බලංගොඩ

විකිපීඩියා වෙතින්
(බලන්ගොඩ වෙතින් යළි-යොමු කරන ලදි)

බලංගොඩ නගරය සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලඹ මඩකලපුව අධිවේගී මාර්ගයේ හමුවන එක් උප නගරයකි.මෙම නගරය සබරගමුව පළාතේ විශාලතම නගර වලින් එකකි.ශ්‍රී ලංකාවේ 2001 ජන හා සංගණනයට අනුව ජනගහනය 16875ක් වේ.වර්ග කිලෝමීටර් 16.2ක භූමි ප්‍රමාණයක් ඇත.

ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා හිමිකම් කියන මේ නගරය බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමි ලෝකයේ ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායක ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා උපන් නගරයයි.සබරගමුව කඳුවැටිය මධ්‍යම කලාපයේ පිහිටා ඇති  මෙම නගරය තෙත් හා වියලි කලාපයට අයිති වේ.වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ ගොවිතැනයි (එළවළු,පලතුරු හා කුළුබඩු ).තවද දේශීය පරිභෝජනය සඳහා වී වගාව ද ( හෙල් මළු ක්‍රමයට )සකස් කල කුඹුරු වලට ප්‍රසිද්ධිය.වානිජමය වශයෙන් තේ වගා කිරීමද සිදුකරයි.තවද මැණික් කර්මාන්ත සඳහා ද ප්‍රසිද්ධියක් උසුලන නගරයකි.

බලංගොඩ නගරයේ  ස්ථාපිත වු සංචාරක කර්මාන්තය ද දැකිය හැකිය.සමනල වැව,බෙලිහුල්ඔය,කල්තොට ජනප්‍රිය ස්ථාන වේ.

http://t.me/TheBalangoda

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බලංගොඩ&oldid=553453" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි