Jump to content

මුට්

විකිපීඩියා වෙතින්

මුට් පුරාණ ඊජිප්තුවේ වැඳුම් ලද මව් දෙවඟනකි. පුරාණ ඊජිප්තු බසින් මුට් නම් මව යි. පුරාණ ඊජිප්තු හැදියාවේ වසර දහස් ගණනක් පුරා බෙහෙවින් වෙනස් වූ ද පිරිනැමුණු (පරිණාමය වුණු) ද වෙනස් අංග සහ ගුණාංග රැසක් මුට් සතු ව තිබිණි. අමුන් ගේ අවසන් බිරිය වූ මුට් සපුරා මැ මිනිස් රුවින් සිටින දෙවඟනක් වී.

මුට් කලාව තුළ සාමාන්‍යයෙන් දැක්වුණේ ඊජිප්තු රජවරුන් ගේ ද්විත්ව කිරුළ පැළැඳි කතක ලෙසිනි. එය මුළු දේශය කෙරෙහි මැ ඇගේ බලය නියෝජනය කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=මුට්&oldid=774616" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි