වෛශාලී (පුරාතන නගරය)
Appearance
(වෛශාලි (පුරාතන නගරය) වෙතින් යළි-යොමු කරන ලදි)
වෛශාලී විශාලා | |
---|---|
නගරය | |
වෛශාලී හි අශෝක ස්තම්භ ශීර්ෂය | |
ඉන්දියාවේ බිහාරය තුළ පිහිටීම | |
ඛණ්ඩාංක: 25°59′N 85°08′E / 25.99°N 85.13°Eඛණ්ඩාංක: 25°59′N 85°08′E / 25.99°N 85.13°E | |
රට | ඉන්දියාව |
ප්‍රාන්තය | බිහාර් |
දිස්ත්‍රික්කය | වෛශාලී |
භාෂා | |
• නිල | මෛථිලි, හින්දි, උර්දු |
වේලා කලාප | IST (UTC+5:30) |
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
වෛශාලී හෙවත් වේශාලී යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ වර්තමාන බිහාර් ප්‍රාන්තයේ පිහිටි නගරයකි. පුරාවිද්‍යා අඩවියක් ද වේ. මෙය තීර්හුත් කොට්ඨාසයට අයත් ය.[1]
ආදිතම සමූහාණ්ඩු අතුරින් එකක් වන ක්‍රි.පූ. 6වන සියවසේ පැවති වජ්ජි සමූහාණ්ඩුවේ (වෘජ්ජි මහාජනපදය) අගනගරය වූයේ වෛශාලියයි. ක්‍රි.පූ. 483 පමණ ගෞතම බුදුන් වහන්සේ සිය මහා පරිනිර්වාණයට පෙර අවසන් ධර්ම දේශනය සිදුකළේ ද, අනතුරුව ක්‍රි.පූ. 383 කාලාශෝක රජ සමයේ දෙවන ධර්ම සංගායනාව පැවැත්වූයේ ද මෙම නගරයේ ය. වෛශාලිය බෞද්ධයන්ට මෙන්ම ජෛනයන්ට ද ආගමික වශයෙන් වැදගත් නගරයකි.[2][3][4] අශෝක ස්‍තම්භ අතුරින් වඩාත් හොඳින් සංරක්ෂණය වී ඇති ස්තම්භයක් මෙහි පිහිටි අතර, එහි මුදුනෙහි තනි ආසියානු සිංහ රුවක් දක්නට ලැබේ (26°00′51″N 85°06′33″E / 26.014162°N 85.109220°E).
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Tirhut Division". tirhut-muzaffarpur.bih.nic.in. සම්ප්‍රවේශය 26 December 2019.
- ^ Bindloss, Joe; Sarina Singh (2007). India: Lonely planet Guide. Lonely Planet. p. 556. ISBN 978-1-74104-308-2.
- ^ Hoiberg, Dale; Indu Ramchandani (2000). Students' Britannica India, Volumes 1-5. Popular Prakashan. p. 208. ISBN 0-85229-760-2.
- ^ Kulke, Hermann; Dietmar Rothermund (2004). A history of India. Routledge. p. 57. ISBN 0-415-32919-1.
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Kumar, Dilip (1986). Archaeology of Vaishali. Ramanand Vidya Bhawan.
- Singer, Noel.F. (2008). Vaishali and the Indianization of Arakan. APH Publishing. ISBN 978-81-313-0405-1.
බාහිර සබැඳි
[සංස්කරණය]වෛශාලී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- වෛශාලී (පුරාතන නගරය) at the Encyclopædia Britannica
- Entry on Vesali in the Buddhist Dictionary of Pali Proper Names
- Description of Vaisali by the Chinese pilgrim monk Faxian (399-414 AC)
- Suttas spoken by Gautama Buddha concerning Vesali: (more)