පාපන්දු ක්‍රීඩාව

විකිපීඩියා වෙතින්
පාපන්දු ක්‍රීඩාව

එක් පිලකට ක්‍රීඩකයින් එකළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස පාපන්දු හැඳින්විය හැකිය. එය ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හැඳින්වීම නිවැරදිය.

තණ පිඬැලි ඇල්ලූ හෝ ස්වාභාවික සෘජුකෝණාස්‍ර හැඩැති තණ පිටිටනියක මෙම ක්‍රීඩාව කෙරෙන අතර දෙකෙළවර හි දිණුම් කණුව (ගෝල) පිහිටා ඇත. ප්‍රතිවාදී පිළ කෙළවර ඇති ගෝල කණුව තුළට පන්දුව යොමු කිරීමෙන් සිය පිළිට ගෝල වශයෙන් ලකුණු රැස්කර ගත හැකිය.

සාමාන්‍යයෙන් ගෝල රකින්නාට පමණක් පන්දුව දෑතින් ඇල්ලීමට අවසර ඇති අතර සෙසු ක්‍රීඩකයින්ට පන්දුව පාදයෙන් සිරසෙන් හෝ කඳ ආශ්‍රීත කොටසෙන් පහරදීමට හා ලබා ගැනීම කළ හැකිය.

වැඩිපුර ගෝල සංඛ්‍යාවක් ලබාගත් පිළ ජයග්‍රහණය ලබන අතර සම ලකුණු ලබාගත් අවස්ථාවක තරගය අවසන් කිරීම කීප ආකාරයකින් සිදු කෙරේ. එනම් ජය පරාජයෙන් තොර තරඟයක් ලෙසත් අමතර කාලයක් ලබාදීමෙන් හෝ දඩුවම් පහරකින් සිය ජය තහවුරු කර ගත හැකිය.

1863 එංගලන්තයේදී සැකසුණු නීතිරීති මාලාවකට අනුකූලව වර්තමානයේදී ද ක්‍රීඩා කෙරෙන අතර පාපන්දු ක්‍රීඩාව සම්බන්ධව සියලු කටයුතු පාලනය කරනු ලබන්නේ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයයි.(FIFA)

ලෝකයේ ජනප්‍රියම හා ඉහළම ක්‍රීඩා ලෝලි සහභාගීත්වයෙන් ලෝක කුසලාන පාපන්දු තරඟා වලිය (FIFA) අද උණුසුම් තරගයක් බවට පත්ව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පාපන්දු_ක්‍රීඩාව&oldid=525151" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි