යශෝදරා
යශෝදරා | |
---|---|
උපත | දෙව්දහ කෝලිය ජනපදය |
වල්ලභයා | සිද්ධාර්ථ |
රාජවංශය | කෝලිය වංශය |
පියා | සුප්රබුද්ධ |
මව | අමිතා දේවිය |
ආගම | බුද්ධාගම |
වෘත්තිය | භික්ෂූණී |
යශෝධරා දේවිය දෙව්දහ නුවර සුප්රබුද්ධ රජුගේ සහ අමිතා දේවියගේ දියණියයි . ඇගේ සීයා අංජන කෝලිය වංශයෙහි ප්‍රධානියා, ඇගේ පියා වූ සුප්රබුද්ධ මායා දේවියගේ සහ ප්‍රජාපතී ගෝතමී දේවියගේ සොහොයුරා සහ ඇයගේ මව, අමිතා දේවිය සූද්ධෝදන රජුගේ නැගණියයි ,
එකල කුල භේදය තදින් තිබූ අතර ශාක්‍ය කෝලිය පවුල් දෙකේ සාමාජිකයින් විවාහ වූයේ ඔවුන් අතර පමණි . [1]
යශෝධරාව වයස අවුරුදු දහසයේදී සිද්ධාර්ථ සමඟ විවාහ වූ අතර ඔවුන් දෙදෙනාම එකිනෙකා සමඟ ගෞරවය හා සුහදතාවය බෙදා ගත් නමුත් ඔවුන් දෙදෙනාටම ලෞකික ජීවිතය පිළිබඳ එතරම් කැමැත්තක් නොතිබූ බව ද කියනු ලැබේ. යශෝධරාට දරුවෙකු ලැබුණේ අවුරුදු 29 දී, රාහුල කුමරු සිද්ධාර්ථ මාලිගාවෙන් පිටව ගිය දිනයේ උපන්නේ. සිද්ධාර්ථ රාහුල ඉපිද සත් වන දිනයේ මාලිගය අතහැර දමා ගිය බවත් සමහර කෘති වල සදහන්. සිද්ධාර්ථගේ නික්ම යාමෙන් පසු යශෝධරාව මාලිගාවේ පැවිදි ජීවිතයක් ගත කළේ කහ පැහැති වස්ත්‍ර ඇඳගෙන සිදුහත් මෙන් ඉතා අඩුවෙන් ආහාර අනුභව කරමිනි. කුමාරවරුන් කිහිප දෙනෙකුම ඇගේ අත පැතූ නමුත් ඇය එම යෝජනා ප්‍රතික්ෂේප කළාය. සය වසරක් නොපැමිණීමත් සමඟම යශෝධරා කුමරිය ඔහුගේ ක්‍රියාවන් පිළිබඳ ප්රවෘත්ති සමීපව අනුගමනය කළාය. සිද්ධාර්ථ බුදු වූ පසු තම ඥාතීන් බැලීමට ගෞතම බුදුන් ලෙස කපිලවස්තු ආපසු පැමිණි දිනයේදී යශෝධරා බුදුන් දැකීමට නොගියාය.ඈය සිතුවේ: "නිසැකවම මම යම් ගුණයක් ලබා ඇත්නම් මාගේ ස්වාමින් මා වෙත පැමිණෙනු ඇත." ඇයගේ පැතුම ඉටු කර ගැනීම සඳහා බුදුන් වහන්සේ ඇය වෙත පැමිණ ඇගේ ඉවසීම සහ පරිත්‍යාගය අගය කළේය.සුද්ධෝදන රජු එම අවස්ථාවේදී සිද්ධාර්ථ නොමැතිව යශෝධරා තම ජීවිතය ගත කළ ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කළ අතර බුදුන් වහන්සේ "සඳ කිඳුරුදා" (යෝධෝදරයාගේ මුල් ජීවිතයේ කතාව) ජාතකය දේශනා කළ අතර පෙර ජීවිත වලදී ඇය මහත් ගෞරවයෙන් ඔහු වෙනුවෙන් කැප වූ ආකාරය විස්තර කළාය
ගෞතම බුදුන් වහන්සේ වසර පහකට පසු කාන්තාවන්ට සංඝාවාසයට ඇතුළු වීමට අවසර දුන් පසු ඇයද භික්ෂුණියක් බවට පත්ව අර්හත් වූවාය.එසේම ඇයට ගෞතම බුදු සසුනේ අභිඤ්ඤාලාභී භික්ෂූණීන් අතර අග තනතුර හිමිවිය.
- ^ Why was the Sakyan Republic Destroyed? by S. N. Goenka (Translation and adaptation of a Hindi article by S. N. Goenka published by the Vipassana Research Institute in December 2003, archived)