිල ප්‍රති ප්‍රහාර එල්ල කිරීම නිසා මූලධර්මවාදි කණ්ඩායම් වලට ආරම්භයේ අත්වූයේ දැවැන්ත පරාජයකි. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝව ලිබියාවේ ගුවන් තහනම් කලාපයක් පිහිටුවමින් ගඩාෆි ගේ හමුදාවට ගුවන් ප්රහාර එල්ල කරමින් කැරලි කරුවන්ට සෘජුව සහාය පලකරන්නට වූයේ මේ තත්වය තුලයි. ලෝක සාමය වෙනුවෙන් පිහිටවුන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නෛතික අනුග්‍රහය ඊට ලැබිණ. සැපයුම් වලින් ශක්තිමත් වූ කැරලි කරුවන් නේටෝ ගුවන් ආවරණ යටතේ ට්‍රිපොලි නුවරට එල්ල කල දැවැන්ත ප්‍රතිප්‍රහාරය හමුවේ පසු බැසීමට ගඩාෆිට සිදු විය. ඊට අණ දෙන ලද්දේ ගඩාෆිගේ පැරණි සගයා වූ කලීෆා හෆ්තර් විසිනි. පසුබසින් සිටි ගඩාෆිගේ රථ පෙල හඳුනාගත් නේටෝ ගුවන් යානා එම ඛණ්ඩාංක කැරලි කරුවන්ට ලබා දුන් බව දැන් හෙලිවී ඇත. තමා කොටුවූ බව අවබෝධ කොටගත් කල්නල් වරයා අවසන් පැය කිහිපයේ ඉතා සන්සුන් ව හා කල්පනාකාරී මනෝභාවයෙන් පසුවූ බව දිවි ගලවාගත් ඔහුගේ රියැදුරා විසින් පවසා ඇත. අවසානයේ ගඩාෆි සැඟවී සිටි ස්ථානය වටලා කෙටි සටනකට පසු ඔහු සිරභාරයට ගත් කැරලි කරුවෝ හිටපු රාජ්‍යතාන්ත්‍රිකයා ඉතා අමානුෂික ලෙස මරාදමන අන්දම දැක්වෙන වීඩියෝ පටයක් ලොව පුරා විකාශය වුවද, ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ අයිතිවාසිකම් ගැන කතා කල මානව හිතවාදීහූ එදා ඒ දෙස බලමින් අත්පොලසන් තැළූ හැටිද නෙහිදී සියට නැඟේ. ගඩාෆි මියගියේ සටනේදී සිදුවූ තුවාල වලින් බව ‘ජාතික අන්තර්වාර කවුන්සිලය’ කියා සිටියේය. එය ලිබියානු නව රජය කී පළමු බොරුවයි. ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂාවෙන් ගඩාෆිගේ සිරුරට කෙල ගැසූ ලිබියානුවන්ට දහවල් තරු පෙනීමට වැඩි කලක් ගතවූයේ නැත. සිවිල් යුද්ධයකට මුහුණ පෑ ලිබියාව එකම ලේ විලක් බවට පත් වූයේ බලය බෙදා ගැනීම සඳහා සටන් කාමීන් එකිනෙකා කුලල්කෑමට ගැනීම හේතුවෙනි. ගඩාෆි හිතවාදී බල ඇණී ද ඒ අතර විය. 2012 ලිබියාවේ පළමු මැතිවරණය් පැවැත්වුනේ මූලධර්මවාදීහූ සුපුරුදු ලෙස පෞරාණික නටබුන් විනාශ කරන අතරය. කාන්තාවන්ට ෂරියා නීතිය අනුව හැඩ ගැසීමට බල කැරිණ. මැතිවරණයෙන් ජයගත් පොදු ජාතික එසෙම්බ්ලිය හරි හමන් අගමැති තෝරාගැනීමට නොහැකිව ලත වන අතර ගඩාෆි අත්ඩංගුවට ගත් ජිහාඩ් වාදියා වූ ඔම්‍රාන් ෂාබන් ගඩාෆි හිතවාදීන් පිරිසක් පැහැර ගන්න ලදී. දස වධදී පහරදී ඉළබිඳ දමන ලැබූ ඔහු මහමඟ දමා ගොස් තිබිණ. ප්‍රතිකාර සඳහා ප්‍රංශයට යැවුන හේ එහිදී මියගියේය. පොදු ජාතික එසෙම්බ්ලිය ඔම්‍රාන් වෙනුවෙන් රාජ්‍ය අවමඟුලක් ද පැවැත් වීය. අමෙරිකාවට තම අනිසි මැදිහත් වීමේ ඵල විපාක වලට හොඳම නිදසුන වූයේ මූලධර්මවාදී කණ්ඩායම් විසින් ඇමෙරිකානු තානාපති වරයා ඝාතනය කරනු ලැබීමය. 2014 නියෝජිත සභා මැතිවරණයෙන් ජයගත් මධ්ය්ස්ථ මතධාරී ඉස්ලාම් වරු රාජ්‍ය බලය පැවරීමට අකැමැති වූ මූලධර්මවාඅදීන්ගෙන් සමන්විත පොදු ජාතික එසැම්බ්ලිය හමුදා බලය යොදා ට්‍රිපොලිය අත්පත් කොට ගැනීම නිසා නැගෙනහිර පිහිටි ටොබෘක් නගරයට පලා යාමට නව පාර්ලිමේන්තුවට සිදුවිය. මධ්යස්ථ මත ධාරීන්ගේ හමුඩා නායකයා වූයේ ගඩාෆිගේ පැරණි සගයා වූ කලිෆා හෆ්තර්ය. මෙම එතැන් සිට රට පාලනය වන්නේ ආන්ඩු දෙකකිනි. අනුග්‍රහය ලිබියාවේ ඇතැම් ප්‍රදේශ තුල බලය තහවුරු කොට ගැනීමට IS අන්තවාදීන්ට මඟ පෑදූයේද මෙම බල අරගලයයි. එහෙත් බැරැක් ඔබාමා තවමත් තම පාඩම උගෙන නොතිබූ සැටියකි. ලිබියාවේ තම මැදිහත් වීම ‘විනාශයක්’ බව පිලිගැනීමට මේ වන ඉට ඔහුට සිදුව තිබුනද ඒ අසාර්ථක උපක්‍රමය ඔහු ඉතා වගකීම් රහිත අන්දමින් සිරියාවේද අභ්‍යාසගත කිරීමට තැත් කලේ තමා වගකිව යුතු ලිබියානු අර්බුදයට විසඳූම් සෙවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවරමිනි. ඉතා නිවට ලෙස මැදිගත් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසානයේ කලේ ට්‍රිපොලි නුවර මූලධර්මවාදූන්ගෙන් සමන්විත පොදු ජාතික එසෙම්බ්ලිය, ‘ජාතික සහයෝගිතා රජය’ ලෙස නම් කොට ඊට නිල පිළිගැනීමක් ලබා දීමය. පය බරවයට පිටිකර බෙහෙත් බැදූමක් හා සමාන වූ ම්ම විසඳූම ටොබෘක් නුවර මැදහත් ඉස්ලාම් වරු ප්‍රතික්ෂෙප කලහ. ගඩාෆි යටතේ අප්‍රිකාවේ සමෘද්ධිමත්ම රාජ්‍යය වූ ලිබියාව මෙ වනවිට නොනිමි සිවිල් යුද්ධය තුල මුළුමනින්ම විනාශයට කරා ගමන් කරමිනි සිටී. ගඩාෆි ඒකාධිපතියෙකු යයි හඬ නැඟූ ට්‍රිපොලි නුවර ප්‍රජාතන්ත්‍රවාදීන්ට අද මූලධර්ම වාදීන් යටතේ සටන් කිරීමේ අවස්ථාවද, විමුක්තිය සොයා ගිය කාන්තාවන්ට ෂරියා නීතිය යටතේ අපූරු වරප්‍රසාද භුක්ති විදීමේ භාග්‍යයද උදා වී ඇත. කල්නල් ගඩාෆි තම කාන්තා ආරක්ෂක බලකායේ සාමාජිකාවන් අපරිහරණය කල බවට නගන චෝදනාව තුලින් අල් ජසීරාවට හා බීබීසීයට තමා උඩගෙඩි දුන් මූලධර්මවාදීන් විසින් සිදු කරමින් සිටින අපරාධ වසන් කල නොහේ. එක්සත් ජාතීන්ම පවසන්නේ සිවිල් යුද්ධ නිසා ජීවිත 4000 ක් අහිමිවී ඇති බවත් 2011-2019 කාලය අතරතුර අතවරයට පත් බාල වයස්කාර කාන්තාවන් සංඛ්‍යාව ගණනය කල නොහෙන තරම් විශාල බවත්ය. මධ්‍ය්ස්ථ සංවිධාන පවසන්නේ ජනගහනයෙන් තුනෙන් පංගුවක් සරණාගතයන් ලෙස අසල් වැසි රටවලට පලාගොස් ඇති බවයි. සිරියානු සිවිල් යුද්ධයෙන් ඉමහත් නින්දාව තුල මැදපෙරදිග බලවතා ලෙස තමා සතු තත්වය අහිමි වූ ඇමෙරිකාව තවදුරටත් ලිබියාව ගැන උනන්දුවක් දක්වන්නේ නැත. ට්‍රිපොලි නුවර ඇතුළු සුළු භූමි ප්‍රමාණයකට මෙ වනවිට තම පාලනය සීමා වී ඇති ‘ජාතික සහයෝගිතා රජය’ නියෝජන කරන ‘මුස්ලිම් සහෝදරත්වය’ ප්‍රමුඛ ජිහාඩ් වාදී ස්ංවිධාන වල ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කටාර් රාජ්‍යයත් තුර්කියත් තවදුරටත් කටයුතු කරති. අනිත් අතට ටොබෘක් නුවර මධ්‍ය්ස්ථ ඉස්ලාම් වරුන්ගේ ආධාර කරුවන් වන්නේ ඊජිප්තුව හා මැදපෙරදිග නව බලවතා වන රුසියාවයි. ඊජිප්තු හා රුසියානු ආධාර තුලින් ලිබියාවේ විශාල භූමි ප්‍රමාණයක් පාලනයට නතුකොටගෙන IS ව්‍යාප්තිය මැඩලූ කලිෆා හෆ්තර්ගේ හමුදා මෑතදී ට්‍රිපොලි නුවරට එල්ල කල ප්‍රහාරය හමුවේ ලිබියාවට හමුදා බල ඇණීයක් යැවීමට තුර්කිය කටයුතු කලාය. අරාබි වසන්තයේ ප්‍රධාන සංවිධායකයකු වූ තුර්කියට සිරියාවේ දී කපන්නට බැරි අත සිඹීමේ පිළිවෙතට මාරු වීමට සිදු වුවද ලිබියාවේ මූලධර්මවාදී පාලනය රැක ගැනීමේ උත්සාහය තවමත් අන්කාරා රජය විසින් අත හැර දමා නොමැත. රුසියානු විශේෂ බලකායන් විසින් හෆ්තර්ගේ හමුදා මෙහෙයවන බවත් මිග් ගුවන් යානා බල ඝණයක් නැගෙනහිර ලිබියාවට යවා ඇති බවටත් පෙන්ටගනය උපුටා දක්වමින් පසුගිය සතියේ රොයිටර් පුවත් සේවය විසින් වාර්තා කොට තිබිණ. නේටෝ මැදිහත් වීම හමුවේ නිහඬ් පිලීවෙතක් අනුගමනය කල ක්‍රෙම්ලිනය විසින් ලිබියාව කෙරේ හිටි හැටියෙම පහල කොටගත් මේ කරුණාව මූලධර්මවාදය විනාශ කිරීමේ තේමා පාඨය මත පදනම් වුවද ඒ පසු පස ඇති සැබෑ හේතුව බොරතෙල් බැරල් බිලියන 48000 ක ධාරිතාවයක් සහිත ලිබියානු තෙල් නිධි බව නිගමනය කිරීමට සාමාන්‍ය දැනීම ප්‍රමාණවත්ය. ඒ සිරියාවේ සාර්ථකත්වය තුලින් රුසියාව් ලද ආත්ම විශ්වාසයයි. අර්බුදයේ ප්‍රධාන චූදිතයා වූ ඇමෙරිකාව දැන් සිය අභ්‍යන්තර ගැටළු තුල සිරවී සිටියදී ලිබියාවේ අනාගතය කෙබඳූ වේද? එය නිශ්ච්ය කිරීම අසීරුය. බොහෝ විශ්ලේශකයන් විශ්වාස කරන්නේ එය සිරියාවේ දී මෙන් තුර්කිය හා රුසියාව අතර (ඊජිප්තුව පාර්ශ්ව කරුවෙකු ලෙස) අන්යොන්‍ය ප්‍රතිලාභ තකා ඇති වන අවසන් එකඟතවයකින් කෙලවර වනු ඇති බවයි. කබලෙන් ලිපට වැටුන ලිබියානුවන්ට ඉතිරි වනු ඇත්තේ පසු තැවිල්ල පමණී. 2020.06.12

Chamara Siriwardene

Find more information on Libya by searching Wikipedia's sister projects:

Wiktionary-logo.svg Dictionary definitions from Wiktionary
Wikibooks-logo.svg Textbooks from Wikibooks
Wikiquote-logo.svg Quotations from Wikiquote
Wikisource-logo.png Source texts from Wikisource
Commons-logo.svg Images and media from Commons
Wikinews-logo.png News stories from Wikinews

මූලාශ්‍ර​[සංස්කරණය]

  • ක්‍රිස්ටල්, ඩේවිඩ් (2000). The Cambridge Paperback Encyclopedia. නව දිල්ලිය​: Foundation Books. පිටු 499. ISBN 81-7596-073-6. 


අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

රාජ්‍ය අංශය හා සම්බන්ධ​
සාමාන්‍ය​


වෙනත්
"https://si.wikipedia.org/w/index.php?title=ලිබියාව&oldid=454330" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි