වජ්ජි

විකිපීඩියා වෙතින්
වජ්ජි
ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 400 පමණ
පශ්චාත් වෛදික යුගයේ පැවති වජ්ජි ඇතුළු සොළොස් මහාජනපද.
පශ්චාත් වෛදික යුගයේ පැවති වජ්ජි ඇතුළු සොළොස් මහාජනපද.
අගනුවරවෛශාලී[1]
පොදු භාෂා(ව)මෛථිලි, ප්‍රාකෘත
ආගම
ජෛන ආගම
හින්දු ආගම
බුද්ධාගම
රජයසමූහාණ්ඩුව[1]
මහාරාජ 
Historical eraලෝකඩ යුගය, යකඩ යුගය
• Established
ක්‍රි.පූ. 700 පමණ
• මගධයෙහි අජාතශතෘ විසින් යටත් කරගැනීම
ක්‍රි.පූ. 400 පමණ
Succeeded by
හර්යංක රාජවංශය
වර්තමානයේ මෙය අයත් වන්නේ ඉන්දියාව
 නේපාලය

වජ්ජි (සංස්කෘත: Vṛji හින්දි: वज्जि ) හෙවත් වෘජ්ජි යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියාවේ සොළොස් මහාජනපද අතුරින් එකක් වූ සමූහාණ්ඩුවකි. මෙහි පාලන ප්‍රජාව අතරට ලිච්ඡවීන් ඇතුළු වංශ කිහිපයක් අයත් විය. මෙහි පාලනය පැවති ප්‍රදේශයට වර්තමාන උතුරු බිහාරයේ මිථිලාව අයත් වූ අතර, මෙහි අගනගරය වූයේ වෛශාලියයි.[1]

බෞද්ධ ග්‍රන්ථයක් වන අංගුත්තර නිකාය මෙන්ම ජෛන ග්‍රන්ථයක් වන භගවතී සූත්‍රය (සය xv උද්දේස I) තුළ ද වජ්ජිය සොළොස් (දහසය) මහාජනපදවලින් එකක් බව සඳහන් වේ.[2] මෙම මහාජනපදයේ නාමය එහි පාලන වංශයක් වූ වෘජ්ජීන්ගේ නාමයෙන් පැනනැඟුණකි. වජ්ජි රාජ්‍යයේ සමූහාණ්ඩු පාලන තන්ත්‍රයක් පැවති බව සඳහන් වේ. මෙම වංශය පිළිබඳ පාණිනි, චානක්‍ය සහ හියුංසාං විසින් ද සඳහන් කොට තිබේ.[3]

භූමිය[සංස්කරණය]

වජ්ජි භූමිය පිහිටියේ බිහාරයේ ගංගා නදියට උතුරින් වන අතර, එය මාධේශ් කලාපය තෙක් විහිදිණි. බටහිරින්, ගාන්දකී ගඟ බොහෝවිට වජ්ජියෙහි සහ මල්ලයෙහි දේශසීමාව වූ අතර, එය කෝසල මහාජනපදයෙන් ද මායිම් වන්නට ඇත. නැගෙනහිරින් මෙහි භූමිය කෝෂි සහ මහානන්ද ගක් ඉවුරුවල වූ වනාන්තර තෙක් විහිදිණි. මෙම මහාජනපදයෙහි අගනුවර වූයේ වෛශාලියයි. මෙහි වූ අනෙකුත් වැදගත් නගර සහ ගම්මාන අතරට කුණ්ඩපුර හෙවත් කුණ්ඩග්‍රාම (වෛශාලි අසල), භෝගනගර සහ හත්ථිගාම දැක්විය හැක.[4]

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Patrick Olivelle (13 July 2006). Between the Empires: Society in India 300 BCE to 400 CE. Oxford University Press. pp. 15–. ISBN 978-0-19-977507-1.
  2. Raychaudhuri Hemchandra (1972), Political History of Ancient India, Calcutta: University of Calcutta, pp.85-6
  3. Raychaudhuri Hemchandra (1972), Political History of Ancient India, Calcutta: University of Calcutta, p.107
  4. Raychaudhuri Hemchandra (1972), Political History of Ancient India, Calcutta: University of Calcutta, pp.105, 107
"https://si.wikipedia.org/w/index.php?title=වජ්ජි&oldid=606736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි