පසේ බුදුවරු
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "පසේ බුදුවරු" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2020 දෙසැම්බර්) |
මෙම ලිපිය |
බුද්ධ ධර්මය සහ බුද්ධාගම |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
ප්රත්යේකබුද්ධයාන (Sanskrit: प्रत्येकबुद्धयान) යනු පසේ බුදුන්, ප්‍රත්‍යේකබුද්ධ හෝ පච්චේකබුද්ධ (පිළිවෙලින් සිංහල, සංස්කෘත සහ පාලි) කෙනෙකුගේ බුද්ධත්වයේ ගමන් මාර්ගය හෝ ගමන් කරන යානය (වාහනය) සඳහා වන බෞද්ධ යෙදුමකි, එය වචනානුසාරයෙන් "හුදකලා බුදුන්" යන්නයි. බුදු කෙනෙකුගේ ධර්මයක් පිලිබද කිසිවෙකු නොදන්නා කාල වකවානුවකදී යම් අයෙකු තමන් විසින්ම සත්‍ය අවබෝධය කරගනීද ඔහු පසේ බුදුයන උතුම් නාමයෙන් සලකයි. මෙහි වෙනස ලොවුතුරා බුදු කෙනෙකුන්සේ මිනිසුන් දමනය කිරීම, තවත් කෙනෙකුට ධර්මාවබෝධය කරවීම එතරම් පහසු නොවේ. ලොවුතුරා බුදු කෙනෙකුන් ට පමණක් පසේ බුදුවරැන් දෙවැනිසේ සලකයි. දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයෝ අවබෝධ කිරීමෙන්, භව උදුරා දැමීමෙන් බුද්ධ නම් වන උතුමෝ ගුණ විශේෂ වශයෙන් බුදු, පසේබුදු, මහරහත් යෑයි තුන් කොටසකි. සම්මාසම්බුද්ධ, සම්බුද්ධ හා බුද්ධ යන නාමයෝ ද උන්වහන්සේලා හැඳින්වීමට පිළිවෙළින් යොදති.
පච්චේක බුද්ධ නැතිනම් පසේ බුදු යන වචනයේ තේරුම 'වෙනම සත්‍යයන් අවබෝධ කළ තැනැත්තා' යනුයි. පසේ බුදුවරයෝ ලොව්තුරා බුදුවරුන්ගෙන් හෝ බුද්ධ ශාවකයන්ගෙන් හෝ උපදෙස් නොලබා ස්වෝත්සාහයෙන් ම සම්බෝධියට පැමිණති. පසේ බුදුවරයෝ, ලොව්තුරා බුදුවරුන් නූපදනා කාලවලදීම උපදිති. ලොව්තුරා බුදුවරු තමන් අවබෝධ කළ ධර්මයන් අන්‍යයන්ට ද අවබෝධ කරවා අන්‍යයන් ද සසරින් එතෙර කරවති. අර්ථ රසය පමණක් අවබෝධ කළ උන්වහන්සේලා ලෝකෝත්තර ධර්මය ව්‍යවහාරයට නගා දෙසීමට අපොහොසත් වෙති. එහෙත් සියලුම සමාපත්ති, සෘද්ධි සමාපත්ති, ප්‍රතිසම්භිදාවෝ උන්වහන්සේලාට ඇත්තාහ. උන්වහන්සේලා ගුණ විශේෂ වශයෙන් ලොව්තුරා බුදුවරයනට පහළ තැනකද, බුද්ධ ශ්‍රාවකයන්ට වඩා උසස් තැනක ද සිටිති. උන්වහන්සේලා ලොව්තුරු බුද්ධ ශ්‍රාවකයන් මෙන් අන්‍යයන් පැවිදි කොට නොහික්මවන්නා හ. උපොසථය සඳහා ගන්ධමාදන පර්වතයෙහි මංජුසක වෘක්ෂ මූලයෙහි වූ රත්නමාලකයට රැස්වන පසේ බුදුවරයෝ 'චිත්ත සල්ලෙඛෝ කාතබ්බෝ, ඔසානං නාපඡ්ජිතබ්බං' යන උද්දේසයෙන් හෝ 'අඡ්ජඋපෝසථෝ' යන වචන මාත්‍රයෙන් හෝ උපෝසථය කෙරෙති.
මුල් බෞද්ධ ඉගැන්වීම් තුල
[සංස්කරණය]අඩුම තරමින් සමහර මුල්කාලීන බෞද්ධ සංඝ සභාවල ප්රත්යේකබුද්ධයාන ඇතුළු "වාහන(යාන)" තුනක සංකල්පය භාවිත විය. නිදසුනක් වශයෙන්, වෛභාසික සර්වාස්තිවාදීන් වාහන තුනකින් සමන්විත බෞද්ධ පිළිවෙතෙහි දෘෂ්ටිය භාවිතා කර ඇති බව දන්නා කරුණකි.[1]
- ශ්රාවකයාන
- ප්රත්යේකබුද්ධයාන
- බෝධිසත්ත්වයාන
ථෙරවාදී ඉගැන්වීම
[සංස්කරණය]ප්රත්යේකබුද්ධයන් ගුරුවරුන් හෝ මඟපෙන්වන්නන් යොදා නොගෙන තමන් විසින්ම බුද්ධත්වය සාක්ෂාත් කර ගන්නා බව ඇතැම් සම්ප්‍රදායන්ට අනුව රඳා පවතින සම්භවය දැකීමෙන් හා අවබෝධ කර ගන්නා බව පැවසේ. ඔවුනි මතුවන්නේ බුදුවරු නැති, බෞද්ධ ඉගැන්වීම් නැති වූ යුගයක පමණක් බව කියැවේ. "පච්චේකබුද්ධ නම් අදහස... සිත්ගන්නා සුළුය, සතර සත්‍යයන් දේශනා නොකළ විට පවා ඔවුන් පවතින බවත් අවශ්‍ය මානසික හා සදාචාරාත්මක උත්සාහයක් ගන්නා ඕනෑම කෙනෙකුට සොයාගත හැකි බවත් එයින් ගම්‍ය වේ."[2] බොහෝ දෙනෙක් එකවර මතු විය හැකිය.
ථෙරවාදයට අනුව, පච්චේකබුද්ධයන් හට ("උත්තරීතර හා පරිපූර්ණ තීක්ෂ්ණ බුද්ධිය ලබා ඇති නමුත් ලෝකයට සත්‍යය ප්‍රකාශ නොකර මිය යන තැනැත්තා")[3] ධර්මය ඉගැන්වීමට නොහැකි වන අතර[4], ඒ සඳහා අවශ්‍ය වන සර්වඥ ඥානය සහ උත්තරීතර මෛත්‍රියද ඇති සම්මා සම්බුදුවරුන්ද මෙය ඉගැන්වීමට උත්සාහ කිරීමට පවා පසුබට විය හැකිය.[5]
ආශ්රිත ලිපි
[සංස්කරණය]යොමු
[සංස්කරණය]- ^ Nakamura, Hajime. Indian Buddhism: A Survey With Bibliographical Notes. 1999. p. 189
- ^ Charles Eliot, Hinduism and Buddhism, 3 Volumes, London, 1922, I 344–5
- ^ "Pacceka Buddha".
- ^ Kloppenborg , Ria (1983). The Paccekabuddha: A Buddhist Ascetic සංරක්ෂණය කළ පිටපත 2015-03-03 at the Wayback Machine - A Study of the Concept of the Paccekabuddha in Pali Canonical and Commentarial Literature, The Wheel Publication No. 305–7, Kandy, Sri Lanka: Buddhist Publication Society
- ^ Ayacana Sutta: The Request (SN 6.1) translated from the Pali by Thanissaro Bhikkhu @ Access to Insight