බදුල්ල කතරගම දේවාලය

විකිපීඩියා වෙතින්
බදුල්ල කතරගම දේවාලය පරිශ්‍රය
දේවාල පරිශ්‍රයේ දැකගත හැකි සිතුවම්

17 වන සියවසේ මහනුවර යුගයේ රජකම් කල පළමුවන විමලධර්ම සූරිය රජ විසින් බදුල්ල නගර මධ්‍යයෙහි බදුල්ල කතරගම දේවාලය දේවාලය ඉදිකරනු ලැබූ බව පැවසෙයි.[1]රජුගේ ප්‍රාර්ථනය අනූව පෘතුග්‍රීසින් පළවා හැර එම ප්‍රාර්ථනාවට අදාලව මෙම දේවාලය ඉදි කොට තිබේ. උස් වූ කඳුවැටියක් මත ඉදි කරනු ලැබූ දෙවාලයේ නඩත්තු කටයුතු සඳහා අක්කර 5000ක පමණ ඉඩකඩම්ද, ආවතේවකරුවන්ද, ඔවුන්ගේ නඩත්තුව සඳහා නින්දගම්ද රජු විසින් එකල ලබා දුන් බව පැවසෙයි.

විනාශයට පත්වීම[සංස්කරණය]

කෙසේ නමුත් පසුව පෘතුග්‍රීසින් විසින් මෙම දෙවොල විනාශ කර දැමූ බවත් දෙවන රාජසිංහ රජ (1635 – 1687) විසින් නැවතත් එය ප්‍රථිසංස්කරණය කෙරූ බවත් අතීත මූලාශ්‍රයන්ගේ සඳහන් වේ.[2]

සිංහාසන කුටිය[සංස්කරණය]

සිංහාසන කුටිය

දේවාලය ඉදිරිපිට ඊට මුහුණලා රජුගේ සිංහාසන කුටිය තනවා තිබේ. දේවාලය තුලින් නැගෙන පහන් එළිය ඍජුවම සිංහාසනය වෙත දිස්වීම සදහාත් දේවාලයේ පෙරහැර දැකගැනීම සදහාත් එම අයුරින් සිංහාසනය ඉදිකරනු ලැබූ බව කියැවෙයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ටෙම්පල් ඉන් ඕනර් ඔෆ් කිංග්". මිනුබේ. සම්ප්‍රවේශය 25 මාර්තු 2015.
  2. "බදුල්ල කතරගම දේවාලය". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 25 මාර්තු 2015.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බදුල්ල_කතරගම_දේවාලය&oldid=399660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි