Jump to content

ක්‍රීඩා සමාජ

විකිපීඩියා වෙතින්
Belo Horizonte හි ක්‍රීඩා සමාජයක්, ෆුට්සල්, පැසිපන්දු සහ වොලිබෝල් සඳහා විවිධ ලෙස බිම් සලකුණු පින්තාරු කරන ලද මතුපිට ඇති අතර, පෙරබිමෙහි පිහිනුම් තටාක දෙකක් ඇත.

ක්‍රීඩා සමාජ (ඉංග්‍රීසි: Sports Club) යනු ක්‍රීඩාවට සම්බන්ධ විවිධ අංශ එක් සංවිධානයක් යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. මෙය මලල ක්‍රීඩා සමාජයක් හෝ ක්‍රීඩා සංගමයක් ලෙස ද හැඳින්වේ.

ක්‍රීඩා සමාජ වර්ග

[සංස්කරණය]
  • තනි ක්‍රීඩා සමාජ - එක් ක්‍රීඩාවක් පමණක් නියැලෙන සමාජ
  • බහු ක්‍රීඩා සමාජ (Multi-Sport Club) - ක්‍රීඩා කිහිපයක් එකම සංවිධානයක් යටතේ පවත්වාගෙන යන සමාජ

උතුරු ඇමරිකානු ක්‍රීඩා සමාජ

[සංස්කරණය]

NBA (බාස්කට් බෝල්), NFL (ඇමරිකන් පාපන්දු), සහ MLS (සොකර්) වැනි තනි ක්‍රීඩා සමාජ මෙහි දක්නට ලැබේ. එහෙත් උතුරු ඇමරිකානු විශ්වවිද්‍යාල සාමාන්‍යයෙන් බහු ක්‍රීඩා සමාජ ලෙස ක්‍රියාත්මක වේ.

පාපන්දු ක්‍රීඩා සමාජ

[සංස්කරණය]

පාපන්දු ක්‍රීඩා සමාජ විවිධ රටවල විවිධාකාර නම්වලින් හැඳින්වේ:

  • බ්‍රිතාන්‍ය: (Football Club) FC - උදා: මැන්චෙස්ටර් යුනයිටඩ් FC, නිව්කාසල් යුනයිටඩ් FC
  • පෘතුගාලය: CF (Club de Futebol) - උදා: FC පෝර්ටෝ, CF බෙලෙනෙන්සෙස්
  • ස්පාඤ්ඤය: CF (Club de Fútbol) - උදා: රියල් මැඩ්රිඩ් CF, FC බාර්සිලෝනා

විශේෂයෙන් ලතින් රටවල බොහෝ පාපන්දු සමාජ පාපන්දු පමණක් නොව වෙනත් ක්‍රීඩා කණ්ඩායම් ද පවත්වාගෙන යනු ලබයි. උදාහරණයක් ලෙස සෙල්ටික් FC හි මුල් නම වූයේ 'සෙල්ටික් ෆුට්බෝල් ඇන්ඩ් ඇත්ලටික් කොම්පැනි ලිමිටඩ්' (1994 දක්වා) යන්නයි.

ක්‍රිකට් ක්‍රීඩා සමාජ

[සංස්කරණය]

ක්‍රිකට් ක්‍රීඩා සමාජ සාමාන්යෙන් ක්‍රිකට් ක්ලබ් (CC) උපසර්ගය සමග හෝ වෙනත් ක්‍රීඩා සමග ඇති සංගමයක් නම් සාමාන්යෙන් සපෝර්ට් ක්ලබ් (SC) හැඳින්වේ:

  • බ්‍රිතාන්‍ය: ලැංකාෂයර් ප්‍රාන්ත CC, යෝක්‌ෂයර් ප්‍රාන්ත CC
  • ශ්‍රීලංකාව: කොල්ට්ස් CC, බදුරලිය SC
"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රීඩා_සමාජ&oldid=732415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි