කල්පිතය

විකිපීඩියා වෙතින්

කල්පිතයක්, උපකල්පිතයක් හෝ උපන්‍යාසයක් යනු යම් කිසි ප්‍රපංචයක් සඳහා යෝජිත පැහැදිලි කිරීමකි. විද්‍යාත්මක ක්‍රමයට අනුව, කල්පිතයක් විද්‍යාත්මක කල්පිතයක් ලෙස සැළකීමට නම් එය පරීක්ෂා කර බැලීමේ හැකියාව තිබිය යුතුය. සාමාන්‍යයෙන් විද්‍යාඥයන් කල්පිත ගොඩනගන්නේ පවතින විද්‍යාත්මක සිද්ධාන්තයන් මගින් පැහැදිලි කළ නොහැකි නිරීක්ෂණයන් මූලික කර ගනිමින් ය. ඇතැම් විටකදී "සිද්ධාන්තය" (theory) සහ "කල්පිතය" (hypothesis) යන වචන සමාන අරුතින් භාවිත වුවද, විද්‍යාත්මක කල්පිතයක් සහ විද්‍යාත්මක සිද්ධාන්තයක් යනු එකක් නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=කල්පිතය&oldid=542621" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි