බුදුදහම-ගෞතම බුද්ධ - බෞද්ධ නොවන මත
හින්දු ආගම අනුව
[සංස්කරණය]සමහර හින්දු සම්ප‍්‍රදායන්හි බුදුන් විෂ්ණුගේ නව වන අවතාරය ලෙසින් සැලකේ
ශින්දු ග‍්‍රන්ථයන්හි ගෞතම බුදුන් සඳහන් වන්නේ විෂ්ණුගේ අවතාරයක් ලෙසිනි. භගවත් පූර්ණයට අනුව ඔහු අවතාර විසිපහෙන් අවසන් මූර්තියට පෙර පැමිණෙන විසිහතර වැනියාය. බොහෝ හින්දු සම්ප‍්‍රදායන්හි බුද්ධ දැක්වෙන්නේ ‘දශඅවතාර’ ලෙස හැඳින්වෙන අවතාර දහෙය් අවසානයට පහළවූ තැනැත්තා ලෙසය.
සිද්ධාර්ථ ගෞතමගේ ඉගැන්වීම් වේද සාහිත්‍යයේ අධිකාරය ප‍්‍රතික්ෂේප කරන අතර සාම්ප‍්‍රදායික හින්දු ආගමේ දෘෂ්ඨියට අනුව බුදුදහම සැලකෙන්නේ නාස්තිකවාදී ගුරුකුලයක් ලෙසිනි.
කෙසේනමුත් බුදුන් වේදයේ අධිකාරය විරුද්ධවුවත් වේදයට විරුද්ධ නොවන්නට ඉඩ තිබිණ. බෞද්ධ ශාස්ත‍්‍රඥයකුවූ වල්පොල රාහුලට අනුව බුදුන් උත්සාහකොට ඇත්තේ වේදයේ සැබෑ අර්ථය පැතිරවීමටය. බුදුන් වේදය හොඳින් දැනසිටි බව පැවසෙයි (සුත්ත නිපාතය, 463)
තාඕවාදය කොන්ෆයුසියස් ධර්මය සහ ෂින්ටෝ ආගම අනුව
[සංස්කරණය]බොහෝ පැරණි තාඕවාදී බෞද්ධයෝ කල්පනාකළේ බුදුන් යනු ලාවෝ ට් සු ගේ පුනරුත්පත්තියක් බවය.
ජපානයේ ඩනිචි නයෝරායි (මහායාන බුද්ධාගමේ ඵෙතිහාසික නොවන බුදුවරයෙකි) ගේ එක් සංකේතයක් වන්නේ සූර්යයාය. බොහෝදෙනා සූර්ය දේවතාවිය වන අමටිසු ඩනිචි නයෝරායි (බෝධිසත්ව) ගේ පූර්වඋත්පත්තියක් ලෙස සලකති.
බුදුන්ගේ පරමර්ථය ඊටම ආවේණික වූ ස්වභාවයක් ගත්තකි. එබැවින් එය ලෝකයේ බොහොමයක් ආගම්වලින් වෙනස්ව පවතී . ඔහුගේ පරමාර්ථයවූයේ පරමාදර්ශවාදයේ සියොතුන් පොළවට හැකිතාක් ආසන්නයෙන් පියාසර කරවීමයි. මක්නිසාද ඔවුන්ගේ සිරුරට අවශ්‍ය ආහාර පොළවට අයත්වූ බැවිනි. – හස්රාත් ඉනායට් ඛාන්
ඉන්දියානු උගතකු වූ මවුලානා අබ්දුල් කලාම් අසාද් කුරානය පිලිබඳව අදහස් දක්වමින් යෝජනාකර සිටියේ කුරානයේ සුරා 21 සහ 38 හි සඳහන් වන ඩවුල් කිෆ්අල් වක්තෘවරයා සිද්ධාර්ථ ගෞතම බවය. අසාද් යෝජනාකර සිටින්නේ ඩවුල් කිෆ්අල් හි කිෆ්අල් යනු බුදුන් සිය මුල්කාලීන ජීවිතය ගෙවූ කපිලවස්ථු නගරයේ අරාබි උච්ඡාරනය බවයි. කෙසේනමුත් මෙම අනුමානය ඔප්පු කිරීම සඳහා අසාද් ඵෙතිහාසික ඉදිරිපත් නොකරයි. අනෙකුත් මුස්ලිම් උගතුන්ට අනුව ඩවුල් කිෆ්අල් යහපත් මනුෂ්‍යයකු මිස වක්තෘවරයකු නොවේ. එසේත් නැතිනම් බයිබලයේ ඉසෙකියල් ලෙස හැඳින්වෙන වක්තෘවරයා වන්නේ ඔහුය.
චිස්රා තාහිර් අහමඞ් සිය කෘතියේ තර්කකර සිටින්නේ බුද්ධ යනු ඒකදේවවාදය දේශනාකළ දෙවියන් වහන්සේගේ වක්තෘවරයකු බවයි. ඔහු අශෝක ස්ථූපයක පිහිටවා ඇති ශිලාලේඛනයක සටහන්ව ඇති දෙවියන් යන අර්ථය ඇති ‘ඉසන්න’ යන වචනය උපුටා දක්වයි. එහි මෙසේ දැක්වේ. ‘මේ මොහොතේ පටන් ආගමික අනුශාසනාවන් දේශනා කිරීම සඳහා සලස්වනු ලබන අතර මිනිස් වර්ගයා ඒවා ශ‍්‍රවණයකොට නිවැරදි මාර්ගය අනුගමනය කිරීම සඳහා මංපෑදිය යුතු අතර දෙවියන්ට (ඉසන්න) කීර්තිය අත්විය යුතුය’.
කි‍්‍රස්තියානි හා යුදෙව් ආගම අනුව
[සංස්කරණය]ගී‍්‍රක පුරාවෘතයක් වන ‘බාලම් සහ අයෝසාෆ්’ වැරදි ලෙස සමහර අවස්ථාවලදී 7 වන සියවසේ දමස්කසයේ ජෝන් වෙත ආරෝපනය කරනු ලැබූවද සත්‍යවශයෙන්ම එය ලියැවී ඇත්තේ ජෝර්ජියානු පූජකවරයකු වන යුත්මියුස් විසින් 11 වන සියවසේදීය. එය නිරුක්තිය ලබන්නේ බුදුන්ගේ ජීවිත කථාව අන්තර්ගත විවිධ අතරමැදි අනුවාදයන්ගෙනි (අරාබි සහ ජෝර්ජියානු) රාජ්‍යත්වය අතහැර පූජකයකු බවට පත්වූ අයෝසාෆ් යන නම බිඳී ඇත්තේ බෝධිසත්ව යන සංස්කෘත වචනයෙනි. බාලම් සහ අයෝසාෆ් ග‍්‍රීක සාම්ප‍්‍රදායික ශාන්තුවරුන්ගේ කැලන්ඩරයේ අගෝස්තු 26 වන දිනට හිමිකම් කියයි. බටහිරදී ඔවුන් බාලාම් සහ ජොසෆට් ලෙසින් සඳුන්වනු ලැබේ.
මධ්‍යතන යුගයේදී මෙම කථාව නසිර්ට්හි කුමරු විසින් හීබෲ භාෂෘවට පරිවර්තනය කරන ලද අතර වර්තමානය දක්වාම යුදෙව්වන් විසින් එය නිතර කියවන ග්‍රන්ථයක් බවට පත්ව ඇත
භහායි ද්‍රෘෂ්ඨිය අනුව
[සංස්කරණය]භහායි ආගමට අනුව බුදුන් බහායි ආගමේ ප‍්‍රධාන වක්තෘවරයකු වන දෙවියන්ගේ එක් පෙනීසිටීමක් ලෙසින් සැලකෙයි. මීට සමාන්තරව බහායි ආගමේ වක්තෘවරයා බහායිල්ලා සෙසු වක්තෘ ආස්ථානයන් අතර පසුවන බුදුන් ලෙසින් හැඳින්වේ.