ද්වාරය:පුරාතන ඊජිප්තුව
විකිපීඩියා ද්වාර
සංස්කෘතිය ·
භූගෝල විද්‍යාව ·
සෞඛ්‍යය ·
ඉතිහාසය ·
ගණිතය ·
ස්වාභාවික විද්‍යාව ·
දර්ශනවාදය ·
ආගම් ·
සමාජය ·
තාක්ෂණය
පුරාතන ඊජිප්තුව පිළිබඳ ගොනු කළ අන්තර්ගතයපුරාතන ඊජිප්තුව යනුවෙන් හැඳින්වුණේ නැගෙනහිර උතුරු අප්‍රිකාවේ පිහිටා තිබූ පුරාතන ශිෂ්ටාචාරයකි. නයිල් ගංගාවේ පහළ ප්‍රදේශ ආශ්‍රිතව සංකේන්ද්‍රගතව පැවති මෙම ශිෂ්ටාචාරය වර්තමානයේ ඊජිප්තුව නම් රටට අයත් ය. ශිෂ්ටාචාරය ඒකාබද්ධ වූයේ ක්‍රි.පූ. 3150 අවට කාලයේ පළමු පාරාවෝවරයා විසින් ඉහළ සහ පහළ ඊජිප්තුව දේශපාලනික වශයෙන් එක්සත් කිරීමත් සමගයි. මෙය ඉදිරි සහස්‍රක දෙකක කාලය තුළ මැනවින් වර්ධනය විය. පුරාතන ඊජිප්තුව එහි උච්චස්ථානය කරා ළඟා වූයේ නව රාජධානි සමයේ වන අතර, ඉන් අනතුරුව ඊජිප්තුව පරිහානි සමයයක් කරා ළඟා විය. පසුකාලීනව ඊජිප්තුව විදේශ ආක්‍රමණිකයන් ශ්‍රේණියක් විසින් ආක්‍රමණය කරන ලදී. පාරාවෝ පාලනය නිල වශයෙන් අවසන් වූයේ ක්‍රි.ව. 31දී මුල්කාලීන රෝම අධිරාජ්‍යය විසින් ඊජිප්තුව යටත් කරගෙන එය පළාතක් බවට පත් කරගැනීමෙන් පසුවයි. සැමදෙනාමට නැරඹීමට සර්වකාලීන උරුමයක් ඊජිප්තුව දායාද කොට ඇත. එහි කලා නිර්මාණ සහ ගෘහනිර්මාණ පුළුල් ලෙස අනුකරණයට ලක් විය. එහි පුරාවස්තු බොහෝමයක් ලොව ඈත පෙදෙස් කරා ගෙනයනු ලැබිණි. ඊජිප්තුවේ ස්මාරක නටබුන් සියවස් ගණනාවක් පුරා සංචාරකයන් සහ රචකයන්ගේ පරිකල්පනයන් පොළඹවාලී ය. මුල්කාලීන නූතන යුගයේ මෙහි පුරාවස්තු සහ කැනීම් සඳහා ඇතිවූ ප්‍රබෝධය ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබඳ විද්‍යාත්මකව විමර්ශනයට සහ එහි සංස්කෘතික දායාදය මිහිමත පුළුල් ඇගයුමට ලක්වීමට හේතු විය. තෝරාගත් ලිපියඔබ දන්නවා ද?...තෝරාගත් රුව
නෙෆර්ටිටි උඩුකය. මැය ඊජිප්තු පාරාවෝවරයකු වූ අක්නාටන්ගේ මහා රාජකීය බිරිඳ වූවා ය. ඇය පාරාවෝ ටූටන්ඛාමූන්ගේ නැන්දණිය මෙන්ම සුළුමව ද වේ. ඇය වඩාත් ප්‍රචලිත වූයේ වර්තමානයේ නියුවස් කෞතුකාගාරයේ තබා ඇති නෙෆර්ටිටි උඩුකය ප්‍රතිමාව (ඡායාරූපයේ) නිසාවෙනි. තෝරාගත් චරිතාපදානය![]() Iවන තුත්මෝස් (ඇතැම්විට Iවන තොත්මෙස්, තුත්මොසිස් හෝ ටුත්මොසිස් ලෙස ද හඳුන්වයි, අරුත තොත්ට-උපන්) යනු පුරාතන ඊජිප්තුවේ 18වන රාජවංශයේ තුන්වන පාරාවෝවරයායි. ඔහු සිහසුනට පත් වූයේ Iවන අමෙන්හොටෙප් රජුගෙන් පසුවයි. ඔහුගේ රාජ්‍ය සමය තුළ දී, ඔහු නැගෙනහිර මධ්‍යධරණි පෙදෙස සහ නුබියාව වෙත යුධ ව්‍යාපාර මෙහෙයවමින් ඊජිප්තුවේ දේශසීමා පෙර නොවූ තරම් දුරකට ව්‍යාප්ත කළේ ය. එසේම ඔහු ඊජිප්තුව තුළ නොයෙකුත් දේවස්ථාන ඉදි කළ අතර, රජුන්ගේ නිම්නයේ තමන් සඳහා සොහොනැගැබක් ද ඉදිකළේ ය. රජුන්ගේ නිම්නයේ මෙසේ සිය සොහොන්ගැබ ඉදිකරගත් පළමු රජු ඔහු යැයි සැලකේ. (ඇතැම්විට Iවන අමෙන්හොටෙප් ද ඔහුට පෙර එසේ සිදු කරන්නට ඇත). ඔහුගෙන් පසු ඔහුගේ පුත් IIවන තුත්මෝස් ද, අනතුරුව IIවන තුත්මෝස්ගේ සොයුරිය වූ හට්ෂෙප්සුට් ද සිහසුනට පත් විය. ඔහුගේ රාජ්‍ය සමය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 1505-1493 යැයි නිර්ණය කොට ඇත. නමුත් ඇතැම් විද්වතුන්—පුරාතන ඊජිප්තු වාර්තාවල කාලරේඛාව නිර්ණයට යොදාගත් ජ්‍යොතිශ්‍යමය නිරීක්ෂණ තීබ්සයේ නොව මෙම්පිස් නගරයේ සිට සිදු කළ බව සිතන විද්වතුන්—ඔහුගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.පූ. 1526–1513 ලෙස දක්වා ඇත.[1][2] ආශ්‍රේයයන්
පුවත්ප්රවර්ග
විකිව්යාපෘතිප්රධාන මාතෘකාකළ හැකි දෑඅදාළ ද්වාරවිකිමීඩියා |