වෙසක් පසළොස්වක පෝය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Vesak
Vesak
නිල නාමයWesak
Visakah Puja
Vaishaka
Buddha Purnima
Visakha Bucha
Saga Dawa
佛誕 (fó dàn)
Phật Đản
අමතර ඇමතුම්Buddha's Birthday or Buddha Day
නිරීක්ෂිත කරන්නේBuddhists
වර්ගයBuddhist
වැදගත්කමThe birth, enlightenment and passing away of Buddha
දිනයFirst full moon of the Taurus, in May (common years) or June (leap years)
පැවැත්වීමMeditation, Observing the eight precepts, partaking in vegetarian food, giving to charity, "bathing" the Buddha
සම්බන්ධ වන්නේHanamatsuri

Vesak is an annual holiday observed traditionally by practicing Buddhists in many ආසියාවn countries like India, Nepal, Hong Kong, Singapore, Vietnam, Thailand, Cambodia, Malaysia, Sri Lanka, Myanmar, ඉන්දුනීසියාව and Taiwan.[1]


References[සංස්කරණය]

  1. Fowler, Jeaneane D. (1997). World Religions: An Introduction for Students. Sussex Academic Press. ISBN 1898723486. 

බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙනුයේ වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනයි. සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත්ව සිදුහත් කුමරු කිඹුල්වත්නුවර ලුම්බිණි සල්උයනේදී මෙලොව උපත ලැබුවේ වෙසක් පෝ ‍දිනකය. සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසක් දුෂ්කරක් ක්‍රියාකර බුද්ධත්වයට පත්වූයේද වෙසක් දිනකය. එසේම බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල්උයනේදී අද වැනි දිනක පිරිනිවන් පෑහ. මේ තෙමඟුල සිහිකරමින් මුළු ලෝවැසි බෞද්ධයෝ ප්ර්තිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරති. වෙසක් පුන් පොහොය දිනය සියළු ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වන පොහොය දිනයක් බව අප සැම හොදින් දන්නා කරුණකි. මෙම පොහොය දිනය දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් බොහෝවිට ඉතා උත්සවාකරයෙන් සමරති. එම නිසා මෙම උතුම් පොහොය ඒ ඒ රටවල සමරන දින වකවානු වෙනස් වේ. උදාහරණයක් ලෙස ගත් විට ථේරවාදී බෞද්ධයන් අනුගමනය කරනු ලබන දින දර්ශනයට අනුව වෙසක් පොහොය යෙදෙන්නේ පුර පසලොස්වක පොහොය දිනයකටයි. ඒහා සමානව ඒ ඒ රටවල දින දර්ශන වලට අනුව පොහොය යෙදෙන දිනය වෙනස් වේ. බොහෝ ආසියානු කලාපීය රටවල වල එරට ආණ්ඩුන් විසින් මෙම උතුම් තෙමඟුල සිදුවූ දින ප්රතසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්රබකාශයට පත්කොට ඇත. (උදාහරණ ලෙස ශ්රීි ලංකාව, නේපාලය, තායිවානය, හොං කොං, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, මියැන්මාරය(භූතානය), මැලේසියාව) බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන වෙසක් පෝය ශ්රී් ලංකාවාසී සියළු බෞද්ධයන් හට තවත් කිහිප ලෙසකින් වැදගත් වේ. ඒ මන්ද අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්රී් ලංකාවේ කැළණියට වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම සුමන සමන් දිව්යෝුත්තමයාගේ ආරාධනය පිළිගෙන සමනල කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීමද, මේ පොහොය දිනය තුළදී සිදුවීමයි. තවද විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීමත්, දෙවන පෑ තිස් රජුට ධර්මාශෝක රජු විසින් යුව රජ ලෙසට දෙවන වරට අභිෂේක ලබා දීම හා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීමත් යන විශේෂ අවස්ථා මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී සිදුවිය. ලෝකයේ ඇතැම් ආගම්වල උත්සවවලදී සතුන් මැරීම බහුලව සිදු වෙනවා. නමුත් වෙසක් උත්සවයේ ඇති විශේෂත්වය එය අවිහිංසාව මුල් කරගත් උත්සවයක් වීමයි. බාහිර ලෝකයේ වෙසක් සඳ උදා වීමත් සමග විශාල බෞද්ධ ප්රිබෝධයක් ඇති කර ගන්නා අපි වෙසක් සඳ බැස යාමත් සමඟ ඒ ප්රඋබෝධයටත් බැස යන්නට ඉඩ හරිනවා නේද? නමුත් බුදු හිමියන්ගේ ප්ර භාශ්වර මනස නමැති පුන් සඳ අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ එක ලෙසම පෑව්වා. එමෙන්ම, අපටත් අභ්යදන්තර අවබෝධය තුළින් සැමදා අපේ හද තුළ වෙසක් සඳ ඇති කර ගත හැකියි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය උන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා සකස් කළ යුත්තේ බාහිර පරිසරය නොව, අපේ අභ්ය න්තර පරිසරයයි. අවුරුදු 2500 කට වැඩි සංස්කෘතිය තුළ අපට උරුම වූ මේ බාහිර පරිසරය සැකසීම, නොඑසේනම් ආමිස පූජාව වැදගත් වුණත්, උන් වහන්සේ වඩාත් අගය කළ, අනුදැන වදාළ ආධ්්යා ත්මික පරිසරය සැකසීම හෙවත් ප්රහතිපත්ති පූජාවට මුල් තැන දීමට අප උත්සුක විය යුතුයි. ශීලය, සමාධිය, ප්ර ඥාව වැඩි දියුණු කර ගන්නට වෙහෙසිය යුතුයි. ඓතිහාසික සිද්ධීන්ගෙන් ශ්රේවෂ්ඨත්වයට පත් වෙසක් පුන් පොහොය බෞද්ධයන්ට මහත් ප්රී තියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි. (සංස්කරණය අනිල් ලසන්ත)

External links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වෙසක්_පසළොස්වක_පෝය&oldid=433538" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි