පළමුවැනි විමලධර්මසූරිය රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
  1. යළියොමුව පළමුවන විමලධර්මසූරිය රජ

පළමුවැනි විමලධර්මසූරිය රජු යනු 16 සියවසේ අග සහ 17 හි මුලදී ශ්‍රී ලංකාව නම් දිවයිනෙහි උඩරට රාජධානිය පාලනය කළ රජුය. ඔහු 1604 දී මිය ගියේය. සමහර ඉතිහාසඥයින් සලකන ආකාරයට විමලධර්මසූරිය රජු උඩරට රාජධානිය දෙවන වරට ආරම්භ කළ තැනැත්තාය. උපතේදී කොණප්පු බණ්ඩාර නම් වූ ඔහු පසුව දොන් ජොආ ද ඔස්ට්‍රියා නමින් පෘතුග්‍රීසීන් විසින් බෞතීස්ම කරන ලදී. 1594 දී ඔහු රජු බවට පත් වී කුසුමාසන දේවිය නොහොත් දෝන කතිරිනා බිසව සරණ පාවා ගත්තේය. පෘතුග්‍රීසීන් විසින් සිහසුනට උරුම තැනැත්තා ලෙස ඔහු ඉදිරිපත් කරන ලදී. ක්‍රිස්තියානිය අතහැර බුද්ධාගම වැළඳ ගත් විමලධර්මසූරිය රජතුමා තම මාළිගය ආසන්නයේ මහල් දෙකකින් යුත් සිද්ධස්ථානයක් ඉදි කළේය. තම අගනුවර වූ මහනුවර පූජනීය කිරීමේ අදහසින් සහ දේශපාලන වශයෙන් වැදගත් වූ බුදුන්ගේ දන්ත ධාතු තැන්පත් කර තැබීමේ අභිලාෂයෙන් එම සිද්ධස්ථානය කරවන ලදී.


විමලධර්මසූරිය රජු ලන්දේසීන් පිළිගැනීම[සංස්කරණය]

පළමුවැනි විමලධර්මසූරිය රජු යනු 16 සියවසේ අග සහ 17 හි මුලදී ශ්‍රී ලංකාව නම් දිවයිනෙහි උඩරට රාජධානිය පාලනය කළ රජුය. ඔහු 1604 දී මිය ගියේය. සමහර ඉතිහාසඥයින් සලකන ආකාරයට විමලධර්මසූරිය රජු උඩරට රාජධානිය දෙවන වරට ආරම්භ කළ තැනැත්තාය.එතෙක්කල් ප්‍රාදේශීය රජ්‍යයක් සෙ පැවති උඩරට රාජධානිය ප්‍රධාන රජ්‍යයක් බවට පක්තර මහනුර රාජධානිය පිහිටුවේ මෙතුමන් විසිනි. උපතේදී කොණප්පු බණ්ඩාර නම් වූ ඔහු පසුව දොන් ජොආ ද ඔස්ට්‍රියා නමින් පෘතුග්‍රීසීන් විසින් බෞතීස්ම කරන ලදී. 1594 දී ඔහු රජු බවට පත් වී කුසුමාසන දේවිය නොහොත් දෝන කතිරිනා බිසව සරණ පාවා ගත්තේය. පෘතුග්‍රීසීන් විසින් සිහසුනට උරුම තැනැත්තා ලෙස ඔහු ඉදිරිපත් කරන ලදී. ක්‍රිස්තියානිය අතහැර බුද්ධාගම වැළඳ ගත් විමලධර්මසූරිය රජතුමා තම මාළිගය ආසන්නයේ මහල් දෙකකින් යුත් සිද්ධස්ථානයක් ඉදි කළේය. තම අගනුවර වූ මහනුවර පූජනීය කිරීමේ අදහසින් සහ දේශපාලන වශයෙන් වැදගත් වූ බුදුන්ගේ දන්ත ධාතු තැන්පත් කර තැබීමේ අභිලාෂයෙන් එම සිද්ධස්ථානය කරවන ලදී.