ලෝක ආහාර වැඩසටහන
![]() | |
![]() | |
![]() | |
සංක්ෂිප්තය | WFP |
---|---|
සංස්ථාපනය | 19 දෙසැම්බර් 1961 |
වර්ගය | අන්තර් රාජ්‍ය සංවිධානය, නියාමන ආයතනය, උපදේශක මණ්ඩලය |
නෛතික තත්ත්වය | සක්‍රීය |
මූලස්ථානය | රෝමය, ඉතාලිය |
ප්‍රධානියා | ඩේවිඩ් බීස්ලි |
පීතෘ සංවිධානය | එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය |
Staff (2018) | 17,000 |
සම්මාන | නොබෙල් සාම ත්‍යාගය 2020 |
වෙබ් අඩවිය | wfp.org |
![]() |
ලෝක ආහාර වැඩසටහන[lower-alpha 1] (ඩබ්එෆ්පී) යනු එක්සත් ජාතීන්ගේ ආහාර-සහනාධාර පිළිබඳ ශාඛාව වන අතර කුසගින්න සහ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ලෝකයෙහි විශාලතම මානවවාදී සංවිධානය වෙයි. [1] 1961 වසරෙහි ඇරඹුනු මෙහි, මූලස්ථානය රෝමයෙහි පිහිටන අතර එහි කාර්යාලයයන් රටවල් 80 ක් තුල පිහිටයි. [2] 2019 වසර වන විට, එය විසින් රටවල් 88 ක් කුල 97 මිලියන ප්‍රමාණයක ජනතාව වෙත සේවා සපයා ඇති අතර, එම කර්තව්‍යය 2012 වසරෙහි සිට සිදු කර ඇති විශාලතමය වන අතර,[3] එහි ක්‍රියාකරකම් අතරින් තුනෙන් දෙකක් සිදු කර ඇත්තේ ගැටුම් පවතින කලාප තුලය. [4]
හදිසි ආහාර සහනාධාර සැපයීමට අමතර වශයෙන්, හදිසි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සහ එවැන්නන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා හැකියාව ගොඩනැගීම, සැපයුම් දාම සහ කාර්ය සම්පාදනය කළමනාකරණය, සමාජ සුරැකුම් වැඩසටහන් සඳහා අනුග්‍රහය දැක්වීම, සහ දේශගුණික වෙනස්වීම් වලට එරෙහිව ප්‍රත්‍යාස්ථිතිය සවිගැන්වීම වැනි තාක්ෂණික ආධාර සහ සංවර්ධන සහනාධාර සැපයීම ලෝක ආහාර වැඩසටහන වෙතින් සිදුකෙරෙයි. [5] මෙම කාර්යාංශය, සෘජු මුදල් ආධාර සහ වෛද්‍යමය සැපයුම් සඳහා ප්‍රධානතම ප්‍රතිපාදකයෙක් වන අතරම මානවවාදී සේවකයන් සඳහා ගමන් පහසුකම්ද සපයය.[6][7]
ගැටුම් පවතින කලාප සඳහා ආහාර සහනාධාර සැපයීම, යුද්ධ සහ ගැටුම් තුල කුසගින්න ආයුධයක් ලෙසින් භාවිතා කිරීම වැලැක්වීම යන දේ වෙනුවෙන් පරිශ්‍රමයක් දැරීම වෙනුවෙන්, ලෝක ආහාර වැඩසටහන වෙත 2020 වසර සඳහා නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිණි. [8]
සටහන්[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ WFP. "මිෂන් ස්ටේට්මන්ට්". WFP. Archived from the original on 17 දෙසැම්බර් 2016. Retrieved 2 නොවැම්බර් 2013.
- ↑ Overview Archived 16 November 2018[Date mismatch] at the Wayback Machine.. WFP.org. Retrieved 19 නොවැම්බර් 2018
- ↑ "ඔවර්විව්". www.wfp.org (in ඉංග්‍රීසි). Archived from the original on 3 ඔක්තොම්බර් 2020. Retrieved 2020-10-10.
- ↑ පිචෙටා, රොබ්. "වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝගම් වෝස් ක්‍රියේටඩ් ඈස් ඇන් එක්ස්පෙරිමන්ට්. ඉට් සෙන්ට් ෆූඩ් ටු 97 මිලියන් ලාස්ට් ඉයර්". CNN. Archived from the original on 9 ඔක්තොම්බර් 2020. Retrieved 2020-10-09.
- ↑ "කන්ට්‍රි කැපෑසිටි ස්ට්‍රෙන්තනිං | වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රම්". www.wfp.org. Archived from the original on 9 October 2020. Retrieved 2020-10-10.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;:2
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ ඒඑෆ්පී (2020-10-09). "වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝගුම් | ෆයිව් තිංස් ටු නෝ අබවුට් 2020 නොබෙල් ප්‍රයිස් විනර්" (en-IN බසින්). ද හින්දු. ISSN 0971-751X. https://www.thehindu.com/news/international/world-food-programme-five-things-to-know-about-2020-nobel-peace-prize-winner/article32813515.ece.
- ↑ ස්පේෂියා, මේගන්; ස්ටෙවිස්-ග්‍රිඩ්නෙෆ්, මැටිනා (2020-10-09). "වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රම් අවෝර්ඩඩ් නොබෙල් පීස් ප්‍රයිස් ෆො වර්ක් ඩියුරින් පැන්ඩමික්" (en-US බසින්). ද නිව්යෝර්ක් ටයිම්ස්. ISSN 0362-4331. https://www.nytimes.com/2020/10/09/world/2020-nobel-peace-prize.html.