බෝධිසත්ත්‍ව

විකිපීඩියා වෙතින්
දෙව්ලොවෙන් බසින විසිපස් බෝසතුන් වහන්සේලා. ජපන් සිතුවමකි, 1300 පමණ.

මහායාන බුද්ධාගමෙහි බෝධිසත්වයින්.[සංස්කරණය]

මහායාන බුද්ධාගමෙහි බෝධි සත්ව වරයෙකු ලෙස සලකනු ලබන්නේ දැනට තමන්ද සැළකිය යුතු මට්ටමකින් සත්‍යාවබෝධය ලබා ගෙන තමන්ගේ ඥාණය අනුන්ට බෙදා දීමෙන් මනුෂ්‍ය වර්ගයාට යහපත උදා කරන තැනැත්තෙකු ලෙසයි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බෝධිසත්ව යනු නුවණැති තැනැත්තාය. ඔහු සුචරිතය, ඤාණය හා අභිවෘද්ධිය දියුණු කර ගැනීමට, ඒවායේ ප්‍රයෝජන ලබා ගැනීමට, අනුන් යොමු කිරීම සඳහා තම ඤාණවන්ත භාවය උපයෝගි කර ගන්නා තැනැත්තෙකි. සෑම කෙනෙකුටම බෝධිසත්ව තත්වය ලබා ගැනීමට හා බෝධිසත්ව ප්‍රතිඥාව ගැනීමට මහායානය විසින් උනන්දු කරවනු ලැබේ. මෙම ප්‍රතිඥාව සමග සියලු සචේතනික ප්‍රාණීන්ගේ සර්වඥතා ඤාණය උදා කර දීම සඳහා එම තැනැත්තා තම ප්‍රතිඥාව අනුව ක්‍රියා කරයි. බෝධි සත්ව ප්‍රතිඥාව හා සමග තිබෙන අවියෝජනීය බැඳීම නම් 'පරිනමන' නොහොත් කුසල් අනුමෝදනාව වේ. මහායාන බුද්ධාගමෙහි බෝධිසත්ව යනු සියලු සචේතනික ප්‍රාණින්ගේ යහපත සඳහා බුදු වීම අපේක්ෂා කරන තැනැත්තෙකි. එයට අනුව මෙලොව ජීවිතය (උපමාවකින් කියතොත්) ගිණි ගත් ගෙයක් තුල වාසය කිරීමකි. ඔව්හු මේ ලෝකයේ ලෞකික සැප සම්පත් යනාදිය සැබෑ අරමුණු යයි සිතා ඒවා ඔස්සේ හඹා යමින් තමන් සිටින්නේ ගිණි ගත් නිවහනක් තුලය යන්න සැලකිල්ලට නොගෙන ඒ තුලම සිට දැවී නසිති. බෝධිසත්ව යන්නෙන් අදහස් කරන්නේ සියලු සචේතනික සත්ව වර්ගයා ඉපදීම මරණය සහ දුක හා බැඳුනු සංසාර චක්‍රයෙන් ගලවා ගැනීම අධිෂ්ඨාන කර ගත් තැනැත්තෙකි. මෙම ආකාරයේ මානසික තත්වය "බෝධි චිත්ත" නොහොත් මනසින් අවබෝධ කර ගැනීම යනුවෙන් හඳුන්වනු ලබයි. බෝධිසත්ව ප්‍රතිඥාව කරනු ලබන්නේ බුද්ධත්වය ලබා ගැනීම සඳහා අධ්‍යාත්මික මාවත හෙළි පෙහෙළි කර ගැනීම සඳහාය. පෙරදිග මහායාන ඉගැන්වීම් වලට අනුව බෝධිසත්වයෙකුට බුද්ධත්වය ලබා ගැනීමට තමන් යන මාවතේ සචේතනික සත්ව වර්ගයාට පිහිට වීම සඳහා තිබෙන මාර්ග තුනෙන් එක් මාර්ගයක් තෝරා ගත හැකිය. එම මාර්ග තුන නම්:

1. රජෙකු හා සමාන බෝධි සත්ත්ව: තමන් හැකි තරම් ඉක්මණින් බුද්ධත්වයට පත් වී අනෙකුත් අයට බුද්ධත්වය ලබා ගැනීමට උපරිම අයුරින් පිහිටවීම.

2. ඔරුකාරයෙකු හා සමාන බෝධි සත්ව: තමන්ද අනෙක් අයද එකට එක්ව බුද්ධත්වය ලබා ගැනීම.

3. ගවපල්ලෙකු හා සමාන බෝධි සත්ව: අනික් අය බුද්ධත්වය ලබා ගන්නා තෙක් බලා සිටීම අවලෝකිතේශ්වර සහ ශාන්ති දේව යන බෝධි සත්වයින් මෙම ගණයට අයත් වෙති.

බොහෝ කරුනු අතින් ථෙරවාදයට සමාන ටිබෙට් ඉගැන්වීම වල, මෙයින් පළමු වැන්න පමණක් පිළිගනු ලබන්නේ අනුනට උදව් කිරීම යන අර්ථයෙන් බුදුන් වහන්සේලා මෙලොව සදාකාලික යයි ද ප්‍රමාද වීමෙහි අර්ථයක් නැතැයිද යනුවෙන් අදහස් කරමිනි. පෙරදිග ආසියානු ආගමික සම්ප්‍රදායයන් ඉහත සඳහන් ක්‍රම තුනෙන් දෙවැන්න හෝ තෙවැන්න කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කරන්නේ සමහර විට බුදු කෙනෙකු වීමේ අදහසෙන් සදහටම වැළකීමෙනි. මහායාන බෞද්ධ දර්ශනය සමහර විට බෝධි සත්ව සංකල්පය (සම්මතය අනුව අරහත් වශයෙන් හැඳින්වෙන) ශ්‍රාවක බුද්ධ තත්වයෙන් වෙනස් කොට පෙන්වයි. අරහත් තත්වයට පත් වූ තැනැත්තෙකු සංසාරයෙන් මිදුණු තැනැත්තෙකු වෙයි. එහෙත් ඔහු පූර්ව භවයේදී බුද්ධත්වය ලබා ගැනීමට පෙර ජීවිතයේ නිර්වාණ ලබා ගැනීමට පළමුව සෑම ප්‍රානියෙකුම උත්සාහ කර බේරා ගැනීම යන කරුණ තෝරා නොගත්තේය. (ථෙරවාදය අනුව බුදුවරුද රහතුන් වහන්සේලා වෙති) සියලුම සත්වයින් මුදවා ගන්නා තෙක් බෝධි සත්වයින් බුද්ධත්වයට පත් වීමට ප්‍රතිඥා නොදෙති. උදාහරනයක් වශයෙන් 'ක්ෂිති ගර්භ' අපායේ කිසිවෙකු නොසිටින තත්වයට පත් වන තෙක් බුද්ධත්වයට පත් වීමට විවරණ නොදුන්හ. මහායාන බුද්ධාගමේ බොහෝ සම්ප්‍රදායයන්ට අනුව බුද්ධත්වයට පත් වීම කරා යන මගෙහි බෝධිසත්වයකු 'බූමි' නමන් හැඳින්වෙන පියවර 10 ක් හෝ සමහර විට 14 ක් පසු කරන්නේය. ටිබෙට් කග්යු (Kagyu) නිකායේ ගම්පොපා නම් ප්‍රධාන ආචාර්යවරයෙකු විසින් ලියන ලද ග්‍රන්ථයක (The jewel Ornament of Liberation) තිබෙන විස්තර වල ඉහත කී 'බූමි' සහ ඒවායේ විස්තර සඳහන්ව තිබේ. වෙනත් ඉගැන්වීම් වලද සුලු වෙනස් කම් සහිතව විස්තර දක්වා තිබේ. බෝධිසත්වයකු පළමු පියවරට එළඹීමට පෙර ඔහු හෝ ඇය මාර්ග පහෙන් පළමු දෙක තරණය කළ යුතුය.

1. එකතු කිරීමේ, රැස් කිරීමේ මග (The path of accumulation)

2. පිළියෙල වීමේ මග (The path of preparation)


බෝධිසත්වයකුගේ භූමි දහය ඊළඟට කොටස් තුනකට බෙදිය හැක.

1. බුමි 1 - ඇතුලත දැකීමේ මග

2. බුමි 2 - 7 - භාවනා කිරීමේ මග

3. බුමි 8 - 10 - තව දුරටත් ඉගෙන නොගැනීම මග

ථෙරවාදයෙහි බෝධිසත්වයින්[සංස්කරණය]

"බෝධි සත්ව" යන්න බුදුවරුන්ගේ පෙර ජන්ම වලද, වර්තමාන ජීවිතයේ තමන් බුද්ධත්වයට පත් වීමට කලින් තත්වයද හැඳින්වීම පිණිස බුදුවරුන්ම යොදා ගත් යෙදුමකි. විමුක්තිය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට බෝධිසත්වයින් මෙම කාලය ප්‍රයෝජනයට ගනිති. බුදුන්ගේ දේශනාවලදී, බුද්ධත්වයට පළමු තමන් විඳි අත්දැකීම් විස්තර කරන අවස්ථාවන්හිදී "මම බුදු වීමට පෙරුම් පුරන කාලයෙහි" යන යෙදුම භාවිතා කළහ. මෙම නිසා බෝධි සත්ව යන යෙදුමෙන් අවබෝධතාඥාණය ලබා ගැනීමට වෑයම් කරන තැනැත්තකු අදහස් වෙයි. වෙනත් වචන වලින් කියතොත් බෝධී සත්වයකුගේ එකම අභිප්‍රාය බුද්ධත්වයට පත් වීමයි. බුදුන් වහන්සේගේ පෙර භවයන්හි ඇතැම් විස්තර ජාතක කථාවන්හි දක්නට ලැබේ. පාලී ලේඛණ වල මෛත්‍රිය (බුදුන්) ගැන සඳහන් වන විට ඔහු බෝධිසත්වයෙකු ලෙස හැඳින්වෙන්නේ නැත. එහෙත් වත්මන් බුදුන්ගේ ඉගැන්වීම් ලෝකයෙන් තුරන් වී බොහෝ කලක් ගත වීමෙන් පසු සම්පූර්ණ බුද්ධත්වයට පත් තැනැත්තෙකු ලෙස එතුමා පහළ වෙයි. පසු කාලීන ථෙරවාදි සාහිත්‍යයෙහි, විමුක්තිය ළඟා කර ගැනීමේ මාර්ගයෙහි ගමන් කරන තැනැත්තෙකු හැඳින්වීම සඳහා, බෝධිසත්ව යන්න බහුලව යෙදුනේය. පසු කාලීනව අටුවා කථා සම්ප්‍රදායයෙහි බෝධි සත්ව වරුන් දෙපලක් ගැන සඳහන් වේ. ඒ පච්චේක බුද්ධ සහ සාවක බෝධිසත්ව යනුවෙනි. මෙයින් පච්චේක බුද්ධ පසේ බුදු පදවිය ලබා ගන්නා අතර බුදුන්ගේ ශිෂ්‍යයෙකු ලෙස සාවක බෝධිසත්ව තෙමේ බුදු බව ලබා ගන්නේය.

"https://si.wikipedia.org/w/index.php?title=බෝධිසත්ත්‍ව&oldid=433844" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි